මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 06 "කස්තිරම"


අනූව දශකයේ මැද භාගයෙ , මතක විදිහට 1995 වර්ෂයේ MTV නාලිකාවේ විකාශය වුන ටෙලි නාට්යයක් තමයි කස්තිරම.
කස්තිරම රූගත වෙන්නෙ මීමුරේ ප්රදේශයේ දුෂ්කර ගම්මානයක. වික්ටෝරියා ජලාශය ඉදිවීම ආසන්න කාල වකවානුවේ කතාවක් ලෙස. 
 
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️
 
රංගන දායකත්වය කිවහොත් (චරිත නාම දැන් මතක නෑ )
චාන්දනී සෙනෙවිරත්න
එච්.ඒ. පෙරේරා
දමිතා අබේරත්න
රත්නා සුමනපාල
හයිසින්ත් විජේරත්න
පද්මිනී දිවිතුරගම
නිමන්ති පෝරගේ
ජගත් චමිල 
 
🎬
කතාව කිවුවොත් 
 
මීමුරේ පැත්තෙ ජන ජීවිතය වෙන කිතුල් මැදීම, පැණි උණු කිරීම, එනසාල් වගාව වැනි දෑ කරන අතරේ වඩු කර්මාන්තයද කරගෙන ඉන්න කෙනෙක් එච්.ඒ. පෙරේරා. එච්.ඒ. ගෙ බිරිඳ චාන්දනී සෙනෙවිරත්න .
දවසක් චාන්දනී ගමනක් ගිහින් එද්දි ළමයත් වඩාගෙන පුද්ගලයෙක් මෙයා පස්සෙ එනවා (නලුවා කවුද කියන්න මතක නෑ ) . චාන්දනී මග ඇරල ගියත් මේ මිනිහා නිතර චාන්දනී යන එන මග රකිනවා. වඩු මහත්තයා ලවා ලීබඩු හදා ගන්න කියලා ගෙදරටමත් එනවා. ගමපුරා රාවය යන්නෙ මේ මිනිහා චාන්දනී එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මේකට කෙන්ති ගන්න එච්.ඒ. චාන්දනීට ගහන්න එද්දි චාන්දනී HA ට ගහනවා අතේ තිබ්බ දෙයකින්. ඉන් HA මැරුනා කියා බිය වෙන චාන්දනී ගමෙන් පැනලා කොළඹ යනවා. ගිහින් ගෙදරක වැඩ කරගෙන ඉන්නවා.ඒ ගෙදර නෝනා හයිසින්ත් විජේරත්න. 
 

 
ඔය අතරේ චාන්දනීගෙ නංගි දමිතා දවසක් කෑම එකක් දෙන්නද කොහෙද එච්. ඒ. ගෙ ගෙදර යනවා. දෙන්නා එහෙදි අඹු සැමියන් විදිහට හැසිරෙනවා.දමිතා පරක්කු මොකද බලන්න අම්මා (රත්නා සුමනපාල) එනවා. එච් ඒ වාඩි වෙලා , දමිතා එයාට හේත්තු වෙලා ඉන්න දකින අම්මා දමිතාට ගහලා තෝ මූත් එක්කම හිටපං කියලා යනවා. ඒ විදිහට ඒ දෙන්නා පවුල් කන්න පටං ගන්නවා.
 

 
ඕවා වෙද්දි ලකේගල පාමුල මැරිච්ච ගැණු කෙනෙක්ගෙ ඇටකටු වගෙයක් හම්බ වෙලා ගමේ අය හිතනවා ඒ චාන්දනීගෙ තමයි කියලා.
ඔය අතරෙ චාන්දනී කොළඹ වැඩ කරලා සල්ලි හොයාගෙන අවුරුදු ගාණකට පස්සෙ ගෙදර එනවා.චාන්දනීගෙ දුව දැන් ලොකුයි (නිමන්ති පෝරගේ) .නිමන්ති යාලු වෙලා ඉන්නෙ ලඟ ගෙදරක නැන්දාකෙනෙක් (පද්මිනී දිවිතුරගම ) ගෙ පුතෙක් (ජගත් චමිල ) එක්ක.
චාන්දනී ඇවිල්ලා දෙන්නව බන්දලා දීලා කඩයකුත් දාලා දෙනවා. එච් ඒ ට සහ දමිතට මූණ දෙන්න බැරිවෙනවා මෙයාට.
සේරම කරලා චාන්දනී ආපහු යනවා කොළඹ.
මේ අතරෙ තමයි වික්ටෝරියා ජලාශයට ඉඩම් වෙන් වෙන්නෙ. මුලු ගමේම ඉඩම් ජලාශයට මනිනවා. ඉතුරු වෙන්නෙ පද්මිනී දිවිතුරගම ගෙ ගේ කෑල්ල විතරයි , ඒකත් කන්දක් උඩට වෙන්න තිබ්බ නිසා.
අවුරුදු ගාණකට පස්සෙ චාන්දනී ආපහු ගමට එද්දි ගමක් නෑ. එකම ජල තලාවක්. පද්මිනී චාන්දනීත් එක්ක ගල් තලාවක් උඩට ගිහින් පෙන්නනවා අර හරියෙ තමයි උඹලගෙ ගෙවල් තිබ්බෙ කියමින්. ඒ කියලා අනිත් පැත්ත හැරෙන පද්මිනීට එක පාරට ජබෝස් ගාලා සද්දයක් ඇහිලා බලනකොට චාන්දනී එතන නෑ. හම්බ කරපු දේවල්, දරුවො, පවුල, ගම සේරම නැති වෙච්ච දුකට චාන්දනී ජලාශෙට පැනලා මැරෙනවා. 
 
 

 
මේ කතාව ලංකාවෙ හැදිච්ච හොඳම කතාවක්. මීමුරේ පැත්තෙ ජන ජීවිතයෙ දුෂ්කරතාවය, ජලාශය හදන්න යෝජනා උනහම මිනිස්සුන්ගෙ හිත්වල තිබ්බ පීඩණය වගේ දේවල් හොඳින්ම පෙන්නුව කතාවක්.
චාන්දනී මුල් වරට හොඳම නිලියට හිමි සුමති සම්මානය දිනා ගන්නෙ සහ එම වසරේම ජනප්රියම නිලිය ලෙස සම්මාන ලබන්නෙත් කස්තිරම හේතුවෙන්. 
 
 

 
වියො වී ගිය දක්ෂ නලු එච්.ඒ. පෙරේරාගෙත් වර්ණනා කර ඉවර නොවෙන විශිෂ්ඨ රංගනයක් දකින්න ලැබුණක්.
කස්තිරමෙ වීඩියොවක්, විස්තරයක් තියා ෆොටෝ එකක්වත් අන්තර්ජාලයේවත් හොයා ගන්න නෑ.
ප්රේක්ෂකයන්ගේ අවාසනාව.
නැවත හමුවෙමු.
- ආර්යන්-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters