ඉන්දියාවබලා ...06 - 'රජුන්ගේ බිමේදී'


එදා නැවැත්තුවෙ ජය්පූර් ගමනින් නෙ... ඉතිං කාලා බීලා අපි ගියෙ ජාය්පූර් මාළිගාව බලන්න.. වර්තමානයේ මේ මාළිගය ප්‍රසිද්ධ City Palace කියලා... ජය්පූර් නගර මධ්‍යයේ තමයි මාළිගය තියෙන්නෙ...
හවා මැහැල් මාර්ගයට ටිකක් එහායින් පළවෙනි දොරටුව තියෙනවා..ඊට මීටර් කිහිපයක් ඔබ්බෙන් දෙවන දොරටුවත් , අවසානයෙ මාළිගා භූමියට පිවිසෙන දොරටුවත් තියෙනවා..






දොරටුව අලංකාර මුඝල් හා රාජ්පුත් කැටයම් සහ චිත්‍ර වලින් අලංකාර කර තියෙනවා... දෙපස ඇතුලට වක්‍රාකාරවුන කුඩා කුටියක් තුළ රාජ්පුත් ඇදුමින් සැරසුන මුරකරුවන් දෙදෙනෙකු සිතුවම් කර තිබෙනවා .දොරටුව ඉහල ගණේෂ ගේ රුවක් අඹා තිබෙනවා.




ඒ දොරටුවෙන් ඇතුළු වෙන්නෙ විශාල අංගනයකට... ඇතුළු වෙනකොටම ඉහලින් ඔරලෝසු කණුවක් තිබෙනවා..



දකුණු පසින් විවිධ තෑගි භාණ්ඩ හා සළුපිළි විකුණන කඩ පේළියකුත් තිබෙනවා..ඉන් ඔබ්බට තිබෙන්නෙ රතු පැහැ උස පවුරක්... ඒ පවුරෙන් එහා පැත්තෙ තමයි මහ මාළිගය තියෙන්නෙ..

ටිකට් විදේශිකයන් ට රුපියල් 500/- ,ඉන්දීයාවෙ ඉගෙන ගන්නා විදේශීය සිසුන්ට හා ඉන්දියානුවන්ට 100/- , ඉතිං as allways අපි ඉන්දියානුවන් වගේ රගපාලා රුපියල් 100/- ට ගියා..😂.. මාළිගයේ වර්තමාන රජපවුල වෙසෙන කොටසත් ඇතුළුව නැරඹීමට නම් රුපියල් 2000/-.

මේ මාළිගයේ ඉතිහාසය ටිකක් බලමු.


මාළිගය ඉදිවෙන්නේ ක්‍රි.ව.1729 - 1732 අතර.එය ආරම්භ කරන්නෙ අමේර් හි මහරාජා වුණ සවායි ජය් සිං 2 විසින්.

මෙතුමා විසින් ඉන්දියාවෙ ප්‍රතම සැළසුම් සහගත නගරය බවට ජය්පූර් පත් කරමින් එම නගරය මනාව සකසමින් මාළිගය ප්‍රාකාර ඉදි කිරීම ආරම්භ කල අතර අනුප්‍රාප්තිකයන් විසින් එම කර්මාන්තයන් අවසාන කලා..මෙය අවසාන වන්නෙ 20 වන සියවසේදීයි..1727දී රාජධානිය ආමේර් සිට ජය්පූර් වෙත මාරු වුනා..මෙතුමා ගෘහනිර්මාණ ශිල්පයෙ දක්ෂයෙක් වුණ අතර රාජකිය ගෘහ නිර්මාණ ශිල්පියා වුණ විද්‍යාධර් භට්ටාචාර්ජී සමග එකතුව වාස්තු සම්ප්‍රදායන් අනුව යමින් කොටස් හයකින් යුතු සැලසුම් සහගත නගරයක් ලෙස ජය්පූර් ගොඩනැගීමට යෙදුනා..


රාජ වංශයේ රාජාවලිය මුල සිට ගතහොත්
ආමේර් මාළිගයේ සිට
• මහරාජ් සොද් දේව් (966-1006)
• මහරාජ් දුලේහා රායි(1006-1036)
• මහරාජ් කන්කිල් දේව්(1036-1038)
• මහරාජ් හනු දේව්(1039-1053)
• මහරාජ් ජනද් දේව්(1053-1070)
• මහරාජ් පජ්වන් දේව්(1079-1094)
• මහරාජ් මෙලෛසි දේව්(1094-1146)
• මහරාජ් බීජල් දේව් (1146-1178)
• මහරාජ් රාජ් දේව්(1179-1216)
• මහරාජ් ඛෙලාන් දේව් (1216-1275)
• මහරාජ් කුන්තල් දේව් (1276-1317)
• මහරාජ් ජූන්සි දේව්(1317-1365)
• මහරාජ් උදය්කරණ්(1366-1388)
• මහරාජ් නර්සිං දේව්(1388-1427)
• මහරාජ් බාන්බිර් (1428-1439)
• මහරාජ් උද්ද්‍රා රාම්(1439-1467)
• මහරාජ් චන්ද්‍ර සේන්(1467-1502)
• මහරාජ් ප්‍රිත්වි රාජ්(1503-1527)
• මහරාජ් පූරන්මල්(1527-1534)
• මහරාජ් භීම්(1534-1537)
• මහරාජ් රතන් සිං(1537-1548)
• මහරාජ් අෂ් කරණ්(1548 - දින 16 කින් බලයෙන් පහ කරන ලදී..සුජාමල් කුමාරයාගෙ පියා)
• මහරාජ් භාර් මල් (1548-1573 ,ජෝදා භායි ගේ පියා)
• මහරාජ් භගවන්ත් දාස් (1574-1589)
• මහරාජ් මාන් සිං 1(1590-1614)
• මහරාජ් භාඔ සිං(1614-1621)
• මහරාජ් ජය් සිං 1 (1622-1667)
• මහරාජ් රාම් සිං 1(1667-1689)
• මහරාජ් බිෂාන් සිං(1689-1790)
• මහරාජ් සවායි ජය්සිං 2 (1700-1743
රාජධානිය ආමෙර් සිට ජය්පූර් වෙත මාරු විය
• මහරාජ් සවායි ඉශ්වරී සිං(1743-1750)

























 
  • මහරාජ් සවායි මාධෝ සිං(1751-1768)
• මහරාජ් සවායි ප්‍රිත්වි සිං(1768-1778)
• මහරාජ් සවායි ප්‍රතාප් සිං(1778-1803)
• මහරාජ් සවායි ජගත් සිං(1803-1818)


























• මහරාජ් සවායි ජය් සිං 3 (1819-1835)
• මහරාජ් සවායි රාම් සිං 2(1835-1879)

















  • මහරාජ් සවායි මාධෝ සිං 2(1880-1922)


















මහරාජ් සවායි මාන් සිං 2 (1922-1969)



























මහරාජ් සවායි භවානි සිං (1970-2011)


















වත්මන් උරුමකරු (නාමික රජෙකි , පද්මනාභ සිං..එංගලන්තයෙ අධ්‍යාපනය හදාරමින් සීටී ..


රතු පැහැ පවුරෙන් ඇතුළු වන අපට ඉස්සෙල්ලම දකින්න ලැබෙන්නෙ මාළිගා කොටසට පිටින් පිහිටි තවත් රතු පැහැ ,රාජ්පුත් පන්නයේ ගොඩනැගිල්ලක්. ඒකට කියන්නෙ දිවාන්-එ-ඛාස් කියලා..

තෙරුම තමයි hall of private audiance .මෙය ආයුධ ගබඩාව හා කලාගාරය අතර පිහිටා තිබෙනව .රතු ගලින් හා මාබල් ගලින් නිම කල මෙම ශාලාවෙ තියෙනවා ලොකු රිදි භුජම් දෙකක්..මේවා ලොව විශාලම රිදී භුජම් දෙක ලෙස ගිනස් පොතට ඇතුළත් වී තිබෙනවා..රිදී භුජම් වලට පිටුපසින් බිත්තිදෙකක රවුමට මෝස්තරයක් ලෙස එල්ලු තුවක්කු වලින් අලංකාර කර තිබෙනවා..







දිවාන්-එ-ඛාස් වලින් පස්සෙ අපට හමු වෙන වැදගත්ම කොටස තමයි 'මුබාරක් මැහැල්' තේරුම තමයි ශුභ ගෘහය /මාළිගය කියන එක..

මෙ කොටසට යන්න දිවාන් එ ආම් තියෙන අංගනයෙන් ඉවත් වී පැසේජය්ක් තුලින් ගොස් වෙනත් අංගනයකට පිවිසෙන්න වෙනවා..මෙම පැසෙජය තුළත් මහරාජා වරුන්ගෙ සිතුවම් එල්ලා තිබෙනවා .එක් තැනක තිබෙන මුහුණ බලන විශාල කන්නඩියක බුදු රුවක් තිබෙනවා..

එය චීනයෙන් තෑගි ලද එකක්..
මුබාරක් මැහැල්; මෙය රාජ්පුත් මුඝල් හා යුරෝපීය සම්ප්‍රදායන් තුනම මිශ්‍ර අලංකාර ගොඩනැගිල්ලක්..19 වන සියවසේදී ඉදි කෙරුනු මෙය මහරාජ් මාධෝ සිං 2 ගේ අමුත්තන් හමුවීමේ ශාලාවයි...මෙය වර්තමානයේ කෞතුකාගරයක් ලෙස භාවිතාවන අතර ඇතළත චායාරූප ගැනීම තහනම්.


ඉන්පසු අපට හමු වන්නෙ මාළිගයේ වැදගත්ම ස්ථානයයි..ඒ දිවාන්-එ-ආම් නොහොත් දර්බාර් නොහොත් සභා නිවාස් නොහොත් රාජ සභා ශාලාවයි...

මෙහි ඇතුළත මහරාජා වරු කිහිප දෙනෙකුගේ සිතුවම් සහ චායා රුපත් ඔවුන්ගේ පෞද්ගලික භාණ්ඩ කිහිපයකුත් ප්‍රදර්ශණයට තබා තිබෙනවා... ඉන්දියාවේ බිහි වුන විශිෂ්ඨතම පෝලෝ ශූරයෙක් වන මහරාජ් මාන් සිං 2 විසින් දිනාගත්;ලෝක ශූරතාවයද ඇතුළුව, සම්මාන හා කුසලාන ද මෙම ශාලාවේ තබා තිබෙනවා... ශාලාව මැද සිංහාසන දෙකක් සහ අමාත්‍ය වරුන්ගේ පුටු තිබෙනවා...චායා රූප ගන්න තහනම් වුනාට අපි සැලෙනවද..නෑ..හොරාට එකක් ගත්තා..හැබැයි මෙක දැකපු ගයිඩ් කාරයෙක් අපිට සද්දයක් දැම්මත් අපිට නෙමෙ වගෙ ගියා...ඇතුළ ගොඩක් පේන්නෙ නැ ඒ චායා රූපයෙත්.



ඊට පස්සෙ තියෙන වැදගත් ස්ථානයක් නම් චන්ද්‍ර මැහැල් නොහොත් මහරාජ් වරුන්ගේ පෞද්ගලික කාමර සහිත කොටස හා රාණි මැහැල් කොටසයි..









ජය්පූර් රජපරපුරේ වත්මන් උරුමකරුවන් ඉන්දියාවට පැමිණි විට වසන්නේ මෙම කොටසේයි..මහරජු සිටින විට රජුගේ කොඩිය සහ රාජස්තාන් කොඩියත්,රටෙ නැති විට රාජස්තාන් කොඩිය පමණකුත් මෙම මාළිගයේ ඉහලින් ප්‍රදර්ශණය කෙරෙනවා..
ආමේර් මාළිගය මෙන් ඉතා විශාල මාළිගයක් නෙමෙ ජය්පූර් මාළිගය...

ජය් පූර් මාළිගයේ වාසය කල මහා රාජා වරුන්ගෙන් ජනප්‍රිය අයෙකුවන්නෙ මහ රාජා සවායි මාන් සිං 2 . එතුමා ඉන්දීය හමුදාවේ සේවය කොට ඇති අතර අති දක්ෂ පෝලෝ ක්‍රීඩකයෙකුව සිට තිබෙනවා... එවක පෝලෝ ලෝක කුසලානය පවා දිනා ගැනීමට මෙතුමා නායකත්වය දුන් ඉන්දීය කණ්ඩායක සමත්ව තිබෙනවා... එම කුසලාන මහජන ප්‍රදර්දර්ශණය සදහා තබා තිබෙනවා... මෙතුමාගෙ පුත් මහා රාජා සවයි භවානි සිං 1970 සිට 2011 තෙක් මහ රාජා තනතුරේ සිට තිබෙනවා...රජ පරපුරේ වර්තමාන උරුමකරු එංගලන්තයේ අධ්‍යාපනය හදාරනවා...
මහ රාජා සවායි මාන් සිං සහ මහ රාණි ගයත්‍රි දේවිගේ විවාහය සිදු වූ අයුරු ගැන මගේ මිතුරා මෙසේ පවසා සිටියා.


බෙංගාල ප්‍රාන්තයේ කුච් බිහේර් මාළිගයේ කුමරියක් වුණ සුරූපී ගයත්‍රි දේවි දුටු මහ රාජා මාන් සඉං විවාහ යෝජනාවක් කර ඇති අතර ,පෝලෝ තරගයක් තබා එයජය ගතහොත් විවාහ වන බව ගයත්‍රි දේවි පවසා තිබෙනවා..ඒ අනුව පැවැත්වූ පෝලෝ තරගයෙන් ජය ලබා ගැනීමෙන් පසුව මහ රාජා මාන්සිං 2 සමග ගයාත්‍රි දේවි විවාහ වී තිබෙනවා... ඉන්දිරා ගාන්ධි සමයෙ මහරාණි ගයත්‍රිදේවි සිර කොට රජ පරපුරට අයත් භාණ්ඩාගාරය බලහත්කාරයෙන් විවෘත කොට රැගෙන ගොස් තිබෙනවා(පසුවට)
ජය්පූර් මාළිගයෙන් පසු අපි ගියෙ ජන්තර් මන්තර්,හවා මැහැල් සහ ඇල්බට් හෝල් නැරඹීමටයි..
ඊලග ලිපියෙන් එ ගැන

අමිල•

Gallery







No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters