Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට..... 16.... මනම්පේරි (ii) .....


- ඇපෑල -

මහාධිකරණ තීන්දුවට විරුදුව ල්‍යුටෙනන
විනිසකරුවන් ලෙස විමලරත්න..තමෝදරම් සහ අලස්(සභාපති) යන මහතුන් ඉදිරියේ නඩුව ඇසුනා...
පළමු චූදිතයා වන ල්‍යුටෙනන්ට විජේසූරිය වෙනුවෙන් එවක සුප්‍රකට නීතීඥයෙක් වුන විට්ටච්චි අධිනීතීඥ තුමාද ,අර්ඩ්ලි පෙරේරා අධිනීතීඥ තුමාද සහ දෙවන චූදිතයා වෙනුවෙන් අර්ඩ්ලි පෙරේරා අධිනීතීඥ කුමා සමගින් ඊ.ආර්.එස්.ආර්.කුමාරස්වාමි අධිනීතීඥතුමාද පෙනී සිටියා...
රජයේ පාර්ශවය වෙනුවෙන් ඩී.එස් .විජේසිංහ අධිනීතීඥ තුමාද ෂිබ්ලි අසීස් අධිනීතීඥ තුමාද සමගින් ජ්‍යේෂ්ඨ රජයේ නීතීඥ කෙනත් සෙනෙවිරත්න මයා ද පෙනී සිටියා..

ට් විජේසූරිය සහ අමරදාස රත්නායක යන අය 1973 දී අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොණු කරනවා...
මෙය සංකීර්ණ නීති ප්‍රශ්න රැසක් රැගත් නඩුවක් ලෙස නීති ඉතිහාසයේ වාර්තාවල සඳහන් වෙනවා..
මනම්පේරි තරුණිය ට පෙර ලිපියේ සඳහන් ආකාරයේ වධ දී මරාමුවේ කිනම් අරමුණකින්දැයි යන්න නඩුවේදි අනාවරණය කරගැනීමට අපහසු වුනා...චූදිතයන් ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී සාක්ෂි නොදුන් බව වාර්තා වෙනවා..
නඩුවේ සංකීර්ණ බව නිසාම නඩුව ආරම්භයේ විනිසකරුවන් තිදෙනා ඔවුන්ගේ අදහස් ඇතිව වෙන වෙනම නඩු තීන්දු තුනක් සකස් කිරීමට එකඟවී සිටියා..
මෙහිදී විනිසුරුවරුන් අප්‍රේල් 5 කැරැල්ලත් සමග ඇති වූ තත්වය හේතුවෙන් රටෙහි සාමාන්‍ය තත්වයට සිදුවූ බලපෑම් ගැන අවධානය යොමු කලා..
පළමු චුදිත වෙනුවෙන් ඉදිරිපත් වූ තර්කයක් වුනේ එවක රටේ පැවති තත්වය අනුව මනම්පේරි ඝාතනය සාධාරණ බවයි...මහජන ආරක්ෂණ පණත යටතේ හදිසි තත්වයක් ප්‍රකාශ කොට තිබියදී රටේ සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමට පොලිස් හා හමුදා කණ්ඩායම් යොදවා තිබීම නොරහසක් බවත්..මෙවන් අවස්ථාවක කැරලි කණ්ඩායම් මර්ධනය කිරීමට විවිධ පියවර ආරක්ෂක අංශ විසින් ගත හැකි බවත් ..ඒ සඳහා ඔවුන් නීත්‍යානූකුලව අවසර ලබා ඇති බවත්..චූදිතයන් වෙනුවෙන් විට්ටච්චි මහතා තර්ක කලා...
මෙහිදී විනිසුරු වරුන් සළකා බැලුවේ මරණය සිදු වුන අප්‍රේල් 17 දිනදීත් ගැටුම්/කැරලි තත්වයක් කතරගම පැවතියේද යන්නයි..
මෙහිදී පැවති තත්ත්වය පිළිබඳව හම්බන්තොට බාර සම්බන්ධීකරණ නිලධාරී කර්නල් නුගවෙල මහතාගේත් ල්‍යුටෙනන්ට් විජේරත්න මහතාගේත් සාක්ෂි වැදගත් බව අලස් විනිසුරැතුමාගේ නිගමනයේ සඳහන් වෙනවා.
නුගවෙල මහතා 11 දින හම්බන්තොට බලා පිටත් වද්දී කිසිදු කලබලකාරී තත්වයක් නොපැවති බවත්..හවස 4ට පමණ උවදුරකින් තොරව හම්බන්තොටට ලඟා වූ බවත් සාක්ෂි සටහන් වුනා..තවද 16 දිනදීත් කතරගම මුදා ගැනීමට පැමිණි හමුදා කණ්ඩායම් කිසිදු ගැටලුවකින් තොරව කතරගමට ලඟාවීම යන කරුණු සළකා බැලෙනවා..
විජේසූරිය යාල බ්‍රවුන්ස් හෝටලයෙන් ජීප් රථ දෙකක් ලබාගත් බවත් ,යාල සිට තිස්සමහාරාමයට ජීප් රථ වලින් ඔහු ඇතුළු පිරිස කතරගමට පිටත් වූ බවත්..ඝාතනය සිදුවූ 17 දින (සිදුවීමෙන් පසුව) කලින් සිදු කල ආරාධනයක් පරිදි කතරගම සිට තිස්සමහාරාම වනය මැදින් වැටුනු පාරේ හෝටලයට පැමිණ දඩමස් අඩංගු ආහාර වේලක්ද විජේසූරිය රසවිඳි බවත්...බ්‍රවුන්ස් හොටලයේ සේවකයෙක් සාක්ෂි ලබා දුන්නා..මින්ද පෙනී යන්නෙ තත්වය සාමකාමීව පැවැති බවයි..
ලද සාක්ෂි අනුව එවන් තත්වයක් 17 දිනදී නොපැවති බව විනිසුරු වරුන් අවධාරණය කරගන්නවා..
මේ සාක්‍ෂි අනුව විනිසුරුවරුන් ඒකමතිකව අදහස් ප්‍රකාශ කරනවා කතරගම කලහකාරී තත්වයක් පැවති බව සත්‍යක් මුත් සිදුවීම වුණු 17 දිනදී කතරගම සාමාන්‍ය සාමකාමී තත්වයේම පැවති බව...එවන් තත්වයක තරුණියක් අත්අඩංගුවට ගෙන ,යුධ හමුදා නිලධාරිෙයක් විසින් අමානුෂික අන්දමින් ඝාතනය කිරීම නීත්‍යානුකූල නොවන බව විනිසුරුවරුන් පවසනවා..

** දණ්ඩනීති සංග්‍රහයේ 69 වන වගන්තිය යටතේ පැන නැගි නීතිමය කරුණු**
 
මනම්පේරි ඝාතනයේ අභියාචනයේ විවාදයට ගැණුන නීති ප්‍රශ්න,

• උසස් නිලධාරියෙක් දෙන සෑම නියෝගයක්ම ක්‍රියාත්මක කිරීමට පහල නිලධාරීන් බැඳී සිටිත්ද?
• එය බැලූ බැල්මට පැහැදිලිවම නීතියට පටහැනි නියෝගයක් වන කල එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමට පහල නිලධාරියෙක්ට අයිතිය තිබේද?

මෙහිදී කර්නල් නුගවෙල විසින් ල්‍යුටෙනන්ට් විජේසූරියට ලබා දුන් නියෝගයක් සම්බන්ධයෙන් තිදෙනෙකුගේ සාක්ෂි සටහන් විය..ඒ

1. ල්‍යුටෙනන්ට් විජේරත්න
2. කෝප්‍රල් ෂිරෝමනී
3. කර්නල් නුගවෙල

සාක්ෂි
ල්‍යුටෙනන්ට් විජේරත්න
කර්නල් නුගවෙල විසින් අප්‍රෙල් 14 දිනදී එවිට සිරගතව සිටි සිරකරුවන් පස්දෙනෙකු ල්‍යුටෙනන්ට් විජේසුරියට බාර දෙන ලෙසත් ඉන් කාන්තාවන් දෙදෙනා නිදහස් කරන ලෙසත්,අනෙක්අය විනාශ කර දමන ලෙසත් විජේසූරියට පවසන ලෙසත් නියෝග කලා.
(මෙම සිරකරුවන් අතර මනම්පේරි නොවීය)
• ඒ අනුව විජේරත්න අදාල සිරකරුවන් විජේසූරියට බාර දී කර්නල් නුගවෙලගේ නියෝග අයුරින්ම පවසා සිටියා.
• කර්නල් නුගවෙල ද තමාට එම උපදෙස්ම ලබා දුන් බව විජේසූරිය පවසා සිටියා..

කෝප්‍රල් ෂිරෝමනී
• විජේරත්න යටතේ මුර සංචාරයේ තමාද යෙදී සිටියා.
• උදෑසන 11 ට පමණ නුගවෙල එහි පැමිණ විජේසූරිය සමග කතා කරමින් සිටියා.
• ඔවුන්ගේ කතාව විස්තර වශයෙන් නොදත් මුත් 'සිරකරුවන්ගෙන් වැඩක් නෑ ලෙස පවසා සිටිනු ඇසුනා...

කර්නල් නුගවෙල
• 16 වන දින නුගෙවල කඳවුරට දෙවතාවක් ගියා.
• සිරකරුවන් 4ක් හෝ 5ක් සිටි බව ඔහු දුටු බවත් ඉන් සිරකාරියන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් චූදිතට නුදුන් බවත් පැහැදිලිව පවසා සිටිනවා.
• සිරකරුවන් තබාගෙන සිටීම බරක් බැවින් ඔවුන් පොලිසියට බාර දෙන ලෙස කීව මුත් කිසිවිටෙකත් ඔවුන විනාශ කර දමන්නැයි උපදෙස නුදුන් බවත් ඔහු සාක්ෂියේ සඳහන් කරනවා..

මෙහිදී චූදිතයන් සාක්ෂි ලබා දී නැත.

මෙහිදී 17 දින කලහකාරී තත්වයක් නොපැවති බවද,මහජන ආරක්ෂක පණත. විධිවිධාන ප්‍රකාරව හදිසි නීතිය පැනවීමට ප්‍රමාණවත් තත්වයක් නොපැවති බවද,එසේ පැනවූවද ඉන් සිවිල් නීතිය බලපැවැත්වීම සම්පූර්ණයෙන්ම අහෝසි නොවන බවද විනිසුරුවරුන් අදහස් දැක්වීය.ඒබැවින් සිදුවීම වන අවස්ථාවේ ප්‍රදේශයේ සිවිල් නීතිය ක්‍රියාත්මක වූ බවත් චෝදිත වරද සම්බන්ධයෙන් අදාල වන වැදගත්ම නීතිය දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන බවත් විනිසුරු නිගමනය විය.

ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 69 වගන්තිය
 
"යම් ක්‍රියාවක් කිරීමට නීතියෙන් බැඳී සිටින්නා වූ හෝ නීතිය පිළිබඳ වැරදීමකින් නොව,සිද්ධිය පිළිබඳ වැරදීමකින් ,එසේ තමා බැඳී සිටින බව සද්භාවයෙන් විශ්වාස කැන තැනැත්තෙකු විසින් කරනු ලැබූ ක්‍රියාවක් වරදක් නොවේ. "

උදා. නීතියේ විධිවිධාන පරිදි නුගවෙල විසින් කල නියෝගයකට අනුව කලහකාරීන් පිරිසකට විජේසූරිය වෙඩි තැබීනම් එය වරදක් නොවේ.
මීට අනුව ඉහල නිලධාරියාගේ නියෝගය බැලූ බැල්මට නීත්‍යුනුකූල නොවේනම් එය ප්‍රතික්ෂේප කිරීමට පහල නිලධාරියාට අයිතිය තිබේ සහ බැලු බැල්මට එය නිත්‍යානුකූල නම් එය ඉටු කිරීමට පහල නිලධාරියා බැඳී සිටියි.
උදා. කලහකාරීන් පිරිසක් වෙඩි තබමින් ඉදිරියට එන විට ඔවුන්ට වෙඩි තැබීමට උසස් නිලධාරියා කරන නියෝගය නොතා සිටියහොත් එම පහල නිලධාරියාට වෙඩි තැබීමට ඉහල නිලධාරියාට අයිතිය ඇති බව හමුදා නීතියේ 100 වන වගන්තියෙ ප්‍රතිපාදන සපයා ඇත.
මේ සියලු කරුණු සැළකිමෙන් පසුව විනිසුරුවරුන් පහත නිගමනයන් කරන ලදී.
• සිරබාරයේ සිටින සිරකරුවන් මරා දැමීම ජිනීවා සම්මුතීන්ට අනුව අනීතික ක්‍රියාවකි.
• නුගවෙල විසින් එවන් නියෝගයක් ලබාදුන්නාදැයි නිසියාකාරව පැහැදිලිව ඔප්පු කිරීමට විත්තිය අසමත් විය.
• එබැවින් එය බැලූබැල්මට නිත්‍යානුකූල නොවන නියෝගයක් බැවින් 69 වගන්තිය යටතේ චූදිතයාට ලැබිය හැකි නිදහස නොලැබී යයි.
• තවද මනම්පේරි ඝාතනය ට යොදාගත් ක්‍රමය උසස් නිලධාරීන්ගේ නියෝගය අනුව කල එකක්දැයි ඔප්පු කීරීමට චූදිතයන් සතු සාධනභාරය අති මහත්ය.(පැමිණිල්ල විසින් දක්වන ලදී)
මෙහිදී චූදිතයන්ගේ නීතීඥවරුන් පෙන්වා දුන්නේ මුල්තීන්දුවේදී විනිසුරුවරයා ජූරිය වෙත පැහැදිලි උපදෙස් සහ කරණු පැහැදිලි කිරීම් ලබා නොදුන් නිසා සංකීර්ණ නීති ප්‍රශ්න පිළිබඳ අවබෝධය අඩු ජූරිය විසින් විත්ති කරුවන් වරදකරුවන් බව නිගමනය කොට ඇති බවයි..එහෙත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් මේ තර්කය සමග එකඟ නොවී මහාධිකරණ විනිසුරුගේ කරුණු පැහැදිලි කිරීම් ප්‍රමාණවත් බව නිගමනය කලා.
මෙහිදී දෙවන චූදිතයා වෙනුවෙන් පෙනී සිටි කුමාරස්වාමි මහතාද 69 වගන්තියේ ආරක්ෂාව ලබාගැනීමට තැත් කලද එයද පෙර පැහැදිලි කල ආකාරයේම අවස්ථාවක් බැවින් විනිසුරු වරුන් එය ප්‍රතික්ෂේප කලා..



-තීන්දුව-
 
සියලු කරුණු විභාග කිරීමෙන් අනතුරුව විනිසුරුවරුන් මහාධිකරණ තීන්දුව අනුමත කලද වසර 16ක සිරදඬුවම වෙනුවට වසර 7ක බරපතල වැඩ ඇති සිරදඬුවමක් නියෝග ගරන ලදී..ඊට හේතුව ලෙස දක්වම්න්, ඇතැම් විට චූදිතයන් සිය ඉහල නිලධාරීන්ගෙන් නීත්‍යානුකූල නොවන නියෝගයක් ලබා තිබුණා විය හැකි බවත් ඒ අනුව ක්‍රියා කොට ඇති වා විය හැකි බවත් ප්‍රකාශ කලා...

-පසු සිදුවීම්-
 
• පළමු චූදිත විජේසූරිය සිරගතවීමෙන් දෙවසරකට පසුව රෝගාතුරව මියගියා.
• දෙවන චූදිත පසුව පොදු සමාවක් යටතේ නිදහස් වුවද ඉන් දින 4කට පසුව කිසිවෙකුගේ වෙඩි පහරකින් මිය ගියා....

The court is adjourned-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters