Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට…..- 05 – “People Vs.Rustin Parr (Mary land – USA)”


(ඇතැමුන් විසින් අප්‍රිය කරන ආකාරයේ සිදුවීම් ඇති බැවින කියවීමේදී ප්‍රවේසම් වන්න)

1940 නොවැම්බර් මස 13 වන දින සය මව සමග නගරයට යනපEmily Hollands ,මව කඩයක බඩු ගනිමින් සිටින අතර අසල පිහිටි සුරතල් සතුන් අලෙවිහලකට යනවා.
පසුව පැමිණි ඇගේ මවට එමිලි ව සොයා ගැනීමට බැරී වීමත් සමග නගරය පුරා පැතිරුණු ලොකු කලබලයක් බවට එය පත් වෙනවා.
මින් මාස 6ක් පමණ කාලය ඇතුළත පහත දරුවන් නගරයෙන් අතුරුදහන් වෙනවා .

– Kyle Brody
– Terra Shelly (1941.01.08)
– Stephan Thompson (1941.02.20)
– Michael Guidry (1941.03.05)
– Eric Norris (1941.03.13)
– Juli Forsyth (1941.04.02)
– Margaret Lowell (1941.05.20)
මෙරිලැන්ඩ් ෂෙරීෆ් ප්‍රමුඛ පොලිසිය විසින් පරීක්ෂණ කරගෙන යමින් සිටින අතරතුර දිනක් නගරයේ මැද මිනිසෙක් විසින් කෑ ගසමින් පවසා සිටියේ දරුවන් 7 දෙනා අතුරුදහන් කර මරා දැමුවේ තමා විසින් බවයි. අහල පහල සිටි සෑම පුද්ගලයෙක් අසලටම ගිය ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියා.
මේ පුද්ගලයා කවුද? එ රස්ටින් පාර්.
(Rustin Parr)
rus3
 
රස්ටින් පාර් කියන්නෙ සිය ජීවිතය පුරාම මේරිලෑන්ඩ් හි වාසය කල කෙනෙක්.කුඩා කලම සිය දෙමාපියන් මියගියෙන් සිය මාමා සහ නැන්දා සමග වාසය කල ඔහු දක්ෂ වඩුවෙක් වූ මාමා ගෙන් වඩු කර්මාන්තය ඉගෙන ගන්නවා.නිවෙස අසල බ්ලැක්හිල් වනයට ඔහු ඉතා ප්‍රිය කලා.දිවියේ 20 වැනි වියේදී ඔහු කැලය තුල කන්ද දෙසට වන්නට මහල් තුනක නිවසක් ඉදිකිරීමට ආරම්භ කරනවා.වසර පහක පමණ ඇවෑමෙන් ඔහු එම ගෘහ කර්මාන්තය අවසාන කරනවා.මොහු පරිසරයට සහ සතුන්ට ඉතාම ආදරය කල අයෙක් බව කියවෙනවා.සතුන්ටද ඔහු හුරු පුරුදු සහ ප්‍රිය කෙනෙක් වුණා.
නැන්දණිය මියි ගිය පසු මාමා බැල්ටිමෝරය බලා ගිය බැවින් රස්ටින් වඩ වඩාත් වණ දිවියට ම හුරු වුනෙන් නගරයට පැමිණියේ මාස කිහිපයකට එක් වතාවක් අත්‍යාවශ්‍ය දෑ මිලයට ගැනීමට පමණි.
මින් අනතුරුව සිදු වුනු දෑ ඔහු ,ෂෙරීෆ් වරයා හමු වේපමෙසේ ප්‍රකාශ කොට තිබෙනවා.
“මා වනයේ දිවි ගෙවූ කෙනෙක්. වණයේ ඇවිදීමට ඉතාම ප්‍රිය කලා.දිනක් රාත්‍රියේ වණයේ ඇවිදිමින් සිටින විට මා දුටුවා කළු ලෝගුවක් හැඳ ඉන්ම හිස වසා ගත් කාන්තාවක් මා හරහා මා පසු කොට ගියා. මා ඇයට කතා කලද පිළිතුරු නොදුන් ඇය නොපෙනී ගියා..ඇගේ මුහුණ මා කිසි දිනෙක් දුටුවේ නෑ.එය නිතරම වැසී තිබුණා.සිදු වූ දෙය මට සිතා ගත නොහැකි වුණා.එය අමතකව ගොස් කලකින් නැවත මා දිනක් ඈව දුටුවා. (මෙම කාන්තාව “බ්ලෙයා විච් ” නමින් හැඳින්වුණ ,කලකට පෙර සිය නිවසින් පන්නා දැමූ යක්දෙස්සිය බව පැවසෙනවා.ඇය විසින් කල බ්ලෙයා විච් සාපය කුප්‍රකට ජනප්‍රවාදයක්) මින් පසු ඇය දහවලේදී පවා මට පෙනී සිටින්නට වුණා.ඇගේ මහලු රළු කටහඬ මට ඇසෙන්නට වුණා.ඇය මට විවිධ විධාන දුන්නා. දෙවරක් නොසිතාම මම ඒවා ඉෂ්ඨ කරන්න පෙළඹුණා.මා ඉතා ආදරය කල මට ඉතා ආදරය කල වන සතුන් ඉන් පසූ මා අසලටවත් පැමිණියෙ නෑ.මා දකින විටත් උන් පැන දුවන තත්වයක් ඇති වුණා.මෙසේ ඉන්න විට 1940 නොවැම්බර් 13 දින ඇය මට නියෝග කලා නගරයට ගොස් දකින පළමු ළමයා රැගෙන එන ලෙසට. (බ්ලෙයා විච් ජනප්‍රවාදයට අනුව මෙම යක්දෙස්සිය නිවසින් පිටුවාහල් කර දුමඅවේ 1786 නොවැම්බර් මස බව කියවෙනවා ) ඉතිං මම නගරයට ගොස් පළමුවෙන් දුටු ගැහැණු ළමයාට රසකැවිලි කිහිපයක් ලබා දී මගේ නිවසට ගෙන ආවා.ගෙනැවිත් බිම් මහලේ සිර කලා.මෙසේ ඇය විසින් විධාන කල හැම අවස්ථාවකදීම මම දරුවන් රැගෙන ආවා.ඇගේ විධානය අනුව මම දරුවන් මරා දැම්මා.දිනක් ලෝගුව ඇඳගත් කාන්තාව මට පෙණි සිට කීවා උඹව නිදහස් කරනවා ..ඊට පෙර නගරයට ගොස් උඹ කල දෙය කෑ ගසා කිව යුතු බව..ඒ අනුව මම නගරයට ගොස් මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් රැස් වෙන තැනක කෑ ගසා මා විසින් කල දෙය පවසා සිටියා………”

rus2
 කුමක් හෝ හේතුවකට මොහු විසින් රඳවා ගෙන සිටි Kyle Brod නමි දරුවා මොහු විසින් මරා දැමුවේ නැහැ.
රස්ටින්,අනෙක් දරුවන් මරා දැමීමෙන් පසුව කයිල් ව නිදිහස් කරනවා.එක් ගැහැණු දරැවෙක් මරා දමන අවස්ථාවේ කයිල් එතැන සිට තිබෙණවා.
සිද්ධිය හෙලි වීමත් සමග පැය 4ක ගමනකින් පසු පොලිසිය බ්ලැක්හිල් වනයේ කන්ද පෙදෙසට වන්නට පිහිටි රස්ටින් ගේ නිවස සොයා ගන්නවා.එහි බිම් මහලේ දරුවන් වළ දමා තිබූ තැනද ඔවුන් සොයා ගන්නවා.
– නඩුව සහ සාක්ෂි –
1941 ජූලි 17 දින දරුවන් හත් දෙනෙක් මරා දැමීමේ අධි චෝදනා යටතේ රස්ටින්ට නඩු පවරණ අතර ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි විමසනවා.
මෙහිදී Kyle Brod නම් දරුවා පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවනවා.

rus5
 

පැමිණිල්ල මෙහෙයවූ Fair නම් නීතීඥයා ඉදිරියේ ඔහු විසින් කල සාක්ෂිය මෙසේ සටහන් කොට තිබෙණවා.
F – නීතීඥ Fair                                              K – කයිල්
 
F- ඔබ බිමි මහලේ කොතැනද සිටියේ? K – ඇතුළු වන තැන දොර පැත්තට වන්නට. F – ඉන් පසු කුමක්ද වුණේ? K – එයා කිවුවා මට බිම්මහලේ එහා කෙළවරට ගොස් බිත්තිය පැත්තට මූණ හරවන් ඉන්න කියලා.මම එහෙම ඉද්දි මට ඇහුණා ගැහැණු ළමයෙක් විලාප දෙන සද්දෙ.මං හොරෙන් හැරිලා බැලුවා.එයා එ ළමයගේ මූණෙ මොනවදෝ සළකුණු කපමින් සිටියා. F – කයිල්…, එහෙම කරපු කෙනා මේ අධිකරණයේ ඉන්නවද?
කයිල් හිස මනා “ඔවු” යැයි අඟවයි.
F – කෝ අපට පෙන්වන්න
කයිල් රස්ටින් දෙසට අත දිගු කර පෙන්වනවා. සාක්ෂි කරු විසින් චූදිතයා හඳුනා ගත් ලෙසට සටහන් කර ගන්නා ලෙස නීතීඥයා පවසනවා.
F – ඊට පස්සෙ මොකද වුනේ? K – එයා එක එක දේවල් කිවුවා. F – එක එක දේවල් කිවුවෙ?! K – ඔයාට ඇහුණද ඒ ගෑණි කියපු දේවල්….ඔයාට ඒ ගෑණිගෙ කටහඬ ඇහුනද …වගේ දේවල් F – ඔයා දැනගෙන හිටියද ඒ කියන්නෙ මොකක් ගැනද කියලා. K – නෑ. F – ඔයා බිම් මහලේ ගැහැණියක් ඉන්නවා දැක්කද? K – නෑල F – ඊට පස්සෙ මොකද වුණේ? K – එයා ඒ ගෑණු ළමයගෙ බඩ කැපුවා..කපලා ඇතුලෙ තිබ්බ දේවල් එලියට ඇදලා ගත්තා.ඉන් පස්සෙ ළමයව ඇරං ගියා. සෑහෙන වෙළාවකට පස්සෙ ඇවිත් මට කිවුවා දුක් වෙන්න එපා කියලා….”

– තීන්දුව – සමස්ත සාක්ෂි විමසිමෙන් පසුව ජූරිය රුස් වුණා.ජූරිය විසින් රස්ටින් පාර්
චෝදනා වලට වැරදි කරු බව ඒකමතිකව තීන්දු කොට තිබුණා.
මෙහිදී රස්ටින් සිය ගැලවීමට කිසි දෙයක් නොකියූ අතර මරණයන් සියල්ල මහලු කාන්තාවගේ අණ පරිදි සිදු කල බව පවසා දරුවන් ගේ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා සිටියා.
මේ අනුව අධිකරණය විසින් රස්ටින් පාර් වැරදි කරු කොට මරණීය දණ්ඩනය ලබා දුන්නා.
1941 නොවැම්බර් 22 දින රස්ටින්ව එල්ලා මරා දමනු ලැබුවා.

rus1
 – පසු සිදුවීම්-
කෝපයට පත් පිරිස් විසින් රස්ටින්ගේ වනගත නිවෙස ගිණි තබනු ලැබුවා.
තීන්දුව පිළිබඳ විවේචන එල්ල නොවුනාද නොවේ.එනම් රස්ටින් යන් මානසික අසංතුලිතතාවයකින් පෙළුන අයෙක් බවත් ,එවන් අයෙක් සිදු කල දෑ සිහියෙන් යුතුව නොකල බවත් මරණීය දණ්ඩනය දීම නොසුදුසු බවත්ය.
තවද Kyle Brod ව නිදහස් කිරීමද ගැටළු සහගත වුණා.කයිල් සම්බන්ධවද පසුව විවිධ මත ඉදිරිපත්පවුණා.එනම් කයිල් මෙම සිදු වීමෙන් පසු කලෙක මානසික අසංතුලිතතාවයන්ට ලක්ව නේවාසික මානසික ප්‍රතිකාර ගැනීමට සිදු වුණා.

rus6
 සාක්ෂි දෙන අවස්තාවේ ඔහු කුමන මානසික තත්වයක පසු වූවාද යන්න ගැටළු සහගත වුණා.එමෙන්ම ඇතමුන් පවසා සිටියේ මරණ වලට කයිල්ද කුමන හෝ අයුරකින් දායක වී ඇති බවයි.
ඒ කෙසේ වුවද චූදිත රස්ටින් විසින් වැරදි සියල්ල පිලි ගැනීම නිසා ඔහුගේ ඉරණම එලෙසින් විසඳුනා.
මෙම කතාවට සත්‍ය වශයෙන් සම්බන්ධ වන හෝ හුදෙක් මනෝවිපරීතයක් ලෙස කතාවට ඈඳෙන බ්ලෙයා විච් ශාපය ශතක ගණනාවක් තිස්සේ එම ප්‍රදේශය අනියත බියකින් ඇලලීමට සමත් වූ කුප්‍රකට ශාපයක්.

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters