මිහිරී මතකයේ රැඳී.... 02 - වෙස් ගත්තෝ

 

සමන්තා ඈපාසිංහ කියන නිලිය කවුද කියන එක තේරුනේ මේ ටෙලි නාට්යය නිසා.
මේකෙ චරිත නාම වලින් මතක තියෙන්න්ත් සමන්තාගෙ චරිතය විතරයි .
සිතාරා දේවි. 
 
රංගන දායකත්වය කිවුවොත් 
 
සිතාරාදේවි - සමන්තා ඈපාසිංහ
රිචර්ඩ් වීරක්කොඩි - සිතාරා දේවිගේ සැමියා (පලිපාන වළව්වෙ හාමු )
රංගන ප්රේමරත්න - සිතාරාදේවිගේ අනියම් සැමියා
ගයනා සුදර්ශණී - මෙහෙකාරිය
චන්න පෙරේරා - මෙහෙකාරියගේ පෙම්වතා
නලින් ප්රදීප් උඩවෙල - සොර කන්ඩායමේ සාමාජිකයෙක් 
 
 
පලිපාන වළව්ව කියන්නෙ බොහෝම පරණ නම්බු කාර වළව්වක්. දැන් වල්ලව්වෙ උරුමකාරයා තමයි අන්ධ හාමු (රිචර්ඩ් ) . මෙයා බැඳලා ඉන්නෙ හිටපු ජනප්රිය නිලියක් වෙන රූමත් සිතාරාදේවිව. සිතාරා දේවි සැමියාගෙ අන්ධ බව ප්රයෝජනයට ගෙන රංගන ප්රෙමරත්න සමග අනියම් ඇසුරක් පවත්වනවා. 
 


 
මේ හාමු මහත්තයා විදුලි කාර්මික වැඩ වල ඉතාම දක්ෂයෙක්. වළව්වෙ තියෙන රහස් සේප්පුව ඉතාම ප්රසිද්ධ රහසක්.ඒක හාමු මහත්තයා හදපු එකක්.
ගයනා සුදර්ශණී කියන්නෙ දුප්පත් කෙල්ලක්. ලස්සනට අඳින්න පලඳින්න කැමති. මෙයා යාලු වෙලා ඉන්න චන්න පෙරේරා සංවිධානාත්මකව වෘත්තීයමය සොර කම් කරන කන්ඩායමක සාමාජිකයෙක්.
මේ සොර කන්ඩායමේ අරමුණ තමයි පලිපාන වලව්වෙ සේප්පුව ගැන දැන ගන්න එක සහ ඒක කඩන එක.
ඒකට යොදා ගන්නෙ ගයනාව. වළව්වෙ සිතාරාදේවිට ඇප උපස්ථාන කරන්න සේවිකාවක් හොයන දැන්වීම දැකපු හොර කන්ඩායම ගයනව යවනවා වළව්වට.
වළව්වෙ මුල් දවස් ටික ඉතාම කරදරකාරි ඒවා.හේතුව සිතාරා දෙව් අමුතුම පන්නයේ කෙනෙක් වීම. වෙලාවකට යක්ෂණියෙක් වගේ කේන්ති යනවා.වෙලාවකට ඇස් රතු වෙන විහිලු. අල්මාරිය ඇරලා ඕන ඇඳුමක් ඇඳලා බලන්න කියලා , ඇඳුම් ඇන්දට පස්සෙ තෝ මොකද මගෙ ඇඳුම් ඇඳන් ඉන්නෙ ගලවපං කියන ජාතියෙ කෙනෙක්.
කතාවෙ අචේතනික ප්රධාන චරිතය තමයි සේප්පුව. සේප්පුව තියෙන්නෙ එක කාමරේක. එතන සේප්පුව තියෙනවා කියලා කාටවත් පේන්නෙ නෑ. කාන්තාවකගේ ජීවමාන ප්රමාණයේ සිතුවමක් බිත්තියේ එල්ලා තිබෙනවා. ඒ සිතුවමට පිටුපසින් තියෙන රහස් කුටියක තමයි සේප්පුව තියෙන්නෙ. සේප්පුව අරින්න රහස් අංකයක් තිබෙනවා. සේප්පුවෙ කුටි තුනක් තියෙනවා. එකක මුදල් සහ අනිකෙ ඉතාම වටිනා රන් ආභරණ දියමන්ති ආදිය තියෙනවා.
තුන්වෙනි කුටියෙ තියෙන්නෙ මොනවද කියන්න කවුරුත් දන්නෙ නෑ.
වැරදිලාවත් සේප්පු දොර වැහුනොත් හුස්ම හිරවෙලා මැරෙන්න තමයි හදලා තියෙන්නෙ.
සිතරා දේවි මුලින්ම ගයනාට සේප්පුව පෙන්නන දවසෙ සේප්පුවට දාලා දොර වහලා තියලා ආයෙ අරිනවා. ඒවගේ වැඩ තමයි එයා කරන්නෙ.
ඔහොම ඉන්න අතරේ සිතාරා දේවි මැරෙනවා. මැරෙනව කිවුවට හාමු මරනවා. ඊට පස්සෙ හාමු ගයනා එක්ක ප්රේම සම්බන්ධයක් පටන් ගන්නවා. දැන් ගයනට තමුන් වළව්වට ආපු කාරණය මතක නෑ.හාමු විදිහට තමයි හැසිරෙන්නෙ. අන්ධහාමුටත් පාට් දාගෙන තමයි ඉන්නෙ.දවසක් සිතාරාදේවිගෙම ඇඳුම් ඇඳන් හාමුත් එක්ක ගයනා පාටියකට ගිහින් ඉද්දි බීලා ඉන්න රංගන ඇවිත් දෙන්නට බණිනවා. ගෑනි මරාගෙන ගෑණිගෙම ඇඳුම් අන්දලා වැඩකාරි එක්ක රවුම් ගහනවා කියලා.
එදා රෑ වළව්වට ඇවිත් ගයනා හාමු එක්ක රන්ඩු වෙනවා. මට මතක විදිහට එයාට සේප්පුව බලන්න ඕනෙ කියනවා. 
 

 
සේප්පු කුටි දෙකක් ඇරපු ගයනට ඒවයෙ තියෙන දේවල් දැකලා තන්හාව ඉහට ගහනවා. තුන්වෙනි කුටියෙ මොනවද තියෙන්නෙ කියලා බලන්න ඒක අරින්න හදනකොටම සේප්පු දොර වැහෙනවා. ගයනා සේප්පුවෙ හුස්ම හිරවෙලා මැරෙනවා. හාමුට ඕන වුනෙත් ගයනාගෙන් නිදහස් වෙන්න.ගයනගෙ උද්දච්ච හැසිරීම් එපා වෙලා හිටියෙ හාමුට.
පස්සෙ පොලිස් පරීක්ෂණ වලදි හෙලි වෙනවා හාමු අන්ධ නෑ, අන්ධ විදිහට රඟපාලා කියලා. 
 
 
 

 
මේ ටෙලි නාට්ය මා ලංකාවෙ දැකපු හොඳම ත්රිලර් වර්ගයේ ටෙලි නාට්යයක්. විකාශය වුනේ 1990 දශකයේ අග භාගයේ හෝ 2000 දශකයෙව්මුල භාගයේ.
වළව්වට රිංගන්න එන නලින් ප්රදීප් වෙඩි පහරකින් හරි වැටිලා හරි මැරෙනවා.
චන්න පෙරේරා දුකින් ඉන්නවා ගයනා මැරුන එක ගැන.
ඕන්න ඔහොමයි වුනේ.. ඕන්න ඔහොමයි ඒ කාලෙ ටෙලි නාට්ය.
පින්තුරයක්වත් වීඩීයෝවක්වත් හොයා ගන්ට නැත.
ආයෙ හම්බ වෙමුකො 
 
- ආර්යන්-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters