භාරත විත්ති – 08 – “ලදාක්, Ladakh (Tibet La-dvag) – “Land of high passes”

t
ladak3
ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ උස්ම ප්‍රදේශය වන ලදාක් වලට එම නම ලැබී ඇත්තේ උස් කඳු පන්තීන් නිසාමයි.
උසින්න් මීටර 3000 සහ ඉහලට පිහිටි ලදාක් අතීතයේ බැල්ටිස්ථාන්(වත්මන් පාකිථානයට අයත් ප්‍රදේශයකි ) , ඉන්දු නදී නිම්නය,සන්ස්කාර්,ලාහෝලි සහ ස්පිටි, න්ගාරි,රැදොක්,ගුගෙ,අස්කාර්,නුබ් රා නිම්නය සහ ඛාර්දොංලා යන ප්‍රදේශ් තෙක්ම පැතිරී තිබුණු අතර වර්ත්මානයේ “කුන්ලුන්” කඳු ප්‍රදේශයන් සිට් “හිමාලය” කඳු තෙක් පැතිර ඇති අතර භූමි ප්‍රමාණය ව.කි.මී. 22,430 කි…
ladak4

ජම්මු කශ්මීර් ප්‍රාන්තයේ අඩුම ජනඝණත්වය ඇති කොට්ඨාශය “ලදාක්” ය…
එහි ජන ගහණය්න 2016 වන විට 3,211,474 විය…
ලදාක් හි “ඉන්දු ආර්යන” ජන කොටස් සහ “ටිබෙට්” සම්භවය ඇති ජන කොටස් වාසය කරයි….
මෙ ජනයා විසින් ගංගා සහ වෙනත් තෙත් බිම් ආශ්‍රිතව කෘෂිකාර්මික කටයුතු වල නිරත වේ…



ladak6
ladak7
ටිබෙටියන් බෞද්ධ දර්ශණය අනුගමනය කරන ඔවුන් ඒ නිසා “මහායානික”, “වජ්‍රයානික” සහ “තන්ත්‍රයානික” ඉගැන්වීම් අනුගමනය කරයි…ඔවුන් සිය ආධ්‍යාත්මික නායකයා ලෙස දලයි ලාමා ව පිළිගනියි…
හින්දූන් යම් ප්‍රමානයක්ද වාසය කරන ලදාක් හි සංස්කෘතිය ප්‍රධාන වශයෙන්ම ටිබෙට් සහ බෞද්ධ සංස්කෘතියට අනුගත වූවකි…

ශීතල ප්‍රදේශයක වුවද ලදාක් කාන්තාරමය ස්වභාවයක්ද උසුලන නිසා ඉන්දියාවේ “ශීතල කාන්තාරය” ලෙස හඳුන්වයි…එහි උස් කඳු මුදුන් වැල්ලෙන් සහ ඇතැම් තැන් වල හිමෙන් සැදුම්ලත් අතර ශාකයන් දැකිය හැකි වන්නෙ අල්ප වශයෙනි…
ladak1
ladak2

නිලි පැහැ සුපිරිසිදු විල් රාශියක් ලදාක් හි ඇති අතර ලදාක් යනු සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනූ ප්‍රදේශයකි….
බෞද්ධ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ඇති ලදාක් හි ප්‍රධාන වශයෙන් පහත් දැක්වෙන් විහාර දැක්විය හැක..
1. “අල්චි” හි – මංජුශ්‍රී විහාරය (මංජුශ්‍රී බෝසතුන් වෙනුවෙන් ඉදි වූවකි )
2. “ලේ” හි චුම්බා විහාරය, පල්ඩන් ලුමෝ විහාරය, සෙර්සංග් විහාරය,මතෝ විහාරය, සූර්යය විහාරය

විවිධ ආගමික සහ සංස්කෘතික උත්සව ගණනාවක් ඇති ලදාක් හි පහටහ් උත්සව ප්‍රධාන තැන් ගන්නා අතරම සංචාරක ආකර්ශණයද දිනූ ඒවාය්…
1. හේමිස් ( ජූනි මස ) – තන්ත්‍රයානයේ ආරම්භකයා වුණ “ගුරු පද්මසම්භම්” ගේ ජන්ම දිනය.
2.තික්සේ ( Thiksey ),කර්ෂා සහ ස්පිටුක් ( Karsha and Spituk ) ගුස්තෝර් (Gustore)
 
ගුස්තෝර් උත්සව වසරේ විවිධ මාස වලදී, අදාල මාසයෙ දින දෙකක් ආවරණය වන පරිදි පවත්වයි…යක්ෂයින් දිනීම් සැමරීම කෙරේ..දෙවියන් ලෙස වෛවර්ණ අලංකාර ඇඳුම් හැඳ පැළඳ ගත් ශිල්පීන් නර්තනයෙහි යෙදේ…
3.ඩොස්මොෂි (Dosmochey)
” ලේ ” හි මාලිගා අංගණයේද ලික්රා(පහල ලදාක් ) හි ද මෙම උත්සව පැවැත්වෙන අතර වඩාත් ප්‍රසිද්ධ “ලේ” හි පැවැත්වෙන එකය..පෙබරවාරි මසදී පැවැත්වෙන මෙහිදී විවිධ විහාර වලින් සහ ටිබෙටයෙන් පැමිණෙන හිමි වරුන් සූත්‍ර සජ්ජායනා කිරීම ද සිදු කෙරේ…

4.මතෝ නංරං
5.ස්ටොක් ගුරු ටෙශාම්

යනු තවත් උත්සව දෙකකි….
ඉහතින් පැවසූ පරිදිම මනස්කාන්ත් දර්ශ්ණයන්ගෙන් සුසැදි “ලදාක්” වෙත් ගුවනින්, දුම්‍රියෙන්, බස් මගින් මෙන්ම මැතකදී ප්‍රචලිත වුණ මෝටර් සයිකල් සවාරි ලෙසද පැමිණිය හැක…
දිල්ලි , මනාලි සහ ශ්‍රී නගර් සිට ලදාක් තෙක බස් සේවාව් අන් ඇත….
ගුවනින් නම් දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට මෙන්ම චන්ඩිගඩ් ගු.තො.ප. සහ ශ්‍රී නගර් ගු.තො.ප. සිට Air Indiaසහ Jet Airways යන ගුවන් සේවාවන් දිනපතා ක්‍රියාත්මක වේ…
ladhak11

දුම් රියෙන් නම් අවසාන චායාරූපයේ දක්වා ඇති කාල සටහනට අනුව දුම් රිය වාර ඇත…..

https://www.facebook.com/groups/804276106323782/permalink/1340957289322325/

භාරත විත්ති – 07 – “මිහි බට සුර පුර”



 ඉන්දියානුවන් සහ ලෝ වාසි සංචාරකයන් බොහොමයක් මිහිබට සුරපුරයක් ලෙස නම් කරන ප්‍රදේශයක් ඉන්දියාවෙ තිබෙනවා…
විවිධාකාර දේශගුණයන්ගෙන් යුත් කලාප ඇති ඉන්දියාවේ මෙම කලාපය ඉතාම ශීත දේශගුණයක් ඇති කලාපයක්…
ඒ ඉන්දියාවේ මතභේදාත්මක බවින් වැඩිම “ජම්මු සහ කෂ්මිර්”…
1947 බෙදීමත් සමග ජම්මු කෂ්මිර් ප්‍රනේතයෙන් කොටසක් පාකිස්තානයට අයත් වුණා…
ඒ කොටස් “ආසාද් කෂ්මිර සහ දිල්ජිත් බැල්ටිස්තාන්” ලෙස හඳුන්වනවා….
මීට අමතරව ඊසාන දිග කෂ්මිර් දේශ සීමා සඳහා චීනයත් ඉන්දියාව සමග අරගල කරනවා…
ජම්මු කෂ්මිර් ප්‍රාන්තය ඉන්දියාවේ උතුරින්ම පිහිටි අවසානම ප්‍රාන්තය වන අතර උතුරින් චීනයටද බටහිරින් පාකිස්තානයට අයත් කෂ්මිර් ප්‍රදේශයටද දකුණින් පංජාබ් සහ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත වලටද මායිම් වන කෂ්මිරයට ඉන්දීය ව්‍යවස්තාවේ 370 වගන්තියෙන් විශේෂ ස්වාධීනත්වයක් ලබා දී තිබෙන අතර මෙය ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් ඇති එකම ප්‍රාන්තයයි…
මේ ප්‍රනේතය කොට්ඨාශ 3කට බෙදේනවා…
01.ජම්මු
02.කෂ්මීර් නිම්නය
03.ලදාක් (පසුව වෙනම ලිපියකින්)
 
මෙහි අගනුවර “ශ්‍රී නගර්” ය.
ජම්මු ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් හින්දු දේවාලද..කෂ්මීර් ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් මුස්ලිම් දේවස්තාන ද සහ පුංචි ටිබේටය නමින් හඳුන්වන ලදාක් හි විශාල ප්‍රමාණයක් බෞද්ධ විහාරද තිබෙනවා….
මේ අනුව ජම්මු කෂ්මිර් ප්‍රාන්තය ඉන්‍රදියාව තුළ, ලෝකයේ ප්‍රධාන ආගම් තුනක් අදහන පිරිස් වැඩි ප්‍රමාණයක් සිටින ප්‍රාන්තයක් ලෙසද හඳුනාගෙන තිබෙනවා….
පාකිස්තානයට සහ චීනයට අමතරව කෂ්මීර ත්‍රස්ත කන්ඩායම් විසින් මේ එක් රටකටවත් යටත් නොවන වෙනම රටක් ලෙස කෂ්මිරය වෙන් කර ගැනීමට සටන් කරනවා…
ඉතාම අලංකාර සහ සාරවත් බිමක් වන කෂ්මීර ප්‍රනේතය මේ නිසාම ගුප්ත වූ යුධ බියකින් නිතරම පෙලෙනවා…යුධ බියක් නැති ප්‍රදේශය වන්නෙ ලදාක් ය……
මෙම ප්‍රාන්තයේ අවසාන මහාරාජා වූයෙ “මහරාජා හරී සිං” ය…ඔහු 1961 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා..
හිම කාන්තාර…සීතල වැලි කාන්තාර..සහ සාරවත් ප්‍රදේශ , පිරිසිදු වතුරින් සැදි විල් සහ ගංගා වලින් පිරුණු ජම්මු කෂ්මීර් ප්‍රාන්තය සංචාරක ආකර්ශණය නො අඩුව දිනාගත් ප්‍රදේශයක්…
පහත දැක්වෙන ප්‍රදේශ ප්‍රධානම සංචාරක ප්‍රදේශයන්ය…
.. දාල් විල
..ලදාක්
..බහු බලකොටුව
..පැන්ගොම් ට්සෙක්
..ෂෙම්රි ආරාමය
..හින්දුකුෂ් පර්වත
..අපාර්වත් කඳු
..සංකරාචාර්ය කඳු
..කර්ෂා ගොම්පා
..ඉන්දිරා ගාන්ධි ටියුලිප් උයන
..කීර් භවානි දෙවොල
..ගුල් මර්ග් ගොන්ඩෝලා(කේබල් කාර්)
..නගීන් විල
..බෙටාබ් නිම්නය
..ෂාලිමාර් බාග්
..පරී මැහැල්
පහත සඳහන් සිනමා පට කෂ්මීර් හි රෑගත කර කිබෙනවා.
..කෂ්මීර් කි කලී
..මිෂන් කෂ්මීර්
..යහාන්
..ලම්හා
..හේදර්
..ටහාන්
..ජබ් ජබ් පූල් කිලේ
..ෆිතූර්
..ෆනා
..සිකන්දර්
..3 ඉඩියට්ස්
..ජබ් තක් හේ ජාන්
..හයි වේ
..භජ්රංගි භායි ජාන්
..ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්
..රොක් ස්ටාර්
..ජාන්වර්
..ජංග්ලී
..රෝජා
..සිල් සිලා
..ෂෞර්යා
..කභී කභී
..ලක්ෂ්‍යා
..දිල් සේ
ඉන්දියාවේ දේශගුණ සහ සංස්කෘතික වෙනස්කම් එකම ප්‍රාන්තයක් තුල දැකිය හැකි තවත් අවස්තාවක් ලස කෂ්මීරය දැක්විය හැකිය
kash1

භාරත විත්ති – 06 – “ආජා නච්ලේ”

ඉන්දියාව කියන්නෙ නාට්‍ය සම්ප්‍රදායන් විශාල ප්‍රමාණයක් තිබෙණ රටක්…ඒ සියල්ල ගැන පිටු 5000 ක පමණ පොතක් ලිවිය හැකි බැවින් වැඩි දුර විස්තර කිරීමට නොපෙළඹෙමි…..
විවිධ ප්‍රාන්ත වලට ආවේණික නාට්‍ය සම්ප්‍රදායන් ඉන්දියාවෙ තියෙනවා….ඒ ඒ නර්තනයන් වලට ආවේණික ඇඳුම්,වාද්‍ය භාණ්ඩ,සංගීතයන් පවතිනවා….මේ ඉන් කිහිපයක් ගැන කෙටි සටහනක්..
ඉන්දියවෙ ප්‍රධාන ශාස්ත්‍රීය නර්තන සම්ප්‍රදායන් 4 ක් ද ඉන් පසු නැවත 8 ක්ද වශයෙන් හඳුනාගෙන තිබෙනවා…..
 
01. භරත නාට්‍යම්
ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් 4න් එකකි..
තමිල්නාඩු ප්‍රාන්තයේ උපත සිදු වී ඇත..
ශිව,වෛශ්නව සහ ශක්ති පිදීම සඳහා භාවිත කරයි..
තාණ්ඩව සහ ලාස්‍ය ලක්ෂණ දෙකම ගැබ්වී ඇත..
සතර අභිනයන් ප්‍රකාශනයෙහි ඉතාම විශිෂ්ඨය….
භරත මුණිගේ නාට්‍ය ශාස්ත්‍රයේ හි මූලික සඳහන්ව ඇති අතර “සීලපටික්කාරම්” නම් පොතෙහි සඳහන්ව ඇති පරිදි 2 සියවසේද මෙම නර්තන සම්ප්‍රදාය තිබී ඇත…
ප්‍රධාන වශයෙන් කාන්තාවන් නර්තනයෙහි යෙදේ….
dan

02. කතක්
ප්‍රධාන සම්ප්‍රදායන් 4න් එකකි…
උතුරු ඉන්දියාවෙහි උපත සිදුවී ඇත…
“කතා කාරයා” යන අරුතෙන් බිඳී ඇත
විවිධ හින්දු මිත්‍යා කතා නර්තනායන් ඉදිරිපත් කිරීම මින් සිදුවේ…
ශිව,වෛශ්නව සහ ශක්ති පිදීමට භාවිතා වේ..
හින්දි සිනමා වෙහිද වැඩි වශයෙන් භාවිතා වන්නකි (දේව්දාස්)
katak.PNG

03. කතකලි
ප්‍රධාන සම්ප්‍රදායන් 4න් එකකි…
කේරලයෙන් බිහිවී ඇත….
ප්‍රභල අංග රචනයන්ගෙන්පසහ සංකීර්ණ ඇඳුම් වලින් යුක්තය…
පිරිමින් පමණක් මෙම නර්තනයෙහි යෙදේ….
“කතා කරු” යන නමින් බිඳී ඇත….
හින්දු කතා පුවත් නර්තනයෙන් ඉදිරිපත් කිරීම කරයි….
katakali.PNG
danc8

04.මනිපුරි
ප්‍රධාන සම්ප්‍රදායන් 4න් එකකි….
මනිපුර් ප්‍රාන්තයේ උපත සිදු වී ඇත..
සිලින්ඩරාකාර ඇඳුමකින් සැරසුන කාන්තාවන් නර්තනයෙහි යෙදේ..
හින්දු කතා නර්තනයෙන් ඉදිරිපත් කිරීම සිදු කරයි….
ශිව,වෛශ්නව සහ ශක්ති පිදීමට භාවිතා කරයි…
danc7

05. කුෂිපුඩි/කොෂිපොඩි
ප්‍රධාන සම්ප්‍රදායන් 8 න් එකකි…
ආනද්‍රප්‍රදේශ් හි උපත සිදු වී ඇත..
අඳුම් සහ නර්තන ස්වරූපයෙන් භරත නාට්‍යම්වලට යම් සමාන කමක් දක්වයි…
danc2

06. ඔඩිස්සි
ඔඩිස්සා ප්‍රාන්තයේ උපත සිදු වී ඇත…
ඇඳුම් සහ ස්වරූපයෙන් භරත සහ කොෂිපොඩි වලට සමාන කමක් දක්වයි..

07.බිහු
ඇසෑම් හි ජන නැටුමකි..අප්‍රේල් වල නව වසර සැමරිමෙදී විශේෂයෙන් භාවිතා වේ…
වර්ණවත් ඇඳුමෙන් සැරසුනු කාන්තාවන් නර්තනයෙහි යෙදේ…
danc3

08. ච්හාවු/චාවු
ඔඩිස්සාහි උපත සිදු වී ඇත…
ජාර්ඛාන්ඩි හි සහ බෙංගාලයෙහිද වර්ධනය සිදු වී ඇත…
ඔඩිස්සා හි – මයුර්භානි ච්හාවු ද
බෙංගාලයෙ හි- පුරුලියා ච්හාවු ද
ජාර්ඛාන්ඩ් හි – සෙරධිකලා ද ලෙස ප්‍රධාන කොටස් 3 කි..
danc5

09.ගිද්දා
පංජාබ් හි කාන්තා ජන නැටුමකි..
භංග්රා ලෙසම ශක්ති සම්පන්න නැටුමකි..
වර්ණවත් ඇඳුම් භාවිතා කෙරේ…
දෑතින් අල්ලා ගන්නා යුවතියන් වේගයෙන් කැරකෙමින් නර්තනයේ යෙදේ….
danc6

10. ධෙම්සා
ඔඩිස්සා හි ජන නැටුමකි
උරිස් වලින් අල්ලාගත්.කාන්තාවන් පිරිස් මේ නර්තනයෙහි යෙදේ…
danc10

11. ගූමර් (කැරකීම)
රාජස්තාන් හි ජන නැටුමකි..
වර්ණවත් චෝලි,ලැහෙංගා හෝ ඝග්රා වලින සැරසුන ලඳුන් කැරකෙමින නර්තනයෙහි යෙදේ..
වේගයෙන්.කැරකෙන අවස්තා උච්චතම අවස්තාය…
තෙල්මේ නැටුම සිහි ගන්වයි..
danc13

12.ලවානි
මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයෙ උපත සිදු වී ඇත..
සාම්ප්‍රදායික නර්තනයකි..
අත් හා පා මාරු කරමින් ප්‍රභල රිද්මයෙන් සහ තාලයෙන් යුතු සංගීතයට නර්තනයෙහි යෙදේ..
භාජිරාඕ මස්තානි හි “පිංගා” ගීතයෙහි මේ නර්තන කොටස් අඩංගු වේ…
danc14

13.පන්ති
චත්තිස්ඝර් හි ජන නැටුමකි..
ඩෝල රැගෙන නර්තනයෙහි යෙදේ..
danc11

14.යක්ෂඝණ
කර්ණාටක ප්‍රාන්තයෙහි බිහි වී ඇත…කත කලි වලට ස්වරූපයෙන් සහ ඇඳුම් වලින් සමානය..
danc9

15.ඩංඩියා( ලී කෙලි)
ගුජ්රාට් හි උපත සිදුවී ඇත..
danc12

16.භංග්රා
පංජාබ් ජන නැටුමක…
වර්ණවත් ඇඳුමින සැරසුන,හිසෙහි ජටා බැදි පිරිමින් සහ කතුන ප්‍රබල රිද්මයන්ට රංගනයෙහි යෙදේ…
danc15

17.සත්‍රියා
ඇසෑම්පහි බිහි වී ඇත
ස්වරූපයෙන් සහ ඇඳුම් වලින් භරත,කුෂිපුඩි,ඔඩිස්සි වලට සමානය
danc16

18.ගිර්බා
ගුජ්රාට් හි දේව පූජා වලට යොදා ගන්නා නර්තනයකි..
ප්‍රධාන වශයෙන් ඔක්තොබර් හි පවත්වන භද්‍රපාද අමාවස් උත්සවයෙහි යොදා ගනී..
කතුන් කැරකෙමින නර්තනයෙහි යෙදේ…
danc17

20.මොහිණියට්ටම්
ස්වරූපයෙන් සහ ඇඳුමින් භරත,කුෂිපුඩි,ඔඩිස්සි,සත්‍රියා වලට සමානය
danc19
 
21.බගුරම්බා
ඇසෑම හි ජන නැටුමකි
කහ රතු තැඹිලි වර්ණ ප්‍රධාන කරගත් අලංකාර ඇඳුමකින් සැරසුනු කතුන සලුවක්.කරේ දමාගෙන නර්තනයෙහි යෙදේ..


danc18

භාරත විත්ති – 04 – “ගංගා”


ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ “උත්තරාඛාණ්ඩ්” ප්‍රාන්තයේ, ඝර්වාල දිස්ත්‍රිකකයේ,දේවප්‍රයාන නගරයේ දී “භගිරති” සහ “අලක්නන්ද” යන ගංගාවන් දෙක එකතුවීමෙන් “ගංගා” ගඟ මූලාරම්භය සිදුවේ


….වාසනාවට අධිපති හින්දු දෙවඟන “ගංගා” ගේ නමින් මේ නදිය නම්කොට තිබෙනවා….

කි.මී. 2,525 ක් දිග ගංගා “ගංගා තලාව” (Indo – Gangetic plain) ඔස්සේ ගොස් ඉන්දියාව පසු කරමින් බංග්ලාදේශය හරහා ගොස් මුහුදට වැටේ…ගංගා තලාවේ ප්‍රමාණය හෙක්ටාර මිලියන 255ක් ( අක්කර මිලියන 630) ක් ලෙස් ගණනය කොට තිබෙනවා….
හින්දූන් විසින් පරම පූජනීය ස්ථානයක් ලෙස සළකන “ගංගා” මිලියන ගණන්ක මිනිසුන්ගේ දෛනික ජීවිතයට රිජුවම දායක වෙනවා…ඔවුන්ගේ කර්මාන්ත සඳහා පිටිවහලක් වෙනවා…
“ඉන්දු” ගඟ පාදක කොටගෙන ආරම්භ වුණ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ,ක්‍රමයෙන් අභාවයට ගොස් එය “ගංගා” තෙක් විතැන් වුණා…ඉන්දු නදිය ආශ්‍රිතව පැවති “හරප්ප” සහ “මොහෙන්ජො – දාරෝ” නගර විනාශ වීමත් සමග මෙය සිදු වුණා….”ගංගා” ආශ්‍රිතව ඇතිවුණ නව ශිෂ්ඨාචාරයේ මිනිසුන් “ආර්‍යයන්” ලෙස හැන්දින්වෙනවා…එතැන් සිට ඉන්දීය ශිෂ්ඨාචාර ගත වීමට “ගංගා” මහත් දායකත්වයක් ලබා දුන්නා… “ගංගා” ,පාඨලීපුත්‍ර/පැට්නා,කන්නෞජ්,කාරා,කාශ/කසී,හජිපූර්,මුල්ගන්,භගපූර්,මුර්ශිඩාබාඩ්,බහරාම්පූර් සහ කල්කටා යන ප්‍රාන්ත ප්‍රධාන නගර හරහා ගලනවා…
“ගංගා” ආශ්‍රිත ප්‍රධාන පූජණීය නගර වන්නේ ගංගෝත්‍රී,හරීද්වාර්,අලහාබාද්,වරානාසි/බාරාණාසි/බරණැස් ය….



“ගංගා” ගග ආශ්‍රිතව පවතින ප්‍රධානම ආගමික උත්සවය වන්නේ “කුම්භ මේලා” ය…
චතුර්වේදයන් හි, මහාභාරතයෙහි සහ රාමායණයෙහි ඇතුළුව සෑම් හින්දු ආගමික පොතකම “ගංගා” ගැන සඳහන් වෙනවා…”ගංගා” ගැන් හින්දුන් මිත්‍යා විශ්වාස් සෑහෙන් ප්‍රමාණයක් තිබෙන අතර ඉන් එකක් වන්නේ “ගංගා” මේරු (මහා මේරු/හිමාලයා ගේ දියණියන් දෙදෙනාගෙන් කෙනෙක් වන බවයි.අනෙක් දියණිය නම් ශිව ගේ බිරිය “උමා” ය….අනෙක නම් “ගංගා” ශිවගේ හිස බැඳි ජටාවෙන් ඇදහැලෙන බව….
උපතේ සිට මරණය තෙක් හින්දුන්ගේ ජීවිත වලා බොහෝ අවස්තාවන් වලට “ගංගා” දායක වෙනවා..මරණයෙන් පසු තමුන්ගේ අළු හරිද්වාර් තොටුපොලෙන් හෝ වාරාණාසියෙන් “ගංගා” වෙත දැමීම හින්දුන්ගේ එක ප්‍රධානම ප්‍රාර්ථනාවක්…එයින් පසු ඔවුන් මෝකෂයට යන බව ඔවුන් විශ්වාස් කරනවා…
විවිධ් වූ මෙවන් මිත්‍යා විශ්වාස නිසා “ගංගා” අදවන විට පත්ව ඇත්තේ ඉතාම් අසතුඨු දායක තත්ත්වයකටයි…එනම් ජල දූෂණය අතින් “ගංගා” ලෝකයේම 5 වන ස්ථානයෙ සිටිනවා…


2007 දී ආරම්භ වුණ “ගංගා” පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාව තුළ අසාර්ථක වුණ ලොකුම ව්‍යාපෘතීන්ගෙන් එකක් බව කියවෙනවා…ඊට හේතු ලෙස දක්වන්නේ දේශපාලනමය දූෂණයන්, තාක්ෂණික දැනුමේ අඩුපාඩු සහ ආගමික් කණඩායම් වලින් සහාය නොලැබීම ය….
ඇතැම් හින්දු නිකායන් වල පුද්ගලයන් නොපිලිස්සූ මෘත ශරීර “ගංගා” වෙත දමනවා..මින් සිදු වන දෙය අමුතුවෙන් පැහැදිලි කලයුතු නෑ..ඒ කෙසෙ වුවත් අදටත් ඉන්දීයයන් “ගංගා” ජලය ස්නානයට මෙන්ම පානයටත් භාවිතා කරනවා…හින්දු නිවාස වල මුට්ටියක හෝඅ බෝතලයක දැමූ “ගංගා” ජලය වන්දනා කරන ස්ථානයන්හි තබා තිබෙනවා…
ගෞරවාර්තයෙන් “ගංගා මයියා” (ගංගා මාතාව ) , “ගංගා ජී” , “ගංගා දේවී” , “ගංගා ගංගෝත්‍රී” වැනි නම් යොදනවා…
ඇතැම් දිනවල මල සිරුරු ආදාහණය සහ ස්නානය නොසුදුසු යන මතයත් “ගංගා” ආශ්‍රිතව ඇති වූවක් බව පැවසෙනවා…එනම් ඒ දිනවල “බ්‍රාහ්මණයන්” ගංගා ජලයෙහි ස්නානය කරන බැවින්, අඩුකුල වල මිනිසුන් “ගංගා” වෙහි ස්නානය සහ එයට මිණී අළු දැමීමෙන් වැලැක්වීමට ඔවුන්ට උවමනා වුණා…මේ නිසා ඔවුන් විසින් මතයක් ඇති කලා ඒ දින වලදී ස්නානය සහ මල සිරුරු ආදාහනය නොසුදුසු බව….
ඔවුන්ගේ කියමනක් වන්නේ “කීචර් වාලේ ගංගා ජල් කෝ, ජග් ගංගා ජල් හී කැහෙතා හේ” එනම් “කුණු වලින් පිරුණත් , ලෝකය ගංගාවට “ගංගා” ලෙසම අමතයි”…එහි වචණාර්තය එය වුවත් ඉන් පැවසෙන්නේ කෙතරම් අපිරිසිදු වුවත් ඔවුනට “ගංගා” යනු අති පූජණීය වස්තුවක් වන බවයි….

භාරත විත්ති – 03 – ‘මාළිගා’

ඉන්දියාවෙ පාලන තන්ත්‍රයේ “මහරාජා වරුන්ට” දිගු ඉතිහාසයක් තිබෙනවා…චන්ද්‍රගුප්ත්, අශෝක් ඇතුලුව මෝගල් වරුන් තෙක් ඉන්දියාව පාලන කල සියලුම රජ වරුන් මහාරාජා යන නමින් හඳුන්වනවා..මහා රාජා ගෙ මහ බිසව හින්දු නම් “මහා රාණි” ලෙසද මුස්ලිම් නම්”මලිකාය හින්දුස්ථාන්” ලෙසද නම් කලා….මරාතා රාජධානියෙ මහාරාජා “චත්‍රපති” නමින්
හැඳින්වූවා… .කෙසේ වුවත් මෝගල් වරුන්ට පෙර සිටි මහාරාජා වරුන්ගෙ වාස භූමි අද වන විට නටඹුන් පමණයි….
මේ මහාරාජ වරුන් යටතේ තවත් පාලකයන් සිටියා ඔවුන් හින්දු මහාරාජා වරයෙක් යටතේ නම් “රාජා/රාණා” ලෙස උතුරු ප්‍රන්ත වලද “ඨාකූර්” ලෙස නැගෙනහිර ප්‍රන්ත වලද “පේශ්වා” ලෙස මරාතා රාජධානියෙහිද “නවාබ්” ලෙස මුස්ලිම් මහා රාජා කෙනෙකු/සුල්තාන් වරයෙකු යටතේ ද හඳුන්වනු ලැබුවා….”රාජා/රාණා” ගේ බිසව “රාණි” ලෙසද “ඨාකූර් ” ගේ බිසව “ඨකුරායන්” ලෙසද “නවාබ්” වරයෙකු ගෙ බිසව “බේඝම්” ලෙසද “පේශ්වා” වරයෙකු ගේ බිසව “භායි/බායි” ලෙසද හඳුන්වනු ලැබුවා..
මහා රාජා වරයෙකු ප්‍රන්තයක් පාලනය කරනවා නම් ඔහු යටතෙ ඉන්න මේ අය ප්‍රාන්තයේ බෙදා ගත් ප්‍රදේශ පාලනය කලා…
                                                                               (නවාබ් වරයෙක්)

ඉන්දියාව බ්‍රිතන්‍යයන්ට යටත් වන තෙකම සහ ඉන් අනතුරුව යම් කාලයක් යන තුරුත ක්‍රමය පැවතුනා….
මේ මහා රාජා වරුන්, රාජා වරුන්, පෙශ්වා වරුන්, නවාබ් වරුන්, ඨාකූර් වරුන් විසින් ඉන්දියාවෙ තැන් තැන් වල ඔවුන්ගෙ ස්ථීර සහ තාවකාලික් වාසස්ථාන
ලෙස මාළිගාවල් ඉදිකරනු ලැබුවා..මොගල් යුගයේ ඉදිකරන ලද මාළිගාවල් වල් සියල්ලම පාහෙ අද වන තුරුත් ඉතාම හොඳ මට්ටමින් පවතින් අතර ඇතැම් ඒවායෙහි මේ වනතුරුත් අදාල රජ පරම්පරා වල උදවිය වාසය කරනවා…ඇතැම් ඒව පුරාවිද්‍ය ස්මාරක ලෙස සංචාරක ආකර්ෂ්ණය දිනා ගන්නා අතරම ඇතැම් ඒවා සංචාරක හෝටල් ලෙස භාවිතා කරනවා…ඉන්දියාව පුර මෙවන් මාළිගා සෑහෙන ප්‍රමාණයක් තිබෙන අතර මින් වැඩි ප්‍රමාණයක් රාජ්පුත් වරුන් විසූ “රාජස්තාන්” ප්‍රන්තයෙ “ජායි පූර්” සහ “උදායි පූර්” වල තිබෙනවා…
මේ මාලෛගා අතර
01.අග්‍රා බලකොටුව – අග්‍රාහි මෝඝල අධිරාජ්‍යයාගෙ මාළිගාව

02.ආයිනා මහල් – කුච් හි රාජා ගේ මාළිගය


03.අම්බේර් මාළිගය – ජායි පූර් රාජා ගේ මාළිගය   
04.අම්බ විලාස් මාළිගය–මයිසූර් මහාරාජා ගේ මාළිගාවක්


05.බැන්ගලෝර් මාළිගාව
06.බිලාරා මාළිගය- ජෝද්පූර්,රාජස්ථාන්
07.චත්‍රපති ෂාහු මාළිගය – කෝලාපූර් හි චත්‍රපති ෂාහු ගේ රාජකීය් නවාතැන(මරාතා රාජධානිය )
08.චෙලුවම්බා විලාස් මාළිගය-මයිසූර්
09.චොව්මහල්ලා මාළිගය
10. ජයිපූර් නගර මාළිගය – ජායි පූර් මහ රාජා ගේ මාළිගයක්
11.උදායි පූර් මාළිගය – උදායි පූර් මහ රාජා ගේ මාළිගයක්
12.චිත්තෝර් මාළිගය – චිත්තෝර් මහ රාජා ගේ මාළිගය (ඉන්දියාවේ විශාලතම මාළිගය ලෙස සැළකේ- රාණි “පද්මාවති” විසුවේද මෙහිය )
13.කූච් බෙහාර් මාළිගය – කූච් බෙහාර් මහ රාජගෙ මාළිගයක්, බෙංගාලි ප්‍රාන්තය
14.දිල්ලි බළකොටුව – මෝඝල් අධිරාජ්‍යයාගේ මාළිගයක්
15.ෆලක්නුමා මාළිගය – හයිද්‍රාබාද් මහා රාජාගේ මාළිගයක්
16.ෆඨේෆූර් සික් රි – මහා අක්බර් අධිරාජ්‍යයාගේ මාළිගයක්
17.ගෝහර් මැහැල් – ජෛස්ල්මේර් හි රාජ වරයෙකු ගේ මාළිගයක්, ජෛසල්මේර්, රාජස්තාන්
18.ශ්‍රී නගර් මහ මාළිගය – ශ්‍රී නගර් හි රාජ වරයෙකු ගේ මාළිගයක්, මේ වන විට සංචාරක හෝටලයකි
19.හවා මැහැල් – ජායිපූර් හි රාජා වරයෙකුගේ මාළිගයක්
20.හසර්දුආරි මාළිගය – මුර්ශිදාබද් හි රජෙකුගේ මාළිගයක්, බෙංගාලි ප්‍රාන්තය
21.හිල් පැලස් – කොචින් හි මහා රාජා ගේ මාළිගය, මේ වන විට ඉන්දියාවෙ විශාලම පුරා විද්‍යා කෞතුකාගාර වලින් එකක්
22.ජගන් මෝහන් මාළිගය – මයිසූර් හි රාජ වරයෙකුගේ මාළිගයක්
23.ජග් මන්දීර් – ෂාහ් ජෙහාන් ගේ මාළිගයක්, ජායි පූර්
24.ජග් නිවාස් – උදායි පූර් රාජ ගේ මාළිගයක්
25.ජායි මැහැල් – ජායි පූර් රාජ වරයෙකුගේ මාළිගයක්
26. ජය ලක්ශ්මි විලාස් මාළිගය – මයිසූර්
27.ජයි විලාස් මාළිගය – ග්වාලියර් හි මහා රාජා ගේ මාළිගය
28.ජෛසල්මේර් බළකොටුව – ජෛසල්මේර් මහ රාජාගේ මාළිගයක්, ජෛසල්මේර්, රාජස්තාන්
29.ජර්ඝ්‍රම් මාළිගය – ජර්ග්‍රම් හි රාජ වරයෙකු ගේ මාළිගයක්
30.කරන්ජි විලාස් මාළිගය – මයිසූර්
31.කංග්‍රා බළකොටුව – කංග්‍රා මහරාජා ගේ මාළිගය,
32.කශ්භාග් මාළිගය – රාම්පූර් මහරාජා ගේ මාළිගය
33.කෝති මාළිගය – 7 වන නිසාම් නවාබ් ගේ මාළිගය
34.කොව්ඩියාර් මාළිගය – ට්‍රෙවන්කෝර් රාජකීය් පවුලේ මාළිගයක්, කේරළ
35.ලාල් ඝඩ් මාළිගය – භිකනේර් හි රාජා වරයෙකු ගේ මාළිගයක්
36.ලක්ශ්මී විලාස් මාළිගය – බැරෝඩා මහාරාජා ගේ මාළිගය


37.ලක්ශ්මි පුරම් මාළිගය
38.ලලිත මැහැල් මාළිගය -මයිසූර්
39.ලක්ශ්මි විලාස් මාළිගය – ධර්බන්ඝා මහරාජා ගේ මාළිගය .විශ්වවිද්‍යාලයක් ලෙස භාවිතා කර මේ වන විට අදාල විශ්වවිද්‍යාලයේ උප්කුලපති නිවස්නය ලෙස භාවිතා කරයි.
40.ලෝක් රන්ජන් මැහැල් – මයිසූර්
41.මාබල් මාළිගය – රාජා රාජේන්ද්‍ර මුලික් ගේ මාළිගය , කල්කට්ටා
42.නාශිපුඅර් රජ්බාරි – මුර්ශිදාබාද් රාජා ගේ මාළිගයක්
43.නරේන් නිවාස් මාළිගය – ජායි පූර් රාජා වරයෙකු ගේ මාළිගයක්
44.නේදුම්පුරම් මාළිගය
45.නව මාළිගය – කොහ්ලාපූර් මහරාජා ගේ මාලිගයක්
46.පද්මනාභපුරම් මාළිගය – ට්‍රෙවන්කෝර් මහාරාජාගේ මාළිගය



47.ප්‍රාග් මැහැල් – කුච් හි ඨාකූර් ගේ මාළිගයක්
48.පුරාණි හවේලි – නිසාම් නවාබ් ගේ මාළිගයක්
49.එන්ද්‍ර විලාස් මාළිගය – මයිසූර්
50.රාජ් මැහැල් මාළිගය – ජායි පූර් රාජගේ මාළිගයක්
51. රජ්භාරි – කූච් බෙහාර් මහාරාජා ගේ මාළිගයක්
52.රම්බාග් මාළිගය – ජායි පූර් මහාරාජා ගේ මාළිගයක්
53 අග්‍රා හි රතු බළකොටුව – රාජවංශ කිහිපයකම මාළිගය
54.සමෝඩ් මාළිගය – ජායිපූර් රාජා ගේ මාළිගයක්
55.ශනිවාර් වාඩා – භාජි රාඕ පේශ්වා ගේ මාළිගය, පූනා
56.ශෞකත් මැහැල් – භෝපාල් හි රාජා ගෙ මාළිගයක්
57.තන්ජාවූර් මාළිගය
58.තෙවාලි මාළිගය, කොල්ලම් – ට්‍රැවන්කෝර් මහරජා ගේ පවුලේ මවාසස්තානයක්
59.උමයිඩ් භවාන් මාළිගය – ජොද් පූර් මහ රාජා ගේ මාළිගයක්
60.උපේර්කෝට් මාළිගය – උපේර්කෝට් රාජා ගේ මාළිගයක්, ජුනාඝාඩ්, ගුජ් රාට්
61.වසන්ත් මැහැල් මාළිගය – මයිසූර්
62.විජය විලාස් මැහැල් මාළිගය – කුච් හි රාජකීයයන්ගේ මාළිගයක්
63.වසීෆ් මන්සිල් – මුර්ශිදාබාද් රාජා ගේ මාළිගයක්

(කුච් බිහේර් මාලිගය – කල්කටා)

මෙම මාළිගාවන් අතරින් වඩාත්ම ප්‍රචලිත් ඒවා වෙන්නෙ ජායි පූර් උදායි පූර් මාළිගාවන්, මයිසූර් මහරාජා ගේ මාළිගය පද්මනාබ පුරම් මාළිගය , බැරෝඩා මාළිගය යන ඒවායි…බැරෝඩා මාළිගය තවත් කරුණකින් ප්‍රසිද්ධයි..ඒ රාජ රවී වර්මා විසින් අඳින ලද සිතුවම් වැඩිම ප්‍රමාණයක් ඇති තැන්ක් ලෙසයි…
රාජ රවී වර්ම කුඩා කල හැදුනේ පද්මනාභපුරම් මාළිගාවෙ, ට්‍රෙවෙනකෝර් මහරාජ ඓලුම් තීරුණල් සමගයි…මේ මාළිගාවන් වැඩි වශයෙන් සිනමා නිර්මාණ සඳහත් යොදා ගන්නවා…
මාළිගාවල් වල පොදු අංගයක් වන්නේ “දර්භාර්” නම් ශාලාවයි…දර්භාර් යන්නෙහි තේරුම් “දේව් සභාව” යන්නයි..මෙහිදී දේව් සභාව ලෙස හඳුන්වන්නේ “රාජ් සභාවයි”…
(පද්මනාභ පුරම් මාළිගයේ දර්බාර් ශාලාව)

(මයිසූර් මහාරාජා ගේ මාළිගයේ දර්බාර් ශාලාව)

අනික් පොදු අංගයක් නම්”රාණි මැහැල්” ය..මෙය බිසෝ වරුන්ගේ කොටස නොහොත් අන්තපුරයයි…..
පද්මනාභපුරම් මාළිගාව කේරළ ප්‍රාන්තයෙ පිහිටා ඇති බැවින් එය ලාංකීය් ගෘහ නිර්මෑඅණ සහ කැටයම් නිර්මාණ වලට බෙහෙවින්ම සමානයි…
මෙම මාළිගාවන් වල අලංකාරත්වය ,විශාලත්වය,ප්‍රෞඩ බව සළකා බැලූ විට ඉන්දීය මහරාජා වරු ,රාජා වරැ..ඨාකූර් වරු..නවාබ් වරැ..සමීන්දාර් වරැ..රකතරම් සුඛෝපභෝගී ජීවිත ගත කල අයද…. කියන එක මනාව පැහැදිලි වෙනවා….

භාරත විත්ති – 02 – ‘පඩිපෙල් පොකුණු’



ඉන්දියාවෙ සමහර ප්‍රානත සහ සමහර ප්‍රදේශ ඉතිම වියලි දේශගුණයක් තියෙන ප්‍රදේශයි… මේ ප්‍රදේශ වලට ,ජලය කියන්නෙ ඉතාම වටිනා සම්පතක්…සහ පහසුවෙන් ලබා ගත නොහැකි දෙයක්…
ඈත අතීතයේ සිටි මිනිසුන් ජලය ලබා ගැණීම සඳහ පොළව කැණීම කලා..ඔවුන් ජලය ලැබෙන තෙක්ම පොලව කැණීම නිසා භූමයේ විශාල කුහර ඇති වුණ..අවසානයේ ජලය ලැබුණත් එය ලබා ගත නොහැකි මට්ටමේ ගැඹුරෙන් යුතු වුණා…

මේ මිනිසුන් මේකට විකල්පයක් ලෙස යොදා ගත්තෙ ලිං පතුලට පඩිපෙල් සැකසීමයි…
මුලින් මුලින් ‍ප්‍රාථමික ලෙස සිදු වුනු මේ කටයුත්ත පසුව ඉතාම අලංකාර ,වටිනා ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ඇති සහ ඉතිහාසයමය වටිනා කමක් ඇති වෙන විදිහට සිද්ධ වුණා…..
                                                                                  (මුල් යුගයේ පඩි ලිඳක්)


මෙසේ පිහිටුවණු ලැබූ පඩිපෙල් පොකුණු / ලිං වැඩි ප්‍රමාණයක් උතුරු ඉන්දියාවේද සහ යම් ප්‍රමාණයක් දකුණු ඉන්දියාවේද අදත් දක්නට ලැබෙනවා….
උතුරු ඉන්දියවේ ඉදිවුන මේ පොකුණු වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නෙ ඉන්දියාවේ වියලිම ප්‍රාන්තය ලෙස සලකන රාජස්තාන් ප්‍රාන්තයේ….
මීට අමතරව දිල්ලි,ගුජරාටි,මහාරාෂ්ඨ්‍ර,කේරල සහ කර්ණාටක ප්‍රාන්ත වලත් මෙවැනි ලිං තිබෙනවා…
මෙම ලිං පහත ආකාරයෙන් විවිධ භාෂ වලින් උසුරුවනවා…
හින්දි – බාඕලි,බෞඩි/බව්රි
රාජස්තානි – බාවිරි,බාව්ලි,බාවාඩි
ගුජ්රාටි-වාව්,වාවි (මෙය වැව යන්නට සමානයි)
කන්නඩ- කල්‍යාණි,පුෂ්කරණි
මරාති- බාරව්
මුලින්ම මෙවැනි ලිං ඉදිකර ඇත්තේ ඉන්දු නිම්නි ශිෂ්ඨාචාරයේ දියුණු නගර වුන දොලාවිරා සහ මොහෙන්ජො-දාරෝ වල බව ට ඉතිහාසඥයන් සොයාගෙන තිබෙනවා…
මේවා වැඩි වශයෙන් සිලින්ඩරාකාර ඒවායි…
දැනට හොඳ තත්වයෙන් ඉතිරි වී තිබෙන ලිං වලින් මුල්ම ඒවා 4 වන සියවසේ ඉදි වුණ ඒවා බව ඉන්දීය පුරාවිදුවන් පවසනවා…ඒවා වන්නෙ
උපේර්කෝට් ලිඳ- ජුනාඝාඩ්
නවාෂාන් කූවො (කූවා/කුයියා යනු හින්දියෙන් ලිඳ යන්නට යෙදෙන වචනයයි)
ධාන්ක්- රාජ්කෝට් (550-625 ක්‍රි.පූ.)
භින්මාල් භවානි – ගුජ්රාට් (11 වන සියවස)

දැනට ඉතිරිව ඇති අලංකාරම පඩි පොකුණු වන්නේ
අග්‍රාසෙන් බාඔලී – දිල්ලිය (PK සිනමා පටය නරඹා ඇති අයට මෙය මතක තිබිය යුතුයි)


රාජෝකි බාඕලි – දිල්ලිය
චාන්ද් බාව්රි – අභිනේරි/අභා නගර්,ජායිපූර් දවුසා දිස්ත්‍රික්කය,රාජස්තාන්








චර්තනා බරව්- ප්‍රභානි දිස්ත්‍රික්කය ,මහාරාෂ්ඨ්‍ර
රාණි කි වාව්- පඨාන්,ගුජ්රාට්
අදලාජ් නි වාව්-අදලාජ්,ගාන්ධි නගර්,ගුජ්රාට්
දාදා හරීර් – අහ්මදාබාද්,ගුජ්රාට්
ජච්චා කි බාව්රි- හින්දාවුන්,හර්යානා
තූර් ජී කි බාව්රි – ජොද්පූර්,රාජස්තාන්
බ්‍රිකා බාව්රි-ජෝද්පූර්,රාජස්තාන්
ශෂී බාව්ලි-ජෝද්පූර්,රාජස්තාන්
මේවා අතරින් අලංකාරතම,පැරණිම සහ ගැඹුරුතම එක රාජස්තාන් හි “චාන්ද් බාව්රි” ය..
පොලොවෙන් උණන සහ වැස්සෙන් වැටෙන ජලය හැකි සෑම ආකාරයෙන්ම රඳවා ගත හැකි වෙන ආකාරයෙන් මෙය ඊදිකර තිබෙනවා…
මාලිගාවක ආකාරයක් දිස්වෙන මෙය රාජස්තාන් වල ප්‍රෞඩත්වයේ සංකේතයක් ලෙස ඔවුන් සෑම තැනදිම හුවා දක්වනවා…
පොලොව මතුපිට උෂ්ණත්වයට වඩා අංශක 5-6 අඩු උෂ්ණත්වයක් පොකුණු පතුලේ ජලයේ තිබෙනවා…
මෙම “චාන්ද බාව්රි පොකුණ” සිනමා පට තිහිපයකමත් දැක්වෙනවා..ඒ “පහේලි”,භූල් භුලයියා” චාන්ද තාරේ පූල් ශබ්නම් ගීතයේ…
ගෘහ නිර්මාණ ලක්ෂණ සහ අලංකාරත්වය අතින් මේ පොකුණු හින්දු කෝවිල් සහ මාලිගා ලකෂණ පෙන්නුම කරනවා….අතීතයේ මාලිගා උයන්් වල අලංකාරත්වය වෙනුවෙනුත් මෙවැනි පොකුණු ඉදිකර තිබෙනවා..
ලංකාවේ අනුරාධපුරයේ කුට්ටම් පොකුණත් පොළොන්නරුවේ නෙළුම් පොකුණත් යම්තාක් දුරට මෙවන් ලක්ෂණ පෙන්නුම් කරනවා…අභය ගිරි ආරාම සංකීර්ණයේ සිලින්ඩරාකාරව තැනූ පඩි පෙල් ලිං කිහිපයක් අදටත් ඉතිරි වී තිබෙනවා…
අතීත මිනිසුන් මෙවැනි දේ ඉතිරි කර තැබුවත් වර්තමානයේ එවැනි දේ සිදුවන බවක් නම් වාරතා වෙන්නෙ නෑ….

භාරත විත්ති – 01 – තෙත බරිත නගරය

දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් කොච්චර කරදරයක්ද අපිට…
සතියක් විතර වැස්සොත් කියන්න බැරි තරම් කරදරයක් විදිහට අපිට ඒක පේන්නෙ….
365 දවසෙම වැස්සොත් මොනවා වෙයිද?!…
මේ කියන්න යන්නෙ එහෙම තැනක් ගැන…

ඉන්දියාවෙ ඊශාන දිගින් පිහිටි මේඝාලයා ප්‍රනේතයෙ පිහිටි “චෙරාපුන්ජි” කියන්නෙ වසරේ සෑම දිනකම වැසි වසින ප්‍රදේශයක්…කෙටියෙන් කීවොත් ලෝකයේ වර්ෂාපතනය වැඩිම ප්‍රදේශ වලින් දෙවන තැන…පළවෙනි තැන වෙන්නෙ මේඝලයා ප්‍රාන්තයේම” මෞසින්මාර්” ප්‍රදේශය….එහෙත් මෞසින්මාර් එම තැනට පත්වුනෙ මෑත කාලීනවයි…
ඊට පෙර එම වාර්තාව ඉසිලුවෙ “චෙරාපුංජි” …චෙරාපුංජි වල වාර්ෂික වර්ෂාපතනය 11,777 මි.මී. (අඟල් 463.7)…එය මෞසින්මාර් වල 11,873 මි.මී වෙනවා….
මධ්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 1484ක් උසින් චෙරාපුංජි පිහිටා තිබෙණවා…
සිසිර සෘතුවේදී වැටෙන වර්ෂාව බ්‍රහ්ම පුත්‍ර නිම්නයට ඇද වැටී බ්‍රහ්ම පුත්‍ර ගංගාව පෝෂණය කරනවා…
සාපේක්ෂව වියලිම කාලගුණයක් පවතින්නේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේදීයි….
සාමාන්‍ය උෂ්ණත්වය අගෝස්තු මසදී 11.5 C (69.1 F) ..වාර්ෂික මධ්‍ය උෂ්ණත්වය 17.3 C (63.1 F) ලෙස වාර්තා වෙනවා…
චෙරාපුංජි කියන්නෙ මේ නිරන්තර වර්ෂාව නිසාම පිරිසිදු වතුර ,අලංකාර දිය ඇලි ,ගංගා,ඇල දොල වලින් පොහොසත් ප්‍රදේශයක්….
නිරිත දිග සහ ඊශාන දිග මෝසම් දෙකෙන්ම මේ ප්‍රදේශයට නොඅඩුව වැසි ලැබෙනවා….එමෙන්ම එම තත්වය වැඩි වෙනවා මේ ප්‍රදේශය බෙංගාල බොක්කට ආසන්නව පිහිටීම….බංග්ලාදේශය හරහා කි.මී.400 ක් පමණ පැමිණෙන වැසි වලාවන් “කාෂි” කඳු වල ගැටීමෙන් මෙම ප්‍රදේශ වලට වර්ෂාව ඇති වෙනවා…

චෙරාපුංජිවල ප්‍රසිද්ධ දෙයක් තමයි ජීවී පාලම්…ශත වර්ෂ ගණනාවකට පෙර සිටි මිනිසුන් ,ගංගාවල් දෙපස පිහිටි නුග හෝ එවැනි දිගු මුල් ඇත් ගස් වල මුල් දෙපසින් ඇද ගැට ගසා මෙම පාලම් නිර්මණය කර තිබෙනවා…


මෙම පාලම් දිනෙන් දිනම ලියලනවා…වර්තමානයේත් මෙවන් පාලම් නර්මාණය කෙරෙනවා…
මෙතරම් වර්ෂාවක් ලැබුණත් ,සාරවත් බිමක් තිබුණත් ඇතැම් ප්‍රදේශ වල වගාවන් කල නොහැකි වන්නෙ නිරන්තර පාංශුඛාදනයට ලක්වෙන නිසාමයි..ඊට හේතව වන්නේ ජනගහණ වරධනයත සමගම ්මිනිසුන් විසින් කරන වන විනාශයයි..

චෙරාපුංජි පිහිටා තිබෙන්නෙ මේඝලයා හි අගනුවර සිට කි.මී.58ක් දුරින්…එයට ලඟා විය හැක්කෙ අලංකාර,විටෙක දුෂ්කර කඳුකර මාවත් ඔස්සේයි…සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් චෙරාපුංජි කියන්නෙ….
චෙරාපුංජි වල වැසියන් ප්‍රධාන වශයෙන්ම “කාෂි” ජාතිකයන්…සම්ප්‍රදායක් ලෙස දරුවන් මවගේ වාසගම නමට ඇතුළත් කර ගන්නවා…
දියණි වරු සිටින පවුලක බාලම දියණියගේ සැමියා බින්න විවාහයකට ඇතුළත් වීම අනිවාර්යා සම්ප්‍රදායක්…දේපල වලින් වැඩි කොටසක් හිමි වන්නෙ බාලම දියණියටයි….
චෙරාපුංජි මේ වන විට ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියනවා..ඒ1860 අගොස්තු සිට 1861 ජූලි තෙක් වර්ෂයේදී ලෝකයේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය වන 26,471 මි.මී වාර්තා කිරීම සහ 1861 ජූලි දී 9,300 මි.මී.ලෙස ලෝකයේ වැඩිම මාසික වර්ෂාපතනයක් වාර්තා කිරීමයි….
චෙරාපුංජි වලට ආසන්නතම ගුවන් තොටුපල (91 KM)වන්නෙ ෂිලිගොං හි උමොරි ගුවන් තොටුපල වුවත් එයට කලිකටාවල සිට පමණක්,එයද නිතර නොපැමිණෙන ගුවන් යානා නිසා වඩාත් භාවිතා කරන්නෙ 181 කි.මී.දුරින් පිහිට ගුවහටි ගුවන් තොටුපලයි…ගුවහටි ගුවන්තොටුපලේ සිට ටැක්සි රථයකින් යාම වඩා ප්‍රචලිතයි..ඒ ඇරෙන්න බස් ප්‍රවාහන පහසුකම්ද තිබෙනවා…ආසන්නම දුම්රියස්තානය වෙන්නෙත් ගුවහටි දුම්රිය ස්තානයයි…

සංචාරකයන් මෙතරම් දුෂ්කරතාවයන් විඳිමින් වුවද චෙරාපුංජි නැරඹීමට යන්නෙ එහි ඇති මනස්කාන්ත දර්ශණයන් නැරඹීමට සහ එහි සුවය විඳීමටමයි……

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters