https://www.facebook.com/groups/804276106323782/permalink/1513405352077517/?hc_location=ufi
1979 ජනවාරි මස 31 වැනි දින කොළඹ මහ
රෝහලේ අංක 47 දරන වාට්ටුවට එක්තරා සිහිසුන් රෝගී කාන්තාවක ඇතුළත් කෙරුණේ
ඉතා අසාධ්‍ය තත්ත්වයෙන්ය. ඉයුනිස් ෆෙලිෂියා පිරිස් නමැති එම කාන්තාව රෝහලට
භාර දුන්නේ මුහුණ පුරා සුදෝ සුදු, වැවුණු දිගු රැවුලකින් මෙන්ම සුදු
ලෝගුවකින් සැරසුණු දේවගැතිවරයකු විසිනි.
රෝගියාට අදාළ ප්‍රතිකාර ඇරැඹුණ ද ඇය ගේ රුධිරයේ සීනි සාන්ද්‍රනය ඉතා පහත් තත්ත්වයක පැවැතිනි. ඒ අනුව වෛද්‍යවරයා ප්‍රථමයෙන් කළේ සේලයින් හා මුසුකොට ‘ඩෙක්ස්ට්‍රෝස්’ නමැති සීනි මට්ටම ඉහළ නැංවීමේ ප්‍රතිකාරය ඇයට ලබාදීමය. එසේ වුව ද රෝගියාගේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරුණේ රෝගියා භාර වෛද්‍යවරුන් උභතෝකෝටික ගැටලුවකට මැදි කරවමිනි.
ඇයට දියවැඩියා තත්ත්වයක් ඇතැයි කීව ද ඇය
පරීක්ෂා කළ වෛද්‍යවරයාට එවැනි තත්ත්වයක් පෙනී ගියේ නැත. මේ අතර පසූ කලෙක
අදාළ වෛද්‍යවරයා තවත් වෛද්‍යවරයකු සමග සාකච්චා කරමින් සිටි අවස්ථාවක අනෙක්
වෛද්‍ය වර ඔහු මුහුණ දුන් ඊටම සමාන සිදුවීමක් ගැන පැවසුවා.
වැඩිදුර විස්තර කතා කිරීමේදී ඔහුට දැන ගන්නට ලැබුණේ මෙම රෝගි කාන්තාව ගේ භාරකරැ අනෙක් රෝගියා රෝහලට භාර දුන් තැනැත්තාට පෙනුමෙන් බොහොම සමාන බවයි.

කවුද මේ අනිත් රෝගියා…ඒ රසල් ඉංග්‍රම්.
රසල් ඉංග්‍රම් හා ඇයගේ බිරිඳ වූ ‘ඩැල්රීන්’
ඉංග්‍රම් දූ දරුවන් තිදෙනකු ගේ මව්පියෝ වූහ. ඩැල්රීන්ගේ සොයුරිය වූ
‘තෙරේසා’ දැඩි ආගමික භක්තිමත් කාන්තාවක වූවාය. ඇය ගේ මැදිහත්වීම නිසාම
ඩැල්රීන්ට දේවගැති මැතිව් පීරිස් හඳුනා ගැනීමට හැකි විය.
ඩැල්රීන් ද මැතිව් පීරිස් දේවගැතිවරයා
කෙරෙහි අප්‍රමාණ වූ භක්තියකින් හා විශ්වාසයකින් කටයුතු කරන්නට වූයෙන්
ඔවුනොවුන් අතර හිතවත්කමක් බැඳී ගියේ ඉතා කෙටි කලකිනි. දේවගැතිවරයා කුමක්
කීව ද එය මොනයම්ම අයුරකින් හෝ ඉටු කීරීමට තරම් දැඩි විශ්වාසයකින්
‘ඩැල්රීන්’ ඔහු කෙරෙහි සැදි පැහැදී සිටියාය. 33 හැවිරිදි සිහින් සිරුරැති
ප්‍රියමනාප කතක වූ ඩැල්රීන්ට මැතිව් පීරිස් දේවගැතිවරයාගේ මායා දැළට කොටු
වීමට එතරම් කලක් ගත වූයේ නැත.
මේ නිසාම ඇය ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස පත් කර ගැනීමට ද ඔහු කටයුතු කලා. මේ වන විට ඩැල්රීන්ගේ සැමියා වූ ‘රසල්’ ට රැකියාව අහිමි වී සිටි අතර දේවගැතිවරයා විසින් වෙනත් පත්තර කන්තෝරුවක රැකියාවක් සොයා දීමට පියවර ගත්තේය. එපමණකින් ද නොනැවතී සිය පවුලම දේවගැති නිවෙසට ද ගෙන්වා ගත්තේ ඔවුන්ගේ පවුලේ අභිවෘද්ධිය හේතුකොට ගෙනය.

කාලය මෙසේ ගෙවී ගියේය. ඉතා කඩවසම් නිරෝගී
උසැති ප්‍රියමනාප සිරුරකට හිමිකම් කී , ක්‍රිකට් ක්‍රීඩාවේ ද බොක්ෂිං
ක්‍රීඩාවේ ද යෙදෙමින් නිරෝගීව කල්ගෙවූ රසල් කිසිවෙකුට හිතා ගැනීමට අපහසු
ආකාරයෙන් හදිසියේ බලවත් ලෙස රෝගි වී අප්‍රාණික වෙනවා. මෙසේ අප්‍රාණිකව
දුර්වල වීම රසල්ගේ පවුලේ අයට ද සිතාගත නොහැකි විය.
අධික නිදිමත නිසාම දිනකට අමතර පැය තුන
හතරක් නිදා ගැනීමට රසල් පුරුදු විය. දිනක් රසල් බැලීමට ආ මාපියන් වූ
ඇලෙක්ස් ඉංග්‍රම් හා කෝරා ඉංග්‍රම් යුවළට දේවගැතිවරයා පැවසුවේ රසල්ගේ
අගන්‍යාසයේ සුළු සැත්කමක් කළ යුතුව තිබෙන බවට රසල්ගේ උදරයට අත තබමින් ඔහු
එසේ පැවසීය. ඒ වන විට ද රසල් සිටියේ තදබල නින්දකය. රසල්ව වෛද්‍යවරයකුට
පෙන්වීමට මාපියන් සූදානම් වුව ද ඔහු එය වළක්වා සිටියේය.
ඉන් පසුව සිහිසුන් තත්ත්වයෙන්ම රෝහලට
ඇතුළත් කරන ලද රසල් ඉතා අසාධ්‍ය තත්ත්වයක පසු විය. දේවගැතිවරයා හා ඩැල්රීන්
පැමිණ රෝගියා රෝහලට ඇතුළු කළහ. දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන්නේ යැයි සැක
කිරීම නිසා රසල්ගේ රුධිර පරීක්ෂාවන් සිදු කරද්දී තම රසායනාගාර ඉතිහාසයේ
ප්‍රථම වතාවට රෝගියකුගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ‘0’ අගයක් ගැනීමෙන් මවිතයට
පත් රසායනාගාර ශිල්පියා එය වැරැදීමක් යයි සිතා නැවත නැවතත් පරීක්ෂණ සිදු
කළද එය අතපසුවීමක් හෝ වැරදීමක් නොවීය.
මේ අතිෂය දුලබ රෝගී තත්වය නිසා සහ රසල්
ඉතාම අපහසුවෙන් ආශ්වාස ප්රාශ්වාස කල බැවින් කලබලයට පත් වෛද්‍ය කාර්ය
මණ්ඩලය සාමාන්‍ය පරිදි රෝගියාට සේලයින් හා මුසුකොට ‘ඩෙක්ස්ට්‍රෝස්’ දීමට
කටයුතු කළහ. එම අවස්ථාවකදී රෝගියා යහපත් තත්ත්වයක් පෙන්නුම් කිරීම සාමාන්‍ය
සිදුවෙයි. එහෙත් රසල් දැඩි ලෙස නොසන්සුන් බවක් පෙන්නුම් කළේ වෛද්‍ය
ප්‍රතිකාර ද අභිබවා යමිනි.
සිහිසුන්ව සිටි රසල්ට දියර ආහාර ලබා
දුන්නේය. ඒ නාසයෙන් දැමූ බටයක ආධාරයෙන්ය. ඩැල්රීන් හා මැතිව් පිරිස්
දේවගැතිවරයා ද නොවැරදීම රෝගියා බැලීමට ආහ. ඒ ඔහුට අවශ්‍ය වූ ආහාර ද රැගෙනය.
රෝහලින් දෙන ආහාරවලට අමතරව ගෙනෙන ආහාර ද රෝගියාට සපයනු ලැබුවේ
දේවගැතිවරයාගේ වුවමනාවටය. බොහෝ දිනවල ඔවුහු රෝගියා අසල වැඩි වේලාවක්
රැඳෙති. රෝග සුව කිරීමේ දිව්‍යමය බලයක් තමා තුළ වෙතැයි යන සිතුවිල්ලෙන් ඔහු
ආසක්තව සිටියේය.
‘ඩැල්රීන් බය වෙන්න එපා. සියල්ලම දෙවියන්ගේ කැමැත්තට සිදුවේවි මේ දේවගැති වරයා නිතරම පාහේ පිට කල වචනයි. සමහර අවස්ථාවලදී යන්තම් සුවයක් පෙන්නුම් කළද බොහෝ අවස්ථාවල රෝගියා දහඩියෙන් නැහැවෙමින් වේගයෙන් හුස්ම ඉහළ පහළ දැම්මේ අතිශය සංවේගජනක ලෙසය. මෙම යුවළ රෝගියා ළඟ සිටින බොහෝ දිනවල පමණක් මෙවැනි සුළු සුවයක් හෝ ලැබීම හෙදියන් ගේ ද නිරීක්ෂණයට හසුව තිබිණි. විවරව තිබූ දෙතොල් අතරින් සුදු පැහැති කුඩා පෙත්තක් දේවගැතිවරයා විසින් රෝගියාගේ මුවට දමනු අවට ඇඳන්වල රෝගීහු ද දැක තිබිණි. වෛද්‍යවරුන්ට ද මෙය තෝරා බේරා ගැනීමට නොහැකි වූ බවක් පෙනෙන්නට වූහ.

මෙලෙස මරුවා සමඟ පොර බදමින් තම සැමියා මහ
රෝහලේ ඇඳක් මත වැතිර සිටියදී මැතිව් පීරිස් දේවගැතිවරයාත් ඩැල්රීනුත් තහනම්
ගසේ ඵල බුදිමින් නිදහසේ ගත කරද්දී 1978 අගෝස්තු 10 වැනි දින පාන්දර 3.30 ට
රසල් ඉංග්‍රම් නමැති පෙරදී ඉකාම කඩවසම් තරුණ මිනිසා වැහෑරී ගිය ඇට
සැකිල්ලක් මෙන් මරු තුරුලට ගියේ පැහැදිලි රෝග තත්ත්වයක් නොපෙන්වමින්ය.
රසල්ගේ මෘත දේහය කෙලින්ම රැගෙන ගියේ දේවගැති නිවසෙටය. ඒ තම පුතුගේ මෘත දේහය තම නිවෙසට රැගෙන යාමට පියා වූ ඇලෙක්ස් ඉංග්‍රම් කළ ඉල්ලීම ද ඉවතලමිනි. අවසානයේ රසල් ගේ සිරුර මිහිදන් කෙරිණි.

අධික ඇඳ වණ සහිතව රෝහලට ඇතුළත් කරන ලද
ඉයුනිස් ෆෙලිෂියා පීරිස් නමැති කාන්තාව කාලාන්තරයක් තිස්සේ මොළයට වූ හානිය
හේතුවෙන් පෙනහළුවල නිව්මෝනියා රෝග තත්ත්වයෙන් මාර්තු මස 19 වැනි දින මිය
ගියේය.
ඉයුනිස් පීරිස්ගේ රෝගයට හේතුව දරුවන්ගෙන් වෙන්වීම නිසා වූ මානසික බිඳවැටීමක් ලෙස දෙව ගැති වරයා නිතරම ප්‍රකාශ කර සිටියා.
එහෙත් මොළයේ සෛලවලට හානිවීමෙන් පෙනහළුවලට නිව්මෝනියාව වැළඳීමෙන් මරණය සිදු වී තිබුණි. දේවගැති බිරිඳගේත් රසල්ගේත් මරණ වලට හේතු එක හා සමාන විය. ඒ පිළිබඳ සැක සංකා කරලියට පැමිණෙන්නේද මෙහිදීය.
මරණයේ කටයුතු අවසන් වීමත් සමඟ මරදාන පොලිසියට පැමිණිල්ලක් ලැබුණේය. ඉන් කියැවුණේ මෙම මරණය සැක කටයුතු ලෙස සිදුවූවක් බවය.

මේ සමඟ විවිධ සැක සංකා මතු වෙන්නට වූහ.
ඊට ප්‍රමාණවත් සාක්ෂි ද තිබූ හෙයින් අධිකරණ
නියෝගයක් මත 1979 මාර්තු 29 වැනි දින රසල් ඉංග්‍රම් ගේ සිරුර යළි ගොඩ
ගන්නා ලද්දේ ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට ලැබූ නියමය නිසාය. මෙයින් මහත්
කබලයට පත් දේවගැතිවරයා දුරකතනයෙන් මල් ශාලාවට කතා කොට රසල්ගේ මළ සිරුරේ
එම්බාම් කටයුතු කළේ කෙසේද යන්න විමසිලිමත් වුණා.මල්ශාලාවෙන් මේ පිළිබඳව
පොලීසියට දැන්වීමත් සමගම පොලීසියේ සැකය තවත් තහවුරු වුණා. මළ සිරුරෙහි
අභ්‍යන්තර අවයව සියල්ල ඉවත් කර තිබූ අතර ලී කුඩු ඔබ්බවා එය පරිපූර්ණ කර
තිබිණි. පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් වන අයුරින් එලෙස සියලු සාක්ෂි විනාශ
කොට තිබුණේ ඉතා සූක්ෂම අයුරින් බව පසුව හෙළි විය. පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.
ඒ අනුව අප්‍රේල් මස 4 වැනි දින දේවගැති
නිවෙස මුළුමනින්ම පරීක්ෂාවට ලක් විය. එහිදී දියවැඩියා රෝගය සඳහා දෙන
‘ඉයුග්ලුකෝන්’ (Euglucon) නමැති පෙති ප්‍රමාණයක් සමඟ ‘Body Mind Sugar’
(බොඩි මයින්ඩ් ඇන්ඩ් ෂුගර්) නම් පොතක් ද පොලිස් භාරයට ගැනිණි. එය ඔහු
එංගලන්තයේ සිට ගෙනවිත් තිබූ පොතකි. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණයන් පිළිබඳ
මෙන්ම දියවැඩියාව සඳහා හේතු වන තොරතුරු එහි සඳහන්ව තිබීම විශේෂයකි.
මෙම නඩුවේ සාක්ෂි ලබා ගැනීම සඳහා රජයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඉන්දියාවට පවා යාමට සිදු වුණා.
තවද ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට වැඩිම සාක්ෂි කරුවන් ප්‍රමාණයකගෙන් සාක්ෂි ලබා ගත් නඩුව ලෙසද මෙම නඩුව වාර්තා වන බව මා අසා තිබෙනවා.කෙසේ වෙතත් එය සනාත කර ගැනීමට තරම් තොරතුරක් සොයා ගැනීමට මා අපොහොයත් වෙනවා.

– නඩුව-
සියල්ල අවසානයේ මැතිව් පීරිස් දේවගැති වරයාට සාපරාධි ලෙස තම බිරිය හා රසල් ඉංග්‍රම් ගේ මරණය සිදු කිරීම පිළිබඳව හා ඩැල්රීන් ඒවාට අනුබල දීම වෙනුවෙනුත් විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.
ජනාධිපති නීතිඥ ආර්. අයි. ඔබේසේකර හා අනිල් ඔබේසේකර යන නීතිඥවරුන් ඇතුළු පිරිසක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ. තිස්ස බණ්ඩාරනායක පී. රමනාදන් හා වික්‍රමසුරිය යන මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මෙම නඩුව මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අපරාධයක් ලෙස ජනමාධ්‍ය මගින් හෙළිදරව් විය.ජුරියක් නොමැතිව ද 1983 මාර්තු 14 සිට මාස 9 ක් පුරා සාක්ෂි විමසූවේය.

-වෛද්‍ය සාක්ෂි-
මැතිව් පීරිස් නඩුව යනු ලංකාව තුල , බෙහෙවින්ම වෛද්‍ය සාක්ෂි මත පදනම් වූ නඩු අල්ප ප්‍රමාණයෙන් එකක්.
වෛද්‍ය සිද්ධාචාරිගේ ටෙරන්ස් ගාමිණි රාජා ද සිල්වා ප්‍රධාන වශයෙන් තවත් වෛද්‍ය වරු සහ රෝහල් නිලධාරීන් සාක්ෂි ලබා දී තිබුණා.

වෛද්‍ය ටෙරන්ස් සිය සීමා වාසික පුහුණු කාලය තුල කොළඹ ජාතික රෝහල(National
Hospital) (එකල කොළඹ මහ රෝහල/ General Hospital) හි 47 කාන්තා වාට්ටුවෙ සහ
කැඳවුම් ලද විට 49 පිරිමි වාට්ටුවේ කටයුතු කලා.
මේ එතුමාගේ මේ සම්බන්ධයෙන් කල ප්‍රකාශයකි .
“ජනවාරි 31 දින මට කැඳවීම් ලැබුණා බරපතල තත්වයේ සිටින රෝගියෙක් කාන්තා වාට්ටුවට ඇතුළත් කල බවට.වහ වහා මම එහි ගිය විට දක්නට ලැබුනේ සිය සැමියා වන මැතිව් පීරිස් විසින් රෝහලට ඇතුළත් කරන ලද ඉයුනීස් වයි.
ඇගේ රෝග ලක්ෂණ ලෙස අධික පිපාසය..පපුවේ වේදනාව.ශරීරයේ විවිධ ස්තානවල වේදනාව ..මානසික අව පීඩණය යන දෑ සඳහන් කලා.
රෝහලට ගෙන ඒමට පෙර ප්‍රදේශයේ වෛද්‍ය වරයෙක් වුණ වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන ගේ රෝහලට ඇතුලත් කර ගන්නා ලෙසින් කල ඉල්ලීම සහිත ලියමන,වෙනත් වෛද්‍ය වරුන්ගේ වාර්තා සහ ලිපි වල ඡායාස්ථ පිටපත් යනාදියද මැතිව් පීරිස් විසින් ඉදිරිපත් කලා.
දියවැඩියාවට අදාල රෝග ලක්ෂණ වන හිස කැක්කුම,අධි රුධිර පීඩණය,පපුවේ වේදනාව පෙර සිටම පැවතියාදැයි ඇසූ පැනයන්ට මැතිව් පීරිස් විසින් “නැත” යැයි පිළිතුරු දුන්නා.
රෝහලට පැමිණිමට පෙර ඇයට කිසිදු ප්‍රතිකාරයක් ලබා දී තිබුනේ නැහැ.
කෙසේ වෙතත් රුධිරයේ අසාමාන්‍ය ලෙස ග්ලූකෝස් මද වීම වෛද්‍ය වාර්තාවල සටහන්ව තිබුණා.
ඒ අනුව මම වහ වහා Dextrose ඇගේ ශරීර ගත කලා.සාමාන්‍යයෙන් එවන් අවස්ථාවක ටික වෙලාවකට පසුව රෝගියා යම් ප්‍රමාණයකින් යතා තත්වයට පත් වුවත් මැය සම්බන්ධයෙන් එසේ නොවීම අප මවිතයට සහ කලබලයට පත් කලා.
මේ වන විට ඇය කෝමා තත්වයේ පසු වුනා.ඇගේ හෘද ස්පන්ධනය අතට යාන්තම් දැනෙන ප්‍රමාණයෙන් මද තත්වයක තිබුණු අතර එය මැනීමට නොහැකි ආකාරයේ මද තත්වයක් වුණා.
රුධිර පීඩණය 60 – 40 අතර අඩු තත්වයක පැවතුනා.
තව කරුණක් නම් මැගේ දකුණතෙහි ඉඳිකටු සිදුරක් තිබීමයි.එහෙත් එය පෙර අවස්තාවකදී ලේ පරීක්ෂා කිරීමකදී සිදුවූවක් යැයි මා සිතුවා.
ඇඳඉහපත් වාර්තාවේ මා මෙලෙස සටහන් කලා.”Hypoglycemic Coma due to low blood sugar level”.මෙය රතු පෑනෙන් සටහන් කොට තිබුණා.
දිගින් දිගටම ඇගේ තත්වය අසාධ්‍ය වන විට එය මැතිව් පීරිස්ට දැන්වූ අතර ඔහුගේ ප්‍රතිචාරයෙහි ශෝක වීමක් හෝ සතුටු වීමක් යන දෙකම දක්නට ලැබුනේ නැහැ.
“ඇය මිය යාවිද?” ඔහු එසේ ඇසුවා.එසේ ඇසීමට කරුණු විමසූ කල සිදුවීම දරුවන්ට දැන්විය යුත් බව ඔහු ප්‍රකාශ කලා.

ඉයුනීස් මිය ගොස් කලකට පසුව වෛද්‍ය වරුන්
සමග කතා බස් කරමින් සිටින විට මෙවන්ම ආකාරයේ ;දෙවගැති වරයෙක් විසින් රෝහල්
ගත කල රෝගියෙක් ගැන දැන ගැනීමට ලැබුණා. වහ වහා ක්‍රියාත්මක වුණ මම 49
වාට්ටුවේ වෛද්‍ය වරුන්;වෛද්‍ය කාන්ති පින්ටෝ මහත්මියට සහ SHO ට පෙර ඇති වූ
තත්වය දැන් වුවා.
රසල් ඉංග්රමි ගේ ඇඳඉහපත් වාර්තාවේ අප සටහනක් යෙදුවා.ඒ වෛද්‍ය වරුන්,ප්‍රතිකාර වලට සම්බන්ධ රෝහල් කාර්යය මණ්ඩලය හෝ පොලිසිය නොවන වෙනත් කිසිවෙකුට රසල් අසල ගැවසීමට ඉඩ නොතබන ලෙසයි.

-තීන්දුව-
සාක්ෂි විමසීමෙන් පසූ විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත් වීම කරණ කොටගෙන විත්ති කරුවන්ට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය තීන්දු කලා.

-අභියාචනය-
තීන්දුවට එරෙහිව 1986 පෙබරවාරි 12 දින අභියාචනාවක් ඉදිරිපත් කළ අතර එහිදී දෙවැනි විත්තිකාරිය ඩැල්රින් ඉංග්‍රම්ට නිදහස ලැබුණු අතර මැතිව් පීරිස් දේවගැතිවරයාට මරණීය දණ්ඩනය එලෙසම තහවුරු විය.කෙසේ වුවද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන තත්වයක් යටතේ මැතීව් පීරිස් ද්වගැති වරයා වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කලා.

මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් යනු එවකට
එංගලන්ත සභාවට අයත් කිංසිපාර පුංචි බොරැල්ල සාන්ත පාවුළු දේවස්ථානයේ
දේවගැතිවරයාය. ඉයුනිස් ලොයිඩ් පීරිස් නම් තම බිරිඳගේ මරණය හා රසල් ඉංග්‍රම්
නැමැති අයගේ මරණයන් සම්බන්ධයෙන් ඔහු වැරැදිකරු වූයේ එලෙසය.
-පසු සිදුවීම්-
එසේ වුව ද යහපත් කල්ක්‍රියාව හා හැසිරීම නිසා 12 වසරක සිර දඬුවමකින් පසුව පොදු සමාවක් ලැබීම හේතුවෙන් දේවගැතිවරයා බන්ධනාගාරයෙන් නිදහස ලැබීය. ඉන් පසු ඩැල්රීන් හා විවාහ වූ ඔහු මොරටුව රාවතාවත්තේ සිය නිවෙසේ ජීවත් විය. 1998 මැයි 12 වැනි දින 79 වැනි වියෙහි සිටියදී මරණයට පත් වූ අතර අවසන් කටයුතු මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානයේදී සිදු කලා.

එවක සීමාවාසික වෛද්‍ය වරයෙක් වූ වෛද්‍ය
ටෙරන්ස් පසුව කොළඹ මහ රෝහල් අධ්යක්ෂ ධූරය ලබා මහ රෝහල ජාතික රෝහල බවට පත්
කිරීමට දායක වුන අතර පසුව සෞක්‍යය සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ
ජනරාල් බවට පත්ව විශ්‍රාම ගත්තා.දැන් ඔහු 63 වන වියෙහි පසු වෙනවා.
(Dr. T.G.Rajah De Silva today)
No comments:
Post a Comment