භාරතයේ විත්ති - 39 - 'තාර්'


තාර් යනු එළුවන් විශේෂයක් හඳුන්වන නාමයයි. මෙම එළුවන් බහුල වූ ප්‍රදේශයක් තමයි තාර් කාන්තාරය.

උතුරු ඉන්දියාවේ රාජස්තාන්, පන්ජාබ්,ගුජරාත් සහ හර්යානා යන ප්‍රාන්ත වලට අයත් ප්‍රදේශයක පිහිටා තිබෙන..එක් පසෙකින් ඉන්දියාව හා පාකිස්තානය අතර ස්වාභාවික දේශසීමාවක් ලෙස පවතිනා විශාල කාන්තාරයක් තාර් කියන්නෙ.එය ප්‍රමාණයෙන් ලංකාවට වඩා විශාලයි. එනම් ව.කි.මී. 170,000 (ව.සැ.66,000).මින් 85%ක් ඉන්දීය භූමියේද, 15%ක් පාකිස්තාන භූමියේද පිහිටා තිබෙනවා.සමස්ථ ඉන්දීය භූමි ප්‍රමාණයෙන් එය 5%ක් පමණ වෙනවා.


තාර් කාන්තාරයේ ඉන්දීය කොටසින් 60%ක් රාජස්තාන් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා.
බටහිර ට වන්නට 'මරුස්තලි' කලාපයේ අතිෂය වියලි කාන්තාරයක් වන මෙය නැගෙනහිරට වද්දි අර්ධ කාන්තාරීකරණය වුණ ප්‍රදේශයක්.බටහිර කොටසේ විශාල වැලි කඳු දකින්න පුලුවන් වගේම වැලි කුණාටු ඇති වන අවස්ථාත් බොහොමයි.



තාර් කාන්තාරයේ වාර්ෂික වර්ෂාපතනය මි.මි. 100 ත් 500ත් අතර මට්ටමක පවතිනවා (වැඩි වශයෙන් ජූලි - දෙසැම්බර් කාලයේ ).කාන්තාරය තුලින් ගලන් ජල ධාරාවන් වනුයේ 'ලුනි' නදිය සහ ඉන්දිරා ගාන්ධි ඇල මාර්ගයයි.


කාන්තාරයේ රාජස්තානයට අයත්  සම්භර්,කංච්මන්,ඩිඩ්වනා,පච්පද්‍රා සහ පලොඩි සහ ගුජරාතයට අයත් ඛාරාඝෝඩා යන ප්‍රදේශ වල ලුණු දිය පොකුණු දකින්න පුලුවන්.මේවා වර්ෂා කාලයේ ලැබෙන ජලයෙන් පිරී යනමුත් ඉතිරි කාලයේ ක්‍රමයෙන් වියලී යනවා.
ප්‍රාග් ඓතිහාසික අටෙරිඅන් යුගයට අයත් ලිතික උපකරණ මෙම කාන්තාරයෙන් හමු වී තිබෙනවා.


තාර් කාන්තාරයේ ඇතැම් ප්‍රදේශ රක්ෂිත ලෙස නම් කොට තිබෙණවා.බෙංගාල ව්‍යාඝ්‍රයන්,කලු මුවන්,චින්කාරා මුවන් වැනි අතිෂය දුර්ලභ සතුන් හා මොණරුන් සහ පක්ෂීන් විශාල ප්‍රමාණයක් තාර් කාන්තාර ප්‍රදේශයේ දකින්න පුලුවන්.
තාර් කාන්තාරයේ ඇතැම් ප්‍රදේශ වල මිනිසුන් වාසය කරන අතර ජනඝනත්වය 83ක් පමණ වන බව වාර්තා වෙනවා.




කෙතරම් වියලි ප්‍රදේශයක් වුවද තාර් කාන්තාරය යනු සංචාරකයන් ප්‍රිය කරන ප්‍රදේශයක්. තාර් කාන්තාරයට අයත් වන ජෛසල්මේර්, බිඛාණේර් ප්‍රදේශ ඉන් වැඩි ආකර්ෂණයක් දිනාගත් ප්‍රදේශයි.





                
(Jaisalmer fort)


      (Jaisalmer fort)




තාර් කාන්තාරය මැද සංචාරක කඳවුරු ක්‍රියාත්මක වන අතර රාත්‍රියේ එම කඳවුරු වල නතර වී කාන්තාරයේ රැයේ සුන්දරත්වය විඳීමේ හැකියාව තියෙනවා. මේ කඳවුරු වල රාජස්තාන් හි සංස්කෘතිකාංග නිතර දකින්න පුලුවන්.'ඝූමර් ' රංගනය ඉන් ප්‍රසිද්ධ එකක්. වාර්ෂිකව මෙහි පැවැත්වෙන කාන්තාර සැණකිලියත් අතිෂය ප්‍රසිද්ධ එකක්. පහේලි සිනමා පටය නරඹා ඇති අයට මතක ඇති ඔටු රේස්.

පහේලි සහ රුදාලි,හම් දිල් දේ චුකේ සනම්, පී.කේ,ඖසර්,ඒක් පහේලි ලීලා  ඇතුළුව සිනමාපට රාශියකට දර්ශණතල සැපයූ ස්ථානයක් තමයි තාර් කාන්තාරය.

කෙතරම් වියලි වුණත් වැලි රටා මැවුණු කාන්තාරය මැදින් ඔටුවන් පිටේ සංචාරය කිරීම සංචාරකයන්ට නම් මහත් වින්දනයක් ගෙන දෙන්නක් වුවත් බීමට දියපොදක් නොමැතිව අන්ත දිලිඳු ජීවිත ගත කරන මිනිසුන්ට නම් එය වින්දනයක් නොවනු නොඅනුමාණය.




නැවත හමු වෙමු

- අමිල ලක්මාල් -

Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......21 - "අපායේ දින හතලිහක්"



(අතිෂය කෲර ක්‍රියාකාරකම් විස්තර වේ)


යකුසා ( Yakuza  ) කියන්නෙ ජපානයෙ සුප්‍රකට , අපරාධ සම්බන්ධ සංවිධානයක්. 1980 දශකයේ අග භාගයේ ජපානයේ යෂිඕ මිනාමි උසස් පාසලේ මෙම සංවිධානයට සම්බන්ධකම් ඇති  හිරොෂි මියානෝ ඉගෙන ගනිමින් සිටියා. මේ කාලෙම මේ පාසලේ ඉගෙන ගත් ජුන්කෝ ෆුරුටා රූමත් යුවතියක් නිසාම ඈ වෙට පාසලේ සිසුන්ගේ අවධානය යොමු වුණා වගේම හිරෝෂිගෙ අවධානයත් යොමු වුණා.එහෙත් දුසිරිතෙන් වැසී ගිය හිරෝෂිගේ ප්‍රේමාරාධනාවන් ජුන්කෝ පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කලා.. මෙසේ කිහිප විටක්ම ප්‍රතික්ෂේප වීම නිසා මැරකමට ප්‍රසිද්ධ හිරෝෂිට ලැජ්ජාවක් ඇති වුණා සහ ඒත් එක්කම ජුන්කෝ විනාශ කිරීමෙ අවශ්‍යතාවක් ඇති වුණා.(මෙතැන් සිට කතාව නඩුවේ දී ලබා දුන් සාක්ෂි හා ප්‍රකාශ අණුව පෙළ ගැසෙන්නකී



1988 නොවැම්බර් 25 හිරෝෂි මියානෝ සහ ඔහුගේ මිත්‍ර නොබුරු මිනාටෝ ,මිසාටෝ ප්‍රදේශයේ සැරිසරමින් සිටියේ ඔවුන්ගේ කාමාශවන් සංඉඳුවා ගැනීමට ගොදුරක් සොයමින්. මෙම අවස්ථාවේ රාත්‍රී 8.30 ට පමණ ජුන්කෝ පාපැදියෙන් ඇගේ නිවස බලා යමින් සිටියේ ඇගේ අර්ධ කාලීන රැකියාව නිමවායි. දෙවරක් නොසිතූ මියානෝ මිනාටෝට කියා සිටියේ ජුන්කෝව පැහැර ගෙන යාමට උදවු කරන ලේසයි.ඒ අනුව ක්‍රියාත්මක වුණු මිනාටෝ ජුන්කෝගෙ බයිසිකලයට පහරක් ගසා ඈව ඉවතට ඇද දමා බයිසිකලය රැගෙන යනවා. මේ අවස්ථාවේ අසල සැඟවී සිටි මියානෝ හොඳ පුද්ගලයෙක් ලෙස පැමිණ ඈව නිවසට ඇරලවීමට ඉදිරිපත් වෙනවා. කිසිවක් නොදන්නා ජුන්කෝ රාත්‍රියේ ආරක්ෂාවක් නොමැති බැවින් මියානෝ සමග ඇවිදන් යනවා.එහෙත් ඈ දැනන් සිටියේ නෑ ඈ මේ යන්නෙ අපාය වෙතට බව. මද දුරක් ගිය තැන බලහත්කාරකමින් ජුන්කෝ ව අසල වූ ගබඩාවකට ඇදගෙන යන මියානෝ එහිදී ජුන්කෝට සිය යකුසා සම්බන්ධකම් පවසා ජුන්කෝව බිය වද්දවා ඈව දූෂණයට ලක් කරනවා.ඉන් පසු ලඟ තිබෙන හෝටලයකට ඈව රැගෙන යන මියානෝ එහිදීද ජුන්කෝව දූෂණයට ලක්කරනවා. හෝටලයේ දුරකතනයෙන් මිනාටෝ සහ තවත් මිතුරන් කිහිප දෙනෙකු වන ජෝ ඔගුරා සහ යෂිශි වටනඹේ අමතනවා.මෙම පිරිස මීට පෙරද මෙවන් කටයුතු වලට ප්‍රසිද්ධියක් ඉසිලුවත් යකුසා සම්බන්ධකම් නිසා කිසිවෙක් ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වුණේ නෑ.
                           (Hiroshi Miyano then and now )


පසුදින පාන්දර 3.30 ට පමණ මියානෝ ජුන්කෝව ආසන්නයේ වූ උද්‍යානයකට රැගෙන යනවා. එහි මිනාටෝ, ඔගුරා සහ වටනඹේ ඔවුන් එනතුරු බලා සිටිනවා. එහිදී ඔවුන් ජුන්කෝට පවසා සිටින්නේ ඇය පලා යාමට උත්සාහ කලොත් යකුසා විසින් ඇගේ පවුලම මරාදමනු ලබනු ඇති බවයි.පසුව ඔවුන් ජුන්කෝව අදාචි හි අයාසේ දිස්ත්‍රික්කයේ පිහිටි මිනාටෝ ගෙ දෙමාපියන්ට අයත් නිවසකට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කරනවා.
නොවැම්බර් 27 දින ජුන්කෝ ගේ දෙමාපියන් ඇගේ අතුරුදන් වීම ගැන පොලිසියට වාර්තා කරනවා. මේ අතර දෙමාපියන්ට කතා කරන ජුන්කෝ පවසා සිටින්නේ ඇය යහතින් සිටින බවයි, එහෙත් ඈ එසේ පවසන්නෙ දූෂකයන්ගේ වද දීම් වලට බිය වූ බැවිනි.
මොවුන් නිවසේ සිටින විට මිනාටෝගෙ දෙමාපියන්ද එහි පැමිණි මුත් මිනාටෝ පවසා සිටියේ ජුන්කෝ ඔහුගේ පෙම්වතිය බවයි.
පසු කලෙක සාක්ෂි ලබා දීමේදී මිනාටෝ ගේ දෙමාපියන් පවසා සිටියේ ඔවුන්ගේ පුතා ඔවුන්ට පවා පහර දෙන දරුණු පුද්ගලයෙක් වූ බැවින් සහ ඔහු හා මිතුරන් යකුසා සමග පැවැති සම්බන්ධතා දන්නා බැවින් ඊට මැදිහත් නොවී සිටි බවයි.

දින හතලිහක් තිස්සේ ඔවුන් ජුන්කෝට සිතා ගැනීමටවත් නොහැකි වද දුන්නා. ඔවුන් පමණක් නොව , ඔවුන් දන්නා අනෙකුත් යකුසා සාමාජිකයනුත් නිවසට ගෙන්වාගෙන ඔවුන්ටත් ජුන්කෝ මාර්ගයෙන් විනෝදය ලබා ගැනීමට ඉඩ සලසා දුන්නා.

නඩුවේදි ලබා දුන් සාක්ෂි අනුව ඔවුන් විසින් දින හතලිහක් තුල ජුන්කෝව 400 වතාවක් පමණ දූෂණයට ලක් කර තිබුණා.
ඔවුන් ජුන්කෝට ලබා දුන් වද කිහිපයක් සඳහන් කලහොත්,
- දැල්වෙන විදුලි බුබුලු, යකඩ කූරු, නිලාකූරු වැනි දෑ ඇගේ රහස් අවයව වලට ඇතුළු කිරීම
- ලයිටර වල තෙල් කකුල් වලට දමා කකුල් පුළුස්සා දැමීම
- කකුල් ඇඟිලි තලා දැමීම
- ව්‍යායාම කිරීමට භාවිතා කරන ඩම්බෙල් ඇගේ ඇඟට අතහැරීම
- දෙකකුලින් සිවිලිමක එල්ලා පන්චිං බෑගයක් ලෙසට පහර දීම
- කැරපොත්තන් ආහරයට බල කිරීම
- ඇගේම මුත්‍රා පානය කරවීම
- රහස් අවයව සිගරට් වලින් පිලිස්සීම
- ඇහි පියන් වලට උණු ඉටිපන්දම් කිරි වැක් කිරීම
- පියයුරු තුවාල කිරීම සහ වම් පියයුර ඉදි කටු වලින් මැසීම


ජුන්කෝ, මෙවන් දහසකුත් එකක් නොලිවිය හැකි ආකරයේ වද බන්ධන විඳිමින් මරණය ආයාචණා කරමින් සිටිද්දී මිනාටෝගෙ නිවසට පොලිසියෙන් පැමිණෙන්නේ කණ්ඩායමේ සිටියෙක් වන ඉහාරෝ ඔහු කල කී දෑ සහෝදරයාටත් සහෝදරයා ඔවුන්ගේ දෙමාපියන්ටත් දෙමාපියන් පොලිසියටත් පැවසීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මිනාටෝගෙ නිවසට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගියත් ඔවුන්ට පවසා  සිටින්නේ නිවසේ එවන් කිසිවෙකු නොමැති බවයි, එසෙ පවසා ඔවුන්ටම ඇවිත් පරීක්ෂා කරන ලෙස ආරාධනා කෙරෙනවා. ඒ ආරාධනාවම , නිවස තුළ එවන් කිසිවෙකු නැති බවට සාක්ෂියක් ලෙස සිතන පොලිස් නිලධාරීන් පරීක්ෂා නොකරම පිටව ගිය බව වාර්තා වෙනවා.. ඇගේ අවාසනාවමැයි...(පසු කාලයේ මෙම නිලධාරීන්ට නිවසින් පිටතට යාමටත් නොහැකි වන ලෙස සමාජයෙන් විශාල විරෝධයක් එල්ල වෙනවා ). මේ වන විට ජුන්කො දින දහසයක් අපා දුක විඳ තිබුණා.
1988 දෙසැම්බර් මස මුලදී ජුන්කෝ පළමු වරට පොලිසියට කතා කිරීමට උත්සාහ කලත් මියානෝ දුටු බැවින් කිසිවක් පැවසීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ සමගම පොලිසිය නැවත වතාවක් මිනාටෝ ගෙ නිවසට ඇමතුවත් ඔවුන් පවසා සිටින්නේ එය අත් වැරදීමකින් සිදු වූවක් බවයි.ඇගේ කකුල් වලට ලයිටරයේ තෙල් දමා ගිණි තබන්නේ මෙයට දඬුවමක් ලෙසයි.ඉන් නොනැවතුන ඔවුන් ඇගෙ රහස් ප්‍රදේශයට විශාල බෝතලයක් ඇතුළු කිරීම නිසා විශාල ලේ වහනයක්ද සිදු වී තිබෙනවා. මේ වද වලින්ද මරණයට පත් නොවුන ජුන්කෝව ඉන් පසුත් දිගටම වද බන්ධන වලටත් , සමූහ දූෂණයටත් ලක් වුණා. දැඩි ශීත කාලයේ ඔවුන් ඇයව රාත්‍රියේ බැල්කනියේ නිදා ගැනීමට සැළැස්වූවා. ඇය විටෙක ශීතකරණයෙ දමා වසා දමා තිබීමද සිදු කලා.
ඇගේ සිරුරී වුණු දහසක් තුවාළ සහ පිලිස්සුම් කුණු වී දුගඳ හැමීම නිසා තව දුරටත් අපරාධ කාර තිරිසනුන් ඇයව දූෂණය කිරීම නවතා දමනවා.
1989 ජනවාරි 4 දින ඇය සමග 'මහ්ජොං' නමැති ක්‍රීඩාව කිරන තිරිසනුන් ඉන් ඇය දිනුවොත් ඇයව නිදහස් කරන බව පවසා සිටිනවා, මරණය හා ජීවිතය අතරින් තව දුරටත් ජීවිතයම වටිනා බව සිතන ඇය මෙතැනින් මිදී යාමේ අරමුණින් ක්‍රීඩාවී යෙදෙනවා..ඇගෙ අවාසනාවට ඇය එම ක්‍රීඩාව දිනන්නේ තිරිසනුන් කුපිත කරමින්. ඔවුන් ඇයට ව්‍යායාම කිරීමට යොදා ගන්නා "බාර් බෙල් ' හි යකඩ බාර් එකෙන් පහර දෙනවා,ඇහි පියන් මතට උණු ඉටි වක් කරනවා, කකුලින් ඇයව එල්ලා ඔංචිල්ලාවක් සේ ඒ මේ අතට පද්දවනවා... මෙම අවස්ථාවේ ලණුව කැඩී බිමට වැටෙන ඇය විශාල ලේ වහනයක් සහ තුවාල පුපුරා සැරව වහනයක් සමගින්ම කම්පණයට පත් වෙනවා. දෑත් ප්ලාස්ටික් බෑග් වලින් ආවරණය කර ගන්නා තිරිසනුන් ඇයට දිගටම පහර දෙනවා... පහර දෙන අතරේ විටින් විට ඇයව පුළුස්සනවා.. මෙසේ දෙපැයක් පහර දීමෙන් පසුව දරා ගැනීමේ හැකියාව තව දුරටත් දරා ගත නොහැකි තැන ජුන්කෝ මිය යනවා...

මරණයෙන් පැය 24 කට පසුව මිනාටෝගෙ සහෝදරයා මිනාටෝ අමතා පවසා සිටින්නේ ඇය මිය ගිය බවයි. පොලිසියට අසු වේ යැයි බියෙන් ඔවුන් ඇයව සැඟවීමට සැළසුම් කරනවා.ඇගේ සිරුර බ්ලැන්කට් වලින් ඔතනා ඔවුන් එදිනා රාත්‍රී 8 ට පමණ එය රැගෙන ගොස් බැරලයක් තුළට දමා එයට කොන්ක්‍රීට් දමනවා. පසුව එය සිමෙන්ති මිශ්‍ර කරන විශාල ටැංකියක් සහිත වාහනයකට දමනවා.

අත්අඩංගුවට

1989 ජනවාරි 23 දින හිරොෂි මියානෝ සහ ජෝ ඔගුරා අත්අඩංගුවට පත් වන්නෙ 19 හැවිරිදි යුවතියක් දූෂණය කොට මරා දැමූ අවස්ථාවේයි. එහිදී පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ඇඳුම් සමග තිබුණු ජුන්කෝගේ යට ඇඳුමක් හමු වීම සමග සැකයක් එල්ල වෙනවා. ඒ සමගම පොලිස් නිලධාරීන්ට , ජුන්කෝගෙ අතුරුදන් වීමට මොවුන් සම්බන්ධ විය හැකි බවට සැකයක් ඇති වීමෙන් පසු සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේ ජෝ' ඔගුරා පාපොච්චාරණය කර සිටිනවා, ඔවුන් කල අපරාධය.
පොලිසිය විසින් පසු දිනම ජුන්කෝගෙ සිරුර දැමූ කොන්ක්‍රීට් බැරලය සොයා ගන්නවා. ඇයව හඳුනා ගන්නෙ ඇගේ ඇඟිලි සළකුණු වලින්.
1989 අප්‍රේල් 1 දින ජෝ' ඔගුරාට එරෙහිව තවත් දූෂණ චෝදනාවකුත් , ඉන් පසු තවත් එකකුත් බැගින් චෝදනා කිහිපයක් එල්ල වුණා. මොවුන්ගේ අණාවරණයන් අනුව පසුව යෂුශි වටනඹේ සහ නොබුරු මිනාටෝ ඔහුගේ සහෝදරයාද සමගින් අත් අඩංගුවට ගැනෙනවා.
පසුව අත් අඩංගුවට ගැණුනු ටෙට්සුකෝ නකමුරා සහ කොඉචි ඉහාරා ගේ  ජුන්කෝගේ සිරුරෙන් හමුවූ  සාක්ෂි සමග සැසඳුනා.

නඩුව
මොවුන්ට එරෙහිව අධිකරණයේ පැවරුණු නඩුවේදී ඉහතින් සඳහන් කල සිද්දියට අදාල ප්‍රකාශ සහ සාක්ෂි ඉදිරිපත් කෙරුණා. එහෙත් අධිකරණයට මුහුණ දීමට සිදු වුණ ගැටළුව නම් මොවුන් ඒ වන විටත් වයස 18 ට අඩු බැවින් නීතියෙන් දඳුවම් ලබා දීමට තිබුණු නොහැකියාවයි.

ශරීරයට සිදු කල බරපතල බාහිර හා අභ්‍යන්තර තුවාළ කරණ කරගෙන සිදුවූ මරණයක් , යන චෝදනාවට සියලුම අපරාධ කරුවන් සිය වරද පිලිගත්තේ එය මිණීමැරීමක් නොවන ලෙසයි. ( අහෝ !)

තීන්දුව

1990 ජූලි මසදී අධිකරණයෙන් හිරෝෂි මියානෝ වරද කරු(18) කරමින් වසර 17 ක සිර දඬුවමක් තීන්දු කරනව (?! )..
නොබුරු මියානෝ (16) වසර හතර සිට හය තෙක් සිර දඬුවමක් තීන්දු කරනවා.මිනාටෝගෙ සොහොයුරා වරද කරුවෙක් ලෙස තීන්දු කරන්නේ නෑ (?! )
යෂුශි වටනඹේ (17) වසර තුන සිට හතර තෙක් සිර දඬුවමක් තීන්දු වෙනවා.
ජෝ' ඔගුරා(17) වසර 17 ක පරිවාස දඬුවමකට තීන්දු කෙරෙනවා.

ඇපෑල
හිරෝෂි මියානෝ සහ නොබුරු මිනාටෝ මහාධිකරණයේ අභියාචණයක් කලද , මහාධිකරණ විනිසුරු ර්යුජි යනාසේ විසින් පහල අධිකරණයෙ තීන්දුව සනාත කරමින් අතිරේකව මියානෝට වසර 3 ක් සහ මිනාටෝට වසර පහ සිට නවය තෙක් සිර දඬුවම් තීන්දු කරනවා.. මේ අනුව මියානෝගෙ සිර දඬුවම වසර 20 ක් ( ජීවිතාන්තය තෙක් සිර දඬුවමට පසුව තිබෙන ලොකුම දඬුවම ) සහ මිනාටෝ ගේ සිර දඬුවම වසර නවය සිට පහළව තෙක් දීර්ඝ වෙනවා.

මිනාටෝගේ මව විසින් ඔවුන්ගේ දේපළ විකුණා ජුන්කෝ ගේ දෙමාපියන්ට යෙන් මිලියන 50ක වන්දියක් ගෙවන්නේ ජුන්කෝ ගෙ දෙමාපියන් විසින් ඔවුන්ගෙ නොසැළකිලිමත් භාවයට විරුද්ධව පැවරූ සිවිල් නඩුවකින් ලද තීන්දුවකට අනුවයි.

මෙම දඬුවම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව එවක ජපානය පුරාම පිළිගැනීම වුනා...

පසු කාලෙකදී මොවුන් නිදහස් ව පසුවත් විවිධ ආකාරයේ අපරාධ වල යෙදුන බව වාර්තා වෙනවා. එක් අයෙක්ට මානසික රෝගයක් වැළඳෙන්නේ ජුන්කෝට දුන් වද බන්ධන නිතර මතක් වීමෙන්.

1989 අප්‍රේල් 02 දින ජුන්කෝගෙ අවසාන කටයුතු සිදු කල



The Court is adjourned !


භාරතයේ විත්ති - 38 - "ධරවි"


ඉන්දියාවේ නරක දේවල්ම අහන්න දකින්න කැමති අයත් ඉන්නවනෙ .. ඉතිං මම ඉන්දියාවේ හොඳ සහ ලස්සන දේවල් විතරක් ලියද්දි එහෙම බලන් ඉන්න බැරි සමහරු මට මැසේජ් දදා අහනවා උඹ ඉන්දියාවට අරක දෙනවද මේක දෙනවද වගේ කිසිම වැදගැම්මකට නැති ප්‍රශ්න .ඉතිං ඒ අයත් පවුනෙ කියලා අද ඒ අයව සනසන්න ඉන්දියාවෙ කතුක පැත්තක් ගැන කතා කරන්න හිතුවා..ඉන්දියාවෙ නරක ගැන කියද්දි ගොඩක් අය ගෙනහැරපාන්නෙ මේක තමයි..ඒ තමයි ධරවි මුඩුක්කුව (මූක්කුව යන වචනෙ නුසුදුසු නම් සමා වන්න ) ..හින්දි සිනමා පට නරඹන අයනම් ධරවි කියන්නේ මොකක්ද කියලා සමහර විට නමින්ම දන්නව ඇති සමහර විත නමින් නොදන්නවා වුනත් දර්සණ දැකලා ඇති...මෑතකදි නම් ධරවි මුඩුක්කුවෙ දර්ශන දකින්න තිබුණා "අජ්ජි", "හල්කා" ,"ගලී බෝයි" සිනමා පට වල... මම හිතන්නෙ ඉන්දියාවේ ෆිල්ම්ස් වලට වැඩිම දර්ශණ තල සපයලා තියෙන තැනක් තමයි ධරවි... හැමෝටම මතක ප්‍රසිද්ධම එක තමයි "ස්ලම් ඩෝග් මිලියනර්".. ආ මතක් වුණා නේද? කොහොමද උඩින් වැසිකිලි යද්දි පහලින් ඒව ගඟට වැටෙන විදිහට ගෙවන ටොයිලට් තියෙන මුඩුක්කුව?.. මේ ඒ ගැන ටිකක්..




ධරවි කියන්නෙ ඉන්දියාවෙ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බයි වල පිහිටලා තියෙන අක්කර 520ක් (ව.කි.මී 2.1 , ව.සැ 0.81 )විශාලත්වයකින් යුත් , ලෝකයේ තුන්වැනියට විශාලම මුඩුක්කුවයි. එහි ඉතිහාසය 18 වන සියවස පමණ වන තෙක් දිවෙනවා.. ඒ කාලෙ ,ඒක "කොලි" නම් ධීවරයන් වාසය කල ගම්මානයක් .. ඒ නිසා "කොලිවාඩා" නමින් හැඳින්වුනා..ඒකාලෙ මේක එතරම් ජනාකිර්ණ ප්‍රදේශයක් නෙමේලු..

ඒත් කාර්මීකරණයත් සමග මුම්බයි ඉන්දියාවේ වාණිජ අගනුවර වෙද්දී ඈත පිටිසර ප්‍රාන්ත වලින් මුම්බයි වෙත ඇදුන පිරිසට නවාතැන් දෙන්න ඉදිරිපත් වන්නේ කොලිවාඩා නොහොත් ධරවි..ක්‍රම ක්‍රමයෙන් ජන ගහණය වැඩි වන ධරවි මේ වන විට ලෝකයේ සාපේක්ෂව කුඩා බිම් පෙදෙසක වැඩිම ආගම් ප්‍රමාණයක් අදහන, වැඩිම විවිධ භාෂාවන් කතා කරන, වැඩිම විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ජීවත් වන ප්‍රදේශයයි..ධරවි තුළ මුල්ම මුස්ලිම් පල්ලිය 1887ත් මුල්ම හින්දු දේවස්ථානය 1913ත් ඉදිවෙනවා.මේ වන විට මේ අක්කර 520 තුළ මිනිසුන් 1,000,000 ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙන නිසාම ලෝකයේ වැඩිම ජන ගණත්වයකින් යුත් ප්‍රදෙශයද වෙනවා. එය 2019 වාර්තාවන්ට අනුව ව.සැ 1 : 869,565 ක්. ධරවි තුළ අවම වශයෙන් ව්‍යවසායන් 5,000ක් , එක් කාමරයක පවත්වාගෙන යන කම්හල් 15,000ක් පමණ තිබෙන බව ගණන් බලා තිබෙනවා.. මෙම කර්මාන්ත අතර මැටි භාණ්ඩ නිපදවීම, කිරි කර්මාන්තය සහ පශු සම්පත් පාලනය, විවිධාකාර වූ සිල්ලර වෙළඳාම්, ධීවර කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, හම් කර්මාන්තය වැනි නීති විරෝධී නොවන කර්මාන්ත මෙන්ම මත් ද්‍රව්‍ය වෙලඳාම, ගණිකා සේවය, මිනිස් අවයව ජාවාරම් , පාතාල ක්‍රියාකාරකම්,මුදල් විශුද්ඪි කරණය වැනි නීති විරෝධී කර්මාන්ත වලටථ් හොඳම ප්‍රදේශයක් තමායි ධරවි...ඒමණක් නෙමේ , ලොව සාක්ෂරතාවයෙන් යුත් පිරිස වැදිම මුඩුක්කුවත් ධරවි, එහි සාක්ෂරතාවය 69%ක් පමණ වෙනවා..



පෙර සිටම ක්‍රියාත්මක වුනත් 1997 සිට ධරවි සංවර්ධනය කොට පෙර හොං කොං හි පැවැති තයි හැං වැනි මුඩුක්කු අද පවත්නා තත්ත්වයට ගෙන ඒමට විවිධා කාර සංවර්ධන සැළසුම්  , මිලියන ගණන් වියදම් කරමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයෙන් මෙන්ම ඉන්දීය මධ්‍යම රජයෙනුත් ක්‍රියාත්මක වුණා..2004 දී ඇ.ඩො. මිලියන 720ක් වැය කරමින් මෙවන් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක  වුණා.ලොව පුරා විශාල සමාගම් මෙයට  දායක වුණා.2010 දී ඇ.ඩො. බිලියන 2.2 ක් වැය කරමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. නවතම ව්‍යාපෘතිය ඇමරිකාවේ පුහුණු වුණ ඉන්දීය ඉංජිනේරුවරයෙක් වන මුකේෂ් මෙහෙතා යටතේ ක්‍රියාත්මක වෙනවා.ඊට අණුව ව.මී. 2,800,000 ක් තුළ ස්ථීර නිවාඅස සංකීර්ණ, පාසල් ,පොදු උධ්‍යාන සහ මාවත් ඇතුළත් ප්‍රදේශයක් නිර්මාණය කිරීමට පිඹුරුපත් ඇඳී තිබෙනවා..



ඒ කෙසේ වෙතත් ආකල්ප අතින් වෙනස් වීමට අකමැති විශාල පිරිසක් සිටින සහ ධේසපාලනික මැදිහත් වීම් යටතේ ප්‍රතිපත්ති නිතර වෙනස් වන තත්ත්වයක් යටතේ  ධරවි වන් මුඩුක්කුවක් සංවර්ධනය කිරීම අතිශ්හය අපහසු කාර්‍යයක්.. ධරවි මුඩුක්කුව සංචාරකයන්ට පෙන්වා මුදල් ඉපයිය හැකි වීමත් ඉන් එක් කාරණයක්..

ආර්ටික විද්‍යාවේ ඉගැන්වෙන සම්පත් බෙදීයාමේ විෂමතාවය ඇස් පනාපිටම දැකිය හැකි තැනක් තමයි මුම්බයි සහ ධරවි මුඩුක්කුව..


නැවත හමුවෙමු
- අමිල ලක්මාල් -

භාරතයේ විත්ති - 37 - යක්ෂයාගේ මාවත්


යක්ෂයාගේ මාවත් කියලා කියන්නෙ ඉන්දියාවෙ තියෙන අතිෂය දුෂ්කර, ගමන් කිරීම අතිෂය දුෂ්කර කාර්‍යයක් වන, භයානක, පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් මරණයෙන් කෙළවර වන පාරවල් කිහිපයක් ගැන...

මිහිපිට ඇති අතිෂය දුෂ්කර පාරවල් ලෙස නම්කොට තියෙන පාරවල් වලින් විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙ තියෙනවා...
මේ පාරවල් සියල්ලම උතුරු ඉන්දියාවේ ඉහලම ප්‍රදේශ වන හිමාචල් ප්‍රදේශ්, ජම්මු කෂ්මීර්, සික්කීම් වගේ උස් කදු පිහිටි ප්‍රාන්ත වල...

මින් එකක සංචාරය කරන්න මම නම් වාසනාවන්ත වුණා.. දැන් වාසනාවක් විදිහට හිතුවත් ඒ පාරෙ සමහර තැන් පහු කරන් යද්දි ඇති වුණ බිය ගැන නම් මෙතෙකැයි කියන්න බෑ... ඒ තමයි මනාලි ඉදලා ලදාක් වල ලේ අග නුවර වෙත යන ලේ - මනාලි හයි වේ එක... හයි වේ කිවුවට අපේ හයි වේ හිතට නගා ගන්න එපා... ඒක ගල් ගැලවිලා ගිය, මඩගොඩවල් තියෙන සමහර තැන් වල මහා දිය පාරවල් පාර හරහා ගලන පාරක්..
හිතන්න සීඝ්‍ර බෑවුමක් අයිනේ තිබෙන පාරක්..එක පැත්තකින් මහා ප්‍රපාතයක්, අනිත් පැත්තෙන් ගල් පාරට ගැලවී ගැලවී වැටෙන කන්දක් තියෙන පාරක් ගැන...එහෙම පාරක් තමයි ඒක.. ලදාක් යනකොටත්, ආපහු එනකොටත් අපේ ගමන ප්‍රමාද වෙන්න හේතු වුනා ගල් ගැලවිලා පාරට වැටෙන එක සහ ඒවා සුද්ද කරනකල් ඉන්න වුණ එක.. එක තැනක විශාල ජල පහරකට හසු වෙලා පාලමක් කැඩිලා ඒක පිලිසකර කරනකල් ඉන්න වුණා..
ඉතිං මේ කියන්න යන්නෙ එහෙම පාරවල් කිහිපයක් ගැන.. මේකෙ කියවෙන සමහර තැන් ලේ - මනාලි හයි වේ එකේම කොටස්.. මමත් ගිහින් තියෙන නිසා ඉස්සෙල්ලම ඒකෙන්ම පටං ගන්නම්...

01.ලේ - මනාලි හයිවේ 














හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනාලි වලින් පටං ගන්න මේ පාර කිලෝමීටර් 479 ක් ගෙවලා ඉවර වෙන්නෙ ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ ලදාක් කලාපයේ අගනුවර වෙන 'ලේ' නගරයෙන්..මෙය ලෝකයේ වැසිම උසකින් පිහිටි මහාමර්හ වලින් එකක්..ඇතැම් කොටස් මූදු මට්ටමින් මීටර් 4000 සිට 5000+ උසකින් පිහිටා තිබෙනවා...මෙය ඉහතිනුත් සදහන් කලා වගේ අතිෂය දුෂ්කර ස්ථාන පහු කරන්න වෙන සීතල ලදාක් කදු කාන්තාරය මැදින් දිවෙන මේ පාර විටෙක සුන්දර, විටෙක භයානල සමස්‍ථයක් වශයෙන් සංචාරකයන් අතර ජනප්‍රිය මාර්ගයක්.. පා පැදි වලින් සහ මෝටර් සයිකල් වලින් මේ සම්පූර්ණ දුරම ගෙවා දමන සංචාරකයන් සිටිනවා කිවුවොත් පුදුම වෙන්න එපා...මේ පාර මාස හයක් වහන්නෙ අධික හිම පතනය නිසා... ඉතිරි මාස හයෙන් වැඩි කොටසක් වැය වෙනවා දිය වෙලා යන හිම සමග කැඩී බිදී යන පාර පිලිසකර කරන්න... අධික හිමපතනයත්, දිය වෙනකොට සිදුවන ඛාදනය නිසා සිදුවන වෙනස් වීමුත් නිසා මේ පාර සහ අවට කදු වැටි නිතර වෙනස් වෙන ඒවා..මාර්ගයේ වැඩිකොටසක් චන්ද්‍රභාගා නදියට සමාන්තරව දිවෙනවා.

02.රොටෑං පාස්







මේ තමයි මනාලි වලින් පටං ගත්තම  ලේ - මනාලි හයිවේ එකේ ඉස්සෙල්ලම හම්බ වෙන අතිෂය දුෂ්කර කොටස.. මූදු මට්ටමින් මීටර් 3979 ක් ඉහල හිමාලය කදු පන්තියේ 'පිර් පංජල්' කලාපයේ   සීඝ්‍ර බෑවුමක, කැඩී ගිය ගල් සහ මඩ සහිත පාරක් වෙන මෙය දහ අට වංගුව මොකක්ද කියලා හිතෙන භයානක වංගු රාශියකින් පිරිච්ච කොටසක්... හිම වැටෙන කාලයට එය අතිෂය භයානක ප්‍රදේශයක් වුනාට සංචාරකයන්ට නම් පාරාදීසයක් සහ බොලිවුඩ් සිනමාපට රාශියකට දර්ශණ තල සැපයූ ප්‍රදේශයක්.
මරණයේ නිම්නය ලෙස මෙම ප්‍රදේශය නම් කිරීමට හේතුවන්නෙ රිය අනතුරු වලින් මිය යන ප්‍රමාණයත් , මහාමාර්ගය ඉදිකිරීමේදී හා පිලිසකර කිරීම් වලදී මිය ගිය පිරිස අධික වන බැවිනි.
මෙය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා.
ලදාක් සිට නැවත මනාලි එන ගමනේදී හවස හයට පමණ අධික මීදුමින් වැසීගත් මාර්ගයේ , බස් රියදුරා හැටට හැටේ රොටාං පාස් පහු කරන විට ඇති වුණ හැඟීමට මගේ මිතුරාත් සාක්ශ්හි දරාවි

මෙය ගැන වෙනම ලිපියක් මීට පෙර ලියා තිබෙනවා..
https://thearchive123.blogspot.com/2017/09/18.html

03.කාර්දුංලා පාස්

ඉන්දියාව තුල වැඩිම උසකින් පිහිටි මාර්ගය ලෙස සලකන්නෙ මේ මාර්ගයයි, එය මූදු මට්ටමින් මීටර් 5602 ක් ඉහලින් පිහිටා තිබෙන සීඝ්‍ර බෑවුම් සහිත කාලයකට  හිමපතනයෙන් සම්පූර්ණයෙන්ම වැසී යන  මාර්ගයක්..

04.චං ලා පාස්
ඉන්දියාවේ ඉහලින්ම තියෙන මහාමාර්ග අතර තුන් වැනි ස්ථානය දරන්නේ මෙයයි.එය මූදු මට්ටමින් මීටර 5360ක් ඉහලින්  ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ ලදාක් කලාපයේ හිමාලය කලාපයේ පිහිටා තිබෙනවා..මෙහි අධික රිය අනතුරු සහ ජීවිත අහිමි වීම් ප්‍රමාණයක් වාර්තා වෙන කලාපයක්.

05.ස්පිටි නිම්නය

මිහිපිට වඩා ඉහලින්ම පිහිටි මිනිසුන් වාසය කරන ජනාවාස තිබෙන්නේ ස්පිටි නිම්නය  හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලාහෝල් සහ ස්පිටි දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන්නේ මූදු මට්ටමින් මීටර 3800ක් ඉහලින්.ස්පිටි නදිය අසලින් මෙම නිම්නයේ ගමන් ගන්නා මාර්ගය අතිෂය දුෂ්කර , පටු මාර්ගයක්. මෙය සංචාරකයන් අතර අතිෂය ජනප්‍රිය, හිමපතන කාල වලදී අති සුන්දර ප්‍රදේශයක්.

06. සොජී ලා පාස් 

මෙයනම් දැක්කත් ඇග හිරි වැටී යන මාර්ගයක්. මේ මාර්ගයේ යන වාහන දෙකක් එකක් අනික පහු කරන් යන්නේ කෙසේදැය් යන්න හිතීමත් මහ රෑ දකින භයානක හීනයක් වගේ හැගීමක් දනවන්නක්..ඇතැම් ස්ථාන වල අංශක 180 ක් පමණ බෑවුම් සහිත කදු වැටියක බෑවුම කපා මෙම මාර්ගය සකස් කර තිබෙනවා..සොජී ලා පාස් හමු වන්නේ ලේ - ශ්‍රී නගර් හයි වේ එකේ ..එය මූදු මට්ටමින් මීටර 3'538ක් ඉහලින් පිහිටා තිබෙනවා, ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ . මෙහි භයානක කම වැඩි කරන්නෙ වර්ෂය පුරාම මේ කලාපයට ඇද වැටෙන මහ වැසි.. මාර්ගය කොයි වෙලේ, කොතැනින් ගැලවි යාවිද, උඩින් තියෙන බෑවුමේ පස් සහ ගල් ගැලවී කොයි වෙලේ මාර්ගයට වැටෙව්ද යන්න දන්නේ දෙවියන් පමණි...

07.කින්නෞර් මාර්ගය 





සෝජිලා පාස් වගේම මෙයත් සීඝ්‍ර බෑවුම් සහිත් කන්දක් කපා නිර්මාණය කල පාරක්.එය මූදු මට්ටමින් මීටර 4000ක් පමණ ඉහලින් , හිමාච්ල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කින්නෞර් දිස්ත්‍රික්කයේ , බස්පා නදියට සමාන්තරව පිහිටා තිබෙනවා..මෙම මාර්ගයේ ඇතැම් කොටස් වල ඉහල බෑවුමෙන් වැටෙන දියපහරවල් පසු කරමින් යන්න සිදු වෙනවා..

08.නතුලා පාස්



පරණ සේද මාවත නමින් හැදින්වෙන මෙම මාර්ගය ඉන්දු චීන දේශ සීමාවේ මූදු මට්ටමින් මීටර 4'310ක් ඉහලින් සික්කීම් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා..මෙම මාර්ගය දිගින් කිලෝමීටර 54ක් වෙනවා..හිමෙන් වැසී යන කාලයට අතිෂය භයානක, වංගු සහිත මාර්ගයකි මෙය.

09.NH 22

හර්‍යානා ප්‍රාන්තයේ අම්බාලා දිස්ත්‍රික්කයෙන් චන්ද්වා වලින් ආරම්භ වන මෙම මාර්ගය දිගින් කිලෝමීටර 285ක් දුර ගෙවා හිමාලය කලාපයට පිවිසෙනවා. අබලං වී ගිය මාර්ගය හා පාලම් සහ ඇතැම් ස්ථාන වල පසු කිරීමට සිදුවන සිඝ්‍ර බෑවුම් මෙම මාර්ගය දුෂ්කර කරන්න සමත් වෙනවා...

10. Three level zig zag road


ඉන්දියාවේ ස්වාභාවික රෝලකෝස්ටරය ලෙස හදුන්වන මෙම මාර්ගය මිහිපිට ඇති විශාලම වංගු ප්‍රමාණයක් සහිත මාර්ගයදෝයි සිතෙනවා.. ඒ ගැන වාර්තාවක් සොයා ගන්න අපහසු වුනා..
මෙම දුෂ්කර මුත් අලංකාර මාර්ගය සික්කීම් ප්‍රාන්තයේ මූදු මට්ටමින් අඩි 11'200 ක් ඉහලින් පිහිටා තිබෙනවා..
මෙම මාර්ගයේ යන්නනම් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසු ලබා දෙන විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා..භයානක සහ තරණය කිරීමට තිබෙන අපහසුව එයින්ම සිතා ගන්න...

11.කිශ්ට්වාර් කෛලාශ් මාර්ගය

මෙය ගැන වෙනම ලිපියක් මීට පෙර ලියා තිබෙනවා..
https://thearchive123.blogspot.com/2017/08/17.html

ඉතින් මේ භයානක පාරවල් වලින් එකක යන්න තරම් මට භාග්‍යයක් තිබුණා..සමහර විට මෙය කියවන සමහරුත් ගිහින් ඇති..එක වරක් හෝ මින් එකක යන්න උත්සාහ කරන්න..
මාර්ග වල ස්වරූපය වටහා ගැනීමටනම් චායාරූප නැරඹිය යුතුමයි...

නැවත හමු වෙමු.

- අමිල -

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters