මිහිරී මතකයේ රැඳී ... 03 - "සෙක්කු ගෙදර"

 





මේක නම් විකාශය වුනේ මම ගොඩක්ම පොඩි කාලෙ නිසා එහෙන් මෙහෙන් මතකයක් තමයි තියෙන්නෙ.
සම්පුර්ණ කතාව මතක නෑ.
 
රංගවේදීන් ගැන කිවුවොත් 
 
සිරිල් වික්රමගේ වගේ මතක - සෙක්කු ගෙදර රාලහාමි
හාමිනේට හිටියෙ කවුද මතක නෑ
චාන්දනී සෙනෙවිරත්න - සෙක්කු ගෙදර ලොකු දුව
ගීතා කාන්ති ජයකොඩි - සෙක්කු ගෙදර පොඩි දුව
රොබින් ප්රනාන්දු - සෙක්කු ගෙදර ප්රධාන සේවකයා 
 
 
සෙක්කු ගෙදර කියන්නෙ පළාතෙ නම්බුකාර පවුලක් පදිංචි වෙලා හිටි වළව්වක්. මේ ගෙදරට සෙක්කු ගෙදර කිවුවේ සෙක්කු තිබ්බ නිසා. සෙක්කුවෙන් තෙල් හිඳින එක මේ ගෙදර ප්රධාන ආදායම් මාර්ගයක්.
මෙහෙම ඉන්න අතරේ දවසක් රොබින් ප්රනාන්දු කා එක්ක හරි රන්ඩුවක පැටලෙනවා. ආපහු සෙක්කු ගෙදරට කරත්තෙ ඇදන් හරකා දුවගෙන එනවා. කරත්තෙ දපලා ඉන්නෙ මැරිච්ච රොබින් ප්රනාන්දු. මේක දකින ගීතා කාන්ති කලන්තෙ දාලා වැටෙනවා. එතකොට තමයි සෙක්කු ගෙදර අය දැන ගන්නෙ ගීතා කාන්තිට රොබින් ප්රනාන්දු ගෙන් ළමයෙක් ලැබෙන්න හිටි බව. මේ කරදර නිසා සෙක්කු ගෙදර රාලහාමියි හාමිනෙයි මැරිලා යනවා. 
 
 

 
මට මතක විදිහට කතාව යන්නෙ අතීතාවර්ජනයක් විදිහට. රොබින් ප්රනාන්දු ගෙන් ගීතා කාන්තිට ලැබෙන ළමයා හරි හිතුවක්කාර හෝ තරමක් මොලයේ අඩුවක් තිබුණ ළමයෙක් වගේ මතකයි. චාන්දනී හෝ ගීතා දෙන්නගෙන් කවුරුත් විවාහ වෙන්නෙ නෑ. රාලහාමි මැරුනට පස්සෙ සෙක්කු ගෙදර ධනය සහ බල පරාක්රමය හීන වෙලා යනවා.
චාන්දනී ගීතාගෙ ළමයට හරි ආදරෙයි. 
 
 

 
ඔච්චර තමයි මතක. කාට හරි මතකයක් තියේනම් කියන්න.

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters