මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 11 "කෙම්මුර"


කෙම්මුර විකාශය වුනේ ස්වාධීන රූපවාහිනී සේවයේ ,2001 වර්ෂයේ. නිෂ්පාදනය ලකී ඩයස් බව මතකයි.
අධ්යක්ෂණය මතක නෑ. 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
චරිත නාම වලින් මතක
කරපිංචා සහ රාජපක්ෂ ඇත්තෝ විතරයි.
නලු නිලි කැල
මාලිණී ෆොන්සේකා
ලකී ඩයස්
ක්ලීටස් මෙන්ඩිස්
ගීතා කාන්ති ජයකොඩි
සමනලී ෆොන්සේකා
මනෝරි ෆොන්සේකා
මියුරි සමරසිංහ
වසන්ත විට්ටච්චි 
 
🎬
කතාව මතක හැටියට. 
 

 
කතාව දිවුණෙ බ්රිතාන්ය යුගයේ සිදුවූවක් ලෙසට.
ලකී ඩයස් ගමේ ආරච්චි මහත්තයා (කෝරාල හෝ මුදලි මතක නෑ ). ඔහුගෙ බිරිඳ ගීතා. මාලිණි ගමේ වෙසෙන නැකැත්, ජ්යෝතිෂය,ගුරුකම් ආදිය පිලිබඳ ප්රසිද්ධ පරම්පරාවක කතක්.
මාලිණී සහ ලකී තරුණ වියේ පෙම්වතුන්ව සිටි බව ගීතා දන්නවා. 
 
 මාලිනීගේ මල්ලි විදියට වසන්ත විට්ටච්චි රඟපෑවා. රාජපක්ෂ ඇත්තන්ට හිටියෙ ක්ලීටස් මෙන්ඩිස්. ලකී ඩයස්ගෙ මැනිකෙට ගීතා කාන්කි ජයකොඩිට රාජපක්ෂ ඇත්තෝ විට්ටච්චිට කියලා පිස්සු හදනවා. රාජපක්ෂ ඇත්තෝ එන්නෙ ගමේ නිධානයක් ගන්න. කොහොම හරි මාලිනී අක්කයි විට්ටචචි මලිලීයි තරහයි. ගමේ අහිංසක කොල්ලෙක් මේ රහස් දැනගෙන හිටියා ඒ කොල්ලා කුරුණෑගල පොල්ගහවෙල පදිංචි වෙලා හිටපු දිළිප කියලා රංගන ශිල්පියෙක්. විට්ටච්චි මියුරිට ( යක්ෂණී ) කියලා පිලිමයක් හදලා කොල්ලගෙ නමට මතුරලා ඒ කොල්ලාව ගොලු කරවනවා.
ලොකු අප්පුගේ ( ලකී ඩයස්) පරණ ප්රේමය
තමයි මාලිනී. කොහොමින් හරි ගමට විනාශයක් වෙන්න යනවා කියන දේ මාලිනීට තේරෙනවා. තමන්ගෙ මල්ලි තමන්ට විරුද්ධ වුනාට ලොකු අප්පු ( ලකී ඩයස්) එක්ක එකතුවෙලා ගම ගොඩ ගන්න හදනවා. රාජපක්ෂ ඇත්තො නිසා විට්ටච්චි මැරෙනවා. මාලීනී ඔහුව මලවුන්ගෙන් නැගිට්ටවලා ගෙන්නාගෙන ලොකු අප්පුගෙ නෝනටයි අර ගොලු කරපු කොල්ලටයි කරලා තියෙන බන්දනය අහගෙන ඒක අයින් කරණවා.
අන්තිමට පන්සලේ බණ මඩුවෙ රාජපක්ෂ ඇත්තොයි ලොකු අප්පුයි මුළු ගමම මංතර වලින් සටනක් කරණවා. රාජපක්ෂ ඇත්තො තවත් මංතර කාරයෙක්ව ගෙන්නනවා එයා රිචාඩ් වීරක්කොඩි. කොහොම හරි මාලිනීගෙ මංතරවලට ඔහු පරදිනවා. මුළු ගමම ලොකු අප්පුගෙන් සමාව ගන්නවා. සමනලී ෆොන්සේකාව ගොඩක් අය හදුනාගත්තෙ මේ නා⁣ට්යයෙන්.
මේ නාට්ය නැවත බලන්න හැකියාවක් තියෙනවානම් ලබා දෙන්න.. ලස්සන කතාවක්. අන්තිමට ලොකු අප්පුගෙ ගෙදර වැඩකරණ මනුස්සා රාජපක්ෂ ඇත්තන්ව දියේ ගිල්වලා මරණවා.. ❤️

කෙසේ වෙතත් මාලිණීගේ සහ මියුරිගේ රංගනය කිව යුතුමයි. මියුරි නිතර සිටියේ කඩාගත් කොන්ඩයක් සහ හිස් මුදුනේ බැඳි කුඩා කොන්ඩ ගෙඩියක් සහිතවයි. ඇගේ පෙනුම බිය ගන්වන සුලු එකක් වුනා.
මියුරි සහ මාලිණී අතට ගුරුකම් යුද්ධය මතක හිටින දර්ශණයක්. රතු වුනු ඇස්වලින් යුතුව මන්ත්ර මතුරන මාලිණීගේ රුව අමතක නොවන්නක්. මාලිණී වරෙක පුවත්පතකට පවසා තිබුණා එම දර්ශණය කරන අවස්ථාවේ ඇය අධික උණෙන් පෙලුනු බවත් එම උණ නිසා ඇති වුණ ස්වරූපය චරිතයට උපකාර වුන බවත්.
කෙසේ හෝ අවසානයේ සත්යය ජයගන්න ඇති.මට මතක නෑ.මතක කෙනෙක් මතක් කරලා දෙන්න.
මෙම ටෙලිය වෙනුවෙන් මාලිණී එම වර්ෂයේ සුමති සම්මාන උළලේ හොඳම නිලිය ලෙස සම්මාන ලබනවා.
- ආර්යන්- ✍️

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters