මිහිරී මතකයේ රැඳී... 05 🕣📺🎬🎞️📽️🎥📻❤️ "ඉමදිය මංකඩ"

 

මේ කතාව කාගෙ එකක්ද අධ්යක්ෂක කවුද තිර රචනාව කාගෙද කිසි දෙයක් මට මතක නෑ . කතාව විකාශය වුනේ 90 දශකයේ අග භාගයේ.
එක්තරා කුලයක පිරිසක් වෙසෙන ගම්මානයක් වටා තමයි කතාව ගෙතිලා තිබුණෙ. කතාවෙ චරිත නාම වලින් මතක සොම්මරයා, රන්නි විතරයි. ගමේ ප්රධානියා හැඳින්වූයේ උලු ගෙදර ඇත්තො වගේත් මතකයි. 
 
 
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️
 
චරිත
ජෝ අබේවික්රම - උලුගෙදර ඇත්තෝ
වීණා ජයකොඩි - උලුගෙදර ඇත්තන්ගේ බිරිඳ
චාන්දනී සෙනෙවිරත්න - රන්නී
හේමසිරි ලියනගේ - රන්නීගේ සැමියා
සෞම්ය ලියනගේ - සොම්මරයා / රන්නීගේ මලයා
ගයනි ගිසන්තිකා (වගේ තමයි මතක ) - උලුගෙදර ඇත්තන්ගේ දුව
ලක්ෂ්මන් මෙන්ඩිස් - කරත්ත කරුවෙක් / වෙලෙන්දෙක්
සිරිල් වික්රමගේ - වෙලෙන්දෙක් 
 
🎬
 
 

කතාවෙ හැටියට සොම්මරයා මෝඩපහේ කෙනෙක්,රන්නිගෙ මලයා. උලුගෙදර ඇත්තන්ගෙ වැඩපල කරගෙන ඉන්නෙ. රන්නි තරමක් රූපයක් තියෙන කෙනෙක් නිසාම කිහිප දෙනෙක් ගෙදරට එනවා යනවා. උලුගෙදර ඇත්තොත් ඒ අතරෙ ඉඳලා තියෙනවා තරුණ කාලෙ.
හේමසිරි ඔරු කාරයෙක්. රන්නිගෙ ගේ තියෙන්නෙ ගඟක් ගාව තරමක් උස ඉවුරක වගේ මතකයි.
මේ අතරේ උලුගෙදර ඇත්තන්ගෙ මහගේ සොම්මරයව යවනවා කොහේ හරි (මතක නෑ). රන්නී සහ මහගෙ දෙන්නට දෙන්නා පෑහෙන්නෙ නෑ. දකින දකින තැන ඇණුම්පද කියා ගන්නවා. සොම්මරයව පිටමං කරන එකට තරහ ගන්න රන්නි මහගෙට බණිනවා. මට එක දෙබසක් මතකයි. 


 
 
"උඹලගෙ මුට්ටියෙ බත් නැති උනාට ඒකාට අපේ ගෙදර බත් තියේ " කිය කිය බණිනවා. මේකට හිත නොහොඳ වෙන මහගෙ යනවා සොම්මරයව ආපහු එක්කං එන්න. යන්නෙ කරත්තෙක.උලුගෙදර ඇත්තො එපා කියද්දි හොරෙන් යනවා වගේ මතක.කරත්ත කාරයා ලක්ෂ්මන් මෙන්ඩිස් වගේ තමයි මතක. මේ යන අතරේ මහගෙව දූෂණය කරනවා කරත්ත කාරයා. ආපහු එන මහගෙව උලුගෙදර ඇත්තො බාර ගන්නෙ නෑ. මහගෙ ගිහිං ගඟක පැනලා මැරෙනවා. අවතාරය කරත්ත කාරයා පස්සෙ යනවා වගෙත් මතකයි.
 

 
ඒවා එහෙම වෙද්දි සොම්මරයා ආපහු ගමට එනවා. සමහර සිද්දි මතක නෑ. සොම්මරයා කොහෙ හරි කරත්තෙන් යන්න ඉද්දි කවුරු හරි කරත්තෙ කඩ ඇණේ පන්නනවා. ඒ නිසා රෝදෙ ගැලවිලා ගිහින් සොම්මරයා වැටිලා කකුලක් කැඩෙනවා . සොම්මරයට තෙල් සාත්තු කරන්නෙ උලු ගෙදර තියාගෙන, උලුගෙදර දුව. මේ අතරේ දෙන්නා අතරෙ සම්බන්ධයක් ඇති වෙනවා . දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරෙනවා . ඒ දර්ශණය පෙන්නන්නෙ තෙල් බෝතලේ වැටිලා තෙල් බින්දුව බින්දුව බිමට වැටෙන විදිහට බව මට හොඳට මතකයි.
අන්තිමේ උලුගෙයි ඇත්තො එයාගෙ තනතුරයි උලු ගෙදරයි සොම්මරයට සහ දුවට දීලා ගමෙන් පිට වෙලා යන එකෙන් තමයි කතාව ඉවර වෙන්නෙ. 
 

 
මේකත් මම බලපු ලස්සනම කතාවක්. හොඳම නලු නිලි පිරිසක් දායක වුණ එකක් නිසා ආයෙ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
සංගීතය කාගෙන්ද මතක නැති උනත් ජන සංගීතය මිශ්ර ලස්සන සංගීතයක් තිබ්බා. තේමා වාදනය යද්දි පෙන්නන්නේ හේමසිරි ලියනගේ ගිනිගොඩක් ගාව නටන දර්ශණයක්.
ලංකාවෙ ප්රේක්ෂකයන් ගෙ අවාසනාවට මේවා ලයිබ්රි වල තියෙන චැනල් ආපහු පෙන්නන්නෙ නෑ. පෙන්නන්නෙ හැමදාම එකම කසි කබල් ටික. 2018 විතර හවස 3ට පිටගම් කාරයො පෙන්නන්න පටං ගත්ත රැල්ල දිගටම ඒ වගේ හොඳ නාට්ය පෙන්නයි කියලා හිතුවත් ඒකෛවර වෙච්ච හැටියෙ පළමු වරට පෙන්නලා එච්චර කාලයක් නොගිය කසි කබල් නාට්යයක් පෙන්නන්න ගත්තයින් ඒ බලාපොරොත්තුවත් නැති උනා.
අඩු තරමෙ අන්තර්ජාලයේවත් මේ නාට්ය ගැන විස්තරයක් හෝ වීඩියෝ කෑල්ලක්වත් හොයා ගන්න නෑ.
ඒ නිසා අඩු තරමේ මේ විස්තරයවත් දැන ගන්න ආස කෙනෙක්ට වටීවි.
ආයෙ හමු වෙමු 
 
- ආර්යන්-✍️

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters