භාරත විත්ති – 19 – “පාවී පාවී යාවී ලියුම්”


https://www.facebook.com/groups/804276106323782/permalink/1502084786542907/?hc_location=ufi

pos1.jpg

ඉන්දියාව කියන්නෙ ලෝකයේ වැඩිම තැපැල් කාර්යාල ප්‍රමාණයක් පිහිටි රටවල් වලින් එකක්…
තව එක් විශේෂත්වයක් තියෙනවා ඉන්දියාවෙ තැපැල් හලක…
ඒ ගැන කියන්න කලින් ශ්‍රී නගර් වල දාල් විල ගැන චූට්ටක් කියලා ඉන්නම්…
ඉන්දියාවෙ මිහිබට සුරපුර කියන්නෙ ජම්මු කශ්මීර් ප්‍රාන්තය කියලා මම කලින් පෝස්ට් එකක කිවුවා…මේ මිහිබට සුරපුර අගනුවර තමයි “ශ්‍රීනගර්”..ශ්‍රීනගර්හි ආඩම්බරය ලෙස හඳුන්වන්නෙ “දාල් විල ” .(Jewel in the crown of Kashmir / Srinagar’s jewel) ජම්මු කශ්මීර් ප්‍රාන්තයේ දෙවන විශාලම විල වන දාල් විල ප්‍රාන්තයෙ සංචාරක ආකර්ශණය විශාල වශයෙන් දිනා ගත් තැනක්…

pos3.jpg

දාල් විලට ජලය සැපයෙන්නෙ “මර්සාර් විලෙන්”..ඒ ඝණ මීටර මිලියන 275.6 ධාරිතාවයකින් යුත් ජල මාර්ගයකින්…
දාල් විලෙන් ජලය පිට වන මාර්ග දෙකක් තිබෙනවා ඒ “දාල් සොරොව්ව” සහ “නල්ලා ආමිර්” ..මෙම ජල මාර්ග මගින් ඝණමිටර 275.6ක් දාල් විලෙන් පිට කරනවා…
වර්ග කි.මී.316 ක් වසා සිටින දාල් විල,ප්‍රාන්තයේ ධීවර කර්මාන්තයට ,වෙළඳාමට,ජල පහසුකම් වලට ,කෘෂිපසහ සංචාරක කර්මාන්තයට දෙන්නෙ විශාල පිටුබලයක්…
දැන් ඇති දාල් විල ගැන..
මාතෘකාවට ආවොත් මේ කියන්න යන්නෙ පාවෙන තැපැල් කන්තෝරුවක් ගැන..
2011 දී ජම්මු කශ්මීර මහ ඇමති ඕමාර් අබ්දුල්ලා විසින් මෙම පාවෙන තැපැල් හල පිහිටුවනවා දාල් විලෙහි පිහිටුවනවා…විශාල බෝට්ටුවක ඉදි කෙරුනු ගෘහයක මෙම පාවෙන තැපැල් හල පිහිටා තිබෙනවා…2011 සිට කශ්මිරය බලා යන සංචාරකයන් ඇද ගැනීමට සමත් වුණ තවත් එක් ස්ථානයක් වෙනවා මේ පාවෙන තැපැල් හල..
සාමාන්‍ය තැපැල් සේවය හැර මෙම තැපැල්හල සංචාරකයන්ට සහ කශ්මිර වාසීන්ට දුරකතන ඇමතුම්, විද්‍යුත් තැපැල් වැනි පහසුකම් ද ලබා දෙනවා….
මෙම තැපැල් හලෙන් පිටවන ලියුම් වල තව විශේෂත්වයක් තිබෙනවා…ඒ ලියුම් කවර වල කශ්මිරය,ශ්‍රී නගර්,දාල් විල වැන් ස්ථාන වල මනස්කාන්ත දර්ශන අන්තර්ගත වීමයි…
තැපැල්හලේ කොටසක තිබෙන කෞතුකාගාරයේ පැරණි මුද්දර ..තැපැල් පත් සහ ඉන්දීය තැපෑලට අයත් නොයෙක් පැරණි දෑ තබා තිබෙනවා…..

pos2

Beyond reasonable doubt, සාධාරණ සැකයෙන් ඔබ්බට…. – 02 – “Who shot him?…..මලා ජෝන් කොතලාවල…”

https://www.facebook.com/groups/804276106323782/permalink/1507774459307273/?hc_location=ufi
 
atigala walawwa.jpg
(රූපය ආටිගල මුදලි තුමා…ආටිගල වලව්ව (කොලමුන්නේ වලව්ව ) සහ සොහොන් කොත )
19 වන සියවසේ අග භාගය වන විට රටේ පවුල් සෑහෙන ප්‍රමාණයකට සිය වාසනාව පෑදී ධනවත් වීමේ භාග්‍යග උදා වුණා.
පිළියන්දල මඩපාත විසූ මුදලි ඩී.පී ආටිගල ලංකාවේ විසූ එවන් එක් ධනවතෙක්.කුරුණාල පළාතෙ විශාල පොල් වතු යායකට අමතර ව වෙනත් ප්‍රදේශ වල විවිධ වගාවන් ද සහ එවක ධන ඉල්ලමක් වූ නමින් කහටගහ පතල සහ මදුරාගොඩ පතල නම් වූ මිණිරන් පතල දෙකම අයත් වුනේ ද ආටිගල මුදලිතුමාට්ය.
ආටිගල මුදලිතුමාගෙ බිරිඳ එතරම් උගත් කාන්තවක් නොවූ අතර ඔහුට් දියණියන් තිදෙනෙකුද ,වෙස්ලි විද්‍යාලයේ ඉගෙනගත් ෆ්‍රැන්සිස් ආටිගල නම් වූ බාල පුතනුවෙක් ද සිටියා.
වැඩිමහල් දියණිය වූ ඇලිස් ආටිගල විවාහ වුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ නමක් ඉසිලූ පවුලක් වුණ කොතලාවල පවුලේ ජෝන් කොතලාවල ( ජ්‍යේශ්ඨ ) සමගය. ජෝන් කොතලාවල කොස්තාපල් වරයෙක් ලෙස පොලිස් සේවයට එක් වී ඉක්මනින්ම පොලිස් පරීක්ෂක තනතුරටම ගිය දක්ෂ කම නිසා බව පැවසෙනවා.සුප්‍රකට නෙයිනාගෙ සූදුව වටලා එය නැවතුවේද මේ ජෝන් කොතලාවලය.
john1
 

ඇලිස් ජෝන් යුවලට දරුවන් තිදෙනෙකු වුණා.ඒ පසු කලෙක ලංකා අගමැති වූ සර් ජෝන් කොතලාවල , ජස්ටින් කොතලාවල ( සෙලින්කෝ අධිපති වූ ලලිත් කොතලාවල ගේ පියා ), ෆ්‍රීඩා කොතලාවල ( ගාමිණී කොරෙයා ගේ මව ) යන අයයි.
ඇලිස් ජෝන් විවාහය යෝජනාවක්ද ප්‍රේම සම්බන්ධයක් මත් වූවක්ද යන්න අපැහැදිලිය.කෙසේ වෙතත් මෙම විවාහයෙන් මද කලකට පසුව ආටිගල මුදලි තුමා මිය ගියේ මද උගත් බිරිඳත් , අවිවාහක දියණියන් දෙදෙනෙකුත් සහ පාසල් වියේ පුතුත් විශාල දේපළක් සමග තනි කරමින්. පවුලට සිටි එකම බලවත් පිරිමියා ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ජෝන් කොතලාවල පොලිස් සේවයෙන් ඉවත් වී දේපළ පරිපාලනයට එක් වූ අතර වතු සහ මිණිරන් ආදායමෙන් අති විශාල කොටසක් තමා වෙත ලබා ගැනීමට කටයුතු කලා. මෙය ඇලිස් ආටිගලට හිමි විය යුතු කොටස මේ සෑහෙන ගුණයක් විශාල වීම් නිසා ආටිගල මුදලි හාමිනේ කිහිප වතාවක්ම ජෝන් කොතලාවල වතු පාලනයෙන් ඉවත් කිරීම උදෙසා කුරුණෑගල අධිකරණයෙ නඩු පවා දමන්න වුණා.මේ අතර පාසල් ගමන නැවතූ ෆ්‍රැන්සිස් 16 වියේදී නිවසේ නතර වුණා. ලංකා ආණ්ඩුකාර වරයා හමු වුණ ආටිගල මුදලි හාමිනේ කල ඉල්ලීමකට අනුව, ආණ්ඩුකාර වරය සිය බලය පිට ෆ්‍රැන්සිස් බාල වයස්කාර බවෙන් මුදවා වැඩිහිටි තත්ත්වයට පත්වන බලපත්‍රයක් ලබා දුන්නා..ඒ ජෝන් කොතලාවලගෙන් වන බලපෑම අඩු කිරීමටයි.එසේ වුවද වයසින් මුහුකුරා ගිය හිටපු පොලිස් නිලධාරියෙක් වුණ ජෝන් කොතලාවල සමග ගැටීමට ෆ්‍රැන්සිස් ලාමක වැඩි වුණා.
ඇලිස් සහ ජෝන් ගේ දරුවන් කුඩා කලදීම ආටිගල පවුලේ දෙවන දියණිය ඉංජිනේරුවරයෙක් වූ ටී.ජී.ජයවර්ධන සමග (හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන ගේ මාමා ) විවාහ වෙනවා. එවක රටේ බලවත් පවුලක් වුණ ජයවර්ධන පවුල සමග ආටිගල පවුලේ මේ බැඳීම තමාට විශාල පහරක් වන බව ජෝන් කොතලාවලට දැනුනා. විවාහ දිනයේදී ඔහු ප්‍රසිද්දියේ “තම්බියා” යැයි පවසමින් ටී.ජී.ජයවර්ධනට බැණ වදිනවා.මෙය තම සොහොයුරියටත්, පවුලටත්, නව මස්සිනාටත් කල අපහාසයක් ලෙස දකින ෆ්‍රැන්සිස් ජෝන් කොතලාවලට කම්මුල් පහරක් ගැසීම කරණ කොට ගෙන කුපිත් වන ජෝන් කොතලාවල “උඹ යකඩ හබල පෙති කෑවා යයි හිතා ගනිං” කියා බැණ වැදී තිබෙනවා.
එදින පටන් ජෝන කොතලාවල ෆ්‍රැන්සිස් මරා දැමීමට සැලසුම් කරනවා . මේ අතර “සිලෝන් ජපෑන් ට්‍රේඩිං කම්පැණි” නම් සමාගමක් අරමුණකින් තොරව පිහිටුවා ගන්නා ඔහු ජපානය බලා යන්නෙ මරණ චෝදනාවෙන් බෙරීමටයි.
වෙඩි තැබීමේ කොන්ත්‍රාතුව ඔහු බාර දෙන්නෙ තම ඉතමිතුරු , හිටපු පොලිස් සාජන් වරයෙක් වුන “සිඤ්ඤොනි පෙරේරා ” යන අයටයි. සිඤ්ඤොනි සිය මස්සිනා වන “බාරොන් පෙරේරා” ගේ ද සහයෙන් එකල සිටි දක්ෂ් තුවක්කු කරුවකු වුණ “පිලෝරිස්” කුලියට ගන්නවා. වෝකර්ස් වෙලෙන්දන්ගෙන් රුපියල් 25ක් දී තුවක්කුවක්ද කුලියට ලබා ගැනීමට ඔවුන් කටයුතු කලා.
මේ වන විට දේපළ පාලනය කරමින් සිටි ෆ්‍රැන්සිස් කොළඹ ආ සැම විටම නවාතැන් ගත්තේ වෙස්ලි විද්‍යාලයෙ හිටපු විදුහල්පති වරයෙක් වුණ කීර්තිමත් සී.පී.ඩයස් මහතාගෙ නිවසේය.
දිනක් ඩයස් නිවසේ ආලින්දයේ ෆ්‍රැන්සිස් සිටින විට සිඤ්ඤොනි සහ බාරොන් පිලෝරිස් ද කැටුව නිවස අසලට ගොස් සිටිනවා. ඔවුන් ගෙ සැළසුම වුනේ ෆ්‍රැන්සිස් මිදුලට ආ විට ඒ ඔහුම යැයි සැක හැර දැනගත්තොත් පිලෝරිස් විසින් වෙඩි තබා මරා දැමීමයි.ඉන් පසු ඉතිරි කුලී ගාස්තුව ලබා ගැණීමට කතිකාකරගත් පාරකදී සිඤ්ඤොනි සහ බාරොන් මුණ ගැසීම අනෙක් සැලැසුමයි.සිඤ්ඤොනි සහ බාරොන් පමණක් දැන සිටි රහස් සැළසුම නම් ඉතිරි මුදල් ලබා ගැණීමට ආ විට ඔවුන් දෙදෙනා විසින් පිලෝරිස්ව ද මරා දැමීමයි.
මේ අතර ආලින්දයේ සිටි ෆ්‍රැන්සිස් ට සිඤ්ඤොනි විසින් නම කියා කතා කලෙන් කවුදැයි බැලීමට ෆ්‍රැන්සිස් එලියට බසිනවාත් සමගම ඔහුට වෙඩි තැබීමට පිලෝරිස් සමත් වෙනවා. වහ වහා එතැනින් පලා යන සිඤ් ඤොනි සහ බාරොන් කතිකා කරගත් ස්ථානයේ පිලෝරිස් එනතෙක් බලා සිටිනවා.මෙකල විදුලිය නොතිබීම මෙම කටයුත් සාර්ථකව කර ගැණීමට ඔවුන්ට උදවු වෙනවා.

shoot.jpg මේ වන විට ආටිගල පවුළේ බාල දියණියද එෆ්.ආර්.සේනානයක සමග විවාහ වී සිටියා.
රෝහල් ගත කල ෆ්‍රැන්සිස් රෝහල් සයනයෙදීම තම දේපළ ඇලිස් හැර අනෙකුත් සොහොයුරියන් දෙදෙනාට පවරා දී අවසන් සුසුම් හෙලනවා.
මේ අතර කූඨ බුද්ධියක් ඇති පිලෝරිස් ඉවෙන් මෙන් තම ජීවිත අවධානම දැනගෙන සිඤ්ඤොනි සහ බාරොන් හමු වීමට නොගොස් පොලිසියට ගොස් තමන් කිසිසේත්ම නොදත් තැනැත්තෙකු තව දෙදෙනෙක් ගෙ කීම පිට වෙඩි තබා මරා දැමූ බව පවසමින් බාර වෙනවා.
සිය සොහොයුරාගෙ මරණය දන්වමින් ඇලිස් ආටිගල විසින් ජපානයේ සිටි ජෝන් කොතලාවලට කේබල් පණිවිඩයට ජෝන කොතලාවල අණුවන ලෙස පිළිතුරු ලබා දී තිබුණේ “Who shot him?” යනුවෙන් අසමින්.ටෙලිෆෝන්, රූපවාහිණි, ඉක්මනින් ජාත්‍යන්තරයට පුවත් යා හැකි පුවත් පත් හෝ වෙනත් ක්‍රමයක් නොමැති කලෙක ෆ්‍රැන්සිස් වෙඩි තබා මරා දැමුවෙයැයි ජපානයේ සිටින් ජෝන් කොත්ලාවල දන්නේ කෙසෙදැයි යන ප්‍රශ්නය,ඔහුගෙ කේබල් පණිවිඩ පිළිතුර පොලිසිය අතට පත්වීමෙන් පසු , පොලිස් නිළධාරීන් ගේ සිතෙහි ඇති වෙනවා.මේ අතර සිඤ්ඤොනි විසින් “එලදෙන මැරුවා” ලෙස සටහන් කරමින් ජෝන් කොතලාවලට යැවූ කීබල් පණිවුඩයක් ද පොලිසිය අතට පත් වෙනවා.
සියලු සාක්ෂි ගොනුකරගත් පොලිසිය ජෝන් කොතලාවල ලංකාවට පය තබන තෙක් කිසිදු වෙනසක් නොපෙන්වමින් ඉවසිල්ලේ සිටියා.මේ අතර පොලිසිය තුළ ජෝන් කොතලාවලට පක්ෂ පිරිස් ඔහු බේරා ගැණීමට යත්න දැරුවද එවක බලවත් පවුල් දෙකක් වූ ජයවර්ධන සහ සේනානායක පවුල් දෙකේ බලපෑම් නිසා එය කල නොහැක්කක් වුණා.
කොළඹ වරායට පැමිණි දිනදීම ජෝන් කොතලාවල අත් අඩංගුවට ගෙන කොළඹ පොලිස් මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට කටයුතු කලා.එහිදී පාපොච්චාරණයක් කල ජෝන් කොතලාවල සිඤ්ඤොනි සහ බාරොන්වද සිය සගයන් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු
තිදෙනාටම විරුද්ධව සැළසුම් සහගත මනුෂ්‍ය ඝාතනය යන ප්‍රධාන චෝදනාවෙන් නඩු පැවරුවා.
මෙවක් නීතිපති වරයාගේ බලය පිට පිලෝරිස් රාජ සාක්කි කරුවෙක් (රජයේ සක්ෂි කරු එවක හැඳින්වූ නම ) ඉදිරිපත් කලා.
ලංකා නීති ඉතිහාසයේ පළමු ,වැඩිම මහජන අවධානයක් දිනාගත් නඩුව මෙය බව වාර්ථා වෙනවා.ඊට හේතුව නම් මියගිය පුද්ගලයාත්, මිණිමැරීම සිදු කරවූ පුද්ගලයාත්, ඔවුන් හා බැඳුනු අනෙකුත් පිරිසත් ලංකාවෙ ප්‍රසිද්ධ පවුල් වල දේශපාලන, සිවිල් සහ ධන බලයෙන් යුත් පිරිස් වීමයි.
1906 දී ,විනිසුරු (පසුව අග විනිසුරු වූ )වූඩ් රෙන්ටන් ඉදිරියේ ඇසූ නඩුවට ජෝන් කොතලාවල වෙනුවෙන් , මධුරාසියෙ සුප්‍රකට අපරාධ නීතිවේදී , බ්‍රිතන්‍ය ජාතික අර්ඩ්ලි නේටන් ද සිඤ්ඤොනි වෙනුවෙන් කල්කටාවේ සුප්‍රකට අපරාධ නීතිවේදි, බ්‍රිතාන්‍ය ජාතික තෝමස් කොන්හිල් ද, බරොන් වෙනුවෙන් එෆ්.ඒ. හේලීස් ද යන නීතිවේදීන් පෙනී සිටියා.
නඩු විභාගය අතරතුරදී සිය ඉරණම මරණදණ්ඩණය බව සක්සුදක් සේ පහදාගත් ජෝන් කොතලාවල එක් නඩුවාරයක් අවසානයේදි සිරකුටියට දැමීමෙන් පසුව, රහසේ සඟවාගෙන ආ සයනයිඩ් කා සිරකුටිය තුළදීම දිවි හානි කර ගන්නවා.
– තීන්දුව –
සිඤ්ඤොනි සහ බාරොන් ට විරුදුව චෝදනා සාධාරණ සැකය්කින් තොරව මනාව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වූ නිසා ඔවුන් දෙදෙනාට මරණ දණ්ඩණය හිමි වුණ අතර රාජ සාක්කි කරු වූ පිලෝරිස් නිදහස් කෙරෙනවා.
– පසු සිදුවීම් –
ජෝන් කොතලාවල මියයන කාලයේ මෝටර් වාහන ලංකාවෙ බහුල නොවූ අතර ප්‍රවාහන කටයුතු සඳහා ගොංකරත්ත යොදා ගැනීම ජනප්‍රියම මාධ්‍යය වුණා.ජෝන් කොතලාවල මෙකල කරත්ත කරුවන් ගේ සංගමයේ නායකයා වුණා.
සිය ස්වාමියා මරා දැමීමට උදවු කලා යැයි කුපිත වුණු මද උගත් කරත්ත කරුවන් පැමිණිල්ල වෙනුවෙන් රාජ පාර්ශවය නියෝජනය කල එවක වැඩ බලන නීතිපති වූ ජෙනරාල් වොල්ටර් පෙරෙරා සහ සහය වූ නීතීඥයන් මරා දැමීමට තැත් කල බවත් පැවසෙනවා.

John_Kotelawala_Snr_Tomb_at_Borella_Cemetery


භාරත විත්ති – 18 – “ස්විට්සර්ලන්තය නොවේ!!!!”


https://www.facebook.com/groups/804276106323782/permalink/1475424425875610/?hc_location=ufi

roh9

හිමෙන් පිරි හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනාලි සිට කුලු නිම්නය තෙක් ලාහෝල් සහ ස්පිටි නිම්නයන් සම්බන්ධ කරමින් ඇදෙන සුන්දර මාර්ගයයි “රොටැං පාස්” (Rohtang pass) ….

roh1 මල සිරුරු පිටිය නම්න් අර්ථ ගත් මෙම මාර්ගයට මෙම නම ලැබී ඇත්තේ එය හරහා යාමට ගොස් ජීවිතය අහිමි කරගත් විශාල ප්‍රමාණයක් වූ මිනිසුන් නිසාවෙනි…
මූදු මට්ටමින් 2ඩි 13054ක් පමණ ඉහලන් පිහිටි මෙම මාර්ගය කිලෝමීටර් 54ක් ගෙවමින් මනාලි සහ කුලු යා කරනවා.මීට අමතරව මෙම මාර්ගය පංගි සහ ලෙහ් යන ප්‍රදේශද වලට යාමටද භාත කරනවා….
roh2 මාර්ගය ජූනි සිට ඔක්තෝබර් යන කාලය තුලදී විවෘතව තබන අතර මේ කලෙයේදි දැඩි සංචාරක ආකර්ෂණයක් ඇති වෙනවා…..මාර්ගය විසින් සම්බන්ධ කෙරෙන මනාලි සහ කුලු යනු සංචාරකයන් අතර අතිෂයින් ජනප්‍රිය ප්‍රදේශයක් වන අතර මාර්ගය දෙපස ඇති නිමක් නැති මනස්කානත ප්‍රදේශද මෙයට රුකුල් දෙනවා…
ග්ලැසියර වලින් ගහන ප්‍රදේශයක පිහිටි මාර්ගය ඇතැම් ප්‍රදේශ වලදී අඩි ගණනක් ඝණකම ඇති ග්ලැසියර තට්ටු හාරා පාද ගෙන තිබෙනවා….සුදු හිම වැටුනු නිල් පැහැ කඳු වැටි නිතැතින්ම ස්විට්සර් ලන්තය,ඔස්ට්‍රියාව වැනි රටවල් සිහි ගන්වනවා..
roh10
 

හිමෙන් පිරි තැනිතලා වල ටෙන්ට් ගසා රැය පන් කිරීම්…පැරාෂූට් සංචාරයන්….කේබල් කාර් වල නැග කඳු වැටි අතර සංචාරය කිරිම මෙම ප්‍රදේශයේ ඉතාම ජනප්‍රියයි…
ඔබ ස්විටසර්ලන්තය හෝ එවන් රටක සංචාරයකට අදහස් කරනවාද?
මිල අධික…ලඟා කර ගැනීමට තරමක් අපහසු ඒ හීනය වෙනුවට ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම ප්‍රදේශ හොඳම විකල්පය නිසා එම ප්‍රදේශ නැරඹීමට මම යෝජනා කරනවා….


roh3

“Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට…..” - – 01 – “පොරවෙගම නඩුව”

por2.jpg
https://www.facebook.com/groups/804276106323782/permalink/1506006769484042/?hc_location=ufi


අද ඉදන් අලුත් ලිපි පෙළක් පටන් ගන්න හිතුණා.. ලංකාවේ සහ වෙනත් රටවල සහ ලෝක ප්‍රකට නඩු සහ තීන්දු ගැනයි ඒ… ආරම්භය ලංකාවෙන්ම ගන්න හිතුවා..


1948.09.27 ,කොළඹ අපරාධ අධිකරණයේදී විභාග කරන ලදී.

ඇල්පිටිය පොරවේගම හද්දුගොඩ පිහිටි කන්දෙවත්ත අක්කර 50 ක පමණ වතු යායෙන් කොටසක රබර් වගා කොට තිබුණ අතර වතුයායේ කොන්දොස්තර වරයා ලෙස කටයුතු කලේ 32 වියැති ලදුවා හැන්දි ඊබට් සිල්වා යන අයයි.සෙල්ලක්කාර ජීවිතයක් ගත කල සිල්වා වතු වැඩ කරමින් වත්තේම පදිංචිව සිටි මුත්තුසාමිගෙ බිරිඳ බේබි නෝනා සමග පෙම් සබඳතාවයක් ගෙන ගියා.මේ වන විටත් බේබි නොනා ගැබිණියක්.
හදිසියේම මුත්තු සාමි ගේ පවුල වත්තෙන් අතුරුදන් වීම නිසා පැතිරුණු කට කතා වලින් කියැවුනේ සිල්වා විසින් මුත්තු සාමි සහ ගැබිණ් බිරිඳත් ,ලදරු දියණියත් මරා දමා වලලා ඇති බවත් ය.
නටකතා ලෙස පැතිරුණ මෙම කාරණා අනුව යමින් පළාතේ සමූපාකාරාය් කළමණාකාරතුමා ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් කලා…
මේ පැමිණිල්ල මුල් කරගත් ඇල්පිටිය පොලිසියෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කලා….
මූලික පරීක්ෂණ වලදී සිල්වා ගේ නිවසේ මෙහෙකරුවකු වූ විල්ෆ්‍රඩ් සහ ඔහුගේ පියා බණ්ඩා යන අයගේ සාක්ෂි අනුව ඇල පහරක් අසල වළලා දමා තිබුණු මිණී ඇටකටු සොයා ගැනිමට පොලිසියට හැකි වුණා…වෛද්‍ය සාක්ෂි වලට අනුව හිස්කබල් කාන්තාවකගේ සහ වයස 7 ක පමණ කුඩා දරුවෙකුගේ බවත් සනාත වුණා..අනෙකුත් ඇටකටු වැඩුනු අයගේ බවත් සනාත වුනද ඒවා කාන්තාවන්ගේද පිරිමින්ගේද යන්න තහවුරු වුනේ නැහැ…
මූලික නීති සිද්ධාන්ත වලට අනුව කෙනෙක් මියගිය බවට ඔප්පු කිරීමට මිය ගිය අය ගේ මලකඳ තිබිය යුතු වුවත් මෙම සිදුවීමේදී එසේ නොවීම නිසා එය බැරෑරුම වූවා සේම ලංකා අධිකරණ ඉතිහාසයේ එසේ වූ පළමු අවස්තාව යැයි කියවෙනවා..
මලකඳක් නොමැතිව ඇසින් දුටු සාක්ෂි නොමැතිව ,සිල්වාගෙ විවිධ අවස්තාවන් වල හැසිරීම් සම්බන්ධයෙන් පමණක් සාක්ෂිපදීමට හැකි සාක්ෂි කරුවන් මූලික කරගෙන මුත්තුසාමි,බිරිඳ බේබි නෝනා සහ දියණිය මරා දැමීමේ චෝදනාවට ලදුවා හැන්දි ඊබට් සිල්වා ට එදිරිව අපරාධ කොමසාරිස් ආර්.ආර්.ක්‍රොසට් තම්බයියා මයා ඉදිරියේ සහ ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩු විභාගය ආරම්බ වුණා..
– සාක්ෂි –
*** නඩු විභාගයෙදී ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුව විත්තිකරු මෙහෙකරුවන් දෙදෙනෙකු ; 16 හැවිරිදි විල්ෆ්‍රඩ් සහ 23 හැවිරිදි ජයරත්න සමග කෙනේදොස්තර බංගලාවේ වාසය කලා..
*** 1946 .10.17 දින වන තෙක් මුත්ති සාමි ගේ නම චෙක්රෝලේ සඳහන්ව තිබුණා.
*** විල්ෆ්‍රඩ්ට සහ ජයරත්නට අනුවත් මුත්තුසාමි අවසාන වරය දුටුවේ එදිනයි.
*** සාක්ෂිකරුවන් දෙදෙනාට අනුව විත්තිකරු එදින රාත්‍රී ආහාරයෙන් පසුව කානු දෙකේ තුවක්කුවත් පතුරමුත් ගෙන පිටවී තිබුණාගමද වෙලාවකට පසු මුත්තුසාමිගේ නිවස ප්‍රදේශයෙන් ඔවුන්ට වෙඩි හඬක් ඇසුණා.වෙඩි හඬ නොපුරුදු නොවුන නිසා ඔවුන් ටිකකට පසුව නිදා ගත්තා.පාන්දර වනතුරුත් විත්ති කරු නොපැමීණීය අතර තේ සඳහා වතුර උණු කරමින් සිටින විට ,තුවක්කුවත්,විදුලි පන්දමත් ගත් විත්ති කරු අධික ලෙස දහදිය දමමින් බංගලාවට පැමිණුනා.ඒප අවස්තාවේ ඔහු පවසා තිබුනේ ඌරු මීයෙකුට වෙඩි තැබූ බවයි.
*** තේපානයෙන් පසු විත්ති කරු නැවත සිය බල්ලාද රැගෙන පිටත් විය.මෙහිදි විශේෂය නම් විල්ෆ්‍රඩ් සමග ඌරු මීයෙකුට වෙඩි තැබුවා යැයි පැවසුවද ජයරත්න සමග පවසා තිබුනෙ කිසිවෙක්ට වෙඩි නොතැබූ බවයි.මෙසේ පිටත් වුණ විත්ති කරු උදෑසන 9.00 ට පමණ නැවත පැමිණියා.ඒ ඇවිත් පැවසුවේ මුත්තුසාමි සිය පවුල සමග වත්තෙන් පැන ගොස් ඇති බවයි.
*** දහවල වත්තේ කිරි කපන සුමතිපාල පසුදින කිරිකැපිය යුතුදැයි දැන ගැනීමට බංගලාවට පැමිණියද එවෙලේ විත්ති කරු බංගලාවේ නොසිටි බැවින් විල්‍ෆ්‍රඩ් සහ සුමතිපාල ඔහු සොයා වත්තට යන විට මුත්තුසාමිගේ නිවස තුලින් යම් දෙයක් පිලිස්සෙන ගඳක් ආ බැවින් ඔවුන් එය විපරම් කලා.
*** ඔවුන් දුටුවේ නිවෙස තුල වූ අලු ගොඩක් සහ තැන තැන ලේ පැල්ලම් විසිරී ඇති ආකාරයයි.පිටුපස බිත්තියේ සිදුරක් සැදී තිබුණා.ගෙයින් පිටතට යමක් ඇදගෙන ගිය ආකාරයේ ලකුණක් තිබූ තිබුණා.ගෙයින් පිටත විත්තිකරුගේ බල්ලා මස් කැබැල්ලක් සපමින් සිට තිබුණා.
*** වත්ත පහලටම ඇදුණු විල‍ෆ්‍රඩ් සහ සුමතිපාල දුටුවේ දැලි වැකුණු දහදිය ගලන සිරුරෙන් යුතුව සරමක් ඇඳ සිටි විත්ති කරු වලක් කපමින් සිටින ආකාරයයි.දැලි වැකුනේ ඌරෙකු එලවා යාමේදී පිච්චුන කඳන් ගොඩක් මත ඇද වැටීම නිසා යැයි විත්ති කරු පවසා තිබුනා.
*** සැක සිතින් විල්ෆ්‍රඩ් බංගලාවටද සුමතිපාල සිය නිවසටද පිට වුනා.එදින සවස දෙක වන තුරුත් විත්තිනරු කෑමට නොපැමිනි බැවින් විල්ෆ්‍රඩ් නැවත ඔහු සොයා වත්තට ඇදුනා.ඒ යන විටි දුටුවේ පෙර වතාවේ අඩවන් කොට තිබුනු මුත්තුසාමිගෙ නිවස මෙවතාවේ ඉබි යතුරු දමා තිබුණු ආකාරයයි.
*** කැලය දෙසට ගිය විල්ෆ්‍රඩ් දුටුවේ දොල පාර අයිනේ විත්කි කරු වලක් කපමින් සිටි ආකාරයත් ඒ අසල තිබුනු පිලිස්සී කලු ගැහී තිබුනු ඇට කටුත් ය.එක් හිසක් අනෙකට වඩා විශාල බවත් එහි කන්,නාසය සහ ඇස් අඩක් පිලිස්සී තිබුන බවක් විල්ෆ්‍රඩ් දුටුවද ඒවා කාගේ දැයි අදුනා ගැනීමට අසමත් වෙනවා..ඒ පිලිබද යම් යම් දේ ඇසිමේදි විත්ති කර් එය උඹේ වැඩක් නොවේ යැයි පවසමින් විල්ෆ්‍රඩ්ව එතැනඅන් පලවා හැරීමෙන් පසුව බංගලාවට නොගොස් සිය නිවසට යන විල්ෆ්‍රඩ් සිය පියා වන බජඩාට මෙම සිදු වීම පවසනවා.
*** නැවත බංඩැ සමග පැම්න විල්ෆ්‍රඩ් විත්ති කරුගෙන් පුන පුනා අසද්දී විත්ති කරු පවසන්නේ “මුත්තු සාමි බිරිදත් දරුවාත් මරා දමා පලා ගොස් ඇති බවය.
*** ඉන් දින කිහිපයකට පසුව විල්ෆ්‍රඩ්ගේ සොහොයරියද සහබාගී කරවා ගෙන මුත්තුසාමිගේ නිවසේ ගෙබිම ගොම ගෑ අතර ඒ අවස්තාවේ හමු වුන පතුරමක් විත්ති කරු විසින් කැලයට විසි කර දමා තිබෙනවා.
*** මින්පසු විල්ෆ්‍රඩ්ගේ නැගනිය සමග හාද වන විත්ති කරු ඇයගෙනි සිය උවමනාවන් ඉටුකරගෙන ඇයව ජයරත්නගේ අනියම් බිරිද ලෙස පාවා දීම නිසා ජයරත්න විත්ති කරු සමග හිතවත් වෙනවා.
*** ම්නි සති හයකට පමණ පසුව මලසිරුරු වැලලූ තැන ජයරක්න දරගොඩක් සකසමින් සිටි බවත් බේබි නොනා ගැන විමසමින ආ ඇගේ සොහොයුරියට ඔවුන් වත්තෙන් පලා ගොස් ඇති බවත් පවසමින් මුදල් දුන් බවත් මුත්තුසාමිගේ නිවසෙහි වූ හාල්කූපන් පොත් ආදීය බංගලාවට ගෙන ගිය බවත් විල්ෆ්‍රඩ් සාක්ෂි දී තිබුනා.
*** බේබි නොනාගේ සොහොයුරිය සාක්ෂි දී තිබුනෙ මුදල් දීමෙන් පසුවපඅනවශ්‍ය දෑ තැන් තැන් වල කියා තිබුනොත් තමාවද මරා දමන බව විත්ති කර තර්ජනය කල බවයි.
*** ජයරත්න සාක්ෂි දෙමින් පවසා තිබුනේ දිනක් කැලයට යමින් සිටින විට විත්තිනරු යම්දෙයක් පුලුස්සමින් සිටි අතර තමාට දර කැපීමට අණ කල බවයි.තවද විත්ති කරු අසල මිනී හිස් සහ ඇට කැබලි තිබූ බවත් ගෝණියක දැමූ මුත්තිසාමි විසින් ඇඳි ඇඳුම් කිහිපයක් තිබූ බවත් ඇට කැබලි ගලක් උඩ තබා තලා ගින්නට දමා ඇඳුම් පොදියද ඊටම දැමූ බවත් තවත් කොහෙන්ද හොයාගෙන ආ ලේ වැකුනු රෙදි පොදියක් සමග කූඩයක්ද ගින්නට දැමූ බවත් ඔහු සාක්ෂි දී තිබුණා.
සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ල තරයේ විත්ති නරුට චොදනා කලත් ඔහු එය ප්‍රතික්ෂේප කලා.
*** විත්ති කරුට අනුව සිද්දිය සිදු වූ දිනයේ මුත්තුසාමිගේ ගෙදර යන විට බේබිනෝනා සහ දරුවා වෙඩි වැදී මියගොස් සිටි අතර මුත්තුසාමිද අසල නොවූ බැවින බිය වී දිවැවිත් පසුව බංඩාගේ අදහසකට අනුව මේ මරණයට තමා හසුවේ යැයි බියෙන් මල සිරුරු ගිනි තබා විනාශ කල බවත් ය.
මූලික නීති සිද්ධාන්තපවලට අනුව මරණය ඔප්පු කිරීමට මලකඳක් නොතිබුණද ආශ්‍රිත සාක්ෂි මත පැමිණිල්ල විසින් විත්තියට චෝදනා කලා.නඩුව් බරපතල කම නිසාම පැමිණිල්ල මෙහෙයවීම එවකට නීතිපතිව සිටි රාජනීතීඥ ඇලන් රොස් මහතා තමා විසින්ම සිදු කල අතර ඔහුගේ සහයට රජයේ අධිනීතීඥ ආනන්ද පෙරෙයිරා මහතාත් කටයුතු කලා.
දින 10 විබාග වුන නඩුව1948 දින තීන්දු කලා.
– විනිස කරුගේ දේශනය –
බිරිද හා දරුවා මරා සමා මුත්තිසාමි පැණගිය බව සනාත කිරීමට විත්ති කරු බොහෝ උත්සාහ දැරුවා.ඒකතාව සනාත කිරීමට මුත්තුසාමිගෙ මලකඳ සොයා ගැනීමට පොලීසිය අපොහොසත් වීම රුකුලක් වුනා.වෛද්‍ය සාක්ෂි වලට අනුව දරුවෙකුගේ සහ ගැහැනියකගේ හිස් කබල් දෙකක් සහ ඇටකටු ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ගොඩ නැගුනු නඩුව තුල මුත්තිසාමිට කුමක් වීද යන්න සැක සහිත වීමත් එම සැකයේ වාසිය විත්ති කරුට හිමි වීමත් විය යුතු බැවින් ඔහු අනිවාර්යෙන්ම නිදහස් විය යුතුය.
එහෙත්,
පැමිණිල්ලේ සාක්ෂි එම සැකය සාධාරණ සැකයකින් තොරව තුරන් කිරීමට සමත් වුනා.
මිණීමැරුමක් ඔප්පු කිරීමට මලසිරුර අවශ්‍ය සාක්ෂියක් වුවත් මෙම නඩුවෙ ඒවා නොමැතිව ,ඇසින් දුටු සාක්ෂිද නොමැතිව ආශ්‍රිත සාක්ෂි මත පමණක් වීම නිසා මෙය ඉතා භාරදූර එකක් මෙන්ම මෙවන් නඩුවක් විභාග වුන පළමු වතාවත් වෙනවා..ඒ එසේ වුවද අධිකරණයේ ඉදිරිපත් වුන සාක්ෂි සිද්දිය මනා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් වෙනවා.පරීක්ෂණ කටයුතු මරණය සිදුවී මාස 3ට පසුව ආරම්බ වුවත් එයින් පැමිණිල්ලට හානි සිදු වී නෑ.
ගැබිණි මවක් සහ කුඩා දරුවෙක් මරා දැමීම නිසා ජූරි සභිකයින් හැඟීම් මත පදනම් වීම නොයුතුයි.සාක්ෂි සහ හේතු මත පමණක්ම එය විය යුතුයි.
– ජූරිය –
එදින දහවල් 12.40 ට ජූරිය වෙනම රැස්වී පැයකට පසුව ඒකමතිකව තීරණය කලේ සියලු චෝදනා වලට විත්ති කරු වැරදි කරු බවයි.
– තීන්දුව –
මේ අනුව තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්ති කරුට ප්‍රකාශයක් කිරීමට ඉඩ දුන්නද ඔහු කිසිවක් නොකී බැවින් විනිසුරු විත්ති කරුට මරණීය දණ්ඩනය තීන්දු කලා.
– ඇපෑල-
මහාධීකරණයේ තීන්දුව එරෙහිව අභියාචනාධිකරණයේ අපෑල ගොනු කල අතර විනිසනරුවන් වුයේ මහාධිකරණ නායක හොවාඩ්,සහ විනිසකරුවන් වූ කනකරත්න හා නාගලිංගම් යන මහතුන් ඉදිරියේ ඇසූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජය පාර්ශවයෙන් අධිනීතීඥ කේ.ඒ.පී.රාජකරුණා සහ අධිනීතීඥ ආනන්ද පෙරෙයිරා යන මහතුන්ද විත්තිය වෙනුවෙන් අධිනීතීඥ කොල්වින් ආර් ද සිල්වා මහතාද තවත් දෙපලක්ද සහබාගි වුවා.
මූලික නඩුතීන්දුවට අදාල නීති ප්‍රශ්න වූ බැවින් අභියාචනය වඩා වැදගත් වුණා.
විත්තිය වෙනුවෙන් තර්ක කල කොල්වින් ආර්ද සිල්වා මහතා පවසා සිටියේ මුත්තුසාමිගේ මලසිරුර සොයා ගැනීමට අපොහොසත් වීම නිසා ඔහු මල බව ඔප්පු කිරීමට අපොහොසත් වන අතර ඒ හේතුවෙන්ම පළමු චෝදනාව වන මුත්තු සාමි මරා දැමීමෙ යන්නෙන් විත්ති කරු නිදහස් විය යුතු බවයි.
පළමු චෝදනාව හා බැඳුනු දෙවැන්න වන මුත්තු සාමි මරණු දුටු බැවින් බේබි නෝනා සහ දරුවා මරා දැමීම යන්නෙන් ද පළමු චොදනාව ඔප්පු නොවන නිසාම නිදහස් විය යුතු බවයි.
මෙහිදී අභියාචණාධිකරණය හමුවෙ වූ බරපතලම පැනය නම් මුත්තු සාමි මිය ගියාද යන්න ඔප්පු කිරීමයි.ඉංග්‍රිස් නීතියට අනුව ආශ්‍රිත සාක්ෂි සලකා බැලීමේදී අධිකරණයේ වඩාක් පරීක්ෂාකාරී විය යුතුයි.නීති වේදී හේල් නමැත්තාට අනුව ආශ්‍රිත සාක්ෂි වලින් පමණක් කෙනෙකු වරද කරු නොකළ යුතුය.එහෙත් බලවත් සාක්ෂි ඇතහොත් මලසිරුරු සොයා නොගත්තද විත්තිකරු වරදකරු කල හැකි බවයි.
මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ නීති වේදියා ඉන්දීය නඩු තීන්දුවක් ද ගෙන හැර පාමින් කියා සිටියේ මලසිරුර සොයා නොගැනීම පදනම් කරගෙන වැරදි කරුවන් සියල්ල නිවැරදි කරුවන් කළහොත් ඔවුන් සියල්ලම මිණීමැරුම සිදු කොට මලසිරුර විනාශ කර දමාවි යන්නයි.
විත්තියේ අවසාන දේශනයේදී ආචාර්ය කොල්වින් පවසා සිටියේ මුත්තිසාමිගෙ මරණය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බැවින් එම චෝදනාවෙන් විත්ති කරු නිදහස් බව අධිකරණය තීන්දු කරනවා නම් ඒ චොදනාව මත ඇති වුන දෙවැනි චෝදනාවෙන්ද ඔහු නිදහස් විය යුතු බවයි.

– තීන්දුව-
තීන්දුව දෙමින් අධිකරණය ප්‍රකාශ කර සිටියේ මුත්තුසාමි ජීවතුන් අතරද නැද්ද යන්න සැකයෙන් තොරව ඔප්පු කිරීමට පොලිස් පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමත් එය ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් නොවීමත් නිසා සැකයේ වාසිය නිසැකයෙන්ම විත්ති කරුට හිමි විය යුතු බැවින් පලමු චෝදනාව වන මුත්තු සාමි මරා දැමීම යන්නට විත්ති කරු වරද කරු නොවන බවයි.
නමුත් කොල්වින් මහතාගේ දෙවන ඉල්ලීම ප්‍රතික්ෂේප කල අධිකරණය ඉදිරිපත් වී ඇති ප්‍රශ්නය වන බේබි නෝනා සහ දරුවා මරා දැමීම යන්නට ඉදිරිපත්වූ සාක්ෂි ඔහුගේ අහිංසක බවට වඩා වරදකාරී බව ඔප්පු කරන බැවින් බේබි නෝනා සහ දරුවා මරා දැමීමේ වරදට විත්ති කරු වරද කරු බවත් ඊට මරණ දණ්ඩනය ලබා දෙන බවත්ය.
මෙම අභියාචනාධිකරණ තීන්දුව රාජාධිකරණය (එවක ශ්‍රේෂ්ඨාධිකරණය) ඉදිරියේ ඇපෑල් කලද ඉන් පලක් නොවීය.


por1


භාරත විත්ති – 17 – ‘මරණයේ මාවත’


https://www.facebook.com/groups/804276106323782/permalink/1473173349434051/?hc_location=ufi

kil1.jpg
 
හිම සළු පැළැඳි ප්‍රදේශය යන අර්ථය ගත් හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලාහෝල් සහ ස්පිටි දිසත්‍රික්ක අතරමැද ,මධ්‍ය මූදූ මට්ටමින් මීටර 3080 ඉහලින් පිහිටි “ක්යෙලාං”(උසුරුවීම නිවැරදි නොවිය හැක) නගරයෙන් ආරම්භ වී කිලෝ මීටර 234 ගෙවා ගොස් ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ ජම්මු කලාපයේ මූදු මට්ටමින මීටර 1638ක් ඉහලින් පිහිටි “කිෂ්වාර්” වලින් අවසන් වන මරණයේ මාවත නමින් හඳුන්වන මාර්ගය ගැනයි මේ කියන්න හදන්නෙ….
ජාතික අධිවේග 26(NH26) හි කොටසක් වන මේ මාර්ගය පිහිටා තියෙන්නෙ අධික ලෙස සුලං හමන ප්‍රදේශයක සීඝ්‍ර සෘජු බෑවුමකය.කිලෝ මීටර 100 ක් පමණ දුරක් වංගු සහිතව බෑවුමේ දිවෙන මෙහි ආරක්ෂක වැටක් හෝ නොමැති වීම භයානකලකම තීව්‍ර කරවනවා…

kil2.jpg
 

අධික වංගු සහිත වීම නිසා ඉදිරියෙන් හෝ පසුපසින් එන වාහන නොපෙනීම සහ ගල්,බොරලු වැලි වලින් යුත් ලිස්සන සුලු මාර්ගයක් වීම තවත් භයානක කාරණයක්…මෙම සියලු කාරණා නිසා මෙම මාර්ගය ඉතාම ඉවසිමත් රියැදුරන්ටම පමණක් සුදුසු මාවතක් ලෙස හඳුනාගෙන තිබෙණවා…
ඔක්සිජන් අඩු ප්‍රදේශ වලින් ගහණ වීම සහබඉහත දැක්වූ හේතූන් නිසාම පෘථිවිය මත පිහිටි භයානකම මාර්ග වලින් එකක් ලෙස මෙම මාර්ගයද නම් කර තිබෙණවා…
වර්ෂා සහිත කාලයේදි මඩ සහිත වන මේ මාර්ගයේ ධාවනය කිරීම බලෙන් මරණය වැළඳගැනීමට වන සූදානමක වැනිය…

kil3
රාත්‍රී කාලයේ හෝ අධික මීදුම් අවස්ථාවල මෙ මාර්ගය භාතා කිරීම කිසිසේත් කල නොයුතු බව මාරග අධිකාරීන් අවවාද නර සිටිනවා.
ඇතැම් ස්ථාන වල වාහන දෙකකට මාරු වීමට ඉඩකඩ නොමැති බැවින් කිලෝමීටර ගණනාවක් ,පිටු පස නොපෙනෙන අධික වංගු සහිත මාර්ගයක මාරු වීමට ප්‍රමාණවත් තැනක් හමු වන තුරු පිටුපසට ධාවනය කිරීමට ඔබට සිදු වුවහොත්?!……

kil4.jpg

ඇතැම් ස්ථාන වලදී බෑවුමේ ඉහලින ඇද හැලෙන දිය පහරවල් ද…මාරගය හරහා යන දිය පහරවල් ද…මාර්ගය මැද පිහිටි දිය පිරි වලවල්ද පසු කර යාමට සිදු වෙනවා….
1990 දශකයේ මුල් කාලයේදී දේශපාලනමය හේතු මත කඳු නගින්නන් උදෙසා මෙම ප්‍රදේශය වසා දැමුවා..
ප්‍රාන්ත මාර්ග අධිකාරීන් විසින් මෙම මාර්ගය ඉදි නර ඇති අතර එය සිදු කිරීමේදී ජීවිත රැසක් විනාශ වූ බවද වාර්තා වල සඳහන් වනවා……
කෙසේ වුවද අභියෝගාත්මක දෑ කිරීමට කැමති අය අතර මෙම මාර්ගය සුප්‍රකටයි…



another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters