මිහිරී මතකයේ රැඳී... 05 🕣📺🎬🎞️📽️🎥📻❤️ "ඉමදිය මංකඩ"

 

මේ කතාව කාගෙ එකක්ද අධ්යක්ෂක කවුද තිර රචනාව කාගෙද කිසි දෙයක් මට මතක නෑ . කතාව විකාශය වුනේ 90 දශකයේ අග භාගයේ.
එක්තරා කුලයක පිරිසක් වෙසෙන ගම්මානයක් වටා තමයි කතාව ගෙතිලා තිබුණෙ. කතාවෙ චරිත නාම වලින් මතක සොම්මරයා, රන්නි විතරයි. ගමේ ප්රධානියා හැඳින්වූයේ උලු ගෙදර ඇත්තො වගේත් මතකයි. 
 
 
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️
 
චරිත
ජෝ අබේවික්රම - උලුගෙදර ඇත්තෝ
වීණා ජයකොඩි - උලුගෙදර ඇත්තන්ගේ බිරිඳ
චාන්දනී සෙනෙවිරත්න - රන්නී
හේමසිරි ලියනගේ - රන්නීගේ සැමියා
සෞම්ය ලියනගේ - සොම්මරයා / රන්නීගේ මලයා
ගයනි ගිසන්තිකා (වගේ තමයි මතක ) - උලුගෙදර ඇත්තන්ගේ දුව
ලක්ෂ්මන් මෙන්ඩිස් - කරත්ත කරුවෙක් / වෙලෙන්දෙක්
සිරිල් වික්රමගේ - වෙලෙන්දෙක් 
 
🎬
 
 

කතාවෙ හැටියට සොම්මරයා මෝඩපහේ කෙනෙක්,රන්නිගෙ මලයා. උලුගෙදර ඇත්තන්ගෙ වැඩපල කරගෙන ඉන්නෙ. රන්නි තරමක් රූපයක් තියෙන කෙනෙක් නිසාම කිහිප දෙනෙක් ගෙදරට එනවා යනවා. උලුගෙදර ඇත්තොත් ඒ අතරෙ ඉඳලා තියෙනවා තරුණ කාලෙ.
හේමසිරි ඔරු කාරයෙක්. රන්නිගෙ ගේ තියෙන්නෙ ගඟක් ගාව තරමක් උස ඉවුරක වගේ මතකයි.
මේ අතරේ උලුගෙදර ඇත්තන්ගෙ මහගේ සොම්මරයව යවනවා කොහේ හරි (මතක නෑ). රන්නී සහ මහගෙ දෙන්නට දෙන්නා පෑහෙන්නෙ නෑ. දකින දකින තැන ඇණුම්පද කියා ගන්නවා. සොම්මරයව පිටමං කරන එකට තරහ ගන්න රන්නි මහගෙට බණිනවා. මට එක දෙබසක් මතකයි. 


 
 
"උඹලගෙ මුට්ටියෙ බත් නැති උනාට ඒකාට අපේ ගෙදර බත් තියේ " කිය කිය බණිනවා. මේකට හිත නොහොඳ වෙන මහගෙ යනවා සොම්මරයව ආපහු එක්කං එන්න. යන්නෙ කරත්තෙක.උලුගෙදර ඇත්තො එපා කියද්දි හොරෙන් යනවා වගේ මතක.කරත්ත කාරයා ලක්ෂ්මන් මෙන්ඩිස් වගේ තමයි මතක. මේ යන අතරේ මහගෙව දූෂණය කරනවා කරත්ත කාරයා. ආපහු එන මහගෙව උලුගෙදර ඇත්තො බාර ගන්නෙ නෑ. මහගෙ ගිහිං ගඟක පැනලා මැරෙනවා. අවතාරය කරත්ත කාරයා පස්සෙ යනවා වගෙත් මතකයි.
 

 
ඒවා එහෙම වෙද්දි සොම්මරයා ආපහු ගමට එනවා. සමහර සිද්දි මතක නෑ. සොම්මරයා කොහෙ හරි කරත්තෙන් යන්න ඉද්දි කවුරු හරි කරත්තෙ කඩ ඇණේ පන්නනවා. ඒ නිසා රෝදෙ ගැලවිලා ගිහින් සොම්මරයා වැටිලා කකුලක් කැඩෙනවා . සොම්මරයට තෙල් සාත්තු කරන්නෙ උලු ගෙදර තියාගෙන, උලුගෙදර දුව. මේ අතරේ දෙන්නා අතරෙ සම්බන්ධයක් ඇති වෙනවා . දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරෙනවා . ඒ දර්ශණය පෙන්නන්නෙ තෙල් බෝතලේ වැටිලා තෙල් බින්දුව බින්දුව බිමට වැටෙන විදිහට බව මට හොඳට මතකයි.
අන්තිමේ උලුගෙයි ඇත්තො එයාගෙ තනතුරයි උලු ගෙදරයි සොම්මරයට සහ දුවට දීලා ගමෙන් පිට වෙලා යන එකෙන් තමයි කතාව ඉවර වෙන්නෙ. 
 

 
මේකත් මම බලපු ලස්සනම කතාවක්. හොඳම නලු නිලි පිරිසක් දායක වුණ එකක් නිසා ආයෙ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
සංගීතය කාගෙන්ද මතක නැති උනත් ජන සංගීතය මිශ්ර ලස්සන සංගීතයක් තිබ්බා. තේමා වාදනය යද්දි පෙන්නන්නේ හේමසිරි ලියනගේ ගිනිගොඩක් ගාව නටන දර්ශණයක්.
ලංකාවෙ ප්රේක්ෂකයන් ගෙ අවාසනාවට මේවා ලයිබ්රි වල තියෙන චැනල් ආපහු පෙන්නන්නෙ නෑ. පෙන්නන්නෙ හැමදාම එකම කසි කබල් ටික. 2018 විතර හවස 3ට පිටගම් කාරයො පෙන්නන්න පටං ගත්ත රැල්ල දිගටම ඒ වගේ හොඳ නාට්ය පෙන්නයි කියලා හිතුවත් ඒකෛවර වෙච්ච හැටියෙ පළමු වරට පෙන්නලා එච්චර කාලයක් නොගිය කසි කබල් නාට්යයක් පෙන්නන්න ගත්තයින් ඒ බලාපොරොත්තුවත් නැති උනා.
අඩු තරමෙ අන්තර්ජාලයේවත් මේ නාට්ය ගැන විස්තරයක් හෝ වීඩියෝ කෑල්ලක්වත් හොයා ගන්න නෑ.
ඒ නිසා අඩු තරමේ මේ විස්තරයවත් දැන ගන්න ආස කෙනෙක්ට වටීවි.
ආයෙ හමු වෙමු 
 
- ආර්යන්-✍️

මිහිරී මතකයේ රැඳී... 04 ❤️❤️❤️🕣📻🎵🎥🎞️📽️🎬📺 "නිසල විල "

 

1999 හෝ 2000 වර්ෂයේ පමණ ජාතික රූපවාහිනියෙන් විකාශය වුන නාට්යයක් තමයි නිසල විල.
ජයසේන ජයකොඩිගේ අතිශය ජනාදරයට පාත්ර වුණ නවකතා පෙලක එක් කතාවක් වුන "අරලියා මල් ආරාමය" නවකතාව ආශ්රයෙන් තමයි නිසල විල නිර්මාණය වුනේ. 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

චරිත
රාහුල හාමුදුරුවෝ - සුමින්ද සිරිසේන
සුමේධා (වගේ තමා මතක ) - අමා විජේසේකර
කමලාවතී - චාන්දනී සෙනෙවිරත්න
සුමේධා ගේ මව - පද්මිණී දිවිතුරගම
සුමේධාගේ මාමා - රිචර්ඩ් වීරක්කොඩි
සුමේධාගේ පෙම්වතා - රවීන්ද්ර යසය්
ලොකු හාමුදුරුවෝ - කේ.ඒ.මිල්ටන් පෙරේරා
නන්දාරාම හාමුදුරුවෝ - නලින් ප්රදීප් උඩවෙල
පංසලේ ඇබිත්තයා - හේමසිරි ලියනගේ
අරලියමල් ආරාමය කියවපු නැති අයට හා නිසල විල අමතක අයට කතාව කිවුවොත්. 
 

 
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

අනුරාධපුරය වගේ පැත්තක ගමක තියෙන ආරණ්යක වාසය කරන හිමි නමක් රාහුල හිමි.ඉතාම සංසුන් ඇවතුම් පැවතුම් තියෙන හිමි නමක්.
 

 
ඒ ගමේම කඩයක් කරං ඉන්න පවුලක දුව සුමේධා (නම ඒක වගේ මතක ). සුමේධාගෙ හිත රාහුල හිමි අතරත් කඩේට බඩු අරං එන තරුණයෙක් අතරත් දෝලනය වෙනවා . රාහුල හිමි භාවනා කරන කරන තැනට ගිහින් කියවන එක සුමේධා නිතර කරන දෙයක්. රාහුල හිමි ඒ කිසිවකටත් ඇහුම්කන් දෙන්නෙ නෑ. රාහුල හිමි භාවනා කරන තැන ඉතාම නිසල විලක් තියෙනවා.
මේ අතරේ කඩේට බඩු ගේන තරුණයා අනතුරක් වෙලා මුදලාලිගෙ ගෙදර නවත්තන් වෙදකම් කරනවා. ඒ අතරේ මේ තරුණයා අතින් සුමේධා අනාත වෙනවා. සුමේධා මේසිද්දියත් විල ලඟ භාවනා කර කර ඉන්න හාමුදුරුවන්ට කියනවා. එයා කියනවා දරුවගෙ තාත්තා හමුදුරුවන් කියලා කියන බවත්. නමුත් හාමුදුරුවන් කිසි දෙයක් පවසන්නෙ නෑ. 
 

 
දුවට දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගන්න අම්මා පහර දෙමින් අසන විට ය කියනවා රාහුල හිමි අතින් ගැබ් ගත් බව. මේත් සමග ඇති වෙන්නෙ ලොකු ප්රශ්නයක්. මුලු ගමම පංසල අත් හරිනවා. සුමේධාගේ චන්ඩි මාමා කෙනෙක් වන රිචර්ඩ් වීරක්කොඩි තුවක්කුවත් ගෙන ගොස් හාමුදුරුවන් ට තර්ජනය කරනවා සුමේධාව විවාහ කර ගන්නා ලෙස. ඒත් වෙඩි තබත්වාබ් කියා හාමුදුරුවන් භාවනා කරමින්ම සිටිනවා. පංසලට දානය නොලැබී යන්නේ චන්ඩි මාමාගේ තර්ජන නිසා. එහෙත් කමලාවතී (චාන්දනී ) පමණක් පංසල සමගම සිටිනවා. දවසක් පංසලට දානෙ අරං එන කමලාවති දකිනවා හාමුදුරුවන් දානෙ පිලියෙල කරනවා . මේක දැකලා දුක් වෙන කමලාවතීට හාමුදුරුවන් කියන්නෙ
" කොස් කාලෙට චීවරෙත් කොහොල්ලෑ කියනවනෙ උපාසකාම්මෙ " කියලා. 
 

 
දරුවා හම්බ උනාට පස්සෙ ගෙනත් දානවා පංසලට. කමලාවතී දරුවව බාරගන්න සූදානම් වුනත් චන්ඩි මාමාගේ තර්ජන වලට බයේ නැවත දරුවව පංසලෙන්ම තියනවා. ඇබිත්තයා (හේමසිරි ) ගෙ රැවුම් ගෙරවුම් අතරෙම රාහුල හාමුදුරුවෝ දරුවට කිරි පොව පොවා හදා ගන්නවා.
සියල්ල අවසාන වෙන්නෙ සුමේධා ඇත්ත පාපොච්චාරණය කිරීමත් රාහුල හිමියන්ගේ සිල්වත් බව තව තවත් ඔප්පු වීමත් සමග. 
 
 
නාට්යයට නිසල විල කියලා දාන්න හේතු දෙකක් තියෙන්න ඇති කියලා හිතෙනවා.
එකක් රාහුල හිමිත් නිසල විලක් වගේ, ගැඹුරුයි, කැලඹීමක් නෑ. සියල්ල නිසලව ඉවසා සිටිනවා.
අනෙක තමයි රාහුල හිමියන්ට සුමේධා පවසන සියලුම දේට නිහඬ සාක්ෂි කරු තමයි උන්වහන්සේ භාවනා කරන තැන තියෙන නිසල විල. 
 
මෙහි සංගීතය ඉතාම ලගන්නා සුලු එකක්. මට දැනුත් ඇහෙනවා. ගයාන් ගණකාධාර විසින් තමයි සංගීතය කරලා තිබ්බේ. බටලී, වයලීන්,කල ආදිය යොදාගෙන අපූරුවට සංගීතය් නිර්මාණය කරලා තිබ්බා.
එම වර්ෂයේ සුමති සම්මාන උළලේ හොඳම නලුවා ලෙස සුමින්ද සිරිසේනත් හොඳම නිලිය ලෙස චාන්දනී සෙනෙවිරත්නත් සම්මාන ලබනවා. 
 


 
- ආර්යන්- ✍️

මිහිරී මතකයේ රැඳී ... 03 - "සෙක්කු ගෙදර"

 





මේක නම් විකාශය වුනේ මම ගොඩක්ම පොඩි කාලෙ නිසා එහෙන් මෙහෙන් මතකයක් තමයි තියෙන්නෙ.
සම්පුර්ණ කතාව මතක නෑ.
 
රංගවේදීන් ගැන කිවුවොත් 
 
සිරිල් වික්රමගේ වගේ මතක - සෙක්කු ගෙදර රාලහාමි
හාමිනේට හිටියෙ කවුද මතක නෑ
චාන්දනී සෙනෙවිරත්න - සෙක්කු ගෙදර ලොකු දුව
ගීතා කාන්ති ජයකොඩි - සෙක්කු ගෙදර පොඩි දුව
රොබින් ප්රනාන්දු - සෙක්කු ගෙදර ප්රධාන සේවකයා 
 
 
සෙක්කු ගෙදර කියන්නෙ පළාතෙ නම්බුකාර පවුලක් පදිංචි වෙලා හිටි වළව්වක්. මේ ගෙදරට සෙක්කු ගෙදර කිවුවේ සෙක්කු තිබ්බ නිසා. සෙක්කුවෙන් තෙල් හිඳින එක මේ ගෙදර ප්රධාන ආදායම් මාර්ගයක්.
මෙහෙම ඉන්න අතරේ දවසක් රොබින් ප්රනාන්දු කා එක්ක හරි රන්ඩුවක පැටලෙනවා. ආපහු සෙක්කු ගෙදරට කරත්තෙ ඇදන් හරකා දුවගෙන එනවා. කරත්තෙ දපලා ඉන්නෙ මැරිච්ච රොබින් ප්රනාන්දු. මේක දකින ගීතා කාන්ති කලන්තෙ දාලා වැටෙනවා. එතකොට තමයි සෙක්කු ගෙදර අය දැන ගන්නෙ ගීතා කාන්තිට රොබින් ප්රනාන්දු ගෙන් ළමයෙක් ලැබෙන්න හිටි බව. මේ කරදර නිසා සෙක්කු ගෙදර රාලහාමියි හාමිනෙයි මැරිලා යනවා. 
 
 

 
මට මතක විදිහට කතාව යන්නෙ අතීතාවර්ජනයක් විදිහට. රොබින් ප්රනාන්දු ගෙන් ගීතා කාන්තිට ලැබෙන ළමයා හරි හිතුවක්කාර හෝ තරමක් මොලයේ අඩුවක් තිබුණ ළමයෙක් වගේ මතකයි. චාන්දනී හෝ ගීතා දෙන්නගෙන් කවුරුත් විවාහ වෙන්නෙ නෑ. රාලහාමි මැරුනට පස්සෙ සෙක්කු ගෙදර ධනය සහ බල පරාක්රමය හීන වෙලා යනවා.
චාන්දනී ගීතාගෙ ළමයට හරි ආදරෙයි. 
 
 

 
ඔච්චර තමයි මතක. කාට හරි මතකයක් තියේනම් කියන්න.

මිහිරී මතකයේ රැඳී.... 02 - වෙස් ගත්තෝ

 

සමන්තා ඈපාසිංහ කියන නිලිය කවුද කියන එක තේරුනේ මේ ටෙලි නාට්යය නිසා.
මේකෙ චරිත නාම වලින් මතක තියෙන්න්ත් සමන්තාගෙ චරිතය විතරයි .
සිතාරා දේවි. 
 
රංගන දායකත්වය කිවුවොත් 
 
සිතාරාදේවි - සමන්තා ඈපාසිංහ
රිචර්ඩ් වීරක්කොඩි - සිතාරා දේවිගේ සැමියා (පලිපාන වළව්වෙ හාමු )
රංගන ප්රේමරත්න - සිතාරාදේවිගේ අනියම් සැමියා
ගයනා සුදර්ශණී - මෙහෙකාරිය
චන්න පෙරේරා - මෙහෙකාරියගේ පෙම්වතා
නලින් ප්රදීප් උඩවෙල - සොර කන්ඩායමේ සාමාජිකයෙක් 
 
 
පලිපාන වළව්ව කියන්නෙ බොහෝම පරණ නම්බු කාර වළව්වක්. දැන් වල්ලව්වෙ උරුමකාරයා තමයි අන්ධ හාමු (රිචර්ඩ් ) . මෙයා බැඳලා ඉන්නෙ හිටපු ජනප්රිය නිලියක් වෙන රූමත් සිතාරාදේවිව. සිතාරා දේවි සැමියාගෙ අන්ධ බව ප්රයෝජනයට ගෙන රංගන ප්රෙමරත්න සමග අනියම් ඇසුරක් පවත්වනවා. 
 


 
මේ හාමු මහත්තයා විදුලි කාර්මික වැඩ වල ඉතාම දක්ෂයෙක්. වළව්වෙ තියෙන රහස් සේප්පුව ඉතාම ප්රසිද්ධ රහසක්.ඒක හාමු මහත්තයා හදපු එකක්.
ගයනා සුදර්ශණී කියන්නෙ දුප්පත් කෙල්ලක්. ලස්සනට අඳින්න පලඳින්න කැමති. මෙයා යාලු වෙලා ඉන්න චන්න පෙරේරා සංවිධානාත්මකව වෘත්තීයමය සොර කම් කරන කන්ඩායමක සාමාජිකයෙක්.
මේ සොර කන්ඩායමේ අරමුණ තමයි පලිපාන වලව්වෙ සේප්පුව ගැන දැන ගන්න එක සහ ඒක කඩන එක.
ඒකට යොදා ගන්නෙ ගයනාව. වළව්වෙ සිතාරාදේවිට ඇප උපස්ථාන කරන්න සේවිකාවක් හොයන දැන්වීම දැකපු හොර කන්ඩායම ගයනව යවනවා වළව්වට.
වළව්වෙ මුල් දවස් ටික ඉතාම කරදරකාරි ඒවා.හේතුව සිතාරා දෙව් අමුතුම පන්නයේ කෙනෙක් වීම. වෙලාවකට යක්ෂණියෙක් වගේ කේන්ති යනවා.වෙලාවකට ඇස් රතු වෙන විහිලු. අල්මාරිය ඇරලා ඕන ඇඳුමක් ඇඳලා බලන්න කියලා , ඇඳුම් ඇන්දට පස්සෙ තෝ මොකද මගෙ ඇඳුම් ඇඳන් ඉන්නෙ ගලවපං කියන ජාතියෙ කෙනෙක්.
කතාවෙ අචේතනික ප්රධාන චරිතය තමයි සේප්පුව. සේප්පුව තියෙන්නෙ එක කාමරේක. එතන සේප්පුව තියෙනවා කියලා කාටවත් පේන්නෙ නෑ. කාන්තාවකගේ ජීවමාන ප්රමාණයේ සිතුවමක් බිත්තියේ එල්ලා තිබෙනවා. ඒ සිතුවමට පිටුපසින් තියෙන රහස් කුටියක තමයි සේප්පුව තියෙන්නෙ. සේප්පුව අරින්න රහස් අංකයක් තිබෙනවා. සේප්පුවෙ කුටි තුනක් තියෙනවා. එකක මුදල් සහ අනිකෙ ඉතාම වටිනා රන් ආභරණ දියමන්ති ආදිය තියෙනවා.
තුන්වෙනි කුටියෙ තියෙන්නෙ මොනවද කියන්න කවුරුත් දන්නෙ නෑ.
වැරදිලාවත් සේප්පු දොර වැහුනොත් හුස්ම හිරවෙලා මැරෙන්න තමයි හදලා තියෙන්නෙ.
සිතරා දේවි මුලින්ම ගයනාට සේප්පුව පෙන්නන දවසෙ සේප්පුවට දාලා දොර වහලා තියලා ආයෙ අරිනවා. ඒවගේ වැඩ තමයි එයා කරන්නෙ.
ඔහොම ඉන්න අතරේ සිතාරා දේවි මැරෙනවා. මැරෙනව කිවුවට හාමු මරනවා. ඊට පස්සෙ හාමු ගයනා එක්ක ප්රේම සම්බන්ධයක් පටන් ගන්නවා. දැන් ගයනට තමුන් වළව්වට ආපු කාරණය මතක නෑ.හාමු විදිහට තමයි හැසිරෙන්නෙ. අන්ධහාමුටත් පාට් දාගෙන තමයි ඉන්නෙ.දවසක් සිතාරාදේවිගෙම ඇඳුම් ඇඳන් හාමුත් එක්ක ගයනා පාටියකට ගිහින් ඉද්දි බීලා ඉන්න රංගන ඇවිත් දෙන්නට බණිනවා. ගෑනි මරාගෙන ගෑණිගෙම ඇඳුම් අන්දලා වැඩකාරි එක්ක රවුම් ගහනවා කියලා.
එදා රෑ වළව්වට ඇවිත් ගයනා හාමු එක්ක රන්ඩු වෙනවා. මට මතක විදිහට එයාට සේප්පුව බලන්න ඕනෙ කියනවා. 
 

 
සේප්පු කුටි දෙකක් ඇරපු ගයනට ඒවයෙ තියෙන දේවල් දැකලා තන්හාව ඉහට ගහනවා. තුන්වෙනි කුටියෙ මොනවද තියෙන්නෙ කියලා බලන්න ඒක අරින්න හදනකොටම සේප්පු දොර වැහෙනවා. ගයනා සේප්පුවෙ හුස්ම හිරවෙලා මැරෙනවා. හාමුට ඕන වුනෙත් ගයනාගෙන් නිදහස් වෙන්න.ගයනගෙ උද්දච්ච හැසිරීම් එපා වෙලා හිටියෙ හාමුට.
පස්සෙ පොලිස් පරීක්ෂණ වලදි හෙලි වෙනවා හාමු අන්ධ නෑ, අන්ධ විදිහට රඟපාලා කියලා. 
 
 
 

 
මේ ටෙලි නාට්ය මා ලංකාවෙ දැකපු හොඳම ත්රිලර් වර්ගයේ ටෙලි නාට්යයක්. විකාශය වුනේ 1990 දශකයේ අග භාගයේ හෝ 2000 දශකයෙව්මුල භාගයේ.
වළව්වට රිංගන්න එන නලින් ප්රදීප් වෙඩි පහරකින් හරි වැටිලා හරි මැරෙනවා.
චන්න පෙරේරා දුකින් ඉන්නවා ගයනා මැරුන එක ගැන.
ඕන්න ඔහොමයි වුනේ.. ඕන්න ඔහොමයි ඒ කාලෙ ටෙලි නාට්ය.
පින්තුරයක්වත් වීඩීයෝවක්වත් හොයා ගන්ට නැත.
ආයෙ හම්බ වෙමුකො 
 
- ආර්යන්-

මිහිරී මතකයේ රැඳී

 01 - හුමාලය

 
 
 මම ලියන්න කල්පනා කලා ලංකාවෙ පෙන්නපු පරන සුපිරිම ටෙලි නාට්ය කිහිපයක් ගැන ලිපි පෙලක්.
මේකෙදි මම , ලංකාවෙ හොඳම නාට්යය සෙට් එක කියලා හැමදාම පට්ට ගහන දඬුබස්නාමානය, කන්දෙගෙදර,අකාල සන්ධ්යා, දූ දරුවෝ ඇතුලු සෙට් එක ignore කරනවා. ඕක පට්ට ගහලම දැන් හැමෝටම පත්තියම් වෙලා තියෙන්නෙ මේ ටික තමා හොඳම කියලා. ඔය සෙට් එක පට්ට ගහන්නෙ ඒ ටික රූපවාහිනියෙන් දකින්න නොලැබුනත් යූ ටියුබ් හෝ වෙනත් ක්රමයකින් ඒ ටික විතරක් දකින්න ලැබුන නිසා ඒ ටික හොඳයි කියලා දකින අය. ඒත් ඒවා සහ තවත් ඒවා රූපවාහිනියෙන් ම දකින වාසනාව ලැබුන අය අතරින් කෙනෙක් නිසා ඔය සෙට් එකේ තියෙන ඒවට් වඩා හොඳ ඒවා තිබ්බ බව මම දන්නවා.ඔයාතරෙන් දඬුබස්නාමානය අවිවාදයෙන් හොඳම එකක්. ඒ ගැන ලියන්න යන්නෙ නැ බොරු වැඩක් නිසා. 
 
01 හුමාලය 
 
 
මේක මම මේ තාක් බලපු නාට්ය වලින් ආසම එකක්. කොටස් 16 සරලයි සුපිරියි.
ශ්රීලාංකිය චිත්රකතා කලාවේ රජෙක් වුණු පී.වික්රමනායකගේ "කොරටුවේ ගෙදර " චිත්ර කතාව ආශ්රයෙන් උදයකාන්ත වර්ණසූරිය විසින් ටෙලිනාට්යයක් ලෙස නිර්මාණය වුවක් තමයි "හුමාලය". 
 
 
හුමාලයේ රංගන දායකත්වය කිවුවොත්
විජය නන්දසිරි - නාත් අයියා
දේවිකා මිහිරාණි - ලොක්කි/ලොකු දුව (නම මතක නෑ)
රත්ණාවලී කැකුණවෙල - කොරටුවෙ ගෙදර හාමිනේ
රූබී ඩි මෙල් - රට උලු ගෙදර හාමිනේ
සුනීතා විමලවීර - මද්දුමී
යශෝධා විමලධර්ම - චුට්ටී
ජෝ දඹුලු ගල - කොරටුවේ ගෙදර ලේකම් මහත්තයා
රාජා සුමනපාල - රට උලුගෙදර ගාඩ් මහත්තයා/ගාඩ් අයියා
රංගන ප්රේමරත්න - ලොක්කි විවාහ වෙන කෙනා (නම මතක නෑ )
තමාරා දිල්රුක්ෂි 
 
 
කතාව දැන් හොයා ගන්න නැති නිසා කතාව කෙටියෙන් කිවුවොත්
කොරටුවේ ගෙදර ලේකම් මහත්තයාගෙ නංගි (රූබී ඩි මෙල් ) විවහ වෙලා ඉන්නෙ රට උලු ගෙදර ගාඩ් මහත්තයා එක්ක.
කොරටුවේ ගෙදට දුවලා තුන් දෙනයි. ලොක්කි , මද්දුමී, චුට්ටි සහ එක පුතයි (නලුවගෙ නම මතක නෑ )
රට උලුගෙදර ලොකු පුතා නාත් සහ දුව (තමාරා ).
නාත් සහ ලොක්කි ප්රේම සම්බන්ධයක් තියෙනවා වගේම . කොරටුවෙ ගෙදර පුතා නාත්ගෙ නංගි එක්ක ප්රේම සම්බන්ධයක් තියෙනවා. මේ විදිහට් නෑයො තවත් නෑකම් තද කරගනිමින් සමගියෙන් ඉන්න අතරේ නාත්ට දැනගන්න ලැබෙනවා කොරටුවෙ ගෙදර පුතා වෙන කෙනෙක් එක්කත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඒකට තරහා ගන්න නාත් ලොක්කිවත් ප්රතික්ෂේප කරනවා. මේකෙන් දෙගොල්ලන්ගෙ සම්බන්ධය කැඩෙනවා. ඔය අතරේ කොරටුවෙ ගෙදර ලොකු පුතා යාලු කෙනාගෙ ගෙදරින් මගුල් කතා කරන්න එන දවසේ ගාඩ් මහත්තයා බීලා ගිහින් රන්ඩු කර ගන්න නිසා සම්බන්ධය කැඩිලම යනවා. ඒ රන්ඩුවක් අතරේ ගාඩ් මහත්තයගෙ පපුව හිර වෙලා එයා මැරෙනවා.
ඊට පස්සෙ ලොක්කිව බන්දලා දෙනවා රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක් වෙච්ච රංගන ප්රේමරත්නට. ලොක්කි ඒ ගෙදරට යන්නෙ තමුන්ගෙ ගොලු නංගි වෙච්ච චුට්ටිත් එක්ක.
ගාඩ් මහත්තයගෙ මරණයත් එක්ක පවුල් දෙක නයි වෛර වෙනවා.
මේ අතරේ ලොක්කිට දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙ ඉද්දි රංගන අතින් චුට්ටිත් අනාත වෙනවා. ඒ දෙන්නගෙ සම්බන්ධය එහෙම හැදෙනවා. අන්තිමේ ලොක්කි දරුවත් එක්ක ගෙදර ආවට පස්සෙ මේක දැනගන්න ලැබිලා චුට්ටිට හොඳටම ගහනවා. ලොක්කිත් දරුවා අරං මාතර මහ ගෙදර යනවා.
 

 
එදා රෑ චුට්ටිත් රත්නපුරේ ගෙදරින් පැනලා මාතර මහ ගෙදර එනවා. ගේ ගාවටම ඇවිත් ගෙදරට නොගිහින් එයා කෝච්චියට පනිනවා.නමුත් කෝච්චිය නවත්තන නිසා එයා මැරෙන්නෙ නෑ. කෝච්චියෙ ගාඩ් වෙන්නෙ නාත් (විජය නන්දසිරි ). නාත්ගෙ නංගි විවාහ වෙලා රට උලු ගෙදර පදිංචි නිසා නාත් අම්මා එක්ක පදිංචි වෙලා ඉන්නෙ railway quarters වල. නාත් චුට්ටිව එක්කං යනවා එහෙ. එහෙ ඉද්දි නාත්ට විවාහ යෝජනාවක් ගේනවා ලොකු වළව්වකින්. ඒ වළව්වෙ ගෑණු ළමයා කොරටුවෙ ගෙදර මද්දුමී (සුනීතා විමලවීර) ගෙ හොඳම යාලුවෙක්. මද්දුමී මගුල ගැන ආරංචි වෙලා ලියුමක් යවනවා ඒ ගෑණු ළමයට, චුට්ටි නාත් අයියා අතින් අනාත වුනාය ඒ නිසා දැන් ඉන්නෙ එහෙ ය කියලා.ඒක විශ්වාස නොකර වළව්වෙ කට්ටිය මගුල් කතා කරන්න යන වෙලාවෙ මේරූ උදරයක් එක්ක චුට්ටි එනවා ඒ අය ඉන්න තැනට. ඒ සිද්දිය නිසා නාත්ගෙ මංගල්ලෙ කැඩෙනවා.
ඒකට නාත්ගෙ අම්මා චුට්ටිට ඇණුම්පද කියනවා. ළමයා හම්බ වෙනකල් ඉවසං ඉන්න චුට්ටි ඊට පස්සෙ රෑක ගිහින් කෝච්චියට පැණලා මැරෙනවා.
සියලු දෙනා නැවත එකතු වෙන්නෙ චුට්ටිගෙ මරණය නිසා. ලොක්කි චුට්ටිගෙ දරුවව බාර ගන්නවා. නාත් ලොක්කි සමග ගිහින් රත්නපුරේ සිය සැමියා සමහ සමාදාන කරවලා එනවා.
ඒ එනගමනෙ නාත් සහ මද්දුමී තනියම කාර් එකේ එන්නෙ. මේ වෙනකොට මද්දුමීගෙ දුශ්ඨ ගති මැකිලා ගිහින් නාත්ට එයා කරපු දුෂ්ඨකම් ගැන ලොකු දුකකින් ඉන්නෙ.
කතාව අවසාන වෙන්නෙ මද්දුමී සහ නාත් එකතු වෙනවා යන්න සංඛේතාත්මකව පෙන්නමින්. 
 
 
කතාව සරලව එසේයි. නමුත් මෙහිදී විශේෂයෙන් කිවයුත්තේ චරිත ඉදිරිපත් කිරීම ගැන . ඉතාම විශිෂ්ට ස්වාභාවික ලෙස චරිත ඉදිරිපත් කරනවා සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්. විශේෂයෙන්ම මම මතක් කරනවා රත්නාවලී මහත්මිය සහ සුනීතා විමලවීර. ඒ දෙන්නගෙ රඟපෑම් මට නම් කවදවත් අමතක වෙන එකක් නෑ. අම්මා කෙනෙක් වශයෙන් තම දරුවන් කරන නරක දෙයක් උනත් එකඟ වෙන සුලු ස්වභාවය, කොච්චර නපුරු කම් කලත් අලු යට ගිණි වගේ තියෙන මානුෂික බව වගේ දේවල් රත්නාවලී මහත්මියගෙන් ඉබේම එන්නෙ...ඉබේම....
 

 
සුනීතා විමලවීර කොච්චර දක්ෂ ශිල්පිනියක්ද කියන්න එයාගෙ දෙවනි ටෙලි නාට්යය වෙච්ච මේකම ඇති. ඒ කාලෙ සුනීතා කියන්නෙ දුෂ්ඨ චරිත වල අයිකන් එකක් . දැන් වැඩිය රංගනයේ පේන්න නෑ සුනීතා.
දේවිකා මිහිරාණි සහ විජය නන්දසිරි ප්රධාන චරිත උනත් මට නම් කැපී පෙනුනෙම කොරටුවේ ගෙදර හාමිනේ සහ මද්දුමී චරිත දෙක.
සංගීතය ගැන කිවුවොත් අදටත් හුමාලය වචනෙ වෙන දෙයක් සම්බන්ධයෙන් දැක්කත් මගෙ මොලයේ වාදනය වෙන්න් හුමාලය ටෙලි නාට්යයේ තේමා වාදනය. මම කැමතිම තේමා සංගීත වලින් එකක්. සංගීතය රෝහණ වීරසිංහගෙන්. අවුරුදු දෙක තුනකට කලින් යූටියුබෙ තිබ්බා සහ ඒකට තිබ්බ ආසාව නිසාම ඒක බා ගන්නත් වාසනාවන්ත උනා. මොකද මේවෙද්දි ඒක යූටියුබෙත් නෑ.
පුලුවන් කෙනෙක් ටොරානා එකෙන් එහෙම සොයලා බලලා බලන්න වටින කතාවක්. රබර් එක වගේ; බොරු කෑලි එක්කහු කර අදින්නෙ නැති නිසා කම්මැලි නැතිව බලන්න පුලුවන් .
ආයෙ තව කතාවකින් හම්බ වෙමු. 
 
 
- ආර්යන්-

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters