"මන්දාරමට උඩ කෙලිනා වැහි ලේනි
ගොනුගෙ කරේ බැන්දා වැනි බර ගෝනී
වෙල ලඟ අම්බලම කාටත් පරවේණී
මට තනි නැත උඹ නාඩං උලලේනී"
එදා ලංකාවේ ගම් වල නැතිවම බැරි අංගයක් වෙච්ච අම්බලම ජන කවියා දකින්නෙ ඒ විදිහට...
මේ කතා කරන්න යන්නෙ ලංකාවෙ අම්බලම් ගැන ටිකක්...
අම්බලම් වලින් වෙච්ච සේවය ගැන මම අමුතුවෙන් මෙතන ලියන්න අවශ්‍ය නෑ කියලා හිතනවා... අපේ ගමෙත් 1994 විතර වෙනකල් අම්බලමක් තිබුනා.. පස්සෙ පාරවල් පළල් වෙලා මිනිස්සු පදිංචි වෙද්දි ඒක කඩලා දාන්න සිද්ද වුනා.. නමුත් ඒක එතරම් ලොකු ඉතිහාසයක් තිබුණ අම්බලමක් නෙමේ... ලංකා වේ පුරා විද්‍යා ක්ෂේත්‍රයේ නම තබපු විශේෂ අම්බලම් රාශියක් තියෙනවා... මේ ඒගැන කෙටි සටහනක්...
ගොනුගෙ කරේ බැන්දා වැනි බර ගෝනී
වෙල ලඟ අම්බලම කාටත් පරවේණී
මට තනි නැත උඹ නාඩං උලලේනී"
එදා ලංකාවේ ගම් වල නැතිවම බැරි අංගයක් වෙච්ච අම්බලම ජන කවියා දකින්නෙ ඒ විදිහට...
මේ කතා කරන්න යන්නෙ ලංකාවෙ අම්බලම් ගැන ටිකක්...
අම්බලම් වලින් වෙච්ච සේවය ගැන මම අමුතුවෙන් මෙතන ලියන්න අවශ්‍ය නෑ කියලා හිතනවා... අපේ ගමෙත් 1994 විතර වෙනකල් අම්බලමක් තිබුනා.. පස්සෙ පාරවල් පළල් වෙලා මිනිස්සු පදිංචි වෙද්දි ඒක කඩලා දාන්න සිද්ද වුනා.. නමුත් ඒක එතරම් ලොකු ඉතිහාසයක් තිබුණ අම්බලමක් නෙමේ... ලංකා වේ පුරා විද්‍යා ක්ෂේත්‍රයේ නම තබපු විශේෂ අම්බලම් රාශියක් තියෙනවා... මේ ඒගැන කෙටි සටහනක්...
- පනාවිටිය අම්බලම
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරලයේ පනාවිටිය ගමේ තමයි මේ අම්බලම තියෙන්නෙ. ටැම්පිට විහාර සම්ප්‍රදාය අනුගමනය කරමින් ඉදිවී තිබෙන මෙම අම්බලම පොලවට ඉහලින් පිහිටන සේ ගල් කුළුණු මත ඉදිකොට තිබෙනවා... මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අනුව ඉදි වුන අම්බලමේ ඇම්බැක්ක දේවාලයට හා සමාන ලී කුළුණු පල හතරක වහල් තලය දරා සිටිනවා.. දැව අඩියේ ඝනකම අඟල් 6ක් පමණ වෙනවා...පළලින් අඩි නවයයි අඟල් හයක් හා දිගින් අඩි දොලහයි අඟල් හතරකින් යුත් වෙනවා... මහනුවර යුගයේ සුලබ ගෘහ නිර්මාණ ලක්ෂණයක් වන මඩොල් කුරුපාවක් ද මෙම අම්බලමේ දැකිය හැකියි...
- කරගහ ගෙදර අම්බලම
- මෙම අම්බලමද ගෘහකර්මාන්තය අතින් පනාවිටිය අම්බලමට බෙහෙවින්ම සමාන වේ... මෙහි විශේෂයක් වන්නේ සුන්දර වෙල්යායක් අසල කළුගල්තලාවක තබන ලද රවුම් හැඩැති කළුගල් හතරක් මත පිහිටවූ දැවමය පාදම මත අම්බලම ඉදිකොට තිබීමයි... පොලවට සම්බන්ධ නොවී පිහිටන මෙම අම්බලම මෙතරම් කාලයක් පවතින ලෙස ඉදි කල කලාකරුවා කොතරම් විශිෂ්ඨ අයෙක්දැයි සිතාගැනීම අපහසුයි..
කරගහ ගෙදර අම්බලම තියෙන්නෙ නාරම්මල
-කුලියාපිටිය මාර්ගයේ කඩහපොල හන්දියට පෙර හමු වන මංසන්ධියකින් හැරී ගිය විට
තරමක් ගම ඇතුළට වන්නටයි..පනාවිටිය සහ කරගහ ගෙදර අම්බලන් දෙකම අපට හමු
වන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයේ...
- කඩුගන්නාව අම්බලම
- මේ අම්බලමනම් ගොඩ දෙනෙක් දැකලා ඇති..කොළඹ නුවර මහා මාර්ගයේ කඩුලන්නාව වංගුවට පෙර පාරේ වම්පසින් පාර මට්ටමට මදක් ඉහලට වන්නට ඉදිකර තිබෙන වා මෙම අම්බලම...
- කඩුගන්නාව අම්බලමත් මහනුවර යුගයේ ඉදිවුන එකක් (18 වන සියවසේ මුල) වන අතර එකල ගෘහකර්මාන්ත ලක්ෂණ පකට කරනවා..අම්බලම අන් අම්බලම් වලට වඩා තරමක් වෙනස් වන්නේ අර්ධ වශයෙන් ආවරණය වුණ කොටස් දෙකකුත් සහ ආවරණය වුන කාමරයකුත් සහිතව කොටස් තුනකින් යුතු වීමයි.. ආවරණය කල කොටස ආරක්ෂා සහිතව රාත්‍රිය ගත කිරීම සඳහා ඉදි වූවා යැයි සිතිය හැකියි... කඩුගන්නාව කන්ද වැනි ස්ථානයක මෙම අම්බලමෙන් එකල සිදුවූ මෙහෙය ගැන අමුතුවෙන් කියයුතු නෑ....
- මංගලගම අම්බලම
- කෑගල්ල හා මාවනැල්ල නගර අතර මෙම අම්බලම පිහිටා තිබෙනවා..මෙම අම්බලම සම්බන්ධ සුප්‍රකටම ජනප්‍රවාදයක් නම් ඉන්දියාවේ සිට ආනන්ද බෝධි ශාඛාවක්ද ගෙන පැමිණි මංගල නමු බමුණා මෙහි රාත්‍රිය ගත කල අතර පසුදින අවදි වන විට බෝධි අංකුය පොලවට මුල් ඇද තිබූ බවයි... එම බෝධිය අම්බලම අසල තිබෙන මංගලාගම බෝධිමාලකාරාම විහාරයේ පැරණි බෝධිය බවට විශ්වාස කරනවා...මෙම අම්බලමත් මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත් පනාවිටිය,කරගහ ගෙදර හෝ කඩුගන්නාව අම්බලම් තරමට අලංකාර එකක් නොවේ..
තවද පනාවිටිය හා කරගහ ගෙදර අම්බලම් වල මඩොල් කුරුපාවන් ද මෙම අම්බලමේ කැණිමඩලක්ද පිහිටා තිබෙනවා...
- අලපලාවල අම්බලම
- මෙම අම්බලමත් පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අලපලාවල ගමේයිල.. ඉහතින් සඳහන් කල අම්බලම් වල සාපේක්ෂව මෙම අම්බලම තරමක් කුඩා එකක්... නුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්පය ගන්නා අතර තරමක් මැදින් උස්වුන අලංකාර වහලක් දැවමුවා කණුවලින් දරා සිටිනවා...
- අලුත්නුවර ගිරුවා අම්බලම
- කෑගල්ල අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට සමීපව පිහිටා තිබෙන මෙම අම්බලම දඹදෙණි යුගයට අයත් බව කියවෙනවා...මෙය පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ බිරිය වූ සුනේත්‍රා දෙවීය විසින් ඉදිකරවන ලද්දක් බව කියවෙනවා.. එතරම් අලංකාර පෙනුමක් නැති මෙම අම්බලමේ පෙති උළු වෙනුවට සිංහල උළු සෙවිලි කොට තිබෙනවා..ඇතැම් විට ඒ මෑත කාලයේදී සිදු කල සංරක්ෂණයකදී විය හැකියි..
- ජුබිලි අම්බලම
- මෙම අම්බලම තිබෙන්නෙත් කෑගල්ල නගරයේය.1887 වර්ෂයට යෙදී තුබුණ වික්ටෝරියා රැජිණගේ රාජ්‍යප්‍රාප්තියේ 50 වන සංවත්සරය සැමරීම සඳහා මෙම අම්බලම ඉදිවී තිබෙනවා...එම නිසා මෙයට ජුබිලි අම්බලම යන නම තබා තිබෙනවා..එකල මෙම අම්බලම කෑගල්ල ඒජන්ත වරයා මුණගැසීමට එන රටේමහත්තුරු,කෝරාල වරු, මුලාදෑණීන් වැන්නන්ට සූදානම් වීමට යොදා ගත් බවත් කියවෙනවා..
- උදම්මිට අම්බලම
- මෙය පිහිටා තිබෙන්නෙ බස්නාහිර පළාතෙ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයංගොඩ උදම්මිට ප්‍රදේශයේය. 1829 දී මෙම අම්බලම ඉදිකර තිබෙනවා.වේයංගොඩ නිට්ටඹුව මාර්ගයේ මෙම අම්බලම පිහිටා තිබෙනවා.තරමක කුඩා නිවසක ප්‍රමාණයට විශාල මෙම අම්බලම ඉඩකඩ ඇතිව ඉදිකර තිබෙනවා.කුඩා ආලින්දයකින් හා ආවරණය වුන කාමරයකින් යුතු ආරක්ෂිත අම්බලමක් ලෙස මෙය පෙන්වා දිය හැකියි.2012 දී මෙම අම්බලම අළුත්වැඩියා කිරීමකට ලක් වුණා...
- මාරස්සන අම්බලම
- හඟුරන්කෙත සිට මහනුවර තෙක් මාර්ගයේ මාරස්සන මෙම අම්බලම පිහිටා තිබෙනවා... පනාවිටිය හා කරගහ ගෙදර අම්බලම් ලෙසම මෙම අම්බලමද ටැම්පිට සම්ප්‍රදායට අනුව ඉදිකර තිබෙනවා..එසෙවුවත් පනාවිටිය හෝ කරගහ ගෙදර අම්මලම් තරමට අලංකාර අම්බලමක් නොවේ මාරස්සන අම්බලම.මෑතකදි සිදු කල අලුත්වැඩියාවකින් පසුව මෙහි රට උළු සෙවිලි කර තිබෙන අතර ඓතිහාසික බව කීමට ඉතිරිව ඇති සාක්ෂි වන්නේ දැවමුවා කණු සහ ටැම්පිට සම්ප්‍රදායයි..
තවද මෙහි අම්බලම තුල පිහිටි ඉඳගැනීමට කැනූ බංකු වල කොන් වල කණු හතරක්ද..ඊට පිටින් අම්බලම වටා කණු දොලහක්ද ලෙස පිහිටා තිබෙනවා..
කැණිමඬල යටින් අටපට්ටම් හැඩැති පුවරුවක් තිබේ.
කැණිමඬල යටින් අටපට්ටම් හැඩැති පුවරුවක් තිබේ.
- කන්දේවෙල අම්බලම
- මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ මෙම අම්බලම පිහිටා තිබෙනවා.. ස්වරූපයෙන් බොහෝ දුරට මෙය මාරස්සන අම්බලමට සමාන වෙනවා...ගල් ඇතිරූ පාදමක් මත තැබූ ගල් කුළුණු මත ටැම්පිට සම්ප්‍රදායෙන් මෙම අම්බලම ඉදිකර තිබෙනවා..
- බෝතලේ අම්බලම
- බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම බෝතලේ වෙල්යාය මැද ගරා වැටෙමින් පවතින මෙම අම්බලම අනුරාධපුර යුගය තෙක් දීර්ඝ ඉතිහාසයක් ඇති අම්බලමක් ලෙස වාර්තා වෙනවා.. ගෝඨාභය රජ සමයේ මෙය ඉදිවුන බව සැළකෙණවා... මෙම අම්බලම අසලින් එකල අත්තනගල්ල සිට අනුරාධපුරයට ගමන්ගැනීමට තිබුන මාර්ගයක් තිබුන බව කියවෙනවා..
- පදිවිට අම්බලම
- මාතලේ දිස්ත්‍රික්කයේ පදිවිට ග්‍රාමයේ විශාල වෙල්යායක් මැද තරමක් උස්වන්ට තැනුනු ගල් පාදමක් මත ටැම්පිට සම්ප්‍රදායෙන් මම අම්බලම ඉදිකර තිබෙනවා... මෑතකදී ප්‍රතිසංස්කරණය නර තිබෙනවා..මාතලේ - කන්දෙනුවර මාර්ගය මෙම අම්බලම අසලින් වැටී තිබුන බව කියවෙනවා..
- හේවාවිස්ස අම්බලම
- මහනුවර පාත හේවාහැට ප්‍රදේශයේ මෙම අම්බලම පිහිටා තිබෙනවා...ප්‍රධාන මැටි කුළුණු හතරකින් සහ දැවමය කුලුණු අටකින් වහල්තලය දරා සිටිනවා..
- අප්පල්ලගොඩ අම්බලම
- මහනුවර ,අප්පල්ලගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි මෙම අම්බලම 1922 වසරේ ඉදිවී ඇති බව වාර්තා වෙනවා..වර්ග අඩි 80 ක වපසරියකින් යුතු වෙන මෙම අම්බලම මීටර 5.6ක් පමණ උස වෙනවා..නුවර යුගයේ ගෘහ සම්ප්‍රදායට අනුව ඉදිවී තිබෙනවා.
- ගොඩමුණ්න අම්බලම
- මහනුවර,ගොඩමුණ්න ප්‍රදේශයේ ;මුදුන්කඩේ-බෝවලාන මාර්ගය අසල ගල්තලාවක් මත ඉදිවූ කුඩා අම්බලමකි මෙය...ටැම්පිට සම්ප්‍රදායෙන් ඉදිවී තිබෙනවා..
තව ලිවීමට අම්බලම් ගණනාවක් තිබුනද මෙම ලිපිය තවත් දීර්ඝ කිරීමට නොසිතමි...
වෙන් ලිපි කිහිපයකින් මෙම එක් එක් අම්බලම ගැන දීර්ඝ විස්තර සහ අම්බලම් සම්බන්ධ රසකතා ද රැගෙන ඒමට සිතමින් මෙසේ නවතිමි....
- අමිල -
Galery
හරිම වටිනා ලිපියක් tfs
ReplyDeleteThanks :)
Deleteබොහොම අගෙයි. මහන්සි වී ලිව්ව අපූරු ලිපියක්. ස්තුතියි. අම්බලන් කවි බොහොම රසවත් වගේම හරවත් මේ කවියත් එහෙමමයි. ඔන්න ජනප්‍රවාදයේ අන්දරේ කිව්ව බව කියවෙන තවත් අම්බලන් කවියක් මෙතන සටහන් කරනවා. පසුබිම් කතාව:- අන්දරේ බඩගින්නෙම ගමනක් ගිහින් අම්බලමේ පින්තාලියෙන් වතුර බීල ඇලවුනාලු. වතුර බිව්වට පස්සෙ බඩ ගිනි වැඩිවුනාලු.
ReplyDeleteඇයි කැන්දේ උඹ ලන්දේ වැනෙන් නේ
මං මෙතැනේ අම්බලමේ තැවෙන් නේ
බඩ ගින්දරේ අරුමයවද දැනෙන් නේ
බත් ඇති දාක කැන්දඤ්ඤා වරෙන් නේ
Thanks :)
Deleteඅම්බලම් ගැන මේතරම් විස්තරයක් කියෙව්වමද කොහේද ... බොහොම ස්තූතියි 👌
ReplyDelete