භාරතයේ විත්ති - 37 - යක්ෂයාගේ මාවත්


යක්ෂයාගේ මාවත් කියලා කියන්නෙ ඉන්දියාවෙ තියෙන අතිෂය දුෂ්කර, ගමන් කිරීම අතිෂය දුෂ්කර කාර්‍යයක් වන, භයානක, පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් මරණයෙන් කෙළවර වන පාරවල් කිහිපයක් ගැන...

මිහිපිට ඇති අතිෂය දුෂ්කර පාරවල් ලෙස නම්කොට තියෙන පාරවල් වලින් විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙ තියෙනවා...
මේ පාරවල් සියල්ලම උතුරු ඉන්දියාවේ ඉහලම ප්‍රදේශ වන හිමාචල් ප්‍රදේශ්, ජම්මු කෂ්මීර්, සික්කීම් වගේ උස් කදු පිහිටි ප්‍රාන්ත වල...

මින් එකක සංචාරය කරන්න මම නම් වාසනාවන්ත වුණා.. දැන් වාසනාවක් විදිහට හිතුවත් ඒ පාරෙ සමහර තැන් පහු කරන් යද්දි ඇති වුණ බිය ගැන නම් මෙතෙකැයි කියන්න බෑ... ඒ තමයි මනාලි ඉදලා ලදාක් වල ලේ අග නුවර වෙත යන ලේ - මනාලි හයි වේ එක... හයි වේ කිවුවට අපේ හයි වේ හිතට නගා ගන්න එපා... ඒක ගල් ගැලවිලා ගිය, මඩගොඩවල් තියෙන සමහර තැන් වල මහා දිය පාරවල් පාර හරහා ගලන පාරක්..
හිතන්න සීඝ්‍ර බෑවුමක් අයිනේ තිබෙන පාරක්..එක පැත්තකින් මහා ප්‍රපාතයක්, අනිත් පැත්තෙන් ගල් පාරට ගැලවී ගැලවී වැටෙන කන්දක් තියෙන පාරක් ගැන...එහෙම පාරක් තමයි ඒක.. ලදාක් යනකොටත්, ආපහු එනකොටත් අපේ ගමන ප්‍රමාද වෙන්න හේතු වුනා ගල් ගැලවිලා පාරට වැටෙන එක සහ ඒවා සුද්ද කරනකල් ඉන්න වුණ එක.. එක තැනක විශාල ජල පහරකට හසු වෙලා පාලමක් කැඩිලා ඒක පිලිසකර කරනකල් ඉන්න වුණා..
ඉතිං මේ කියන්න යන්නෙ එහෙම පාරවල් කිහිපයක් ගැන.. මේකෙ කියවෙන සමහර තැන් ලේ - මනාලි හයි වේ එකේම කොටස්.. මමත් ගිහින් තියෙන නිසා ඉස්සෙල්ලම ඒකෙන්ම පටං ගන්නම්...

01.ලේ - මනාලි හයිවේ 














හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනාලි වලින් පටං ගන්න මේ පාර කිලෝමීටර් 479 ක් ගෙවලා ඉවර වෙන්නෙ ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ ලදාක් කලාපයේ අගනුවර වෙන 'ලේ' නගරයෙන්..මෙය ලෝකයේ වැසිම උසකින් පිහිටි මහාමර්හ වලින් එකක්..ඇතැම් කොටස් මූදු මට්ටමින් මීටර් 4000 සිට 5000+ උසකින් පිහිටා තිබෙනවා...මෙය ඉහතිනුත් සදහන් කලා වගේ අතිෂය දුෂ්කර ස්ථාන පහු කරන්න වෙන සීතල ලදාක් කදු කාන්තාරය මැදින් දිවෙන මේ පාර විටෙක සුන්දර, විටෙක භයානල සමස්‍ථයක් වශයෙන් සංචාරකයන් අතර ජනප්‍රිය මාර්ගයක්.. පා පැදි වලින් සහ මෝටර් සයිකල් වලින් මේ සම්පූර්ණ දුරම ගෙවා දමන සංචාරකයන් සිටිනවා කිවුවොත් පුදුම වෙන්න එපා...මේ පාර මාස හයක් වහන්නෙ අධික හිම පතනය නිසා... ඉතිරි මාස හයෙන් වැඩි කොටසක් වැය වෙනවා දිය වෙලා යන හිම සමග කැඩී බිදී යන පාර පිලිසකර කරන්න... අධික හිමපතනයත්, දිය වෙනකොට සිදුවන ඛාදනය නිසා සිදුවන වෙනස් වීමුත් නිසා මේ පාර සහ අවට කදු වැටි නිතර වෙනස් වෙන ඒවා..මාර්ගයේ වැඩිකොටසක් චන්ද්‍රභාගා නදියට සමාන්තරව දිවෙනවා.

02.රොටෑං පාස්







මේ තමයි මනාලි වලින් පටං ගත්තම  ලේ - මනාලි හයිවේ එකේ ඉස්සෙල්ලම හම්බ වෙන අතිෂය දුෂ්කර කොටස.. මූදු මට්ටමින් මීටර් 3979 ක් ඉහල හිමාලය කදු පන්තියේ 'පිර් පංජල්' කලාපයේ   සීඝ්‍ර බෑවුමක, කැඩී ගිය ගල් සහ මඩ සහිත පාරක් වෙන මෙය දහ අට වංගුව මොකක්ද කියලා හිතෙන භයානක වංගු රාශියකින් පිරිච්ච කොටසක්... හිම වැටෙන කාලයට එය අතිෂය භයානක ප්‍රදේශයක් වුනාට සංචාරකයන්ට නම් පාරාදීසයක් සහ බොලිවුඩ් සිනමාපට රාශියකට දර්ශණ තල සැපයූ ප්‍රදේශයක්.
මරණයේ නිම්නය ලෙස මෙම ප්‍රදේශය නම් කිරීමට හේතුවන්නෙ රිය අනතුරු වලින් මිය යන ප්‍රමාණයත් , මහාමාර්ගය ඉදිකිරීමේදී හා පිලිසකර කිරීම් වලදී මිය ගිය පිරිස අධික වන බැවිනි.
මෙය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා.
ලදාක් සිට නැවත මනාලි එන ගමනේදී හවස හයට පමණ අධික මීදුමින් වැසීගත් මාර්ගයේ , බස් රියදුරා හැටට හැටේ රොටාං පාස් පහු කරන විට ඇති වුණ හැඟීමට මගේ මිතුරාත් සාක්ශ්හි දරාවි

මෙය ගැන වෙනම ලිපියක් මීට පෙර ලියා තිබෙනවා..
https://thearchive123.blogspot.com/2017/09/18.html

03.කාර්දුංලා පාස්

ඉන්දියාව තුල වැඩිම උසකින් පිහිටි මාර්ගය ලෙස සලකන්නෙ මේ මාර්ගයයි, එය මූදු මට්ටමින් මීටර් 5602 ක් ඉහලින් පිහිටා තිබෙන සීඝ්‍ර බෑවුම් සහිත කාලයකට  හිමපතනයෙන් සම්පූර්ණයෙන්ම වැසී යන  මාර්ගයක්..

04.චං ලා පාස්
ඉන්දියාවේ ඉහලින්ම තියෙන මහාමාර්ග අතර තුන් වැනි ස්ථානය දරන්නේ මෙයයි.එය මූදු මට්ටමින් මීටර 5360ක් ඉහලින්  ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ ලදාක් කලාපයේ හිමාලය කලාපයේ පිහිටා තිබෙනවා..මෙහි අධික රිය අනතුරු සහ ජීවිත අහිමි වීම් ප්‍රමාණයක් වාර්තා වෙන කලාපයක්.

05.ස්පිටි නිම්නය

මිහිපිට වඩා ඉහලින්ම පිහිටි මිනිසුන් වාසය කරන ජනාවාස තිබෙන්නේ ස්පිටි නිම්නය  හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලාහෝල් සහ ස්පිටි දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන්නේ මූදු මට්ටමින් මීටර 3800ක් ඉහලින්.ස්පිටි නදිය අසලින් මෙම නිම්නයේ ගමන් ගන්නා මාර්ගය අතිෂය දුෂ්කර , පටු මාර්ගයක්. මෙය සංචාරකයන් අතර අතිෂය ජනප්‍රිය, හිමපතන කාල වලදී අති සුන්දර ප්‍රදේශයක්.

06. සොජී ලා පාස් 

මෙයනම් දැක්කත් ඇග හිරි වැටී යන මාර්ගයක්. මේ මාර්ගයේ යන වාහන දෙකක් එකක් අනික පහු කරන් යන්නේ කෙසේදැය් යන්න හිතීමත් මහ රෑ දකින භයානක හීනයක් වගේ හැගීමක් දනවන්නක්..ඇතැම් ස්ථාන වල අංශක 180 ක් පමණ බෑවුම් සහිත කදු වැටියක බෑවුම කපා මෙම මාර්ගය සකස් කර තිබෙනවා..සොජී ලා පාස් හමු වන්නේ ලේ - ශ්‍රී නගර් හයි වේ එකේ ..එය මූදු මට්ටමින් මීටර 3'538ක් ඉහලින් පිහිටා තිබෙනවා, ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ . මෙහි භයානක කම වැඩි කරන්නෙ වර්ෂය පුරාම මේ කලාපයට ඇද වැටෙන මහ වැසි.. මාර්ගය කොයි වෙලේ, කොතැනින් ගැලවි යාවිද, උඩින් තියෙන බෑවුමේ පස් සහ ගල් ගැලවී කොයි වෙලේ මාර්ගයට වැටෙව්ද යන්න දන්නේ දෙවියන් පමණි...

07.කින්නෞර් මාර්ගය 





සෝජිලා පාස් වගේම මෙයත් සීඝ්‍ර බෑවුම් සහිත් කන්දක් කපා නිර්මාණය කල පාරක්.එය මූදු මට්ටමින් මීටර 4000ක් පමණ ඉහලින් , හිමාච්ල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කින්නෞර් දිස්ත්‍රික්කයේ , බස්පා නදියට සමාන්තරව පිහිටා තිබෙනවා..මෙම මාර්ගයේ ඇතැම් කොටස් වල ඉහල බෑවුමෙන් වැටෙන දියපහරවල් පසු කරමින් යන්න සිදු වෙනවා..

08.නතුලා පාස්



පරණ සේද මාවත නමින් හැදින්වෙන මෙම මාර්ගය ඉන්දු චීන දේශ සීමාවේ මූදු මට්ටමින් මීටර 4'310ක් ඉහලින් සික්කීම් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා..මෙම මාර්ගය දිගින් කිලෝමීටර 54ක් වෙනවා..හිමෙන් වැසී යන කාලයට අතිෂය භයානක, වංගු සහිත මාර්ගයකි මෙය.

09.NH 22

හර්‍යානා ප්‍රාන්තයේ අම්බාලා දිස්ත්‍රික්කයෙන් චන්ද්වා වලින් ආරම්භ වන මෙම මාර්ගය දිගින් කිලෝමීටර 285ක් දුර ගෙවා හිමාලය කලාපයට පිවිසෙනවා. අබලං වී ගිය මාර්ගය හා පාලම් සහ ඇතැම් ස්ථාන වල පසු කිරීමට සිදුවන සිඝ්‍ර බෑවුම් මෙම මාර්ගය දුෂ්කර කරන්න සමත් වෙනවා...

10. Three level zig zag road


ඉන්දියාවේ ස්වාභාවික රෝලකෝස්ටරය ලෙස හදුන්වන මෙම මාර්ගය මිහිපිට ඇති විශාලම වංගු ප්‍රමාණයක් සහිත මාර්ගයදෝයි සිතෙනවා.. ඒ ගැන වාර්තාවක් සොයා ගන්න අපහසු වුනා..
මෙම දුෂ්කර මුත් අලංකාර මාර්ගය සික්කීම් ප්‍රාන්තයේ මූදු මට්ටමින් අඩි 11'200 ක් ඉහලින් පිහිටා තිබෙනවා..
මෙම මාර්ගයේ යන්නනම් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසු ලබා දෙන විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා..භයානක සහ තරණය කිරීමට තිබෙන අපහසුව එයින්ම සිතා ගන්න...

11.කිශ්ට්වාර් කෛලාශ් මාර්ගය

මෙය ගැන වෙනම ලිපියක් මීට පෙර ලියා තිබෙනවා..
https://thearchive123.blogspot.com/2017/08/17.html

ඉතින් මේ භයානක පාරවල් වලින් එකක යන්න තරම් මට භාග්‍යයක් තිබුණා..සමහර විට මෙය කියවන සමහරුත් ගිහින් ඇති..එක වරක් හෝ මින් එකක යන්න උත්සාහ කරන්න..
මාර්ග වල ස්වරූපය වටහා ගැනීමටනම් චායාරූප නැරඹිය යුතුමයි...

නැවත හමු වෙමු.

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters