Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට…..- 03 – “No one Killed Jessica – ඉන්දියාවෙන් ඇසේ.”



https://www.facebook.com/groups/804276106323782/permalink/1509978322420220/?hc_location=ufi

(එනමින් වූ සිනමා නිර්මාණයට පාදක වූ කතාවයි.සිනමාපටයේ නම ලෙස යොදා ගත්තේ මූලික නඩු තීන්දුවෙන් පසු පුවත්පතක යොදා තිබුණු ශීර්ෂපාඨයයි
-නඩු නිමිත්ත-
1965 ජනවාරි 5 දින උපන් ජෙසිකා ලාල් ඉන්දීය මෝස්තර නිරූපණ ශිල්පිනියක්.

(Jessica Lall)
jes1

 ඊට අමතරව ඇය තවත් මෝස්තර නිරූපණ ශිල්පීන් ශිල්පිණියන් කිහිප දෙනෙක්ම රැකියාව කල දකුණු දිල්ලියේ පිහිටි සුපිරි අවන් හලක මත්පැන් හලේ සේවය කලා.
1999.04.30 දින අවන්හල් හිමිකාරියගේ සැමියා විදේශගත වීමට පෙර සාදයක් පැවතුනා.විවෘත සාදයක් වූ මෙයට ගෙවීමට හැකි ඕනෑම කෙනෙක්ට ඉඩ දී තිබුණා.
රාත්‍රි 12.30 පසු මත්පැන් නොවිකිනීම ආයතනික නීතිය වුණා.
පාන්දර 2ට පමණ මත්පැන්හලට පැමිණි සිද්ධාර්ත් වශිෂ්ට් නොහොත් මනු ශර්මා සහ ඔහුගේ මිතුරන් මත්පැන් ඉල්ලා සිටියද ජෙසිකා එය ප්‍රතික්ෂේප කල බැවින් ඇය බිය වැද්දීමට ඔහු A.22 රිවෝලිවරයක් දැක්වුවා.

                                                                                                        (Sidhdharth Wshisht alias Manu Sharma)
jes9
 

ඉනුදු බිය නොවුනු ජෙසිකා බිය වැද්දීමට එක් වෙඩි පහරක් සිවිලිමට තැබූ මනු ශර්මා දෙවැන්න ජෙසිකාගේ වම් කණට ඉහලින් හිසට තබනවා.
එම අවස්තාවේ ඇගේ මිතුරු මෝස්තර නිරූපණ ශිල්පියෙක් වන මෂයාන් මුන්ශි(පසු කලෙක් බොලිවුඩයට නලුවෙක් ලෙස එක් වුණ)…අවන්හල් හිමිකාරියගේ දියණිය මාලනී රමණි සහ තවත් දෙදෙනෙක් සිටියා. රෝහල් ගත කිරීමෙන් පසු ජෙසිකා මිය ගිය අතර ෂයාන් මුන්ශි ප්‍රධාන ඇසින් දුටු සාක්ෂි කරු ලෙස පැමිණිල්ල සටහන් කලා.

(Shayan Munshi – Key eye witness)
jes2
 

ප්‍රධාන සැක කරු වූ මනු ශර්මා යනු කලක් ලෝක් සභාව නියෝජනය කල සහ සිදුවීම වන කල හර්යානා ප්‍රාන්ත සභාවේ ප්‍රභල සාමාජිකයෙක් වුන විනෝද් ශර්මාගේ පුත්‍රයාය.ඔහුගේ යහලුවන්ද ඉන්දීයාවේ දේශපාලන,සිවිල් සහ ධන බලය සහිත පුද්ගලයන් වුනා.










(Haryana MLA,  Vinodh Sharma)
jes11
 

සමස්ථ ඉන්දියාවේම ඇස් මෙම සිදුවීම වෙත යොමු වුනේ එබැවිනි.
සිදුවීමෙන් පසු එතැනින් වහා පලා යන සැකකරුවන් සිද්දියට යොදා ගත් අවිය සැඟවූ අතර එය සොයා ගැනීමට දිල්ලි පොලිසිය අපොහොසත් වීම පසුව මූලික නඩුවේ දී පැමිණිල්ලට අවාසි වෙනවා.
1999.05.02 දින දිල්ලි පොලිසිය මගින් සැක කරුවන් භාවිතා කල සහ සිද්දිය සිදු වූ දින ඔවුන අවන් හලට ගිය ටාටා සෆාරි වර්ගයේ මෝටර් රථය උත්තර් ප්‍රදෙශ් ප්‍රාන්තයේ නොයිඩා හි දී සොයා ගන්නවා.
1999.05.06 දින මනු ශර්මා චන්දිඝඩ් පොලිසියට බාර වීමත් සමගම ඔහුගේ මිතුරු සැකකරුවන්ද වරින් වර පොලිසියට බාර වෙනවා.
1999.08.03 දින මනු ශර්මාට – මිනී මැරීම,සාක්ෂි විනාශ කිරීම සහ වෙනත් ලෙසද අනෙකුත් සැක කරුවන්ට සාක්ෂි විනාශ කිරීම,ඊට හවුල් වීම,කුමන්ත්‍රණය සහ සැකකරුවන් සඟවා තබා ගැනීම යන චෝදනා යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විමසීමෙන් පසු 2000.01.30 දින District and sessions court (සිංහල නම නොදනිමි/දිසා අධිකරණය) වෙත නඩුව යොමු කරන අතර 2001.05.02 දින (සිද්දියෙන් වසර 2කට පසුව) District and sessions court හිදී මූලික නඩුව ආරම්භ වුනෙ පැමිණිල්ලේ සාක්ෂි විමසීමත් සමගය.

– නඩුව සහ සාක්ෂි-
විත්තිය වෙනුවෙන් පෙනී සිටි අපරාධ නඩු සම්බන්ධයෙන් සුප්‍රකට නීතීවේදී පණ්ඩිත් රාම් ජෙත්මලානි විසින් පැමිණිල්ලේ තර්ක සූක්ෂ්ම ලෙස එකිනෙක බිඳීමට සමත් වෙනවා.

(MP , Lawyer – Pandith Ram Jethmalani)
jes8
 

මේ අතරම දේශපාලන බලය යොදමින් සාක්ෂි වෙනස් කිරීම සහ සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ වෙනස් කරවීම (witness hostile) පැමිණිල්ලේ තර්ක බිඳ හෙලීමට විශාල ලෙස බලපෑවා.
සාක්ෂි කරුවන් 32 ක් ඔවුන්ගෙ සාක්ෂි වෙනස් කර තිබුණා (අභියාචනයේදී මොවුන් සියලු දෙනාටම විරුද්ධව ; අධිකරණයට අසත්‍ය පැවසීම යන චෝදනා යටතේ නඩු පැවරීමට මහාධිකරණය නියෝග කලා )
මෙයට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ප්‍රධාන ඇසින් දුටු සාක්ෂි කරු වූ මෝස්තර නිරූපණ ශිල්පී ; බෙංගාලි ජාතික ෂයාන් මුන්ෂි ඔහුගේ සාක්ෂිය වෙනස් කිරීමයි.
දිල්ලි පොලිසිය හමුවේ ඔහු ප්‍රකාශ කොට තිබුනේ මනු ශර්මා විසින් ජෙසිකා ලාල්ගේ වම් කණට ඉහලින් හිසට වෙඩිල්ලක් තැබූ බවයි.තවද අධිකරණයේදී ඔහු සාක්ෂි දෙනවා සිද්දිය වෙන අවස්තාවේ රිවොල්වර් රැගත් පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයේ සිටි බව.අධිනීතීඥ පණ්ඩිත්ගෙ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටින්නෙ එම දෙදෙනාගෙන් ජෙසිකාට වෙඩි තැබූ තැනැත්තා මනූ ශර්මා නොවක බවයි.තවද ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කලේ ඔහු හින්දි නොදත් බැවින් ඉංග්‍රීසියෙන් සිදු කල ප්‍රකාශය පොලිස් නිලධාරියා හින්දියෙන් සටහන් කර ගත් බවත් ..පොලිස් නිලධාරියා හින්දියෙන් කියවූ ප්‍රකාශයට තමා අත්සන් කල බවත්ය.හින්දි කියවීමේ හැකියාවක් ඔහුට නොමැති බව ඇඟවීමට ඔහු අධිකරණයේ සාක්ෂි දෙන්නේද ඉංග්‍රීසි භාෂාවෙන්.
අනෙක් කාරණය නම් දේශපාලන වාසි මත, රස පරීක්ෂාවට යැවූ සිද්දි ය වූ ස්තානයෙන් සොයා ගත් උණ්ඩ දෙක, අධිකරණයේදී පිස්තෝල දෙකකින් නිකුත් වූ වර්ග දෙකක උන්ඩ දෙකක් බව රසපරීක්ෂක වරුන් ප්‍රකාශ කිරීමයි.(පසුව මොවුන්ට විරුද්ධවද අධිකරණයෙ බොරු සාක්ෂි දීම නිසා නඩු පැවරුවා ).මෙය අසත්‍යයක් බව ඔප්පු කිරීම දිල්ලි පොලිසිය අසමත් වෙනවා.
-තීන්දුව-
පැමිණිල්ල පාර්ශවයේ දියාරු තර්ක සහ විත්තියේ ප්‍රභල තර්ක හමුවේ පැමිණිල්ලට ඉතාම අවාසිදායක ලෙස ඇදුනු නඩුව වසර 5කට පසුව (ජෙසිකා ලාල්ගේ මරණයෙන් වසර 7කට පසුව ) 2006.02.21 දින දිල්ලියේ District and sessions court මගින් චූදිතයන් සියල්ලම නිදොස් කොට නිදහස් කරනවා.
විනිස කරු සිය දේශනයේදී ප්‍රකාශ කර සිටියේ තීන්දුවට මූලිකම හේතුව දිල්ලි පොලිසියේ අකාර්යක්ෂම තාවය බවයි.මරණය සිදු කල ආයුධය සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වීමත් උන්ඩ පිස්තෝල දෙකකින් නිකුත් වූ බවට විත්තිය ගෙන ආ සාධක අසත්‍ය බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පොලිසිය අසමත් වීමත් ඔහු අවධාරණය කලා.
-සමාජ මතය-
නඩුතීන්දුවෙන් පසු දින ඉන්දීය ප්‍රධාන පෙලේ පුවත් පතක “No one killed Jessica” මැයෙන් නඩු තීන්දුව වාර්තා කොට තිබුණා.

jes5
 

වසර 7ක් තිස්සෙ ඇදුන නඩුව අවසානයේ පලක් නොවීම ඉන්දීය ජන සමාජයේ කතා බහට ලක්වීමට පටන් ගත්තා.ඉන්දීය ප්‍රධාන නාලිකාවක් වන NDTV මාධ්‍යවේදිනියක් වන සෝනියා සිං තින්දුවට එරෙහි ජන මතයක් ඇති කිරීමට විශාල කාර්යයක් සිදු කලා.

( Sonia Singh)

JES7

මේ අතර ඊ මේල්,SMS මගින් ජනතාව දැනුවත් කොට විවිධ විරෝධතාවයන් දිල්ලිය කේන්ද්‍ර කරගෙන් සමස්ත ඉන්දියාව පුරාවම ගෙන ගියා.ඇතැම් නීති වේදීන්ගේ බරපතල දෝෂ දරුශනයට ලක් වීමටද සෝනියා සිං ට සිදු වුණා.
තවද මූලික නඩු විභාගයේදී සිදු වුන අක්‍රමිකතා සහ සාක්ෂි වෙනස් කිරීමට දේශපාලන බලාධිකාරයේ බලපෑම ගැන රාෂ්ඨ්‍රපති (ජනපති) අබ්දුල් කලාම් හමු වී පැමිණිලි කීරීමටද සෝනියා සිං පසුබට වුනේ නෑ.
උපක්‍රම මගින් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂි කරු වූ ෂයාන් මුන්ෂි විසින් හින්දි නොදත් ලෙස කල ප්‍රකාශය බොරුවක් බවට ඔප්පු කරවීමට සෝනියා සමත් වන අතර ඒ හමුවේ ෂයාන් මුන්ෂිගේ සාක්ෂි ගැටළු සහගත බව පසුව මහාධිකරණයට ඒත්ත ගැන්වෙනවා.
හිටපු ඉන්දීය අගවිනිසුරු V.N.Kher ප්‍රසිද්ධියේ ව්‍යංගයෙන් නඩු තීන්දුව ලබා දුන් R.L.Bhayan විනිසුරුව විවේචනය කරමින් කියා සිටියේ පැමිණිල්ලේ සහ විත්තියේ නීති වේදීන්ද ,සාක්ෂි කරුවන්ද යන සියල්ලෝම අපරාධ කරුවන් සමග එකතු වී ඇති බව විනිස කරුවෙක්ට හැඟෙනවානම් ඔහු එය පාලනය කිරීමට දායක විය යුතු බවත්,හුදෙක් අධිකරණය හමුවට ගෙනෙන සාක්ෂි මතම නො යැපී ඔහු ගේ මාර්ගෝපදේශයෙන් අධිකරණයට නියම සාක්ෂි ගෙන්වා ගැනීමට කටයුත් කල යුතු බවත්ය.
මේ වන විට ජෙසිකා ගේ මව මේ ලාල් (May Lall) ජෙසිකාගේ මරණය නිසාම හිත් පිඩා විඳ අවසන් ගමන් ගොස් තිබුණා.ජෙසිකාගේ පියා ජෙසිකා වෙනුවෙන් යුක්තිය ඉටු නොවුන තැන කලකිරීමට පත්ව සිටියා.
ගුවන් ටිකට් පත් විකුණන ආයතනයක් පවත්වාගෙන ගිය සහ සිය සොහොයුරිය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමට සෑම උත්සාහයක්ම ගත් සබ්‍රිනා ලාල් ඒ සියල්ලම අත් හැර තිබුණා.පසු අවස්තා වලදී ඇය නඩු වාර වලට සහභාගී වීමද නවතා දැමුවා.
 

(Sabrina Lall)
jes6
සබ්‍රිනා නැවත උනන්දු කොට ගැනීමට සෝනියා සිං කටයුතු කලා.
NDTV සංවත්සරයක් සඳහා නිකුත් කෙරුණු ප්‍රකාශනයක ඇය මේ සම්පූර්ණ විස්තරය සඳහන් කොට තිබෙනවා…
-ඇපෑල-
කෙසේ වෙතත් විරෝධතාවන් අතරේ දිල්ලි පොලිසිය විසින් 2006.03.13 දින නැවත වතාවක් දිල්ලි මහාධිකරණයේ ඇපෑලක් ගොනු කරන අතර එම නඩු විභාගයටද පෙර කී සියලුම සාක්ෂිකරුවන් සහ විත්ති කරුවන් කැඳවනවා. 2006.10.03 දින දිල්ලි මහාදිකරණය දෛනිකව නඩු ඇසීමේ පදනම යටතේ අභියාචනා පෙත්සම විභාග කිරීම ආරම්භ කරනවා.අධඅකරණයට වාර්තා නොකල චූදිතයන් 9 දෙනාටම වරෙන්තු නිකුත් කිරීමටත් මහාධිකරණය කටයුතු කරනවා.
– තීන්දුව –
නඩුව අවසානයේ;2006.12.15 දින මහාධිකරණය විසින් ප්‍රධාන සැක කරු මනු ශර්මා ජෙසිකා ලාල් මරණයට වැරදි කරු කරමින් ජීවිතාන්තය තෙක් සිර දඬුවම් සහ ඉන්දීය රැපියල් 50,000 ක දඩයක්ද නියම කලා.ඔහුට මරණීය දණ්ඩනය ලබා දෙන මෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප වුනේ මරණය ඔහු විසින් චේතනාත්මකව සිදු කලද ඔහු සමාජයට හානිකර පුද්ගලයෙක් බව අධිකරණය නොසිතන බැවින්යැයි විනිසුරු දේශනයේදී සඳහන් කලා.
අනෙකුත් විත්ති කරුවන්ට වසර 4 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කිරීමද සිදු කල අතර මූලික නඩු තීන්දුව ලබා දුන් R.L.භයාන් විනිස කරුගේ ක්‍රියාව විවේචනයට ලක් කිරීමක්ද කලා.
– ශ්‍රේෂ්ඨාධිකරණ ඇපෑල-
2007.02.02 දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මනු ශර්මා පාර්ශවය විසින් අපෑලක් ගොනු කල අතර 2007.03.98 දින ශ්‍රේෂ්ඨාධිකරණය අපෑල විභාල කිරීම ආරම්භ කරනවා.විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ තීන්දුව සනාත කරමින් සිය තීන්දුව ලබා දෙනවා.
ජෙසිකා ලාල් නඩුව ඉන්දියාවෙ වැදගත් එකන් වුනේ මහ ජන බලපෑම නිසා නීතිඅධිකාරීන් විසින් නීතිය නියම ලෙස ඉටුකොට යුක්තිය පසිඳලීමට බල කරවීම නිසා අදාල පාර්ශවයන්ට නිසි දඬුවම් ලැබීමයි.
හරියානා ප්‍රාන්ත සභාවෙන් ඉල්ලා අස් වීමට විනෝදි ශර්මාට සිදු වන අතර අධිකරණයට වැරදි සාක්ෂි ලබා දුන් සියලු දෙනා පසු අවස්තාවකදී වැරදි කරුවන් වී දඬුවම් ලබනවා…


jes4

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters