භාරත විත්ති – 21 – “මධු සමයෙන් සල්ලි ගරන නැන්දම්මලා”


https://www.facebook.com/groups/804276106323782/permalink/1523591514392234/?hc_location=ufi

sansi.jpg
ඉන්දියාවෙ ග්‍රාම්‍ය ප්‍රදේශ වල තියෙන අධම චාරිත්‍රයක් ගැනයි මේ..(හැබැයි මේක බුකියෙ බොහොමයක් දෙනා හෝද හෝද මඩේ දදා උඩ දදා කියවන ජපං කොඩියට බැලීමට වඩා වඩා සෑහෙන අධම චාරිත්‍රයක්)
මේකට කියන්නෙ “කුකාරි” කියලා.
මේ චාරිත්‍රය වැඩි වශයෙන්ම ප්‍රචලිත වෙන්නෙ රාජස්ථාන් ප්‍රාන්තයේ ‘සැන්සි’ වරුන් අතර.වෙනත් ප්‍රදේශ වලත් අඩු වැඩි වශයෙන් තියෙනවා.
මේ චාරිත්‍රය අවුරුදු සිය ගානකට කලින් ඇති වුනේ විදේශ සහ මුඝල් ආක්‍රමණ වලින් කාන්තාවන් දූෂණය වීමත්,විවාහයෙන් පසු එවන් අයව හඳුනා ගැනිමටත් ය.නමුත් මේ වන විට එය මුදල් ගරන මාර්ගයක් වෙලා ඉවරයි.

මේ චාරිත්‍රය කෙරෙනෙ ප්‍රදේශ වල විවාහයෙන් පසු මංගල රාත්‍රියේදී දෙදෙනාට එක්වීම තහනම්.ඒ වෙනුවට රාත්‍රියේ සැමියා නූල් කැරැල්ලක් රැගෙන යනවා කාමරයට.ගිහිං බිරියගේ කන්‍යාබාවය පිරික්සනවා (කොහොමද කියන්න මං දන්නෙ නෑ ඕං) .බිරිඳ ඒ වන විටත් කන්‍යාවක් වුනත් නැතත් සල්ලි කෑදර කමට ඉහට ගහලා තියෙන මිනිස්සු කරන්නෙ තම දෙමාපියන්ට දන්වන එක ;ඇය කන්‍යාවක් නොවන බව.එතැන් පටන් අලුත් මනමාලියට වෙන දේ ගැන සිතීම ඔබට බාරයි.
බොහෝවිට මේ වගේ වෙලාවට “සසුරාල් වාලේ” ඒ කියන්නෙ සැමියාගෙ ගෙදර අය මැයට පහර දෙමින් එක් එක් අයගේ නම් කියලා කියනවා ඉන් කෙනෙක් නිසා මේ දේය සිද්ද වූ බව පිළි ගන්න කියලා.පිළි ගත්තොත් වහාම පංචායත් සභාවට දන්වන්න ‘සසුරාල්’ කටයුතු කරනවා.එතෙන්දි මුග්ධ මිනිසුන් පස් දෙනෙක් විසින් පණවන දඩය ගෙවීමට අර ගැහැණිය විසින් පවසන ලද පිරිමියාට සිද්ධ වෙනවා.වන්දිය නොගෙවුවොත් ප්‍රති විපාක භයානකයි.කුලයෙන් පහ කිරීම,ගමෙන් පිටුවාහල් කිරීම,ගමේ කෙනෙකුට ඔහුට වතුර පොදක් තරමටවත් ලබා දීම තහනම් කිරීම වැනි දඬුවම් මේ වගේ අවස්තා වල දෙනවා.

වන්දිය ගෙවුවොත් ඉන් පස්සෙ ප්‍රශ්න ඉවරයි කියලා අපි උපකල්පනය කරමු.
යම් හෙයකින් මනාලිය එවන් දෙයක් සිදු වුන බව නොපිලි ගැනීම හෝ ඒ දෙය සිදු වුනේ කාගෙන් දැයි නමක් හෙලි නොකිරීම සිදු වුනහොත් ඇයට සිද්ධ වෙනවා තම පාරිශුද්ධත්වය ඔප්පු කරන්න.
ඉතිං මේ මනාලියගේ පාරිශුද්ධත්වය ඔප්පු කිරීමට ක්‍රම කිහිපයක් තියෙනවා.
එකක් තමයි ‘අග්නි පරීක්ෂා’.ඒ කියන්නෙ ගිණි මැලයක් ගහලා ඒකට පනින එක?!..නෑ නෑ.මේකෙදි කරන්නෙ ඉස්සෙල්ලම අදාල තරුණියගේ අතේ බුලත් හෝ බෝ කොල හතක් තියනවා.ඒ කොල උඩ පාන් පිටි වලින් හදපු රොටියක් වගේ එකක් තියනවා.ඒක නොතියා ඉන්නත් පුලුවන්.ඒ රොටිය උඩින් ගිනියම් වෙනකල් රත් කරපු කිලෝ දෙකක් විතර බර යකඩයක් තියනවා.මේ ගිනියම් යකඩය අතින් අරං තරුණිය පංචායත් විසින් නියම කරන දුරක් යන්න ඕනෙ.ඒ දුර ගියාට පස්සෙ මෙයාගෙ අත පිච්චිලා නම් ඒ කියන්නෙ මෙයා අපිරිසිදු කෙනෙක්.නැත්තම් ඉන් එහාට පැවසිය නොයුත්යි කියා හිතනවාල
 
තව ක්‍රමයක් තමයි ‘පානි කී ධීජ්’
තරුණිය ගංගාවක හෝ වැවක ගිලිලා ඉන්න ඕනෙ.කොච්චර කාලයක්ද?
පිරිමි කෙනෙක් ලඟ ලඟ අඩි තියමින් අඩි 100ක් දුර ගිහින් නැවත පැමිණෙන තෙක් ඉන්න ඕනෙ.මේ පරීක්ෂාව කරන්න ගිහිං තමුන්ගෙ පාරිශුද්ධත්වය ඔප්පු කලාට වඩා මිය ගිය ප්‍රමාණය වැඩියි කියලා වාර්තා වෙනවා.
තුන්වෙනි ක්‍රමේ තමයි ලංකාවෙත් භාවිතා වුනයි කියන ක්‍රමය.(ලංකාවෙ ඇත්තටම දැන් ඕක බලනවාද කියල මම නම් දන්නෙ නෑ)
හතරවෙනි ක්‍රමය තමයි වයස් ගත ගැහැණුන් විසින් කන්‍යාපටලය තිබෙනවාදැයි පරීක්ෂා කිරීම.
මේ අධම චාරිත්‍ර වලි කරදරයෙන් බේරීමට තරුණියක් පොලිසි ගියහොත් එය ඊටත් වඩා කරදරයක් විය හැකි බැවු ඔවුන් දන්නා නිසා එසේ කරන ප්‍රමාණය ඉතාම අල්පයි…
ඉතිං මේ ජන කොටස් වල කාන්තාවන්ට හැමදාම කුකාරි නූල් කැරැල්ලට බයේ ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා…..

Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට…..- 05 – “People Vs.Rustin Parr (Mary land – USA)”


(ඇතැමුන් විසින් අප්‍රිය කරන ආකාරයේ සිදුවීම් ඇති බැවින කියවීමේදී ප්‍රවේසම් වන්න)

1940 නොවැම්බර් මස 13 වන දින සය මව සමග නගරයට යනපEmily Hollands ,මව කඩයක බඩු ගනිමින් සිටින අතර අසල පිහිටි සුරතල් සතුන් අලෙවිහලකට යනවා.
පසුව පැමිණි ඇගේ මවට එමිලි ව සොයා ගැනීමට බැරී වීමත් සමග නගරය පුරා පැතිරුණු ලොකු කලබලයක් බවට එය පත් වෙනවා.
මින් මාස 6ක් පමණ කාලය ඇතුළත පහත දරුවන් නගරයෙන් අතුරුදහන් වෙනවා .

– Kyle Brody
– Terra Shelly (1941.01.08)
– Stephan Thompson (1941.02.20)
– Michael Guidry (1941.03.05)
– Eric Norris (1941.03.13)
– Juli Forsyth (1941.04.02)
– Margaret Lowell (1941.05.20)
මෙරිලැන්ඩ් ෂෙරීෆ් ප්‍රමුඛ පොලිසිය විසින් පරීක්ෂණ කරගෙන යමින් සිටින අතරතුර දිනක් නගරයේ මැද මිනිසෙක් විසින් කෑ ගසමින් පවසා සිටියේ දරුවන් 7 දෙනා අතුරුදහන් කර මරා දැමුවේ තමා විසින් බවයි. අහල පහල සිටි සෑම පුද්ගලයෙක් අසලටම ගිය ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියා.
මේ පුද්ගලයා කවුද? එ රස්ටින් පාර්.
(Rustin Parr)
rus3
 
රස්ටින් පාර් කියන්නෙ සිය ජීවිතය පුරාම මේරිලෑන්ඩ් හි වාසය කල කෙනෙක්.කුඩා කලම සිය දෙමාපියන් මියගියෙන් සිය මාමා සහ නැන්දා සමග වාසය කල ඔහු දක්ෂ වඩුවෙක් වූ මාමා ගෙන් වඩු කර්මාන්තය ඉගෙන ගන්නවා.නිවෙස අසල බ්ලැක්හිල් වනයට ඔහු ඉතා ප්‍රිය කලා.දිවියේ 20 වැනි වියේදී ඔහු කැලය තුල කන්ද දෙසට වන්නට මහල් තුනක නිවසක් ඉදිකිරීමට ආරම්භ කරනවා.වසර පහක පමණ ඇවෑමෙන් ඔහු එම ගෘහ කර්මාන්තය අවසාන කරනවා.මොහු පරිසරයට සහ සතුන්ට ඉතාම ආදරය කල අයෙක් බව කියවෙනවා.සතුන්ටද ඔහු හුරු පුරුදු සහ ප්‍රිය කෙනෙක් වුණා.
නැන්දණිය මියි ගිය පසු මාමා බැල්ටිමෝරය බලා ගිය බැවින් රස්ටින් වඩ වඩාත් වණ දිවියට ම හුරු වුනෙන් නගරයට පැමිණියේ මාස කිහිපයකට එක් වතාවක් අත්‍යාවශ්‍ය දෑ මිලයට ගැනීමට පමණි.
මින් අනතුරුව සිදු වුනු දෑ ඔහු ,ෂෙරීෆ් වරයා හමු වේපමෙසේ ප්‍රකාශ කොට තිබෙනවා.
“මා වනයේ දිවි ගෙවූ කෙනෙක්. වණයේ ඇවිදීමට ඉතාම ප්‍රිය කලා.දිනක් රාත්‍රියේ වණයේ ඇවිදිමින් සිටින විට මා දුටුවා කළු ලෝගුවක් හැඳ ඉන්ම හිස වසා ගත් කාන්තාවක් මා හරහා මා පසු කොට ගියා. මා ඇයට කතා කලද පිළිතුරු නොදුන් ඇය නොපෙනී ගියා..ඇගේ මුහුණ මා කිසි දිනෙක් දුටුවේ නෑ.එය නිතරම වැසී තිබුණා.සිදු වූ දෙය මට සිතා ගත නොහැකි වුණා.එය අමතකව ගොස් කලකින් නැවත මා දිනක් ඈව දුටුවා. (මෙම කාන්තාව “බ්ලෙයා විච් ” නමින් හැඳින්වුණ ,කලකට පෙර සිය නිවසින් පන්නා දැමූ යක්දෙස්සිය බව පැවසෙනවා.ඇය විසින් කල බ්ලෙයා විච් සාපය කුප්‍රකට ජනප්‍රවාදයක්) මින් පසු ඇය දහවලේදී පවා මට පෙනී සිටින්නට වුණා.ඇගේ මහලු රළු කටහඬ මට ඇසෙන්නට වුණා.ඇය මට විවිධ විධාන දුන්නා. දෙවරක් නොසිතාම මම ඒවා ඉෂ්ඨ කරන්න පෙළඹුණා.මා ඉතා ආදරය කල මට ඉතා ආදරය කල වන සතුන් ඉන් පසූ මා අසලටවත් පැමිණියෙ නෑ.මා දකින විටත් උන් පැන දුවන තත්වයක් ඇති වුණා.මෙසේ ඉන්න විට 1940 නොවැම්බර් 13 දින ඇය මට නියෝග කලා නගරයට ගොස් දකින පළමු ළමයා රැගෙන එන ලෙසට. (බ්ලෙයා විච් ජනප්‍රවාදයට අනුව මෙම යක්දෙස්සිය නිවසින් පිටුවාහල් කර දුමඅවේ 1786 නොවැම්බර් මස බව කියවෙනවා ) ඉතිං මම නගරයට ගොස් පළමුවෙන් දුටු ගැහැණු ළමයාට රසකැවිලි කිහිපයක් ලබා දී මගේ නිවසට ගෙන ආවා.ගෙනැවිත් බිම් මහලේ සිර කලා.මෙසේ ඇය විසින් විධාන කල හැම අවස්ථාවකදීම මම දරුවන් රැගෙන ආවා.ඇගේ විධානය අනුව මම දරුවන් මරා දැම්මා.දිනක් ලෝගුව ඇඳගත් කාන්තාව මට පෙණි සිට කීවා උඹව නිදහස් කරනවා ..ඊට පෙර නගරයට ගොස් උඹ කල දෙය කෑ ගසා කිව යුතු බව..ඒ අනුව මම නගරයට ගොස් මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් රැස් වෙන තැනක කෑ ගසා මා විසින් කල දෙය පවසා සිටියා………”

rus2
 කුමක් හෝ හේතුවකට මොහු විසින් රඳවා ගෙන සිටි Kyle Brod නමි දරුවා මොහු විසින් මරා දැමුවේ නැහැ.
රස්ටින්,අනෙක් දරුවන් මරා දැමීමෙන් පසුව කයිල් ව නිදිහස් කරනවා.එක් ගැහැණු දරැවෙක් මරා දමන අවස්ථාවේ කයිල් එතැන සිට තිබෙණවා.
සිද්ධිය හෙලි වීමත් සමග පැය 4ක ගමනකින් පසු පොලිසිය බ්ලැක්හිල් වනයේ කන්ද පෙදෙසට වන්නට පිහිටි රස්ටින් ගේ නිවස සොයා ගන්නවා.එහි බිම් මහලේ දරුවන් වළ දමා තිබූ තැනද ඔවුන් සොයා ගන්නවා.
– නඩුව සහ සාක්ෂි –
1941 ජූලි 17 දින දරුවන් හත් දෙනෙක් මරා දැමීමේ අධි චෝදනා යටතේ රස්ටින්ට නඩු පවරණ අතර ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි විමසනවා.
මෙහිදී Kyle Brod නම් දරුවා පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවනවා.

rus5
 

පැමිණිල්ල මෙහෙයවූ Fair නම් නීතීඥයා ඉදිරියේ ඔහු විසින් කල සාක්ෂිය මෙසේ සටහන් කොට තිබෙණවා.
F – නීතීඥ Fair                                              K – කයිල්
 
F- ඔබ බිමි මහලේ කොතැනද සිටියේ? K – ඇතුළු වන තැන දොර පැත්තට වන්නට. F – ඉන් පසු කුමක්ද වුණේ? K – එයා කිවුවා මට බිම්මහලේ එහා කෙළවරට ගොස් බිත්තිය පැත්තට මූණ හරවන් ඉන්න කියලා.මම එහෙම ඉද්දි මට ඇහුණා ගැහැණු ළමයෙක් විලාප දෙන සද්දෙ.මං හොරෙන් හැරිලා බැලුවා.එයා එ ළමයගේ මූණෙ මොනවදෝ සළකුණු කපමින් සිටියා. F – කයිල්…, එහෙම කරපු කෙනා මේ අධිකරණයේ ඉන්නවද?
කයිල් හිස මනා “ඔවු” යැයි අඟවයි.
F – කෝ අපට පෙන්වන්න
කයිල් රස්ටින් දෙසට අත දිගු කර පෙන්වනවා. සාක්ෂි කරු විසින් චූදිතයා හඳුනා ගත් ලෙසට සටහන් කර ගන්නා ලෙස නීතීඥයා පවසනවා.
F – ඊට පස්සෙ මොකද වුනේ? K – එයා එක එක දේවල් කිවුවා. F – එක එක දේවල් කිවුවෙ?! K – ඔයාට ඇහුණද ඒ ගෑණි කියපු දේවල්….ඔයාට ඒ ගෑණිගෙ කටහඬ ඇහුනද …වගේ දේවල් F – ඔයා දැනගෙන හිටියද ඒ කියන්නෙ මොකක් ගැනද කියලා. K – නෑ. F – ඔයා බිම් මහලේ ගැහැණියක් ඉන්නවා දැක්කද? K – නෑල F – ඊට පස්සෙ මොකද වුණේ? K – එයා ඒ ගෑණු ළමයගෙ බඩ කැපුවා..කපලා ඇතුලෙ තිබ්බ දේවල් එලියට ඇදලා ගත්තා.ඉන් පස්සෙ ළමයව ඇරං ගියා. සෑහෙන වෙළාවකට පස්සෙ ඇවිත් මට කිවුවා දුක් වෙන්න එපා කියලා….”

– තීන්දුව – සමස්ත සාක්ෂි විමසිමෙන් පසුව ජූරිය රුස් වුණා.ජූරිය විසින් රස්ටින් පාර්
චෝදනා වලට වැරදි කරු බව ඒකමතිකව තීන්දු කොට තිබුණා.
මෙහිදී රස්ටින් සිය ගැලවීමට කිසි දෙයක් නොකියූ අතර මරණයන් සියල්ල මහලු කාන්තාවගේ අණ පරිදි සිදු කල බව පවසා දරුවන් ගේ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා සිටියා.
මේ අනුව අධිකරණය විසින් රස්ටින් පාර් වැරදි කරු කොට මරණීය දණ්ඩනය ලබා දුන්නා.
1941 නොවැම්බර් 22 දින රස්ටින්ව එල්ලා මරා දමනු ලැබුවා.

rus1
 – පසු සිදුවීම්-
කෝපයට පත් පිරිස් විසින් රස්ටින්ගේ වනගත නිවෙස ගිණි තබනු ලැබුවා.
තීන්දුව පිළිබඳ විවේචන එල්ල නොවුනාද නොවේ.එනම් රස්ටින් යන් මානසික අසංතුලිතතාවයකින් පෙළුන අයෙක් බවත් ,එවන් අයෙක් සිදු කල දෑ සිහියෙන් යුතුව නොකල බවත් මරණීය දණ්ඩනය දීම නොසුදුසු බවත්ය.
තවද Kyle Brod ව නිදහස් කිරීමද ගැටළු සහගත වුණා.කයිල් සම්බන්ධවද පසුව විවිධ මත ඉදිරිපත්පවුණා.එනම් කයිල් මෙම සිදු වීමෙන් පසු කලෙක මානසික අසංතුලිතතාවයන්ට ලක්ව නේවාසික මානසික ප්‍රතිකාර ගැනීමට සිදු වුණා.

rus6
 සාක්ෂි දෙන අවස්තාවේ ඔහු කුමන මානසික තත්වයක පසු වූවාද යන්න ගැටළු සහගත වුණා.එමෙන්ම ඇතමුන් පවසා සිටියේ මරණ වලට කයිල්ද කුමන හෝ අයුරකින් දායක වී ඇති බවයි.
ඒ කෙසේ වුවද චූදිත රස්ටින් විසින් වැරදි සියල්ල පිලි ගැනීම නිසා ඔහුගේ ඉරණම එලෙසින් විසඳුනා.
මෙම කතාවට සත්‍ය වශයෙන් සම්බන්ධ වන හෝ හුදෙක් මනෝවිපරීතයක් ලෙස කතාවට ඈඳෙන බ්ලෙයා විච් ශාපය ශතක ගණනාවක් තිස්සේ එම ප්‍රදේශය අනියත බියකින් ඇලලීමට සමත් වූ කුප්‍රකට ශාපයක්.

Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට….- 04 – “දෙවියන්ගේ කැමැත්තට සියල්ල සිදුවේවි!!”


mat2

https://www.facebook.com/groups/804276106323782/permalink/1513405352077517/?hc_location=ufi
 
1979 ජනවාරි මස 31 වැනි දින කොළඹ මහ රෝහලේ අංක 47 දරන වාට්ටුවට එක්තරා සිහිසුන් රෝගී කාන්තාවක ඇතුළත් කෙරුණේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන්ය. ඉයුනිස් ෆෙලිෂියා පිරිස් නමැති එම කාන්තාව රෝහලට භාර දුන්නේ මුහුණ පුරා සුදෝ සුදු, වැවුණු දිගු රැවුලකින් මෙන්ම සුදු ලෝගුවකින් සැරසුණු දේවගැතිවරයකු විසිනි.

රෝගියාට අදාළ ප්‍රතිකාර ඇරැඹුණ ද ඇය ගේ රුධිරයේ සීනි සාන්ද්‍රනය ඉතා පහත් තත්ත්වයක පැවැතිනි. ඒ අනුව වෛද්‍යවරයා ප්‍රථමයෙන් කළේ සේලයින් හා මුසුකොට ‘ඩෙක්ස්ට්‍රෝස්’ නමැති සීනි මට්ටම ඉහළ නැංවීමේ ප්‍රතිකාරය ඇයට ලබාදීමය. එසේ වුව ද රෝගියාගේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරුණේ රෝගියා භාර වෛද්‍යවරුන් උභතෝකෝටික ගැටලුවකට මැදි කරවමිනි.

ඇයට දියවැඩියා තත්ත්වයක් ඇතැයි කීව ද ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයාට එවැනි තත්ත්වයක් පෙනී ගියේ නැත. මේ අතර පසූ කලෙක අදාළ වෛද්‍යවරයා තවත් වෛද්‍යවරයකු සමග සාකච්චා කරමින් සිටි අවස්ථාවක අනෙක් වෛද්‍ය වර ඔහු මුහුණ දුන් ඊටම සමාන සිදුවීමක් ගැන පැවසුවා.
වැඩිදුර විස්තර කතා කිරීමේදී ඔහුට දැන ගන්නට ලැබුණේ මෙම රෝගි කාන්තාව ගේ භාරකරැ අනෙක් රෝගියා රෝහලට භාර දුන් තැනැත්තාට පෙනුමෙන් බොහොම සමාන බවයි.
කවුද මේ අනිත් රෝගියා…ඒ රසල් ඉංග්‍රම්.

රසල් ඉංග්‍රම් හා ඇයගේ බිරිඳ වූ ‘ඩැල්රීන්’ ඉංග්‍රම් දූ දරුවන් තිදෙනකු ගේ මව්පියෝ වූහ. ඩැල්රීන්ගේ සොයුරිය වූ ‘තෙරේසා’ දැඩි ආගමික භක්තිමත් කාන්තාවක වූවාය. ඇය ගේ මැදිහත්වීම නිසාම ඩැල්රීන්ට දේවගැති මැතිව් පීරිස් හඳුනා ගැනීමට හැකි විය.
ඩැල්රීන් ද මැතිව් පීරිස් දේවගැතිවරයා කෙරෙහි අප්‍රමාණ වූ භක්තියකින් හා විශ්වාසයකින් කටයුතු කරන්නට වූයෙන් ඔවුනොවුන් අතර හිතවත්කමක් බැඳී ගියේ ඉතා කෙටි කලකිනි. දේවගැතිවරයා කුමක් කීව ද එය මොනයම්ම අයුරකින් හෝ ඉටු කීරීමට තරම් දැඩි විශ්වාසයකින් ‘ඩැල්රීන්’ ඔහු කෙරෙහි සැදි පැහැදී සිටියාය. 33 හැවිරිදි සිහින් සිරුරැති ප්‍රියමනාප කතක වූ ඩැල්රීන්ට මැතිව් පීරිස් දේවගැතිවරයාගේ මායා දැළට කොටු වීමට එතරම් කලක් ගත වූයේ නැත.
මේ නිසාම ඇය ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස පත් කර ගැනීමට ද ඔහු කටයුතු කලා. මේ වන විට ඩැල්රීන්ගේ සැමියා වූ ‘රසල්’ ට රැකියාව අහිමි වී සිටි අතර දේවගැතිවරයා විසින් වෙනත් පත්තර කන්තෝරුවක රැකියාවක් සොයා දීමට පියවර ගත්තේය. එපමණකින් ද නොනැවතී සිය පවුලම දේවගැති නිවෙසට ද ගෙන්වා ගත්තේ ඔවුන්ගේ පවුලේ අභිවෘද්ධිය හේතුකොට ගෙනය.
කාලය මෙසේ ගෙවී ගියේය. ඉතා කඩවසම් නිරෝගී උසැති ප්‍රියමනාප සිරුරකට හිමිකම් කී , ක්‍රිකට් ක්‍රීඩාවේ ද බොක්ෂිං ක්‍රීඩාවේ ද යෙදෙමින් නිරෝගීව කල්ගෙවූ රසල් කිසිවෙකුට හිතා ගැනීමට අපහසු ආකාරයෙන් හදිසියේ බලවත් ලෙස රෝගි වී අප්‍රාණික වෙනවා. මෙසේ අප්‍රාණිකව දුර්වල වීම රසල්ගේ පවුලේ අයට ද සිතාගත නොහැකි විය.
අධික නිදිමත නිසාම දිනකට අමතර පැය තුන හතරක් නිදා ගැනීමට රසල් පුරුදු විය. දිනක් රසල් බැලීමට ආ මාපියන් වූ ඇලෙක්ස් ඉංග්‍රම් හා කෝරා ඉංග්‍රම් යුවළට දේවගැතිවරයා පැවසුවේ රසල්ගේ අගන්‍යාසයේ සුළු සැත්කමක් කළ යුතුව තිබෙන බවට රසල්ගේ උදරයට අත තබමින් ඔහු එසේ පැවසීය. ඒ වන විට ද රසල් සිටියේ තදබල නින්දකය. රසල්ව වෛද්‍යවරයකුට පෙන්වීමට මාපියන් සූදානම් වුව ද ඔහු එය වළක්වා සිටියේය.
ඉන් පසුව සිහිසුන් තත්ත්වයෙන්ම රෝහලට ඇතුළත් කරන ලද රසල් ඉතා අසාධ්‍ය තත්ත්වයක පසු විය. දේවගැතිවරයා හා ඩැල්රීන් පැමිණ රෝගියා රෝහලට ඇතුළු කළහ. දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන්නේ යැයි සැක කිරීම නිසා රසල්ගේ රුධිර පරීක්ෂාවන් සිදු කරද්දී තම රසායනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට රෝගියකුගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ‘0’ අගයක් ගැනීමෙන් මවිතයට පත් රසායනාගාර ශිල්පියා එය වැරැදීමක් යයි සිතා නැවත නැවතත් පරීක්ෂණ සිදු කළද එය අතපසුවීමක් හෝ වැරදීමක් නොවීය.
මේ අතිෂය දුලබ රෝගී තත්වය නිසා සහ රසල් ඉතාම අපහසුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කල බැවින් කලබලයට පත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රෝගියාට සේලයින් හා මුසුකොට ‘ඩෙක්ස්ට්‍රෝස්’ දීමට කටයුතු කළහ. එම අවස්ථාවකදී රෝගියා යහපත් තත්ත්වයක් පෙන්නුම් කිරීම සාමාන්‍ය සිදුවෙයි. එහෙත් රසල් දැඩි ලෙස නොසන්සුන් බවක් පෙන්නුම් කළේ වෛද්‍ය ප්‍රතිකාර ද අභිබවා යමිනි.
සිහිසුන්ව සිටි රසල්ට දියර ආහාර ලබා දුන්නේය. ඒ නාසයෙන් දැමූ බටයක ආධාරයෙන්ය. ඩැල්රීන් හා මැතිව් පිරිස් දේවගැතිවරයා ද නොවැරදීම රෝගියා බැලීමට ආහ. ඒ ඔහුට අවශ්‍ය වූ ආහාර ද රැගෙනය. රෝහලින් දෙන ආහාරවලට අමතරව ගෙනෙන ආහාර ද රෝගියාට සපයනු ලැබුවේ දේවගැතිවරයාගේ වුවමනාවටය. බොහෝ දිනවල ඔවුහු රෝගියා අසල වැඩි වේලාවක් රැඳෙති. රෝග සුව කිරීමේ දිව්‍යමය බලයක් තමා තුළ වෙතැයි යන සිතුවිල්ලෙන් ඔහු ආසක්තව සිටියේය.
‘ඩැල්රීන් බය වෙන්න එපා. සියල්ලම දෙවියන්ගේ කැමැත්තට සිදුවේවි මේ දේවගැති වරයා නිතරම පාහේ පිට කල වචනයි. සමහර අවස්ථාවලදී යන්තම් සුවයක් පෙන්නුම් කළද බොහෝ අවස්ථාවල රෝගියා දහඩියෙන් නැහැවෙමින් වේගයෙන් හුස්ම ඉහළ පහළ දැම්මේ අතිශය සංවේගජනක ලෙසය. මෙම යුවළ රෝගියා ළඟ සිටින බොහෝ දිනවල පමණක් මෙවැනි සුළු සුවයක් හෝ ලැබීම හෙදියන් ගේ ද නිරීක්ෂණයට හසුව තිබිණි. විවරව තිබූ දෙතොල් අතරින් සුදු පැහැති කුඩා පෙත්තක් දේවගැතිවරයා විසින් රෝගියාගේ මුවට දමනු අවට ඇඳන්වල රෝගීහු ද දැක තිබිණි. වෛද්‍යවරුන්ට ද මෙය තෝරා බේරා ගැනීමට නොහැකි වූ බවක් පෙනෙන්නට වූහ.
මෙලෙස මරුවා සමඟ පොර බදමින් තම සැමියා මහ රෝහලේ ඇඳක් මත වැතිර සිටියදී මැතිව් පීරිස් දේවගැතිවරයාත් ඩැල්රීනුත් තහනම් ගසේ ඵල බුදිමින් නිදහසේ ගත කරද්දී 1978 අගෝස්තු 10 වැනි දින පාන්දර 3.30 ට රසල් ඉංග්‍රම් නමැති පෙරදී ඉකාම කඩවසම් තරුණ මිනිසා වැහෑරී ගිය ඇට සැකිල්ලක් මෙන් මරු තුරුලට ගියේ පැහැදිලි රෝග තත්ත්වයක් නොපෙන්වමින්ය.
රසල්ගේ මෘත දේහය කෙලින්ම රැගෙන ගියේ දේවගැති නිවසෙටය. ඒ තම පුතුගේ මෘත දේහය තම නිවෙසට රැගෙන යාමට පියා වූ ඇලෙක්ස් ඉංග්‍රම් කළ ඉල්ලීම ද ඉවතලමිනි. අවසානයේ රසල් ගේ සිරුර මිහිදන් කෙරිණි.
අධික ඇඳ වණ සහිතව රෝහලට ඇතුළත් කරන ලද ඉයුනිස් ෆෙලිෂියා පීරිස් නමැති කාන්තාව කාලාන්තරයක් තිස්සේ මොළයට වූ හානිය හේතුවෙන් පෙනහළුවල නිව්මෝනියා රෝග තත්ත්වයෙන් මාර්තු මස 19 වැනි දින මිය ගියේය.
ඉයුනිස් පීරිස්ගේ රෝගයට හේතුව දරුවන්ගෙන් වෙන්වීම නිසා වූ මානසික බිඳවැටීමක් ලෙස දෙව ගැති වරයා නිතරම ප්‍රකාශ කර සිටියා.
එහෙත් මොළයේ සෛලවලට හානිවීමෙන් පෙනහළුවලට නිව්මෝනියාව වැළඳීමෙන් මරණය සිදු වී තිබුණි. දේවගැති බිරිඳගේත් රසල්ගේත් මරණ වලට හේතු එක හා සමාන විය. ඒ පිළිබඳ සැක සංකා කරලියට පැමිණෙන්නේද මෙහිදීය.
මරණයේ කටයුතු අවසන් වීමත් සමඟ මරදාන පොලිසියට පැමිණිල්ලක් ලැබුණේය. ඉන් කියැවුණේ මෙම මරණය සැක කටයුතු ලෙස සිදුවූවක් බවය.
මේ සමඟ විවිධ සැක සංකා මතු වෙන්නට වූහ.
ඊට ප්‍රමාණවත් සාක්ෂි ද තිබූ හෙයින් අධිකරණ නියෝගයක් මත 1979 මාර්තු 29 වැනි දින රසල් ඉංග්‍රම් ගේ සිරුර යළි ගොඩ ගන්නා ලද්දේ ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට ලැබූ නියමය නිසාය. මෙයින් මහත් කබලයට පත් දේවගැතිවරයා දුරකතනයෙන් මල් ශාලාවට කතා කොට රසල්ගේ මළ සිරුරේ එම්බාම් කටයුතු කළේ කෙසේද යන්න විමසිලිමත් වුණා.මල්ශාලාවෙන් මේ පිළිබඳව පොලීසියට දැන්වීමත් සමගම පොලීසියේ සැකය තවත් තහවුරු වුණා. මළ සිරුරෙහි අභ්‍යන්තර අවයව සියල්ල ඉවත් කර තිබූ අතර ලී කුඩු ඔබ්බවා එය පරිපූර්ණ කර තිබිණි. පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් වන අයුරින් එලෙස සියලු සාක්ෂි විනාශ කොට තිබුණේ ඉතා සූක්ෂම අයුරින් බව පසුව හෙළි විය. පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.
ඒ අනුව අප්‍රේල් මස 4 වැනි දින දේවගැති නිවෙස මුළුමනින්ම පරීක්ෂාවට ලක් විය. එහිදී දියවැඩියා රෝගය සඳහා දෙන ‘ඉයුග්ලුකෝන්’ (Euglucon) නමැති පෙති ප්‍රමාණයක් සමඟ ‘Body Mind Sugar’ (බොඩි මයින්ඩ් ඇන්ඩ් ෂුගර්) නම් පොතක් ද පොලිස් භාරයට ගැනිණි. එය ඔහු එංගලන්තයේ සිට ගෙනවිත් තිබූ පොතකි. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණයන් පිළිබඳ මෙන්ම දියවැඩියාව සඳහා හේතු වන තොරතුරු එහි සඳහන්ව තිබීම විශේෂයකි.
මෙම නඩුවේ සාක්ෂි ලබා ගැනීම සඳහා රජයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඉන්දියාවට පවා යාමට සිදු වුණා.
තවද ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට වැඩිම සාක්ෂි කරුවන් ප්‍රමාණයකගෙන් සාක්ෂි ලබා ගත් නඩුව ලෙසද මෙම නඩුව වාර්තා වන බව මා අසා තිබෙනවා.කෙසේ වෙතත් එය සනාත කර ගැනීමට තරම් තොරතුරක් සොයා ගැනීමට මා අපොහොයත් වෙනවා.
– නඩුව-
සියල්ල අවසානයේ මැතිව් පීරිස් දේවගැති වරයාට සාපරාධි ලෙස තම බිරිය හා රසල් ඉංග්‍රම් ගේ මරණය සිදු කිරීම පිළිබඳව හා ඩැල්රීන් ඒවාට අනුබල දීම වෙනුවෙනුත් විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.
ජනාධිපති නීතිඥ ආර්. අයි. ඔබේසේකර හා අනිල් ඔබේසේකර යන නීතිඥවරුන් ඇතුළු පිරිසක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ. තිස්ස බණ්ඩාරනායක පී. රමනාදන් හා වික්‍රමසුරිය යන මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මෙම නඩුව මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අපරාධයක් ලෙස ජනමාධ්‍ය මගින් හෙළිදරව් විය.ජුරියක් නොමැතිව ද 1983 මාර්තු 14 සිට මාස 9 ක් පුරා සාක්ෂි විමසූවේය.
-වෛද්‍ය සාක්ෂි-
මැතිව් පීරිස් නඩුව යනු ලංකාව තුල , බෙහෙවින්ම වෛද්‍ය සාක්ෂි මත පදනම් වූ නඩු අල්ප ප්‍රමාණයෙන් එකක්.
වෛද්‍ය සිද්ධාචාරිගේ ටෙරන්ස් ගාමිණි රාජා ද සිල්වා ප්‍රධාන වශයෙන් තවත් වෛද්‍ය වරු සහ රෝහල් නිලධාරීන් සාක්ෂි ලබා දී තිබුණා.

mat
වෛද්‍ය ටෙරන්ස් සිය සීමා වාසික පුහුණු කාලය තුල කොළඹ ජාතික රෝහල(National Hospital) (එකල කොළඹ මහ රෝහල/ General Hospital) හි 47 කාන්තා වාට්ටුවෙ සහ කැඳවුම් ලද විට 49 පිරිමි වාට්ටුවේ කටයුතු කලා.
මේ එතුමාගේ මේ සම්බන්ධයෙන් කල ප්‍රකාශයකි .
“ජනවාරි 31 දින මට කැඳවීම් ලැබුණා බරපතල තත්වයේ සිටින රෝගියෙක් කාන්තා වාට්ටුවට ඇතුළත් කල බවට.වහ වහා මම එහි ගිය විට දක්නට ලැබුනේ සිය සැමියා වන මැතිව් පීරිස් විසින් රෝහලට ඇතුළත් කරන ලද ඉයුනීස් වයි.
ඇගේ රෝග ලක්ෂණ ලෙස අධික පිපාසය..පපුවේ වේදනාව.ශරීරයේ විවිධ ස්තානවල වේදනාව ..මානසික අව පීඩණය යන දෑ සඳහන් කලා.
රෝහලට ගෙන ඒමට පෙර ප්‍රදේශයේ වෛද්‍ය වරයෙක් වුණ වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන ගේ රෝහලට ඇතුලත් කර ගන්නා ලෙසින් කල ඉල්ලීම සහිත ලියමන,වෙනත් වෛද්‍ය වරුන්ගේ වාර්තා සහ ලිපි වල ඡායාස්ථ පිටපත් යනාදියද මැතිව් පීරිස් විසින් ඉදිරිපත් කලා.
දියවැඩියාවට අදාල රෝග ලක්ෂණ වන හිස කැක්කුම,අධි රුධිර පීඩණය,පපුවේ වේදනාව පෙර සිටම පැවතියාදැයි ඇසූ පැනයන්ට මැතිව් පීරිස් විසින් “නැත” යැයි පිළිතුරු දුන්නා.
රෝහලට පැමිණිමට පෙර ඇයට කිසිදු ප්‍රතිකාරයක් ලබා දී තිබුනේ නැහැ.
කෙසේ වෙතත් රුධිරයේ අසාමාන්‍ය ලෙස ග්ලූකෝස් මද වීම වෛද්‍ය වාර්තාවල සටහන්ව තිබුණා.
ඒ අනුව මම වහ වහා Dextrose ඇගේ ශරීර ගත කලා.සාමාන්‍යයෙන් එවන් අවස්ථාවක ටික වෙලාවකට පසුව රෝගියා යම් ප්‍රමාණයකින් යතා තත්වයට පත් වුවත් මැය සම්බන්ධයෙන් එසේ නොවීම අප මවිතයට සහ කලබලයට පත් කලා.
මේ වන විට ඇය කෝමා තත්වයේ පසු වුනා.ඇගේ හෘද ස්පන්ධනය අතට යාන්තම් දැනෙන ප්‍රමාණයෙන් මද තත්වයක තිබුණු අතර එය මැනීමට නොහැකි ආකාරයේ මද තත්වයක් වුණා.
රුධිර පීඩණය 60 – 40 අතර අඩු තත්වයක පැවතුනා.
තව කරුණක් නම් මැගේ දකුණතෙහි ඉඳිකටු සිදුරක් තිබීමයි.එහෙත් එය පෙර අවස්තාවකදී ලේ පරීක්ෂා කිරීමකදී සිදුවූවක් යැයි මා සිතුවා.
ඇඳඉහපත් වාර්තාවේ මා මෙලෙස සටහන් කලා.”Hypoglycemic Coma due to low blood sugar level”.මෙය රතු පෑනෙන් සටහන් කොට තිබුණා.
දිගින් දිගටම ඇගේ තත්වය අසාධ්‍ය වන විට එය මැතිව් පීරිස්ට දැන්වූ අතර ඔහුගේ ප්‍රතිචාරයෙහි ශෝක වීමක් හෝ සතුටු වීමක් යන දෙකම දක්නට ලැබුනේ නැහැ.
“ඇය මිය යාවිද?” ඔහු එසේ ඇසුවා.එසේ ඇසීමට කරුණු විමසූ කල සිදුවීම දරුවන්ට දැන්විය යුත් බව ඔහු ප්‍රකාශ කලා.
ඉයුනීස් මිය ගොස් කලකට පසුව වෛද්‍ය වරුන් සමග කතා බස් කරමින් සිටින විට මෙවන්ම ආකාරයේ ;දෙවගැති වරයෙක් විසින් රෝහල් ගත කල රෝගියෙක් ගැන දැන ගැනීමට ලැබුණා. වහ වහා ක්‍රියාත්මක වුණ මම 49 වාට්ටුවේ වෛද්‍ය වරුන්;වෛද්‍ය කාන්ති පින්ටෝ මහත්මියට සහ SHO ට පෙර ඇති වූ තත්වය දැන් වුවා.
රසල් ඉංග්‍රමි ගේ ඇඳඉහපත් වාර්තාවේ අප සටහනක් යෙදුවා.ඒ වෛද්‍ය වරුන්,ප්‍රතිකාර වලට සම්බන්ධ රෝහල් කාර්යය මණ්ඩලය හෝ පොලිසිය නොවන වෙනත් කිසිවෙකුට රසල් අසල ගැවසීමට ඉඩ නොතබන ලෙසයි.
-තීන්දුව-
සාක්ෂි විමසීමෙන් පසූ විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත් වීම කරණ කොටගෙන විත්ති කරුවන්ට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය තීන්දු කලා.
-අභියාචනය-
තීන්දුවට එරෙහිව 1986 පෙබරවාරි 12 දින අභියාචනාවක් ඉදිරිපත් කළ අතර එහිදී දෙවැනි විත්තිකාරිය ඩැල්රින් ඉංග්‍රම්ට නිදහස ලැබුණු අතර මැතිව් පීරිස් දේවගැතිවරයාට මරණීය දණ්ඩනය එලෙසම තහවුරු විය.කෙසේ වුවද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන තත්වයක් යටතේ මැතීව් පීරිස් ද්වගැති වරයා වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කලා.
මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් යනු එවකට එංගලන්ත සභාවට අයත් කිංසිපාර පුංචි බොරැල්ල සාන්ත පාවුළු දේවස්ථානයේ දේවගැතිවරයාය. ඉයුනිස් ලොයිඩ් පීරිස් නම් තම බිරිඳගේ මරණය හා රසල් ඉංග්‍රම් නැමැති අයගේ මරණයන් සම්බන්ධයෙන් ඔහු වැරැදිකරු වූයේ එලෙසය.
-පසු සිදුවීම්-
එසේ වුව ද යහපත් කල්ක්‍රියාව හා හැසිරීම නිසා 12 වසරක සිර දඬුවමකින් පසුව පොදු සමාවක් ලැබීම හේතුවෙන් දේවගැතිවරයා බන්ධනාගාරයෙන් නිදහස ලැබීය. ඉන් පසු ඩැල්රීන් හා විවාහ වූ ඔහු මොරටුව රාවතාවත්තේ සිය නිවෙසේ ජීවත් විය. 1998 මැයි 12 වැනි දින 79 වැනි වියෙහි සිටියදී මරණයට පත් වූ අතර අවසන් කටයුතු මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානයේදී සිදු කලා.
එවක සීමාවාසික වෛද්‍ය වරයෙක් වූ වෛද්‍ය ටෙරන්ස් පසුව කොළඹ මහ රෝහල් අධ්‍යක්ෂ ධූරය ලබා මහ රෝහල ජාතික රෝහල බවට පත් කිරීමට දායක වුන අතර පසුව සෞක්‍යය සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බවට පත්ව විශ්‍රාම ගත්තා.දැන් ඔහු 63 වන වියෙහි පසු වෙනවා.
(Dr. T.G.Rajah De Silva today)
MAT3

mat1


Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට…..- 03 – “No one Killed Jessica – ඉන්දියාවෙන් ඇසේ.”



https://www.facebook.com/groups/804276106323782/permalink/1509978322420220/?hc_location=ufi

(එනමින් වූ සිනමා නිර්මාණයට පාදක වූ කතාවයි.සිනමාපටයේ නම ලෙස යොදා ගත්තේ මූලික නඩු තීන්දුවෙන් පසු පුවත්පතක යොදා තිබුණු ශීර්ෂපාඨයයි
-නඩු නිමිත්ත-
1965 ජනවාරි 5 දින උපන් ජෙසිකා ලාල් ඉන්දීය මෝස්තර නිරූපණ ශිල්පිනියක්.

(Jessica Lall)
jes1

 ඊට අමතරව ඇය තවත් මෝස්තර නිරූපණ ශිල්පීන් ශිල්පිණියන් කිහිප දෙනෙක්ම රැකියාව කල දකුණු දිල්ලියේ පිහිටි සුපිරි අවන් හලක මත්පැන් හලේ සේවය කලා.
1999.04.30 දින අවන්හල් හිමිකාරියගේ සැමියා විදේශගත වීමට පෙර සාදයක් පැවතුනා.විවෘත සාදයක් වූ මෙයට ගෙවීමට හැකි ඕනෑම කෙනෙක්ට ඉඩ දී තිබුණා.
රාත්‍රි 12.30 පසු මත්පැන් නොවිකිනීම ආයතනික නීතිය වුණා.
පාන්දර 2ට පමණ මත්පැන්හලට පැමිණි සිද්ධාර්ත් වශිෂ්ට් නොහොත් මනු ශර්මා සහ ඔහුගේ මිතුරන් මත්පැන් ඉල්ලා සිටියද ජෙසිකා එය ප්‍රතික්ෂේප කල බැවින් ඇය බිය වැද්දීමට ඔහු A.22 රිවෝලිවරයක් දැක්වුවා.

                                                                                                        (Sidhdharth Wshisht alias Manu Sharma)
jes9
 

ඉනුදු බිය නොවුනු ජෙසිකා බිය වැද්දීමට එක් වෙඩි පහරක් සිවිලිමට තැබූ මනු ශර්මා දෙවැන්න ජෙසිකාගේ වම් කණට ඉහලින් හිසට තබනවා.
එම අවස්තාවේ ඇගේ මිතුරු මෝස්තර නිරූපණ ශිල්පියෙක් වන මෂයාන් මුන්ශි(පසු කලෙක් බොලිවුඩයට නලුවෙක් ලෙස එක් වුණ)…අවන්හල් හිමිකාරියගේ දියණිය මාලනී රමණි සහ තවත් දෙදෙනෙක් සිටියා. රෝහල් ගත කිරීමෙන් පසු ජෙසිකා මිය ගිය අතර ෂයාන් මුන්ශි ප්‍රධාන ඇසින් දුටු සාක්ෂි කරු ලෙස පැමිණිල්ල සටහන් කලා.

(Shayan Munshi – Key eye witness)
jes2
 

ප්‍රධාන සැක කරු වූ මනු ශර්මා යනු කලක් ලෝක් සභාව නියෝජනය කල සහ සිදුවීම වන කල හර්යානා ප්‍රාන්ත සභාවේ ප්‍රභල සාමාජිකයෙක් වුන විනෝද් ශර්මාගේ පුත්‍රයාය.ඔහුගේ යහලුවන්ද ඉන්දීයාවේ දේශපාලන,සිවිල් සහ ධන බලය සහිත පුද්ගලයන් වුනා.










(Haryana MLA,  Vinodh Sharma)
jes11
 

සමස්ථ ඉන්දියාවේම ඇස් මෙම සිදුවීම වෙත යොමු වුනේ එබැවිනි.
සිදුවීමෙන් පසු එතැනින් වහා පලා යන සැකකරුවන් සිද්දියට යොදා ගත් අවිය සැඟවූ අතර එය සොයා ගැනීමට දිල්ලි පොලිසිය අපොහොසත් වීම පසුව මූලික නඩුවේ දී පැමිණිල්ලට අවාසි වෙනවා.
1999.05.02 දින දිල්ලි පොලිසිය මගින් සැක කරුවන් භාවිතා කල සහ සිද්දිය සිදු වූ දින ඔවුන අවන් හලට ගිය ටාටා සෆාරි වර්ගයේ මෝටර් රථය උත්තර් ප්‍රදෙශ් ප්‍රාන්තයේ නොයිඩා හි දී සොයා ගන්නවා.
1999.05.06 දින මනු ශර්මා චන්දිඝඩ් පොලිසියට බාර වීමත් සමගම ඔහුගේ මිතුරු සැකකරුවන්ද වරින් වර පොලිසියට බාර වෙනවා.
1999.08.03 දින මනු ශර්මාට – මිනී මැරීම,සාක්ෂි විනාශ කිරීම සහ වෙනත් ලෙසද අනෙකුත් සැක කරුවන්ට සාක්ෂි විනාශ කිරීම,ඊට හවුල් වීම,කුමන්ත්‍රණය සහ සැකකරුවන් සඟවා තබා ගැනීම යන චෝදනා යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විමසීමෙන් පසු 2000.01.30 දින District and sessions court (සිංහල නම නොදනිමි/දිසා අධිකරණය) වෙත නඩුව යොමු කරන අතර 2001.05.02 දින (සිද්දියෙන් වසර 2කට පසුව) District and sessions court හිදී මූලික නඩුව ආරම්භ වුනෙ පැමිණිල්ලේ සාක්ෂි විමසීමත් සමගය.

– නඩුව සහ සාක්ෂි-
විත්තිය වෙනුවෙන් පෙනී සිටි අපරාධ නඩු සම්බන්ධයෙන් සුප්‍රකට නීතීවේදී පණ්ඩිත් රාම් ජෙත්මලානි විසින් පැමිණිල්ලේ තර්ක සූක්ෂ්ම ලෙස එකිනෙක බිඳීමට සමත් වෙනවා.

(MP , Lawyer – Pandith Ram Jethmalani)
jes8
 

මේ අතරම දේශපාලන බලය යොදමින් සාක්ෂි වෙනස් කිරීම සහ සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ වෙනස් කරවීම (witness hostile) පැමිණිල්ලේ තර්ක බිඳ හෙලීමට විශාල ලෙස බලපෑවා.
සාක්ෂි කරුවන් 32 ක් ඔවුන්ගෙ සාක්ෂි වෙනස් කර තිබුණා (අභියාචනයේදී මොවුන් සියලු දෙනාටම විරුද්ධව ; අධිකරණයට අසත්‍ය පැවසීම යන චෝදනා යටතේ නඩු පැවරීමට මහාධිකරණය නියෝග කලා )
මෙයට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ප්‍රධාන ඇසින් දුටු සාක්ෂි කරු වූ මෝස්තර නිරූපණ ශිල්පී ; බෙංගාලි ජාතික ෂයාන් මුන්ෂි ඔහුගේ සාක්ෂිය වෙනස් කිරීමයි.
දිල්ලි පොලිසිය හමුවේ ඔහු ප්‍රකාශ කොට තිබුනේ මනු ශර්මා විසින් ජෙසිකා ලාල්ගේ වම් කණට ඉහලින් හිසට වෙඩිල්ලක් තැබූ බවයි.තවද අධිකරණයේදී ඔහු සාක්ෂි දෙනවා සිද්දිය වෙන අවස්තාවේ රිවොල්වර් රැගත් පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයේ සිටි බව.අධිනීතීඥ පණ්ඩිත්ගෙ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටින්නෙ එම දෙදෙනාගෙන් ජෙසිකාට වෙඩි තැබූ තැනැත්තා මනූ ශර්මා නොවක බවයි.තවද ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කලේ ඔහු හින්දි නොදත් බැවින් ඉංග්‍රීසියෙන් සිදු කල ප්‍රකාශය පොලිස් නිලධාරියා හින්දියෙන් සටහන් කර ගත් බවත් ..පොලිස් නිලධාරියා හින්දියෙන් කියවූ ප්‍රකාශයට තමා අත්සන් කල බවත්ය.හින්දි කියවීමේ හැකියාවක් ඔහුට නොමැති බව ඇඟවීමට ඔහු අධිකරණයේ සාක්ෂි දෙන්නේද ඉංග්‍රීසි භාෂාවෙන්.
අනෙක් කාරණය නම් දේශපාලන වාසි මත, රස පරීක්ෂාවට යැවූ සිද්දි ය වූ ස්තානයෙන් සොයා ගත් උණ්ඩ දෙක, අධිකරණයේදී පිස්තෝල දෙකකින් නිකුත් වූ වර්ග දෙකක උන්ඩ දෙකක් බව රසපරීක්ෂක වරුන් ප්‍රකාශ කිරීමයි.(පසුව මොවුන්ට විරුද්ධවද අධිකරණයෙ බොරු සාක්ෂි දීම නිසා නඩු පැවරුවා ).මෙය අසත්‍යයක් බව ඔප්පු කිරීම දිල්ලි පොලිසිය අසමත් වෙනවා.
-තීන්දුව-
පැමිණිල්ල පාර්ශවයේ දියාරු තර්ක සහ විත්තියේ ප්‍රභල තර්ක හමුවේ පැමිණිල්ලට ඉතාම අවාසිදායක ලෙස ඇදුනු නඩුව වසර 5කට පසුව (ජෙසිකා ලාල්ගේ මරණයෙන් වසර 7කට පසුව ) 2006.02.21 දින දිල්ලියේ District and sessions court මගින් චූදිතයන් සියල්ලම නිදොස් කොට නිදහස් කරනවා.
විනිස කරු සිය දේශනයේදී ප්‍රකාශ කර සිටියේ තීන්දුවට මූලිකම හේතුව දිල්ලි පොලිසියේ අකාර්යක්ෂම තාවය බවයි.මරණය සිදු කල ආයුධය සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වීමත් උන්ඩ පිස්තෝල දෙකකින් නිකුත් වූ බවට විත්තිය ගෙන ආ සාධක අසත්‍ය බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පොලිසිය අසමත් වීමත් ඔහු අවධාරණය කලා.
-සමාජ මතය-
නඩුතීන්දුවෙන් පසු දින ඉන්දීය ප්‍රධාන පෙලේ පුවත් පතක “No one killed Jessica” මැයෙන් නඩු තීන්දුව වාර්තා කොට තිබුණා.

jes5
 

වසර 7ක් තිස්සෙ ඇදුන නඩුව අවසානයේ පලක් නොවීම ඉන්දීය ජන සමාජයේ කතා බහට ලක්වීමට පටන් ගත්තා.ඉන්දීය ප්‍රධාන නාලිකාවක් වන NDTV මාධ්‍යවේදිනියක් වන සෝනියා සිං තින්දුවට එරෙහි ජන මතයක් ඇති කිරීමට විශාල කාර්යයක් සිදු කලා.

( Sonia Singh)

JES7

මේ අතර ඊ මේල්,SMS මගින් ජනතාව දැනුවත් කොට විවිධ විරෝධතාවයන් දිල්ලිය කේන්ද්‍ර කරගෙන් සමස්ත ඉන්දියාව පුරාවම ගෙන ගියා.ඇතැම් නීති වේදීන්ගේ බරපතල දෝෂ දරුශනයට ලක් වීමටද සෝනියා සිං ට සිදු වුණා.
තවද මූලික නඩු විභාගයේදී සිදු වුන අක්‍රමිකතා සහ සාක්ෂි වෙනස් කිරීමට දේශපාලන බලාධිකාරයේ බලපෑම ගැන රාෂ්ඨ්‍රපති (ජනපති) අබ්දුල් කලාම් හමු වී පැමිණිලි කීරීමටද සෝනියා සිං පසුබට වුනේ නෑ.
උපක්‍රම මගින් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂි කරු වූ ෂයාන් මුන්ෂි විසින් හින්දි නොදත් ලෙස කල ප්‍රකාශය බොරුවක් බවට ඔප්පු කරවීමට සෝනියා සමත් වන අතර ඒ හමුවේ ෂයාන් මුන්ෂිගේ සාක්ෂි ගැටළු සහගත බව පසුව මහාධිකරණයට ඒත්ත ගැන්වෙනවා.
හිටපු ඉන්දීය අගවිනිසුරු V.N.Kher ප්‍රසිද්ධියේ ව්‍යංගයෙන් නඩු තීන්දුව ලබා දුන් R.L.Bhayan විනිසුරුව විවේචනය කරමින් කියා සිටියේ පැමිණිල්ලේ සහ විත්තියේ නීති වේදීන්ද ,සාක්ෂි කරුවන්ද යන සියල්ලෝම අපරාධ කරුවන් සමග එකතු වී ඇති බව විනිස කරුවෙක්ට හැඟෙනවානම් ඔහු එය පාලනය කිරීමට දායක විය යුතු බවත්,හුදෙක් අධිකරණය හමුවට ගෙනෙන සාක්ෂි මතම නො යැපී ඔහු ගේ මාර්ගෝපදේශයෙන් අධිකරණයට නියම සාක්ෂි ගෙන්වා ගැනීමට කටයුත් කල යුතු බවත්ය.
මේ වන විට ජෙසිකා ගේ මව මේ ලාල් (May Lall) ජෙසිකාගේ මරණය නිසාම හිත් පිඩා විඳ අවසන් ගමන් ගොස් තිබුණා.ජෙසිකාගේ පියා ජෙසිකා වෙනුවෙන් යුක්තිය ඉටු නොවුන තැන කලකිරීමට පත්ව සිටියා.
ගුවන් ටිකට් පත් විකුණන ආයතනයක් පවත්වාගෙන ගිය සහ සිය සොහොයුරිය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමට සෑම උත්සාහයක්ම ගත් සබ්‍රිනා ලාල් ඒ සියල්ලම අත් හැර තිබුණා.පසු අවස්තා වලදී ඇය නඩු වාර වලට සහභාගී වීමද නවතා දැමුවා.
 

(Sabrina Lall)
jes6
සබ්‍රිනා නැවත උනන්දු කොට ගැනීමට සෝනියා සිං කටයුතු කලා.
NDTV සංවත්සරයක් සඳහා නිකුත් කෙරුණු ප්‍රකාශනයක ඇය මේ සම්පූර්ණ විස්තරය සඳහන් කොට තිබෙනවා…
-ඇපෑල-
කෙසේ වෙතත් විරෝධතාවන් අතරේ දිල්ලි පොලිසිය විසින් 2006.03.13 දින නැවත වතාවක් දිල්ලි මහාධිකරණයේ ඇපෑලක් ගොනු කරන අතර එම නඩු විභාගයටද පෙර කී සියලුම සාක්ෂිකරුවන් සහ විත්ති කරුවන් කැඳවනවා. 2006.10.03 දින දිල්ලි මහාදිකරණය දෛනිකව නඩු ඇසීමේ පදනම යටතේ අභියාචනා පෙත්සම විභාග කිරීම ආරම්භ කරනවා.අධඅකරණයට වාර්තා නොකල චූදිතයන් 9 දෙනාටම වරෙන්තු නිකුත් කිරීමටත් මහාධිකරණය කටයුතු කරනවා.
– තීන්දුව –
නඩුව අවසානයේ;2006.12.15 දින මහාධිකරණය විසින් ප්‍රධාන සැක කරු මනු ශර්මා ජෙසිකා ලාල් මරණයට වැරදි කරු කරමින් ජීවිතාන්තය තෙක් සිර දඬුවම් සහ ඉන්දීය රැපියල් 50,000 ක දඩයක්ද නියම කලා.ඔහුට මරණීය දණ්ඩනය ලබා දෙන මෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප වුනේ මරණය ඔහු විසින් චේතනාත්මකව සිදු කලද ඔහු සමාජයට හානිකර පුද්ගලයෙක් බව අධිකරණය නොසිතන බැවින්යැයි විනිසුරු දේශනයේදී සඳහන් කලා.
අනෙකුත් විත්ති කරුවන්ට වසර 4 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කිරීමද සිදු කල අතර මූලික නඩු තීන්දුව ලබා දුන් R.L.භයාන් විනිස කරුගේ ක්‍රියාව විවේචනයට ලක් කිරීමක්ද කලා.
– ශ්‍රේෂ්ඨාධිකරණ ඇපෑල-
2007.02.02 දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මනු ශර්මා පාර්ශවය විසින් අපෑලක් ගොනු කල අතර 2007.03.98 දින ශ්‍රේෂ්ඨාධිකරණය අපෑල විභාල කිරීම ආරම්භ කරනවා.විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ තීන්දුව සනාත කරමින් සිය තීන්දුව ලබා දෙනවා.
ජෙසිකා ලාල් නඩුව ඉන්දියාවෙ වැදගත් එකන් වුනේ මහ ජන බලපෑම නිසා නීතිඅධිකාරීන් විසින් නීතිය නියම ලෙස ඉටුකොට යුක්තිය පසිඳලීමට බල කරවීම නිසා අදාල පාර්ශවයන්ට නිසි දඬුවම් ලැබීමයි.
හරියානා ප්‍රාන්ත සභාවෙන් ඉල්ලා අස් වීමට විනෝදි ශර්මාට සිදු වන අතර අධිකරණයට වැරදි සාක්ෂි ලබා දුන් සියලු දෙනා පසු අවස්තාවකදී වැරදි කරුවන් වී දඬුවම් ලබනවා…


jes4

භාරත විත්ති – 20 – රංග් රසියා ( Colours of passion )


https://www.facebook.com/groups/804276106323782/permalink/1508609662557086/?hc_location=ufi

mf3
මක්බූල් ෆිදා හුසේන් , දන්න නමින් කීවොත් එම්.එෆ්.හුසේන් කියන්නෙ 1915 සැප්තැම්බර් මාසෙ 17 වෙනිදා ඉන්දියාවෙ උපන් මුස්ලිම් ජාතික චිත්‍ර ශිල්පියෙක්.
මොහු Bombay Progressive Arts Group හි ආරම්භක සාමජිකයෙක්.
නව සම්ප්‍රදායේ චිත්‍ර ක්‍රමයක් අනුගමනය කල එම්.එෆ් ගේ චිත්‍ර Cubic style (හැඩ තල භාවිත කරමින් ඇඳි චිත්‍ර )අනුගමණය කලා.
ඔහුගේ චිත්‍ර බොහොවිට චිත්‍රාවලීන් වුණා.එනම් එක් තේමාවකට අනුව ඇඳි චිත්‍ර රාශියකින් සමන්විත් වුණා. ඔහු යොදා ගත් තේමා අතර මෝහන්දාස් ගාන්ධි,තෙරෙසා මවු තුමිය,රාමායණය,මහාභාරතය,බ්‍රිතාන්‍ය රාජ්‍යය, මධුරි දික්ෂිත් වෙනවා…
හුසේන් යනු ඉන්දියාවෙන් බිහි හුණු දක්ෂතම සහ වැඩිම අන්තරජාතික පිළි ගැනීමක් ඇති චිත්‍රශිල්පියා ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඔහුගෙ චිත්‍ර ඇඳීමේ මුල් කාලයේ සිට පසු භාගය වන තෙක්ම අශ්වයින්ගෙ විවිධ අවස්ථාවන් චිතරයට නැගීම ඔහුගෙ ප්‍රියතම කාර්‍යයක් වුණා.
mf5
mf7 
1990 දශකයේ හුසේන් ඉන්දියාවේ ආන්දෝලනාත්මකම චරිතයක් වුණේ ඔහු විසින් හින්දු දෙවි දේවතාවන් ගේ චිත්‍ර නිරුවත් ආකරයෙන් නිර්මාණය කිරීමයි.මෙහිදී ඔහු රාජ රවි වර්මා ගෙ ක්‍රමය අනුගමණය කොට ඇති බව කියනවා. මුස්ලිම් ජාතිකයෙක් විසින් හින්දු දෙවි දේවතා වන් ගේ පින්තූර් එසෙ ඇන්දොත් උග්‍ර හින්දුවාදීන් සිටින් ඉන්දියාවේ කුමක් වන්න ඇත්දැයි සිතා ගන්න.

MF14 මොහුට විරුද්ධව නඩු 8ක් දිල්ලි මහාධිකරණයේ ගොනු කෙරුනා.ඊට අමතරව ඔහුගෙ නිවසට , ප්‍රදර්ශන පැවැත්වෙන ස්ථාන වලට පහර දීමද් දිගින් දිගටම සිදු වුණා.
මොහු විසින් ඇන්දි භාරත් මාතා සිතුවම තවත් ආන්දෝලනාත්මක එකක් වුණා..ඒ එහි ඉන්දියාව හැඩයට නිදා සිටින් නිරුවත් කාන්තාවක් ඇඳ සිටීමයි.


MF0
 

මේ කෙසෙ වුවත් හුසේන් යනු ඉන්දියාවෙ සුඛෝපභෝගී සේවා සපයන්නෙක් වුණේ ඔහුගෙන් සිය චිතරය අන්දවා ගැනීමට ඉන්දියාවෙ මුල් පෙළ පුද්ගලයන් පෙළ ගැසී සිටි නිසාවෙනි.මොහුගේ සිතුවමක් නිවසක තිබෙනවා යනු එය තම සමාජ තත්ත්වය ඉහලින් තබා පෙන්විය හැකි ලකුණක් බව ඉහල පෙළ ඉන්දියානුවන් විශ්වාස කලා. අවසාන කාලයේ හුසේන් සිතුවමක් ඇඳීමට ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් පමණ අවම වශයෙන් අය කල බව පැවසෙනවා.
ඒ කෙසේ වුවත් හුසේන් විසින් නොමිලයේම සිතුවම් ඇඳ දුන් කෙනෙක් සිටියා. 
කවුද ඇය?!..
මධුරි දික්ෂිත්.

mf2හුසේන් යනු මධුරිගේ හොඳම රසිකයෙක් වුණ අතර සිනමාපට වල ඇගේ චලන සිතුවම් ගත කිරීම ඔහුගේ විනෝදාංශයක් වුණා. අන් සිතුවම් වල නොවන ආකරයෙන් මධුරිව පින්තාරු කල සිතුවම් වල ඔහු “ෆිදා” ( තේරුම වසඟ වුණා යන්නයි ) ලෙස අත්සන් යොදන්නට වුණා. මධුරි රඟපෑ දේව්දාස් සිනමාපටය 52 වතාවක් නරඹා ඇගේ ඉරියවු සිතුවම් කල බව ඔහු වරෙක පවසා තිබුණා.


mf1
 

මේ දක්ෂ , නිදහ අදහස් තිබුණු ඉන්දීය චිත්‍ර ශිල්පියා 2011 ජූනි 09 දින ලන්ඩන් නුවරදී සිය ජීවන සිතුවම ඇඳ අවසාන කලා……

mf6

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters