https://www.facebook.com/groups/804276106323782/permalink/1475424425875610/?hc_location=ufi
හිමෙන් පිරි හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනාලි සිට කුලු නිම්නය තෙක් ලාහෝල් සහ ස්පිටි නිම්නයන් සම්බන්ධ කරමින් ඇදෙන සුන්දර මාර්ගයයි “රොටැං පාස්” (Rohtang pass) ….
මල සිරුරු පිටිය නම්න් අර්ථ ගත් මෙම මාර්ගයට මෙම නම ලැබී ඇත්තේ එය හරහා යාමට ගොස් ජීවිතය අහිමි කරගත් විශාල ප්‍රමාණයක් වූ මිනිසුන් නිසාවෙනි…
මූදු මට්ටමින් 2ඩි 13054ක් පමණ ඉහලන් පිහිටි මෙම මාර්ගය කිලෝමීටර් 54ක් ගෙවමින් මනාලි සහ කුලු යා කරනවා.මීට අමතරව මෙම මාර්ගය පංගි සහ ලෙහ් යන ප්‍රදේශද වලට යාමටද භාත කරනවා….
මාර්ගය ජූනි සිට ඔක්තෝබර් යන කාලය තුලදී විවෘතව තබන අතර මේ කලෙයේදි දැඩි සංචාරක ආකර්ෂණයක් ඇති වෙනවා…..මාර්ගය විසින් සම්බන්ධ කෙරෙන මනාලි සහ කුලු යනු සංචාරකයන් අතර අතිෂයින් ජනප්‍රිය ප්‍රදේශයක් වන අතර මාර්ගය දෙපස ඇති නිමක් නැති මනස්කානත ප්‍රදේශද මෙයට රුකුල් දෙනවා…
ග්ලැසියර වලින් ගහන ප්‍රදේශයක පිහිටි මාර්ගය ඇතැම් ප්‍රදේශ වලදී අඩි ගණනක් ඝණකම ඇති ග්ලැසියර තට්ටු හාරා පාද ගෙන තිබෙනවා….සුදු හිම වැටුනු නිල් පැහැ කඳු වැටි නිතැතින්ම ස්විට්සර් ලන්තය,ඔස්ට්‍රියාව වැනි රටවල් සිහි ගන්වනවා..
හිමෙන් පිරි තැනිතලා වල ටෙන්ට් ගසා රැය පන් කිරීම්…පැරාෂූට් සංචාරයන්….කේබල් කාර් වල නැග කඳු වැටි අතර සංචාරය කිරිම මෙම ප්‍රදේශයේ ඉතාම ජනප්‍රියයි…
ඔබ ස්විටසර්ලන්තය හෝ එවන් රටක සංචාරයකට අදහස් කරනවාද?
මිල අධික…ලඟා කර ගැනීමට තරමක් අපහසු ඒ හීනය වෙනුවට ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම ප්‍රදේශ හොඳම විකල්පය නිසා එම ප්‍රදේශ නැරඹීමට මම යෝජනා කරනවා….
No comments:
Post a Comment