මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 09 "ගිගිරි වළලු"


ගිගිරි වළලු විකාශය වන්නේ 1994 පමණ, ජාතික රූපවාහිනියෙන්. අධ්යක්ෂණය නිෂ්පාදනය,තිරරචනාව කාගෙන්ද යන්න මට මතක නෑ මොකද මම එතකොට 2 වසරෙ. 
 
චරිත නාම මතක නෑ
රංගන ශිල්පීන්
යශෝධා විමලධර්ම - තරුණ මව
මියුරි සමරසිංහ - යශෝධාගේ මව
විමල් කුමාරද කොස්තා - යශෝධාගේ අයියා
සුනීතා විමලවීර - යශෝධාගේ නෑනා
ඇන්ජලා සෙනෙවිරත්න - නපුරු මුදලාලි හාමිනේ
සඳුන් විජේසිරි - මුදලාලි
මානෙල් වානගුරු
 
🎬
 

 
යශෝධා කියන්නෙ ගෙදර අකමැත්ත මත විවාහ වූ තරුණියක්. මේ තරුණිය නැවත මහගෙදරට එන්නෙ සැමියා මිය යන නිස තම කුඩා පුතු සමග. පුතා ඉගෙන ගන්න දක්ෂයෙක්.
යශොධා මහගෙදරට ආවත් හැමදාම නෑනගෙ අවලාද ඇනුම්පද වලට ලක්වෙනවා. මුදල් හෙවීමේ අරමුණින් යශෝධා විදේශගත වෙන්නෙ පුතා අම්මාට බාර දීලා.
මුණුබුරාට ආච්චි හරිම ආදරෙන් හිටියෙ. මේ අතරෙ නෑනට ඕන වෙනවා පුතාව වැඩකාරකමට යවන්න , යශෝධගෙ අයියා වඩ කරපු මුදලාලිගෙ ගෙදර. මානුෂික හදවතක් තිබ්බ අයියා මේකට කැමති වෙන්නෙම නෑ. දවසක් රෑ ළමය්ව අරං යන්න මුදලාලිගෙ ගෙදරින් එද්දි ළමයා ගිහින් හැංගෙනවා, හොඳටම වැස්ස වෙලාවක්. ළමයව හොයමින් යන ආච්චි වැස්සට හොඳටම තෙමෙනවා. ආච්චියි ළමයයි පඳුරක් අස්සට වෙලා ගැහි ගැහි වැස්සෙ තෙමෙන දර්ශණය මට හොඳට මතකයි.
 

 
ආච්චි අසනීප වෙලා මැරෙන්නෙ ළමයාව තවත් අසරණ කරමින්.මාමා කරුණාවන්ත උනත් නැන්දගෙ නපුරුකම් වලට ඔහුට මුහුණ දෙන්න වුනා. මේ අතරෙ අසරණ ළමයට මුදලාලිගෙ ගෙදර වැඩට යන්න වෙනවා.
මුදලාලිගෙ නෝනා යක්ෂණියක් වගේ නපුරු ගැහැණියක්. මුදලාලිගෙ දුව සහ අන්ධ පියා උන්නෙත් මුදලාලිගෙ ගෙදර. මේ පියා පැනි රස කෑම කන්න ආස උනත් මුදලාලි හාමිනේ දෙන්නෙ නෑ. වයසක මනුස්සයා ළමයව පොළඹවනවා පැනි රස කෑම හොරකම් කරන් එන්න. දවසක් මේක අහු වෙලා මුදලලි හාමිනේ උතුරන වතුර හලලා ළමයව පුච්චනවා.
ඒ දර්ශණය දෙක වසරෙ හිටි මගේ හිතේ තදින්ම බලපෑවා කියන එක කියන්නම ඕනෙ.ළමයා ඉස්පිරිතාලෙ නතර කරනවා. මේ අතරේ මුදලාලිගෙ හොර වැඩ නිසා ළමයගෙ මාමට හිරේ යන්න වෙනවා.
ඉස්පිරිතාලෙන් ළමයා පැනලා යනවා වගේ මතක.
හිඟන කන්ඩායමකට එක්කහු වෙලා සිංදු කියන්න ළමයා පුරුදු වෙනවා.
අම්මා ගැන හරිම සංවේදී සිංදුවක් කියමින් හිඟා කන හැටි මට මතකයි.
"ඈත ඉඳන් අත වනපන් අම්මේ " වගේ කොටසක් ඒකෙ තිබ්බා.
දවසක් හිඟා කකා ඉද්දි පොලිසියෙන් පන්නනවා , පන්නද්දි මේ ළමයත් එයාගෙ යාලුවත් පාළමකින් පනිනවා.යාලුවා මැරෙනවා, ළමයගෙ ඔලුවට බරපතල හානි වෙනවා. 
 

 
මේ අතරෙ රට ඉඳන් එනවා යශෝධා.එද්දි අම්මා මැරිලා, අයියා හිරේ, ළමයා නෑ. ළමයව හොය හොයා එයාගෙ යාලුවෙක් (මානෙල් වානගුරු ) එක්ක පාරක් පාරක් ගානෙ යනවා යශෝධා. පස්සෙ නෑනත් මේකට එක්කහු වෙන්වා වගේ මතකයි (ඒ වෙද්දෙ නෑනගෙ නපුරුකම් අඩු වෙලා ).
අන්තිමේ යශෝධට ළමයව හම්බ වෙනවා ලමා නිවාසෙකදි. ඒත් ළමයට යශෝධව මතක නෑ.
යශෝධව දකින ළමයා දුවලා ගිහිං කාමරේක ගැංගෙනවා. කාමරේ දොර ගාවය වෙලා යශොධා අඬන දර්ශණයෙන් කතාව ඉවරයි වගේ මතක. 
 
 
මේක ඉතාම අනුවේදනීය කතාවක්.
ළමයින් නෑදෑයන් ලඟ තබා රටවල් වල යන දෙමාපියන්ටත් ඒ ළමයින්ටත් අත් වෙන ඉරනම ගැන හොඳින්ම පෙන්වපු නාට්යයක්. කොටස් 10-12 ක කතාවක්.
නැවත විකාශයක් වුනාද කියන්න මතක නෑ.
- ආර්යන්- ✍️

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters