ලේ වල දවස් තුනක් ගත කලා අපි..දවස් තුනක් කියන්නෙ ලදාක් වලින් අරික්කාලක්වත් බලන්න ප්‍රමාණවත් කාලයක් නෙමේ..නමුත් තියෙන නිවාඩු දවස් ගණනින් පිරිමසා ගත යුතුව තිබුණ නිසා දවස් තුනෙන් ලදාක් ගමන ඉවර කරන්න සිද්ද වුනා... ලදාක් යනවා වගේ රසවත් වුනේ නෑ ආපහු එන එක..බස් එකේ හිටියෙ බමුණො වගේ බෝරිං සෙට් එකක්..ඒ නිසා එනකල් හොදට නිදා ගත්ත එක තමයි කලේ... යනකොට වගේ එනකොට දවස් එකහමාරක් ගියෙ නෑ..ඩ්‍රයිවර් ඇරලා ආවා බස් එක..බුදු අම්මෝ..රොටාං හරියට එද්දි හොදට හවස් වෙලා මීදුමත් බාලා...රොටාං කියන්නෙ වංගු විශාල ගණනක් තියෙන , පටු,ඉක්මනින් ගල් ගැලවී යන පාරක් තියෙන හරියක්..ඒ හරියෙදිත් මේ ඩ්‍රයිවර් හැටට හැටේ ආවා කියපල්ලකො... ඒ වෙලේනම් ටිකක් තිගැස්සිලා හිටියේ.පාරක් හරියට පේන්නෙත් නෑ... මීදුම හොදටම...
කොහොම හරි රෑ දහයට කිට්ටු වෙද්දි මනාලි වලට ආවා..ඒත් ඒ වෙද්දි මනාලි වලින් චන්දිඝඩ්,දිල්ලි හෝ රාජස්තාන් යන බස් නොතිබ්බ නිසා අපිට රෑ මනාලි වල ඉන්න වුනා..බස් ස්ටෑන්ඩ් එක ගාවම තිබුන හොටල් කාමරේක හිටියෙ..එක රෑට ඉන්දීය රුපියල් 800..කමරේ අවුලක් නෑ..හොද තත්වෙ එකක්...
ඉතිං පහුවදා උදේ අටට තිබ්බ බස් එකෙන් මනාලි ඉදලා චන්දිඝඩ් එන්න පිටත් වුනා.ගාස්තුව 910...එපා කරපු බෝරිං ගමනක් වුනා එකත්..කොහොම හරි එන ගමන් මේක් මයි ට්‍රිප් ඇප් එකෙන් බලලා චන්දිඝඩ් ඉදලා රාජස්තාන් යන්න බස් එකක් හොයා ගත්තා.. චන්දිඝඩ් එද්දි අටට විතර ඇති...
එකක් කියන්න ඕනෙ ලදාක් වල රෑ අට වෙනකල් හොදට ඉර පායනවා..චන්දිඝඩ් වලටත් රෑ 7.30 වෙනකල් හොදටම ඉර එලිය වැටෙනවා...
හොයා ගත්ත බස් එක සුපිරි ස්ලීපර් බස් එකක්.මේ නිදියන බස් ගැන කිවුවොත් ඒවයෙ ඉදගෙන යන සීට් නෑ.බස් එකේ දෙපැත්තෙ ඩබල් බෙඩ් වගේ පහලින් සීට් පේලියයි උඩින් සීට් පේලියයි තියෙනවා..ඒවා ඇදක ප්‍රමාණයට දිග නිදාගෙන යන්න හදපු ඒවා..කර්ට්න් දාලා තියෙන නිසා වහ ගත්තම නිදහසේ නිදාගෙන යන්නා පුලුවන්..ඉන්දියාව වගේ දවස් ගණං තිස්සෙ යන්න තියෙන රටක ඒ වගේ බස් වටිනවා..එවන් අත්දැකීමක් ලබපු පළවෙන් වතාව මේ...ගාස්තුව ටිකක් වැඩිය්..දෙන්නටම 1,200 යි.
බස් එක රාජස්තාන් වල ආමෙර් වලට එද්දි 6 විතර වුණා..
රාජස්තාන් ගැන කිවුවොත් ඒක ඉන්දියාවෙ ලොකුම ප්‍රාන්තය.වර්ග කිලෝමීටර් 342,239 ක්.එය ඉන්දීය මුලු භූමි ප්‍රමාණයෙන් 10.4%.වයඹ දිග ඉන්දියාවේ පිහිටි රාජස්තානය බටහිරින් පාකිස්තානයටත් සින්ධි ප්‍රදේශයටත්,වයඹින් පාකිස්තානයට අයත් පන්ජාබයටත්,උතුරි ඉන්දියාවට අයත් පන්ජාබයටත්,ඊශාන දිගින් උත්තර් ප්‍රදේශ් හා හර්‍යානා ප්‍රාන්ත වලටත්,ගිණිකොණ දිගින් හා දකුණින් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයටත්,නිරිත දිගින් ගුජරාත් ප්‍රාන්තයටත් මායිම් වෙන මේ ප්‍රාන්තය ඉතා වියලි හා කාන්තාර දේශගුණයක් ඇති ප්‍රාන්තයක්..ඉන්දියාවේ විශාලම කාන්තාරය වන 'තාර්' වැලි කාන්තාරය තියෙන්නෙත් රාජස්තාන් වල...ජෛසල්මේර් කියන ප්‍රදේශය කාන්තාර ලක්ෂණ හොදින්ම පෙන්වන ප්‍රදේශයක්..
(Thar desert)
රාජස්තානයේ අගනුවර ජය්පූර්..ලෝක ප්‍රකට 'Pink City' එක තමයි ජය්පූර්
නමුත් මා රාජස්තානයට/ජය්පූර් වෙත පය තැබුවේ වසර ගණනාවක වියලි බව තෙමමින් වැස්සක් වැටීමෙන් පසුවයි... එනිසා ජය්පූර් සහ අවට ප්‍රදේශ කොල පැහැයෙන් බැබලෙමින් පැවතියා..මාගෙ මිතුරන් විසින් පෙන්වු චායා රූප දුටු මට මේ එම ප්‍රදේශමද යැයි විශ්වාස කල නොහැකි ලෙස හරිත වර්ණයෙන් යුත් වුනා...
රාජස්තාන් නමින්ම කියවෙන විදිහට රාජස්තානය කියන්නෙ රජවරුන්ගේ ප්‍රදේශයක්. ඉන්දියාවේ ප්‍රසිද්ධ රාජ වංශ කිහිපයක්ම රාජස්තානය නිජබිම් කරගත් ඒවා.. ඉන්දියාවේ වැඩිම මාළිගා ප්‍රමාණයක් තියෙන්නෙත් රාජස්තානයේ .. මාළිගා සියයකට වැඩියි.
තාම හොද තත්ත්වයේ තියෙනවා ගොඩක් මාළිගා... සමහර රජ පවුල් තාම තියෙනවා..ඔවුන් නාමිකව රජ වරු.
(Amer Palace)
ඇවිත් ටික වෙලාවක් ඉදලා නාලා කෑවා..දවස් ගණනකට පස්සෙ බත් ටිකක් කෑවෙ එවෙලෙ.මගෙ යාලුවගෙ කාමරේ තමයි අපි රාජස්තාන් වලදි හිටියේ..ඒ නිසා නවාතැන් වියදමක් නෑ..යාලුව හැදුවා බතුයි,රාජස්තාන් ක්‍රමයට අල හොද්දකුයි,සම්බෝලයකුයි..කෑම අල්ලලා ගියා....
කාලා ගියා ටිකක් ඇවිදින්න.ආ ජය් පූර් කිවුවට අපි හිටියෙ ජය්පූර් වල උප නගරයක් වෙච්ච ආමේර් වල..සුප්‍රසිද්ධ ජෝදා භායි කුමරියගෙ උපන් බිම ආමේර්..ඇයගෙ මාළිගය තවමත් තියෙනවා..(පසුවට)
අමෙර් වටේ තියෙන පුංචි කදු ගැට වල පරණ මාළිගා වල පවුරු පේනවා..එකක් අමේර් බලකොටුවෙ පවුර..අනික ජය්ඝඩ් කොටුවෙ පවුර...

ඉස්සෙල්ලම ගියෙ ජගත් ශිරෝමණී ජී මන්දිරයට..ඒක හරිම ලස්සන කැටයම් පිරිච්ච මන්දිරයක්.. විවිධාකාරයේ මූර්ති සහ කැටයම් වලින් මන්දිරයේ විමානය හැඩ වෙලාතියෙනවා..කැටයම් සහ මූර්ති මාබල් ගල් විශේෂයෙන් හදලා තියෙනවා...
ඊට පස්සෙ ගියෙ අම්බිකෙශ්වර් මන්දිරයට..ඒක තමයි අමේර් වල පරණම මන්දිරය..අමේර් වලට නම ලැබිලා තියෙන්නෙ මේ මන්දිරයෙන්..අම්බිකේශ්වර්,අම්බෙර්,අමේර්...
(කන්නාඩි වලින් හදපු සිවිලිම)
ඒ මන්දිරයේ ඇතුළෙ කුඩා වළක ශිව ලිංගයක් තිබුණා...
මන්දිරයෙ එලියෙ වහලෙ
කුඩා විදුරු වලින් හදපු සිවිලිමක් තිබුණා...පින්තූර ගන්නකොට ආච්චි කෙනෙක්
ඇවිත් ටිකක් සැරෙන් පින්තුර ගන්න එපා කිවුවත් ඒ වෙනකොටත් අපි පින්තූරාරං
ඉවරයි.
එතනින් ගියේ 'පන්නා මීනා කා කුන්ඩ්' කියන පඩිපෙල් පොකුණ බලන්න...
කහ පැහැයෙන් වර්ණ කරලා තිබුණ පොකුණ තරමක් ගැඹුරුයි..
කහ පැහැයෙන් වර්ණ කරලා තිබුණ පොකුණ තරමක් ගැඹුරුයි..
මගේ භාරත විත්ති ලිපි පෙලෙ පඩිපෙල් පොකුණු පෝස්ට් එක බලන්න..( https://www.facebook.com/ groups/804276106323782/ permalink/1321040857980635/ )
මේ සේරම තියෙන්නෙ එක කිට්ටුව... දේවාල ගොඩක් තියෙනවා පුංචි ප්‍රදේශයක... ඊට පස්සෙ ගියෙ 'සාගර්' කියන පොකුණ බලන්න..විශාල පොකුණක් වුනාට ඒකෙ වතුර නෑ..මැද තිබුණ පුංචි වලක තිබුණ වතුර ටිකේ බැහැගෙන මී හරක් දෙන්නෙක් හිටියා..

.මේ පොකුණ මැද තිබුණ කුඩා දූපතක් වගේ එකක පඩිපෙල් සහ ගොඩනැගිල්ලක
නෂ්ඨාවශේෂ තිබුණා..සමහර විට ඒක පරාක්‍රම සමුද්‍රයේ නැත්තම් නුවර කිරි
මුහුදෙ තියෙනවා වගේ සීත මාළිගයක් වෙන්න ඇති... සාගර් පොකුණේ ඉහලා පැත්තට
වෙන්න තරමක් උස ගොඩනැගිල්ලක් තියෙනවා..ඒක දැකුම් පීඨයක් වෙන්න ඇති කියලා
හිතන්න පුලුවන්..
එම ගොඩනැගිල්ලට එපිටින් තවත් හිදී ගිය පොකුණක් තියෙනවා..එය
චෝටා සාගර් (පුංචි සාගරය) නමින් තමයි හදුන්වන්නෙ..මේ පොකුණු වලින් ජය්ඝඩ්
මාළිගාවට වතුර අරන් තියෙනවා...වතුර ගන්න පාවිච්චි කරපු කප්පි වල නෂ්ඨාවශේෂ
තවමත් තියෙනවා....
එතන ටිකක් ඉදං හිටි අපි ආපහු ආවා..
දෙවනි දවසෙ කොහෙවත් යන්න වුනේ නෑ..මට ටීකක් අසනීප වුනයින්..
තුන්වෙනි දවසෙ අපි ගියා ජය්පූර් බලන්න..
ජය්පූර් ගිහිං අපි කෑවා රාජස්තාන් ක්‍රමයේ කෑමක්..
නම ඕං දැන් මතක නෑ..ලොකු තැටියක බත් ටිකකුයි, රොටි දෙකකුයි,කඩල පිටි වලින් හදපු හොදි ජාතියකුයි, පරිප්පු හොදියි, රුලං සහ පැණි සමග තව මොනවද කලවම් කරලා හදපු 'චූර්ණ'කියලා කියපු ජාතියකුයි, රුලං මිශ්‍ර අග්ගලා වලට සමාන ජාතියක්.. සහ රාජස්තාන් ක්‍රමයටහදපු පපඩං.ඒක කෑවම බඩ කොහොමද කියලා හිතා ගන්න..ඒ කාලා මුදවපු කිරි තරමක් දිය කරලා ,ගම්මිරිස්,ලුණු ඇඹුල් එහෙම දාලා හදන 'චාච්' කියන බීමත් බිවුවා..ඒකෙ රස මට නම් ඇල්ලුවෙ නෑ..
රාජස්තාන් කියන්නෙ පිංක් සිටි එක..රජ කාලෙ ඉදලා ජය්පූර් නගරයේ ගොඩනැගිලි පාට කරන්න රෝස හාරතු පැහැ මිශ්‍ර වර්ණයකින්.. එම පාට සෑදීම සදහා මැටි විශේෂයක් භාවිතා කරනවා..අපි යන කාලෙත් ඇතැම් ගොඩනැගිලි වල වර්ණ ගන්වමින් හිටියා..මගේ භාරත විත්ති ලිපි පෙලේ කලින් පල කල ලිපිය කියවන්න ; https://m.facebook.com/groups/ 804276106323782?view= permalink&id=1448688791882507.
දෙවනි දවසෙ කොහෙවත් යන්න වුනේ නෑ..මට ටීකක් අසනීප වුනයින්..
තුන්වෙනි දවසෙ අපි ගියා ජය්පූර් බලන්න..
ජය්පූර් ගිහිං අපි කෑවා රාජස්තාන් ක්‍රමයේ කෑමක්..
නම ඕං දැන් මතක නෑ..ලොකු තැටියක බත් ටිකකුයි, රොටි දෙකකුයි,කඩල පිටි වලින් හදපු හොදි ජාතියකුයි, පරිප්පු හොදියි, රුලං සහ පැණි සමග තව මොනවද කලවම් කරලා හදපු 'චූර්ණ'කියලා කියපු ජාතියකුයි, රුලං මිශ්‍ර අග්ගලා වලට සමාන ජාතියක්.. සහ රාජස්තාන් ක්‍රමයටහදපු පපඩං.ඒක කෑවම බඩ කොහොමද කියලා හිතා ගන්න..ඒ කාලා මුදවපු කිරි තරමක් දිය කරලා ,ගම්මිරිස්,ලුණු ඇඹුල් එහෙම දාලා හදන 'චාච්' කියන බීමත් බිවුවා..ඒකෙ රස මට නම් ඇල්ලුවෙ නෑ..
රාජස්තාන් කියන්නෙ පිංක් සිටි එක..රජ කාලෙ ඉදලා ජය්පූර් නගරයේ ගොඩනැගිලි පාට කරන්න රෝස හාරතු පැහැ මිශ්‍ර වර්ණයකින්.. එම පාට සෑදීම සදහා මැටි විශේෂයක් භාවිතා කරනවා..අපි යන කාලෙත් ඇතැම් ගොඩනැගිලි වල වර්ණ ගන්වමින් හිටියා..මගේ භාරත විත්ති ලිපි පෙලේ කලින් පල කල ලිපිය කියවන්න ; https://m.facebook.com/groups/
ජය්පූර්
ජනාකීර්ණ නගරයක්. තරමක් අපිරිසිදු ගතියක් තිබුණා..දැං ඉතිං හිතන්න එපා
පාරවල් දෙපැත්තේ මිනිස්සු ජරා කරලා කියලා.. නෑ එහෙම නෙමේ .
ජය්පූර් වල ත්‍රීවීලර් වලට අමතරව තව ජාතියක් තියෙනව..තීවීලර් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා මේවට කියන්නෙ ඊ ටැක්සි. හතර දෙනෙක්ට වාඩි වෙලා යන්න පුලුවන් මේව බැටරියකින් බලය සැපයීමෙන් ධාවනය වෙනවා.වේගයෙන් යන්න බෑ.එය ජනප්‍රියම ප්‍රවාහණ මාධ්‍යයක්.

ජය්පූර් නගරය මැද විශාල සංවර්ධන ව්‍යාපෘතියක් සිදුවෙමින් පැවතියා..ඒ භූගත මෙට්‍රෝ දුම්‍රිය ස්තානයක් හා අනුෂාංගික පහසුකම් ඉදි කිරීම. මේ සියල්ලම සිද්ද වෙන්නෙ අවුරුදු සිය ගාණක් පරණ ගොඩනැගිලි වලට කිසිදු හානියක් නොවෙන විදිහට,ඒවට යටින්.
පාරවල් වල අලි යන්න පෙරහැරවල් වල වගේ..එ සංචාරකයන් පිටෙ රැගෙන යාමටයි..ඊට අමතරව ඔටුවනුත් සැරෙන් සැරෙ පාරවල් වල ගියා..ඔටුවන් බහුලව ඉන්නෙ ජෛසල්මේර් වලයි.
ආ එකක් කියන්න අමතකවුනානෙ..ජය්පූර් එන අතර මග සෝරාවර් දොරටුව නම් නගර දොරටුවට මදක් කලින් වම් පැත්තෙ වැවක් තියෙනවා.ඒ වැව තමයි මන් සාගර් වැව..මේ වැව සීමා වෙන්නෙ නාහර්ඝඩ් කදු වැටියට..නහර්ඝඩ් කදුවටිය මුදුනෙ නාහර්ඝඩ් බළකොටුව පේන්න තිබුණා(පසුවට).
මේ වැව මැද මාළිගයක් තියෙනවා..ඒකට කියන්නෙ 'ජල් මැහැල්'.
මෙය ජය්පූර් රජ පවුළෙ උදවිය විනෝදයෙන් ගත කිරීම උදෙසා ඉදිකරවනු ලැබූවක්..වැව මැද පිහිටන නිසා වතුර වැඩි කාලයට මහල් හතරක් පමණ ජලයෙන් යට වෙන කාලයක් තිබෙන බවත් කියනවා.. අපි යන විටත් පෙනෙන්න තිබුනෙ මහල් දෙකයි..සම්පූර්ණ මහල් ගණන පහයි..ඒක පෞද්ගලික දේපළක්..දැනට එංගලන්තයේ වාසයකරන ,ජය්පූර් රජපරපුරේ උරුම කරුවාට තමයි එය අයිති...
අපි ඉස්සෙල්ලම ගියෙ ජය්පූර් මාළිගය බලන්න..අපි ඒක ගැන වෙනම ලිපියකින් කතා කරමු.
අමිල
Gallery
ජය්ඝඩ් බලකොටුව
හින්දු මන්දිරයක්
පරණ ආමේර්
අපේ නවාතැනට ආමේර් මාළිගය පෙනෙන අයුරු
අමේර් කොටුවේ පිට දොරටුවක්
No comments:
Post a Comment