භාරතයේ විත්ති - 39 - 'තාර්'


තාර් යනු එළුවන් විශේෂයක් හඳුන්වන නාමයයි. මෙම එළුවන් බහුල වූ ප්‍රදේශයක් තමයි තාර් කාන්තාරය.

උතුරු ඉන්දියාවේ රාජස්තාන්, පන්ජාබ්,ගුජරාත් සහ හර්යානා යන ප්‍රාන්ත වලට අයත් ප්‍රදේශයක පිහිටා තිබෙන..එක් පසෙකින් ඉන්දියාව හා පාකිස්තානය අතර ස්වාභාවික දේශසීමාවක් ලෙස පවතිනා විශාල කාන්තාරයක් තාර් කියන්නෙ.එය ප්‍රමාණයෙන් ලංකාවට වඩා විශාලයි. එනම් ව.කි.මී. 170,000 (ව.සැ.66,000).මින් 85%ක් ඉන්දීය භූමියේද, 15%ක් පාකිස්තාන භූමියේද පිහිටා තිබෙනවා.සමස්ථ ඉන්දීය භූමි ප්‍රමාණයෙන් එය 5%ක් පමණ වෙනවා.


තාර් කාන්තාරයේ ඉන්දීය කොටසින් 60%ක් රාජස්තාන් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා.
බටහිර ට වන්නට 'මරුස්තලි' කලාපයේ අතිෂය වියලි කාන්තාරයක් වන මෙය නැගෙනහිරට වද්දි අර්ධ කාන්තාරීකරණය වුණ ප්‍රදේශයක්.බටහිර කොටසේ විශාල වැලි කඳු දකින්න පුලුවන් වගේම වැලි කුණාටු ඇති වන අවස්ථාත් බොහොමයි.



තාර් කාන්තාරයේ වාර්ෂික වර්ෂාපතනය මි.මි. 100 ත් 500ත් අතර මට්ටමක පවතිනවා (වැඩි වශයෙන් ජූලි - දෙසැම්බර් කාලයේ ).කාන්තාරය තුලින් ගලන් ජල ධාරාවන් වනුයේ 'ලුනි' නදිය සහ ඉන්දිරා ගාන්ධි ඇල මාර්ගයයි.


කාන්තාරයේ රාජස්තානයට අයත්  සම්භර්,කංච්මන්,ඩිඩ්වනා,පච්පද්‍රා සහ පලොඩි සහ ගුජරාතයට අයත් ඛාරාඝෝඩා යන ප්‍රදේශ වල ලුණු දිය පොකුණු දකින්න පුලුවන්.මේවා වර්ෂා කාලයේ ලැබෙන ජලයෙන් පිරී යනමුත් ඉතිරි කාලයේ ක්‍රමයෙන් වියලී යනවා.
ප්‍රාග් ඓතිහාසික අටෙරිඅන් යුගයට අයත් ලිතික උපකරණ මෙම කාන්තාරයෙන් හමු වී තිබෙනවා.


තාර් කාන්තාරයේ ඇතැම් ප්‍රදේශ රක්ෂිත ලෙස නම් කොට තිබෙණවා.බෙංගාල ව්‍යාඝ්‍රයන්,කලු මුවන්,චින්කාරා මුවන් වැනි අතිෂය දුර්ලභ සතුන් හා මොණරුන් සහ පක්ෂීන් විශාල ප්‍රමාණයක් තාර් කාන්තාර ප්‍රදේශයේ දකින්න පුලුවන්.
තාර් කාන්තාරයේ ඇතැම් ප්‍රදේශ වල මිනිසුන් වාසය කරන අතර ජනඝනත්වය 83ක් පමණ වන බව වාර්තා වෙනවා.




කෙතරම් වියලි ප්‍රදේශයක් වුවද තාර් කාන්තාරය යනු සංචාරකයන් ප්‍රිය කරන ප්‍රදේශයක්. තාර් කාන්තාරයට අයත් වන ජෛසල්මේර්, බිඛාණේර් ප්‍රදේශ ඉන් වැඩි ආකර්ෂණයක් දිනාගත් ප්‍රදේශයි.





                
(Jaisalmer fort)


      (Jaisalmer fort)




තාර් කාන්තාරය මැද සංචාරක කඳවුරු ක්‍රියාත්මක වන අතර රාත්‍රියේ එම කඳවුරු වල නතර වී කාන්තාරයේ රැයේ සුන්දරත්වය විඳීමේ හැකියාව තියෙනවා. මේ කඳවුරු වල රාජස්තාන් හි සංස්කෘතිකාංග නිතර දකින්න පුලුවන්.'ඝූමර් ' රංගනය ඉන් ප්‍රසිද්ධ එකක්. වාර්ෂිකව මෙහි පැවැත්වෙන කාන්තාර සැණකිලියත් අතිෂය ප්‍රසිද්ධ එකක්. පහේලි සිනමා පටය නරඹා ඇති අයට මතක ඇති ඔටු රේස්.

පහේලි සහ රුදාලි,හම් දිල් දේ චුකේ සනම්, පී.කේ,ඖසර්,ඒක් පහේලි ලීලා  ඇතුළුව සිනමාපට රාශියකට දර්ශණතල සැපයූ ස්ථානයක් තමයි තාර් කාන්තාරය.

කෙතරම් වියලි වුණත් වැලි රටා මැවුණු කාන්තාරය මැදින් ඔටුවන් පිටේ සංචාරය කිරීම සංචාරකයන්ට නම් මහත් වින්දනයක් ගෙන දෙන්නක් වුවත් බීමට දියපොදක් නොමැතිව අන්ත දිලිඳු ජීවිත ගත කරන මිනිසුන්ට නම් එය වින්දනයක් නොවනු නොඅනුමාණය.




නැවත හමු වෙමු

- අමිල ලක්මාල් -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters