භාරතයේ විත්ති - 34 - "Forest Man"

එක එක ජාතියේ මෑන්ලා ඉන්දියාවෙ ඉන්නවා... ඔය අතරින් , කන්දක් උඩින් වතුර රැගෙන එද්දී පය ලිස්සා මිය ගිය සිය බිරිදත්, ඈව ගෙනයාමට පාරක් නොමැති කම නිසා කන්දක් වටේ ගොස් රෝහලට යන විට ඈ මිය ගොස් සිටි නිසා ගමට පාරක් ලබා ගතයුතු යැයි සිතා නොඑක් දෝෂාරෝපණ , උපහාස මධ්‍යයේ අවුරුදු ගාණක් මහන්සි වී එම  කන්ද මැදින් කපා පාරක් තැනු 'මවුන්ටන් මෑන්' (දෂ්රත් මන්ජී ) සහ මාස්ශුදධියේදී සිය බිරිද අපිරිසිදු රෙදිකඩවල් භාවිතා කරන නිසා එය නැවතීමට විවිධ අපහාස, උපහාස මධ්‍යයේ පරීක්ෂණ සිදුකර අඩු මිල සැනිටරි පෑඩ් නිපදවන යන්ත්‍රයක් සොයාගෙන එමගින් නිපදවූ සැනිටරි පෑඩ්ස් රුපියල් දෙකක් වැනි වූ අඩු මිලකට කාන්තාවන්ට ලබා දීමට කටයුතු කල 'පැඩ් මෑන්'( අරුණාචලම් මුරුගනාතන්) කියන දෙන්නා වඩාත් ප්‍රසිද්ධ වන්නෙ 'Manjhi :The mountain man' සහ 'Pad man' කියන සිනමාපට නිසා...
මම මේ කියන්න යන්නෙ ඉන්දියාවේ ප්‍රසිද්ධ ෆොරස්ට් මෑන් ගැන... එයා ගැන තාම සිනමාපටයක් හැදිලා නැති නිසා දන්න කට්ටිය අඩුයි...

එහෙනම් අපි බලමු කවුද මේ ෆොරස්ට් මෑන්

1979 දී වයස 16ක් වෙච්ච ජාදව් පයෙං දවසක් දකිනවා බ්‍රහ්මපුත්‍ර ගංගාවේ දූපතක් වෙච්ච 'මාජුලි' හි (මාජුලී දිවයින :ඇසෑම් ප්‍රාන්තයේ,  ලොව විශාලම ගංගා දූපත ලෙස ගිනස් පොතට ඇතුළු වුන, 2016 සැප්තැම්බර් 8 දින වෙනම දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රකාශ කරන ලද )   මියගොස් සිටි සර්පයන් විශාල සක්ඛ්‍යාවක්.. මොවුන් ගංවතුරට ගසාගෙන විත් දූපතට ගොඩ වුණත්, එහි තිබුණු අධික රස්නය නිසාම මිය ගොස් වේලී ගොස් තිබුණා.. ඔහු කියන අන්දමට මේ අවස්ථාවේ ඔහුට හිතිලා තියෙනවා මිනිස්සුන්ටත් කවදා හරි මේ විදිහට වේළිලා කර වෙලා යන්න වෙයි කියලා, අධික රස්නය නිසාම.. එදා තමයි ඔහු තීරණය කරන්නෙ මාජුලි දිවයිනේ වන වගාවක් ආරම්භ කරන්න..

ඔහු උණ ගස් සහ කපු ගස් සිටුවීමෙන් පොඩියට පටං ගත් වන වගාව  අවුරුදු හතලිහකට පසුව අද වන විට හෙක්ටාර 550 විශාල (පාපන්දු ක්‍රීඩාංගණ 15ක වපසරියට සමාන) 'මොලායි වන් රක්ෂිතය' බවට පත්ව තිබෙණවා...එහි කොහොඹ, කුඹුක් (අර්ජුනා/terminalia arjuna) ,මුරුත (pride of India /largerstroemia speciosa),මැයි (royal poinciana/delonix regia), ඇල්බීසියා (silk trees/albizia procera), කලටිය (moj/archidendron bigeminum) , කපු, උණ සහ තවත් නම් වශයෙන් සදහන් කල නොහැකි විශාල ශාඛ ගහණයක් වෙනවා... ජාදව්ගේ දෑතින් බිහි වුණ මෙම වනය එක්සත් ජනපදයේ නිව් යෝක් සිටිහි පිහිටි සෙන්ට්‍රල් පාක් වනෝද්‍යානයටද වඩා ප්‍රමාණයෙන් විශාලයි...



මේ වන විට ශාඛ වර්ග විශාල ප්‍රමාණයක් මෙම වනයේ තිබෙනවා...ඒ විතරක් නම් මදැයි මේ වෙනකොට මිනිසෙක් අතින් නිමවුන මේ වනාන්තරයේ අලි,ඉන්දියානු රයිනෝ, මුවන්,හාවන්,වදුරන්,වල් ඌරන්, ගිජු ලිහිණින්, පක්ෂීණ් විශේෂ සිය ගැනනක්,විවිධ වර්ග වල උරගයන් රාශියක් විතරක් නෙවේ අතිෂය දුර්ලභ බෙංගාලි කොටි පවා ජීවත් වෙනවා...




ජාදව් කුඩා කාලයේ මාජූලී දිවයින එක් පසෙකින් ප්‍රධාන භූමියට සම්බන්ධව තිබුණත් කාලයක් තිස්සේ සිදු වුන පාංශුඛාදනය නිසා එම කොටස කැඩී ගොස් එය දූපතක් බවට පත්ව තිබුණා සහ දිගින් දිගටම පාංශුඛාදනය වෙමින් තිබුණා..ජාදව් ගේ වන වගා ව්‍යාපෘතිය නිසාම මෙම පාංශු ඛාදනය නැවතුනා...
මෙසේ වසර ගණනාවක් ඔහු වන වගාව මගින් සමාජයට අති මහත් සේවයක් කලත් රජය ඔහු ගැන දැන ගන්නේ 2008 වසරේදීය , ඒ අලි සිය ගණනින් මෙම වනයට පැමිණි බවට පුවතක් පලවීමත් සමගයි.. (එතෙක් ප්‍රාදේශීය දේශපාලුවන් හෝ මේ ගැන අවධානය යොමු නොකලේ යැයි අප සිතමු) එතැන් සිට් ජාදව්ගේ මෙම වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම සද්ක්‍රියාව ඉදියාවේ නොමද පැසසුමට ලක්වුනා .. සංචාරකයන් මෙම වනය නැරඹීමට පැමිණෙන්න ගත්තා.. විශේෂ කාරණයක් නම් මෙම වනය තුළදී අලි පැටවුන් 10 දෙනෙක් උපත ලබා තිබෙනවා...



2012 දී මොහු ගැන වාර්තාමය සිනමාපටයක් ජිතු කලිටා විසින් නිපදවෙන අතර එය සම්මාන කිහිපයක්ද දිනා ගන්න සමත් වෙනවා...2013 දී ආර්තී ශ්‍රීවාස්ථව විසින් නිපදවුන "Foresting life" වාර්තා සිනමාපටයේද මොලායි වන උයන ගැන සදහන් වෙනවා...

ලොව විශාලතම :මිනිසුන් අතින් බිහිවුණ වනය තිබෙන්නේ චීනයේය..එය කාලයත් සමග  චීනයෙ භූමි ප්‍රමාණයෙන් 42%ක් පමණ වන තෙක් ව්‍යාප්ත වන්නේ මිනිසුන් විශාල ප්‍රමාණයක් විසින් වරින් වර පැල සිටුවීම් සිදු කල බැවිනි.. එහෙත් මොලායි වනය යනු තනිකර ජාදව්ගේ උත්සාහයෙන් බිහිවුණ වනාන්තරයක්...
එහෙත් ඔහු පවසන්නේ එහි ඇගයුම තමුන්ට තනිව ගත නොහැකි බවයි.. ඔහු පවසන්නේ.." ඔබ ගසක් දෙකක් පැල කරන්න..ඔවුන් නිසි වයසට පැමිණි විට ඵල දරාවී, ඵල ඔබට බීජ දේවි, සුළග දන්නවා  බීජ රැගෙන යායුතු තැන්...කුරුල්ලන් දන්නවා බීජ පැල කල යුතු තැන්... හරක්,අලි කොටින්ම කියතොත් බ්‍රහ්මපුත්‍ර ගංගාව දන්නවා බීජ ගෙන ගොස් පැල කලයුතු තැන්.. මුලි මහත් පරිසර පද්ධතියම එය දන්නවා.. ඔවුන් සියලු දෙනාටම මෙහි ඇගයීම හිමි විය යුතුයි..."

නැවත හමු වෙමු

- අමිල-

Gallery









භාරතයේ විත්ති - 33 - "ඩබ්බාවාලා"



ඉන්දියාව කියන්නෙ මොන තරම් විශාල රටක්ද කියන එක මම අමුතුවෙන් ගෙන හැර පාන්න අවශ්‍ය නැහැනෙ... මේ විශාල රටේ සමහර නගර තියෙනවා හිතා ගන්න බැරි තරම් කාර්‍යය බහුල... මුම්බායි, දිල්ලි,චෙන්නයි,කල්කටා උදාහරණ කිහිපයක් විදිහට කියන්න පුලුවන්... මේ කාර්‍යය බහුල නගර වල ජීවත් වෙන ඇතැමුන්ට තමුන්ගෙ කෑම ටික කාර්‍යාලයට අරන් යන්න තරම්වත් ඉස්පාසුවක් නැති අවස්ථා ගොඩයි.. සමහරුන්ට ගෙදරක් නෑ.. ඉන්නෙ කුලියට ගත්ත පොඩිකාමර කෑලි වල.ඉතින් උයාගෙන කන්න තරම් පහසුකම් නෑ.. එක කාමරයේ 5-8ක් පමණ ඉන්න අවස්ථාත් තියෙනවා.. ඉතින් ඉන්දියාවේ සමහර නගර වල මේ කෑම ප්‍රශ්නෙට හොද උත්තරයක් තියෙනවා... ඒ තමයි ඩබ්බාවාලාස් .. ඉස්සරම මේ අයව ටිෆින්වාලාස් කියලත් හදුන්වලා තියෙනවා... හින්දියෙන් ඩබ්බා කියන්නෙ පෙට්ටියට... කෑම දාන පෙට්ටියෙ ඉදලා කුණු දාන පෙට්ටිය වෙනකල් ඩබ්බා තමයි... වාලා කියන්න පුද්ගලයෙක්ට.. ධාරකයෙක්ට.. පෙට්ටිය දරන්නා තමයි ඩබ්බාවාලා කියන්නෙ... හැබැයි කෑම පෙට්ටි... ටිෆින්වාලා කිවුවම තව පැහැදිලියිනෙ.. ඒකට ඉංග්‍රීසියෙන් බහු වචන වලට පාවිච්චි කරන 'එස්' අකුරකුත් අගට දාලා තමයි වාලාස්/ඩබ්බාවාලාස්/ටිෆින්වාලාස් වෙලා තියෙන්නෙ....

ඩබ්බාවාලා වරුන්ගේ ආරම්භය සිද්ද වෙලා තියෙනවා කියන්නෙ 1890 දි විතර බොම්බයි (දැන් මුම්බයි) හිදී.. මහාදේවො හවාජි බච්චේ නම් පුද්ගලයා විසින් මෙය ආරම්භ කලා කියලා තමයි කියන්නෙ.. මේක ලන්ච් ඩිලිවරි සර්විස් එකක්... ආරම්භයේ දී පුද්ගලයන් සීයකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ආරම්භ කලා කියලා තමයි කියන්නෙ ... 

1930 දි මහාදේවෝ  මේ ඩබ්බාවාලා වරුන්ව එක්කාසුකරලා නිල වශයෙන් ලියාපදිංචි කරනවා...පුණ්‍යායතනයක් විදිහට ට්‍රස්ට් එකක් /පදනමක් ලියාපදිංචි කරනවා 'නූතන් බොම්බයි ටිෆින් බොක්ස් සප්ලයර්ස් ට්‍රස්ට්' කියලා... මේ ට්‍රස්ට් එක පුණ්‍ය හා වාණිජ දෙකාර්‍යයටම ලියාපදිංචි වන අතරෙ 1968 දී වාණිජමය පදනම 'බොම්බයි ටිෆින් බොක්ස් සප්ලයර්ස් ඇසෝසියේෂන්' නමින් ලියාපදිංචි වෙනවා..
ඉතිහාසය ගැන ඔය ඇති...

මෙව් ඩබ්බාවාලාස් යනු ඉතාම කාර්‍යක්ෂම පිරිසක්.. උදෑසනම ඔවුන් පෙර දින සැපයු කෑම වල හිස් පෙට්ටි එකතු කරනවා.. ඊලග පැය කිහිපයේදී දිවා ආහාරය සකසන හෝ සැකසූ තැන් වලින් එකතු කර ගන්නා (ගණුදෙණු කරුවන්ගේ නිවාස වලින්) ඔවුන් ගණුදෙණු කරුවන්ගේ සෙවා ස්ථාන වෙත ඒවා ප්‍රවාහනය කරනවා, හැමදාම දහවල් 1.00 වෙද්දි...පයින්, පාපැදි වලින් , මෝටර් බයිසිකල් වලින්, රික්ෂෝ වලින් ,දුම්රියෙන් ආදී ක්‍රම මගින්....
එක් ඩබ්බාවාලා කෙනෙක්ට නියමිත ප්‍රදේශයක් තියෙනවා.. ඔහු ඩිලිවරි කරන්නෙ ඒ ප්‍රදේශය තුලයි...
මොවුන්ට කොතරම් පිලිගැනීමක් තිබේද කියනවනම් පාරක මාර්ග තදබදයක් තිබියදී පවා ගිලන් රථ වලට  සහ ඩබ්බාවාලාස් ට ඉඩ දෙන්න පුරුදු වී තියෙනවා...මොවුන් වෙලාවට වැඩ කරන එක ගැන එතරම් ඇගයීමක් ලැබෙනවා සමාජයෙන්..

ලෝක ප්‍රකට Fedex කූරියර් සමාගමේ ඉන්නේ ඒ සම්බන්ධ විශේෂීකරණ්‍ය වුන වෘත්තීය වේදීන්.. ගණනය කිරීම් වලට අනුව මෙම වෘත්තිකයන්ගේ අතින් වැරදීමේ සම්භාවීතාවය 100000 ට 6 වතවක්... නමුත් ඉතිහාසය පුරාම ඩබ්බාවාලා ලට සිදු වුන් වැරදීම් අනුව ගණනය කලාම ඔවුන්ගේ වැරදීමේ සම්භාවීතාවය 600000 ට එකක් පමණ කියලා තමයි කියන්නෙ..
2010 වසරේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කල අධ්‍යයනයකින් පසුව මොවුන්ව 'six sigma' ග්‍රේඩ් කරනවා...
දිනකට දල වශයෙන් 200000ක් පමණ ගණුදෙණු කාර පිරිසකට සේවය සපයන මොවුන් අතින් වසරකට වන ප්‍රමාද වීම් ගණන 400ක් පමණ අඩු අගයක් වෙනවා කියලා තමයි කියන්නෙ...
මෙම ක්ෂේත්‍රයේ පතාකයෙක් වන රිචර්ඩ් බ්‍රැන්සන් පවා මොවුන් සමග ගැවසෙමින්, අධ්‍යයනය කරමින් ඔවුන්ගේ රහස් ඉගෙන ගෙන තිබෙනවා... නිසි අධ්‍යාපනයක් නැති හෝ අඩු අධ්‍යාපනයක් ලද පුද්ගලයින් අතින් එතරම් කාර්‍යක්ෂම බවක් 👏👏👏👏
හදුනා ගැනීම සදහා අකුරු සහ අංක යොදා ගනිමින් සකස් කෙරුනු 'කෝඩ්' එකක් එක් එක් ගණුදෙනු කරුවන් වෙනුවෙන් භාවිතා වෙනවා...

ඒ වගෙම මේ අය අතරෙ ඉන්න පුලුවන් සේවාදායකයාගෙ නමවත් කියව ගන්න බැරි අය.. එහෙම අය සදහා යොදා ගන්නේ වර්ණ වලින් යුත් සංඛේතයක් .. ඒ ඒ සංඛේතය අනුව මේ පෙට්ටිය දෙන්න ඕනෙ කාටද කියලා ඔවුන් දන්නවා...
ඩබ්බාවාලාස් සෙවාව ලබා ගන්නා අය ඔවුන් කෙරෙහි අතිෂය පැහැදීමෙන් අවුරුදු ගාණක් තිස්සෙ ඔවුන්ගේ සේවාව ලබා ගන්නා අය... ඩිලිවරෝ, ඌබර් ඊට්ස් වගේ නොඑක් ඔන්ලයින් ඩිලිවරි ක්‍රම පාවිච්චි වෙන මේ කාලෙත් ඔවුන් විශ්වාස කරනවා අවුරුදු 125ක් පැරණි ඩබ්බාවාලාස් ක්‍රමය... එය කාර්‍යක්ෂමයි වගේම ලාභයි.. මාසෙකටම රුපියල් 800 ක් පමණ තමයි වෙන්නෙ...


මොවුන්ට පිලිගැනීම ලැබෙන්නෙ ඉන්දියාවෙ විතරක් නෙමේ..බ්‍රිතාන්‍යය රජ පවුලෙනුත්..

වතාවක් ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා මොවුන් හමුවීමට අවශ්‍ය වී වෙලාවක් ඉල්ලා සිටියත් ගණුදෙණුකරුවන්ගේ සේවාව සැපයීම වෙනුවෙන් එය කාරුණිකව ප්‍රතික්ෂේප කල බවත් කියවෙනවා.නමුත් පසුව ඔවුන් චර්ල්ස් කුමරු මුනගැහෙනවා, 2003 ඔහු ඉන්දිය සංචාරයක් අතරේදී..
 
ඒත් චාර්ල්ස් කුමාරයා ඔවුන් එක්ක උරණ වුනේ නෑ.. කැමිලා පාකර් සමග ඔහුගේ දෙවන විවාහයේදී විශේෂ ආරාධනා ලැබ බ්‍රිතාන්‍ය මාළිගයට පැමිණෙන්න  ඩබ්බාවාලාස් දෙදෙනෙකුට ආරාධනා ලැබෙනවා.. ඒ ගෞරවයට කෘත ගුණ සැළකීමක් ලෙස ඩබ්බාවාලා වරුන් විසින් මේගන් සහ හැරී යුවලගේ පුත් "ආචි ද වින්ඩ්සර් ඔෆ් මවුන්ට්බැට්න්" වෙත මහාරාශ්ඨ්‍ර  සම්ප්‍රදායට තැණුනු රිදී භාණ්ඩ කට්ටලයක් (හවඩියක්, පා සළඹක් හා අත් පළදනාවක්) තෑගි ලබා දීමට සූදානමින් ඉන්න බව කියවෙනවා... මෙගන් හා හැරි විවාහ වන අවස්ථාවේදී ඉන්දීය ක්‍රමයේ සාම්ප්‍රදායික මංගල ඇදුමක් ඔවුන්ට තැපෑලෙන් යැවීමටත් මොවුන් කටයුතු කර තිබුණා..  

මොවුන්ට වරදින එක් අවස්ථාවක් ගැන රස කතාවක් ලෙස ඉදිරිපත් වෙන ඉර්ෆාන් ඛාන් හා නිම්රත් කෞර් රංගනයෙන් දායක් වන  "The Lunch Box" සිනමාපටයෙන් කියවෙනවා..

ඉතින් මුම්බායි හි විශාල සේවයක් සිය ගැනුදෙණුකාරයන්ට සහ සෙවකයන්ට සලසන මෙම ඩබ්බාවාලා සංගමය ගැන කියන්න් බොහෝ දේ තිබ්බත් ලිපිය දික් ගැස්සෙන නිසා මෙතනින් නවතිනවා...

නැවත හමුවෙමු..

ප.ලි. 1960 දශකයේදී ලංකාවේත් මෙවන් ක්‍රමයක් පැවතී තිබෙණවා.


- අමිල-




භාරතයේ විත්ති - 32 - මහා 'මහමැතිවරණය'


ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක මැති වරණයක් යනු අතිශය වැදගත් සංසිද්ධියක්. මෙවන් ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක ප්‍රධාන ජාතික මට්ටමේ මැති වරණය මහ මැති වරණය...ඊට අමතරව ඇතැම් රාජ්‍යයන් වල තවත් එක් ජාතික මැතිවරණයක් පවත්වනවා ජනාධිපති වරණය නමින් ..

ලෝකයේ විශාලම මහමැතිවරණය කුමක්ද?! ඒ ඉන්දීය මහමැතිවරණය...

2019 වර්ෂයේ (දැනුදු අවසානයක් නැති ) ඉන්දීය මහමැතිවරණයේදී චන්දය ප්‍රකාශය කිරීමට සුදුසු කම් ලබා ඇති පිරිස මිලියන 900කට අධික වන අතර එය ලෝක ජනගහණයෙන් 10% කට ආසන්න වෙනවා ...ඉනුත් මිලියන 84ක් පළමු වතාවට චන්දය ප්‍රකාශ කරන්නන්...


මොකක්ද මේ ඉන්දීය මහාමැතිවරණය

ඉන්දියාව සන්ධීය රාජ්‍යයක්.. එහි පාර්ළිමේන්තුව ප්‍රධාන සභා දෙකකින් සමන්විත  වෙනවා .
මින් පළමු වැන්න හා වැදගත්ම එක  'ලෝක් සභා' නමින් හැදින්වෙනවා..මෙය පාර්ළිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩළය වන අතර සාමාජික මන්ත්‍රී වරුන් මහ ජනයා විසින් කෙලින්ම  තෝරාගනු ලබනවා..

                                                (ලෝක් සභා)
                                                     
                                                 (රාජ්‍ය සභා)



අනෙක් එක තමයි 'රාජ්‍ය සභා' නොහොත් ඉහල මන්ත්‍රී මණ්ඩලය.. මේ සදහා සාමාජිකයන් තෝරා ගනුලබන්නේ එක් එක් ප්‍රාන්ත වල සභා වලට තෝරා ගත් සාමාජිකයන්ගෙනුයි.. මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්.. අපි එය මෙසේ ගනිමු...

ප්‍රාන්ත සභා/State legislative Assembly
ප්‍රාන්ත සභාවක් යනු ඉන්දියාවේ ප්‍රාන්ත 28ට සහ ස්වාධීන බල ප්‍රදේශ වල පාලනය උදෙසා පවතින සභායි.. හරියට අපේ පළාත් සභා වගේ..හැබැයි මේ ප්‍රාන්ත අපේ පළාත් සභා වගේ නමට තියෙන ඒවා නෙමේ.. ප්‍රාන්තය තුළ පොලිසිය, බන්ධනාගාර,වාරිමාර්ග, කෘෂිකර්මය , ප්‍රාදේශීය රාජ්‍යයන් (අපේ ප්‍රාදේශීය සභා හා සමානයි),මහ ජන සෞඛ්‍යය,වන්දනාවන්,සහ සොහොන් බිම් ආදී වැදගත් අංශ පාලනය සදහා බලතල තියෙන්නෙ මේ ප්‍රාන්ත සභා වලට..ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රාන්ත වල නීති රීති හදන්නෙ ප්‍රාන්ත සභාවලින්..
ඉන්දිය පාර්ළිමේන්තුව හා සමානවම ප්‍රාන්ත සභාත් දෙකොටසකට බෙදෙනවා.. එකක් 'විධාන් පරිෂද්' නොහොත් State legislative Council නොහොත් සභාවේ ඉහල මණ්ඩලය වන අතර අනික 'විධාන් සභා' නොහොත් State legislative Assembly නොහොත් සභාවේ පහල මණ්ඩලය වේ...

මෙම විධාන් සභා වලට සාමාජිකයන් තෝරා පත් කර ගැනීමත් සිදුවන්නේ ඉන්දීය මහා මැතිවරණයේ කොටසක් ලෙසයි.. ඒ; එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයෙන්, එක් බල ප්‍රදේශයකට එක් සාමාජිකයෙක් වෙන විදිහටයි..
මීට අමතරව ඇංග්ලෝ ඉන්ඩියන් ජන කොටස් වලින් සාමාජිකයෙක් බැගින් සභාවට පත් කරන්නෙ ආණ්ඩුකාර වරයා..

විධාන් සභාවක අවම සාමාජිකයන් ගණන 40 ක් සහ උපරිම ගණන 500ක් වියයුතුයි කියලා සම්විධාන් (Constitution of India) හි කියලා තිබුණත් ජනගහණය අඩු ප්‍රාන්ත වල අවම සාමාජිකයන් ගණනට වඩා අඩු ප්‍රමාණයක් පවත්වා ගන්න ඉඩ දී තිබෙනවා.. ඒ අනුව විශාල සහ ජනගහණය වැඩිම ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හී සාමාජිකයන් ගණන 404 ක් වෙද්දී පොන්ඩිචෙරි හි 33 ක්ද,මිසෝරම් සහ ගෝවා හි 40ක් ද, සික්කිම් හි 32 ක් ද  විදිහට උදාහරණ දක්වන්න පුලුවන් .

මේ සාමාජිකයන් Member of State Legislative Assembly නොහොත් MLA නමින් හදුන්වනවා..

විධාන් සභාවෙ ප්‍රධානීන් දෙන්නයි.. මහ ඇමති සහ ආණ්ඩුකාරවරයා...


විධාන් පරිෂද්
වලට සාමාජිකයන් යෝජනා වෙන්නේ විධාන් සභා වලට පත් වුන සාමාජිකයන්ගෙන් සහ ප්‍රාන්තයේ උගතුන්, ගුරුවරු , වෘත්තිකයන් වැනි අයගෙන්... මේ අය වර්ෂ 6කට තෝරා ගන්නා අතර ඉන් 1/3 ක් වර්ෂ දෙකකට වතාවක් ඉවත්වන විදිහට සැකසී තිබෙනවා...

මේ සාමාජිකයන් Member of State Legislative Council නොහොත් MLC නමින් හදුන්වනවා..

යම්කිසි ප්‍රාන්තයක් හිතනවා නම් මේ විධාන් පරිෂද් අපට අවශ්‍ය නෑ කියලා ඔවුන්ට පුලුවන් විශේෂ නීතියක් සම්මත කරලා, එය පාර්ළිමේන්තුවේ මණ්ඩල දෙකෙන්ම අනුමත කරවාගෙන, ජනාධිපති වරයාගේ අත්සනින් නීතියක් බවට පත් කරගෙන එම සභාව අහෝසි කර දමන්න..දැනට ආන්ද්‍ර ප්‍රදේශ්,බිහාර්,ජම්මු කෂ්මීර්,කර්ණාටක්,මහාරාශ්ඨ්‍ර ,තෙලංගනාසහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල පමණක් 'විධාන් සභා සහ විධාන් පරිෂද් ' දෙකම පවතින අතර අනෙක් සියලුම ප්‍රාන්ත විධාන් පරිෂද් අහෝසි කර දමා විධාන් සභා පමණක් පවත්වාගෙන යනවා...

හරි දැන් අපි දන්නවා විධාන් සභා වලට සාමාජිකයන් (MLA s ) තෝරා ගන්නෙත් මහමැතිවරණයෙන් මයි කියලා..

ඊ ලගට මෙහෙම විධාන් සභා වලට තෝරා ගන්න සාමාජිකයන් (MLAs ) අතරින් එක් එක් විධාන් සභා වලට සාමාජිකයන් 7 - 9 ත් අතර වන විදිහට සාමාජිකයන් තෝරා ගන්නවා පාර්ළිමේන්තුවට.. මෙහෙම තෝර ගන්නා අයගෙන් සැදුම් ලත් මණ්ඩලය තමයි ඉන්දීය පාර්ළිමේන්තුවේ ඉහල මන්ත්‍රී මණ්ඩලය නොහොත් 'රාජ්‍ය සභා'ව..මෙය Indirect Election නම් වෙනවා...

ලෝක් සභාව
උඩම චේදයකත් කිවුවා වගේ ලෝක් සභාවට සාමාජිකයන් තොරා ගන්නේ ඍජුවම මහජනයා විසින්..මෙය Direct election නම් වෙනවා..

ප්‍රාන්ත සභාවෙදි විධාන් සභාව කැමතිනම් විධාන් පරිෂද් ඉවත් කර දමන්න පුලුවන් වුනත් පාර්ළිමේන්තුවෙදි ලෝක් සභාවට රාජ්‍ය සභාව අවශ්‍ය නෑ කියලා ඉවත් කිරීමේ හැකියාවක් නෑ...
ලෝක් සභාවේ ප්‍රධානියා කතානායක වරයා වන අතර රාජ්‍ය සභාවේ ප්‍රධානියා එම සභාවී සභාපති වරයා වේ.

ඉතින් මේ ලෝක් සභාවට සහ රාජ්‍ය සභාවට (ප්‍රාන්ත සභා හරහා) දෙකටම සාමාජිකයන් පත් කර ගන්න තමයි ලෝකයේ විශාලම මහාමැතිවරණය හෙවත් ඉන්දීය මහාමැතිවරණය පවත්වන්නෙ...

මිලියන 900 ක චන්ද දායකයන් ගෙන් ප්‍රාන්ත 28කින් හා ස්වාධීන බල ප්‍රදේශ දෙකකින් සාමාජිකයන් පත් කර ගැනීම සෙල්ලමක්ද? කොහෙත්ම නෑ.. ඒ නිසා තමයි ඉන්දීය මහාමැතිවරණය පියවර කිහිපයකට , කඩින් කඩ, මාස කිහිපයක් තිස්සෙ පවත්වන්නෙ..

මෙම මැතිවරණ කාල සටහන හදද්දි  ප්‍රාන්ත ලැයිස්තුගත කොට එක් දිනකට ප්‍රාන්ත කිහිපයක් අන්තර්ගත වන විදිහට එය සිදු කරනවා..

මේ අනුව 2019 මහා මැතිවරණයේදී
  • අප්‍රේල් 11 දින
 ආන්ද්‍ර ප්‍රදේශ්,අරුණාචල් ප්‍රදේශ්, ඇසෑම්,බිහාර්,චත්තිස්ඝඩ්,ජම්මු කෂ්මීර්,මහාරාෂ්ඨ්‍ර,මිසෝරම්,මනිපූර්,මේඝාලයා,නාගාලන්ඩ්,ඔඩිස්සා,සික්කීම්,තෙලංගනා,ත්‍රිපුර,උත්තර් ප්‍රදේශ්,උත්තරාඛණ්ඩ්,බටහිර බෙංගාලය,අන්දමන් හා නිකොබාර් දූපත් , ලක්ෂදිව්

යන ප්‍රාන්ත 20ක චන්ද බල ප්‍රදේශ 91 කත්..

  • අප්‍රේල් 18 දින
ඇසෑම්,බිහාර්,චත්තිස්ගඩ් ,ජම්මු කෂ්මීර් , කර්ණාටක් ,මහාරාශ්ඨ්‍ර ,මනිපූර් ,ඔඩිස්සා ,තමිල්නාඩු,උත්තර් ප්‍රදේශ්,බටහිර බෙංගලය,පොන්ඩිචෙරි

යන ප්‍රාන්ත සහ ස්වාධීන බල ප්‍රදේශ වල චන්ද බල ප්‍රදේශ 95 කත්..

  • අප්‍රේල් 23 දින

ඇසෑම්,බිහාර්,චත්තිස්ගඩ් ,ගුජ්රාත්,ගෝව,ජම්මු කෂ්මීර් ,කර්ණාටක් ,කේරලා,මහාරාශ්ඨ්‍ර ,ඔඩිස්සා ,උත්තර් ප්‍රදේශ් ,බටහිර බෙංගාලය,ත්‍රිපුර,ධද්රා සහ නාගර්හවේලී, දමන් සහ දිව්

යන ප්‍රාන්ත හා ස්වාධීන බල ප්‍රදෙශ වල චන්ද බල ප්‍රදේශ 116කත්

  • අප්‍රේල් 29 දින

බිහාර්, ජම්මු කෂ්මීර් , ඣාර්ඛණ්ඩ්, මධ්‍ය ප්‍රදේශ් , මහාරාශ්ඨ්‍ර ,ඔඩිස්සා ,රාජස්තාන් , උත්තර් ප්‍රදේශ් ,බටහිර බෙංගාලය

යන ප්‍රාන්ත වල චන්ද බල ප්‍රදේශ 71 කත්

  • මැයි 6 දින
බිහාර්, ජම්මු කෂ්මීර් , ඣාර්ඛණ්ඩ්,මධ්‍ය ප්‍රදේශ්,රාජස්තාන් ,උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය

යන ප්‍රාන්ත වල චන්ද බල ප්‍රදේශ 51කත්

  • මැයි 12 දින
බිහාර්, හර්යානා,ඣාර්ඛණ්ඩ් ,මධ්‍ය ප්‍රදේශ්, රාජස්තාන් , උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය

යන ප්‍රාන්ත වල චන්ද බල ප්‍රදේශ 59කත්

  • මැයි 19 වන දින

බිහාර්, හිමාචල් ප්‍රදේශ්, ඣාර්ඛණ්ඩ් , මධ්‍ය ප්‍රදේශ් , පන්ජාබ්, බටහිර බෙංගාලය , උත්තර් ප්‍රදේශ්, චන්දිඝඩ්

යන ප්‍රාන්ත සහ ස්වාධීන බල ප්‍රදේශ වල චන්ද බල ප්‍රදේශ 59 කත්

චන්දය ප්‍රකාශ කිරීම සිදු වුනා...

දැන් පවතින්නේ චන්දය ගණන් කිරීමේ අදියරයේය... එම නිසා වාර කිහිපයකදී එකතු කර ගත් චන්ද පෙට්ටි මේ වන විට පවතින්නේ, මේ අවස්ථාවේ ඉන්දියාවේ බලවත්ම පුද්ගලයා වන ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සතුවයි...

      (Sunil Arora - The Chief Election Commissioner of India )


ඔහු විසින් ගණනය කිරීම් සිදු කොට ඉදිරියේදී ප්‍රතිඵල පවසාවි..

නවතිමි..

නැවත හමුවෙමු...

- අමිල -
   

Vietnam - 02 - "1945 - 1954 - French Soldier - Vietminh Guerrilla "


 (below - a french legionnaire walks)

ප්‍රංශ හමුදාව සහ විඑට්මිං (Viet Minh) ගරිල්ලන් අතර අට අවුරුදු යුද්ධය දෙපාර්ශවයේම විශාල වෙනසක් සිදු කිරීමට සමත් එකක් වුණා...
ඒ කතාවට පෙර අපි බලමු දෙපාර්ශවයේ හමුදාවන් සහ යුධ ශක්තීන් පිලිබදව...

ඉන්ඩොචයිනා හි මුල් ප්‍රංශ හමුදාවේ මොරොක්කානු,අප්‍රිකානු,ඇල්ජීරි
යානු සහ ප්‍රංශයට සහාය පල කල විඑට්නාමීන් ගෙන් සමන්විත ඛණ්ඩයක් වුණා.
විවිධ වෙනස් භාෂාවන් කතා කරන මේ විදේශීය හමුදා ඛණ්ඩය ප්‍රංශ හමුදාවේ මෙන්ම ලෝකයේ සුප්‍රකට එකක් වුණා..

එසේ වුවත් යුද්ධයේදී පෙරමුණ ගත්තේ ප්‍රංශයේ සුප්‍රකට 6වන පැරාෂූට් බලකාය (6th Marine Infantry Parachute Regiment /6th Colonial Parachute Battalion /6e regiment de Parachutister d'Infenterie de Marine) සහ පළවන පැරාෂූට් බලකායේ දෙව ඛණ්ඩයයි...

මෙම 6 වන පැරාෂූට් බලකාය 1948 මැයි 16 වන දින පිහිටුවනු ලැබූ අතර ජූලි 28 දින ඉන්ඩොචයිනා බලා එනවා... 
                           (6e regiment de Parachutister d'Infenterie de Marine )

විවිධ සටන් වලට සහභාගී වී ඇති අත්දැකීම් බහුල මෙම හමුදා ඛණ්ඩයන් අත විඑට්මිං ගරිල්ලන්ට එරෙහි සටනේ විශාල වගකීමක් පැවරුණා..

ප්‍රංශ හමුදාවට කාල තුවක්කු සහ යුධ ටැංකි වලට අමතරව ඇමරිකානු හා වෙනත් අවි වල මිශ්‍රණයක් සතු වුණා..ඔවුන්ගේ සාමාන්‍යය අවිය වූයේ 7.5 mm MAS 36 rifle
 
 එක සහ 9 mm MAT submachine gun එකයි...

තවද DKZ 57mm recoilless rifle 
 
සහ 120 mm Mortars මොවුන් සතු වුණා...

පැරා සොල්දාදුවන් අතර වඩා ප්‍රකට වුණේ ඇමරිකානු 30 caliber MIAI folding stock carbines 
 , MAT 49 collapsible stock 9 mm submachine guns,7.5 mm chatellerault M29 light machine gun (මිනිත්තුවකට වට 125ක් ) ය..
මොවුන් ඉන පටි වල ජර්මානු ආකාරයේ potato masher grenades දරා සිටියා..

පැරා සොල්දාදුවන් ඇමරිකානු මෝස්තරයේ හෙල්මට් සහ කැමා ඇදුම් බ්‍රිතාන්‍ය මෝස්තරයේ wind proof jump pants වලට උඩින් ඇදීමට පුරුදුව සිටියා..
ගුවනේදී සහාය සදහා දෙවන ලෝක යුධ සමයේ ප්‍රකටවුණ F -6F Helcat fighters 
 

සහ SB - 20 Helldiver fighter-bomber
 

 ටොංකිං කලපුවේ තබා තිබූ aircraft carrier වල තබා තිබුණා...

හමුදා සැපයුම් සිදු කලේ C-47 සහ C-119 flying boxer cargo planes මගින් ය....

විඑට්මිං ගරිල්ලන්ගේ ප්‍රධාන ආයුධ වූයේ චීනය විසින් තැනූ සෝවියට් ආයුධ වල කොපි වූ T56 7.62 mm rifles
 
 , මුල් කාලින AK 47 assault rifles 
 
දෙවන ලෝක යුධ සමයේ භාවිතා වුණ KAR - 98 mauser rifles
 
 ,PPSh 41 submachine guns 
 
,drum or stick magazine fed
 
 ,water cooled maxim 
 
සහ Soviet Goryunov heavy machine guns ය
 
...
තවද ජෙනරාල් Wo Nguyen Giap සතුව Katyusha rockets, 24 105 mm howitzers සහ 37mm Soviet anti -aircraft guns තිබුණා...

නැවත හමු වෙමු

- අමිල -

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters