භාරතයේ විත්ති - 47- හිමගිර අරණ


මේ මාතෘකාවෙ ලිපියක් අවසාන වරට දාලා තියෙන්නෙ අවුරුද්දකට කලින්. ලිපි පෙල අමතක වෙලත් ඇති.

ඉන්දියාව පුරා පැතිරී පවතින හින්දු මන්දිර ප්රමාණය කොතෙක්දැයි කීම අතිෂය අසීරු කාර්යයක්. වර්ග කිලෝමීටරයක ප්රමාණයක හින්දු මන්දිර සියයාට වැඩි ප්රදේශ ඉන්දියාවේ සුලභයි.
මේ ලිපියෙන් කියන්නෙ හින්දූන් පරමාත්මය සමග එක්වීම සඳහා දුෂ්කර ක්රියා කරගෙම යායුතු යැයි විශ්වාස කරන හිමෙන් වැසි ඉතා උස් කඳු මුදුන් වල තිබෙන හින්දු මන්දිර කිහිපයක් ගැනයි.
මෙම මන්දිර විශාල ප්රමාණයක් වන්දනා කිරීම ඉතාම අසීරු කාර්යයක් වන්නේ දරා ගත නොහැකි මට්ටමේ අධික සීතලෙන් යුත් කඳු මුදුන් වල මේවා පිහිටා තිබීමයි. එසේ වුවද හිදූන්ගේ ආගම් භක්තිය කොතෙක්ද කිවහොත් දුෂ්කර තාවය නොතකා වසරකට දහස් ගණනින් බැතිමතුන් මෙම මන්දිර වන්දනාව පිණිස පැමිණෙනවා. 
 
 
01.පාන්ච් කේදර්
පාන්ච් කේදර් යනුවෙන් සුප්රකට මන්දිර පහක් ඉන්දියාවෙ තියෙනවා. මේ පහම තිබෙන්නෙ හිමෙන් වැසෙන කඳු ප්රදේශ වල 
 
i. කේදර්නාත් 
 
මෙම මන්දිරය නම් ලංකාවෙත් ප්රසිද්ධ වන්නෙ මේ නමින් හැදුන සිනමාපටය නිසා. සිනමාපටය නැරඹූ අය දන්නවා කෙතරම් අලංකාර නමුත් දුෂ්කරතාවයෙන් පිරි දර්ශන තල එහි තිබුණාද කියන්න.
ශීතල උත්තරාඛන්ඩ් ප්රාන්තයේ පිහිටා තිබෙන කේදර්නාත් දෙවාලය ඉදිකිරීමට යෙදුනු රජකු වන කේදර් ගේ නමින් නම්කොට තිබෙනවා. මන්දිරය බැතිමතුන්ට විවෘත වන්නේ අප්රේල් සහ මැයි මාස වල අක්ෂ ත්රිතිය මුල් කරගෙනයි.එය වසා දැමෙන්නේ ඔක්තෝබර් මාසයෙ. මන්දිරයට වාහන වලින් යා නොහැකි අතර කිලෝ මීටර් 22කට ආසන්න ප්රමාණයක දුරක් අසුන්, පෝනියන් හෝ ශක්තිමත් මිනිසුන්ගේ පිටින් යායුතු වෙනවා.හිතා ගන්න කෙතරම් දුෂ්කර ගමනක්ද කියා.
ඔක්තෝබර් සිට අප්රේල්/මැයි දක්වා කාලයේ දේවාලය වසා දැමුවද අවාරයේ සිරිපා වඳින්නන් මෙන් හිමෙන් වැසි කේදර්නාත් වන්ඳනා කිරීමටද බැතිමතුන් පැමිණෙනවා.
මන්දාකිණී නදියේ අතු ගංගා දෙකක් මැද දූපතක් ලෙස කුඩා කේදර්නාත් නගරය පිහිටා තිබෙනවා. 2013 ජූනි මස ඉන්දියාවේ හිමාචල් ප්රදේශ්, හර්යාන,උත්තරාඛන්ඩ් ,ජම්මු කෂ්මීර් ප්රාන්ත වලට සහ දිල්ලි මධ්යම පාලන ප්රදේශයටත්, නේපාලය සහ ටිබෙටයටත් ඇද වැටුණ අධික වර්ෂාව හේතුවෙන් කඳුමුදුන් වලින් ඇද හැලෙන ගංගා පිටාර ගලමින් පහලට ඇදෙන්න උනා. මේ හේතුව නිසාම කේදර්නාත් මන්දිරයට කිලෝමීටර හයක් දුරින් පිගිටි චර්බාරි ජලාශයේ කේදර් වේල්ල පුපුරා යාම නිසා පහලට ගලා ආ නොසිතිය හැකි ප්රමාණයේ ජල කඳ මගින් කේදර්නාත් මන්දිර බූමිය සහ නගරය සෝදාගෙන පහලට ඇදුනා. අතු ගංගා දෙකකට මැදිවී තිබෙන නගරයට මෙහි බලපෑම විශාල එකක් වුනා. 


 
එහෙත් ඉන් වසර කිහිපයකට පසුව නැවතත් කේදර්නාත් නගරය ගොඩ නැගුණු අතර මන්දිරයද නැවත බැතිමතුන් වෙත විවෘත වුණා. 
 




 
 
ii. තුංගනාත් 
 

 
පන්ච්කේදර් වලින් එකකි.
මහපොළව මත තිබෙන ශිව මන්දිර වලින් උසම ස්ථානයේ පිහිටි ශිව මන්දිරය ලෙස සැළකෙන්නේ තුංගනාත් මන්දිරයයි.
මෙයද පිහිටා තිබෙන්නේ දෙවියන්ගේ භූමිය නමින් හැඳින්වෙන ශීතල උත්තරාඛන්ඩ් ප්රාන්තයේ රුද්රප්රයාග් දිස්ත්රික්කයේ චන්ද්රනාත් කඳු වැටිය මතය.
මෙහි තිබෙන කලුගල් ශිවලිංගය "ස්වයම්භූ" නොහොත් ඉබේ හටගත් ශිව ලිංගයක් ලෙස විශ්වාස කෙරෙනවා.
මහාභාරතයේ එන පාණ්ඩවයන්ගෙන් කෙනෙක් වන අර්ජුන විසින් ඉදි කිරීමට යෙදුනා යැයි මිත්යා කතා වල සඳහන් වන තුංගනාත් මන්දිරය වසර දහස් ගණනකට පසුව සොයා ගනු ලබන්නේ ආදි ශංකරාචාර්ය විසිනි.රාමා භාවනාවේ යෙදුනායැයි කියන චන්ද්රශීලා කඳු මුදුනද මෙම මන්දිරය ආසන්නයේ තිබේ.
චොප්ටා නගරයේ සිට කිලෝමීටර 4ක පමණ හරිත වර්ණ අලංකාර ඝණ වනාන්තරයක් තුලින් යාමෙන් පසු මෙම මන්දිරයට ලඟා විය හැක. කේදර්නාත් මෙන්ම සීතලෙන් අධික මන්දිර භූමියට සීතල නොතලා බැතිමතුන් යති එති.
 
 

 
iii.රුද්රනාත් 
 

 
ශිවගේ රුදුරු ස්වරුපයක් වන්දනා කිරිමා උදෙසා ඉදිවී තිබෙන බැවින් රුද්රනාත් නමින් මෙම මන්දිරය හැඳින්වෙනවා .මෙයද පිහිටා තිබෙන්නේ උත්තරාඛන්ඩ් ප්රාන්තයට අයත් හිමාලය කඳු වැටියේ ඝර්වාල් කලාපයේ මූදු මට්ටමින් මීටර 3800ක් පමණ උසකින් ය.
මෙහි තිබෙන ශිව මූර්තියේ මුහුණ මුඛවාඩමකින් වසා තිබෙනවා. එය ඉවත් කරන්නේ උදෑසන පූජාව උදෙසා පමණි. එබැවින් එම අවස්ථාව නැරඹීම සඳහා උදෑසන පූජාව අවස්ථාවේ බැතිමතුන් පොර කමින් ගැවසෙන බව වාර්තා වෙනවා.
මෙහි පැමිණීම සඳහා මණ්ඩල් සිට ආරම්භ වන ගමන සීග්ර බෑවුම් සහිත බූමියක් පසු කර දල බෑවුම් ප්රදේශයකට එලඹෙනවා. ලිටි බුග්යාල් හරගා පනාර් බුග්යාල් තෙක් ගොස්.පනාර් බුග්යාල් සිට කිලෝමීටර 8ක කඳුකර ගමනකින් පසුව මන්දිරය වෙත ලඟා විය හැකිය. මෙම වන්දනා ගමන උදෙසා අවම දින තුනක්වත් වැය වෙනවා.
 
 

 
iv.කල්පේශ්වර් 
 

 
උත්තරාඛන්ඩ් ප්රාන්තයේම මූදු මට්ටමින් මීටර 2134 ක් උසින් පිහිටා තිබෙන මෙම මන්දිරය අනෙක් මන්දිර මෙන් කාලයකට වසා නොතැබෙන වසර පුරාම විවෘතව පවතින්නක්.
මෙම මන්දිරයේ ශිවගේ ජඨාව වන්දනා කෙරෙන බැවින් ජඨාධර් ශිව හෝ ජඨේශ්වර් ලෙසින්ද එය හැඳින්වෙනවා.
මන්දිරය ට ලඟා වීම සඳහා හෙලාං සිට උර්ගම් තෙක් කි.මී.10ක් දුරක් වාහනයකින් යා හැකි අතර උර්ගම් සිට කල්පේශ්වර් තෙක් කඳු මුදුන් මතින් කිලෝ මීටර් 2ක පමණ දුරක් යා යුතු වෙනවා.මෙම ගමනේ දි නන්දා දේවි, ත්රිශූල් වැනි කඳු වල අලංකාර දර්ශන දක්නට ලැබෙන බැවින් සංචාරකයන් අතර ප්රසිද්ධය.
 
 
v.මධ්යමේශ්වර්/මද්මහේශ්වර් 

 
උත්තරාඛන්ඩ් ප්රාන්තයේම, හිමාලය කඳු වැටියේ ඝර්වාල් කලාපයේ ගෞන්ඩර් නම් ගම්මානයේ මෙම මන්දිරය පිහිටා තිබෙනවා.ඒ මූදු මට්ටමින් මීටර 3,497ක් පමණ උසින්. මෙහිදි ශිව ගේ නාභිය වන්දනා කෙරෙන බැවින් මධ්යමේශ්වර් ලෙසින් හැඳින් වෙනවා. කේදර්නාත්,තුංගනාත්,සහ රුද්රනාත් මන්දිර වන්දනාවෙන් පසු මධ්යමේශ්වර් වන්දනා කලයුතු බවත් මධ්යමේශ්වර් වලින් පසු කල්පේශ්වර් වන්දනා කල යුතු බවත් සිරිතයි.
ඉහතින් සඳහන් කල පන්ච් කේදර් මන්දිර වන්දනාව දින 16-20ක් පමණ වැය වෙන වන්දනා ගමනකි. පාන්ච් කේදර් ප්රසිද්ධ වුවද එම මන්දිර වන්දනාව අතරේ හමුවන වෙනත් මන්දිර ප්රමාණයද සිය ගණනකි.
 
 
02.අමර්නාත් 

 
ලොව පුරා හින්දු බැතිමතුන් අතර වඩා ප්රසිද්ධ මන්දිරය මෙය විය හැක. මන්දිරයක් ලෙස හැඳින්වුවද එය ජම්මුකෂ්මීර මධ්යබලප්රදේශයේ මූදු මට්ටමින් මීටර 3,888ක් ඉහලින් පිහිටා තිබෙන ගුහාවකි. මෙම ගුහාව තුලදක්නට ලැබෙන්නේ ඝන හිම කුට්ටියකි. එය හින්දු බැතිමතුන් විසින් හිමෙන් සැදුනු ශිව ලිංගයක් ලෙස සලකති. අමර්නාත් පදි යාත්රා නොහොත් අමර්නාත් වන්දනාව කෙතරම් දුෂ්කරද යනු එම වන්දනාවේදී ඇතැමුන් ස්වර්ගස්ථ වෙති. ඔවුන් වචනයේ පරිසමාප්තියෙන්ම ස්වර්ගස්ථ වන බව විශ්වාස කෙරෙති. 
 

 
03.කෛලාශ පර්වතය 

 
මෙය මන්දිරයක් නොවේ. එහෙත් හිමාලය කඳු වැටියේ කෛලාශ කලාපයේ මීටර 6638ක උසින් යුත් මෙම කඳු මුදුන ශිව සහ පාර්වතියගේ වාස භවනය බව හින්දූන් විශ්වාස කෙරෙනවා. එහෙත් මෙහි වන්දනාව දුෂ්කර වන්නේ කඳු වැටියේ උස නිසාම නොව දේශ සීමා අර්බුද බැවිනි. එම කඳු වැටිය චීනයටද , ටිබෙටයටද අයත් වන අතට හඳුනා ගත් ඉන්දු දේශ සීමාව ආසන්නයේ පවතිනවා.
ආසියාවේ දිගම ගංගා අතට වැජඹෙන ඉන්දු නදිය, බ්රහ්මපුත්ර නදිය ,කර්නාලි නදිය මෙම කෛලාශ පර්වතයෙන් ආරම්භ වෙනවා.
මෙය හින්දු පමණක් නොව ජෛන සහ බෞද්ධයන් අතරද ප්රසිද්ධ වන්දනා ස්ථානයකි. 
 

 
04.කාර්තික් ස්වාමි මන්දිරය 

 
උත්තරාඛන්ඩ් ප්රාන්තයේ , හිමාලය වැටියේ ඝර්වාල් කලාපයේ මීටර 3050ක පමණ ඉහල හිමෙන් වැසි බිමක මෙම මන්දිරය පිහිටා තිබෙනවා. ශිව සහ පාර්වතියගේ පුත්රයෙක් ලෙස සැළකෙන කාර්තිකේය වෙනුවෙන් මෙම මන්දිරය කැපකර තිබෙනවා.
ගනේෂ විසින් කාර්තිකේය පරාජය කල අවස්ථාවක කාර්තිකේය මෙම ප්රදෙශයට පලාවිත් වාසය කල බව හින්දු විශ්වාසයකි.
ආසන්න නගරයක් වන රුද්රප්රයාග් සිට කණක් චෞරි සිට කි.මී.38ක් පමණ මෝටර් රියකින් පැමිණ කණක් චෞරි සිට අලංකාර දර්ශණ දැකිය හැකි කඳුකර මාර්ගයක් ඔස්සෙ කි.මී.2.5 ක් පමණ පසු කර මෙම මන්දිරය වෙත ලඟා විය හැක.
ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්රිතව තව විශාල මන්දිර , ආරාම ප්රමාණයක් තිබුණත් ඒවා සියල්ල විස්තර කිරීම මේ වගේ ලිපියකකල නොහැක්කක්. කැමති අයට හොයලා බලන්න පුළුවන් . දුෂ්කර ගමන් වලට කැමති,සංචරණයට කැමති අයට මේ ස්ථාන ගිහින් දැක බලා ගන්නත් පුළුවන් .
- ආර්යන්-

No comments:

Post a Comment

another chapter..........

භාරතයේ විත්ති - 47- හිමගිර අරණ

මේ මාතෘකාවෙ ලිපියක් අවසාන වරට දාලා තියෙන්නෙ අවුරුද්දකට කලින්. ලිපි පෙල අමතක වෙලත් ඇති. ඉන්දියාව පුරා පැතිරී පවතින හින්දු මන්දිර ප් ‍ රමාණය ක...

popular chapters