කොළඹ වීදියකදී.....12- "ජුබිලි කණුව"


මේ ජූනි මාසෙ බ්‍රිතාන්‍යයයට වැදගත් කමක් ඇති මාසයක් ..ඒ තමයි බ්‍රිතාන්‍ය මහරැජිණ කිරුලේ හැට පස් වසරක් ගෙවීම සැමරීම ..ඒ කියන්නෙ රැජිණගේ රාජ්‍යත්වයේ වජ්‍ර ජයන්තිය සැමරීම... එතකොට දෙවන එලිසබත් මහ රැජිණද වැඩිම කාලයක් කිරුල දරා ඉඳලා තියෙන්නෙ?.. ඔවු..

දෙවන එලිසබත් මහ රැජිණගේ මීමිත්තනිය වන වික්ටෝරියා රැජිණ තමයි දෙවැනියට වැඩිම කාලයක් කිරුල දරා ඉඳලා තියෙන්නෙ..
ඒ කියන්නෙ අවුරුදු 63යි මාස 6 ක්..
වික්ටෝරියා රැජිණ ඇගේ කිරුලේ  රජත (වසර 50) ජයන්තිය සැමරුවෙ 1887 දී..
ඒ කාලෙ ලංකාවත් වික්ටෝරියා රැජිණගේ පාලනය යටතෙ තිබුණ නිසා ඇය ලංකාවටත් ඇවිල්ලා තියෙනවා,1887 දී...ඇගේ මේ ගමන සිහි වෙන්න තමයි නුගේගොඩ මිරිහාන ප්‍රදේශයෙ ජුබිලි කණුව ඉදිකරන්න යෙදුනෙ...  රිදී ජුබිලිය සිහි වෙන්න හදපු නිසා තමයි ජුබිලි කණුව කියලා නම වැටුනෙ..
කොළඹ ඇවිදින කරන අය,කොළඹ දන්න කියන අය ජුබිලි කණුව නොදැන ඉන්න විදිහක් නෑ... ඒත් එහි ඉතිහාසය දන්නෙ කීදෙනෙක් විය හැකිද?

ජනප්‍රවාදයේ තිබෙන විදිහට සහ ජුබිලි කණුවේ සටහන් වන තොරතුරු වලට අනුව 1887 දී ලංකාවට පැමිණි වික්ටෝරියා රැජිණ මුලින්ම කෝට්ටේ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී තිබෙනවා.. පැවසෙන ආකාරයට මෙම දේව මෙහෙය අවසන් වූ පසු ඇය පා ගමනින් කි.මීටරයකට ආසන්න ප්‍රමාණයක් ගෙවා මෙම ජුබිලි කණුව පිහිටි ප්‍රදේශයට පැමිණ තිබෙනවා.. ජුබිලි කණුව මෙම ස්ථානයේ ස්ථාපනය කිරීමට හේතුව එයයි... 


ජුබිලි කණුව කළුගලෙන් නිමවූවක්...පාදම කොටස් හතරකින් යුත් එකක් වුනත් අද එය දකින්න ලැබෙන්නෙ නෑ..මාර්ගය අයිනට වන්නට ඉදි කරවූ ජුබිලි කණුව පසුකලෙක සිදුවූ අලුත් වැඩියාවකදී එතැනින් ගලවා ඉවත් කර වන තැනකට ගිය බවත් පසුව සිදුවූ කරුණු පැහැදිලි කිරීම් වලින් පසුව කෝට්ටේ සහ නගරසභාව විසින් එය නැවත අද පවත්නා ස්ථානයේ ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත...

 

































වර්තමානය වන විට ජුබිලි කණුව කිසිදු ඓතිහාසික පෙනුමක් නැති , සුදු තීන්ත තැවරූ සොහොන් කොතක සුවරූපය ගන්නේත් මෙම මෝඩ නිල හෝ බලධාරීන් නිසාම ය...

මෙම ජුබිලි කණුව වගේම අනිත් ස්මාරකය තමයි කොළඹ පිහිටි වික්ටොරියා රැජිණගේ පිළිරුව..


සිංහාසනයේ වාඩි වී සිටින ආකාරයෙන් නිමවූ මෙම මූර්තිය ඇගේ කිරුලේ 60 වන වසර සැමරීමට, එනම් ජුබිලි කණුව ස්ථාපනය කිරීමෙන් වසර 10 කට පසුව 1897 දී කොළඹ ස්ථාපනය කලා..



මුලින් එය කොළඹ රැජිණගේ නිල නිවස පිහිටි නිවස පිහිටි ගෝරඩන් ගාර්ඩ්න් හී (වර්තමාන කොටුව ජනාධිපති මන්දිරය ) පිහිටි අතර පසුව එය එතැනින් ඉවත් කර කොළඹ කෞතුකාගාරය පිටුපස පිවිසුම අසල තබා තිබෙනවා... ජනයා වැඩිය ගැවසෙන ස්ථානයක පිහිටා නැති බැවින් මෙය දැක ගැනීමට නම් එම ස්ථානයටම යායුතුයි..

- කොළඹ වීදියකදී නැවත හමුවෙමු -
- අමිල-

Gallery


 

භාරතයේ විත්ති - 28 - මහපාරේ කෝච්චි පාර



මහපාර ..ඒ කියන්නෙ වාහන බස් යන පාරෙ පැත්තකින් හරි මැද්දෙන් හරි යන කෝච්චිපාරවල් එහෙමත් නැත්තම් රේල් පාරවල් ලංකාවෙ නෑ... ඒ නිසා අපිට එහෙම දර්ශන මවා ගන්න අමාරුයි..ලංකාවෙ වගේම අනිත් රට වලත් රේල් පාරවල් හදන්නෙ මහපාරට එපිටින් තරමක් උස් බිමක... හැබැයි මහ පාරෙ අයිනෙ යන රේල් පාරක් තියෙනවා ඉන්දියාවෙ.. ඒ තමයි ඩාජිලිං හිමාලයානු රේල්පාර...
මෙම රේල්පාර පටං ගන්නෙ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඉහල කොටසේ ඒ කියන්නෙ අල්ලපු රට වන නේපාලයට කිට්ටුවෙන් පිහිටි සුන්දර කඳුකර ප්‍රදේශයක් වන ඩාජිලිං වලින්... අවසාන වන්නේ බටහිර බෙංගාල ප්‍රාන්තයේම නව ජල්පෛගුරි නගරයෙන්...මෙම දුම්රිය මාර්ගය ලොව පුරා සංචාරකයන්ගේ ආදරය දිනා ගත් දුම්රිය මාර්ග අතර ඉදිරියෙන්ම සිටිනවා...
 
1879 ඉදිකිරීම් අරඹා 1881 දී අවසන් කල දුම්රිය මාර්ගයේ වැලමිටි වංගු 6ක් හා දුම්රිය පුඩු (railwas loops ) පහක් තිබෙනවා..එය දිගින් කිලෝමිටර 88ක් (සැතපුම් 55ක්).
 
එම මාර්ගයේ මුහුදු මට්ටමේ සිට උස  ආරම්භක ස්ථානයේ සහ අවසාන ස්ථානයේ වෙනස ඉතාම ඉහලයි.. 
 
එනම් ඩාජිලිං හිදී මූදු මට්ටමින් මීටර 2200 ක් ඉහලින් පටං ගන්නා එය ජල්පෛගුරි හි දී මූදු මට්ටමින් මීටර 100ක් උසින් අවසන් වනවා.. ඩීසල් ලොකොමොටිව් දුම්රිය හතරක් මෙහි ගමන් වාර වලින් වැඩි කොටසක් ආවරණය කරන අතර දෛනික සංචාරක දුම්රියන් ලෙස බ්‍රිතාන්‍ය B පංතියේ වාෂ්ප එන්ජින් සහිත දුම්රිය වලින් ආවරණය කෙරෙනවා.. මෙම වාෂ්ප එන්ජින් සහිත දුමිරිය බොහෝ වෙලාවට පෙට්ටි හතරකින් යුතු කුඩා දුම්රියක්..හරියට ලංකාවෙ වයිස්රෝයි එක වගේ තමයි.
 
මෙම දුම්රිය මාර්ගයේදී ඉන්දියාවේ ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානයන් වන Ghum (මූදු මට්ටමින් මීටර 7400 කින් උස ) සහ Red panda දුම්රිය ස්ථාන හමු වෙනවා..
 
 
 
 
 
 
 
 
                                        (Ghum Railway station)
                                                                                

මෙහි වටිනාකම කොතෙක්ද යත් 1992 දී UNESCO සංවිධානය විසින් දුම්රිය මාර්ගය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කලා..


මහපාරේ කෝච්චි පාර කියලා කිවුවට ඉතිං මුලු දුරම මහපාරෙම යනවා කියලා වරදවා වටහා ගන්න එපා.. බොහොමයක් ස්ථාන වලදී මහපාර අයිනෙන්ම යන නිසා තමයි එම නම පාවිච්චි කලේ.





දුම්රිය ගමනේදී මනස්කාන්ත දර්ශන වලින් යුත් ෂිලිගුරි,කුර්සොං,ඝූම් පසුකර යනවා.. හිම කඳු තේවතු දිය ඇලි මැදින් යන ගමන කොතරම් සුන්දර එකක් විය හැකිදැයි සිතන්න...

මෙම මාර්ගයේ පිහිටි දුම්රිය පුඩු වලින් වඩාත් අලංකාරම එක වන්නේ බැටසියා පුඩුවයි (Batasia loop) ...කඳුබෑවුමක ඇති වංගුව ගන්නා විට අනෙක් පස ඇති කංචන්ජංගා කඳු වැටියත්  , කඳු වැටි දෙක අතර වලාකුලු කැටිත් මවන්නේ කිව නොහැකි අලංකාර දර්ශණයක්.. (ඡායා රූප නරඹන්න ).
                             (Batasia loop)
(Kanchenjunga maountains by the side of Batasia loop)

 
මෙම දුම්රිය මාර්ගය අවට පහත සංචාරක ස්ථානද පිහිටා තිබෙනවා..
01. ගුරු සක්‍යා විහාරය ( ඩාර්ජිලිං සිට කි.මී. 0.3 ක් දුරින්)
02.බැටසියා පුඩුව
03.ජපං සාම චෛත්‍යය ( ඩාර්ජිලිං සිට කි.මී. 0.8 ක් දුරින් )

04.Ashmitha Trek club ( 2.8 කි.මී.දුරින්

05. ඝූම් කෞතුකාගාරය
06. බාර්බොටේ ශෛලඋද්‍යානය 

 
 
 
 
 
 
 
 
 
 
07. කේබල් මාර්ගය
08. ඝූම් විහාරය 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
09.ටිබෙට් බෞද්ධ විහාරය
10.බොක්රා න්ග්ඩෙං චොකෝර් විහාරය
11.මහාකාල් විහාරය
12. කංචන්ජංගා කඳු වැටිය




 
 
 
 
 
 
 
13.පද්මජා නායිඩු වනෝද්‍යානය (රතු පැන්ඩාවුන් සඳහා සුප්‍රකට)
14.හැපි වැලී තේවතු යාය
15.එවරස්ට් කෞතුකාගාරය
16. දිර්ධම් විහාරය
17.යිගා චොඑලිං විහාරය

සහ තවත් ස්ථාන රාශියක්.ඩාර්ජිලිං දුම්රිය ස්ථානයට ආසන්නම ගුවන්තොටුපල වන්නේ බග්ඩොග්රා (Bagdogra) ගුවන්තොටුපොලයි.

පහත පරිදි දුම්රිය ධාවනයන් මෙම මාර්ගයේ සිදු වෙනවා.

දුම්රිය සේවාවන්
දෛනික පුංචිකෝච්චිය (වාෂ්ප එන්ජිම සහිත) ..සුඛෝපභෝගී පළමු හා දෙවන පංති සහිත..

විනෝද සවාරි සඳහා ඩීසල් ,B පංතියේ ලොකෝමෝටිව් දුම්රිය

කැලෑ සෆාරි සහ නිවාඩු දුම්රිය

ෂිලිගුරි සිට තින්ධරියා තෙක් දිවෙන ලොකෝමෝටිව් දුම්රිය.

ඉතිං ඉන්දියාවෙ යන්න ඉන්නවනම් මේ දුම්රිය මාර්ගයෙත් එන් වතාවක් හරි යන්න උත්සාහ කරන්න... 😊😊

නැවත හමුවෙමු

- අමිල-
 
Gallery
                                    (1880)
                                  (1895)











Let angels guide you.....


"From Santi's earthly tomb with demon's holes,
'Cross Rome the mystic elements unfold.
The path of light is laid ,the secret test,
Let angels guide you on your lofty quest.."


මේ කවිය මතකද?
ඩෑන් බ්‍රවුන් ගේ එන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස්
පොත කියවපු අයට මතක ඇති.. ෆිල්ම් එකෙත් යාන්තමට තියෙනවා..

කවියෙන් කියවෙන්නෙ අතීතයේ ඉලුමිනාටි සංවිධානයේ රහස් රැස්වීම් ශාලාවට යන මාර්ගය ..ඇත්තටම මෙය සිංහල විදිහට කිවුවොත් ගැට පදයක්.. මේ කවියෙ විදිහට ;let angels guide you on your lofty quest...,ඒ කියන්නෙ රෝමය පුරා තැන් තැන් වල ඉදිකර තිබෙන දහසකුත් එකක් සුරදූතයන්ගේ මූර්ති හෝ චිත්‍ර අතර සැඟව තිබෙන විශේෂ ප්‍රතිමා වල ඇති යම් යම් ලක්ෂණ වලින් මාර්ගය පෙන්වා දේවි යන්නයි..
ඉතිං මේ කියන්න යන්නෙ ඔය කියන නිර්මාණ ගැන...

ඊට කලින් බලමු මේ කවිය තියෙන පොත ගැන.. පොත තමයි DIGRAMMA DELLA VERITA 
... 
මෙම පොත මගින් මූලික වශයෙන් කියන්නෙ සූර්යයා වටා පෘතුවිය භ්‍රමණය වෙනවාය කියන ප්‍රසිද්ධ (ඒකාලෙ තහනම් ) රහස.. මේ නිසාම මේ පොතත් තහනම් පොත් අතරට වැටෙනවා.. 
මීට අමතරව ඩෑන් බ්‍රවුන් කියන විදිහට මම පොත පිට කිරීමේ තවත් එක් අරමුණක් වුනේ රහසිගත ඉලුමිනාටි සංවිධානය ගැන රහසේ ප්‍රසිද්ධ කිරීම සහ එයට එක්වන්නන්ට මග පෙන්වීමයි.. 
ෙමය කල්පිතයක් බවයි බොහෝ දෙනා පවසන්නෙ.. එය ඇත්තක්ද නැත්තක්ද යන්න පැවසීම අපහසු වන්නේ එය තැන්පත් කරලා තියෙන්නෙ වතිකානු ලේඛනාරක්ෂකාගාරයේ නිසයි.. 
මිහිපිට තියෙන වඩාත්ම ආරක්ෂිතම ලේඛණාරක්ෂකාගාරයක් තමයි වතිකානු ලේඛණාගාරය... එහි යාමට සංචාරකයන්ට සපුරා තහනම් වන අතර ලේඛණාගාර පාලක මණ්ඩලයේ සම්පූර්ණ අනුමැතියෙන් හෝ පාපාවහන්සේගේ විශේෂ අවසරය මත පමණක් මෙහි යා හැකි බව පැවසෙනවා.. 17 වන සියවසේදී මම ලේඛනාගරය වටිකානු පුස්තකාලයෙන් වෙන් කොට වෙනමම පිහිටවූවා..1881 තෙක් පිටස්තරයන්ට කිසිදු ආකරයකට විවෘත නොවුණු මෙය අටවන පියුස් පාප්වහන්සේගේ කාලයේදී පර්යේෂකයන් උදෙසා විවෘත වුණා.. පර්යේෂණයක් උදෙසා මෙහි ඇතුළු වීමට නම් වසර පහකින් යුතු පාඨමාලවක් අවසන් කොට ලබා ගත් උපාධියක් හිමි අයෙක් හෝ ඒ හා සමාන වෙනත් ඉහල අධ‍යාපන සුදුසුකමක් තිබියයුතු වෙනවා..
රෝමයේ ඉතිහාසය..වතිකානයේ ඉතිහාසය..කතෝලික ධර්මයේ ඉතිහාසය හා සම්බන්ධ මිල කල නොහැකි ලේඛන ... පළ කල හා නොකල බයිබලයේ අත් පිටපත්..වතිකානයේ වත්කම් ලේඛන..එක් එක් කලාකරුවන් විද්‍යාඥයන් ගේ කලාකෘති සහ සොයාගැනීම් පිලිබඳ වාර්තා..ඔවුන්ගේ පෞද්ගලික සටහන් පොත් රාජ්‍ය ලියකියවිලි,පාප්වහන්සේලාගේ ගිණුම් වාර්තා,පැරණි සිතියම් ආදී සියවස් ගණනාවක සිට එකතු කල ලියවිලි රාශියක් වැනි වටිනා ලේඛන දහස් ගණනක් මෙම ලේඛනාගාරයේ තැන්පත්කොට තිබෙනවා...
                    (   Archivo del Vaticano - Vatican Archives)




එනිසා මෙම පොතේ සත්‍ය අසත්‍ය බව ගැන කීම නොහැකියි...
නමුත් පොතේ තියෙන කවියෙ තියෙන නිර්මාණ නම් කොහෙත්ම අසත්‍ය දේවල් නෙමේ..අදටත් රෝමය හා වතිකානුව පුරා අවට තැන් තැන් වල තිබෙන ඉහල කලාත්මක අගයකින් යුත් මෙම නිර්මාණ වලි සමහරක් ලෝක ප්‍රකට කලාකෘති.. ඉතිං අපි ටිකක් කියවමු ඒ ගැන...

මෙය නවකතාවේ පිලිවෙලට යන නිසා මම කතාවේ මුලින් ගිය ස්ථානයේ ඉඳන් පටං ගන්නම්...

රොබට් ලැංඩන් කවිය කියවලා එයාගෙ දැනුමින් විසඳුවම එයාට හිතෙනවා මේ කියන්නෙ
කවිය පටං ගන්නෙ from Santi's earthly tomb කියලා.. රොබට් ලැංඩන් කවිය කියවලා එයාගෙ දැනුමින් විසඳුවම එයාට හිතෙනවා මේ කියන්නෙ ලෝක ප්‍රකට රෆායල් සැන්ටි සම්බන්ධ ස්ථානයක් කියලා.. ඒකේම කියනවනෙ අර්ත්ලි ටොම් කියලා... ඉතිං ඔය කියන Santi's Earthly tomb එක තමයි Pantheon දේවස්ථානය .රෝමයේ පරණම දේවස්ථාන වලින් එකක් තමයි මේ දේවස්ථානය.. 

වෘත්තාකාර දේවස්ථානයේ වහලයේ තිබෙන වීදුරු දැමූ සිදුරකින් ස්වාභාවික ආලෝකය මෙම මැදුරට වැටෙනවා.. මෙවන් සිදුරු වලින් යක්ෂයාගේ බැල්ම වැටෙනවා යැයි විශ්වාස කල නිසා ඒකට කිවුවේ Demon's Hole කියලා.. මෙම සිදුරට ඉංග්‍රීසි බසින් Oculus   කියල කියනවා..



                                       (Rafael's tomb)

                       
                                     (Raffaello Sanzio da Urbino /Raphael Santi    1483-1520)

මෙහි වර්තමාන ගොඩනැගිල්ල ක්‍රි.ව. 113 ත් 125 ත් අතර ගොඩ නගා ඇති බව වාර්තා වෙනවා.. පල්ලිය ඇතුලෙ තියෙන නිර්මාණ ගැන වෙන වෙනම කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා.. ඉතිං ඒ නිසා වෙන අතකට හැරෙමු.. පල්ලියෙ තියෙනවා කලාකරු රෆායල් සැන්ටිගේ සිරුර මිහිදන් කල සොහොන.. එය අදටත් දැකගත හැකියි...

ඉතිං මේ පල්ලියෙ ඇවිද ඇවිද ඉන්න විට්ටෝරියාටයි රොබට් ටයි තේරෙනවා ඔය කියන Santi's earthly tomb එක මේක නෙමේ කියලා.. අන්තිමේ එයාලා වෙන තැනක් තියෙනවද කියලා හොයනකොට දැනගන්නවා රෆායල් සැන්ටි ගේ සිරුර මිහිදන් කල නොව ඔවු විසින් නිර්මාණය කිරීමට යෙදුන පල්ලියක තමයි පලවෙනි ලකුණ තියෙන්නෙ කියලා.. ඒ පල්ලිය තමයි CAPELLA CHIGI DELLA MADONNA (Chigi Chapel ) කියලා...මෙම පල්ලිය තියෙන්නෙ Santa Maria del Popolo බැසිලිකාවෙ වම් අත පැත්තෙ දෙවනියට...චිගි දේවස්ථානයේ මුල් සැළසුම හා ඉදිකිරීම් රෆායල් විසින් සිදු වූවක්.
                       
                         (First ground drawing by Raphael)


               (A drawing found in Gian Lorenzo Bernini's workshop)


පල්ලිය තුලට යන රොබට් පුදුම වන්නෙ ඒක ඇතුලෙ මුහුණට මුහුණ බලාගෙන සිටින විදිහට ඉදිවුන පිරමීඩ දෙක නිසා.. එකක් පිරමීඩ හා කතෝලික ධර්මය අතර සබඳතාවක් සොයා ගැනීමට අපහසු නිසා.. රහස් කාරණය තමයි පිරමීඩය කියන්නෙ ඉලුමිනාටි සංඛේතයේ කොටසක්...
ඉතිං සේ පිරමීඩ දෙක හදලා තියෙන්නෙ කවුද..ඒ තමයි Gian Lorenzo Bernini කියන තවත් එක් විශිෂ්ඨ කලාකාරයෙක්..
                     (Self portrait of Gian Lorenzo Bernini/Giovanni Lorenzo   1580 - 1698)
මොහු වතිකානයේ රාජ්‍ය කලාකාරයා නිසා ඉලුම්නාටීන් හා සම්බන්ධ බව විශ්වාස කිරීමට අපහසු බව පොතේ සඳහන් වෙනවා.. අනික තමයි ආගමික අනුග්‍රහයේ රැකවරණය යට සිට සංවිධානයට උපකාර කිරීම පහසු වෙන එක.. ඉතිං ගැටපදය ගැටපදයක්ම කරමින් රොබට් දැනගන්නවා කවිය පටංගන්නෙ සැන්ටි (රෆායල්) ගෙන් වුනාට එහි රෆායල්ට ඇති සම්බන්ධය මෙම චිගි දේවස්ථානය ඉදිකිරීමට ඔහු දුන් දායකත්වය පමණක්ම බව.. ඉතිරි සියල්ලම බර්නිනි අතින් නිම වෙච්ච දේවල්..මෙම පිරමීඩ දෙක ගැන කීවොත් එහි  අඹා තිබෙන මුහුණෙ අයිතිකාරයා තමයි Sigmonodo Chigi.. ඔහු කාදිනල් වරයෙක් සහ ඔහු නමින් තමයි දේවස්ථානය නම් ලබලා තියෙන්නෙ.. මෙම පිරමීඩ බර්නිනි විසින් මෙහි ස්ථාපනය කරන්නෙ ඔහු විසින් එය අලුත්වැඩියා කරන අවස්‍තවෙ ...දැන් බලමු වැදගත්ම සළකුණ.. ඒ තමයි demon's hole..


මෙම පල්ලියෙ වහලයේ එහෙම එකක් නෑ...හැබැයි ග්‍රැනයිට් වලින් නිම කෙරුන පොලවේ මැද වෘත්තාකාර ගලකින් වැසූ සිදුරක් තියෙනවා..ඒක තමයි මේක.. මෙම සිදුර වසා සිටින ග්‍රනයිට් පියනේ සඳහන් වන්නේ සුරදූතයෙකට් වඩා යක්ෂයෙක් කිව හැකි ( පියාපත් දෙකකින් සහ ඇටසැකිල්ලකින් යුත්..) පුද්ගලයෙක් පලිහක් හිස තබා ආවරණය වී සිටින ආකරයයි.. මෙම පලිහේ තැන් කිහිපයකම දිදුලන තරු ඇඳ තිබෙනවා (Illuminating stars)

                         (the floor of Chigi Chapel)

මේක යට තමයී කවියෙ තියෙන earthly tomb එක තියෙන්නෙ.. මෙම ස්ථානය පැරණී පූජකවරුන්ගේ සහ කලාකරුවන්ගේ පවුල් වලට සම්බන්ධ අයගේ සිරුරු මිහිදන් කිරීමට යොදා ගත් ස්ථානයක්.. පලවෙනි කාඩිනල් වරයා ගේ මලසිරුර හම්බවෙන්නෙ මෙතනින්..
මේ පල්ලියේ එක් තැනක තියෙනවා Habakkuk and Angel කියන මූර්තිය.. 

බර්නිනි විසින් 1656 ත් 61 අතර කාලයේදී නිම කල මෙම මූර්තිය ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණ ගොන්නට වැටෙනවා.. හබකුක් සාන්තුවරයා සුරදූතයෙක් සමග සිටින දර්ශනයක් මෙහි මූර්තිමත් වෙනවා.. පූර්ණ උන්නතව ඉදි වී ඇති මෙය කිරිගරුඬින් නිමවා තිබෙනවා...හබකුක් සාන්තුවරයා ගලක වාඩිවී සිටන අතර ඔහුගේ පසෙකින් කෑම භාජනයද නිමවා ඇති අතර ඔහු සිය දකුණත දිගු කොට යායුතු දිශාව පෙන්නා සිටිනවා.. සුරදූතයා හබකුක්ගේ හිසකෙසින් අදිමින් අනෙක් පස එනම් පල්ලියේ අනෙක් පසින් පිහිටි Daniel මූර්තිය දෙස අතදිගු කරමින් පෙන්වන ආකාරයට මූර්තිය නිමවා තිබෙනවා.. හාමතින් සිටි ඩැනියෙල් බේරා ගැනීම සම්බන්ධ කතාවේ කොටසක් මෙම මූර්තියෙන් නිරූපණය වෙනවා..(බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් කතාවක්)

Let the angels guide... ඉතිං ලැංඩන් යන්නෙ සුරදූතයා පෙන්වන පාරෙ.. ඒ පාර තියෙන්නෙ වතිකානයේ සහ මුලුමහත් ලෝක්යේම කතෝලික බැතිමතුන්ගේ ප්‍රධානම දේවස්ථානය වන ශාන්ත පීතර බැසිලිකාව දෙසටයි.. 

කවියේ තියෙන එක පදයක් අනුව දැන් රොබට් දන්නවා ඊලඟ ස්ථානය සුළඟට සම්බන්ධ ව බර්නිනි ගේ නිර්මාණයක් තියෙන තැනක් කියලා .. ඉතිං අන්තිමේ රොබ්ට් ට හම්බ වෙනවා ශාන්ත පීතර චතුරස්‍ර භූමියේ සවිකොට තිබෙන ඵලකයක්..මෙහි දැක්වෙන්නෙ සුරදූතයෙක් සිය මුවින් සුලං රැලි පහක් පිට කරන ආකාරයයි.. මෙම නිර්මාණය හඳුන්වන්නෙ WEST PONENTE කියලා..


චතුරස්‍රය මධ්‍යයේ පිහිටි වෘත්තාකාර කොටස වටා බර්නිනි විසින් නිර්මාණය කල මෙවන් ඵලක 16ක් සවි කොට තිබෙනවා.. 
ඉන් එකක් තමයි West Ponente..(West wind)  ඉතිං ඔන්න දෙවනි කාඩිනල් තුමාව මරලා දාලා තියෙනව හම්බ වෙන්නෙ මේ කියන west ponente එක ආසන්නයේ තමයි.. අනිත් විශේෂ කාරණය තමයි බර්නිනි විසින් මෙම ඉලුමිනාටි ගමනන මාර්ගයේ මග ලකුණු කියන හැම තැනනම පිරමීඩ වල ලක්ෂණ පෙන්නුම් කරන උස කුළුණු ඉදි කර තිබීමලල ඉතිං ශාන්ත පීතර චතුරස්‍රය හරි මැද තියෙන කුළුණ මතක ඇතිනෙ..
හරි තුන්වන ලකූණ හොයා ගන්න විදිහ බලමු .. ඒක ගින්නට සම්බන්ධව බර්නිනිගේ නිර්මාණයක්... ආපහු ලේඛණාගාරයට යන රොබ්ට්ට හම්බ වෙනවා බර්නිනිගේ නිර්මාණ ලේඛණය.. මෙම නිර්මාණ අතර තියෙන එකක් තමයි EXTACY OF ST. TERESSA නිර්මාණය..

බර්නිනි විසින් සිදු කල මෙම නිර්මාණයෙන් දැක්වෙන්නේ සුරදූතයෙක් සමග එකතුවීමෙන් සතුටට පත්වී මත්වී සිටින ආකාරයක් දක්වන ශාන්ත තෙරේසාගේ ප්‍රතිමාවයි.. කිරිගරුඬින් නිමවූ මෙය ලිංගිකත්වය අනවශ්‍ය පරිදි හුවාදක්වන්නක් බව කියමින් වතිකානයෙන් පිට කොට රෝමයේ වෙනත් ස්ථානයක පිහිටි දේවස්ථානයක රැඳවීමට කටයුතු කොට තිබෙනවා..

ශාන්ත තෙරේසාගේ ස්වයං චරිතාපදානය 'The Life of Teresa of Jesus' (1515–1582) හි මෙසේ සඳහන් වනවා

"I saw in his hand a long spear of gold, and at the iron's point there seemed to be a little fire. He appeared to me to be thrusting it at times into my heart, and to pierce my very entrails; when he drew it out, he seemed to draw them out also, and to leave me all on fire with a great love of God. The pain was so great, that it made me moan; and yet so surpassing was the sweetness of this excessive pain, that I could not wish to be rid of it. The soul is satisfied now with nothing less than God. The pain is not bodily, but spiritual; though the body has its share in it. It is a caressing of love so sweet which now takes place between the soul and God, that I pray God of His goodness to make him experience it who may think that I am lying."


  එහෙත් නිර්මාණාත්මක අතින් මෙය ඉතාම විශිෂ්ඨ කාර්යයක්.. තෙරේසාගේ මුවින් ඇය මත්ව සිටින ආකාරය හොඳින්ම පෙන්වා තිබෙනවා.. මෙම ප්‍රතිමාව 1647 ත් 52 ත් අතර නිමවී තිබෙනවා.. ජීවමාන මිනිසෙකුගේ ප්‍රමාණයටම මෙය නිමවී තිබෙනවා.. සුරදූතයාගේ දකුණතේ දරණ හීයකින් මාර්ගය පෙන්වනවා.. එම හීයෙන් පෙන්වන දිශාව වන්නේ SANTA MARIA DELLA VITTORIA දේවස්ථානය දෙසටයි.. තුන්වන කාඩිනල් වරයා ගිනි තබා මරා දමන්නේ මෙම දේවස්ථානයේය.

දේවස්ථානය saint Mary of Victory නමින් නම්කොට තිබෙනවා. 1605 දී දේවස්ථානය ඉදිකිරීම ආරම්භ වී තිබෙනවා. 


හතරවන සළකුණට පාදා ගන්නෙ රෝමයේ සිතියමක් ගෙන ඉන් පෙර ව්‍යසනයන් සිදු වුන ස්ථාන ලකුණු කිරීමෙන්.. එහිදී රොබට්ට හොයා ගන්නවා රෝමය පුරා වැතිර පවතින විශාල කුරුසයක කොන් සතරේ ඉලුමිනාටි පල්ලි හතර පිහිටා තිබෙන බව.. හැබැයි මේ එකක්වත් ඉලුම්නාටීන් වෙනුවන්ම කැප වුනු ඒවා නෙමේ.. කතෝලික පල්ලියේ පිටුපසින් ඔවුන්ටද නොදැනී සිදු වුන ක්‍රියාවලියක්.. ඉතින් මේ විදිහට හොයා ගත්ත හතර වෙනි තැන තියෙන්නෙ බර්නිනිගේ තවත් එක් විශිෂ්ඨ නිර්මාණයක්.. ඒ තමයි Fountain of four rivers ..
මෙය පිහිටා තිබෙන්නෙ Piazza Navona දේවස්ථානය ඉදිරිපිට.. 
එම දේවස්ථානය ඉදිරිපිට ඉහතින්ද සඳහන් කල ආකාරයේ කුළුණක්ද පිහිටා තිබෙනවා..එම කුළුණ උඩ පරවියා නොහොත් සාමයේ සුරදූතයාගේ රුවක් නිමවා තිබෙනවා.. 

අපි ආපහු හැරෙමු fountain of four rivers වෙත.. අතීත ලෝකයේ ගෞරවනීයම ගංගා හතරක් නිරූපණය කරමින් එවා සඳහා උපහාරයක් ලෙස මෙම නිර්මාණය ඉදිකොට තිබෙනවා.. ඒම ගංගා හතරනම් නයිල්,ගංගා,ඩැන්‍යුබ් සහ රියෝ ප්ලාටා ගංගා හතරයි...ටිබරිනස් ඒහෙමත් නැත්තම් ගංගාවන්ට අධිපති රෝම දෙවියාගේ රූ හතරක් හතර දිශාවට පිහිටන ලෙස මෙම පොකුණ ඉදි කොට තිබෙනවා..

සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධ මෙම පොකුණට කාසි දමා යහපත වෙනුවෙන් ප්‍රාර්තනා කිරීම අදටත් සිදු වෙනවා..
අන්තිම කාඩිනල් වරයාගේ මරණය සිදුවන්නේ මෙම ස්ථානයේ.. .. 
ඉහතින් කියූ සාමයේ දූත පරෙවියා දෙසට දැන් යමු.. මෙම පරෙවියා බලා සිටින දෙස තමයි ඉලුමිනාටි අවසාන නවාතැන නොහොත් Church of Illumination තිබුණාය කියන්නෙ... කුළුණට නගින රොබට් ට දකින්න ලැබෙන්නෙ පරෙවියා බලා සිටින දෙසින් කෙලින්ම පිහිටි CASTLE OF SAINT ANGELLO


'ටිබර්' ගංගාව මතින් පිහිටි සුරදූතයන්ගේ පාළමට එපිටින් පිහිටි ශාන්ත ඇන්ජලෝගේ බලකොටුවේ මුදුනෙහි පහලට යොමු කර ගත් කඩුවකින් යුතු මයිකල් සුරදූතයා සාතන්ව විනාශ කිරීම දක්වන මූර්තියක් තිබෙනවා.. එම කඩුවෙන් පෙන්වන්නේ ඉලුමිනාටි රැස්වීම් ශාලාව හරියටම එම මූර්තියට යටින් පහල තිබෙන බවයි..


                     (The bridge of Angels by Bernini)

මෙම බලකොටුව ක්‍රි.ව. 135 දී පමණ ඉදිකිරීම ආරම්භ වුන බව වාර්තා වෙනවා.. මීටර 48ක උසින් යුතු මෙය රෝම අධිරාජ හේඩ්‍රියන් තමාට සහ පවුලට විවේක සුවයෙන් ගත කිරීමේ පරමාර්ථයෙන් ඉදි වූවක්.. මෙම බලකොටුව තුල හේඩ්‍රියන් අධිරාජ්‍යාගේ සොහොන තිබෙනවා.. පසුකලක මෙම ස්ථානය සතුරු කරදර පැමිණ් අවස්ථාවල පාප් වහනාස්ලා සැඟවීමට ද ..කතෝලික පල්ලියට විරුද්ධ පුද්ගලයන් සිර කොට තැබීමට ද..කෞතුකාගාරයක් ලෙසද යොදාගෙන තිබෙනවා.. පොතේ හැටියට නම් මෙම ස්ථානයේ සිට පාප් වහන්සේගේ පෞද්ගලික පුස්ථකාලයට රහස් උමං මාර්ගයක් තිබෙනවා.. God knows..

                    [the castle of Saint Angello (bellow )and Saint Peters Basilica above) ]

අවසානයට , කැමලැංගෝ කාලෝ වෙන්ට්‍රෙස්කා සිය රංගනයේ උච්චතම කොටස වන antimatter   දාලා තියෙන Canister හොයාගන්න තැන, ඒ තැන තියෙන්නෙ ශාන්ත පීතර බැසිලිකාවේ බිම්මහලේ; ශාන්ත පීතර තුමාගේ සොහොන.



 ශාන්තපීතර බැසිලිකාවේ පළමු මහලේ බැතිමතුන්ට දැක ගත හැකි පරිදි තිබෙන ස්මාරකයේ සත්‍ය වශයෙන්ම ශාන්තපීතර තුමාගේ සිරුර තැන්පත්කොට නැහැ..

එම සිරුර තැන්පත් කොට තිබෙන්නෙ මුළුමහත් වතිකානයේම අතිපූජනීයම වස්තූන් තැන්පත් කරන නමින් හඳුන්වන බිම්මහලේ පිහිටි Vatican Necropolis කොටසේයි.මෙම ස්ථානයට යාමට කිසිවෙකුටත් අවසර නැති බව කියවුණත් අන්තර්ජාලයෙන ශාන්තපීතර තුමාගේ සොහොන් ලෙස නම් කෙරුණු ඡායාරූප කිහිපයක් සොයා ගැනීමට හැකි වුණා..

 (His Holiness Pope Francis visiting the tomb of Saint Peter at Vatican Necropolis ) 

ඉතිං මේ දවස් වල මගේ හිත තදින්ම බැඳිච්ච කතාවක් පාදක කරගෙන තමයි මේ විස්තරය ලිවුවේ.මෙසේ නවකතාවේ දක්වා ඇති සළකුණු සැබැවින්ම ඉලුමිනාටි සළකුණුද යන්න කීමට නොහැකියි.. නමුත් සත්‍ය වශයෙන්ම පවත්නා නිර්මාණ යොදාගෙන සිය පරිකල්පනය මෙහෙයවා අගනා නවකතාවන් නිර්මාණය කල ඩෑන් බ්‍රවුන් ගේ නිර්මාණ හැකියාවත් බර්නිනිගේ නිර්මාණ හැකියාව ලෙසම අගය කල යුත්තක්..

- අමිල-

Gallery

                         ( Sculptures/paintings  in Chigi Chapel)
                         ( Sculptures/paintings  in Chigi Chapel)
                       ( Sculptures/paintings  in Chigi Chapel)
                       
                       (Saint Peter's tomb at 1st floor of Saint Peter's Basilica)


                                    (Vatican city map )
                          (Vatican city)


another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters