මිහිරී මතකයේ රැඳී

 01 - හුමාලය

 
 
 මම ලියන්න කල්පනා කලා ලංකාවෙ පෙන්නපු පරන සුපිරිම ටෙලි නාට්ය කිහිපයක් ගැන ලිපි පෙලක්.
මේකෙදි මම , ලංකාවෙ හොඳම නාට්යය සෙට් එක කියලා හැමදාම පට්ට ගහන දඬුබස්නාමානය, කන්දෙගෙදර,අකාල සන්ධ්යා, දූ දරුවෝ ඇතුලු සෙට් එක ignore කරනවා. ඕක පට්ට ගහලම දැන් හැමෝටම පත්තියම් වෙලා තියෙන්නෙ මේ ටික තමා හොඳම කියලා. ඔය සෙට් එක පට්ට ගහන්නෙ ඒ ටික රූපවාහිනියෙන් දකින්න නොලැබුනත් යූ ටියුබ් හෝ වෙනත් ක්රමයකින් ඒ ටික විතරක් දකින්න ලැබුන නිසා ඒ ටික හොඳයි කියලා දකින අය. ඒත් ඒවා සහ තවත් ඒවා රූපවාහිනියෙන් ම දකින වාසනාව ලැබුන අය අතරින් කෙනෙක් නිසා ඔය සෙට් එකේ තියෙන ඒවට් වඩා හොඳ ඒවා තිබ්බ බව මම දන්නවා.ඔයාතරෙන් දඬුබස්නාමානය අවිවාදයෙන් හොඳම එකක්. ඒ ගැන ලියන්න යන්නෙ නැ බොරු වැඩක් නිසා. 
 
01 හුමාලය 
 
 
මේක මම මේ තාක් බලපු නාට්ය වලින් ආසම එකක්. කොටස් 16 සරලයි සුපිරියි.
ශ්රීලාංකිය චිත්රකතා කලාවේ රජෙක් වුණු පී.වික්රමනායකගේ "කොරටුවේ ගෙදර " චිත්ර කතාව ආශ්රයෙන් උදයකාන්ත වර්ණසූරිය විසින් ටෙලිනාට්යයක් ලෙස නිර්මාණය වුවක් තමයි "හුමාලය". 
 
 
හුමාලයේ රංගන දායකත්වය කිවුවොත්
විජය නන්දසිරි - නාත් අයියා
දේවිකා මිහිරාණි - ලොක්කි/ලොකු දුව (නම මතක නෑ)
රත්ණාවලී කැකුණවෙල - කොරටුවෙ ගෙදර හාමිනේ
රූබී ඩි මෙල් - රට උලු ගෙදර හාමිනේ
සුනීතා විමලවීර - මද්දුමී
යශෝධා විමලධර්ම - චුට්ටී
ජෝ දඹුලු ගල - කොරටුවේ ගෙදර ලේකම් මහත්තයා
රාජා සුමනපාල - රට උලුගෙදර ගාඩ් මහත්තයා/ගාඩ් අයියා
රංගන ප්රේමරත්න - ලොක්කි විවාහ වෙන කෙනා (නම මතක නෑ )
තමාරා දිල්රුක්ෂි 
 
 
කතාව දැන් හොයා ගන්න නැති නිසා කතාව කෙටියෙන් කිවුවොත්
කොරටුවේ ගෙදර ලේකම් මහත්තයාගෙ නංගි (රූබී ඩි මෙල් ) විවහ වෙලා ඉන්නෙ රට උලු ගෙදර ගාඩ් මහත්තයා එක්ක.
කොරටුවේ ගෙදට දුවලා තුන් දෙනයි. ලොක්කි , මද්දුමී, චුට්ටි සහ එක පුතයි (නලුවගෙ නම මතක නෑ )
රට උලුගෙදර ලොකු පුතා නාත් සහ දුව (තමාරා ).
නාත් සහ ලොක්කි ප්රේම සම්බන්ධයක් තියෙනවා වගේම . කොරටුවෙ ගෙදර පුතා නාත්ගෙ නංගි එක්ක ප්රේම සම්බන්ධයක් තියෙනවා. මේ විදිහට් නෑයො තවත් නෑකම් තද කරගනිමින් සමගියෙන් ඉන්න අතරේ නාත්ට දැනගන්න ලැබෙනවා කොරටුවෙ ගෙදර පුතා වෙන කෙනෙක් එක්කත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඒකට තරහා ගන්න නාත් ලොක්කිවත් ප්රතික්ෂේප කරනවා. මේකෙන් දෙගොල්ලන්ගෙ සම්බන්ධය කැඩෙනවා. ඔය අතරේ කොරටුවෙ ගෙදර ලොකු පුතා යාලු කෙනාගෙ ගෙදරින් මගුල් කතා කරන්න එන දවසේ ගාඩ් මහත්තයා බීලා ගිහින් රන්ඩු කර ගන්න නිසා සම්බන්ධය කැඩිලම යනවා. ඒ රන්ඩුවක් අතරේ ගාඩ් මහත්තයගෙ පපුව හිර වෙලා එයා මැරෙනවා.
ඊට පස්සෙ ලොක්කිව බන්දලා දෙනවා රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක් වෙච්ච රංගන ප්රේමරත්නට. ලොක්කි ඒ ගෙදරට යන්නෙ තමුන්ගෙ ගොලු නංගි වෙච්ච චුට්ටිත් එක්ක.
ගාඩ් මහත්තයගෙ මරණයත් එක්ක පවුල් දෙක නයි වෛර වෙනවා.
මේ අතරේ ලොක්කිට දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙ ඉද්දි රංගන අතින් චුට්ටිත් අනාත වෙනවා. ඒ දෙන්නගෙ සම්බන්ධය එහෙම හැදෙනවා. අන්තිමේ ලොක්කි දරුවත් එක්ක ගෙදර ආවට පස්සෙ මේක දැනගන්න ලැබිලා චුට්ටිට හොඳටම ගහනවා. ලොක්කිත් දරුවා අරං මාතර මහ ගෙදර යනවා.
 

 
එදා රෑ චුට්ටිත් රත්නපුරේ ගෙදරින් පැනලා මාතර මහ ගෙදර එනවා. ගේ ගාවටම ඇවිත් ගෙදරට නොගිහින් එයා කෝච්චියට පනිනවා.නමුත් කෝච්චිය නවත්තන නිසා එයා මැරෙන්නෙ නෑ. කෝච්චියෙ ගාඩ් වෙන්නෙ නාත් (විජය නන්දසිරි ). නාත්ගෙ නංගි විවාහ වෙලා රට උලු ගෙදර පදිංචි නිසා නාත් අම්මා එක්ක පදිංචි වෙලා ඉන්නෙ railway quarters වල. නාත් චුට්ටිව එක්කං යනවා එහෙ. එහෙ ඉද්දි නාත්ට විවාහ යෝජනාවක් ගේනවා ලොකු වළව්වකින්. ඒ වළව්වෙ ගෑණු ළමයා කොරටුවෙ ගෙදර මද්දුමී (සුනීතා විමලවීර) ගෙ හොඳම යාලුවෙක්. මද්දුමී මගුල ගැන ආරංචි වෙලා ලියුමක් යවනවා ඒ ගෑණු ළමයට, චුට්ටි නාත් අයියා අතින් අනාත වුනාය ඒ නිසා දැන් ඉන්නෙ එහෙ ය කියලා.ඒක විශ්වාස නොකර වළව්වෙ කට්ටිය මගුල් කතා කරන්න යන වෙලාවෙ මේරූ උදරයක් එක්ක චුට්ටි එනවා ඒ අය ඉන්න තැනට. ඒ සිද්දිය නිසා නාත්ගෙ මංගල්ලෙ කැඩෙනවා.
ඒකට නාත්ගෙ අම්මා චුට්ටිට ඇණුම්පද කියනවා. ළමයා හම්බ වෙනකල් ඉවසං ඉන්න චුට්ටි ඊට පස්සෙ රෑක ගිහින් කෝච්චියට පැණලා මැරෙනවා.
සියලු දෙනා නැවත එකතු වෙන්නෙ චුට්ටිගෙ මරණය නිසා. ලොක්කි චුට්ටිගෙ දරුවව බාර ගන්නවා. නාත් ලොක්කි සමග ගිහින් රත්නපුරේ සිය සැමියා සමහ සමාදාන කරවලා එනවා.
ඒ එනගමනෙ නාත් සහ මද්දුමී තනියම කාර් එකේ එන්නෙ. මේ වෙනකොට මද්දුමීගෙ දුශ්ඨ ගති මැකිලා ගිහින් නාත්ට එයා කරපු දුෂ්ඨකම් ගැන ලොකු දුකකින් ඉන්නෙ.
කතාව අවසාන වෙන්නෙ මද්දුමී සහ නාත් එකතු වෙනවා යන්න සංඛේතාත්මකව පෙන්නමින්. 
 
 
කතාව සරලව එසේයි. නමුත් මෙහිදී විශේෂයෙන් කිවයුත්තේ චරිත ඉදිරිපත් කිරීම ගැන . ඉතාම විශිෂ්ට ස්වාභාවික ලෙස චරිත ඉදිරිපත් කරනවා සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්. විශේෂයෙන්ම මම මතක් කරනවා රත්නාවලී මහත්මිය සහ සුනීතා විමලවීර. ඒ දෙන්නගෙ රඟපෑම් මට නම් කවදවත් අමතක වෙන එකක් නෑ. අම්මා කෙනෙක් වශයෙන් තම දරුවන් කරන නරක දෙයක් උනත් එකඟ වෙන සුලු ස්වභාවය, කොච්චර නපුරු කම් කලත් අලු යට ගිණි වගේ තියෙන මානුෂික බව වගේ දේවල් රත්නාවලී මහත්මියගෙන් ඉබේම එන්නෙ...ඉබේම....
 

 
සුනීතා විමලවීර කොච්චර දක්ෂ ශිල්පිනියක්ද කියන්න එයාගෙ දෙවනි ටෙලි නාට්යය වෙච්ච මේකම ඇති. ඒ කාලෙ සුනීතා කියන්නෙ දුෂ්ඨ චරිත වල අයිකන් එකක් . දැන් වැඩිය රංගනයේ පේන්න නෑ සුනීතා.
දේවිකා මිහිරාණි සහ විජය නන්දසිරි ප්රධාන චරිත උනත් මට නම් කැපී පෙනුනෙම කොරටුවේ ගෙදර හාමිනේ සහ මද්දුමී චරිත දෙක.
සංගීතය ගැන කිවුවොත් අදටත් හුමාලය වචනෙ වෙන දෙයක් සම්බන්ධයෙන් දැක්කත් මගෙ මොලයේ වාදනය වෙන්න් හුමාලය ටෙලි නාට්යයේ තේමා වාදනය. මම කැමතිම තේමා සංගීත වලින් එකක්. සංගීතය රෝහණ වීරසිංහගෙන්. අවුරුදු දෙක තුනකට කලින් යූටියුබෙ තිබ්බා සහ ඒකට තිබ්බ ආසාව නිසාම ඒක බා ගන්නත් වාසනාවන්ත උනා. මොකද මේවෙද්දි ඒක යූටියුබෙත් නෑ.
පුලුවන් කෙනෙක් ටොරානා එකෙන් එහෙම සොයලා බලලා බලන්න වටින කතාවක්. රබර් එක වගේ; බොරු කෑලි එක්කහු කර අදින්නෙ නැති නිසා කම්මැලි නැතිව බලන්න පුලුවන් .
ආයෙ තව කතාවකින් හම්බ වෙමු. 
 
 
- ආර්යන්-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters