ජුග්රාෆියා



මේ දවස් වල ඉන්දියාවෙයි, මෙහෙ හින්දි සිනමා /ගීත රසිකයන් අතරෙයි අතිෂය ජනප්‍රිය ගීයක් ගැන.. ඒ තමයි ජුග්රාෆියා...
මේ ගීතය තියෙන්නෙ Super 30 ෆිල්ම් එකේ..දුෂ්කර ගමක ළමයි 30 දෙනෙක් ඉදියාවෙ ඉහලම ඉංජිනේරු ආයතනයක් වන IIT හි විභාගය සමත් කරවීම සදහා කැපවුණ දක්ෂ ගණිතයෙක් ගැන කියවෙන (සත්‍ය කතාවක් ඇසුරෙන් තැණුන) ෆිල්ම් එකක් මේක.. රිලීස් වෙන්නෙ මේ මාසෙ දොලොස් වෙනිදා.. හැබැයි මේ ගීය නම් දැනටම හොදටම අවධානය දිනාගෙන ඉවරයි...
අවුරුදු ගාණකට පස්සෙ උදිත් නාරායන් ප්ලේබැක් කරනවා,ශ්‍රෙයා ඝෝශාල් එක්ක ..අනේ මගෙ ප්‍රාර්ථනාව ආපහු මියුසික් ඩිරෙක්ටර් ලා උදිත්ව ඉන්ඩස්ට්‍රි එකේ ඇක්ටිව් කරන එක... ඒ සුසංයෝගය කියලා වැඩක් නෑ..උදිත්ගෙ කටහඩ 90 ගණං වල ඇහික්ච්ච හඩට වඩා බිංදුවක්වත් වෙනස් වෙලා නෑ..ශ්‍රෙයා ගැන නම් මොනවටද අමුතු අටුවා ටීකා...
ඒකටම හරියන අජේ-අතුල්ගෙ සංගීතය..මේ දවස් වල නිතරම මගේ ඔලුවේ ඇතුලෙ ඇහෙන්නෙ ඒකෙ මැන්ඩලීන් සද්දෙ..
සිංදුව අහලම බලන්න.. අමිතාබ් භට්ටාචාර්‍ය ගේ පද ඉතාම සරල තේරුමක් තියෙන ඒවා.. ඔන්න පල්ලෙහා තේරුම එක්කම දාලා තියෙනවා...
ජුග්රාෆියා කියන්නෙ ජියොග්‍රැෆි කියන එක හින්දී ඌරුවට හරවගෙන තියෙන හැටි.. ජුග්‍රාෆියා කියන වචනයෙ හින්දියෙන් පරිසරය වගේ අර්ථයන් දෙන්න පාවිච්චි කරනවා.. මේ හින්දි පාඩමක් නෙමේ ඉතිං...
මේ අවුරුද්දෙ දැනට ආපු ඒවා එක්ක බැලුවම ඔන්න මම කැට තියනවා
හොදම ගායකයා, ගායිකාව, පද රචනය, සංගීතය, ගීතය කියන සම්මාන දිනා ගන්න 90%ක් ඉඩ තියෙනවා...

जबसे हुआ तेरे नज़दीक है
दिल के मोहल्ले में सब ठीक है//
ජබ්සෙ හුවා තේරේ නස්දීක් හේ
දිල්කෙ මොහල්ලෙමෙ සබ් ඨීක් හේ//


ज़रा सा किताबों में कम ध्यान है
ज़्यादा तेरे खयालों में है
तुझसे जो मिलके मज़ा है
कहाँ वो गणित के सवालों में है
සරාසා කිතාබෝමෙ කම් ධ්‍යාන් හේ
ස්‍යාදා තේරී ඛයාලෝමෙ හේ
තුජ්සෙ ජො මිල්කේ මසා හේ
කහා වෝ ගණිත්කේ සවාලෝමෙ හේ


करके गुस्ताख़ियाँ माँगे ना माफ़ियाँ
तेरी चाहत ने बदला मेरे दिल का जुगराफ़िया
කර්කේ ගුස්සාඛියා මාංගේ නා මාෆියා
තේරී චාහත් නෙ බද්ලා මෙරේ
දිල්කා ජුග්රාෆියා


पर लेके जाऊँगा
समोसे गरम खिलाऊँगा मैं, कर वादा शनिवार को
भगवान के भरोसे छोड़के समोसे
भूल जाए सोमवार को

तेरे लिए घर से निकलती हूँ
जब कहता है मिलती हूँ, घरवालों से छुपके तुझे
परवाह नहीं है मेरी, ज़्यादती है तेरी
क्या समझ रखा है प्यार को

හේ සයිකල් පර් ලෙකෙ ජවුංගා
සමෝසෙ ඝරම් කිලාවූංගා
මැයි කර් වාදා ශනිවාර් කෝ
භග්වාන්පේ භරෝසේ
චෝඩ් කේ සමෝසේ
භුල් ජායෙ සෝම්වාර් කෝ

තෙරෙ ලියෙ ඝර් සෙ නිකල්තිහූ
ජබ් කැහෙතහෙ මිල්තීහු
ඝර්වාලෝසෙ චුප්කේ තුජේ
පර්වා නහී හෙ මේරි
ස්‍යාද්තීහේ තේරී
ක්‍යා සමජ් රක්කා හේ ප්‍යාර්කෝ

तुझे किस तरह बताऊँ मैं कितना ज़रूरी तेरा प्यार है
मेरे अंधियारे से जीवन में तू ही सफ़ेदी की चमकार है
තුජෙ කිස් තර්හා බතාදූ මෑ කිත්නා
සරූරී තෙරා ප්‍යාර් හේ
මෙරි අන්ධියාරේ සෙ ජීවන්මෙ
තූහි සෆේදීකි චන්කාර් හේ

කර්කේ ගුස්සාඛියා..........


ජග්කො මෑ ජීනීයස් ලග්තාහු
චැහෙරෙපෙ සීරියස් ලග්තාහු
අන්දර් සෙ දිල් ඵේක් හූ
මානා හු චෝට් ඝර්කා
ජේබ් සේ හූ කර්කා
ලඩ්කා මෑ බඩාහි නේක් හූ

තෙරේ චැහෙරෙපේ සාරේ මර්තේ හේ
බාකී ලඩ්කේ භි වාදේ කර්තෙහේ
ලේකින් නිභාතේ නහී
මෝකේපෙ කාම් ආයේ
වාදා ජෝ නිභායේ
ඒක්ලෝතා මෑහී ඒක් හූ

මත් ඝබ්රානා මුහූරත් හමාරේ
මිලන්කා නිකට් හේ පියා
බස් එක් ගුග්ලීසේ පාපා කා තුජ්සේ
ගිරානා විකට් හේ පියා

කර්කේ ගුස්සාඛියා.........

තේරුම
ඔබ සමීප වූ දා සිට මුලු හදවතම යහපත් තත්ත්වයට පත්ව ඇත..
චූට්ටක් පොත් වලට තියෙන අවධානය අඩු වෙලා ඒ වෙනුවට ඔබ ගැනම සිතමින් සිටිමි
ඔබ ගැන සිතන විට ලැබෙන වින්දනය ගණිත ගැටලු වලින් කොහෙ ලැබෙනවද?
(මේ හද )මාව තරහ ගස්වයි..එහෙත් සමාවක් නම් නොඅයදියි
ඔබේ ආදරය මගේ හදවතේ පරිසරය (geography ) සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත...
ශනිදාට ඔබව සයික්ලයේ තබාගෙන ගිස්
උණු උණු සමෝසා රැගෙන දෙන්නම්
දෙවියන්ගේ නාමයට සදුදා වෙනකොට සමෝසා අමතක කරන්න
ඔබ වෙනුවෙන් ගෙදර අයට හොරෙන්
ඕනෑම වෙලාවක එන්නම්
එහෙත් ඔබ මා ගැන තකන්නෙ නැත
ආදරය කුමක් යැයි සිතා සිටින්නේද?
ඔබේ ආදරය කොතරම් වටීදැයි
මා කෙසේ පැහැදිලි කරන්නද?
අදුරෙන් පිරි මගේ දිවියේ
එකම බැබලෙන ආලෝකය ඔබේ ආදරයයි...
(මේ හද )මාව තරහ ගස්වයි..එහෙත් සමාවක් නම් නොඅයදියි
ඔබේ ආදරය මගේ හදවතේ පරිසරය (geography ) සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත...
ලෝකයා සිතන්නෙ මම genius කෙනෙක් කියලා
මගේ මූණත් ඒකටම හරියන්න සීරියස් පෙනුමක් තියෙන්නෙ
ඒත් හදවත ඇතුලෙන් හරිම මෘදුයි
මා පොහොසත් නැති වුවත්
පසුම්භියේ මුදල් නැති වුණත්
හොද කොල්ලෙක්මි
අනිත් කොල්ලොත් ඔයා වෙනුවෙන් මැරෙනවා කියා බොරු පොරොන්දු දෙයි
ඒත්
ඒවා ඉටු කරන කෙනෙක්ට ඉන්නෙ
මමම විතරයි
බය නොවී සිටින්න අපගේ එක්වීමේ මුහුර්තය දැන් ඉතාම ලගය
ඔයාට තව එකම එක බෝලෙකින් තාත්තගේ විකට් එක අවුට් කරන එක විතරයි තියෙන්නෙ ...
(මේ හද )මාව තරහ ගස්වයි..එහෙත් සමාවක් නම් නොඅයදියි
ඔබේ ආදරය මගේ හදවතේ පරිසරය (geography ) සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත...

https://www.youtube.com/watch?v=5EOoR6i1Jjg

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters