ඉන්දියාව බලා ...03

'ලදාක්'


කලින් කොටස නැවැත්තුවෙ 'ලේ (Leh)' ගැන තුන්වැන්නෙන් කියනවයි කියලනෙ..ඒ වුනාට ලේ නගරය ගැන කියනවට වඩා පොදුවේ ලදාක් ගැන ටිකක් කියන එක වැදගත් කියලා හිතුනා..මොකද ඒ පරිසර පද්ධතිය සහ සංස්කෘතිය අපට තරමක් ආගංතුක එකක් නිසා... මීට කලින් වතාවක භාරත විත්ති ලිපි පෙලෙහි ලදාක් ගැන ලිපියක් දැම්මත් එය එතරම් විස්තරාත්මක එකක් නොවුනෙ මම ඒ වෙනකොට ලදාක් ගිහින් තිබුනෙ නැති නිසා https://www.facebook.com/groups/804276106323782/permalink/1340957289322325/

ලදාක් කියන නම හැදෙන්නෙ ලදාකි වචනයක් වන 'ලාඩාග්ස්' (Laadags)කියන එකෙන් බිදිලා..මෙතනදි 'ලා' කියන එකේ ඉංග්‍රීසි තේරුම නම් ' passes ' කියන එක.. dags කියන එකේ තේරුම land කියන එක..ඒ අනුව ලදාක් කියන එකේ තේරුම වෙන්නෙ 'Land of passes' කියන එක. සංචාරකයන් විසින් ලදාක් 'Little Tibet' කියල හදුන්වන්නෙ එහි මුල් බැසගෙන තිබෙන ටිබෙට් සංස්කෘතිය නිසා..
හිමාලයානු කලාපයේ ,ටිබෙට් බුදු දහම මුල්කාලයේ සිට පැවත එන සහ අදටත් ඉතිරිව තිබෙන භූමිය ලදාක් ය..

1970 දශකය වන තෙක් ලදාක් යනු ඉන්දීය සහ විදේශීය සංචාරකයන්ට සපුරා තහනම් ප්‍රදේශයක් වුනා...'ලේ' සංචාරයේදි අපට හමු වුන ඇන්ටික් බඩු කඩ හිමියා 1972 ,රජය විසින් ලදාක් සංචාරකයන්ට විවෘත කල අවස්තාවේ සික්කීම් සිට ලදාක් වෙත පැමිණි කෙනෙක් බව කිවුවා..ඔහු ලදාක් පැමිණියේ දින ගණනාවක දුෂ්කර ගමනකින් පසුව බව අපට කිවුවා..පිවිසුම් මාර්ග තිබෙන මේ කාලයේ මනාලි සිට පැමිණීමට දිනක් හෝ එකහමාරක් ගත වෙද්දී එකල සික්කීම් සිට පැමිණීම කෙසේ වූවාදැයි හිතා ගත හැකි නේද..
චීනයේ සිට යුරෝපය තෙක් දිවුන සේද මාවතට ඉන්දියාවේ දොරටුව විවර වූයේ ලදාක් සිටයි..ඉන්දීය උප මහාද්වීපය සහ මධ්‍යම ආසියාව සම්බන්ධ වුනේ ලදාක් හරහා ය..

ලදාක්... ලදාක් යනු බැලු බැලූ අත වියලී ගිය කදු වලින් සමන්විත කදු වැටි ගිණිය නොහැකි ප්‍රමාණයකින් සමන්විත කලාපයක්... සංචාරක ස්ථාන වල ප්‍රදර්ශණය වන ලදාක් වල සිතියම් (සැටලයිට්) දැක්කම පුදුම හිතෙනවා..හැම තැනම කදු..හරියට කොස් කට්ටක් වගේ...
බිම ඉදන් බැලුවම මේ කදු පේන්නෙ හාඩ්වෙයාර් වල ගොඩ ගහලා තියෙන පස් නැත්තම් වැලි ගොඩවල් වගේ...කදු විශාල ප්‍රමාණයක් තිබෙන්නෙ හිමාලය සහ කරකොරම්(Karakoram) කලාප වලයි.උතුරින්ම පිහිටි great Himalayas කදු වැටි වල පහල බෑවුම් වල ශාඛ තිබෙන අතර ඒවායෙ උස් මුදුන් සදාකාලිකව හිමෙන් වැසී තිබෙනවා.. 'නන්' සහ 'සුරු' නිම්න වල පිහිටි කදු කිහිපයක් ලදාක් වල උසම කදු හැටියට සැළකෙනවා..මේවා මූදු මට්ටමේ සිට මීටර 7000කට වඩා උසින් යුතු වෙනවා..(Everest 8,848 M..මෙම ප්‍රෙදේශයේ නොවේ..උස සැසදීමට පමණි)...වර්ග කිලෝමීටර 96,701 ක් පුරා පැතිර පවතින ලදාක් කලාපයේ ජනගහණය ආසන්න වශයෙන් 240,000 ක් පමණ (2014) වෙනවා..ඉන්දියාවේ අඩුම ජන ඝණත්වයක් පිහිටි කලාපයක් තමයි ලදාක්...1962 සිදු වුන චීන ආක්‍රමණයෙන් පසු ලදාක් හි වර්ග කිලෝමීටර 38,000ක් පමණ මේ වන විට චීන පාලන ප්‍රදේශයට අයත් වෙනවා..

කාන්තාරීකරණය වුන ශීත ප්‍රදේශයක් වුණ ලදාක් හි ඇතැම් ප්‍රදේශ වල ස්වභාව දහමෙන් ලැබුන ත්‍යාගයක් වන්නෙ පිරිසිදු ජල මුලශ්‍රයි...මෙවා විවිධ ප්‍රමාණයන් හි පොකුණු,විල්,ජලාශ,දිය ඇලි සහ ගංගා ලෙස පවතිනවා...

ලදාක් හි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය සෙන්ටි මීටර 15 පමණ අඩු අගයක් වෙනවා.ශීත ඉර්තුවේදි අධික හිමපතණයත් සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -30 ක් පමණ ත් බළපොරොත්තු විය යුතුයි... මෙම හේතු නිසාම වසරේ මාස කිහිපයක් ලදාක් තුළට පිවිසෙන මාර්ග වසා දැමෙනවා.ඒ කාලයට ලදාක් තුලට පිවිසිය හැකි වන්නෙ ගුවනින් පමණයි..ලදාක් වැසියන් වැඩ කල හැකි කාලයේ හැකි තරම් මුදල් හදල් උපයාගෙන, ඉතිරි කාලයට බඩු භාණඩ හා මුදල් රැස් කර නිවාස තුලට වී කාලය ගත කිරීමට හුරු වී සිටිනවා...

ලදාක් හි මිනිසුන් ගැන කතා කරන විට, එය බහුතරය බෞද්ධයන්ගෙන් සමන්විත ප්‍රදේශයක්.වජ්‍රයාන හා තන්ත්‍රයාන බුදුසමයත් මහායාන බුදු සමයත් ලදාක් වැසියන් විශ්වාස කරනවා..තේරවාද භික්ෂූන් කිහිප නමක් අප දුටුවත් ඇතැම් විට ඔවුන් වෙනත් ප්‍රදේශ වලින් ආව අය යැයි සිතිය හැකියි..බටහිර ලදාක් හි කාර්ගිල් දිස්ත්‍රික්කයේ බහුතරය වන්නෙ ෂියා මුස්ලිම් වරු.නැගෙනහිර ලදාක් වල හා චංතං ප්‍රදේශ වල ටිබෙට් රටින් ආ සංක්‍රමණික බෞද්ධ ජනයා වාසය කරනවා..මොවුන් තාවකාලික කූඩාරම් වල වෙසෙමින් අහිකුණ්ඨිකයන් ලෙස තැනින් තැන යමින් කාලය ගත කරනවා.

ලදාක් හි ග්‍රාමීය ප්‍රදේශ වල වැසියන් සාමූහිකව කටයුතු කරන අය.. ගොවිතැන්,සත්ව පාලනය,ගොඩනැගිලි ඉදි කිරීම ආදි ඕනෑම කටයුත්තකදී ඔවුන් සාමූහිකව කටයුතු කරන අතර ගොවි බිම් වල අස්වැන්න එකතු කර සාමූහිකව එකිනෙකා අතර බෙදා ගැනීම සිදු වෙනවා.. මුස්ලිම් බහුතරය සිටින ප්‍රදේශ වලට වඩා අන් ප්‍රදේශ වල මෙම සාමූහිකත්වය සහ කාන්තා දායකත්වය වැඩි බව පවසන්නේ නම් මා නම් නොවේ..ඒ නිකොලස් අර්කිං (දීර්ඝ කාලයක් තිස්සේ ලදාක් හි සංචාරය කොට සටහ තැබූ කෙනෙක්)
ලදාක් සංචාරකයන් අවධාණය යොමු කලයුත්තේ තහනම් කලාප ගැනයි.පාකිස්තාන හා චීන දේශ සීමවන්ට ආසන්න ප්‍රදේශ සමහරක් සම්පූර්ණයෙන්ම තහනම් වන අතර ඇතැම් ප්‍රදේශ වලට යාමට එක් පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් 500 බැගින් ගෙවා විශේෂ අවසර පතක් ලබා ගතයුතුයි...මෙය ඉන්දිය හා ව්දේශීය සංචාරකයන් සියල්ලටම පොදු කාරණයක්. නුබ්‍රා,පැංගොන් සිට චංතං,ඛාර්දංලා,ඉන්දු ගංගා නිම්නයේ ඛාලෙට්ස් වලට එපිටින් ප්‍රදේශ ,ට්සො මොරිරි යන ප්‍රදේශ වල සංචාරය කරනවා නම් මෙම අවසර පත ලබා ගත යුතුමයි..ඔබ පැංගොන් යනවා නම් මෙම අවසර පත පැංගොන් සදහා පමණක් නිකුත් කෙරෙන අතර එය භාවිතා කර නුබ්‍රා යාම කල නොහැකියි.
ඔබ ලේ හි දී ටැක්සියක ගමන් කරන විට බොහෝ විට රියදුරන් ඔබව මේ ගැන දැනුවත් කරනවා..ආ..අනිත් කාරණය නම් ලදාක් වල ප්‍රධානම නගරය වන ලේ කියන්නෙ ත්‍රීවීල්,රික්ෂො,ඊ ටැක්සි කියන මුකුත් ඇහැටවත් පේන්න නැති, කැබ් පමණක් ප්‍රවාහන මාධ්‍යක් ලෙස භාවිතා වන ප්‍රදේශයක්...
සාප්පු සවාරි යනවානම් ඒ 'ලේ' හි දීය. ලේ සහ පරණ ලේ (කොටුව අවට) ප්‍රදේශය කඩසාප්පු,පොලවල්,සලුපිලි,විසිතුරු භාණ්ඩ,තෑගි භාණ්ඩ,පෞරාණික භාන්ඩ හා ඒ ආකාරයට තැනු භාණ්ඩ විකුණන තැන් රාශියල් තියෙනවා...

ලදාක් වල මතක සටහන් ලෙස ටිබෙට් භාණ්ඩ මිලට ගැනීමට මම රෙකමදාරු කරන්නේ Little Tibet නම් කඩයයි..එය ලේ මාලිගාවෙ සිට ලේ නගරයට වැටී තිබෙන මාර්ගයේ පිහිටා තිබෙනවා.

ලදාක් හි නිවාස ගැන කිවුවොත් ඒවා ගණකාකාර නිවාස.. මහල් කිහිපයකින් යුත් නිවාසත් තියෙනවා..රූෆ් ටොප් එක කියලා අපි හදුන්වන කොටස ශීත කාලයේ ප්‍රයෝජනයට ගැනීමට පිදුරු වේලීම,ධාන්‍ය වේලීම, රෙදි වේලීම වැනි මෙකී නොකී කාරණා රාශියකට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන තැනක්.

සිවිලිම ලෙස යොදා ගන්නෙ බොහෝ විට තරමක් විශාල පයින් බාල්ක මත දැමූ පොප්ලර් හෝ ඒ සමාන සිහින් ලී වර්ගයි.. 

මීට අමතරව බිත්තියටත්,සිවිලිමටත් අතරින් කුඩා කෝටු ලක්ෂ ගාණක් ඔබා තරමක් ඝනකම් කොටසක් නිර්මාණයකරනවා. මෙය සිවිලිමක්ද කුමක්ද යන්න සිතා ගත නොහැක්කේ එවැන්නක් දුටු පළමුවතාව බැවිනි..තවද එය හුදෙක් සම්ප්‍රදාය උදෙසා කරනවාද නැතිනම් උණුසුම හා සිසිලස පවත්වා ගැනීම උදෙසා කරනවාද යන්න සැක හැර දැන ගැනීමට අපට අවස්තාවක් ලැබුනෙ නෑ...




ඉන්දියාවෙ අන් ප්‍රදේශ වල ආහාර මෙන් මිරිස් වැඩියෙන් යෙදූ කට දවන කෑම වර්ග ලදාක් වල නෑ.. බොහොමයක් කෑම චීන හා ටිබෙට් වලින් ලැබුණ දායාදයි, මො මෝ,තුක්පා, බාඑ බාඑ වගේ චීන හා ටිබෙට් කෑම වර්ග ලදාක් වල ලබා ගන්න පුලුවන්.. එහෙදි මම බීපු හොදම බීම තමයි 'Ginger Lemon Honey tea' එක..දේශගුණ වෙනස් වීම නිසා දරා ගත නොහැකි හිසේ කැක්කුමකින් පෙලෙමින් ඇවිද්ද මට ඒක බිවුවට පස්සෙ ලෙඩේ සෑහෙන අඩු වුනා.. 
ලදාක් යනවානම් ඔබට බලන්න තැන් රාශියක් තියෙන විශාල ප්‍රදේශයක් තමයි . කෙටියෙන් කිවොත් ලංකාවටත් වඩා විශාල ප්‍රදේශයක්

මැග්නට් හිල් කියන්නෙ අපට යන්න බැරි වුන තවත් එක් ප්‍රසිද්ධ ප්‍රදේශයක්... මෙම ප්‍රදේශයේදී වාහනය ක්‍රියා විරහිත කර වාහනයෙන් බැස පසෙකට වී බලා සිටිද්දී වාහනය ආපස්සට ගමන් කරනවා.(ලිංකුව බලන්න https://youtu.be/sL22JramBbQ )
පැංගොන්,නුබ්‍රා,සංස්කාර් වගේ ප්‍රදේශ ලේ සිට කිලෝමීටර සිය ගණනක් ඈතින් පිහිටි නිසා අපට යන්න බැරි වුනා...

ලදාක් වැසියන් ගේ සාම්ප්‍රදායික ඇදුම ගැන කිවහොත් එය ටිබෙට් සම්ප්‍රදායට හුරු ඇදුමක්.කාන්තාවන් රන් ආභරණ පලදින්නෙ බොහොම අඩුවෙන්. ඒ වෙනුවට ලදාක් හා කෂ්මිර් ප්‍රදේශය්න් ලබා ගන්නා පාෂාණ වර්ග ඔප දමා එවා වලින් තැනු අලංකාර ආභරණ ඔවුන් පලදිනවා... කාන්තාවන් හිස වැසෙන සේ දමන පලදනාව ක් තිබෙනවා .මෙම පලදනාත් ඉහත කී පාෂාණ වර්ග වලින් අලංකාර කර තිබෙනවා..

 ලදාක් ගැන කියද්දි අමතක කරන්න බැරි තවත් කාරණා තුනක් කියල මේ ලිපිය තව දීර්ඝ නොකර නවත්තනවා..
එකක් තමයි Praying-flags.. 

ලදාක් වල ඔබ යන්නෙ කොහිද,ඒ හැම තැනකම වගේ නිල්,කහ,රතු,සුදු,කහ,කොල වර්ණ වලින් සමන්විත කොඩි වැල් දකින්න පුලුවන්..මෙම කොඩි වල ටිබෙට් සූත්‍ර හා මන්ත්‍ර ලියා තිබෙනවා.. ලදාක් බෞද්ධ ප්‍රදේශයක් බව ඇගවීමට ප්‍රධානම සාක්ෂියක් ලෙස මෙම කොඩි වැල් කියන්න පුලුවන්.(මමත් මේව ටිකක් ගෙනල්ල එල්ලුව ගෙදර බුදු මැදුරෙ 😊😊😂)


අනිත් එකක් තමයි ටිබෙට් සම්ප්‍රදයෙ ස්තූප.මෙම ස්තුප ගෙවල් වල පවා දකින්නට ලැබෙනවා.ඒ හරියට අපි අපෙ ගෙවල් වල පුංචි බුදු මැදුරක් තියා ගන්නවා වගේ... ගම්,නගර ,ගෙවල් හැම තැනම වගේ මේ ස්තුප දකින්න පුලුවන්... (ඕං ඉතිං මාත් මේකක් හදන්න හිතං ඉන්නෙ 🤐🤐)

තුන් වෙනි කාරණය Praying wheels . ජණාකීර්ණ ප්‍රදේශ වල හැම තැනම වගේ මේ ප්‍රෙයිං විල් සවි කරලා තියෙනවා... සමහර තැන් වල විශාල ප්‍රමාණයේ තනි ප්‍රේයිං වීල් ද සමහර තැන් වල බිත්ති වලට සවි කල කුඩා ප්‍රමාණයේ ප්‍රේයිං වීල් පේලි ලෙසද මේවා සවි කරලා තියෙනවා...අතේ තබාගෙන කරකවන ප්‍රෙයිං වීල් බොහොම ජනප්‍රියයි.ලදාක් වැසියන් මෙම ප්‍රේයිං වීල් කරකවමින් වන්දානා කරනු දකින්න ලැබීම සුලබ දෙයක්..මෙම ප්‍රේයිං විල් ඇතිලෙ තියෙනවා රෝල් කරපු ටිබෙට් සූත්‍ර පොත්..ඔවුන් විශ්වාස කරනව මෙම වීල් එක කරකැවීම එම පොත කියෙවුවා හා සමානයි කියලා...


ඉතිං මේක තවත් දික් කරන්න බෑ...තවත් කොටසකින් හමු වෙමු.
Gallery














No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters