ලංකාවෙ සුපිරිම පන්නයේ පෝසතුන් ඉන්නෙ කොහෙද ඇහුවොත් බොහෝ වෙලාවට අපි හිතන්නෙ ඒ කුරුදුවත්තෙ කියලා.. මේ කතාවෙ අසත්‍යතාවයක් නැත්තෙ කුරුදුවත්ත කියන භූමියේ ඉහල වටිනාකම නිසා එහි දේපළ හිමියෙක් යනු අණිවර්යෙන්ම සැළකිය යුතු ධනයක් තිබිය යුත්තෙක් විය යුතු නිසයි.(අමතක කළයුතු නෑ දවට ගහ පල්ලිය සහ කිංසි පාර ආසන්න ප්‍රදේශයේ මුඩුක්කු නිවාස ලෙස සැලකෙන නිවාස තිබෙන බව. එහෙත් එ සුළුතරයක් නිසා එය අමතක කරමු.අනෙක් අතට නිවාස කුමන ආකාරයේ වුවත් වත්ත කුරුදුවත්ත නිසා ඔවුන්ගේ කුඩා වුවත් දේපළ ඉහල වටිනාකමකින් යුත් වීම ) ඊට අමතරව කුරුදුවත්තෙ නෝනලා තරම් බැණුම් අහන , උපමාවට ගන්න නෝනලා ලංකාවෙ වෙන පළාත් වල නැතිව ඇති...
දවසගානෙ කුරුදු වත්ත පහු කරන් යන උදවිය එහි ඉතිහාසය ගැන හිතලා බැලුවද? සමහර විට කුරුදු වගා කළ නිසා එයට කුරුදු වත්ත කියලා කියන බව දැනං ඉන්න ඇති. ඒ නිසා කුරුදු වත්ත ගැන ටිකක් හොයලා බලමු.
කුරුදු වත්ත ගැන කතා කරද්දි ලංකාවෙ කුරුදු වගාව ගැන අමතක කල නොහැකියි.ලෝකයෙ කුරුදු වෙළදපොළේ වැඩි කොටසක් ඉසිලීමට සමත් වන ලංකාවේ කුරුදු නිසාම යුරෝපීය අක්‍රමණිකයන්ගේ අවධානයත් පුංචි ලංකාව වෙත යොමු වුණා.එතෙක් ලාංකීය කුරුදු ලෝක වෙළදපොළ වෙත සුළු ප්‍රමාණයන්ගෙන් ගියේ බෙහෙවින්ම අරාබි වෙළදුන් අතින්...පරිභෝජනයට ගන්න කුරුදු අතර වැදගත්ම වන Cinnamomum Zelanicum හමු වන්නෙ ලංකාවේ විතරයි කියලා තමයි කියවෙන්නෙ.
උඩරට රජුන්ගෙන එල්ලවන තාඩණ පීඩණ ඉවසා වදාරා පෘතුගීසීන් සහ ලන්දේසීන් සිටියේ ලංකාවෙ කුරුදු වලට තිබුණ ආදරය නිසාමයි.සිංහල රජුට අයිති ප්‍රදේශවල කුරුදු නෙලා ගන්න වාර්ෂිකව රජුට පඩුරු පාක්කුඩම් දෙන්නත් මෙ දෙකොට්ඨාශයටම සිද්ධ වුණා.
මුල් කාලයේ කැළෑ වල වැවිච්ච කුරුදු කපන්න යන සිංහල කම්කරුවන්ට සතුන්ගෙන් වන උවදුරු නවත්තන්න පෘතුගීසී හේවායන්ටත් යන්න වුණා. සැරින් සැරේ වන සතුන්ගෙන් ප්‍රහාර එල්ල වෙද්දි වෙඩි උණ්ඩ වලින් ඒවා අඩපණ කලත් එය අධික පිරිවැයක් දරන්න වෙච්ච දෙයක් නිසා, මුලින් තහනම් කොට කැලෑවලට පමණක් සීමා කර තිබුණ කුරුදු ,වගාවන් ලෙස කිරීමට ඉඩ දීමට ඔවුන්ට සිද්ධ වුණා. ඒ අනුව මුලින්ම කුරුදු වගාවන් ලෙස කිරිමට ඉඩ ලැබෙන්නෙ 18 වෙනි සියවසේ අග භාගයේ, ලන්දේසීන් යටතේයි.ඉන් පෙර ලංකාවෙ වනාශ්‍රිතව හොරෙන් කුරුදු කපා හසු වන්නන්ට ,ගසකට රික්ස්ඩොලර් 10ක් ද එය ගෙවීමට නොහැකි අය දස වසරක සිර දඩුවමක් ද පැනවීමට නීතියක් තිබුණා (1745 ඔක්තෝබර් 8 දින සම්මත වුණ ). මෙම නීතියට අනුව කුරුදු ගසක් මුලින් උදුරා දමන්නන් ලංකාවෙන් පිටුවහල් කොට කේප් තුඩුවට යැවූ අවස්ථාද වාර්තා වෙනවා..
වගාවක් ලෙස කුරුදු වැවීම ආරම්භ වීමත් සමගම මුල්ම කුරුදු වත්ත වැවුණෙ කොළඹ මරදාන ආසන්නයේ ..ලන්දේසීන් විසින් මෙය වැලි බිම යන අරුතින් 'ටුයින්' ලෙස හැදින්වූවා. මරදානෙ කුරුදු වත්තේ සර්ථකත්වයත් සමගම මීගමුව, කළුතර, ගාල්ල, මාතර ප්‍රදේශ වල කුරුදු වතු ඇති කිරීමට ඔවුන් පෙළඹුනා...
ඉතිං මෙන්න මේ මරදානෙ ඇති කරපු පළවෙනි කුරුදුවත්ත තමයි කොළඹ කුරුදුවත්ත.1785 ඔක්තෝබර් 15 ජෑන් බ්‍රැන්ඩේස් මරදානෙ කුරුදුවත්තෙ සංචාරය කළා, ඒ කුරුදුවත්තෙ හිමි කාරයෙක් වෙච්ච කොරනේලිස් ඩි කුක් ගෙ ආරධනයට අනුවයි..කොරනේලිස් , ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමේ ඉහලම නිලධාරියෙක් වුවත් ඔහු ප්‍රිය කල ප්‍රමුඛතම කාර්යය වුණ කොළඹ කුරුදු වත්ත නඩත්තු කිරීමයි.මෙම කුරුදු වත්ත අමුණු 116ක් (අක්කර 232ක් ) විශාල බවත් වාර්තා වෙනවා.කොරනේලිස් යටතේ ලාංකීය කම්කරුවන් 150ක් පමණ මෙම කුරුදුවත්තේ සේවය කර තිබෙණවා.තවද සතුන්ගෙන මෙම වත්තට සිදු විය හැකි හානි වළක්වා ගැනීමට ලී වලින් තැනූ සවිමත් වැටකින් කුරුදු වත්ත සතර දෙසින්ම ආවරණය වී තිබෙනවා.මෙම සංචාරයට පසුව බ්‍රැන්ඩේස් විසින් කල සංචාරයකදීද කුරුදු වත්ත නරඹා අලංකාර සිතුවමක්ද ඔහු විසින් ඇදි බව වාර්තා වෙනවා.එහි කුරුදු වත්තත්, කුරුදු තලන කම්කරුවනුත් දැක්වුණ බව කියනවා.
බ්‍රැන්ඩේස් ගේ වාර්ථා වලට අනුව,1757-60 කාලවකවාණුවේදී ඇති වුණ යුධ තත්වයත් සමගම පහත වැටුණු කුරුදු සැපයුම යථා තත්වයට පත් කර ගැනීම සදහා කොළඹ කුරුදු වත්ත බටහිර දෙසින් බේරේ වැව මායිමටද, දකුණින් බම්බලපිටිය දෙසටද ව්‍යාප්ත කර තිබෙනවා.
ලංකාවේ බ්‍රිතාන්‍යය පාලන යුගයේ මුල් වකවාණුවේදි, ෆෙඩ්‍රික් නොත් ආණ්ඩුකාර වරයා යටතේ කොළඹ කුරුදු වත්ත ඉතා හොදින් නඩත්තු වී තිබුණ අතර බ්‍රිතාන්‍යයන්ගෙ කුරුදු පරිභොජනයෙන් වැඩිම ප්‍රතිශතයක් කොළඹ කුරුදුවත්තෙන් ඉටු වුන බවත් කියවෙනවා. එහෙත් පසුව බ්‍රිතාන්‍යයන් නුවර සිංහල රජු සමග යුධ වැදීමට කල සැළසුම් සහ පසු කාලීනව සිද්ධ වුණ විවිධ ක්‍රියා වන් වලට පසු 1815 දී මුළු ලංකාවම බ්‍රිතාන්යට යටත් වීමත් පසුව 1833 දී මන්ත්‍රණ සභාව පිහිටුවීමත් සමගම විවිධ පරිපාලනමය හා යුධමය කටයුතු වලට මුල් තැන ලබා දීමේදි කොළඹ කුරුදු වත්ත කෙරෙහි අවධානය අඩු වී එය වෙනත් ගස් මගින් ආක්‍රමණය කිරීමෙන් නැවතත් කැළය බවට පත්ව තිබෙනවා...මෙම කැලයෙන් කොටසක් වූයේ වත්මන් නිදහස් චතුරශ්‍රය, රූපවාහිනී සංස්ථාව, ගුවන් විදුලි සංස්ථාව ආසන්න ප්‍රදේශයන් වසා ගත් 'කූඹි කැලේ' නමින් හැදින්වූ කැළෑ බිමයි.

1850 දී 'සිලෝන් ටර්ෆ් ක්ලබ්' ගෝල් ෆේස් සිට මෙම කුරුදු වත්ත ආසන්නයට ගෙන ඒමත් සමගම මේ ප්‍රදේශය කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය වැඩි වී එය කීර්තිමත් බ්‍රිතානීන්ගේ ස්ථීර වාසස්ථාන සදහා භූමියක් වීමෙන් කුරුදුවත්ත ගෞරවාන්විත, නාගරික බිමක් වීමෙ අඩිතාලම වැටෙනවා...
ඉතිං අද 'පොෂ්' නෝනලාගේ භූමිය වන කුරුදු වත්ත ඉස්සර කැලෑවක් වෙලා තිබුනෙ ඕන්න ඔහොමයි...
අද වෙනකොට ටොරිංටන්,බාර්න්ස් ප්ලේස්, රොස්මීඩ් ප්ලේස්, ඇල්ක්සැන්ඩ්‍රා ප්ලේස්, හොර්ටන් ප්ලේස්, විජේරාම,තුම්මුල්ල,මලලසේකර මාවත, කේම්බ්‍රිජ් ප්ලේස්,ටවුන් හෝල්, පාක් ස්ට්‍රීට්, බේබෲක් ප්ලේස්, පාක් ස්ට්‍රීට්, යුනියන් ප්ලේස් සහ ජාවත්තේ කොටසකුත් යන ප්‍රදේශ සියල්ලම ඒ කාලෙ මේ කියන කුරුදු වත්තට අයිති වෙලා තිබුණ ප්‍රදේශ තමයි.
කුරුදු වත්තෙ ඉතිහාසයට සාක්කි කියන කුරුදු ගහක් තියෙනවා දන්නවද?..ඔවු ඒක තියෙන්නෙ කුරුදුවත්ත තැපැල් කාර්යාලය ඉස්සරහා( අපේ ඔෆිස් එකට ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තෙ :) ). මෙම ඓතිහාසික කුරුදු ගහ ගැන සදහන් පුවරුවක් කුරුදුවත්ත තැපැල් කන්තෝරුව ඉස්සරහ තියෙනවා..
ආයෙ වතාවක් කුරුදු වත්ත තැපැල් කන්තෝරුව ( බැප්ටිස්ට් පල්ලිය සහ කොළඹ නගරශාලාව අතර පිහිටී ) පහු කරන් යද්දි හොදට බලන්නකො. පාරට ටිකක් එහායින්, තැපැල් කන්තෝරුවෙ ප්‍රධාන දොර ඉස්සරහම කුරුදු ගහ තියෙනවා...
කොළඹ වීදියකදී නැවත මුන ගැහෙමු.
- අමිල -
මාරයි, සාරයි, රහයි, අමිලයි, අමිල!
ReplyDeleteස්තුති මහත්මයා !!
Delete