භාරත විත්ති – 14 – “රෝස සහ නිල්”


https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A

pink11

රෝස සහ නිල් කියන්නෙ ගැහුණුන්ට රෝසත් පිරිමින්ට නිලුත් කියන්න නෙමේ…
ඉන්දියාවෙ රාජස්ථාන් ප්‍රාන්තෙ නගර දෙකක් හඳුන්වන්නෙ ඒ නමින් නිසා..ඒවා තමයි

1. රෝස නගරය – ජායිපූර් 2. නිල් නගරය – ජෝද්පූර්

ඒ ගැන කියන්නන තියෙන ගොඩාක් දේවල් වලින් ටිකාක් කියන්නයි මේ සූදානම….

“රෝස නගරය – ජායි පූර්”
pink1 https://www.google.lk/search…
ඉන්දියාවේ ප්‍රථම සැළසුම් සහගත ක්‍රමාණුකූ නගරයයි රාජස්ථාන් හි අගනුවර වන ජායි පූර්..
ලංකාව වගේ 5 ගුණයක් විශාල රාජස්ථාන් ප්‍රාන්තයේ ජායි පූර් විශාලම නගරයයි.එය ව.කි.මී.200.4 ක් ලෙස ඉන්දීය මිනුම්පති පවසනවා….වත්මනෙහි මිලියන 5ක් ජනගහණයක් ජායි පූර් වල වාසය කරනවා…එය දිල්ලි සිට කි.මී.262 ක්ද ආග්‍රා සිට කි.මී.232 ක්ද දුරින් පිහිටා තිබෙණවා..

pink5
 

මේක රෝස නගරය වුනේ කොහොමද?!..
දිග කතාවක් කෙටියෙන් කියන්න වෙනවා..
රාජස්ථාන්හි සිටි විශිෂ්ඨම රාජ වංශයක් වන “කච්චවාල” රාජ වංශය මුලින්ම අගනගරය කර ගත්තෙ කඳු ආශ්‍රිත “ඇම්බර් නගර්(ආමේර්) හි ය.මේ රාජ වංශයේ එක රජෙක් හිටියා “මහ රාජා ජයි සිං” කියලා..මේ ජයි සිං මහ උගතෙක්..ගණිතඥයෙන්..ජ්‍යෝතිර්වේදියෙන්..තාරකා විද්‍යාව හොඳින් හැදෑරූ අයෙක්…11 වන ලිපියෙන් කියවුන “ජන්තර් මන්තර්” පවා මෙතුමා විසින් ඉදිකරනු ලැබූවක්.
මෙතුමාට කඳුකර ජීවිතය ආසා නොවූ නිසා වෙන ස්ථානයක අග නුවර ඉදි කිරීමේ වුවමනාවක් ඇති වෙනවා.ගණිතඥයෙක් වුන මෙතුමා මේ කාර්යය බෙංගාලි ජාතික පඬි වරයෙක් වුන “ගුරු විද්‍යාධාර භට්ටාචාර්ජී” ට පවරනවා…මේ පඬි වරයා විසින් මනා සැළසුමකට අනුව ජායි පූර ඉදිකරවනවා…නගරය “නව ග්‍රහයින්ට” අනුව ප්‍රධාන කොටස් 9කට බෙදා තිබුණා…සෑම කොටසක්ම වෙන් වන ප්‍රාකාර සහ ගේට්ටු තිබුණ අතර ප්‍රධාන ගේට්ටු 7ක් තිබුණා….ප්‍රධාන වීදී උතුර සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් කෙලින් විහිදෙනවා…මෙ වීදි අදටත් එසේමයි.නැගෙනහිර දොරටුව “සූරජ් පෝල්” ලෙසද බටහිර දොරටුව ” චන්ද්‍ර පෝල්” ලෙසද හැඳින් වෙන අතර වැඩි මනක් දොරටු දකුණු දෙසට පිහිටා තිබෙනවා…

pink4

නගරයේ වීදී, ගොඩනැගිලි,සඳලුතලා, මාළිගා සියල්ලම ටෙරාකොටා වර්ණයකින් වර්ණ කර තිබෙනවා…රෝස නගරය කියන්නේ මේ නීසායි…රෝස පැහැ කිරීමට නිශ්චිත හේතුවක් නැතත් ඇතැමුන් පවසන්නේ කාන්තාර දේශගුණය සහ දැඩි හිරු රශ්මියට ඔරොත්තු දීමට මේ වර්ණය යොදාගෙන ඇති බවයි.ඇතුමුන් පවසන්නේ මුඝල් සම්ප්‍රදායේ රතු ගල් වල ආභාෂය අනුව මේ වර්ණය යොදා ගෙන ඇති බවයි.
1876 දී 7 වන එඩවඩ් රජු පැමිණීම නිසා මුලු නගරයම නැවත් වර්ණ කල අතර ඉන් පසු සෑම වසර 10කටම වරක් නගරයේ නැවත වර්ණ ගැන්වීම කරනවා…
ජායි පූර් ගැන වෙනම පොතක් ලිවිය හැනි බැවින් මෙතැනින් නවතිමි..

(‘Hawa Mahel’ palace – Jai Pur )
pink2

“නිල් නගරය – ජෝද්පූර්”
pink6 https://www.google.lk/search…
 
ජායි පූර වගේ ලොකු කතාවක් නම් ජෝද්පූර් ගැන කියන්න නෑ…”රාජ්පුත් ” වංශිකයන්ගෙ නිජ බිම වෙන ජෝද්පූර් රාජස්ථාන් වල දෙවැනි විශාලම නගරය.”තාර් කාන්තාරය” අසල පිහිටි බැවින් දැඩි හිරු රශ්මියකින් යුතු නිසා “සන් සිටි” ලෙසද ජෝද්පූර් හැඳින්වෙනවා.
pink10 මෙයට නිල් නගරය ලෙස හැඳින්වෙන්නේ පැරණි නගරයේ ගොඩනැගිලි වලින් බහුතරයක් නිල්වර්ණයෙන් යුතු නිසා.පැරණි නගරය පවුරකින් සීමා වෙන අතර පවුරෙන් මෙපිට නව නගරය ඉවක් බවක් නැතිව වැඩී ඇති අතර වර්ණයෙන් විශේෂත්වයක් නෑ..
pink7
 

මේ නිල් නගරය ඉන්දීය සිනමා පට වල දර්ශණ තල සඳහා බහුලව යොදා ගන්නා ස්ථානයක් වන අතර සංචාරක ආකර්ෂණය නොමදව දිනූ පුරයක්…

pink8
pink9

භාරත විත්ති – 13 – “ඉන්දු මහා ප්‍රාකාරය”


https://www.facebook.com/groups/804276106323782/permalink/1447620358656017/?hc_location=ufi

kum.PNG

චීන මහා ප්‍රාකාරය ගැන නොදන්නෙ කවුද..ඒ වුණාට ඉන්දු මහා ප්‍රාකාරය නොදන්න අය ඇති ඕන තරම්.ලෝකයේ දිලම අඛන්ඩ පවුරු අතරින් චීන මහා ප්‍රාකාරයට පමණක්ම දෙවැනි වනඉන්දු මහා ප්‍රාකාරය “කුම්බල්ඝර්” ප්‍රාකාරයයි.

kum1
 

රැජස්තාන් ප්‍රාන්තයේ,උදයිපූර් ආසන්නව,රාජස්මණ්ඩ දිස්ත්‍රික්කයේ පිහිටි “කුම්බල්ඝර් මාළිගය” සහ බලකොටුව වටකොට මෙම මහා පවුර ඊදිකොට තිබෙනවා.
අර්වාල් කඳු වැටි මතින් දිවෙන මෙම පවුර වත්මනෙහි පවතින ආකාරයට තනවා ඇත්තේ “මේවාර්” රාජධානියෙහි මහරාජ වරයෙක් වුන “කුම්බකර්ණ” ( රණාකුම්භ ලෙස වඩා ප්‍රකටය) විසිනි (ක්‍රි.ව.15 වන සියවස 1433-1468).
දිගින් කිලෝමිටර 36ක් වන මෙහි පුළුල්ම ස්ථානය මීටර 15ක් පළල වෙනවා.

kum3 
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙම පවුරින් වට වුන ප්‍රදේශය තුළ හින්දු දේවස්ථාන 300ක් පමණ තිබෙනවා.
19 වන සියවසේ අවසානය තෙක් රජ වරුන් කුම්බල්ඝර් මාළිගයේ වාසය කලා.
මෙම මාළිගයට කුම්බල්ඝර් ලෙම නම් තබා ඇත්තේ පවුරේ බොහෝමයක් තැන් කලගෙඩි (කුම්භ) ආකරයට ඉදිකොට ඇති බැවිනි.සිංහලෙන් කිවහොත් මෙහි තේරුම කලගෙඩි ගෙදර ලෙස ගත හැක.

kum2 කුම්බල්ඝර් බලකොටුව ඉන්දියාව තුළ වැඩිම රහස් ප්‍රමාණයක් සැඟව ඇති ස්ථානය ලෙස පැවසෙනවා….

kum4

භාරත විත්ති – 12 – “ගුලාබ් ගෑංග්”

https://www.facebook.com/groups/804276106323782/permalink/1441806865904033/?hc_location=ufi

මේ කියන්න යන්නෙ රජ්ජෝ දේවි (මධුරි දික්ෂිත් ) සහ සුමිත්‍රා දෙවි (ජුහී චව්ලා ) අතර සටන ඇතුළත්ව ,2014 දි මේ නමින් කරපු සිනමාපටය ගැන නෙමේ.”ගුලාබී ගෑංග්” නමින් ඉන්දියාවේ තිබෙන නිල නොවන කාන්තා එකමුතුවක් ගැනයි.
gulab07
ගුලාබි ගෑංග් සංවිධානය ආරම්භ වෙන්නෙ ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ , බන්දෞසා න්ම ගමේ විසූ “සම්පත් පාල් දේවි” නම්වූ ඉන්දීය කාන්තාව ගෙ අදහසකට අනුව. දිනක් මැය සිය කාර්යයන් නිමවා ගෙදර එනවිට දකිනව ඇගේ මිතුරියකට මිතුරියගේ බීමත් සැමියා විසින් හිංසා කරන ආකාරය.

(Sampathpal Devi)
gulabi4.jpg

සම්පත් මෙම සිදුවීම නවතන්නට උත්සාහ කලත් මිතුරියගේ සැමියා ඇයටත් අඩන්තේට්ටම් කරනවා.ඉක්මනින් ක්‍රියාත්මක වුණ සම්පත් කාන්තාවන් පිරිසක් කැඳවාගෙන ගොස් මිතුරියගේ සැමියාට ගම්මුන් ඉදිරියේ පහර දී ඈව බෙරා ගන්නවා…මෙම අවස්තාවේ සම්පත්ගේ හිතේ ඇති වුණ සිතුවිල්ලක් අනුව ගුලාබි ගෑංග් සංවිධානයේ මූලාරම්භය සිදු වෙනවා.
ඉන්දියාවේ පහ්ත්ම කුලය ලෙස සැලකෙන් “දාලිත්” කුලයේ පිරිස් වැඩියෙන් වාසය කරන බන්දෞසා ගම ප්‍රධාන කොටගෙන ඇති වුණ මෙම සංවිධානයේ 2003 වනවිටදී සාමාජිකයන් 154ක් පමණ වූ බව සඳහන් වන අතර එය 2013 දී අල් ජසීරාට අනුව 400,000 ක් ද හින්දුස්ථාන් ටයිම්ස් වලට අනුව 270,000 කද වෙනවා. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ මෙමෙ සංවිධානයේ සාමජිකයන් විසිරී සිටිනවා.මෙම සාමාජිකත්වය අවුරුදු 12, 16 සිට අවුරුදු 60,70 තෙක් වයස් පරතරයක් ඇති විවිධ වූ කුලවල සහ උගත්, නූගත් කාන්තාවන්ගෙන් සමන්විත වෙනවා.

gulabi1
සංවිධානයේ ප්‍රධානම කර්යයන් වන්නෙ කාන්තා හිංසනයක් දුටු තැන ඊට එරෙහිව නැගී සිටීමයි.මෙම හිංසනයන්ට ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය, දෑවදි ප්‍රශ්න නිසා පිඩ්ඩ විඳින කාන්තාවන් ඇතුළත් වෙනවා. මීට අමතරව ඔවුන් සමාජයට අයහපතක් වෙන වෙනත් කාර්යයන් වලට විරුද්ධවද නැගී සිටිනවා.
2007 දී සම්පත් පාල් දේවිට ආරංචි වෙනවා රජය මගින් පවත්වාගෙන යන සහනාධාර ක්‍රමයක් යටතේ බඩු විකුණන වෙළඳ සැළක භාණ්ඩ වංචා සහගත ලෙස නගරයේ සුප්‍රිවෙළන්නද සැළකට ගෙනයන බව. මුලින් අදාල අධිකාරීන්ට දැන්වුවද පලක් නොවූ තැන ක්‍රියාත්මක වන ඔවුන් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ වලට පහර දීම මගින් භාණ්ඩ නගරයට ගෙන යාම වළක්වනවා.

gulabi2
 
2008 දී විදුලි කාර්යාලයක් වටලන ඔවුන් , අල්ලස් ගෙන විදුලිය ලබා දීමට ප්‍රතික්ෂේප කල නිලධාරීන්ට දඬුවම් කරනවා. ( මෙ සිදිවීම් සිනමා පටයටත් ඇතුළත් වුණා ).
2007දී දාලිත් කුලයේ කාන්තාවක් දූෂණය කල ඉහල කුලයක පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා ගුලාබී ගෑංග් සාමාජිකාවන් අදාල පොලිසියට ගොස් පොලිස් නිලධාරියාට සහ අපරාධ කරුට පහර දීම කරනවා. මෙ ගුලාබි ගෑංග් වරියන් ප්‍රථම වතාවට දඬුවමක් ලෙස හිංසනය භාවිතා කල අවස්ථාවයි.
සාමාජිකාවන් ඔවුන්ගේ සහ සමාජයේ අනෙකුත් කාන්තාවන්ගෙ සුභසාධනය උදෙසා විවිධා කාර්යයන් කරන අතර ම අඩු අධ‍යාපනයක් ඇති කාන්තාවන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලබා දීමටද කටයුතු කරනවා.මීට අමතරව සටන් පුහුණු කරවීමත් ඔවුන්ගේ එක් කාර්යයක්.

gulabi3පසු කලෙක මෙම සංවිධානය සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු වීමත් සමගම විවිධ වාර්තා වැඩසටහන් සිදු කරනු ලබන අතරම”Pink Sari Revolution ” නමින් කෘතියක් සහ 2014 දී “ගුලාබ් ගෑංග් ” නමින් සිනමා පටයක්ද එළි දැක්වෙනවා.
gulab06සාමාජිකාවන් සියල්ලන්ම රෝස ඵැති සාරි අඳිනවා. රෝස පැහැයට හින්දියෙන් කියන්නෙ “ගුලාබ්”. මෙම නිසාම මේ කාන්තා එකමුතුව ගුලාබි ගෑංග් ලෙස නම්කොට තිබෙනවා.

භාරත විත්ති – 11 – “ජන්තර් මන්තර්”





https://www.facebook.com/groups/804276106323782/permalink/1440811246003595/?hc_location=ufi

මේ කියන්න යන්නෙ 1724 දි ඉන්දියාවෙ නව දිල්ලි වල මහ රාජ් ජයි සිං 2 විසින් ඉදි කරවනු ලැබූ “ජන්තර් මන්තර්” ගැන. වචනාර්තයෙන් ජන්තර් මන්තර් යනු “යන්ත්‍ර මන්ත්‍ර” යන්නයි.

jan4
ගොඩනැගිලි 13කින් යුත් මෙම සංකීර්ණය ඉදි කරවීමේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නෙ ජ්‍යෝතිෂ කටයුතු,හිරුගේ ගමන (විද්‍යත්මකව නම් පෘථිවි පරිභ්‍රමණය ) සහ කාල නිර්ණයන් උදෙසායි.මහරාජා ජයි සිං විසින් මෙම සංකීර්ණය ඉදිකරවනු ලැබුවේ මෝගල් අධිරජ මුහම්මද ෂාහ් විසින් දිනදර්ශණය සහ ජ්‍යෝතිෂය සනන්දහා භාවිතාවන දින දර්ශණය ( ලිත යැයි උපකල්පණය කරමු ) සංශෝධණය කිරීමේ කාර්‍යයභාරය ඉටු කිරීමේ එක අංගයක් ලෙසයි.
මෙම සංකීර්ණයේ ප්‍රධානම යන්ත්‍ර 3
1. සම් රාට් යන්ත්‍ර
2. ජයප්‍රකාෂ් යන්ත්‍ර
3. මිශ්‍රා යන්ත්‍ර

ලෙස නම්කොට තිබෙණවා.
 
“සම් රාට් යන්ත්‍ර”
මෙය ප්‍රධානම යන්ත්‍රයයි.මෙහි සම්මුඛපාදය අඩි 70ක්ද බද්ධ පාදය අඩි 114ක්ද කර්ණය අඩි 128ක්ද වන ලෙස වුණ සෘජුකෝණී ත්‍රිකෝණායක ආකාරයෙන් වන ප්‍රධාන කොටසද ඊට දෙපසින් මදක් වක්‍රාකාර වුණ කොටස්දෙකකින්ද යුතු වෙනවා.( ඡායා රූප බලන්න ).ඉහත කියූ සෘජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය ප්‍රථිවියේ අක්ෂයට සමාන්තර බව කියවෙනවා.දෙපසින් ඇති කොටස් දෙකින් පැය, මිනිත්තු සහ තත්පර ගණනය කළ හැකි වෙනවා.

jan3




“ජයප්‍රකාෂ් යන්ත්‍ර”
අර්ධගෝලාකාර , අවතල මුහුණතක් සහිතව සහ මුහුණතෙහි සිදුරු සහිතව ඉදිකොට ඇති මෙම යන්ත්‍රයෙන් ප්‍රතිවියේ හා ඊට සමාන්තරව ආකාෂයෙහි තරු පිහිටීම නිරීක්ෂණය කල බව කියවෙනවා. මෙහි විශේෂත්වය නම් ලෝක සිතියමක ප්‍රක්ෂේපණයට සමාන ආකරයකින් මෙම යන්ත්‍රය නිමවා තිබීමයි.
jan05
jan04

“මිශ්‍රා යන්ත්‍ර”
ප්‍රථිවියේ දිර්‍රඝතම සහ කෙටිම දින ගණනය කිරීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කොට තිබෙණවා.තවද දිල්ලියෙන කෙතරම් දුරුන් තිබුණද ඉන්දියාවේ නගර වල නය මධ්‍යාහ් ඉතාම නිරවද්‍ය ආකාරයෙන් , මෙම යන්ත්‍රය භාවිතයෙන් ගණනය කල හැකි බව පැවසෙනවා.( ඡායා රූප නරඹන්න ).
jan07
jan08
jan06

1858 දී මෙම සංකීර්ණයට යම් යම් හානි සිදු වුනත් පසුව ප්‍රතිසංස්කරණය කෙරුණා.
jan03

තවත් කාරණාවකින් මෙය ගෘහ නිර්මාණ ශිල්පීන අතර ප්‍රකටයි.එනම් මෙම සංකීර්ණයේ ඇති ගොඩනැගිලි එකල පැවති ගෘහනිර්මාණශිල්පීය ලක්ෂණ වලට වඩා නවීණ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කිරීමයි….
jan5


භාරත විත්ති – 10 – ‘අරුම පුදුම දේවාල’



https://www.facebook.com/groups/804276106323782/permalink/1343868372364550/?hc_location=ufi

හින්දු බැතිමතුන් බහුතරයක් සිටින,දහස් ගණනින් දේවාල ඇති ඉන්දියාවේ පහත දැක්වෙන දේවාල 5 යම් යම් කාරණා මත පුදුම උපදවන සුළු දේවාල ලෙස සළකණවා….
ඒවා නම්;

01.කෛලාස දේවාලය – එල්ලෝරා-මහාරාෂ්ඨ්‍ර
19temp kail.PNG

02.පද්මනාබස්වාමි දේවාලය-තිරුආනන්ද පුරම්/තිරුනවනාත පුරම්/ත්‍රිවේන්ද්‍රම් – කේරළ
14temp padmana

03.වීර භද්‍ර දේවාලය – ලෙපාක්ෂි-ආන්ද්‍ර ප්‍රෙදේශ්
5temp veerabhadra.PNG

04.බ්‍රිහධීශ්වරා දේවාලය – තන්ජාවූර් – තමිල්නාඩු
4temp brihadheeshwara.PNG

05.හිරු දෙවි දේවාලය – කොණරාක් – ඔඩිස්සා/ඔරිස්සා
3temp konarak

මෙහි දී මෙම දේවාල වල ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පයන් කලාත්මක භාවය වැණි කාරණා කතා නොකෙරෙන්නේ එසේ වුවහොත් මෙය ඉතාම දීර්ඝ ලිපියක් විය හැකි බැවිණි…මේ දේවාල පුදුම උපදවන සුළු දේවාල ලෙස සළකන්නේ ඇයිදැයි බලමු.(අවරෝහණ පිළිවෙලට පෙල ගස්වා ඇත )
05. හිරු දෙවි දේවාලය https://www.youtube.com/watch?v=K9RF9lLBIMs
## විශාල දේවාලයක් වන මෙය පිටතින් බලන විට පෙනෙන්නේ විශාල යුධ් රථයක් ලෙසටය.
## විශාල අශ්වයින් 7 දෙනෙකු විසින් රථය ඇදගෙන් යන ලෙස තනා තිබුණු අතර මේ වන විට අශ්ව රූප නටඹුන් වී ඇත.
## නැගෙනහිර ගංගා රාජධාණියේ නරසිම්හ 1 විසින් (ක්‍රි.ව.1225)ඉදි කළ බව කියැවේ.
## දේවාලයේ ප්‍රධානම සහ විශාලතම කොටස 17ත් වන ශත වර්ෂයේදී විනාශ වී ඇත.
## මේ දේවාලයෙහි විනාශ වී ගිය කොටසෙහි ටොන් 52 ක් බරැති කාන්දම් තිබුණු බවට සොයාගෙන ඇත.
## මේ කුමණ කටයුත්තක් සඳහාද යන්න තවමත් පැහැදිලි මතයක් නැත.
## ඇතැමුන් ගේ මතය වන්නේ වෙනත් ග්‍රහලෝක වල ජීවීන් සමග සංනිවේදනය කිරිමෙ මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිතා කර ඇති බවයි.
## විශාල යුධ රථයක් ලෙස නිමවා ඇති දෙවොලේ හිරු ලකුණින් යුතු රථ රෝද කැටයම් කොට ඇති අතර මෙම රෝද වල අක්ෂ වල සෙවනැල්ලෙන් නිවැරදිව වේලාව පැවසිය හැකි බව කියවේ.
## යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත.

04.බ්‍රිහධීශ්වරා දේවාලය https://www.youtube.com/watch?v=D3yBuyu_FOA
## ඉන්දියාවේ විශාලම දේවාල වලින් එකකි.
## දේවාලය ඉදි කිරීම සඳහා ග්‍රැනයිට් ටොන් 130000 ක් යොදාගෙන ඇති බව කියැවේ.
## මීටර 66 ක් උසැති “විමාණය” ( දේව , යක්ෂ රූප් අඹා ඇති ත්‍රිකෝණා කාර කොටසා උඩ තනා ඇති “කුම්භම්” (ගෝලාකාර හෝ වෘත්තා කාර ) අංගය සඳහා ටොන් 80 ක් බරැති තනි ග්‍රැනයිට් ගලක යොදා ගෙන ඇත.
## වසර දහසකට පමණ පෙරදී මෙතරම් බරැති ගල් මීටර 66ක් වැනි උසින් යුතු විමානයෙහි සවි කිරීමට කෙසේ එස්වූවාදැයි අභිරහසකි.
03.වීර භද්‍ර දේවාලය https://www.youtube.com/watch?v=YsraSAKe9oA
## 16 වන සියවසේ ඉදි කර ඇති බව කියවේ.
## දේවාල ඉදිකිරීමෙ එක් ක්‍රමයක් වන “විජයනගර්” සම්ප්‍රදායට අනුව ඉදි කර ඇති මෙහි ප්‍රධාන ශාලාව “මුඛ මණ්ඩපම්” නමින් හැඳින්වේ.
## විශ්මයට කාරණාව නම් මුඛ් මණ්ඩපම් හි ඇති ගල් කණු 70න් එකක් පොළවට සම්බන්ධ් වී නොමැති වීමයි.
## එනම් ගල්කණුව පොළව මත තබා තිබෙන අතර එය සම්බන්ධ කර නොමැත.
## කණු යටින් කඩ්දාසි රෙදි වැනි දෑ එහා මෙහා කල හැක.

7temp veerabhadra
8temp veera


10temp veerabhadra

(දේවාලයේ ඇති පාසටහන් කැටයම )
9temp veera

02.පද්මනාභස්වාමි දේවාලය https://www.youtube.com/watch?v=lliy2YdSNXQ
12temp padmanaba.PNG
## මුළුමහත් ලෝකයෙන්ම ධනවත්ම දේවාලයයි
## දේවාලය කවර කාලයක ඉදි කලාදැයි පැහැදිලි සාක්ෂි නැත.
## කේරළ සහ දමිල සම්ප්‍රදායන් මිශ්‍රව දේවාලය තනවා ඇත.(ගෝපුරම්, උස් බිත්ති, විමාන රූප )
## ප්‍රධාන වශයෙන් ,”ආනන්ද ශයනම්” ආසනයෙන් නිදන වෛශ්ණව දෙවියන් වෙනුවෙන් කැප කර ඇති අතර ට්‍රෙවන්කෝර් රජ පවුලේ කුළ දේවතාවා වූ “පද්මනාභස්වාමි” වෙනුවෙන්ද් පූජා පැවැත්වේ.
## භූගත් විශාල කාමර වැණි සේප්පු 8ක් ඇති අතර ඉන් 5ක් මෙවන විට විවෘත කර ඇති අතර 3ක් සංවෘතය.
## සේප්පු විවර කල අවස්ථාවේ ලඟ සිටියවුන් නෙත් අදහා ගත් නොහැකිව අන්ද් මන්ද් වූ බව කියැවේ.
## මන්ද යත් ඉන්දියාවෙ හෝ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකදි එක වර දැක ගත නොහැකි තරමේ නිධානයන්ගෙන් මේ සේප්පු 5 පිරී තිබීම් නිසාය.
## මේ අතර “අධිශෙෂන් ” නාගයා පිට “ආනන්ද ශයනම් ” ආසනයෙන් නිදන වෛශ්ණව දෙවියන්ගේ කිලෝ 32ක් බරැති පිරිසිදු ර පිළිමය, ක්‍රිශ්ණ දෙවියන්ගේ කිලෝ 5ක් බරැති පිරිසිදු රන් පිළිමය සහ එවන් පිළිම් විශාල ගණනක් ද, රන් රිදී වලින් තැනූ විවිධ භඬ වර්ගද,කාසි, මුතු , මැණික් හා දියමන්ති ද විය..
14temp padmana
13temp padmanaba
17temp padmana
18temp padmana

## දැනට විවෘත කල සේප්පු වල ඇති ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 22 ක් බව තක්සේරු කොට ඇත.
## වසා ඇති සේප්පු වල ඇති ධනය පිළිබඳව කිසිවෙකුටත් අදහසක් නැත.
## වඩාත්ම පුදුම උපදවන් ක නම් දේවාලයේ අවසාන සේප්පු දොරයි.
## විශාල නාග රූප් දෙකක් කැටයම් කර ඇති මෙම දොර මොනම ආකාරයකින්වත් විවෘත් කල නොහැකි බව කියවෙන අතර එය විවෘත කිරීම සඳහා රහස් මන්ත්‍රයක් අවශ්‍ය බව සහ එම මන්ත්‍රය දත් අයෙක් මේ වන විට නොමැති බවද් කියැවේ.
16temp Padmanabhaswam_Door

## මෙම සේප්පුවෙ විශාල දැණුම් සම්භාරයක් ගබඩා කොට ඇති බව ඇතැමුන් පවසන අතර ඇතැමුන් පවසන්නෙ අනෙකුත් සේප්පු වල මෙන්ම විශාල ධනස්කන්ධයක් ගබඩා කොට ඇති බවයි.
## ඇතැමුන් පවසන්නෙ මෙමෙ දොර විවෘත කලහොත් විශාල ව්‍යසනයකට මුහුණ පෑමට සිදු විය හැකි බවයි..
## ඒ කෙසේ වුවද මෙතරම් ධනයක් කොහෙන් ලැබුණාද?!…. කිසිසේත්ම ඇරිය නොහැකි දොරින් යුතු කාමරයේ කුමක් ඇතිදැයි යන්න විශ්මයක් ම පමණි.

01.කෛලාශ දේවාලය https://www.youtube.com/watch?v=B2Jl4HNDixc
## විශාල පිහිටි කළු ගලක් හාරා විදීමෙන් මෙම විශ්මය ජනක දේවාලය නිමවා ඇත.
## දේවාලය නිමවීම සඳහා එකදු ගලක්වත් වෙනත් තැනකින් ගෙනවිත් හෝ සම්බන්ධ කර නොමැත.
## සියල්ලම පිහිටි ගල විද , හාරා ඉදි කොට ඇත.
## එතරම් තාක්ෂණයක් නොතිබුණු යුගයක මෙතරම් විශාල දෙවොලක් , ගලක් හාරා ඉදි කලේද යන්න විශ්මය ජනකය.
## දේවාලයෙහි ඇති සියුම් ලියකම් කැටයම් තවත් පුදුම උපදවන සුළුය.
## ඇතැමුන් පවසන්නෙ මෙම දෙවොල් ඉදි කිරීම සඳහා පෘතුවියෙන් පිට ග්‍රහයක ජීවීන්ගේ උදවු ලබාගෙන ඇති බවයි.
## මගේ පෞද්ගලික් හැඟීම් නම් එවන් දේ පැවසීම්, මෙතරම් උත්කෘෂ්ඨ නිර්මාණයක් , සිය දෑතේ විරියෙන් තැනූ මිනිසුන්ට කරන බලවත් අපහාසයක් සහ අසාධාරණයක් බවය…..

20temp kail

භාරත විත්ති – 09 – “ඇට කටු පොකුණ”

https://www.facebook.com/groups/804276106323782/permalink/1342145039203550/

 

roop

උතුරු ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයක් වන “උත්තරාඛාන්ඩ්” ප්‍රාන්තයේ , “ත්‍රිශූල්” කන්දෙහි බෑවුමක මෙම පොකුණ පිහිටා ඇත.
roop0

මුහුදු මට්ටමින් මීටර 5029ක් ඉහලින් පිහිටි, කඳු නගින්නන්ගෙ නොමද ආකර්ෂණය දිනූ මෙම පොකුණ ප්‍රසිද්ධ වන්නේ එය ඉවුරු වල, අවට ප්‍රදේශ වල සහ පතුලෙහි දක්නට ලැබෙන දහස් ගණනක් වූ මිණී ඇට සැකිලි, මිණී හිස් නිසාය.



ග්ලැසියර ගහණ ප්‍රදේශයක පිහිටි,උපරිම ගැඹුර මීටර 2 ක් පමණ වණ “රූප් කුන්ඩ්” නමින් හඳුන්වන මෙම පොකුණෙහි හිම දියවන කාලයට පතුලෙහි ඇති ඇට සැකිලි සහ මිණී හිස් පැහැදිලිවම දැක ගත් හැකිය.
1942 දී “නන්දාදේවි” වනෝද්‍යාණයේ වනජීවි නිළධාරියෙක් වුණ එච්.කේ.මද්වාල් විසින් ප්‍රථම වතාවට මෙම පොකුණ ගැණ වාර්තා කලද පසුව සොය ගත් වාර්තා වලට අනුව 19 වන සියවසේදිද් යම් යම් තැන් වල මෙම පොකුණ ගැණ සඳහන් වී ඇත.
මෙය සොය ගැණීමත් සමගම කලබල වූ බ්‍රිතාණ්‍යයන් සිතුවේ මේවා ආක්‍රමණික ජපන් හමුදාවකගේ මිණී කැබලි බවය..එහෙත් පසුව අණාවරණය වුනේ මේවා ඊට වඩා පැරණි ඒවා බවය.
නැශනල් ජියෝග්‍රෆි සඟරාවේ වාර්තාකරුවන් කිහිපදෙනෙකු පර්යේශ්ණයකට ලබාගත් මිණී සැකිළි 30 ක ඒ වන විටත් මස් කැබලි පැවති බව ඔවුන් සඳහන් කර තිබේ.
Roopkund-Indiahikes-Nikeshep-Trinetra-1

ප්‍රදේශයේ ජනප්‍රවාදයක් වන්නේ “කණෞජ්” හි මහරජ, ඔහුගෙ ගැබිණි මහ බිසව “අම්බලා” , අනෙකුත් බිසෝවරු, පිරිවර, සේවකයන් සහ නෘත්‍යකාරයන් “නන්දාදේවි “ දෙවොල වන්දනා කිරීමට ගිය අවස්ථාවක පැමිණි හිම කුණාටුවකින් ඔවුන් මියගොස් මිණී කන්දෙන් පහලට පෙරලී මෙම පොකුණ අවට විසිරී ඇති බවයි..
තවත් තැනක කියවෙන්නේ කෂ්මීර්හි සේනාපති “සෝරාවර් සිං” සහ පිරිස ටිබෙටය සමග යුද්ධයකට ගොස් එන අතර ඇතිවූ හිමකුණාටුවකට මැදිවී මිය ගොස් ඔවුන්ගේ ඇට කැබලි මෙසේ පවතින බවයි….
ඇතැමුන් පවසන පරිදි මේව බිලි දුන් හෝඅ සියදිවි හානිකර ගත් අයගේ ඇටකැබලි බවයි…

roop7
ජාන විද්‍යාඥ “නීරජ් රාජ්” සහ “මන්මේන්ද්‍ර සිං” විසින් , ඇට කැබලි සහ හිස් කබල් 100ක නියැදියක් යොදා ගණිමින් කල DNA පර්යේෂණයකින් ඔවුන් සනාත කරගත්තේ මින් 70%ක් ඉරාණ ජාතිකයන්ගේ සහ ඉතිරිය ඉන්දියානුවන්ගෙ බවය.
තවත් පිරිසක් පවසන්නේ 9 වන සියවසේදි වුණ විශාල ජණ සංහාරයක් නිසා මෙසේ වූ බවය.
තවත් විද්‍යාඥයන් පිරිසක් ඇටකැබලි 2004ක් යොදා ගනිමින් කල පර්යේෂණයකින් මේවා විවිධ පුද්ගල කණ්ඩායම් රැසකට අයත් බව ප්‍රකාෂ කර සිටියා…තවදුරටත් ඉන් කොටසක් උසින් අඩු පිරිසක් බවත් තව කොටසක් උසින් වැඩි, මරාති ජාතික “කොණ්කානාස්ක් බ්‍රාහ්මණ” වරුන් ට සමාන අය බව ප්‍රකාෂ කලා….
මොවුන්ගේ මරණයට හේතු වුණ පොදු කරුණක් ඔවුන් සොය ගත්තා…එනම් හිසෙහි ඉහලට වන්නට පිටුපසින් වෘත්තාකාර යමක ගැටීමෙන් සියලු දෙනාගෙම මරණය සිදුවී ඇතිබවය…
විවිධ පාර්ශව විසින් විවිධ මත පල කලද මේ වන විටත් මෙසේ මිය ගොස් ඇති මේ මිනිසුන් කොහේ ගියාද, කෙසේ මියගියාද යන්න ගැන නිසි නිගමනයකට පැමිණ නැත…
මොවුන්ගේ ඇට කැබලි තවත් දශක හෝ ශතක ගණනාවක් ඉතාම මනස්කාන්ත පරිසරයක් වන “උත්තරාඛාන්ඩ් – ත්‍රිශූල කඳු පන්තියට” ගුප්ත බවක් මුසු කරමින් , නොවිසඳුනු අභිරහසක්ව පවතීවි….

(Trhishul)
roop10

Thrishul vally
roop12

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters