Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට..... 18 ..... "බන්ඩි"


තරුණියක් ,තමුන්ගෙ වාහනය කැඩිලා අසරණව පාරෙ උදවුවක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට, පාරෙ යන කඩවසම් තරුණයෙක් ඇයට උදවු කරන්න පෙළඹුණොත් ඇය එපා කියාවිද? එහෙමත් නැත්තම් තරුණියක් පාරෙ යනවිට කඩවසම් තරුණයෙක් තුවාල වෙලා වාහනයක ඉන්නවිට , ඇගෙන් උදවුවක් ඉල්ලුවොත් ඇය බෑ කියාවිද?...ලංකාවෙ එපා හෝ බෑ කිවුවත් එක්සත් ජනපදයෙ එසේ වීමට ඇත්තේ අඩු ඉඩක්... නමුත් මේ කඩ වසම් මුහුණට යටින් තිබෙන භයානක ස්වරූපය ඇය දන්නෙ නෑ... ඒ නිසාම අවසන ඇයට උරුන වන්නෙ ඝාතන වැලක තවත් එක් පුරුකක් වෙන්න...

මේ කියන්න යන්නෙ කාන්තාවන් 36 දෙනෙක් ඝාතනය කල (ඔහු විසින් නඩු වලදී පිලිගත් ලෙස) මිනීමරු,ස්ත්‍රී දූෂක ටෙඩ් බන්ඩි ගැන.....

******************************

සුරතල් නමින් ටෙඩ් ලෙස හැදින්වූ ,තියඩෝර් ඉපදුනේ 1946 නොවැම්බර් 24 වෙනිදා, ඇමෙරිකා එක්සත් ජනපදයේ, වර්මොන්ට් ප්‍රාන්තයේ බර්ලින්ටන් වලදී,අවිවාහක මවකට දාව ... ඔහු මිය යන්නේ 1989 ජනවාරි 24 වෙනිදා, ස්වාභවික මරණයක් නිසා නොවේ,අධිකණයෙන් නියම කල මරණ දඩුවමක් නිසා...

20 වන සියවසේ ලොව පහල වූ භයානකම ඝාතකයන්ගේ ලැයිස්තුවේ ඉහලම ඉන්නෙ ටෙඩ් .


ටෙඩ් ගේ මව වන එලිනෝර් කොවෙල් ගෙ දෙමාපියන් උග්‍ර ආගමිකයන් වූ බැවින් සිය දියණිය විවාහ නොවී දරුවෙක් වැදීම ගැන නොසතුටු වූ නිසා වයස 22 ක් වෙච්ච් එලිනෝර් ට සිද්ද වෙනවා ටෙඩ් ව අරගෙන ටැකෝමා වලට යන්න... එහෙදි , 1951 දි එලිනෝර් ජොනී බන්ඩි නමැත්තෙක් එක්ක විවාහ වෙනවා, එතැන සිට ඔවුන්ට දරුවන් කිහිප දෙනෙක්ම ලැබෙන ව වගේම ටෙඩ් ටත් 'බන්ඩි' නම ලබා දෙන්න ජොනී විරුද්ධ වෙන්න්ව් නෑ..එතැන් සිට ටෙඩ් ,තියඩෝර් නැත්තම් ටෙඩ් බන්ඩි ලෙස සාමාන්‍ය් පවුළක හැදෙන්න වැඩෙන්න අවස්තාව ලැබෙනවා...
කුඩාකල සිටම ටෙඩ් අන් දරුවන් ලෙස නැතිව අති මහත් මරණ බයකින් නිතර පෙළුනු බව කියවෙනවා..වයස අවුරුදු 3 විට්ගර වෙද්දි ටෙඩ් අසාමාන්‍ය ලෙස පිහි වලට කැමැත්තක් දැක්වූ බවත් කියවෙනවා...ඒ වගෙම ඔහු එතරම් සමාජශීලී නොවුනු , මුළු ගැන්වී හැදුනු , ලැජ්ජාශීලී දරුවෙක් බවත් කියවෙනවා..
වොෂින්ටන් සරසවියේ උසස් අධ්‍යාපනය හදාරද්දී ඔහු කලු,දිග කෙස් කළඹක් හිමි ධනවත් රූමත් තරුණියක් සමග පෙම් සබදතාවක් පැවැත්වූවත් පසු කාලීනව එය බිදී යාම නිසා මානසිකව ඇද වැටෙනවා..ඔහුගේ පසු කාලීන ඝාතන වැඩි ප්‍රමාණයක් කළු, දිග කෙස් කළඹක් තිබෙන රූමත් තරුණියන්ව මරා දැමීමත් විශේෂයක් බව අපරාධ හා මනෝ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා..ඔවුන් පවසා සිටින්නේ කුඩා කල සිටම තරමක් වෙනස් දිවි පෙවෙතක් ගත කල ටෙඩ් ට පෙම්වතියගේ වෙන්ව යාමත් සමග ඇති වුණ මානසික පීඩණය නිසා ඔහු තරුණියන්ට වෛර කලා විය හැකි බවයි.

වැරදුණ කුරුමාණම

1975 දි ටෙඩ් අත්අඩංගුවට පත් වන්නෙ කැරොල් ඩැරොන්ච් පැහැරගෙන යාම සම්බන්ධයෙන්..කැරොල් කියනෙ ටෙඩ් ගෙන් බේරිලා යන්න වාසනාවන්ත වෙච්ච තරුණියන් කිහිප දෙනෙක්ගෙන් කෙනෙක්.

පළමු නඩුව

1976 පෙබරවාරි 23 දින යූටා හි දී කැරොල් පැහැරගෙන යාම සම්බන්ධව ටෙඩ් ගේ නඩුව ඇසීම ආරම්භ වුනා...

එතරම් අපහසුවකින් තොරව පැමිණිලි පාර්ශවය විසින් කරුණු ඔප්පු කිරීම නිසා 1976 ජූනි 30 දින ටෙඩ් වරදකරු කල අධිකාණය ,වසර 15 ක සිර දඩුවම්ක් ඔහුට නියම කරනවා..නමුත් පරීක්ෂණ නිලධාරීන් හා පැමිණිල්ල නම් මෙම දඩුවමෙන් සෑහීමකට පත් වුනේ නෑ...

මෙසෙ කාලය ගත වෙද්දි ,දෑවුරුද්දකට පස්සෙ ටෙඩ් නැවත වරදකාරයා වෙනවා කොලරාඩෝ ප්‍රාන්තයේ තරුණියක් වුන කැරීන් කැම්බෙල් ඝාතණය කිරීම සම්බන්ධව..මෙහිදී ඔහු විසින්ම තමාගේ නීතිවේදියා ලෙස අධිකරණයේ පෙනී සිටීමට කටයුතු කරනවා..ඔහු තමාගේ නීතිවේදියා ලෙස කටයුතු කල බැවින් නීති පොත් හැදෑරීමට අධිකරණයේ පුස්තකාලය පරිහරණය කිරීමට ඔහුට අවසර ලැබෙනවා.

පළායාම

එක් දිනක් ;1976 ජූනි 7 , පුස්තකාලයේ ජනේලයක් බිද පළා යාමට ටෙඩ් සමත් වුනත් ,දින 8 කට පස්සෙ ඔහුව සොයා ගන්න පොලිසිය සමත් වෙනවා...

1977 දෙසැම්බර් 30 දින ටෙඩ් නැවතත් පළා යනවා. එවර ඔහු පලා යන්නෙ සිවිලිමේ තැනූ සිදුරකින් රිංගා,සිවිලිම දිගේ ගොසිනි... පැය 15ක් යනතුරුත් ඔහු පළා ගිය බවක් නිලධාරීන් දැන සිටියෙ නෑ..
ඔහු පලා යන්නෙ ෆ්ලොරීඩා හි ටලහසී වෙතයි...
එහිදී සොරකමින් මුදල් සොයා ගැනීමට සමත් වුන ඔහු 1978 ජනවාරි 14 ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයට කඩා පැන තරුණියන් සිවු දෙනෙකුට පැහැරගෙන ගොස් දූෂණය කොට බරපතළ අඩන්තේට්ටම් කරන අතර ඉන් දෙදෙනෙක් මිය යනවා... මින් එක් තරුණියක්ගෙ හිසට ලෝහ වලින් තැනූ 'hair spray' භාජනයකින් ගසා මරා දමා තිබුණ අතර අනිත් තරුණියගේ තනපුඩු බරපතල ලෙස සපා තිබුණු බව අධිකරණයට පසුව වාර්තා වුණා..
දිවි ගලවා ගත් තරුණියන් වාසනවන්ත වුවත් බන්ඩි ද එසේම වාසනාවන්ත වූයේ නීතියේ රැහැනට හසු නොවී පළා යාමට සමත් වූ බැවිණි.
 


පෙබරවාරි 9 වෙනිදා බන්ඩි 12 හැවිරිදි කිම්බර්ලි ලීච් නම් දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමනවා...
පොලිසියට දිනෙන් දිනම හිසරදයක් වෙමින් පැවති ටෙඩ්ව 1978 පෙබරවාරි මස අවසානයේ අල්ලා ගන්න පොලිසිය සමත් වෙනවා..ඒ ව්‍යාජ අංක තහඩු සවි කරන ලද බීට්ල් VW කාරයක් ගමන් කරමින් සිටියදීයි.එහිදි ඔහු හා පොලිස් නිලධාරීන් අතර ගැටුමක් ද ඇති වෙනවා..


(Prosecutor)

දෙවන නඩුව

1978 ජූනි 25 දින ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මයාමි හි දී ටෙඩ් ට විරුද්ධව දෙවන නඩුව ඇසීම ආරම්භ වුණා.මේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ තරුණියන් සිවු දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධවයි..මේ වන විටත් ඔහු පළමු නඩු තීන්දුවට අනුව වසර 15 ක් සිර දඩුවමට යටත් වූවෙක්.

මෙහි දීත් ටෙඩ් ඔහුගේ නීතීවේදියා ලෙස කටයුතු කලා.ඔහු උත්සාහ කලෙ ඔහු මානසික ව්‍යාධියකින් පෙලෙන්නෙක් බව ඔප්පු කොට මරණීය දණ්ඩණයෙන් මිදීමටයි...පලා යාමට සමත් වුණ තරුණියන්ගේ සාක්ෂි හා ඔවුන්ගේ සිරුරු වල තිබුණ තුවාළ හා සම්බන්ධ ජීව විද්‍යාත්මක සාක්ෂි ටෙඩ් ට විරුද්ධ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට සමත් වන බව ජූරිය තීන්දු කරනවා...
1979 ජූලි 30 දින ජූරිය විසින් සිය ඒකමතික තීන්දුව අධිකරණය වෙත ලබා දෙනවා..
ඒ අනුව අධිකරණය චූදිත ටෙඩ් ව වර්ද කරු කොට මරණීය දණ්ඩණය නියම කරනවා,ඒ එක් තරුණියකට එක බැගින් වන ලෙස දෙවතාවක්...

තෙවන නඩුව

ටෙඩ් ට විරුද්ධව තෙවන නඩුව වුනේ කිම්බර්ලි ලීච් දැරිය දූෂණය කොට මරා දැමීම සම්බන්ධවයි...
මෙහිදී දිගින් දිගටම එම මරණය සම්බන්ධව තමා නිවැරදි කරු බව ටෙඩ් විසින් ප්‍රකාශ කලා..
එහෙත් Forensic reports සහ ටෙඩ් විසින් දැරිය පැහැර් ගනු දුටුවන් ගේ සාක්ෂි සහ වෙනත් ජීව විද්‍යාත්මක් සාක්ෂි මගින් ටෙඩ් වරද කරු බව ඔප්පු වීමත් සමග ඔහු සිය උත්සාහය අත් හැර දමනවා... තවද ඔහු විසින් කල පැහැර ගැනීම් සහ මරා දැමීම් ගණන ආසන්න වශයෙන් 36ක් බව ඔහු ප්‍රකාශ කරනවා...

අපරාධයන්

ඔහු විසින් කල අපරාධ ගැන වූ ප්‍රකාශ පරස්පර විරෝධී බව වාර්තා වෙනවා..එසේ වුවත් ඔහු ගෙ ප්‍රකාශයන්ට අනුව ඔහු ගෙ පළමු අපරාධය සිදු වූයේ 1969 දී, නිව් ජර්සි හි ඕෂන් සිටි හි දීය..එහෙත් එහිදී කිසිවෙකුට් මරා නොදැමුනු බව ඔහු කියා සිටිනවා..1969 දීන අට්ලන්ටික් සිටි හි දී තරුණියන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමුනු බවත් ඔහු පවසනවා..1972 දී සියැටල් හි දී ද 1973 දී ටම්වොටර් හි දී ද ඝාතනයන් සිදු වී තිබෙනවා... අපරාධ පරීක්ෂකයන්ට අනුව නම් මොහු වයස 14 දී ටැකෝමා හි දි වයස අවුරුදු 8 ක දැරියක් ද ඝාතනය කල බවට පරීවේෂණීය සක්ෂි තිබෙණවා..
1974 ජනවාරි 4 දින 18 හැවිරිදි කැරන් ස්පාක්ස් ව මරා දමන්නේ ඇගේ නවාතැනේ බිම්මහලේ දී ය..ඇය මරා දැමීමට භාවිත කල යකඩ දණ්ඩ ඇගේ ලිංගේන්ද්‍රියටද ඇතුළු කර තිබෙන බව් බරපතළ අභ්‍යන්තර තුවාල ගැන වූ මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්ව් තිබෙනවා..මෙසේ සදහන් කලහොත් ලිපිය තව තවත් දික්වන , සෑහෙන ප්‍රමාණයක් අපරාධ බන්ඩි විසින් සිදු කර තිබෙනවා..

අවසාන තීන්දුව හ දඩුවම

මෙම නඩුවේදීද අධිකරණය විසින් ,1980 පෙබරවාරි 7 දින ටෙඩ්ව වරද කරු කොට මරණ දඩුවම් නියම කරනවා...මේ වන විට ඔහු මරණ දඩුවම් තුනක් හිමි වූවෙක්..

1989 ජනවාරි 24 දින ,වයස 42 දී ,රේෆෝර්ඩ් හිදී විදුළි පුටුවේ ඉදවා ඔහුට මරණ දඩුවම ලබා දුන්නා... 

පසු සිදුවීම්

මොහුගේ මරණය සිදු කල දින පොලිස් නිලධාරින් සහ මහ ජනයා සිර ගෙදර අවට වීදි බැස නටමින්,ගිණිකෙලි පවත්වමින් සතුටු වූ බව වාර්තා වෙනවා...

සිරුර ගේන්ස්විල් හි දී කිසිදු ජනතා සහභාගීත්වයකින් තොරව සිදු කල අතර ඔහුගේ ඉල්ලීමට අනුව අළු වොෂිංටන්හි කැස්කැඩ් රේන්ජ් හිදී මුදා හැරියා....

ටෙඩ් ගෙ කතාව ඇසුරෙන් පහත නිර්මාණයන් ඇති වුණා..
සිනමා පට
The deliberate stranger - 1986
Ted Bundy - 2002
The Strangee beside me - 2003
The Riverman - 2004
Bundy; A legacy of Evil - 2008
The capture of the Green River Killer - 2008

පොත්
The stranger beside me - 1980 ,Rule Ann
The Bundy murders-2009 ,Sullivan,Kevin M
Ted Bundy :Conversation with a killer -2000 ,Annysworth,Hayes



- The court is adjourned -

Gallery




 

ඉන්දියාවබලා ...07 - 'ආමේර්'

ජය්පූර් රාජස්තානයේ අගනුවර වෙන්න කලින් එහි අග නුවර වුනේ කදු වැටි වලින් වට වුන ආමේර් නුවරයි..මෙය අම්බේර් ලෙසද ඉංග්‍රීසීන් ඇම්බර් ලෙසද හදුන්වනවා...ජය්පූර් සිට කිලෝමීටර 11 දුරින් ආමේර් පිහිටා තිබෙනවා...
මීනාවරුන් ලෙස හදුන් වන රාජස්තානයේ හා මධ්‍යප්‍රදෙශ් නිජ බිම් කරගත් ගෝත්‍රයක් විසින් ගොඩ නංවනු ලැබූ ආමෙර් ඉන් පසුව කච්චවාහ/කච්චවාල රාජ වංශය ජය්පූර් වලට මාරු වනතෙක් ආමේර් රාජධානිය කරගෙන පැවතියා...
ආමෙර් වල තමයි රාජස්තාන් ගිය වෙලාවෙ මම නැවතිලා හිටියෙ... අපි නැවතිලා හිටි මිතුරාගේ කාමරය තිබුණ ගොඩ නැගිල්ල යට තිබුනෙ අලි ගාලක්...මෙ අලි සංචාරක කර්මාන්තය සදහා යොදා ගන්නා අලි...
ආමේර් වලදි මම ගොඩ කාලෙක ඉදන් රස බලන්න ආසාවෙන් හිටි උක් බීම බොන්න පුලුවන් වුනා..රුපියල් දහයකට ලොකු උක් බීම වීදුරුවක් හම්බ වෙනවා.. යන්ත්‍රයකට දාන උක් දඩු මිරිකිලා තමයි මේ බීම එන්නෙ...

හතර වෙනි දවසේ අපි ගියෙ ආමේර් මාළිගාව බලන්න...
ටිකට් එක රුපියල් 100 ට ගන්න පුලුවන් වුණා..විදෙශිකයන්ගෙ ගාණ රුපියල් 500 යි.. මාළිගාව ඉස්සරහ ඉන්නව ගයිඩ් ලා... යාන්තං ඉංග්‍රීසි කතා කරගන්න පුලුවන් අය සහ හින්දි විතරක් පුලුවන් අය..එක්කෙනෙක්ට රුපියල් 100..අපි නම් ගයිඩ් ල ගත්තෙ නෑ...
අමේර් මාළිගය කියන්නෙ රාජස්තානයේ දැනටත් ඉතා හොද මට්ටමෙ පවතින මාළිගාවල් වලින් විශාලම මාළිගයක්... මහරාජ් මාන්සිං 1 (1550-1614) විසින් තමයි මෙම මාළිගය ඉදිකිරීම ආරම්භ කරලා තියෙන්නෙ... 


මාළිගය තියෙන්න දිල්ලි ජය්පූර් මාර්ගය අසල,ජය්පූර් දෙසට යන විට දකුණු පසින් ,තරමක් ඔබ්බෙන් කදු ගැටයක් මත..මාර්ගයත් මාළිගයත් අතර 'මඕටා වැව' තිබෙනවා..මෙය මාළිගයේ ආරක්ෂාව උදෙසා ඉදිකලා විය හැකියි...එයින් මාළිගයට ලබා දෙන්නෙ නොමද අලංකාරයක්... රාත්‍රියේ දී විවිධ වර්ණ වල විදුලි බුබුලුවලින් අලංකාර වන මාළිගයෙ පිළිබිඹුව මඔටා වැවට වැටුනම මවන්නෙ අලංකාර දර්ශණයක්... මාළිගයෙ රාත්‍රියට විදුලි බුබුලු වලින් රටා මවමින් සංදර්ශණයක් පවත්වන අතරම ආමේර් ඉතිහාස කතාවක් ඇසීමට සළස්වනවා..හරියට අපේ තොරණක වගේ...






ආමේර් මාළිගය ඉදි කිරීමට වැලි ගල් සහ මාබල් බහුල වශයෙන් යොදාගෙන තියෙනවා..මෙ වැලි ගල් ගැන කිවුවොත් රාජස්තානයේ ඇවිදිනකොට මම බොහොමයක් තැන් වල දුටුවා ස්වාභාවිකවම අලංකාර රටාවල් මැවුන වැලිගල්...මුලුරාජස්තානයම වැලිගල් ආකරයක් වගේ කියලා තමයි මට හිතුනෙ...

ආමේර් මාළිගාව විශාල මාළිගාවක් කියලා කලිනුත් කිවුවනෙ...මහ රාජාගේ මාළිගාව,බිසෝ මාළිගාව මහ මාළිගයට තරමක් එපිටින් පිහිටි ජෝදා භායි කුමරිය ගේ සහ සුජාමල් කුමාරයාගේ මාළිගාවන් යන කොටස් ඊට අයත් වෙනවා...

මාළිගයට ඇතුළු වන්න තියෙන ප්‍රධාන දොරටුවෙන් පිවිසෙන්න අංගනයකට... අංගනයෙ ඇතුළු වෙනවාත් එක්කන දකඋණු පැත්තේ බ්‍රාහ්මී අකුරින් සෙල්ලිපි ලිය වුන ගල් කණු දෙකක් තියෙනවා..එවා වෙනත් ප්‍රදේශ වලින් ගෙනත් සවි කරන ලදා ඒවා බව තමයි මිතුරා කිවුවෙ..


අංගනයේ දකුණු පසින් තියෙනවා මාළිගයෙ ප්‍රධාන කොටසට පිවිසෙන දොරටුව..පඩිපෙලක් නැග ලගා වෙන මෙම දොරටුව සිංහ දොරටුව (සිං පෝල්) නමින් අලංකාර දොරටුවක්.සිංහ රුවක් කැටයම් කර තිබෙන නිසා එනමින් හදුන්වනවා....


 එම දොරෙන් ඇතුළු වී ඉහලට ගිය විට වම් පසින් හමු වන්නෙ Divan-i-aam නමින් හදුන් වන මහ රජුගේ සභා ශාලවයි..එහිදී රජු මහ ජනයා ,සිය අමාත්‍ය හා නිලදාරී මණ්ඩලය මුණගැසුනු බවත් උත්සව කටයුතු සිදු කල බවත් කිය වෙනවා..රතු ගල් සහ මාබල් වලින් ඉදි වුන මෙම ශාලාව රාජ්පුත් සහ මුඝල් සම්ප්‍රදායන් දෙකේම ලක්ෂණ වලින් සමන්විත වෙනවා...



එතනින් දකුණු වන්නට තියෙන්න මාළිගාවේ පරිපාලනය සිදුවුන කාර්‍යාල කාමර 27ක්..මෙම කොටස මහල් දෙකකින් යුක්තයි.මේවා කචේරි නමින් හදුන් වනවා... පහල මාලයේ තිබෙන්නෙ නාන කාමර සංකීර්ණයක්.මේවා මහ රජු සහ රජ පවුලේ උදවිය භාවිතයට ගත් ඒවා වෙනවා..උණුසුම් සහ සීතල දෙවගේම ජලය මේවායෙ තිබුනු බව කියවෙනවා....මෙමෙ නාන කාමර හමාම් නමින් හැදින් වෙනවා...





ඉන්පසු හමු වන්නෙ ගණේෂ් පෝල් /ගණේෂ් දොරටුව යි..ඉතාම අලංකාර ලෙස රාජ්පුත් සහ මුඝ්හල් සම්ප්‍රදායේ කැටයම් සහ මෝස්තර වලින් මෙම දොරටුව අලංකාර කර තිබෙනවා..ඉහලින් රාජ්පුත් ක්‍රමයට තරමක් විශාල ගණෙෂ රුවක් ඇද තිබෙන නිසා මෙය ගණේෂ් පෝල් නමින් හදුන්වනවා..






මෙම දොරටුවෙන් ඔබ්බට හමු වන විශේෂම ස්ථානය නම් ශීෂ් මැහැල් යනුවෙන් හැදින්වෙන විදුරු වලින් අලංකාර කැටයම් කල කොටසයි..මහ රජු මිර්සා ජය් සිං විසින් ඉදි කෙරුණා යැයි කියන මෙම ශාලාව අති විශේෂ පුද්ගලයන් මුණගැසීමට යොදා ගත්තායැයි පැවසෙනවා... ජස් මන්දිර් ලෙසත් මෙය හැදින්වෙනවා..ඇතුළට යන්න බෑ.පිටතින් සිට ශීෂ් මැහැල් හි ආලින්දය නැරඹිය හැකියි.







ඉන් පසු හමු වන්නෙත් වැසිකිලි පේළියක්..මේවාත් රජ පවුල භාවිතා කල ඒවායැයි කියවෙනවා...

එතැනින් පසුව හමු වන්නේ රජ පවුලෙ උදවිය ග්‍රීශ්ම කලය ගත කල කොටසයි..





Divan-i-khas ලෙස මෙම කොටස හදුන්වනවා..ශිතල පවත්වා ගත හැකි වන ලෙස මෙම කොටස ඉදිකොට තිබෙනවා... මෙම කොටසේ අලංකාර උද්‍යානයකුත් තිබෙනවා... එතැනින් ඉහල මාළයේ හමු වන්නෙ මහ රජු යුද්ධයට ගිය විට මහ රැජින සිටින කොටසයි..එම කොටසේ තිබෙන තිරයෙන් එපිට රැජිණ කාලය ගත කලා යැයි කියවෙනවා...ඉහල මාලයේ තවත් කාමර විශාල ප්‍රමාණයක් තිබෙනවා... ඉහල මාලයේ හමු වන තව විශේෂ ස්තානයක් වන්නෙ මාලිගයට වතුර ගබඩා කර තැබීමට භාවිතා කල ටැංකිය...

මාලිගයේ ඉදි කිරීම සම්බන්ධව කිවයුතු විශේෂ දෙයක් නම් නොදන්නා කෙනෙකු එහි ඇවිදීමට ගියහොත් මාර්ගය සොයාගත නොහැකිව අතරමංව කැරකී කැරකී එකම තැනට පැමිණෙන ලෙස ඉදිකර තිබීමයි.
 මිතුරා මා මාළිගය අසලින් දමා නැවත ගිය බැවින් මා තනිවම මාළිගය නැරඹීමට ගියා..එ බැවින් හරිහැටි මාර්ග නොදන්නා මම මාළිගය තුළ කැරකෙමින් කිහිප විටක්ම එකම තැනට පැමිණීමත්,මාර්ග සොයාගත නොහැකිව අසල සිටින පොලිස් නිලධාරී ගෙන් විමසමින් යාමටත් සිදු වුනා...තවද බිම් මහල් (පොලොවට යටින් තිබෙන)වලට යන මාර්ග දැනට වසා දමා තිබෙනවා..බිම් මහලේ හදිසි අවස්තාවකදී රජ පවුළට පලා යා හැකි වන ලෙස ඉදි වුන උමං මාර්ග කිහිපයක්ම තිබෙන බවත් ගයිඩ් කෙනෙකු විසින් පවසනු මට ඇසුනා...
කෙසේ නමුත් මාළිගයේ සිට ජය්ඝඩ් බලකොටුවට යන උමං මාර්ගයක් සංචාරකයන්ට දැක ගැනීමට තබා තිබෙනවා..එහි කිලෝමීටරයක් පමණ දුරක් යා හැකි අතර ඉන් එහාට වසා දමා තිබෙනවා..ජය්ඝඩ් වලට පමණක් නොව නහර් ඝඩ් සහ ජය්පූර් මාළිගයටත් මෙම මාළිගයේ සිට උමං මාර්ග තිබෙන බව ගයිඩ් වරයෙකු පවසා සිටියා...

ආමේර් මාළිගය නැරඹීමට පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා... ඉන් පසු එළඹෙන්නෙ මාළිගයේ පිටුපස අංගනයට.එහි තිබෙනවා ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නඩත්තු කරන ටැක්සි ..මේවට මුදල් අය කරන්නෙ නෑ..මාළිගය නැරඹීමට මිලදී ගත් ටිකට් පත ලබා දුන්නම මොවුන් අපව ගෙනියනවා තරමක් ඔබ්බෙන් පිහිටි ජෝදා භායි මාළිගයට සහ මීනා බසාර් වෙත..මීනා බසාර් වලින් මොවුන්ට ගතමනාවක් ඇබෙන බව නම් නොරහසක්,ගණුදෙණු කරුවන් රැගෙන එනවාට...

ජෝදාභායි මාළිගය තියෙන්නෙ ආමේර් මහ මාළිගයට තරමක් එපිටින්... විවාහයට පෙර ජෝදාභායි වාසය කරලා තියෙන්නෙ මේ මාළිගයෙ..මෙය ජෝදා භායි මාළිගය කියලා හැදින්නුවට ඉස්සෙල්ලම මහරාජා මාන්සිං වාසය කරල තියෙන්නෙ මේ මාළිගයේ කියලා කියනවා..මෙහි වාසය කරන ගමන් මහ මාළිගය ඉදි කල බව කියවෙනවා... 


නමුත් ඉන්දීය ඉතිහාසය හරි හැටි ලියවිලා නැති නිසා අවුල් සහගත තැන් තියෙනවා.. මහ මාළිගයේ සිට ජෝදා මාළිගයට යන අතරෙ විනාශ වී ගිය පරණ නිවාස තියෙනවා..ඉන් සමහරක් රජ මාළිගයේ රන් කරුවන්ගේත්, මුදල් (කාසි) තැනූ අයගේත්, වෙලෙන්දන්ගේත් බව කියවෙනවා...  ජෝදා භායි මාළිගයේ මැද මිදුළෙ කොනක තියෙනවා කෘෂ්ණ මන්දිරය , 


 එහි තිබුණ කෘෂ්ණ මූර්තිය ජෝදා ආග්‍රා මාළිගයට යනවිට රැගෙන ගොස් එහි තැන්පත් කලා යැයි කියනවා...දැනට එහි කෘෂ්ණගේ රූප තබා තිබෙනවා.... ජෝදා මාළිගයේ ඉහලට මාළයට යා නොහැකියි... පසු කාලීනව ඉන්දියානු රජයට ආමේර් මාළිගය අයත් වුවත් ආමේර් රජ පරපුරේ වර්තමාන උරුමක්කාරයා (දැනට එංගලන්තයෙ ඉගෙන ගන්නා පද්මනාභ සිං) ට අයත් පෞද්ගලික මාළිගය ජය්ඝඩ් බලකොටුවයි...ජය ඝඩ් බළකොටුව ගැන පසුවට. 







ජෝදා මාළිගයටතරමක් එපිටින් තියෙන්නෙ මීනා බසාර්.එහි තිබෙනවා සාම්ප්‍රදායික රාජස්තාන් ඇදුම් කඩ..මේවායෙ ඇදුම් තරමක් මිලෙන් අධිකයි. මෙම ඇදුම් සදහා වර්ණ ලෙස යොදාගෙන තිබෙන්නෙ එළවළු සහ පළතුරු වැනි ස්වාභාවික ක්‍රමයන්ගෙන් ලබා ගන්න වර්ණයි..එම වර්ණ සේදී නොයාමට පාෂාණ විශේෂයකින් සැදූ කුඩු වතුරෙහි දිය කොට එම වතුරෙහි වර්ණ ගැන්වූ රෙදි පොගවනවා... නමුත් එවා සදන ආකරය චායා රූප ගැනීමට ඉඩ දෙනෙ නෑ...
වර්තමානයෙත් මෙම රෙදි වර්ග සදහා එළවළු වල වර්ණම යොදා ගන්නවාද යන්න නම් මට කියන්න අමාරුයි ...

Amila


Gallery








another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters