චිත්තෝර්ඝඩ් ලංකාවෙ බහුතරයක් අතර ප්‍රසිද්ධ වෙන්න ගත්තේ අවුරුදු දෙකක විතර
ඉදලනෙ... ඒ ලංකාවෙන් ගෙන ගියාය කියන පද්මාවතී කුමරිය ගෙ සැමියා වුණ මහාරාජ්
රාවල් රතන්සිං ගේ රාජධානිය චිත්තෝර්ඝඩ් නිසයි...
කච්චවාහ රාජවංශයේ රාජධානිය ආමේර් සහ පසුව ජය්පූර් වුණා වගේ සිසෝදියා රාජ්පුත් රාජවංශය බිහි වුණ මෙවාර් වරුන්ගේ රාජධානිය වුණේ චිත්තෝර්ඝඩ්...
කියන විදිහට රාජස්තානයේ වඩාත්ම ආරක්ෂාකාරි බලකොටුව වුනෙත් චිත්තෝර්ඩ්ඝඩ් බලකොටුවයි...
ජය්පූර් වලින් චිත්තෝර්ඝඩ් එන්න වුණේ කෝච්චියෙ..
ඔන්න ඉතිං ඉන්දියාවෙ ගිහිං
කෝච්චියක යන්න තිබ්බ ආසාවත් ඉෂ්ඨ වුණා..හැබැයි ඉතිං ඉන්දියාවෙ ස්ටේෂන්
දැක්කම ලංකාව ඒවා දාහෙන් නෙමේ ලක්ෂෙන් සම්පතක් කියලා හිතුණා..එහෙම හිතුණේ
ස්ටේෂන් වල තිබුණ පහසුකම් වල කිසිම අඩුවක් නිසා නෙමේ, ස්ටේෂන් එකට ඇතුළු
වුණ තැන ඉදලා හැමතැනම ,බැලූ බැලු අත මිනිස්සු නිදි... රෙදිකෑල්ලක්වත් නැතිව
හැමතැනම ගුලි ගැහිලා දාස් ගාණක් මිනිස්සු නිදි...පොඩි ළමයින් පවා... ඒ
මිනිස්සු විෂබීජ කී කෝටියක් ගෙවල් වලට ගෙනියනවද කියන පැනය නිතර නිතර මගෙ
හිතට ආවා...
ජූලි මාසෙ පාළොස්වක පෝය දවසෙ රෑ තමයි අපි චිත්තෝර්ඝඩ් යන්න පිටත් වුණේ.. එදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තිබුණා මතක ඇතිනෙ..අපි ජය්පූර් ස්ටෙෂන් එකෙ ඉදලා තමයි චන්ද්‍රග්‍රහණය බැලුවෙ.. කෝච්චිය පැයක් විතර ප්‍රමාද වුණා , මාර්ග අවහිරතාවයක් නිසා... ඉතිං ස්ටේෂන් එකේ ඒ පැයයි විනාඩි ගාණත් කොහොම හරි ගෙවුණා...
ජය්පූර් ස්ටෙෂන් එක කියන්නෙ ඉතාම කළබලකාරී ස්ටේෂන් එකක්... කොටුව සහ මරදාන
ස්ටේෂන් වගේ දහස් ගුණයක් කලබලකාරී දුම් රිය ස්තානයක් හිතින් මවා ගන්න...
මුලු ඉන්දියාවෙ හතර දිග්බාගයේම ඉදලා එන කෝච්චී සෑහෙන ප්‍රමාණයක් ජය්පූර්
හරහා එහෙට මෙහෙට යනවා...
ඔන්න අන්තිමේ අපිට යන්න තිබුණ කෝච්චිය ආවා... කෝච්චියෙ නමවත්, ආවෙ කොහෙ ඉදලද ගියෙ කොහෙටද කියන එකවත් මට මතක නෑ...
ඔන්න අන්තිමේ අපිට යන්න තිබුණ කෝච්චිය ආවා... කෝච්චියෙ නමවත්, ආවෙ කොහෙ ඉදලද ගියෙ කොහෙටද කියන එකවත් මට මතක නෑ...
ස්ටේෂන් එක වගෙම තමයි කෝච්චිය ඇතුළෙත්, සීට් වල, බඩු තියන රාක්ක වල, සීට් පේළි අතරෙ මිනිස්සුන්ට එහෙට මෙහෙට යන්න තියෙන ඉඩේ පවා මිනිස්සු නිදි...මිනිස්සු එහාට මෙහාට යද්දි නිදාගෙන ඉන්න මිනිස්සුංගෙ උඩින් පැනලා යනවා..සමහර වෙලාවට සපත්තු මූණ කටවල් වල පවා ගෑවෙනවා මම දැක්කා ... ඉන්දියාවෙ ස්ටේෂන් තියෙන්නේ අපේ එක ස්ටේෂන් එකක ඉදලා තව එකකට ස්ටේෂන් පහක් හයක් විතර තියෙනවා විතර තරම් දුරින්.. පැය හයක ගමනක් යන්න තිබුණා අපට... මුල් පැය ක් දෙකක් ෆුට් බෝඩ් එකේ වාඩි වෙලා ගිය අපිට අජ්මේර් වලින් පස්සෙ වාඩි වෙන්න ඉඩ හම්බ වුනා...ඔන්න ඉතිං වාඩි වෙලා ටික වෙලාවකට පස්සෙ අපිටත් එහෙමම නින්ද ගියා... අපි වාඩි වෙලා හිටි සීට් එකේ හොදට කකුල් දිග ඇරන් නිදාගෙන හිටි කෙනෙක් එක්ක වාදෙකට යන්නත් මටයි ,යාලුවටයි සිද්ද වුණා...🤣...
උදේ ඇහැරෙනකොටත් චිත්තෝර්ඝඩ් වලට ස්ටේෂන් තුන හතරක් මෙහායින් අපි හිටියෙ... තව පැය එකහමාරක විතර ගමනකින් පස්සෙ අපි චිත්තෝර්ඝඩ් වලට ආවා...ඇවිල්ල තේ බීලා උදේට කාපු අපි ත්‍රීවීල් එකක් අල්ල ගත්තා බලකොටුවට යන්න... බලකොටුවට යන්නත්,ප්‍රධාන ස්ථාන වලට ඇවිද්දවන්නත් රුපියල් 300.. අපි පැය පහක්ද ඉන්නෙ ,මිනිහත් ඒ වෙලාවම අපි එනකල් බලාගෙන ඉන්නවා... ඉතිං අපි ඒ ගානට එකග වෙලා ගියා...
ප්‍රධාන පාරෙ යද්දී ඈතින් පේන ,උසින් අඩි 590 ක් පමණ වන කදු වැටිය මුදුනේ චිත්තෝර් බලකොටුවෙ චායාවන් පේන්න ගත්තා...
ඕං ඔය වෙලාවෙ ඉදලා මගෙ හිතේ රැව්
දුන්නෙ පද්මාවත් පිලුමෙ 'ඝූමර්' https://youtu.be/CU1tFtk_NFY
රාජස්තාන් වල වඩාත්ම ආරක්ෂිතම බලකොටුව වුනේ චිත්තෝර්ඝඩ් කියලා අහලා තියෙනවා..එදා දැකපු දෙයින් එය ඇත්ත වෙන්න ඇති කියලා හිතුනා..චිත්තෝර්ඝඩ් නගරයේ වෙනත් කදු වලට සම්බන්දයක් නැති කුඩා කදු වැටියක් මත චිත්තෝර්ඝඩ් බලකොටුව පිහිටලා තියෙනවා..වර්ග කිලෝමීටර 8ක පමණ ප්‍රමාණයක පිහිටලා තියෙන බලකොටුවට යන්න විශාල ගේට්ටු සහිත දොරවල් 7 ක් පසු කොට යා යුතුව තිබුණ බව කියනවා..මේ ද්වාර හත අදටත් තිබෙනවා..

සමහර ද්වාර වල යෝධ ගේට්ටු හොද තත්ත්වයේ
තියෙනවා,සමහර ඒවා අබලං තත්ත්වයේ සහ සමහර ඒවයෙ ගේට්ටු නෑ....ඒ දොරටු වලට
නම් තියෙනවා..ඒවලින්කිහිපයක් රාම් දොරටුව,ලක්ෂ්මන් දොරටුව,හනුමාන්
දොරටුව,ගණේෂ දොරටුව ලෙස විවිද දෙවි වරු සහ දේව කතා වල චරිත වල නම් වලින්
නම් කරතිබෙනවා... ප්‍රධාන දොරටුව තිබෙන්නෙ චිත්තෝර්ඝඩ් නගරය පසින් නොව
අනිත් පසින්...
ආරක්ෂිතම වගෙම අලංකාරම බලකොටුවත් චිත්තෝර්ඝඩ් කියලා කියනවා..ඒක ඇත්ත..රාජස්තාන් වල වෙන තැන් වල දැක ගත නොහැකි ලෙසින් වැව් හා පොකුණු විශාල ප්‍රමාණයක් චිත්තෝර්ඝඩ් කොටුව ඇතුලෙ තියෙනවා.. ඒ නිසා කොටුව හරිම අලංකාර තැනක්...රාජස්තානවල නිතර දැකිය නොහැකි හරිත ස්වභාවයක් චිත්තෝර්ඝඩ් බලකොටුව සහ නගරය අවට දැක ගන්න පුළුවන්...ප්‍රධාන දොරටුව වන සූර්‍ය දොරටුව ගාවට ගිහාම ඈතින් කොල පාටින් බැබලෙන අරවල්ලි කදු වැටියත්,ඊට පහලින් සරුසාර විශාල කෙත් යායකුත් පෙනෙන්න තිබුණා..
ජාලයේ කියන විදිහට කොටුව තුල දේව මන්දිර 300 ගණනක් තිබෙනවා..ඒක නම් ඇත්ත..හැම තැනම මන්දිර තිබුණා... ඉන් වඩාත්ම අලංකාරම එක වුනේ 'සමාධීශ්වර ' මන්දිරයයි..මන්දිරය පුරාවට විවිධ දේව චරිත සහ දෙව කතා , පෙරහැරවල්,ඇත් අස් අලි ගව වැනි සතුන්ගේ කැටයන් ඉතාම අලංකාරව සියුම්ව කැටයම් කර තිබුනා... එම මන්දිරයට එපිටින් තිබෙන්නෙ අලංකාර දිය පිරි පොකුණක්..චිත්තොර්ඝඩ් කියලා නෙට් එකේ සර්ච් කලාම එන පින්තූර වල මෙම පොකුණ සහ මන්දිරය අවට දර්ශණ තියෙනවා....

චිත්තෝර්ඝඩ් ලංකාවෙ අපිඅතර ජනප්‍රිය වුනේ ඉතිහාසයට වඩා සාහිත්‍යය සහ සිනමාව නිසානෙ... ඉතිං මෙහි ජනප්‍රියම චරිත දෙකෙන් එකක් වන මහා රාජා රාවල් රතන් සිං 2, ගෙ මාළිගය හැටියට සැලකෙන මාළිගය තමයි කොටුවෙ ඉස්සෙල්ලම හම්බ වෙන වැදගත් ස්මාරකය..එම මාළිගය පිහිටල තියෙන්නෙත් අලංකාර පොකුණක් අසල...
බොහොමයක් කොටස් දැනට විනාශ වෙලා ගිහිං.. වැලිගල් වලින් හදාපු එතරම් විශාල
මාළිගයක් නොවේ රාවල් රතන්සිං මාළිගය.. මාළිගයේ ප්‍රධාන දොරටුව නැගෙනහිරට
මුහුණලා තිබෙනවා...
ප්‍රධානෙ දොරටුව අසලම තිබෙන්නෙ රත්නේශ්වර් මහාදේව් නම්
දේව මන්දිරයක්,මෙම දේව මන්දිරයේ ගර්භ ගෘහය, මණ්ඩපය සහ අන්තරාලය අදටත් ඉතා
හොද තත්ත්වයේ තිබෙණවා.. තවද මේ මන්දිරයේ අලංකාර ,සියුම් ගල් කැටයම් විශාල
ප්‍රමාණයක් දකින්න පුළුවන්..
මාළිගය ඇතුළෙ මැද මිදුල් කිහිපයක්ම දකින්න පුළුවන්, රාජශ්‍රීයෙන් වැජඹුණ කාලෙ මෙය අලංකාර මාළිගයක් වෙන්න ඇති කියන්න සාක්ෂි විශාල ප්‍රමාණයක් තාම ඉතිරි වෙලා තියෙනවා...
මාළිගය ඇතුළෙ මැද මිදුල් කිහිපයක්ම දකින්න පුළුවන්, රාජශ්‍රීයෙන් වැජඹුණ කාලෙ මෙය අලංකාර මාළිගයක් වෙන්න ඇති කියන්න සාක්ෂි විශාල ප්‍රමාණයක් තාම ඉතිරි වෙලා තියෙනවා...
(Rathan Singh Palace )
ඊට පස්සෙ ජයින විහාර ,දේව මන්දිර කිහිපයක් පහු කරං යනකොට හම්බ වෙනවා සූර්‍ය දොරටුව.නැගෙනහිරට මුහුණලා තියෙන සූර්‍ය දොරටුව තමයි බලකොටුවෙ ප්‍රධානම දොරටුව..
විශාල දොරටුවෙ යකඩ උල් සවි කල ගේට්ටු දෙක තවම හොද
තත්ත්වයේ තියෙනවා.. හැබැයි අරින්නෙ වහන්නෙ නැ... කලිනුත් කිවුවා වගෙ
දොරටුවෙන් බැළුවම පේන්නෙ සරුසාර කෙත් යායත් , අරාවල්ලි කදු වැටියත්..
මෙ දොරටුව සම්බන්ධ අනිත් දේ තමයි පද්මාවතී සහ 1600 ක් කාන්තාවන් ගින්නට පැන පණ හානි කරගත්තේ මෙම දොරටුව අසලදීය කියන විශ්වාසය.. දොරටුවෙන් පහලට ඇදෙන පඩි සහිත මාර්ගයේ එක් සථානයකදී එම සිදු වීම සිදු වුනා යැයි කියනවා...

පද්මාවතී මාළිගයට පෙර අපි දැකපු ජෛන විහාරය ගැන යමක් කියන්න ඕනෙ.
මෙවාර් රාජවංශයේ රජ වරු බොහෝ දෙනෙක් ජෛන ධර්මය ඇදහූ අය බව කියවෙනවා..ඒ නිසා තමයි බලකොටුව ඇතුළෙත් ජෛන විහාර කිහිපයක්ම තියෙන්නෙ...මේ කියන ජෛන විහාරය තරමක් අලංකාර සහ විශාල එකක්...විහාරය අසලම තිබෙනවා ක්‍රිති ස්ථම්භ නමින් හැදින්වෙන මීටර 22 උස අලංකාර කුළුණ..
මෙම කුළුණ වටේම තියෙන විවිධ සියුම්
කැටයම් හා මූර්ති වලින් ඉතාම අලංකාර පෙනුමක් ලබා දෙනවා..මේක ඇතුළෙන් උඩට
යන්න පුලුවන් වුණාට ඒ වෙලාවෙනම් දොරවල් වහලා තිබුණෙ...12 වෙනි සියවසේ දි
මෙම ස්ථම්භය ඉදි වුණා යැයි ඉතිහාසය කියනවා...
පද්මාවතී මාළිගය හම්බ වෙන්නෙ ඉන් පස්සෙ.. හැබැයි ක්‍රිති ස්ථම්භය තිබ්බ තැන ඉදලා ආසන්න වශයෙන් තව කිලෝමීටරයක්වත් දකුණු දෙසට ගියාට පස්සෙ...වැවක් මැද,ගොඩ බිමින් සම්බන්ධයක් නැති මාළිගයක ආරක්ෂිතව පද්මාවතී වාසය කල බව විශ්වාස කරනවා..නමුත් මේ දේවල් පුරාවිද්‍යාත්මකව සනාත කල හැකිදැයි නොදනිමි...

පද්මාවතී මැහැල් වලින් පසු අපි ගියෙ ආසන්නයෙම තියෙන මීරා මන්දිර් වෙත... ක්‍රිෂ්ණා වෙනුවෙන් ජීවිතය කැප කල කිවිදිය මීරා වෙනුවෙන් තමයි මේ මන්දිරය නම් කරලා තියෙන්නෙ...
ඉන් පස්සෙ කුමන ස්ථානයක්ද කියන්න නොදන්න විශාල
ගොඩනැගිල්ලකට අපි ගියා..ගරා වැටෙමින් පැවති මෙම ගිඩනැගිල්ලා ඒ කාලෙ විශාල
මහේශාඛ්‍ය ලීලාවෙන් තිබුණ ගොඩනැගිල්ලක් බවට සාක්ෂි තවම තියෙනවා.
ඉන් පසු හමු වන වැදගත්ම ස්ථානය නම් විජයස්ථම්භ නම් මහල් නමයකින් යුතු ස්තම්භයයි..
මෙයත් ස්වරූපයෙන් ක්‍රිති ස්ථම්භය වගෙමයි.මහරාජ් රණ කුම්භ
විසින්, මාල්වා සහ ගුජ් රාත් වරුන්ට විරුද්ධ සිය යුද්ධයේ ජයග්‍රහණය සිහි
වීම සදහා මෙම ස්ථම්භය ඉදිකර තිබෙනවා..මාල්වා සහ ගුජ් රාත් හමුදාවන්
මෙහෙයවූවේ මුහම්මද් ඛිල්ජි විසිනි.ඒ 1448 දී.
මීටර 39.19 ක් උසැති මෙම කුළුණ වෛශ්ණව් වෙනුවෙන් කැප කර තිබෙනවා.
මීටර 39.19 ක් උසැති මෙම කුළුණ වෛශ්ණව් වෙනුවෙන් කැප කර තිබෙනවා.
ඉතාම
අදුරු,පටු ,පඩිපෙල් සහිත වංක ගිරියක් වැනි මාර්ගයක් ඔස්සේ මෙම කුලුණෙ ඉහලටම
යා හැකියි..කුලුණෙ අතර මැද විශිෂ්ඨ කැටයම්,දේව රූප වැනි දෑ නිර්මාණය කර
තිබෙනවා... ඉහලට ගිය විට පහලින් චිත්තෝර්ඝඩ් නගරයත්,එක් පෙසෙකින් දේව
මන්දිරත්,අනෙක් පසින් මාළිගාත් ලස්සනට පේනවා...
(විජයස්ථම්භය අසල තිබෙන මන්දිරයක කැටයම්)
විජයස්ථම්භයෙන් පස්සෙ නරඹන්න තියෙන්නෙ ආසන්නයෙම තියෙන "සමාධීශ්වර් මන්දිරය"යි..චිත්තෝර්ඝඩ් බලකොටුවේ තිබෙණ අලංකාරම මන්දිරය මෙයයි.. අලංකාර ,සියුම් ගල් කැටයම් ලක්ෂගණනක් මෙම මන්දිරයේ ගර්භයේත්,මන්ඩපයේත් ,අමලකාවේත්,අන්තරාලයේත් ,සිඛරාවේත් දකින්න පුලුවන්...
මෙම කැටයම් ගෙන වෙන වෙනම ලිවුවහොත් වෙනම පොතක් ලිවිය හැකි බැවින් චායාරූප නරඹන්න මම ආරධනා කරනවා..
( සමාධීශ්වර මන්දිරය සහ එහි සියුම්, විශිෂ්ඨ කැටයම් )
මේ මන්දිරය අසලම නිරිත දිගින් තියෙන්නෙ 'ගෝමුක්' නමින් හදුන්වන අලංකාර ජලාශයයි...අන්තර්ජාලයේ චිත්තෝර්ඝඩ්(Chittorgarh) ලෙස සෙවූ සැණින් දකින්න ලැබෙන්නෙ මෙම ජලාශයේ පින්තූර.
ඉන් පස්සෙ දේවාල කිහිපයක ඇවිද්දට පස්සෙ තියෙනවා කුම්භ මැහැල් නම් ගරා වැටුන මාළිගය...මහරාජා රණකුම්භගේ මාළිගයතමයි මේ.තරමක් විශාල මාළිගයක් වන මෙය අද වෙනකොට නම් සෑහෙන දුරට ගරා වැටිලා. රජ පවුලේ සිදු වූ යම් යම් කුමන්ත්‍රන හේතුවෙන් මෙම මාළිගය අසල ඉදි වුන ප්‍රාකාරයකින් බලකොටුව දෙකකට බෙදා සහෝදරයන් දෙදෙනෙකුට දී ඇති බව අපට විස්තර කල පුද්ගලයා කිවුවා..
කොහොම වෙතත් ඉන්දියාවෙ ලිඛිත ඉතිහාසය මද කම හා පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත් කිරීමේ අපොහොසත් කමෙ අඩුපාඩුව බොහෝ තැන් වල දකින්න තියෙනවා..ඒ අතින් ලංකාව සෑහෙන ඉදිරියෙන්...
රණකුම්භ මාළිගයත් සමග චිත්තෝර්ඝඩ් සංචාරය අවසන් කරලා අපි ආපහු එන්න ආවා... ස්ටෙෂන් එකට එන තෙක් මගෙ ඇස් රැදිලා තිබුණේ ඈත කදු වැටි මුදුනෙ පෙනෙන විශාල බලකොටුව දෙසට... රාජශ්‍රීයෙන් වැජඹුණ කාලෙ මෙය කොහොම තියෙන්න ඇතිද කියලා නැවත නැවතත් මට හිතුණා...
චිත්තොර්ඝඩ් වලින් 4.00 කෝච්චියෙ නැවත ජය්පූර් බලා පිටත් වුණ අපි රෑ 10.30 වෙද්දි ජය්පූර් වලට ආවා...
චාරිකාවෙ අවසාන් ස්ථානය සමගින් නැවත හමු වෙමු...
-අමිල-
වර්ණනා විෂයාතික්‍රාන්තයි!
ReplyDeleteස්තුති මහත්මයා :)
Deleteහරිම ලස්සන ලිපියක් පින්තූරත් ඒ වගේමයි....දවසක මෙහෙ ගිහින් හැබැහින්ම බලන්න තරම් වටිනවා...
ReplyDeleteහැකිනම් ගිහින් බැලීමට වටින තැනක් :)
Delete