කොළඹ වීදියකදී - 08 - "කොළඹ මහ ගෙදර"




කොළඹ මහගෙදර මොකක්ද කියලා ඇහුවොත් මතක් වෙන්න ඕනෙ එකයි...ඒ තමයි කොළඹ නගරයේ පාලනය බාර කොළඹ මහ නගර සභාවට නිවස්නය වන නගරශාලාව....

 මේ නගරශාලාව කොළඹට කොහොම land mark එකක්ද කියනවනම් ඒ අවට ප්‍රදේශය "පුරහල/Town hall "නමින් හඳුන්වන බව කොළඹ යන එන කොළඹ ගැන දන්න අයට අමුතුවෙන්ම කියන්න ඕන නැහැනෙ.

ටවුන් හෝල් කියන්නෙ මම අවුරුද්දෙ දින 365,  95%ක්ම ඉන්න ප්‍රදේශය... 
කාටවත් හිතුනද කොළඹ නගර ශාලාවේ ඉතිහාසය ටිකක් හොයලා බලන්න ...හිතිච්ච අයත් ඇති.හොයලා බලපු අයත් ඇති.මේ කියන්න යන්නෙ කොළඹ නගරශාලාවේ ඉතිහාසය ගැන ටිකක්.

නගරශාලාව කුරුඳුවත්තේ පිහිටුවීමට පෙර නගර සභිකයන් රැස්වුනේ පිටකොටුව කෙලින් වීදියේ පිහිටි පැරණි නගරශාලාවේය..(එය ගැන වෙනම ලිපියකින්)..
වසර සියයකට ආසන්න කාලයක් නගරසභිකයන් රැස් වුනේ එම පැරණි නගර ශාලාවේය.
                                                                     (Old Town Hall, Pettah)

1921 දී ලොකප්‍රකට ,ස්කොට්ලන්ත ජාතික නගර නිර්මාණ ශිල්පියෙක් වුන පැට්‍රික් ගෙඩ්සේ මහතාගේ නිර්දේශයක් වුනා නගර ශාලාව කොළඹ නගර මධ්‍යයේ වඩාත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලක පිහිටවිය යුතු බව..එහි සභාශාලාවක්,නගරාධිපති කාර්යාලයක්,මහජන කාර්යාලයක්,පුස්ථකාලයක් යන අංග ඇතුළත් විය යුතු බවත් ඔහු නිර්දේශ කලා..

මෙම නිර්දේශය අනුව යමින් 1922 දී ජාත්‍යන්තර තරගයක් පැවැත්වුවා කොළඹ නගරශාලාව සඳහා සුදුසු සැළසුමක් තෝරා ගැනීමට ...ලැබුණු සැළසුම් 32කින් ජයග්‍රහණය ලැබුනේ ගෘහ නිර්මාණ ශිල්පී S.J.Edwards මයා විසින් Ralph Boot. & Co. වෙනුවෙන් ඉදිරිපත් කල සැළසුමයි.



 මෙම සැළසුම සඳහා ජයග්‍රහණය ලබා දෙමින් පොදු වැඩ දෙපාර්තමේන්තුවේ රජයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී Austin Woodsen මහතා මෙසේ සටහන් කෙරවා..

.."The buildings are admirably laid out on the site; the outbuildings are well secluded, but very accessible. The main building stands out prominently and would command pleasing views from all angles. The connecting roads are well laid out. The details and plans are excellently drawn, and illustrate in an artistic manner a most striking and effective design." On the ground floor the corridors are straightforward, direct and well lighted. The general disposition of the departments and rooms is excellent and most convenient for access, circulation and inter-communicable both for the public and staff. On the upper floors, the offices are admirably arranged. The Council chamber is a magnificent apartment with ample accommodation for the public provided in an elevated gallery." "This provision gains many favourable points for this design. The elevations are very dignified and refined. The perspective view shows a very impressive group of buildings crowned by a dome and tower of fine proportions. The details and plans are excellently drawn, and illustrate in an artistic manner a most striking and effective design"

එවක කොළඹ නගරාධිපති වූ Thomas Reid මහතා විසින් 1924 මැයි 25 දින මුල්ගල තබනු ලැබීමෙන් ඇරඹුන ගොඩනැගිල්ල සිවු වසකට පසුව 1928 අගෝස්තු 09 දින ලංකා ආණ්ඩුකාර Sir Herbert Stanley මයා විසින් විවෘත කිරීමට යෙදුනා.


නගරශාලාව සෑදීමට මධ්‍යම රජයෙන් ණය නොගෙන සභාවේ ආදායමෙන්ම වැය කිරීම නිසා කලක් ගත වන තුරු සභාවේ මූල්‍යතත්වයට එය බලපෑ බව සඳහන් වෙනවා..
නගරශාලාවේ පිටත පෙනුම ඇමෙරිකාවේ Washington D. හි Capital Building හි පිටත පෙනුමට සමාන වෙනවා.
                                         (Capital Building,Washington DC)

ගොඩනැගිල්ල මධ්‍යයයේ පළමු මහලෙහි සභාශාලාව පිහිටා තිබෙනවා.
සෑම පසෙකින්ම අහසට විවෘත මිදුලක් විවිධ දෙපාර්තමේන්තු වලින් වටවී පිහිටා තිබෙනවා.

                             (මැද මිදුල්)



ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව විහාරමහාදේවී උද්‍යානය දෙසට පිහිටන අතර කාර්යමණ්ඩල දොරටු දෙකක්ද වෙනවා.
                                      (Main entrance)

ගොඩනැගිල්ලේ පළලින් අඩු දිශා දෙකෙහි ග්‍රීක/රෝම ලක්ෂණ ගත් අඩි 38ක් උස කුළුණු 6ක්ද අනිත් පැති දෙකෙහි කුළුණු 10 බැගින්ද පිහිටනවා..
කාලාන්තරයක් තිස්සේ විවිධ වෙනස්කම් සිදු වුවද ඇතැම් කොටස් මුල්ස්වරූපයෙන්ම පවතිනවා..උදාහරණ ලෙස දොර ජනෙල්..ලාම්පු...ලීබඩු..සභාශාලාව...යනාදිය දැක්විය හැකියි...



කොළඹ වීදියකදී නැවත හමුවෙමු
 - Amila -


Gallery
                               (New Town Hall structure kept at Old Town Hall)

3 comments:

  1. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරැවා ... අවුරැදු 15 ක් කොළඹ රස්තියාදු වෙලා ... ඉස්කෝලෙ ඉදං හූවක දුරිං තිබිලත් මේ බස් හෝල්ට් එක කිට්ටුව බස් වලට සතිය පුරා නැගල තාමත් නගර සභාවට ගිහිං නෑ ... 😕

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters