මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 10 "ජයතුරා ශංඛය"


මෙය ශ්රියාණි අමරසේනගේ නිෂ්පාදනයක් බව මතක එහි ඇය රංගනයෙන් දායක වීම සහ ඇගේ බොහොමයක් ටෙලි නාට්ය මෙන් මෙයද විදේශ රටවල් වලත් රූගත වීම් කර තුබූ බැවිනි. ඇත්තටම ශ්රියාණිගේ නාට්ය ලංකාවේ නාට්ය කලාවට නැවුම් ගතියක් ගෙන ආවේ මෙසේ විදේශ රටවල් වල රූගත කිරීම් කිරීම තුලින්. ඉන් පෙර අතිෂය දුර්ලභ ලෙස දකින්න ලැබුන විදේශ රටවල රූගත කල නාට්ය වෙනුවට ශ්රියාණිගේ නාට්ය ගොඩක් විදේශ රටවල රූගත වී තිබුණා.
මෙය් විකාශය වුනේ 2006-7 වර්ෂයේ . ජාතික රූපවාහිනියේ 8.30 කතාවක් ලෙස.
විකාශය වෙමින් පැවති සුදු කපුරු පෙති ටෙලි නාට්යය හදිසියේ වාරණය වීමත් සමග සුදු කපුරු පෙති බැලීමට වාඩි වී සිටි අපට එම ඉරිදා දකින්න ලැබුණේ ජයතුරා ශංඛයයි.
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
 
නලු නිලි කැල
ශ්රියාණි අමරසේන
බුද්ධදාස විතානාච්චි
මොරින් චාරුණී
සද්ධා උත්පලකන්ද
ජගත් චමිල
ඉන්දිකා උපමාලි
ඕෂදී හේවාමද්දුම
බන්දුල විතානගේ 
 
🎬
 
කතාව මතක හැටියට කෙටියෙන් කියන්නම්.
තෝරදෙණිය වළව්වේ උරුම කරු වුන බුද්ධදාස විතානාච්චි දැන් සිටින්නේ විදේශ රටක (ස්විට්සර්ලන්තයේ බවයි මතක ).
 
 

 
වළව්වේ වාසය කරන්නේ ඔහුගේ නැගණිය (මොරීන් ) සහ ඇගේ සැමියා (බන්දුල )
වළව්වට නරක කාලයක් උදාවන්නේ බුද්ධදාස නිසා බවයි නැගණිය හිතන්නේ.
වළව්ව පිහිටි ගමේ තිබෙන පැරණි රජමහා විහාරයක තිබුණු බලගතු වාලම්පුරියක් සොරා ගන්නා බුද්ධදාස එයත් රැගෙන තමයි ස්විට්සර්ලන්තයට යන්නෙ.ඒත් සමග වළව්වටත් ගමටත් උදා වන්නේ නරක කාලයක්. මේ නිසාම මොරීන් සිටින්නේ සිය සහෝදරයා සමග අමනාපයෙන්. ඇගේ සැමියා සිටින්නේ අසනීපයෙන් වගේ තමයි මතක. 
 

 
ස්විට්සර්ලන්තයේ සිටිනා බුද්ධදාස ඉතාම ධනවත් ව්යාපාරිකයෙක්. මතක විදිහට ඔහුගේ ව්යාපාරය මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමයි. ඔහුගෙ ධනවත් වීමේ රහස ජයතුරා ශංඛය බව කුප්රකට රහසක්. කාඩ් ක්රීඩා කිරීමට කැමති බුද්ධදාස ක්රීඩාවට යාමට පෙර හැම අවස්ථාවකම ශංඛය පිරිමැද තමයි යන්නෙ.ඉතිං ජය නියතයි.
ශංඛය සඟවා තිබෙන්නේ ඔහුගේ කාර්යාල කාමරයේ සේප්පුවක.
මේ අතරේ කිහිපදෙනෙක් මෙම ශංඛය සොරා ගැනීමට උත්සාහ කරන්නේ ධනවත් වීමට. දේශපාලකයෙකුත් මෙම ශංඛය සොරා ගැනීමට තැත් කරන්නේ සදාකාලිකව බලයේ වැජඹීමට ඇති ආසාව නිසා.ඇතැමුන් මෙම ශංඛය කියා බොරු බෙල්ලන් විකුණන හොරුන්ටත් හසු වෙනවා.
තරුණ විශ්වවිද්යාල සිසුවෙක් වන ජගත් චමිල පර්යේෂණයක් සඳහා තෝරදෙණිය ගමට එන්නේ මේ අතරේ. ඔහු තෝරදෙණිය විහාරයටත් යනවා. එහිදි නායක හාමුදුරුවන් (සද්ධා ) ගමට වුන විපත ඔහුට විස්තර කරනවා . නායක හාමුදුරුවන් විහාරගෙයි වහලය ලෙස පැවති කලු ගලේ වන විශාල පැල්මක් දක්වමින් කියන්නේ එය සිදු වුනේ ශංඛය සොරාගත් දිනයේ බවයි. මොහු විහාරයට පැමිණෙමින් සිටි අවස්ථාවේ විහාරයේ සිතුවම් අලුත්වැඩියා කරමින් සිටි තරුණියක් (ඉන්දිකා ) හමු වෙනවා. පසුව මේ දෙදෙනා අතර ප්රේම සම්බන්ධයක් හට ගන්නවා.

 
මේ අතරේ ජගත් වළව්වට හොරෙන් ඇතුල් වීමට සමත් වෙනවා. වළව්ව මුරකරන නාගයෙක් ජගත්ට දශ්ඨ කලත් ඔහු සිය්ල්ල දැන පෙර සූදානමින් සිටි බැවින් ඔහුට ඉන් අනතුරක් වන්නෙ නෑ.
ජගත් වළව්වට සම්බන්ධ තරුණියක් සමග ප්රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා.
මෙහෙම වෙද්දි ජගත් ස්විට්සර්ලන්තයට යනවා. එහිදී ජගත් බුද්ධදසගේ දියණිය (ඕෂදී ) සමගත් සම්බන්ධයක් ඇතික රගන්නවා. 

 
ජගත් ලංකාවේ දේශපාලකයා විසින් ශංඛය හොරා ගැනීමට එවූ සොරෙක්. ඉන්දිකාත් ස්විට්සර්ලන්තයට පැමිණීමෙන් තුන්කොන් පෙම හසුවී ගැටලු ඇති වෙන බවත් මතකයි. ඕෂදී ලවා ජගත් ශංඛය සොරා ගන්නවා. සොරාගත් ශංඛය වෙනුවට වෙනත් ශංඛයක් තබා එය තමා අතින් බිම වැටී කැඩුනු බව පවසන්න ඕෂදීව පොලඹවනවා.කෙසෙ හෝ ශංඛය නැවත පංසලට බාර දීමට බුද්ධදාස අදහස් කර තිබුණු බවත් එහෙත් ඊට පෙර එය බිම වැටී කැඩීමෙන් බලය බිඳී ගිය බැවින් බෙහෙවින් දුක් වුනත් සිය දියණියට ඇති ආදරය නිසා එය ඉවසා සිටිනව.
 




 
කතාවේ අවසානය මතක නැත්තේ අපේ රූපවාහිනියේ ඒ කාලයේ ඇතිවූ දෝෂයක් නිසා එය කාලයක්ම පිලිසකර නොකර පැත්තකට දමා තිබූ බැවින් (අපි එයට ඇබ්බැහි වී සිටීමත් හේතුවක්).
නැවත එය පිලිසකර කරන විට කතාව අවසන් වී තිබුණා.
කතාවේ අවසානය මතක ඇත්තෙක් මතක් කර දෙත්වා .
- ආර්යන්- ✍️

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters