Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට..... 16 ...."මනම්පේරි"



"පතිවත කෙලසලා ඇගේ
මැරුවෙ තිරිසනෙකු වගේ
ඒ සිත් පිත් නොමැති උදවිය"........

අද අප්‍රේල් 16 වෙනිදා..හෙට 17...මීට අවුරුදු 47කට කලින්..ඒ කියන්නෙ 1971 අප්‍රේල් 16 සහ 17 දින වල කතරගමදී සිදු වුන අපාරධය ගැන නොදන්න කෙනෙක් ලංකාවෙ නැතිව ඇති...
අවශ්‍යතාවය පරිදි නඩුවට අමතරව සිදුවීම් යම් යම් තැන් වල සටහන් කිරීම සිදු වී ඇත..

- පෙර කතාව -
මේ සිදුවීමට මූලිකවම බලපෑවේ 1971 අප්‍රේල් කැරැල්ලයි...අප්‍රේල් 5 වන දින සංවිධානය වූ පිරිස් විසින් රට පුරා පොලිස් ස්ථාන වලට සහ වෙනත් රජයේ කාර්යාල වලට පහර දෙමින් කැරැල්ල ඇරඹුවා...
ප්‍රහාරය සිදුවන කාලයේ කතරගම තැපැල් කාර්යාලයක්,ලංගම බස් නැවතුමත්,විශ්‍රාම ශාලාවක් සහ හෝටල් කිහිපක් තිබුනා...අදමෙන් ජනාකීර්ණ නොවූ එකල ජූජා භූමිය වටා මහා වනාන්තරයක් තිබුණු බව කියවෙනවා..
කැරැල්ල සිදු කල පිරිස් සැඟවී සිටියේ මෙම වනාන්තරයේ බව පැවසෙනවා..
මෙකල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කර්නල් ඩෙරික් නුගවෙල ව පත් කරනු ලැබුවා..කතරගම සිවිල් ආරක්ෂාව තහවුරු කිරීමත් ඔහුගේ මූලික කටයුතු වුනා,ජනජීවිතය අපහසුවකින් තොරව පවත්වා ගෙන යාමට කටයුතු සැළසීමත් ඔහුගේ කාර්යයන්ට ඇතුළතු වුණා...
නමුත් මේ වනවිටත් කතරගම අවට තිස්සමහාරාමය,තංගල්ල වැනි ප්‍රදේශ වල ආරක්ෂාව යහපත් මට්ටමක පැවතුනේ නෑ..
ජනතාවට ආහාර සැපයීමද තරමක් අපහසු වුන බව පැවසෙනවා..
මොණරාගල දිසාපති විසින් ආහාර සැපයීම සිදු කලද ඒ වන විටත් කතරගම වටලමින් ත්‍රස්ත කණ්ඩායම් සිටි නිසා ආරක්ෂක නිලධාරීන් අවස්ථානුගතව පසු බැස්ස අතර කතරගම රජයේ පාලනය ගිලිහී සිවිල් ආරක්ෂාවද බරපතල ලෙස බිඳ වැටුනා...කතරගම ලෙසම රටේ ප්‍රදේශ බොහොමයක් තුල රජයේ නීතිය වෙනුවට කැලෑ නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතියා..
කැරැල්ල අවසානයේ කතරගම බලය නැවත තහවුරු කිරීමට කර්නල් නුගවෙලට අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් ඔහු ලංකා ස්වේච්ඡා බලකායේ ල්‍යුටෙනන්ට් විජේසූරිය සුදුසු බව සිතුවා..
ල්‍යුටෙනව්ට් විජේසූරිය සහ පිරිස කතරගමට ලඟාවෙන විට,ස්ටාලින් වර්ගයේ අවි සහ වෙනත් ප්‍රහාරක අවි සමග පැමිණෙන හමුදාව සමග සටන් කිරීම අපහසු බව හැඟුන හෙයින්දෝ ත්‍රස්තයින් කැලෑවලටම වැදී සැඟව සිටියා..නඩුවේ සාක්ෂි වලදී සනාත වුනේ හමුදාව කතරගමට පැමිණෙන විටත් කතරගම සන්සුන් තත්වයක පැවති බවයි...

-අවුරුදු කුමරිය-

1970 වසරේ කතරගම පැවති අවුරුදු උත්සවයේ ප්‍රථමස්ථානය දිනා ගත්තේ කතරගම වනජීවි කාර්යාලයේ මුරකරුවකු වුන හෙන්ද්‍රික් අප්පුහාමි මහතාගේ වැඩිමහළු දියණිය වූ එවක වයස 22ක් වුන ප්‍රේමවතී මනම්පේරි තරුණියයි...ඇගේ පවුල සහෝදර සහෝදරියන් එකොලොස් දෙනෙකුගෙන් යුත් එකක් වුනා..
                                                 (Mother and Father)

ඇගේ නිවස පොලිස් ස්ථානයට සැතපුම් භාගයක් පමණ මෙපිටින් කතරගම තිස්සමහාරාමය අසල වුණා (කතරගම යනවිට දක්නට ලැබෙන මනම්පේරි ස්මාරකය පිහිටවා තිබෙන්නෙ ඇගේ නිවස අසලයි)..ඒ වනි විට ඇය රජයේ පාඨශාලා අවසාන විභාගාය් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියා..ඊට අමතරව අසල පාසලක ස්වේච්ඡා ඉගැන්වීම් කටයුතුද ඇය සිදු කලා...
මනම්පේරි කතරගමට සිදු කල ප්‍රහාරයේ කණ්ඩායමේ නායිකාවක් වුන බවටද අප්‍රේල් 5 සහ 6 දින වලදී ත්‍රස්ත කන්ඩායම් වලට ඇගේ නිවසේදී රාත්‍රී ආහාරය ලබා දුන් බවටද ත්‍රස්තවාදීන්ට නිල් වර්ණ ඇඳුම් මසා දුන් බවටද මේ අතර හමුදාවට තොරතුරු ලැබී තිබුනා (මේ කිසිවක් නඩුවේදී සනාත කිරීමට සාක්ෂි ඔවුන් සතුව තිබුනේ නෑ).
අප්‍රේල් 16 දින ජීප් රථයක් ඇගේ නිවස අසල නවතන විට ඇය කොණ්ඩය පීරමින් සිටි බව සාක්ෂි වලදී පැවසී තිබුනා.
නිවසතුලට යන කතරගම පොලිස් ස්ථානාධිපති උඩවත්ත සහ තවත් නිලධාරීන් තිදෙනෙක් ඇගේ මවගෙන් ඇයව විමසා සිටිනවා..මේ අතර කොස්තාපල් වරු දෙදෙනෙක් ඇගේ කොන්ඩයෙන් අල්ලා ඇදගෙන එමින් සිටියා.නිවැසියන්ගේ සහ ප්‍රේමවතීගේ විලාප නොතැකූ ඔවුන් ඇයව ඇදගෙන නිවසේ පිවිසුම වෙතට පැමිණියා..එහිදි කොස්තාපල් වරයේ ඇගේ කරට තුවක්කු බඳෙන් ඇන ඉදිරියට තල්ලු කල බව සාක්ෂි වල සටහන් වුනා..ජීප් රථයේ බලහත්කාරයෙන් නංවාගන්නා ඇයව තාවකාලික පොලිස් ස්ථානය පවත්වාගෙන ගිය කතරගම විශ්‍රාම ශාලාව වෙත රැගන ගියා.පොලිස් ස්ථානයට අමතරව එහි පැවති හමුදා කඳවුර භාර ප්‍රධානියා වූයේ ල්‍යුටෙනන්ට් විජේසූරියයි.
නීතියට අනුව හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා සිරකරුවන් වහාම පොලීසියට බාර දියයුතු අතර අවශ්‍යතාවයක් වුවහොත් නැවත පොලිසියෙන් ඉල්ලීමක් කර එම සිරකරුවන් ලබාගෙන ප්‍රශ්නකිරීම් සිදු කල හැකි වුවත් කෙලින්ම සිරකරුවන් හමුදා නිලධාරීන් වෙත යොමු කිරීම නීත්‍යානූකුල කටයුත්තක වුනේ නෑ..ත්‍රස්ත කැලෑ නීතිය මෙන්ම රජයේ නිලධාරීන්ගේ කැලෑ නීතියද ක්‍රියාත්මක වුන යුගයක මනම්පේරිව කෙලින් හමුදා නිලධාරියෙක් වෙත යොමු වුනා..
අප්‍රේල් 17 දින විශ්‍රාමශාලාව ඉදිරිපට ඇය සහ තවත් තරුණියන් තිදෙනෙකු තබාගෙන ල්‍යුටෙනන්ට් විජේසූරිය දිගින් දිගටම ප්‍රශ්න කලද ඇගෙන් සතුටුදායක පිලිතුරක් නොලද බැවින් කොපවී සිටියා (1978 .12.06 දින ජනාධාපති කොමිසමක් ඉදිරියේ සාක්ෂි දුන් එස්.නෙත්තිකුමාර යන කැරලි කණ්ඩායම් සාමාජිකයෙක් පවසා සිටියේ කතරගම ප්‍රහාරයේ කාන්තා ප්‍රධානියා මනම්පේරි වූ බවත් ඇය කණ්ඩායමේ ක්‍රියාකාරි සාමිජිකාවක් වූ බවයි..ඇතැම් විට හමුදා ප්‍රශ්න කිරීම් වලට මුහුණ දිය යුතු ආකාරය ඇය පෙර සිටම පුහුණුව ලබා සිටියා විය හැක.)

- අපරාධය -

මහාධිකරණයේ සාක්ෂි දෙමින් ඇසින් දුටු සාක්ෂි කරුවන් තිදෙනෙක් සිදුවීම සිදු වුන ආකාරය පවසා සිටියා...ඒ සැකෙවින් පහත ආකාරයෙනි.

• අප්‍රේල් 17 දින දහවල් 11 හෝ ආසන්නයේදී ඝාතනය සිදු වුනා.
• විජේසූරියගේ බොහෝ ප්‍රශ්න වලට ඇය පිළිතුරු දීම මග හැර සිටියා.
• කෝප වුන විජේසූරිය ඇය ඇඳ සිටි ඇඳුම් ගලවා දමන ලෙස නියෝග කලා.
• ඇය හඬමින් ඇඳුම් ගැලවීම කල නොහැකි බවත් වෙඩි තබා මරා දමන ලෙසත් ඉල්ලා සිටියා.
• විජේසූරිය වෙඩි තැබීම තමාගේ කාර්යයක් බවත් ඇය කල යුත්තේ අණට කීකරු වීම පමණක් බවත් පවසා සිටියා.
• විජේසූරියගේ දිගින් දිගටම කල අණ කිරීම් හමුවේ මනම්පේරි සිය හැට්ටයේ උඩ කොටස පමණක් නිරාවරණය කලා.
• පසුව විජේසූරියගේ භයානක නියෝග හමුවේ ඇය විලාප දෙමින් සිය හැට්ටය ගලවා ඉවත් කොට දෑතින් වසා සිටියද විජේසූරිය අත් ඔසවා සිටින ලෙසට නියෝග කලා.පසුව ඇය දෑත් ඔසවාගෙන උඩුකය නිරුවත්ව හමුදා සහ පොලිස් නිලධාරීන් අභිමුව සිටියා.
• විජේසූරිය ඇගේ යටිකයද නිරාවරණය කිරීමට නියෝග කලා. නියෝග හමුවේ ඇය එයද සිදු කලා.දෑතින් යටි කය රහස්පෙදෙස් ආවරණය කිරීමට තැත් කලද දෑත් ඔසවා සිටීමට ඇයට නියෝග කලා.
• පසුව ඇයට තිස්සමහාරාම මාර්ගයට යන ලෙස නියෝග ලැබුණා.එසේ මාර්ගයේ "මම පන්ති පහටම ගියා" කියමින් ඉදිරියටම යාමට නියෝග ලැබුනා..ඇය එසේ සිදු කරමින් යන විට මහ මග දෙපස සැඟවී මිනිසුන් ඇය දෙස බලා සිටියා.
• මෙම අවස්ථාවේ රත්නායක** නම් සෙබලෙක්ද ඇය පිටුපසින් ගමන් කරමින් සිටියා.
• යාර පණහක් පමණ පාරදිගේ ඉදිරියට ඇදුන ඇය තැපැල් කාර්යාලය දෙසට හැරෙත්ම විජේසූරිය ඇගේ උකුල දෙසට පයින් පහරක් එල්ලකලෙන් ඇය බිම වැටෙත්ම ඔහුගේ තුවක්කුවෙන් ඇයට වෙඩි තැබීමක් කලා.
• මනම්පේරී බිම දිගේ බඩගාමින් මදක් ඉදිරියට ඇදී තවත් යා නොහැකිව හිස බිම තබා ගත්තා..
• පසුව විජේසූරිය සහ රත්නායක නැවත කඳවුරට පැමිණියා.
• පසුව ඔවුන් යටතේ සිටි නිලධාරීන් නැවත පැමිණ ඇය තවමත් මියගොස් නැති බව පවසා සිටියා.
• එවිට විජේසූරිය රත්නායකට පවසා සිටියා ඇයට නැවත වෙඩි තබන ලෙසට.
• විධානය අනුව ක්‍රියාත්මක වුන රත්නායක ඇය ලඟටම තබා වෙඩිල්ලක් තබනවා.
• සිදුවීම් අතරේ ඇය පිපාසයෙන් කෑ ගැසූ බවත් සාක්ෂි ලබා දුන් ඇලඩින් නම් අයෙක් ඔහුට වතුර සහ බිම බෝතලයක් ලබා දුන් බවත් පවසා සිටියා.
• දෙවන වෙඩි තැබීමෙන් අනතුරුව වලක් කපන ලෙසට ඇලඩින්ට නියෝග කලා.
• වලකැපීමෙන් පසුව ඇයව වලට දමන ලෙස නියෝග ලදින් ඇලඩින් විසින් එසේ සිදු කලා.තවමත් පණ ඇතිව සිටි ඇය සාය මාලය සහ කරාබු ගලවා මවට ලබා දෙන ලෙස ඉල්ලමින් ඇලඩින් අතට ලබා දුන් බවද ඇලඩින් සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා.
• වල අසලදී තවමත් පණගැහෙමින් සිටි ඇයට හඳුනා නොගත් නිලධාරියෙක් විසින් හිසට වෙඩි තැබීමක් කලා.එසේ ඇගේ අවසන් හුස්ම වා තලයට එක් වුණා.

- නඩුව -
 
ඝාතනය සම්බන්ධයෙන් ල්‍යුටෙනන්ට් විජේසූරිය සහ අමරදාස රත්නායකට විරුද්ධව මහාධිකරණයේ නඩු පැවරූ අතර නඩුව ජූරිසභාවක් ඉදිරියේ ඇසුනා...
බොහෝදෙනෙක්ට ගැටලුවක් වෙමින් නඩුව් චෝදනාව "මිනී මැරීම "නොවන ආකාරයට ගොනු කර තිබුනා.
ඒ අවදියේ සාක්ෂි ගොනු කර ගැනීමට ඇති වුන අපහසුව නිසා සහ සාක්ෂි මද කමින් හෝ තාක්ෂණික දෝෂ නිසා නඩුව ඉවත විසි වී යාම වැලැක්වීමට මිනිමැරීම යන චෝදනාව වෙනුවට මිනිමැරීමට තැත් කිරීම යන චේදනාව යටතේ නඩුව ගොනු වුන බව නීති විශාරදයන්ගේ අදහසයි.
තවද මෙහිදි ලැබුනු සාක්ෂි අනුව ඇගේ මරණය තුන්වැනි තැනැත්තාගෙ වෙඩි පහරින් පසු සිදු වූ බැවින් ල්‍යුටෙනන්ට් වජේසූරිය සහ අමරදාස රත්නායකගේ වෙඩි තැබීම් වලින් ඇය මිය ගිය බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කල නොහැකි විය හැකි බැවින් මිනිමැරීමේ චෝදනාව නුසුදුසු විය හැකි බව ද පැම‍ණිලි පාර්ශවය කල්පනා කලා විය හැකිය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ශාරීරික පීඩාවක් කිරීමේ අදහස ඇතිව යම් කෙනෙක් තවත් කෙනෙකුට යම් ක්‍රියාවක් කලේද ඒ පීඩාව ලත් තැනැත්තා මියගියේ නම් එම පීඩාව සිදු කල හැකි තැනැත්තාට මිනිමැරීම යන චෝදනාව එල්ල කල හැකිව තිබුනා..තවද එසේ සිදු කල පීඩාවෙන් පුද්ගලයා මිය ගිය බව පිඩාව සිදු කල තැනැත්තා නොදැන සිටියා වුවද ඒ පීඩාව සාමාන්‍ය ස්වභාව ධර්මයාගේ පිළිවෙලට මරණය සිදුවීමට ප්‍රමාණවත් නම් එය ද පීඩා කල තැනැත්තාට මිනීමැරීමේ චෝදනාව එල්ල කිරීමට ප්‍රමාණවත් වේ. මෙම නීති ප්‍රතිපාදන අනුව චූදිතයන්ට මිනිමැරීමේ චෝදනාව කල නොහැකිව තිබුනේ මන්දැයි විශාල ගැටලුවක් බවට පත්ව තිබුනා.
එසේ වුවද මෙහිදී ඇති විය හැකිව තිබූනු තවත් නීති ප්‍රශ්නයක් වූයේ ඇගේ මරණය පළමු සහ දෙවන පුද්ගලයන්ගේ වෙඩිතැබීම් වලින් පසුව කාලයක් ගතව සිදු වුන බවයි.තවද නොහඳුනන කෙනෙකුගේ තුන්වන වෙඩි තැබීමෙන් පසුව මරණය සිදු වුන බැවින් පළමු චුදිතයන් දෙදෙනාට මිනිමැරීම ලෙස චෝදනා ගොනු වුනේ නෑ.
එමෙන්ම සැක සහිත චෝදනාවක් යටතේ නඩු ගොනු කොට පසු අවස්ථාවකදී අභියාචනාධිකරණයේදී හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දි විනිසුරන් විසින් නඩුව ඉවත ලිය හැකි බව හෝ චූදිතයන් නිදහස් කිරීමද විය හැකි බව නීති විශාරදයන් සැලකුවා විය හැක..
නඩුව අවසානයේ ජූරිය විසින් චූදිතටන් වැරදි කරුවන් බවට ඒකමතිකව තීරණය කිරීමෙන් මහාධිකරණය එක් එක් අයට වසර දහසය බැගින් සිර දඬුවම් නියම කලා...

- ඇපෑල-
 
ඊලඟ කොටසේදී
- The court is adjourned-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters