කොළඹ වීදියකදී - 08 - "කොළඹ මහ ගෙදර"




කොළඹ මහගෙදර මොකක්ද කියලා ඇහුවොත් මතක් වෙන්න ඕනෙ එකයි...ඒ තමයි කොළඹ නගරයේ පාලනය බාර කොළඹ මහ නගර සභාවට නිවස්නය වන නගරශාලාව....

 මේ නගරශාලාව කොළඹට කොහොම land mark එකක්ද කියනවනම් ඒ අවට ප්‍රදේශය "පුරහල/Town hall "නමින් හඳුන්වන බව කොළඹ යන එන කොළඹ ගැන දන්න අයට අමුතුවෙන්ම කියන්න ඕන නැහැනෙ.

ටවුන් හෝල් කියන්නෙ මම අවුරුද්දෙ දින 365,  95%ක්ම ඉන්න ප්‍රදේශය... 
කාටවත් හිතුනද කොළඹ නගර ශාලාවේ ඉතිහාසය ටිකක් හොයලා බලන්න ...හිතිච්ච අයත් ඇති.හොයලා බලපු අයත් ඇති.මේ කියන්න යන්නෙ කොළඹ නගරශාලාවේ ඉතිහාසය ගැන ටිකක්.

නගරශාලාව කුරුඳුවත්තේ පිහිටුවීමට පෙර නගර සභිකයන් රැස්වුනේ පිටකොටුව කෙලින් වීදියේ පිහිටි පැරණි නගරශාලාවේය..(එය ගැන වෙනම ලිපියකින්)..
වසර සියයකට ආසන්න කාලයක් නගරසභිකයන් රැස් වුනේ එම පැරණි නගර ශාලාවේය.
                                                                     (Old Town Hall, Pettah)

1921 දී ලොකප්‍රකට ,ස්කොට්ලන්ත ජාතික නගර නිර්මාණ ශිල්පියෙක් වුන පැට්‍රික් ගෙඩ්සේ මහතාගේ නිර්දේශයක් වුනා නගර ශාලාව කොළඹ නගර මධ්‍යයේ වඩාත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලක පිහිටවිය යුතු බව..එහි සභාශාලාවක්,නගරාධිපති කාර්යාලයක්,මහජන කාර්යාලයක්,පුස්ථකාලයක් යන අංග ඇතුළත් විය යුතු බවත් ඔහු නිර්දේශ කලා..

මෙම නිර්දේශය අනුව යමින් 1922 දී ජාත්‍යන්තර තරගයක් පැවැත්වුවා කොළඹ නගරශාලාව සඳහා සුදුසු සැළසුමක් තෝරා ගැනීමට ...ලැබුණු සැළසුම් 32කින් ජයග්‍රහණය ලැබුනේ ගෘහ නිර්මාණ ශිල්පී S.J.Edwards මයා විසින් Ralph Boot. & Co. වෙනුවෙන් ඉදිරිපත් කල සැළසුමයි.



 මෙම සැළසුම සඳහා ජයග්‍රහණය ලබා දෙමින් පොදු වැඩ දෙපාර්තමේන්තුවේ රජයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී Austin Woodsen මහතා මෙසේ සටහන් කෙරවා..

.."The buildings are admirably laid out on the site; the outbuildings are well secluded, but very accessible. The main building stands out prominently and would command pleasing views from all angles. The connecting roads are well laid out. The details and plans are excellently drawn, and illustrate in an artistic manner a most striking and effective design." On the ground floor the corridors are straightforward, direct and well lighted. The general disposition of the departments and rooms is excellent and most convenient for access, circulation and inter-communicable both for the public and staff. On the upper floors, the offices are admirably arranged. The Council chamber is a magnificent apartment with ample accommodation for the public provided in an elevated gallery." "This provision gains many favourable points for this design. The elevations are very dignified and refined. The perspective view shows a very impressive group of buildings crowned by a dome and tower of fine proportions. The details and plans are excellently drawn, and illustrate in an artistic manner a most striking and effective design"

එවක කොළඹ නගරාධිපති වූ Thomas Reid මහතා විසින් 1924 මැයි 25 දින මුල්ගල තබනු ලැබීමෙන් ඇරඹුන ගොඩනැගිල්ල සිවු වසකට පසුව 1928 අගෝස්තු 09 දින ලංකා ආණ්ඩුකාර Sir Herbert Stanley මයා විසින් විවෘත කිරීමට යෙදුනා.


නගරශාලාව සෑදීමට මධ්‍යම රජයෙන් ණය නොගෙන සභාවේ ආදායමෙන්ම වැය කිරීම නිසා කලක් ගත වන තුරු සභාවේ මූල්‍යතත්වයට එය බලපෑ බව සඳහන් වෙනවා..
නගරශාලාවේ පිටත පෙනුම ඇමෙරිකාවේ Washington D. හි Capital Building හි පිටත පෙනුමට සමාන වෙනවා.
                                         (Capital Building,Washington DC)

ගොඩනැගිල්ල මධ්‍යයයේ පළමු මහලෙහි සභාශාලාව පිහිටා තිබෙනවා.
සෑම පසෙකින්ම අහසට විවෘත මිදුලක් විවිධ දෙපාර්තමේන්තු වලින් වටවී පිහිටා තිබෙනවා.

                             (මැද මිදුල්)



ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව විහාරමහාදේවී උද්‍යානය දෙසට පිහිටන අතර කාර්යමණ්ඩල දොරටු දෙකක්ද වෙනවා.
                                      (Main entrance)

ගොඩනැගිල්ලේ පළලින් අඩු දිශා දෙකෙහි ග්‍රීක/රෝම ලක්ෂණ ගත් අඩි 38ක් උස කුළුණු 6ක්ද අනිත් පැති දෙකෙහි කුළුණු 10 බැගින්ද පිහිටනවා..
කාලාන්තරයක් තිස්සේ විවිධ වෙනස්කම් සිදු වුවද ඇතැම් කොටස් මුල්ස්වරූපයෙන්ම පවතිනවා..උදාහරණ ලෙස දොර ජනෙල්..ලාම්පු...ලීබඩු..සභාශාලාව...යනාදිය දැක්විය හැකියි...



කොළඹ වීදියකදී නැවත හමුවෙමු
 - Amila -


Gallery
                               (New Town Hall structure kept at Old Town Hall)

Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට..... 16.... මනම්පේරි (ii) .....


- ඇපෑල -

මහාධිකරණ තීන්දුවට විරුදුව ල්‍යුටෙනන
විනිසකරුවන් ලෙස විමලරත්න..තමෝදරම් සහ අලස්(සභාපති) යන මහතුන් ඉදිරියේ නඩුව ඇසුනා...
පළමු චූදිතයා වන ල්‍යුටෙනන්ට විජේසූරිය වෙනුවෙන් එවක සුප්‍රකට නීතීඥයෙක් වුන විට්ටච්චි අධිනීතීඥ තුමාද ,අර්ඩ්ලි පෙරේරා අධිනීතීඥ තුමාද සහ දෙවන චූදිතයා වෙනුවෙන් අර්ඩ්ලි පෙරේරා අධිනීතීඥ කුමා සමගින් ඊ.ආර්.එස්.ආර්.කුමාරස්වාමි අධිනීතීඥතුමාද පෙනී සිටියා...
රජයේ පාර්ශවය වෙනුවෙන් ඩී.එස් .විජේසිංහ අධිනීතීඥ තුමාද ෂිබ්ලි අසීස් අධිනීතීඥ තුමාද සමගින් ජ්‍යේෂ්ඨ රජයේ නීතීඥ කෙනත් සෙනෙවිරත්න මයා ද පෙනී සිටියා..

ට් විජේසූරිය සහ අමරදාස රත්නායක යන අය 1973 දී අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොණු කරනවා...
මෙය සංකීර්ණ නීති ප්‍රශ්න රැසක් රැගත් නඩුවක් ලෙස නීති ඉතිහාසයේ වාර්තාවල සඳහන් වෙනවා..
මනම්පේරි තරුණිය ට පෙර ලිපියේ සඳහන් ආකාරයේ වධ දී මරාමුවේ කිනම් අරමුණකින්දැයි යන්න නඩුවේදි අනාවරණය කරගැනීමට අපහසු වුනා...චූදිතයන් ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී සාක්ෂි නොදුන් බව වාර්තා වෙනවා..
නඩුවේ සංකීර්ණ බව නිසාම නඩුව ආරම්භයේ විනිසකරුවන් තිදෙනා ඔවුන්ගේ අදහස් ඇතිව වෙන වෙනම නඩු තීන්දු තුනක් සකස් කිරීමට එකඟවී සිටියා..
මෙහිදී විනිසුරුවරුන් අප්‍රේල් 5 කැරැල්ලත් සමග ඇති වූ තත්වය හේතුවෙන් රටෙහි සාමාන්‍ය තත්වයට සිදුවූ බලපෑම් ගැන අවධානය යොමු කලා..
පළමු චුදිත වෙනුවෙන් ඉදිරිපත් වූ තර්කයක් වුනේ එවක රටේ පැවති තත්වය අනුව මනම්පේරි ඝාතනය සාධාරණ බවයි...මහජන ආරක්ෂණ පණත යටතේ හදිසි තත්වයක් ප්‍රකාශ කොට තිබියදී රටේ සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමට පොලිස් හා හමුදා කණ්ඩායම් යොදවා තිබීම නොරහසක් බවත්..මෙවන් අවස්ථාවක කැරලි කණ්ඩායම් මර්ධනය කිරීමට විවිධ පියවර ආරක්ෂක අංශ විසින් ගත හැකි බවත් ..ඒ සඳහා ඔවුන් නීත්‍යානූකුලව අවසර ලබා ඇති බවත්..චූදිතයන් වෙනුවෙන් විට්ටච්චි මහතා තර්ක කලා...
මෙහිදී විනිසුරු වරුන් සළකා බැලුවේ මරණය සිදු වුන අප්‍රේල් 17 දිනදීත් ගැටුම්/කැරලි තත්වයක් කතරගම පැවතියේද යන්නයි..
මෙහිදී පැවති තත්ත්වය පිළිබඳව හම්බන්තොට බාර සම්බන්ධීකරණ නිලධාරී කර්නල් නුගවෙල මහතාගේත් ල්‍යුටෙනන්ට් විජේරත්න මහතාගේත් සාක්ෂි වැදගත් බව අලස් විනිසුරැතුමාගේ නිගමනයේ සඳහන් වෙනවා.
නුගවෙල මහතා 11 දින හම්බන්තොට බලා පිටත් වද්දී කිසිදු කලබලකාරී තත්වයක් නොපැවති බවත්..හවස 4ට පමණ උවදුරකින් තොරව හම්බන්තොටට ලඟා වූ බවත් සාක්ෂි සටහන් වුනා..තවද 16 දිනදීත් කතරගම මුදා ගැනීමට පැමිණි හමුදා කණ්ඩායම් කිසිදු ගැටලුවකින් තොරව කතරගමට ලඟාවීම යන කරුණු සළකා බැලෙනවා..
විජේසූරිය යාල බ්‍රවුන්ස් හෝටලයෙන් ජීප් රථ දෙකක් ලබාගත් බවත් ,යාල සිට තිස්සමහාරාමයට ජීප් රථ වලින් ඔහු ඇතුළු පිරිස කතරගමට පිටත් වූ බවත්..ඝාතනය සිදුවූ 17 දින (සිදුවීමෙන් පසුව) කලින් සිදු කල ආරාධනයක් පරිදි කතරගම සිට තිස්සමහාරාම වනය මැදින් වැටුනු පාරේ හෝටලයට පැමිණ දඩමස් අඩංගු ආහාර වේලක්ද විජේසූරිය රසවිඳි බවත්...බ්‍රවුන්ස් හොටලයේ සේවකයෙක් සාක්ෂි ලබා දුන්නා..මින්ද පෙනී යන්නෙ තත්වය සාමකාමීව පැවැති බවයි..
ලද සාක්ෂි අනුව එවන් තත්වයක් 17 දිනදී නොපැවති බව විනිසුරු වරුන් අවධාරණය කරගන්නවා..
මේ සාක්‍ෂි අනුව විනිසුරුවරුන් ඒකමතිකව අදහස් ප්‍රකාශ කරනවා කතරගම කලහකාරී තත්වයක් පැවති බව සත්‍යක් මුත් සිදුවීම වුණු 17 දිනදී කතරගම සාමාන්‍ය සාමකාමී තත්වයේම පැවති බව...එවන් තත්වයක තරුණියක් අත්අඩංගුවට ගෙන ,යුධ හමුදා නිලධාරිෙයක් විසින් අමානුෂික අන්දමින් ඝාතනය කිරීම නීත්‍යානුකූල නොවන බව විනිසුරුවරුන් පවසනවා..

** දණ්ඩනීති සංග්‍රහයේ 69 වන වගන්තිය යටතේ පැන නැගි නීතිමය කරුණු**
 
මනම්පේරි ඝාතනයේ අභියාචනයේ විවාදයට ගැණුන නීති ප්‍රශ්න,

• උසස් නිලධාරියෙක් දෙන සෑම නියෝගයක්ම ක්‍රියාත්මක කිරීමට පහල නිලධාරීන් බැඳී සිටිත්ද?
• එය බැලූ බැල්මට පැහැදිලිවම නීතියට පටහැනි නියෝගයක් වන කල එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමට පහල නිලධාරියෙක්ට අයිතිය තිබේද?

මෙහිදී කර්නල් නුගවෙල විසින් ල්‍යුටෙනන්ට් විජේසූරියට ලබා දුන් නියෝගයක් සම්බන්ධයෙන් තිදෙනෙකුගේ සාක්ෂි සටහන් විය..ඒ

1. ල්‍යුටෙනන්ට් විජේරත්න
2. කෝප්‍රල් ෂිරෝමනී
3. කර්නල් නුගවෙල

සාක්ෂි
ල්‍යුටෙනන්ට් විජේරත්න
කර්නල් නුගවෙල විසින් අප්‍රෙල් 14 දිනදී එවිට සිරගතව සිටි සිරකරුවන් පස්දෙනෙකු ල්‍යුටෙනන්ට් විජේසුරියට බාර දෙන ලෙසත් ඉන් කාන්තාවන් දෙදෙනා නිදහස් කරන ලෙසත්,අනෙක්අය විනාශ කර දමන ලෙසත් විජේසූරියට පවසන ලෙසත් නියෝග කලා.
(මෙම සිරකරුවන් අතර මනම්පේරි නොවීය)
• ඒ අනුව විජේරත්න අදාල සිරකරුවන් විජේසූරියට බාර දී කර්නල් නුගවෙලගේ නියෝග අයුරින්ම පවසා සිටියා.
• කර්නල් නුගවෙල ද තමාට එම උපදෙස්ම ලබා දුන් බව විජේසූරිය පවසා සිටියා..

කෝප්‍රල් ෂිරෝමනී
• විජේරත්න යටතේ මුර සංචාරයේ තමාද යෙදී සිටියා.
• උදෑසන 11 ට පමණ නුගවෙල එහි පැමිණ විජේසූරිය සමග කතා කරමින් සිටියා.
• ඔවුන්ගේ කතාව විස්තර වශයෙන් නොදත් මුත් 'සිරකරුවන්ගෙන් වැඩක් නෑ ලෙස පවසා සිටිනු ඇසුනා...

කර්නල් නුගවෙල
• 16 වන දින නුගෙවල කඳවුරට දෙවතාවක් ගියා.
• සිරකරුවන් 4ක් හෝ 5ක් සිටි බව ඔහු දුටු බවත් ඉන් සිරකාරියන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් චූදිතට නුදුන් බවත් පැහැදිලිව පවසා සිටිනවා.
• සිරකරුවන් තබාගෙන සිටීම බරක් බැවින් ඔවුන් පොලිසියට බාර දෙන ලෙස කීව මුත් කිසිවිටෙකත් ඔවුන විනාශ කර දමන්නැයි උපදෙස නුදුන් බවත් ඔහු සාක්ෂියේ සඳහන් කරනවා..

මෙහිදී චූදිතයන් සාක්ෂි ලබා දී නැත.

මෙහිදී 17 දින කලහකාරී තත්වයක් නොපැවති බවද,මහජන ආරක්ෂක පණත. විධිවිධාන ප්‍රකාරව හදිසි නීතිය පැනවීමට ප්‍රමාණවත් තත්වයක් නොපැවති බවද,එසේ පැනවූවද ඉන් සිවිල් නීතිය බලපැවැත්වීම සම්පූර්ණයෙන්ම අහෝසි නොවන බවද විනිසුරුවරුන් අදහස් දැක්වීය.ඒබැවින් සිදුවීම වන අවස්ථාවේ ප්‍රදේශයේ සිවිල් නීතිය ක්‍රියාත්මක වූ බවත් චෝදිත වරද සම්බන්ධයෙන් අදාල වන වැදගත්ම නීතිය දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන බවත් විනිසුරු නිගමනය විය.

ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 69 වගන්තිය
 
"යම් ක්‍රියාවක් කිරීමට නීතියෙන් බැඳී සිටින්නා වූ හෝ නීතිය පිළිබඳ වැරදීමකින් නොව,සිද්ධිය පිළිබඳ වැරදීමකින් ,එසේ තමා බැඳී සිටින බව සද්භාවයෙන් විශ්වාස කැන තැනැත්තෙකු විසින් කරනු ලැබූ ක්‍රියාවක් වරදක් නොවේ. "

උදා. නීතියේ විධිවිධාන පරිදි නුගවෙල විසින් කල නියෝගයකට අනුව කලහකාරීන් පිරිසකට විජේසූරිය වෙඩි තැබීනම් එය වරදක් නොවේ.
මීට අනුව ඉහල නිලධාරියාගේ නියෝගය බැලූ බැල්මට නීත්‍යුනුකූල නොවේනම් එය ප්‍රතික්ෂේප කිරීමට පහල නිලධාරියාට අයිතිය තිබේ සහ බැලු බැල්මට එය නිත්‍යානුකූල නම් එය ඉටු කිරීමට පහල නිලධාරියා බැඳී සිටියි.
උදා. කලහකාරීන් පිරිසක් වෙඩි තබමින් ඉදිරියට එන විට ඔවුන්ට වෙඩි තැබීමට උසස් නිලධාරියා කරන නියෝගය නොතා සිටියහොත් එම පහල නිලධාරියාට වෙඩි තැබීමට ඉහල නිලධාරියාට අයිතිය ඇති බව හමුදා නීතියේ 100 වන වගන්තියෙ ප්‍රතිපාදන සපයා ඇත.
මේ සියලු කරුණු සැළකිමෙන් පසුව විනිසුරුවරුන් පහත නිගමනයන් කරන ලදී.
• සිරබාරයේ සිටින සිරකරුවන් මරා දැමීම ජිනීවා සම්මුතීන්ට අනුව අනීතික ක්‍රියාවකි.
• නුගවෙල විසින් එවන් නියෝගයක් ලබාදුන්නාදැයි නිසියාකාරව පැහැදිලිව ඔප්පු කිරීමට විත්තිය අසමත් විය.
• එබැවින් එය බැලූබැල්මට නිත්‍යානුකූල නොවන නියෝගයක් බැවින් 69 වගන්තිය යටතේ චූදිතයාට ලැබිය හැකි නිදහස නොලැබී යයි.
• තවද මනම්පේරි ඝාතනය ට යොදාගත් ක්‍රමය උසස් නිලධාරීන්ගේ නියෝගය අනුව කල එකක්දැයි ඔප්පු කීරීමට චූදිතයන් සතු සාධනභාරය අති මහත්ය.(පැමිණිල්ල විසින් දක්වන ලදී)
මෙහිදී චූදිතයන්ගේ නීතීඥවරුන් පෙන්වා දුන්නේ මුල්තීන්දුවේදී විනිසුරුවරයා ජූරිය වෙත පැහැදිලි උපදෙස් සහ කරණු පැහැදිලි කිරීම් ලබා නොදුන් නිසා සංකීර්ණ නීති ප්‍රශ්න පිළිබඳ අවබෝධය අඩු ජූරිය විසින් විත්ති කරුවන් වරදකරුවන් බව නිගමනය කොට ඇති බවයි..එහෙත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් මේ තර්කය සමග එකඟ නොවී මහාධිකරණ විනිසුරුගේ කරුණු පැහැදිලි කිරීම් ප්‍රමාණවත් බව නිගමනය කලා.
මෙහිදී දෙවන චූදිතයා වෙනුවෙන් පෙනී සිටි කුමාරස්වාමි මහතාද 69 වගන්තියේ ආරක්ෂාව ලබාගැනීමට තැත් කලද එයද පෙර පැහැදිලි කල ආකාරයේම අවස්ථාවක් බැවින් විනිසුරු වරුන් එය ප්‍රතික්ෂේප කලා..



-තීන්දුව-
 
සියලු කරුණු විභාග කිරීමෙන් අනතුරුව විනිසුරුවරුන් මහාධිකරණ තීන්දුව අනුමත කලද වසර 16ක සිරදඬුවම වෙනුවට වසර 7ක බරපතල වැඩ ඇති සිරදඬුවමක් නියෝග ගරන ලදී..ඊට හේතුව ලෙස දක්වම්න්, ඇතැම් විට චූදිතයන් සිය ඉහල නිලධාරීන්ගෙන් නීත්‍යානුකූල නොවන නියෝගයක් ලබා තිබුණා විය හැකි බවත් ඒ අනුව ක්‍රියා කොට ඇති වා විය හැකි බවත් ප්‍රකාශ කලා...

-පසු සිදුවීම්-
 
• පළමු චූදිත විජේසූරිය සිරගතවීමෙන් දෙවසරකට පසුව රෝගාතුරව මියගියා.
• දෙවන චූදිත පසුව පොදු සමාවක් යටතේ නිදහස් වුවද ඉන් දින 4කට පසුව කිසිවෙකුගේ වෙඩි පහරකින් මිය ගියා....

The court is adjourned-

Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට..... 16 ...."මනම්පේරි"



"පතිවත කෙලසලා ඇගේ
මැරුවෙ තිරිසනෙකු වගේ
ඒ සිත් පිත් නොමැති උදවිය"........

අද අප්‍රේල් 16 වෙනිදා..හෙට 17...මීට අවුරුදු 47කට කලින්..ඒ කියන්නෙ 1971 අප්‍රේල් 16 සහ 17 දින වල කතරගමදී සිදු වුන අපාරධය ගැන නොදන්න කෙනෙක් ලංකාවෙ නැතිව ඇති...
අවශ්‍යතාවය පරිදි නඩුවට අමතරව සිදුවීම් යම් යම් තැන් වල සටහන් කිරීම සිදු වී ඇත..

- පෙර කතාව -
මේ සිදුවීමට මූලිකවම බලපෑවේ 1971 අප්‍රේල් කැරැල්ලයි...අප්‍රේල් 5 වන දින සංවිධානය වූ පිරිස් විසින් රට පුරා පොලිස් ස්ථාන වලට සහ වෙනත් රජයේ කාර්යාල වලට පහර දෙමින් කැරැල්ල ඇරඹුවා...
ප්‍රහාරය සිදුවන කාලයේ කතරගම තැපැල් කාර්යාලයක්,ලංගම බස් නැවතුමත්,විශ්‍රාම ශාලාවක් සහ හෝටල් කිහිපක් තිබුනා...අදමෙන් ජනාකීර්ණ නොවූ එකල ජූජා භූමිය වටා මහා වනාන්තරයක් තිබුණු බව කියවෙනවා..
කැරැල්ල සිදු කල පිරිස් සැඟවී සිටියේ මෙම වනාන්තරයේ බව පැවසෙනවා..
මෙකල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කර්නල් ඩෙරික් නුගවෙල ව පත් කරනු ලැබුවා..කතරගම සිවිල් ආරක්ෂාව තහවුරු කිරීමත් ඔහුගේ මූලික කටයුතු වුනා,ජනජීවිතය අපහසුවකින් තොරව පවත්වා ගෙන යාමට කටයුතු සැළසීමත් ඔහුගේ කාර්යයන්ට ඇතුළතු වුණා...
නමුත් මේ වනවිටත් කතරගම අවට තිස්සමහාරාමය,තංගල්ල වැනි ප්‍රදේශ වල ආරක්ෂාව යහපත් මට්ටමක පැවතුනේ නෑ..
ජනතාවට ආහාර සැපයීමද තරමක් අපහසු වුන බව පැවසෙනවා..
මොණරාගල දිසාපති විසින් ආහාර සැපයීම සිදු කලද ඒ වන විටත් කතරගම වටලමින් ත්‍රස්ත කණ්ඩායම් සිටි නිසා ආරක්ෂක නිලධාරීන් අවස්ථානුගතව පසු බැස්ස අතර කතරගම රජයේ පාලනය ගිලිහී සිවිල් ආරක්ෂාවද බරපතල ලෙස බිඳ වැටුනා...කතරගම ලෙසම රටේ ප්‍රදේශ බොහොමයක් තුල රජයේ නීතිය වෙනුවට කැලෑ නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතියා..
කැරැල්ල අවසානයේ කතරගම බලය නැවත තහවුරු කිරීමට කර්නල් නුගවෙලට අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් ඔහු ලංකා ස්වේච්ඡා බලකායේ ල්‍යුටෙනන්ට් විජේසූරිය සුදුසු බව සිතුවා..
ල්‍යුටෙනව්ට් විජේසූරිය සහ පිරිස කතරගමට ලඟාවෙන විට,ස්ටාලින් වර්ගයේ අවි සහ වෙනත් ප්‍රහාරක අවි සමග පැමිණෙන හමුදාව සමග සටන් කිරීම අපහසු බව හැඟුන හෙයින්දෝ ත්‍රස්තයින් කැලෑවලටම වැදී සැඟව සිටියා..නඩුවේ සාක්ෂි වලදී සනාත වුනේ හමුදාව කතරගමට පැමිණෙන විටත් කතරගම සන්සුන් තත්වයක පැවති බවයි...

-අවුරුදු කුමරිය-

1970 වසරේ කතරගම පැවති අවුරුදු උත්සවයේ ප්‍රථමස්ථානය දිනා ගත්තේ කතරගම වනජීවි කාර්යාලයේ මුරකරුවකු වුන හෙන්ද්‍රික් අප්පුහාමි මහතාගේ වැඩිමහළු දියණිය වූ එවක වයස 22ක් වුන ප්‍රේමවතී මනම්පේරි තරුණියයි...ඇගේ පවුල සහෝදර සහෝදරියන් එකොලොස් දෙනෙකුගෙන් යුත් එකක් වුනා..
                                                 (Mother and Father)

ඇගේ නිවස පොලිස් ස්ථානයට සැතපුම් භාගයක් පමණ මෙපිටින් කතරගම තිස්සමහාරාමය අසල වුණා (කතරගම යනවිට දක්නට ලැබෙන මනම්පේරි ස්මාරකය පිහිටවා තිබෙන්නෙ ඇගේ නිවස අසලයි)..ඒ වනි විට ඇය රජයේ පාඨශාලා අවසාන විභාගාය් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියා..ඊට අමතරව අසල පාසලක ස්වේච්ඡා ඉගැන්වීම් කටයුතුද ඇය සිදු කලා...
මනම්පේරි කතරගමට සිදු කල ප්‍රහාරයේ කණ්ඩායමේ නායිකාවක් වුන බවටද අප්‍රේල් 5 සහ 6 දින වලදී ත්‍රස්ත කන්ඩායම් වලට ඇගේ නිවසේදී රාත්‍රී ආහාරය ලබා දුන් බවටද ත්‍රස්තවාදීන්ට නිල් වර්ණ ඇඳුම් මසා දුන් බවටද මේ අතර හමුදාවට තොරතුරු ලැබී තිබුනා (මේ කිසිවක් නඩුවේදී සනාත කිරීමට සාක්ෂි ඔවුන් සතුව තිබුනේ නෑ).
අප්‍රේල් 16 දින ජීප් රථයක් ඇගේ නිවස අසල නවතන විට ඇය කොණ්ඩය පීරමින් සිටි බව සාක්ෂි වලදී පැවසී තිබුනා.
නිවසතුලට යන කතරගම පොලිස් ස්ථානාධිපති උඩවත්ත සහ තවත් නිලධාරීන් තිදෙනෙක් ඇගේ මවගෙන් ඇයව විමසා සිටිනවා..මේ අතර කොස්තාපල් වරු දෙදෙනෙක් ඇගේ කොන්ඩයෙන් අල්ලා ඇදගෙන එමින් සිටියා.නිවැසියන්ගේ සහ ප්‍රේමවතීගේ විලාප නොතැකූ ඔවුන් ඇයව ඇදගෙන නිවසේ පිවිසුම වෙතට පැමිණියා..එහිදි කොස්තාපල් වරයේ ඇගේ කරට තුවක්කු බඳෙන් ඇන ඉදිරියට තල්ලු කල බව සාක්ෂි වල සටහන් වුනා..ජීප් රථයේ බලහත්කාරයෙන් නංවාගන්නා ඇයව තාවකාලික පොලිස් ස්ථානය පවත්වාගෙන ගිය කතරගම විශ්‍රාම ශාලාව වෙත රැගන ගියා.පොලිස් ස්ථානයට අමතරව එහි පැවති හමුදා කඳවුර භාර ප්‍රධානියා වූයේ ල්‍යුටෙනන්ට් විජේසූරියයි.
නීතියට අනුව හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා සිරකරුවන් වහාම පොලීසියට බාර දියයුතු අතර අවශ්‍යතාවයක් වුවහොත් නැවත පොලිසියෙන් ඉල්ලීමක් කර එම සිරකරුවන් ලබාගෙන ප්‍රශ්නකිරීම් සිදු කල හැකි වුවත් කෙලින්ම සිරකරුවන් හමුදා නිලධාරීන් වෙත යොමු කිරීම නීත්‍යානූකුල කටයුත්තක වුනේ නෑ..ත්‍රස්ත කැලෑ නීතිය මෙන්ම රජයේ නිලධාරීන්ගේ කැලෑ නීතියද ක්‍රියාත්මක වුන යුගයක මනම්පේරිව කෙලින් හමුදා නිලධාරියෙක් වෙත යොමු වුනා..
අප්‍රේල් 17 දින විශ්‍රාමශාලාව ඉදිරිපට ඇය සහ තවත් තරුණියන් තිදෙනෙකු තබාගෙන ල්‍යුටෙනන්ට් විජේසූරිය දිගින් දිගටම ප්‍රශ්න කලද ඇගෙන් සතුටුදායක පිලිතුරක් නොලද බැවින් කොපවී සිටියා (1978 .12.06 දින ජනාධාපති කොමිසමක් ඉදිරියේ සාක්ෂි දුන් එස්.නෙත්තිකුමාර යන කැරලි කණ්ඩායම් සාමාජිකයෙක් පවසා සිටියේ කතරගම ප්‍රහාරයේ කාන්තා ප්‍රධානියා මනම්පේරි වූ බවත් ඇය කණ්ඩායමේ ක්‍රියාකාරි සාමිජිකාවක් වූ බවයි..ඇතැම් විට හමුදා ප්‍රශ්න කිරීම් වලට මුහුණ දිය යුතු ආකාරය ඇය පෙර සිටම පුහුණුව ලබා සිටියා විය හැක.)

- අපරාධය -

මහාධිකරණයේ සාක්ෂි දෙමින් ඇසින් දුටු සාක්ෂි කරුවන් තිදෙනෙක් සිදුවීම සිදු වුන ආකාරය පවසා සිටියා...ඒ සැකෙවින් පහත ආකාරයෙනි.

• අප්‍රේල් 17 දින දහවල් 11 හෝ ආසන්නයේදී ඝාතනය සිදු වුනා.
• විජේසූරියගේ බොහෝ ප්‍රශ්න වලට ඇය පිළිතුරු දීම මග හැර සිටියා.
• කෝප වුන විජේසූරිය ඇය ඇඳ සිටි ඇඳුම් ගලවා දමන ලෙස නියෝග කලා.
• ඇය හඬමින් ඇඳුම් ගැලවීම කල නොහැකි බවත් වෙඩි තබා මරා දමන ලෙසත් ඉල්ලා සිටියා.
• විජේසූරිය වෙඩි තැබීම තමාගේ කාර්යයක් බවත් ඇය කල යුත්තේ අණට කීකරු වීම පමණක් බවත් පවසා සිටියා.
• විජේසූරියගේ දිගින් දිගටම කල අණ කිරීම් හමුවේ මනම්පේරි සිය හැට්ටයේ උඩ කොටස පමණක් නිරාවරණය කලා.
• පසුව විජේසූරියගේ භයානක නියෝග හමුවේ ඇය විලාප දෙමින් සිය හැට්ටය ගලවා ඉවත් කොට දෑතින් වසා සිටියද විජේසූරිය අත් ඔසවා සිටින ලෙසට නියෝග කලා.පසුව ඇය දෑත් ඔසවාගෙන උඩුකය නිරුවත්ව හමුදා සහ පොලිස් නිලධාරීන් අභිමුව සිටියා.
• විජේසූරිය ඇගේ යටිකයද නිරාවරණය කිරීමට නියෝග කලා. නියෝග හමුවේ ඇය එයද සිදු කලා.දෑතින් යටි කය රහස්පෙදෙස් ආවරණය කිරීමට තැත් කලද දෑත් ඔසවා සිටීමට ඇයට නියෝග කලා.
• පසුව ඇයට තිස්සමහාරාම මාර්ගයට යන ලෙස නියෝග ලැබුණා.එසේ මාර්ගයේ "මම පන්ති පහටම ගියා" කියමින් ඉදිරියටම යාමට නියෝග ලැබුනා..ඇය එසේ සිදු කරමින් යන විට මහ මග දෙපස සැඟවී මිනිසුන් ඇය දෙස බලා සිටියා.
• මෙම අවස්ථාවේ රත්නායක** නම් සෙබලෙක්ද ඇය පිටුපසින් ගමන් කරමින් සිටියා.
• යාර පණහක් පමණ පාරදිගේ ඉදිරියට ඇදුන ඇය තැපැල් කාර්යාලය දෙසට හැරෙත්ම විජේසූරිය ඇගේ උකුල දෙසට පයින් පහරක් එල්ලකලෙන් ඇය බිම වැටෙත්ම ඔහුගේ තුවක්කුවෙන් ඇයට වෙඩි තැබීමක් කලා.
• මනම්පේරී බිම දිගේ බඩගාමින් මදක් ඉදිරියට ඇදී තවත් යා නොහැකිව හිස බිම තබා ගත්තා..
• පසුව විජේසූරිය සහ රත්නායක නැවත කඳවුරට පැමිණියා.
• පසුව ඔවුන් යටතේ සිටි නිලධාරීන් නැවත පැමිණ ඇය තවමත් මියගොස් නැති බව පවසා සිටියා.
• එවිට විජේසූරිය රත්නායකට පවසා සිටියා ඇයට නැවත වෙඩි තබන ලෙසට.
• විධානය අනුව ක්‍රියාත්මක වුන රත්නායක ඇය ලඟටම තබා වෙඩිල්ලක් තබනවා.
• සිදුවීම් අතරේ ඇය පිපාසයෙන් කෑ ගැසූ බවත් සාක්ෂි ලබා දුන් ඇලඩින් නම් අයෙක් ඔහුට වතුර සහ බිම බෝතලයක් ලබා දුන් බවත් පවසා සිටියා.
• දෙවන වෙඩි තැබීමෙන් අනතුරුව වලක් කපන ලෙසට ඇලඩින්ට නියෝග කලා.
• වලකැපීමෙන් පසුව ඇයව වලට දමන ලෙස නියෝග ලදින් ඇලඩින් විසින් එසේ සිදු කලා.තවමත් පණ ඇතිව සිටි ඇය සාය මාලය සහ කරාබු ගලවා මවට ලබා දෙන ලෙස ඉල්ලමින් ඇලඩින් අතට ලබා දුන් බවද ඇලඩින් සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා.
• වල අසලදී තවමත් පණගැහෙමින් සිටි ඇයට හඳුනා නොගත් නිලධාරියෙක් විසින් හිසට වෙඩි තැබීමක් කලා.එසේ ඇගේ අවසන් හුස්ම වා තලයට එක් වුණා.

- නඩුව -
 
ඝාතනය සම්බන්ධයෙන් ල්‍යුටෙනන්ට් විජේසූරිය සහ අමරදාස රත්නායකට විරුද්ධව මහාධිකරණයේ නඩු පැවරූ අතර නඩුව ජූරිසභාවක් ඉදිරියේ ඇසුනා...
බොහෝදෙනෙක්ට ගැටලුවක් වෙමින් නඩුව් චෝදනාව "මිනී මැරීම "නොවන ආකාරයට ගොනු කර තිබුනා.
ඒ අවදියේ සාක්ෂි ගොනු කර ගැනීමට ඇති වුන අපහසුව නිසා සහ සාක්ෂි මද කමින් හෝ තාක්ෂණික දෝෂ නිසා නඩුව ඉවත විසි වී යාම වැලැක්වීමට මිනිමැරීම යන චෝදනාව වෙනුවට මිනිමැරීමට තැත් කිරීම යන චේදනාව යටතේ නඩුව ගොනු වුන බව නීති විශාරදයන්ගේ අදහසයි.
තවද මෙහිදි ලැබුනු සාක්ෂි අනුව ඇගේ මරණය තුන්වැනි තැනැත්තාගෙ වෙඩි පහරින් පසු සිදු වූ බැවින් ල්‍යුටෙනන්ට් වජේසූරිය සහ අමරදාස රත්නායකගේ වෙඩි තැබීම් වලින් ඇය මිය ගිය බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කල නොහැකි විය හැකි බැවින් මිනිමැරීමේ චෝදනාව නුසුදුසු විය හැකි බව ද පැම‍ණිලි පාර්ශවය කල්පනා කලා විය හැකිය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ශාරීරික පීඩාවක් කිරීමේ අදහස ඇතිව යම් කෙනෙක් තවත් කෙනෙකුට යම් ක්‍රියාවක් කලේද ඒ පීඩාව ලත් තැනැත්තා මියගියේ නම් එම පීඩාව සිදු කල හැකි තැනැත්තාට මිනිමැරීම යන චෝදනාව එල්ල කල හැකිව තිබුනා..තවද එසේ සිදු කල පීඩාවෙන් පුද්ගලයා මිය ගිය බව පිඩාව සිදු කල තැනැත්තා නොදැන සිටියා වුවද ඒ පීඩාව සාමාන්‍ය ස්වභාව ධර්මයාගේ පිළිවෙලට මරණය සිදුවීමට ප්‍රමාණවත් නම් එය ද පීඩා කල තැනැත්තාට මිනීමැරීමේ චෝදනාව එල්ල කිරීමට ප්‍රමාණවත් වේ. මෙම නීති ප්‍රතිපාදන අනුව චූදිතයන්ට මිනිමැරීමේ චෝදනාව කල නොහැකිව තිබුනේ මන්දැයි විශාල ගැටලුවක් බවට පත්ව තිබුනා.
එසේ වුවද මෙහිදී ඇති විය හැකිව තිබූනු තවත් නීති ප්‍රශ්නයක් වූයේ ඇගේ මරණය පළමු සහ දෙවන පුද්ගලයන්ගේ වෙඩිතැබීම් වලින් පසුව කාලයක් ගතව සිදු වුන බවයි.තවද නොහඳුනන කෙනෙකුගේ තුන්වන වෙඩි තැබීමෙන් පසුව මරණය සිදු වුන බැවින් පළමු චුදිතයන් දෙදෙනාට මිනිමැරීම ලෙස චෝදනා ගොනු වුනේ නෑ.
එමෙන්ම සැක සහිත චෝදනාවක් යටතේ නඩු ගොනු කොට පසු අවස්ථාවකදී අභියාචනාධිකරණයේදී හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දි විනිසුරන් විසින් නඩුව ඉවත ලිය හැකි බව හෝ චූදිතයන් නිදහස් කිරීමද විය හැකි බව නීති විශාරදයන් සැලකුවා විය හැක..
නඩුව අවසානයේ ජූරිය විසින් චූදිතටන් වැරදි කරුවන් බවට ඒකමතිකව තීරණය කිරීමෙන් මහාධිකරණය එක් එක් අයට වසර දහසය බැගින් සිර දඬුවම් නියම කලා...

- ඇපෑල-
 
ඊලඟ කොටසේදී
- The court is adjourned-

දෙවියන්ගේ ගීතයෙන් - 04 (from Bhagavad Gita )



පළමු පරිච්ඡේදය ,තෙවන කොටස

12

"තස්‍ය සඤ්ජයං හර්ශම්
කුරු-වෘද්දහ් පිතාමහහ්
සිම්හ-නාදම් විනධ්‍යෝචෛහ්
ශංඛම් දධ්මෞ ප්‍රථාපවාන් "

දුර්යෝධන්ගේ මුත්තනු කෙනෙක් වන ශ්‍රේෂ්ඨ භීෂ්මයානෝ මෙම අවස්ථාවේ සිය ශංඛය නාද කලේය..
ඔහු සිය මුණුබුරුගේ අධ්‍යාත්මය හඳුනා ගත්තා විය හැක..ශ්‍රී කෘෂ්ණ අනෙක් පාර්ශවයේ සිටියදී සිය ජයග්‍රහණය සැක සහිත බව දැන සිටියද ඔහු සිය යුතුනම ඉටු කිරීම වස් දුර්යෝධන්ගේ සහායට යුධ කිරීමට ඉදිරිපත් විය.
භීෂුමගේ ශංඛ නාදයෙන් දුර්යෝධන් ඔද වැඩුණේය.

13.

"තථහ් ශංඛහ් ච භේර්යශ් ච
පනවානක-ගෝමුඛහ්
සහශෛවාභ්‍යහංයන්ත
ෂ ශබ්ධශ් තුම්ලෝ 'භවත්"

ඒත් සමගම ශංඛයන් ,බෙර, හොරණෑ ,නලා ආදී සියළු වාදනයන් නන්දෙසින් ඇසෙන්නට විය.

 
14.
"තතහ් ශ්වේතයිර් හයයිර් යුක්තේ
මහති ශ්‍යන්ධනේ ෂ්තිථෞ
මාධවහ් පාණ්ඩවහ් චෛවා
දිව්‍යෞ ශංඛෞ ප්‍රදධ්මතුහ් "

කෞරව පස එසේ වෙද්දී පාණ්ඩව පස මහා කෘෂ්ණද අර්ජුනද මහා යුධ රථයක නැගී සිටිත්:ඔවුන්ගේ වාලම්පුරි නාද කලෝය....
වාලම්පුරි නාද කිරීම වනාහි අනෙක් පාර්ශවයට කිසිදු ජයක් නැති බව කියා පෑමක් වැනිය...

"ජයාස්තු පාණ්ඩු- පුත්‍රානම්
යේසම් පක්ෂේ ජනාර්ධනම්"

"ජය සැම විටම පාණ්ඩවයන්ගේමය.මක්නිසාද යත් ඔවුන් මහා කෘෂ්ණ ගේ සහාය ලද්දෝය."
කෘෂ්ණගෙ සහාය කිනමු පාර්ශවයටද සෑම විටම වාසනාවේ දෙවඟනගේ සහායද ඒ පාර්ශවයටමය.මන්ද යත් ඈ කිසිවිටෙකත් සිය ස්වාමියාගේ පාර්ශවය හැර වෙනත් පාර්ශවයක් නොගන්නීය...
කෘෂ්ණ සහ අර්ජුන නැගී සිටි යුධ රථය අග්නි දිව්‍ය පුත්‍රයා විසින් ත්‍යාග කරන ලද්දකි...

15.
"පඤ්චජනයම් රිෂිකේෂෝ
දේවදත්තම් ධනඤ්ජය හ්
පෞන්ද්‍රම් දධ්මෞ මහා -ශංඛම්
භීම-කර්මා වෘකෝධරහ් "

මෙම ශ්ලෝකයෙහි කෘෂ්ණයන් "රිෂිකේෂා" ලෙස නම්කොට ඇත. ඒ මන්ද යත් ,හින්දු දහමට අනුව ඔහු සියළුම සංවේදීතාවන්ට අධිපති බැවිනි.සියළුම සංවේදීතාවයන් පාලනය කරන්නා බැවින්ය.
කෘෂ්ණගේ විවිධ ක්‍රියාකාරකම් හා ලක්ෂණයන් සමග බැඳී පැවති නම් රාශියක් ඔහුට විය.

උදාහරණ
• මධු නම් අසුරයා මරා දැමූ බැවින් මධු සූධන නම් විය,
• ගවයන් සංතෝෂයට පත් කල බැවින් ගෝවින්ද නම් විය,

• ගවයන් පාලනය කල බැවින් ගෝපාලා නම් විය,

 










• වාසුදේවගේ පුත්‍රයා බැවින් වාසුදේව නම් විය,
• දේවකී සිය මවු ස්ථානයේ සැළකූ බැවින් දේවකී නන්දන නම් විය,
• යශෝධා (යශෝමතී) සමග වෘන්ධාවන් (බෘන්ධාවන්) හි සිය ළමා කාලය ගත කල බැවින් යශෝධා නන්දන නම් විය
• කුරුක්ෂේත්‍රයෙහිදී අර්ජුනගේ රථාචාරියා වූ බැවින් පාර්ත සාරථී නම් විය
• එලෙසම යුධ පිටියෙහිදී අර්ජුනගේ සංවේදීතාවන් පාලනය කල බැවින් රිශිකේෂා නම් විය.....
මෙම ශ්ලෝකයෙහි අර්ජුන ධනඤ්ජය ලෙස නම්කොට ඇත.මන්ද යත් , විවිධ පුද පූජාවන් සඳහා වියපැහැදම් කිරීමට ඔහු සිය වැඩිමහළු සහෝදරයාට ධනය උපයා දුන් බැවිනි.
මෙහි භීම වෘකෝධර(වෘක-උධර) ලෙස නම් කොට ඇත්තේ ඔහු ගේ යෝධ කාර්යයන් ඉටු කිරීම වස් කෑදර ලෙස ආහාර ගැනීමට පෙළඹී සිටි බැවිනි ...
මෙසේ කෘෂ්ණගේ ශංඛ නාදයත් සමල මෙම විවිධ පෞරුෂයන් ඇති පුඟුලන් විසින් ඔවුන්ගේ ශංඛයන්ද විවිධ ස්වරයන්ගෙන් නාද කලෝය...මෙම මහත්වූ නාදය අසා පාණ්ඩව හමුදාවේ ඔත තෙද ද මහත්ව නැගෙන්නට විය...

ඔබගේ දැනුම උදෙසා ඉහත සඳහන් නම් වලට අමතරව කෘෂ්ණ සඳහා භාවිතා වන තවත් නම් කිහිපයක්.

1. සර්වපාලක
2. දේවාධිදේව
3. අභ්‍යංකර
4. අචල
5. අව්‍යුක්ථ
6. අධ්‍යජන
7. දේවේජ්
8. සර්වේශ්වර්
9. සත්‍යවචන්
10. ධර්මාධ්‍යක්ෂ
11. මාධව්
12. අද්භූත්
13. අධිදේව්
14. මෝහන්


 









15. ද්වාර්කාපති
16. සත්‍යවෘත
17. ශාන්තහ්
18. ශ්‍රේෂ්ඨ
19. ශාන්තනු
20. ශ්‍රීකාන්ත
21. ගෝපාල්ප්‍රිය

 












22. ගනාශ්‍රය
23. ආධිත්‍ය
24. පුණ්‍යහ්
25. ග්‍යානේශ්වර්
26. ශ්‍යාම්
27. ශ්‍යාමල
28. ශ්‍යාම්සුන්දර්
29. හරි
30. අජන්ම
31. අජය
32. යධුනන්දන්
33. හිරන්‍යඝර්භ
34. සුදර්ශන
35. සුමේධ
36. ජගද්ගුරු
37. බ්‍රිජේශ්
38. අක්ෂර
39. අමෘත්
40. බ්‍රිජ්ලාල්
41. ජගධිශ්
42. සුරේශම්
43. ස්වර්ගපත්‍ර
44. ජගන්නාත්
45. ඝරිෂ්ඨ
46. අනාධිහ්
47. ආනන්දසාගර්
48. අනන්ත
49. දේවේශ්
50. ජනාර්ධන්
51. ත්‍රිවික්‍රම්
52. උපේන්ද්‍ර
53. ජයනාත්
54. දයානිධි
55. ජ්‍යෝතිරාධිත්‍ය
56. ජයන්ත
57. කමල්නාත්
58. වෛකුන්ඨනාථ
59. වර්ධමානහ්
60. කමල්නයන්
61. නිරන්ජන්
62. අනන්තජිත්
63. මයුර්
64. කම්සන්තක්
65. වෛශ්නව්
66. විෂ්ණු
67. සර්වජන
68. අනය
69. අනිරුද්ධා
70. කංජලෝචන
71. විශ්වදක්ෂිණහ්
72. නන්දලාල්

 











73. රවිලෝචන්
74. කුන්තල
75. අපරාජිත්
76. අව්‍යුක්ථ
77. රාධේශ්
78. කන්හා
79. කන්නන්
80. කන්හෛයා
81. විශ්වකර්ම
82. විශ්වමූර්ති
83. විශ්වරූප
84. බාල්ගෝපාල්
85. බාලි
86. මුරාරි
87. මුරලි
88. විශ්වාත්ම
89. විශාපර්වා
90. යාදව්
91. යාදවේන්ද්‍ර
92. යෝගි
93. යෝගිනම්පති
94. චතුර්භූජ්
95. ධනවේන්ද්‍ර
96. දයාලු
97. දයානන්දනී
98.මධනා
99.මන්මෝහන්
100.මනෝහර්


- कन्टिन्यू -

දෙවියන්ගේ ගීතයෙන් - 03 (from Bhagavad Gita )


පළමු පරිච්ඡේදය දෙවන කොටස
08.

"භවන් භීෂ්මශ් ච කර්ණා ච
කෘපා ච සමිතිම් ජයහ්
අශ්වත්ථාමා වික්‍රණාශ් ච
සෞමදත්තිස් තථෛව ච"

ඔබත් ඇතුළුව භීෂ්ම(පිතාමහ),කර්ණ,කෘපා,අශ්වත්ථාම ,විකර්ණ සහ සෞමදත්ත ගේ පුත් භූරිස්‍රව යන යුධපිටියේ නිතර ජය ලත් විරුවෝ මගේ හමුදාවේ සිටිත්....
මහි විකර්ණ යනු දුර්යෝධන් ගේ එක් සහෝදරයෙකි.අශ්වත්ථාමා යනු ද්‍රෝණාචාර්යගේ පුත්‍රයා වෙත්...අශ්වත්ථාමා වරයකින් අමරත්වය ලත් පුද්ගලයෙකි...එසේ හෙයින් ද්‍රෝණාචාර්ය කියා සිටියේ කෙනෙක් අශ්වත්ථාමා මරා දමයිද,හේ මා මරා දමයි යන්නයි...අශ්වත්ථාමා මරා දැමීම කල නොහැකි බැවින් කිසිවෙක්ට ද්‍රෝණාචාර්ය මරා දැමීමටද නොහැකි විය...ද්‍රෝණයන් දෘෂ්ඨද්‍යුම්න නොතැකුවේ එසේ හෙයිනි...
කර්ණ යනු අර්ජුනගේ (යුදිෂ්ඨිර,අර්ජුන සහ භීම යන තිදෙනාගේම) සුළු සහෝදරයෙකි...එනම් කුන්තිය පාණ්ඩු රජු සමග විවාහයට පෙර ලද පුත්‍රයෙකි....
කෘපා (කෘපාචාර්ය) ගේ නිවුන් සොහොයුරිය ද්‍රෝණාචාර්යගේ බිරියයි... 



09.
"අන්‍යෙ ච බවහ් සූර
මදර්ථේ ත්‍යක්ථ ජීවිතහ්
නානා -ශාස්ත්‍ර -ප්‍රහරනාහ්
සර්වේ යුද්ධා -විශාරදහ්"

තවද මා වෙනුවෙන් සිය දිවි පිදීමට කැමති විවිධ ආයුධ හරඹයන්හි ,ශාස්ත්‍රයන්හි සමත් විවිධ යුද කලාවන්හි විශාරදත්වයට පත් වීරයෝ රැසක්ද මගේ හමුදාවේ වෙත්....

10.
"අපාර්‍යාප්තම් තදස්මාකම්
බලම් භීෂ්මාභිරක්ෂිතම්
පාර්‍යප්තම් තු ඉධම් එතේසම්
බලම් භීෂ්මාභිරක්ෂිතම්"


භීම විසින් සුරක්ෂිත කරන ලද පාණ්ඩවයන්ගේ බලය සීමා සහිත වද්දී මහා බල සම්පන්න භීෂ්ම(පිතාමහ) විසින් සෙවුනා ලද මාගේ හමුදාවේ බලය අසීමාන්තිකය...
අත්දැකීමෙන් පරිණත භීෂ්ම පිතාමහ හමුවේ තරුණ හා අත්දැකීම් අඩු භීම හිරු මුව කදෝපැණියෙක් ලෙස දුර්යෝධන් සිතන්නට විය...
එසේ වුවද දුර්යෝධන් දැන සිටියා ඔහු මිය ගියහොත් ඒ භීම අතින්ම බව...එහෙත් භීෂ්ම ගේ බලය හමුවේ ඔහු සිය සිත සනසා ගැනීමට උත්සාහ කලා....

11
"අයනේසු ච සර්වේසු
යථා-භාගම් අවස්ථිතහ්
භීෂ්මම් ඒවාභිරක්ෂන්තු
භවන්තහ් සර්ව ඒව හි"

දුර්යෝධන් සිය සේනාවෙන් මෙසේ ඉල්ලන්නේ; ඔබ සියළු දෙනම මහා බල භීෂ්ම පිතාමහ ට උපරිම සහයෝගය ලබා දිය යුතුය..
තම හමුදාවේ වීරත්වය කෙතරම් වර්ණනා කලද අනෙක් පාර්ශවයද එලෙසම සිතිය හැකි බව ඔහු වටහාගන සිටියා..එනිසා අවසානයේ ඔහු සිය සේනාවෙන් එසේ ඉල්ලා සිටියා..
භීෂ්ම පිතාමහ මහා විරුවෙක් බව අත්‍යන්තයෙන්ම සැබෑවක් වුවද මේ වන විට ඔහු මහලු පුද්ගලයෙක් වුනා..මේ සියලුම පාර්ශවයන් එකිනෙකාගේ නෑදෑ හිත මිතුරන් වීම තවත් කාරණයක් වුණා..
භීෂ්ම හා ද්‍රෝණාචාර්ය පාණ්ඩවයන් කෙරෙහි යම් ඇල්මක් තිබුණද ඔවුන් දැන් ඒ සියලුම බැඳීම් අත්හැර දමා ඇතැයි දුර්යෝධන් සිතුවා..
දෞපදිය නිරුවත් කල අවස්ථාවේ ඇය භීෂ්ම සහ ද්‍රෝණගෙන් උපකාර ඉල්ලා සිටියද ඔවුන් නෑසු කන්ව වදනක් හෝ නොදොඩා සිටීම ත් දුර්යෝධන්ගේ මෙම සිතිවිල්ලට හේතු වුනා...
ඒ ඒසේමය , භීෂ්ම හා ද්‍රෝණ දෙපලම මෙම මහා යුද්ධයට අකමැති වුවද සිය දෛවෝපගත යුතුකමත් ඉටු කරන ලෙසින් ඔවුහු දුර්යෝධන්ට සහාය පල කිරීමට එක්ව සිටියෝය...

- නැවත හමුවෙමු-

CONCLAVE


අද ලෝක ජනගහණයෙන් 1/5 ට ආසන්න ප්‍රමාණයක් වන කිතුනු බැතිමතුන්ට විශේෂ දිනයක්..ඒ පාස්කු දිනය නිසා...මේ සටහන පාස්කු මංගල්‍ය ගැන නෙමේ...
ලොව පුරා කිතුනුවන්ට අති විශේෂ වන අවස්ථා ගණනාවක් තිබෙනවා..
මේ සටහන ඉන් එකක් ගැන...
රෝමානු කතෝලික පල්ලියේ නායකයා පාප් වහන්සේ බව අප කවුරුත් දන්න දෙයක්..මේ සටහන උන් වහන්සේ හා සම්බන්ධ දෙයක්..
පාප්වහන්සේ නමක් දිවංගත වීමෙන් හෝ ධූරයෙන් ඉවත්වීමකින් පසු සිදුවන දෑ ගැනයි මේ සටහන...
මෙසේ උන්වහන්සේ දිවංගත වීමෙන් හා ධූරයෙන් ඉවත් වීමෙන් පසු , වතිකානයේ දේපල සහ ආදායම් පරිපාලනය පිළිබඳව ඉහලම නිලය දරණ කැමලැංගෝ (Camerlengo) නම් ධූරය දරන පියතුමා වෙත උන්වහන්සේගේ බලය තාවකාලිකව මාරුවෙනවා..ඒත් සමග කැමලැංගෝ වතිකානයේ වැඩ බලන රාජ්‍ය නායකයා බවට පත්වෙනවා;නව පාප් වහන්සේ තෝරා පත් කරගන්නා තෙක්...


කැමලැංගෝ තුමාගේ ප්‍රධානත්වයෙන් , කාදිනල් වරුන් ඉදිරිපිට දී දිවංගත පාප්වහන්සේ ගේ නිල මුදුව (FISHERMAN'S RING ලෙස සැළකෙන) රිදියෙන් තනන ලද විශේෂ මිටියක් භාවිතයෙන් විනාශ කර දමනවා..ඉන් සංඛේතවත් කරන්නේ හිටපු පාප්වහන්සේගේ නිලය මින් ඉදිරියට වලංගු නොවන බවයි...පසුව එය කවරයක බහා මුද්‍රා තබනවා...

මින් පසුව ප්‍රධාන කාදිනල් වරයාගේ සහභාගීත් වයෙන් හිටපු පාප් වහන්සේ ගේ අවසාන කටයුතු සිදු කොට දේහය කිසිවෙකුටත් ඇතුළු වීමට අවසර නැති ,සිස්ටයින් දෙවු මැදුරේ පාප්වහන්සේලාගේ සිරුරු තැන්පත් කරන කොටසේ තැන්පත් කරනවා..
මේ වන විටත් හිටපු පාප් වහන්සේ උන්වහන්සේ විසින් උන්වහන්සේ ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට සුදුසු කාදිනල් වරු නම් කොට නැතිනම් කැමලැංගෝ තුමා විසින් එය සිදු කරනවා...
මෙම කාදිනල් වරුන්ගේ මණ්ඩලය collage of Cardinals ලෙස නම් කෙරෙනවා..එහි ප්‍රධානියා Dean of Collage of Cardinals ලෙස හඳුන්වනවා...1970 දී 6 වන පෝල් පාප් තුමාගේ නියෝගයකට අනුව මෙම කාදිනල් මණ්ඩලය වයස අවුරුදු 80 ට අඩු කාදිනල් වරුන්ගෙන් පමණක් සමන්විත විය යුතුයි...ඒ අවස්ථාව වන විට සිටින ප්‍රධාන කාදිනල් වරයා වයස 80 ට වැඩි නම් වෙනත් සුදුසු කෙනෙක් තෝරා පත් කර ගන්නවා...
මෙසේ ලොව පුරා රටවල් වලින් තෝරාගත් කාදිනල් වරුන් සියලු දෙනාවම වතිකානය වෙත කැඳවීම සිදු කරනවා..අවසාන වතාවට සිදු කල ඡන්ද විමසීමට රටවල් 69කින් කාදිනල් වරු 203 කැඳවූවා..එහෙත් ඡන්දය භාවිතා කිරීමට සහභාගී විය හැකි උපරිම කාදිනල් වරු ගණන 120 ක් පමණයි..

වතිකානයට පැමිණෙන කාදිනල් වරුන්ගේ ජංගම දුරකථනද ඇතුළුව සියලුම පෞද්ගලික බඩු බාහිරාදිය සිස්ටයින් දේවස්ථානය අසලදී වතිකානයේ කාර්යය මන්ඩලය භාරයට ලබා ගැනීම සිදු කෙරෙනවා...

කැමලැංගෝ තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම කාදිනල් වරුන් එක් ශාලාවකට දමා දොරගුලු දමා වසා දමනවා...මින් පසු මෙම ස්ථානය Conclave (යතුරු දමා වසා දැමූ ස්ථානය) හඳුන්වනවා...
නව පාප් වහන්සේ තෝරා පත් කර ගන්නා තෙක් කාදිනල් වරුන්ට conclave සිට පිටතට යාමටත් උන්වහන්සේලාගේ අවසරයෙන් තොරව පිටස්තර පුද්ගලයෙක්ට conclave තුළට යාමටත් හැකියාවක් නෑ...ඡන්දය ප්‍රකාශ 
කිරීම..කෑම..බීම..නිදා ගැනීම ආදී සියලුම දෑ සිදුවන්නේ conclave තුළයි...පිටස්තර අයගෙන් වෛද්‍ය වරු දෙදෙනෙක්ට, පාපොච්චාරණය කිරීම් අසා සිටීමට තෝරාගත් පියතුමන් දෙදෙනෙක්ට සහ පිරිසිදු කිරීම් කාර්යය මණ්ඩලයට පමණක් conclave තුළට යාමට අවසර තිබෙනවා...
කාදිනල් වරු අදාල ශාලාවට රැස් වීමට පෙර ආරක්ෂඛ විශේෂඥයන් විසින් සඟවන ලද කැමරා..දුරකථන..මයික්‍රොෆෝන් වැනි දෑ තිබෙනවාදැයි පරීක්ෂා කර බලනවා..
කාදිනල් වරුන් සිස්ටයින් දෙවුමැදුරේ අදාල ශාලාව තුළට ගිය පසු උන් වහන්සේලා විසින් "entra omnes" (every one out) ලෙස විධානය කිරීමෙන් පසු පිටස්තරයින් සියල්ලෝම පිටතට පැමිණ කැමලැංගෝ තුමා විසින් ශාලාව දොරගුලු දමා "Conclave " යන්න ,දොරගුලු මතට දැමුනු රිදී දමක මුද්‍රා තබනවා...
සාමාන්‍යයෙන් සෛද්ධාන්තිකව ක්‍රිස්තියානුකරණය කරන ලද ඕනෑම පිරිමියෙක් ගෙන් කෙනෙක් පාප් වහන්සේ ලෙස තෝරා ගැනීම කළ හැකි වුවත් සම්‍ප්‍රදායානුකූලව කාදිනල් වරුන් අතරින් තෝරා ගන්නා පිරිසක් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමෙන් නව පාප් වහන්සේ තෝරා පත් කර ගන්නවා...පෙර පැවති 2/3 ඡන්ද අවශ්‍ය තාවයේ නීතිය දෙවන ජුවාන් පුවාළු පාප් වහන්සේ සමයේ සරල බහුතරයක් ලෙස වෙනස් කළද උන් වහන්සේගේ අනුප්‍රාප්තික 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ පෙර පැවති 2/3 නීතිය ප්‍රතිෂ්ඨාපණය කලා..
ඡන්දය ආම්භ කිරීමට පෙර දෙවියන් වහන්සේගේ නමින් දිවුරුම් දීමක් කාදිනල් වරුන් විසින් සිදු කරනවා..ඉන් පසු පළමු දිනයේදී මධ්‍යාහ්නයෙන් පසු එක් ඡන්දයකුත් දෙවැනි දිනයේ සිට දිනකට ඡන්ද දෙක බැගිනුත් පැවැත්වීම සිදු කරනවා...
ඡන්දය භාවිතා කිරීමට සකස් කර තිබෙන සෘජුකෝණාස්‍රාකාර කඩදාසියේ ඉහලින් "Eligo in summum pontificem" (I select as supreme pontiff) ලෙස සඳහන් වෙනවා..පහතින් තොරා ගන්නා කාදිනල් වරයාගේ නම සඳහන් කිරීමට ඉඩ තිබෙනවා.
තෝරා ගන්නේ කවුරුන්ද යන්න පහසුවෙන් හඳුනා ගත නොහැකි ආකාරයට ලියන ලෙස කාදිනල් වරුන්ට උපදෙස් ලබා දෙනවා...
මෙසේ නම සටහන් කරන ඡන්ද පත්‍රිකාව දෙවරක් නැමිය යුතුයි..ඉන්පසු එක් එක් කාදිනල් වරයාගෙන් ලබාගන්නා පත්‍රිකා මිශ්‍ර කොට ප්‍රධාන කාදිනල් වරයා වත ලබා දෙනවා..උන්වහන්සේ අදාල පත්‍රිකාවල තිබෙන නම් වෙනම කොලයක සටහන් කර ගන්නවා..

පසුව..පත්‍රිකා ගණන් කොට එක් එක් කාදිනල් වරයා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සමග ප්‍රකාශ කරනවා...
ප්‍රකාශයෙන් පසුව සියලුම ඡන්ද පත්‍රිකා නූලකින් එකට අමුණා ගිනි උඳුනට දමනවා..

මෙහිදී නව පාප් වහන්සේ තෝරා ගත්තානම් සුදු පැහැති දුමක්ද එසේ නොවුනා නම් කලු පැහැති දුමක්ද පිට වන ලෙස රසායනික ද්‍රව්‍යක් ඡන්ද පත්‍රිකා වලට මුසු කරනවා...
දින 3ක් තිස්සේ සිදු වන ඡන්ද විමසීමකින්ද නව පාප් වහන්සේ තෝරා ගත නොහැකි වුවහොත් හතර වන දිනයේදී ඡන්දය තාවකාලිකය නවතා දේව මෙහෙයන්ට සහ නිල නොවන සාකාච්ඡා වලට සහභාගී විමේ අවස්ථාව කාදිනල් වරුන්ට ලබා දෙනවා...
නව පාප් වහන්සේ තෝරා ගතහොත් ප්‍රථමයෙන් උන්වහන්සේගෙන් විමසනවා "අප විසින් ඔබ ව මෙම ධූරයට තෝරාගෙන තිබෙනවා..ඔබ එයට එකගඳ?" යන්න..නව පාප් වහන්සේගේ එකඟ තාවයත් සමග "කුමන නමකින් ඔබ ඇමතිය යුතුද යන්න අසා සිටිනවා " නව නමක් තෝරා ගැනීමෙන් පසුව ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට සුදු පැහැ දුමාරය මගින් එය දැනුම් දෙනවා..
conclave ඇතුළත කුමක් සිදුවේද යන්න දැනගැනීමට පිටස්තර ලෝකයට තිබෙන එකම අවස්ථාව මෙම දුමාරයයි.. 

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමෙන් පසුව පෙර පැවැති එක් එක් ඡන්ද වලදී එක් එක් කාදිනල් වරයාට ඡන්ද ලැබුනු ආකාරයන් සටහන් වුන ලේඛණයක් මුද්‍රා තබා නව පාප් වහන්සේට ලබා දෙනවා...උන්වහන්සේගේ අවසරයකින් තොරව මෙම ලේඛණය විවෘත කිරීමට කිසිවෙකුටත් බලයක් නෑ...
පාප්වහන්සේගේ සන්නාලියා සතුව විවිධ ප්‍රමාණ වල;කුඩා,මධ්‍යම සහ විශාල, නිල ඇඳුම් තිබෙනවා..එමෙන්ම නව පාප්වහන්සේගේ මුදුව කලින්ම සකසා තිබෙනවා..ඊට නව පාප් වහන්සේගේ ලකුණ ඇතුළත් කිරීමට පමණක් සිදු වෙනවා..ඇඳුම් වලටද සුලු සුලු වෙනස්කම් කිරීමට අවශ්‍ය වෙන අවස්ථාවල් තිබෙනවා..
මේ අතර සිස්ටයින් දෙවුමැදුරේ බැල්කනිය අසලට ගොස් ශාන්ත පීතර චතුරස්‍රයේ රැස්ව සිටින්නන්ට නව පාප්වහන්සේ තෝරා ගත් බව "Annuito vobis gaudium magnum ..nabemus papam!" නව පාප්වහවහන්සේගේ නම ත් සමග ඉතලි පාඨය ප්‍රකාශ කිරීමෙන් දැනුම් දෙනවා..
ඉන් පසුව නව පාප් වහන්සේ මහජනයා හමුවට පැමිණෙනවා...

(දීර්ඝ විස්තරයකින් ලිය යුතු මෙම ලියවිල්ල කෙටිකොට මෙහි ලියා ඇත...
2009 තිරගත වුන Angels and Demons සිනමා පටයේත් මේ චාරිත්‍ර සම්බන්ධ යම් යම් දර්ශණ අඩංගු වුන බව එය නැරඹූ අයට මතක් වේවී..මෙහි සඳහන් ඡායා රූප වලින් ඇතැම ඒවාද එම සිනමාපටයෙන් ලබා ගත් ඒවා බව සැළකීම මැනවි...)


 
- අමිල-

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters