Beyond reasonable doubt..සාධාරණ සැකයෙන් ඔබ්බට…- 06 – “Talvar – Noida double murder”

(Jalwayu vihar,Noida,Uttar Pradesh,India)
https://m.facebook.com/groups/804276106323782?view=permalink&id=1520122678072451
https://m.facebook.com/groups/804276106323782?view=permalink&id=1520414164709969
(Talvar Familly)
NOI5

රාජේෂ් සහ නූපුර් තල්වාර් කියන්නෙ නොයිඩා හි ජල්වායු විහාර් මහල් නිවාස සංකීර්ණයේ sector 25 හි වාසය කල දන්ත වෛද්‍ය යුවලක්.

(Jalvayu Vihar) NOI7

ඔවුන්ගේ එකම දියණිය ආරැෂි තල්වාර් 14 හැවිරිදි දැරියක් වුණා.ඇගේ උපන් දිනයට දින 8 කට පෙර ඇය සාහසික ලෙස නිවස තුලදීම ඝාතනය වෙනවා..මේ ඒ ගැනයි.

(Arushi Talvar – Middle)
NOI1
 
රාජේශ් සහ නූපුර් දෙදෙනාම Fortis Hospital හි දන්ත වෛද්‍ය වරුන් වන අතර රාජේශ් දන්තවෛද්‍ය අංශයේ ප්‍රධානියා වුණා.මීට අමතරව නොයිඩා හි සහ Hauz Khas හි ඔවුන් විසින් අනීතා සහ ප්‍රෆුල් ඩුරාන්ත් ගේ හවුලෙන් යුතුව දන්ත පෞද්ගල්ක වෛද්‍ය සායනයන් පවත්වාගෙන ගියා.
මෙහි දී සාමාන්‍යයෙන් රාජේශ් සහ අනීතා උදෑසන 9 සිට 12 වන තෙක්ද නූපුර් සහ ප්‍රෆූල් විසින් සවස 5සිට 7 ක්ද ප්‍රතිකාර කලා.මීට අමතරව රාජේෂ් ITS dental collage හි කථිකාචාර්ය වරයෙක් ලෙසද සේවය කලා.
තල්වාර් නිවසේ ස්ථීර ලෙස නැවතී සේවය කල හේම්රාජ් නම් නේපාලි ජාතික සේවකයෙක්ද උදෑසන පැමිණ දහවල ආපසු යන භාරතී මණ්ඩල් නම් සේවිකාවක්ද සිටියා.
2008.05.15 දින රාජේශ්..නූපුර් සහ ආරුෂිගේ ක්‍රියාවන් පහත ආකාරයෙන් පොලිසිය විසින් ලද සාක්ෂි අනුව ගොනු කර තිබෙනවා.
උදෑසන 9 සිට 1 තෙක් Hauz khas සායනයේ ප්‍රතිකාර කල නූපුර් 1.30 ට පමණ ආරුෂිවද පාසලෙන් ගෙන නිවසට පැමිණියා.
නූපුර්ගේ නෑනා වන වන්දනා ඔවුන් සමග දිවා ආහාරය ගත් අතර ඉන් පස් වන්දනා සහ නූපුර් නිවසින් පිටව යන්නෙ ආරුෂි නිවසේ සිටියදීය.නූපුර් 4.30 සිට 7.00 තෙක් ෆෝට්ස් හි ප්‍රතිකාර කොට 7.30 ට පමණ නිවසට පැමිණියා.
රාජේශ් ITD හි උදෑසන 8.45 සිට හවස 3.30 තෙක් දේශනයන් ඉවර කොට Hauz Khas හි සායනයට ගියා.එහි රාත්‍රි 8.30 වන තෙක් ප්‍රතිකාර කල ඔහු රියැදුරු උමේෂ් ශර්මා සමග රාත්‍රී 9.30 ට පමණ නැවත නිවසට පැමිණියා.
උමේෂ් නුදුරින් පිහිටි නූපුර්ගේ දෙමාපියන්ගේ නිවසෙහි වාහනය නවතා 9.40 ට පමණ නැවත පැමිණ සේවක හේම රාජ් අතට යතුර සහ රාජේශ්ගේ බෑගය දී යන විට නූපුර් සහ ආරුෂි ආලින්දයේ සිටිනුද රාජේශ් දුරකථනය අමතමිනි සිය කාමරයේ ට ආලින්දයට පැමිණෙනුද දැක තිබුණා.ආරුෂි සහ හේම්රාජ් ජීවතුන් අතර අවසාන වරට දුටු පිටස්තරයා ඔහුයි.
උපන්දිනයට තෑගි දීමට ගෙනා Sony DC – W 130 වර්ගයේ කැමරාව එදිනම පුදුම කරවීමට ලබා දෙමුයි නූපුර් කීව නිසා රාජේශ් සහ නූපුර් ආරුෂි ගේ කාමරයට ගොස් එය ඇයට ලබා දෙන්වා.ආරුෂි ඉන් චායා රූප කිහිපයක් ලබා ගත් අතර අවසාන ඡායා රූපය රාත්‍රී 10.10ට ලබා ගෙන තිබුණා.
ඉන් පස්වු රාජේශ් සහ නූපුර් සිය කාමරයට ගියා.
රාත්‍රී 11 ට පමණ ආරුෂි ගේ කාමරයෙහි තිබුණු internet router එක ක්‍රියාත්මක කිරීමට නූපුර් නැවත ඇගේ කමෙරයට යන විට ආරුෂි 3 mistakes of my life කියවමින් සිට තිබෙනවා.
මේ අවස්තාවේ රාජේශ් එක්සත් ජනපදයේන් පැමිණ් දුරකතන ඇමතුමක සිටියා.
ඉන් පසුව ඔහු stock market සහ දන්ත වෛද්‍ය වෙබ් අඩවි කිහිපයක් බලා අවසානයේ e-mail එකක් යවනවා රාත්‍රී 11.41.53 ට.ඔහු අවසන් වතාවට අන්තර්ජාලය භාවිතා කලේ ඒ වෙලාවේ යැයි ඒම සාක්ෂියෙන් පැවසෙනවා.
ආරුෂිගේ යෙහෙලියක්පවන අන්මොල් ගේ සාක්ෂියට අනුව ඇය මධ්‍යම රාත්‍රියට ආසන්නයේදි ආරුෂි ගේ ජංගම දුරකතනයටද නවසේ සථීර දුරකතනයටද ඇමතුමක් ගත්තද ඉන් එකකින් වත් ප්‍රතිචාර නොලැබී තිබුණා.12.30 ට SMS පණිවිඩයක් ඇය එවුවත් එය ආරුෂි ගේ දුරකතනයෙන නොලද බවට අන්මෝල්ගේ දුරකතනයේ සටහනව තිබුනා.
රවුටරය අවසාන වරට භාවිතා කර තිබුනේ මධ්‍යම රාත්‍රී 12.08 බැවින් පොලිසිය විසින් ප්‍රකාශ නර තිබුනා ඒ අවස්ථාව වන තෙක් රාජේශ් අවදිව සිටි බවයි.
මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණය වි තිබුනේ මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 1 ත් අතර කාලයේදීයි.
රාත්‍රි 12 සිට උදෑසන 6 අතර කාලයේ කුමක් වුනා දැයි සොයා ගැනීමට පොලිසිය අසමත් වෙනවා.
තල්වාර් නිවස ව.අඩි 1300 කින් යුත් නිදන කාමර 3කින්ද ආලින්දයෙන් සහ මුලුතැන් ගෙයකින්ද සේවක කාමරයකින්ද යුත් නිවසක්.
හේම් රාජ් විසූ සේවක කාමරය නිවසෙහි ඇතුලින් මෙන්ම පිටින්ද පිවිසිය හැකි එකක්.
නිවසේ ප්‍රධාන දොරවල් තුනක් තිබුණා.පලමු දෙක ග්‍රීල් ගේට්ටු දෙකක් සහ අවසාන එක ලී වලින් තැනූ දොරක්.
පළමු ග්‍රීල් ගේට්ටු දෙක අතර ප්‍රහිටි ප්‍රදේශයේ හේම්රාජ්ගේ කාමරයේ නිවසින් පිටතට පිහිටි දොර තිබුනා.

NOI4
උදෑසන 6 ට පමණ සේවිකාව භාරතී පැමිණි නිවසේ සීනුව දෙවතාවක් නාද කලා.වෙනදාට හේම්රාජ් දොර ඇරියද එදින එසේ නොවුනා.තෙවන වර නාද කරත්ම නූපුර් පැමිණ ලි දොර ඇර හේම් රාජ් එන තෙක් සිටින්නැයි භාරතීට පවසා සිටියා.
එහෙත් එතකේ සිටිය නොහැකියයි භාරති පැවසුයෙන් යකුර උඩු මහලේ සිට වීසි කිරිමට පහලට යන ලෙස භාරතීට පවසන නූපුරු නැවති නිවස තුලට යනවා.
උඩු මහලින් විසි කල යතුර රැගෙන පැමිණි භාරතීට දොර ඉබෙම් යතුර භාවිතා කිරීමෙන් තොරව ඇර ගත හැකි වෙනවා.
මේ අතර රාජේශ් අවදිවී ආලින්දයට පැමිණ තමා විසින් භාවිතා නොකල විස්කි බෝතලයක් මේසය උඩ තිබෙනු දැක එය නූපුර්ගෙන් විමසනවා.ඒත් හා සමගම සැකයක් ඇති වීමෙන් ඔහු වහාම ආරුෂිගේ කාමරය බලන ලෙස නූපුර්ට පවසමින් ඔහුත් එදෙසට යනවා.ආරුෂිගේ කාමරය ඇතුලෙන් ඉබෙ අගුලු වාටන ලෙස පිහිටා තිබුනා.එය එලියෙන් විවෘත කල හැක්කේ යතුරෙන් පමණයි.එදින උදයේ දොර ඇරී තිබුන අතර ඇරුනු දොරෙන් ඔවුන් දුටුවේ නිදි ඇඳ මත මරා දමා සුද ෆ්ලැනල් රෙද්දකින් ඔතා ,මුහුණ මත පාසල් බෑගය තබා තිබුනු ආරුෂිගේ මල සිරුරයි.ෆ්ලැනල් රෙද්ද ඉවත්පකල විට ආරුෂිගේ ගෙල කපා ඇති බව දුටු ඔවුන් ලේ ඇඳ රෙද්ද සහ මෙට්ටය පුරා තිබෙනු දුටුවා.
භාරතී එතැනට පැමිනෙන විට රාජේශ් අඬමින් සිටි බවක් නූපුර් කිසිදු හැඟීමකින් තොරව බලා සිටි බවත් ඇය සාක්ෂි දී තිබුණා.නූපුර් පවසා තිබුනේ ඇය ඒ අවස්ථාවේ අධික ලෙස කම්පණය වූ බැවින එසේ වූ බවයි.
පසුව භාරතී විසින් අසල් වැසියන්ට දන්වන ලදින් ඔවුන් පොලිසියට ද දැන්වුවා.පොලිසිය පැමිණෙන විට ආලින්දයේ 15 කට ආසන්න දෙනෙක්ද ප්‍රධාන නිදන කාමරයේ 6ට ආසන්න දෙනෙක්ද සිටියා.ආරුෂිගේ කාමරයේ කිසිවෙකු සිට නෑ.
මේ වන විට හේම්රාජ් සොයා ගත් නොහැකි වූ බැවින් ඔහු වෙතට රාජේශ් සහ නූපුරු චෝදනා එල්ල කලා.ඉක්මනින් ඔහු සොයා ගන්නා ලෙස පවසමින් රාජේශ් විසින් ඉන්දීය රුපියල් 25000ක් පොලිසියට ලබා දී තිබුනා.ඒ අවස්තාවේ උද්ගතව ඇති තත්වය අනුව රාජේශ්ගේ විසිකි බෝතලය බී ආරුෂීට අතවර කිරීමට තැත්කොට එසේ කල නොහැකි වීමෙන් ඇය මරා දැමූ හේම්රාජ් නිවසින් පලා ගොස් ඇත යන පදනම මත පිහිටා පොලීසය විසින් හේමරාජ් සොයා දෙන්නෙක්ට රුපියල් 20000 ක තැග්ගක් දෙන බවටද නිවේදනය කලා.
පශ්චාත් මරණ පරීක්ෂණයට සිරුර ගෙන යන ලදුව එදින (16.05.2008) හවස 3 ත 6ත් අතර රාජේශ්ගේ සොයුරා දිනේශ් විසින් හිටපු පොලිස් අධිකාරී වරයෙක් වන K.K.Gautam ට අමතා ලිංගික අඩන්තේට්ටම් පිලිබඳව යම් සඳහනක් මරණ පරීක්ෂණ වාර්තවේ සඳහනු වුනොත් එය ඉවත් කිරීමට උදවු කරන ලෙස ඉල්ලා සිටි බවට ගෞතම් සාක්ෂි දී තිබුණා.
එදින හවස 4 ට පමණ නැවත ගෙන ආ මල සිරුර කඩිනමින් ආදාහනයට කටයුතු කලා.
ඒ වන විටත් පරීක්ෂණ අවසන්ව තිබූ බැවින් නරක් වෙමින් පැවති සිරුර ආදාහනය කිරීමට පොලිසිය අවසර දුන් බව පසුව ප්‍රකාශ වුණා.
ආරුෂීගේ ඇදෙහි මෙට්ටයේ කොටසක් සහ කොට්ටය රසපරීකෂණ නිලධාරීන් වෙත යවා තිබුණා.
සේවකයන් සහ නූපුර්ගේ මව විසින් ආරුෂිගේ කාමරය පිරිසිදු කල අතර එයටද පොලිස් අවසරය ලද බව පසුව ප්‍රකාශ වුණා.
මෙට්ටයේ ඉතිරි කොටස් roof top එකට ගෙන ගොස් දැමීමට කුලී සේවක විකාශ් සේති සූදානම් වුවද roof top එකට යන දොර වසා දමා තිබුණු බැවිනි එය කල නොහැකි වුනා.අසල් වැසි පුනීශ් රායිගේ roof top එකේ තාවකාලිකව එය දැමීමට අවසර ලැබුනෙන් ඔවුන් එහි ගියා.එකානකට යාව තිබුණු රාජේශ්ගේ සහ පුනීශ්ගේ නිවාස වලට අයත් roof top කොටස් ග්‍රීල් වැටකින් වෙන්ව තිබුණා.
මේ අතර රාජේශ්ගේ නිවසේ roof top එක ට යන දොරෙහි ලේ පැල්ලමක් කෙනෙක් ෙග් ඇස ගැටෙනවා.වහාම එය පොලිසියට දැන්වීමට ඔවුන් කටයුතු කරනවා.මෙහිදි එය උදෑසන නොදුටු බවඋදෑසන එහි පැමිණි පොලිස් නිලධාරීන් , විකාශ් සේති සහ සහාය වුනු පිරිසත් පුනීශ් රායිත් සාක්ෂි ලබා දෙනවා.ඒ අනුව එම සළකුණ විකාශ් ඇතුලු පිරිස දොර ඇරීමට තැත් කිරීමේදී සිදු වූවක් බවට උපකල්පනය නරන පොලිසිය එය අමතක කර දමනවා.
17.05.2008 සින රාජේශ් සහ නූපුර් හරීද්වාර් බලා පිටත් වන්නේ හින්දු චාරිත්‍ර අනුව ආරුෂිගේ අලු ගංගා නදියට දැමීමටයි.ඒ යන අතර මගදී ඔවුන් දෙදේනාට දුරකතන ඇමතුමන් ලැබෙනවා.ඒ කුමක්ද?
එදින උදෑසන සංවේගය පල කිරීමට නිවසට පැමිණි අමුත්තන් අතර හිටපු පොලිස් අධිකාර් ගෞතම්ද (පෙර සඳහන් කල) පොලිස් අධිකාරී මහේෂ් මිශ්‍රාද වුණා.ඔවුන් ආරුෂිගේ කාමරයද පරීක්ෂා කොට roof top එකට යා හැකිදැයි විමසා සිටියා.එම දොරේ යතුර නොමැති බව ඒ අවස්තාවේ නිවස බාරව සිටි රාජේශ්ගේ සොයුරු දිනේශ් පවසා සිටියා.මේ අතර පෙර දිනද එහි යෑමට යතුරු ඉල්ලූ විට එය රාජේශ් විසින් ලබා දීමට අපොහොසත් වු බව පොලිස් අධිකාර් මහේෂ් මිශ්‍රා පවසනවා.
යතුරු නොමැති බැවිනි අගුලු කපා දොර විවර කර ගන්නා ඔවුන් roof top එකට ගිය විට දුටුවේ අඩක් නරක් වී ගිය පිරිමි කෙනෙකුගේ මල සිරුරක්.
මෙය හඳුනා ගැනීමට දිනේශ් අපොහොසත් වුනෙන් රාජේශ්ට සහ නූපුර්ට වහාම නැවත පැමිනෙන ලෙස ඔහු දන්වනවා.
හරීද්වාර් ගමන අතරමග නැවතූ දෙදෙනා නැවති නිවසට පැමිනෙන අතර නිවසින් පිට කල අළු නැවත නිවසට ගැනීම නොසුදුසු බැවින් නූපුර් කාරයේ සිටියදී රාජේශ් නිවසට යනවා.එහෙත් මල සිරුර එක වර හදුනා ගත නොහැකි වන ලෙස නරක් වී තිබුනා.
සිරුරෙහි වූ “New York” ලෙස සඳහන් වී ටී ෂර්ටි එක සහ අතෙහි වූ බ්‍රේස්ලට් එක හේම් රාජ් ගේද යන්න වහා පහලට ගොස් ඔහු නූපුර්ගෙන් විමසනවා.නූපුර් එය එසේයැයි පැවසූයෙන් නැවත ඉහලට යන ඔහු සිරුර හේමරාජ් ගේ බව හදුනා ගන්නවා.මීට අමතරව හේම්රාජ් ගේ මිතුරෙක්ද සිරුර හඳුනා ගන්නවා.
ප්‍රධාන සැකකරු වූ හේමරාජ් ගේ මිණිය හමු වීමක් සමග පොලිසිය ගැටලු සහගත තත්වයකට මුහුන දෙන්න වුනා.පසුව රාජේශ් සහ නූපුර් නැවත හරීද්වාර් වෙත ගොස් අළු ගංගා ගඟට එකතු කරනවා.එහිදී මරණය සිදුවූ වෙලාව ලෙස 2.00 a.m. රාජේශ්ගේ දැන්වීමෙන් පූජාරිගේ සටහනෙහි සටහන්ව තිබුණා.
මූලික පොලිස් පරීක්ෂණ වලින් පසුව පොලිස් සැකය දැරියගේ දෙමාපියන් වෙතට යොමු වෙනවා.
ඒ කෙසෙ වුවද පසු අවස්තාවකදි කල CBI පළමු පරීක්ෂණයෙදී නිලධාරීන් පවසා සිටිනවා පොලිසියේ අධූරදර්ශී ක්‍රියාමාර්ග නිසා අවශ්‍ය අනවශ්‍ය සියල්ලන්ම මරණය සිදුවු ස්ථානයට පැමිණීමෙන් සාක්ෂි 90% විනාශ වී ඇති බවත් ඇතැම් අත්‍යාවශ්‍යම කාරණා පොලිසිය විසින් නොසලකා හැර ඇති බවත්.
  
(Rajesh and Nupur Talvars at Court premises)
NOI6
-පොලිස් සාක්ෂි හා සාධක-
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව දැරියගේත් හේම්රාජ් ගේත් දෙදෙනාගේ ම මරණයන් එකම ආකාරයෙන් සිදුව තිබුණා.දැරියගේ නලලෙහි වම් ඇසට ඉහලින් “U/V” අකුරෙහි හැඩයට තැලුම් පහරක් තිබී ඇති අතැ එය එම හැඩය ඇ දැඩි ආයුධයකින් පහර දීම නිසා ඇතිවූවක් විය හැකි බව වාර්තාවේ සඳහන් වුනා.
හේම්රාජ් ගේපහිස පිටු පසටද මෙවන්ම වූ ආයුධයකින් පහර දී තිබුණා.ආරුෂිගේ ගෙලෙහි 14CM x 6CM මනාව කපන ලද තුවාලයක් තිබුණා.හේම්රාජ්ගේ ගෙලෙහි කැපුම විධිමත්ව සිදුව තිබුණේ නැහැ.
දැරියගේ ගෙලෙහි වූ ලේ ගැලිමේහි සළකුණේ දිග අනුව නලලට පහර වැදීමෙන් මිනිත්තු 2කට පමණ පසුව මරණය සිදුවී ඇති බව වාර්තා වී තිබුණා.
රාජෙශ්ගේ ගොල් පිත්තෙහි හැඩය නලලෙහි වූ තැල්මෙහි හැඩයට සමාන වීම රාජේශ් වෙත සැක එල්ල වීමට ප්‍රධානම සාධකයක් ලෙස පොලිසිය ගෙන හැර පෑවා.
තවස ගෙල කැපීමට බාවිතා කල ආයුධය හොදින් මුවහත් එකක් බවට වාර්තා වුනා.කැපුම හොදින් පුහුණුව ලත් අයෙක් විසින් කල එකක් බවට පොලිසිය සැක කලා.Noida පොලිසිය කෙලින්ම ප්‍රකාශ කර සිටියේ මොලයට සැපයෙන රුධිරය අඩාල කරවීමට කල කැපුම සැත්කම් පිහියකින් කල හැකි එකක් බවයි.
(2008 ජූනි මස දී ප්‍රථම CBI කණ්ඩායම ප්‍රකාශ කරනවා කැපුම නේපාලි ‘කුර්ක්’ වර්ගයේ පිහියකින් කල එකක් බව.නමුත් දෙවැනි CBI කණ්ඩායම නැවත ප්‍රකාශ කර සිටියේ එය සැත්කම් පිහියකින් කල එකක් බවයි.)

(Kurki knife)
NOI9
 
අධිකරණ වෛද්‍ය R.K.Sharma සාක්ෂි තිබුනේ කැපුම නේපාලි කුර්කි පිහියකින් මෙන්ම නො.10 වර්ගයේ සැත්කම් පිහියක්නිද සිදුවිය හැක්කක් බවයි.එහෙත් නො.10 සැත්කම් පිහි දන්ත වෛද්‍ය වරුන් විසින් භාවිතා නොකරන්නක්.
නිවසේ යතුරු පිළිබඳව වූ ගැටලුවත් පොලිසිය ඉදිරිපත් කලා.16 දින උදෑසන භාරතී පැමිනෙන විට ඉදිරිපසින්ම පිහිටි ග්‍රීල් දොර වසා තිබුණද නූපුර් විසින් උඩ සිට දමනු ලැබූ යතුර රැගෙන ආපසු එන විට දොර අගුලු නොදා තිබීම සැකයට කරුණක් වුණා.එමෙන්ම පළම් ග්‍රීල් දොරින් පසුව තුබුණ දෙවැන්න නිවසේ ඇතුලු පැත්තට පිහිටි පසිනු අගුලු දමා නොතිබුණද පිටත පැත්තෙන් අගුලු දමා තිබුණා.
Roof top එකේ යතුර රාජේශ් විසින් ලබා දීමට අපොහොසත් වීම අනෙක් කාරණයයි.මේ සියල්ලම දෙමාපියන් වෙත සැකය එල්ල කිරීමට සමත් වුණා.
කෙසේ වෙතක් මෙහෙකාර භාරතීගේ සාක්ෂි පරස්පර විරෝධි බව විත්තියේ නීතීඥයන් තර්ක කලා.ඇය එක් අවස්තාවක පවසා තිබුණා “Jo kahaya gaya wo hi bol rahi uu/මට පැවසූ දෙය තමයි කියන්නෙ” යන්න.විත්තිව ප්‍රකාශ කලේ දෙවන CBI කණ්ඩායම භාරතීගේ සාක්ෂි වෙනස් කරවීමට කටයුත් කර ඇති බවයි.
එහෙත් භාරතී එය තරයේ ප්‍රතික්ෂේප කලා.
තවද සෑම දිනකම නූපුර් ලඟ තබා ගන්නා ආරුෂීගේ කාමරයේ පිටතින් දමන යතුර එදින ආලින්දයේ කොක්කක එල්පා තිබීමත් සැක සහිත වුණා.නූපුර් ප්‍රකාශ කර සිටියේ ඇය රාත්‍රියේ රවුටරය ක්‍රියාත්මක කිරීමට ගොස් නැවත පැමිණෙන විට අමතක වීමෙන් එසේ වි ඇති බවයි.lie detective tests වලදීද සෑම අවස්තාවකදීම නූපුර් මෙය මේ ආකාරයෙන්ම පවසා තිබුණා.
ආරුෂීගේ සහ හේම්රාජ්ගේ ජංගම දුරකතන දෙක සොයා ගත නොහැකි වෙනවා. සිද්ධිය සිදුවීමෙන් දින 60 කට පෙර එක් දිනකවත් ක්‍රියා විරහිත නොකල නූපුර් ගේ ජ.දු. 15 දින රාත්‍රී7.40 පමණ සිට 18 වන දින ආරුෂීගේ අලුද ගංගා වට දැම්මෙන් පසුව ක්‍රියාත්මක වීමත් ඈ වෙත සැක එල්ල කිරීමට සමත් වුනා.
රාජේශ්ගේ ජ.දු සාමාන්‍ය අයුරින්ම ක්‍රීයාත්මක වූ බවට ලද ඇමතුම් සහ පණිවිඩ සාක්ෂි වුණා.
ආරුෂිගේ යෙහෙලිය අන්මෝල් ගෙ සාක්ෂියද මෙහිදි බල පෑමක් කලා.
තවද ආරුෂි ගේ ඇදේ ..කොට්ටයේ සහ මෙට්ටයේ ලේ තිබුණද සිරුර වසා තිබුණ ෆ්ලැනල් රෙද්දේ සහ අසල තිබුණ සෙල්ලම් භාණ්ඩ වලත් මුහුණ මත තබා තිබුණ පාසල් බෑගයේත් ලේ සළකුණු නොවීම ඒවා මරණයි සිදු කිරීමෙන් සෑහෙන වෙලාවකට පසුව තැබූ ඒවා ය යන සැකය තහවුරු කලා.
තවද එතරම් නොදුරින් පිහිටි ආරුෂීගේ කාමරයෙන් කිසිදු ශබ්ධයක් තමන්ට නෑසුණු බව තල්වාර් යුවල ප්‍රකාශ කොට තිබුණා.ඊට හේතුව ලෙස ඔවුන් පවසා තිබුනේ කාමර දෙකෙහිම AC යන්ත්‍ර ක්‍රියාත්මකව තිබූ බවත් තම කාමරයේ AC යන්ත්‍රයෙන් අධික ශබ්ධයක් පිටවන බැවින් කාමරයෙන් පිටත කිසි දෙයක් නෑසෙන බවත්ය.
ඉක්මනින් මිණිය ආදාහනය කිරීම..කාමරය හනික සෝදා පිරිසිදු කිරිම…ම.ප.වාර්තව වෙනස් කරවීමට කටයුතු කිරීම (දිනේශ් මෙය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ) වැනි දෑද පොලිසිය ඉදිරිපත් කලා.
මැයි මස 23 දින(ආරුෂිගේ උපන්දිනට පෙර දින) අත්අඩංගුවට පත් අතර රාජේශ් ගේ ,නූපුර් ගේ සහ විත්තියේ නීතිඥයන් විසින් කල ඉල්ලීමකට අනුව පරීක්ෂණ පොලීසියෙන් ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශණ කාර්යාංශයේ සම අධ්‍යක්ෂ IPS නිලධාරී අරූණ් කුමාර් වෙත මාරු කරනවා.
මේ පරීක්ෂණ සිදු කල පළමු CBI කණ්ඩායමයි.
මීට පෙර දිල්ලි පොලිසි ප්‍රධානී ගුරුදර්ෂා සිං විසින් මාධ්‍ය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැරියගේ ඝාතකයන් හෙලි වී ඇති බවත් ඒ දෙමා පියන් බවත්ය.මේ වන විට ඉන්දියාව පුරා මාධ්‍ය අවධානය නොයිඩා පොලිසිය,දිල්ලි පොලිසිය සහ උත්තර ප්‍රදේශ් පොලිස් මූලස්ථානය වෙත එල්ලවී තිබුණු බැවින් කිසියම් දෙයක් කර අපරාධ කරුවන් එලි කිරීමට ඔවුන්ට වුවමනාව තිබුණු බවට පසුව පොලිසියට විරුද්ධව චෝදනා එල්ල වුනා.
CBI මූලික පර්යේෂණ වලිදී හෙලි වෙනවා ආරුෂිගේ කාමරයෙන් පිට වන ශබ්ධයන් තල්වාර් යුවල ගේ කාමරයට නෑසෙන බවට කල ප්‍රකාශය සත්‍යයක් බව.
ආරුෂී ප්‍රතිකාර කල වෛද්‍ය වරයෙක් පවසා සිටියේ ඇය උගුරේ අපහසු තාවයකින් පෙලුනු බැවින් ශබ්ධ නගා කෑ ගැසීම සිදු කල නොහැකී වී ගිය හැකි බවයි.
තවද අධිකරණ වෛද්‍ය වරයා සාක්ෂි ලබා දෙමින් පවසා තිබුනේ 14 වියැති දැරිය පළමු පහරින්ම සිහි නැතිවි ගිය හැකි බවත් එනිසා ශබ්ධයක් කිරීමට කාලයකු නොමැති විය හැකි බවත් ය.
තවද රියැදුරු උමේශ් විසින් කල ප්‍රකාශයේ සහ කැමරාවෙහි සටහන් වූ පින්තූර වල දෙමහල්ලන් ඇඳ සිටි ඇඳුම්ම පසු දින උදෑසන ඔවුන් ඇඳ සිටි බවත් එම ඇඳුම් වල ආරුෂීගේ ලේ පමණක් තිබුණු බවත් ඔවුන් සොයා ගන්නවා.ඒ අනුව් ආරුෂි මරා හේම්රාජ්වද මැරූ බවට කල චෝදනාව වැරදි බව තහවුරු වනවා.
තවද පොලිසිය විසින් කී පරිදි ආරුෂි ගේ කාමරයෙහි හේම්රාජ් සිටිනු දැක එතැන පහරදී ඉහල ට ඇද ගෙන ගියායැයි කල ප්‍රකාශය ට සහය දැක්වීමට ඇද ගෙන ගිය ලකුණක් හෝ සොයා ගැනීමට අපොහොසත් වුණා මෙන්ම හේම්රාජ්ගේ පැලඳ සිටි සෙරෙප්පු දෙකස සිරුරෙහි වූ බැවින් පඩිපෙලක් දිගේ ඇදගෙන යාමෙදී එය කකුල් වල රැඳි තිබිය නොහැ බවත් පළමු CBI කණ්ඩායම තර්ක කලා.ම.ප.වාර්තාවෙහිද සිරුර ඇදගෙන යාමකින් ඇති වුණ තුවාල පිළිබඳව සඳහන් නොවීම තව කාරණයක්.
තවද රාජේශ් විසින් ප්‍රකාශ කර කිබුනා පොලිස් නිලධාරීන් තමාට තර්ජනය කල බවත් එමගින් පාපොච්චාරණයකට අත්සන් තබා ගැනීමට තැත් කල බවත්.
මේ අතර පොලිස් පරීක්ෂණ හමුවේ සාක්ෂි දුන් අය වෙත CBI මුල් කණ්ඩායමේ අවධානය යොමු වුනා.ඒ අතරින් නේපාලි ජාතිකයන් 3දෙනෙක් වෙත බරපතල සැකය එල්ල වුනා.එක් අයෙක් රාජ් කුමාර් .මොහු පෙර තල්වාර් නිවසේ සේවය කල අතර නිවාඩුවකට නේපාලයට යන විට හේම් රාජ් තල්වාර් නිවසේ වැඩට නවතා ගියද නැවත පැමිණි පසු තල්වාර් පවුල හේම්රාජ්ව දිගටම සේවයේ තබා ගැනීම පිළිබඳව ඔහු තරහකින් පසු වුනා.මේ වන විට ඔහු සේවය කරමින් සිටියේ රාජේශ් ගේ හවුල් කරුවන් වූ ප්‍රෆූල් සහ අනීතා දුරානි නිවසේය.අනෙකා ක්‍රිෂ්ණා තාපා.මොහු රාජේශ් තල්වාර් ගේ පෞද්ගලික සායනයේ සේවකයෙක්.මරණයට දින කිහිපයකට පෙර මොහුට රාජේශ් විසින් ප්‍රසිද්ධියේ බැන වැදීම නිසා ඔහු රාජේශ් සමග තරහකින් පසු වුනා.තුන් වැන්නා විජයා මණ්ඩල් ය.ඔහු ක්‍රිෂ්ණාගේ සහ රාජ් ගේ මිතුරෙක්.මීට අමතරව පොලිසිය වෙත රාජේශ් තල්වාර් සහ අනීතා දුරාණි අතර අයතා සම්බන්ධයක් පැවති බවට සාක්ෂි දී තිබුනේත් ක්‍රිෂ්ණා.(පොලිසිය විසින් ගොඩ නැගූ තර්කය වුනේ මේ සම්බන්ධය ගැන ආරුෂි දැන සිටි බවත් .ඒ නිසා රාජේශ් විසින් ඇය ඝාතනය කොට එය දුටු බැවින හේම්රාජ්ව ද ඝාතනය කල බවයි.)
පළමු CBI කණ්ඩායම නේපාලි ජාතිකයන් තිදෙනාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතර lie detective test සහ Naco tests පවා සිදු කරනවා.එහෙත් මොවුන්ගේ සාක්ෂි අපැහැදිලි ඒවා වුණත් දෙදෙනෙක් ගේ මුවින් නික්මුනු ගීයක් ද ඒත් සමගම හේම්රාජ්ගේ කාමරයේ සිට සිනමාපටයක් නැරඹූ බවට කල ප්‍රකාශය ඔස්සෙ ගිය නිලධාරියාට සොයා ගත හැකි වෙනවා එය නේපාලි ගීයක් බව.නේපාලයේ අදාල නාලිකාව සමග සම්බන්ධ වීමේන් ඔහු තහවුරු කර ගන්නවා මරණය සිදුවුන දින රාත්‍රියේ එම නාලිකාවේ මෙම ගීතය ඇතුලත් සිනමාපටය ප්‍රදර්ශණය කල බව.මේ අන්ව දිගින් දිගටම පරීක්ෂණ කිරීමේදී ක්‍රිෂ්ණා ගේ කාමරයෙන් ලේ වැකුනු කොට්ට උරයක් සහ කැපුම සිදු කලා යැයි කියැවෙන කුර්ක් වර්ගයේ නේපාලි පිහියක් ද හමු වෙනවා.
Naco test අතරේ පාර්ශවයන් විසින් ලබා දුන් සාක්ෂි පරස්පර විරෝධියි.තවද මෙම සාක්ෂි අධිකරණය විසින් පිලි නොගැනීමද CBI කන්ඩායමට අවාසියක් වෙනවා.
2015 දී (මේ වන විට පරීක්ෂණ කරමින් සිටියේ දෙවන CBI කණ්ඩායමයි)මුල් CBI කණ්ඩායම සතුව තිබුණු සංවේදී සාක්ෂියක් වන Naco tests හි වීඩියෝ පටයක් you tube වෙත හොරෙන්ම නිකුත් වෙනවා එය මිනිත්තු 58..55 ක් වුවද මුල් CBI කණ්ඩායමේ වීඩියෝ පටය විනාඩි 44ක් පමණක් වුනා.නිකුත් වුණ වීඩියෝ පටයේ අවසානයේ තිබුනු කොටස මුල් නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කල අතර එහි අඩංගු වුනේ ඔවුන් විසින් ඝාතනය නොකල බව Naco test අතරේ පවසන ආකරයයි.
තවද DNA වාර්තාවකින් හෝ ඇඟිලි සළකුණු වාර්තාවකින් නේපාලි ජාතිකයන් තිදෙනාට විරුද්ධ සාක්ෂි තහවුරු වුනේ නෑ.මේ අතර නේපාලයේ ජාතික ව්‍යාපාර මේ ගැන දිගින් දිගටම ඉන්දීය රජයට බල කලෙන් එම පීඩණයද CBI මෙන්ම අධිකරණය වෙතද දැනෙන්න වුණා.
නේපාලි ජාතිකයන් තිදෙනාට විරුද්ධව චෝදනා සාධාරණ සැයෙන් තොරව ඔප්පු කිරීමට තරම් සාක්ෂි CBI කණ්ඩායම විසින් ඉදිරිපත් නොවීම නිසා ඔවුන් නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරනවා.
නිදහස ලැබීමත් සමග ක්‍රිෂ්ණා තාපා CBI කණ්ඩායම තමන්ට අඩන්තේට්ටම් කල බවත් තමා ලවා ඔවුන් ට අවශ්‍ය දෑ කියවා ගත්තා බවත් ඒ ප්‍රකාශ සියල්ල බොරු බවත් ප්‍රකාශ කිරීමච් සමග පළමු CBI කණ්ඩායමට දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙනවා.
මේ අතර ආරුෂිගේ ලිංගාශ්‍රයෙන් ලබා ගත් සාම්පලයක් පිළිබඳව මූලිකව ලබා දී තිබුණු වාර්තාව නැවත පරීක්ෂාවකදී එහි අඩංගු සාම්පලය ආරුෂීගේ නොවන බව සඳහන් වීම CBI කණ්ඩායම තව තවත් උග්‍ර ප්‍රශ්නයකට ඇද දමනවා.මෙයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කලේ යම් කිසි පුද්ගලයෙකුගේ උවමනාව මත මෙම වාර්තා සහ පරීක්ෂාවට යැවූ සාම්පල වෙනස් කිරීමකට භාජනය වී ඇති බවයි.
කෙසේ වුවත් මේ සියලුම කාරණා පළමු CBI කණ්ඩායමට අවාසි දායක වුණා.
Naco tests වලදි නේපාලි ජාතික සැක කරුවන් විසින් කල ප්‍රකාශ පරස්පර විරෝධී බව පෙර පැවසුවා.ඒවා පහත ආකාරයෙන් වුනා.
– Raj Kumar – version-
# ආරුෂී කිවුවා තාත්තට කියනවා කියලා අපි කියපු දේවල්.ඒ නිසා ක්‍රිෂ්ණා එයාගේ කුර්කි පිහිය අරන් ආරුෂී ගෙ බෙල්ල කැපුවා.
# අපි දුවලා යන්න හදද්දි හේම් රාජ් ඇවිත් මිණිය දැකලා කීවා හැමෝටම අපි කල දේ කියනවා කියලා.
# අපි හේම්රාජ්ව බලෙන් roof top එකට අරං ගියා.එතනදි ක්‍රිෂ්ණා එයාගෙත් බෙල්ල කපලා මැරුවා.
#දෙන්නගෙම මුබයිල් ෆෝන් විනාශ කලා.
– Krishana Thapa – version 01-
# මායි රුජුයි ආරුෂිගේ කාමරයට ගියා.රාජ් ආරුෂිට අතවර කරන්න හැදුවා.
# ආරුෂි දඟලද්දි මම පිහිය ඇදලා අරං බෙල්ල කැපුවා.
# අපි හේම් රාජ්ව උඩට එක්කං ගිහිල්ලා මැරුවා.
– Krishana Thapa – version 02-
# රාජුයි ශම්බුයි (විජයා මණ්ඩල්) ආරුෂිගෙ කාමරයට ගිහිං එයාව දූෂණය කරන්න හැදුවා.
# ආරුෂි දඟලද්දි ශම්බ ඔලුවට එකක් ගැහුවා.රාජු එයාගෙ බෙල්ල කැපුවා.
# පිහිය ටිෂූ එකකින් පිහලා ඒක කොමඩ් එකට දාලා ෆ්ලෂ් කලා.
# මේක දැක්ක නිසා හේම්රාජ්ව උඩට එක්කං ගිහින් මැරුවා.
– Krishna – version 03 –
# රාජ් ආරුෂිගේ කාමරයට ගිහිං අතවර කරන්න හැදුවා.
# ආරුෂි දඟලද්දි මම පිහිය රං බෙල්ල කැපුවා.
# ඒක දැකලා හේම්රාජ් තර්ජනය කල නිසා එයාවත් උඩට එක්කං ගිහින් මැරුවා.
# තල්වාර් ජෝඩුවගේ කාමරයට යන්න හැදුවත් ඒක ඇතුලෙන් ලොක් වෙලා තිබ්බ නිසා යන්න බැරි වුණා.
මේ අතර දින 50ක් හිර ගෙදර සිටි රාජේශ් සාක්ෂි මද කම නිසා ඇප පිට නිදහස් කිරීමට අධිකරණය නියෝග කලා.
නැවත වතාවන් පළමු CBI කණ්ඩායම නේපාලි ජාතිකයන්ව අත්අඩංගුවට ගැනීමට සුදානම් වුවද මධ්‍යසාර භාවිත කොට කල පරීක්ෂණ වාර්තා සාක්ෂි ලෙස පිළිගැනීමට නොහැකි බැවින් අධිකරණය එය ප්‍රතික්ෂේප කලා.
පළමු CBI කණ්ඩායමට එල්ලවූ බරපතල චෝදනා නිසා 2008 ජූලි මසදී උත්තර් ප්‍රදේශ් රජය විසින් CBI සම අධ්‍යක්ෂ අරූන් කුමාර්ව මෙහෙයුමෙන් නැවත කැඳවීමක් කොට ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කල අතර මාධ්‍යයට ප්‍රකාශ කලේ එහි ආරුෂි සම්බන්ධ පරීක්ෂණ සමග කිසිදු සබඳතාවක් නැති බවයි.
2009 සැප්තැමිබර් මස අරූණු කුමාර් CBI වෙතින් ඉවත් වුනා.මේ අතර ආරුෂිගේ ලිංගයෙන් ලබා ගත් සාම්පල් වෙනස් වීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඔහුට චෝදනා කලා.
2009 සැප්තැම්බරි මසදීම නව CBI කණ්ඩායමනට පරීක්ෂණ බාර දුන්නා.මෙම කණ්ඩායම නැවත වතාවක් මුල් පොලිස් කණ්ඩායම සිටි මතය පදනම් කරගෙන සැකය දෙමාපියන්ට එල්ලකොට පරීක්ෂණ සිදු කලා(මොවුන්ට විරුද්ධ ව වූ චොදනාවක් වුයේ මෙම කණ්ඩායම භාරව සිටි නිලධාර්යා පෙර පොලිස් කණ්ඩායම භාරව සිටි පොලිස් නිලධරයාගේ නෑයෙක් බවත්.එබැවින් පොලිසිය විසින් කල පරීක්ෂණ තහවුරු කිරීමට මොවුන් කටයුතු කල බවයි) .මොවුන් පෙර කණ්ඩායමට වඩා අමතර කරුණු කිහීපයක් ඉදිරිපත් කලා.
ඒ අතරම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල වෛද්‍ය සුනිල් දොහ්රෙ සහ වෛද්‍ය නරේශ් රාජ් නැවත ප්‍රශ්න කලා.මේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් නව ප්‍රකාශයක් කලා(මොවුන්ගේ මේ පරස්පර විරෝධි ප්‍රකාශ ගැන අධිකරණයේ හෝ විත්තියේ අවධානය යොමු නොවීම අවාසනාවක්මැයි).එ අනුව ආරුෂීගේ කන්‍යා පටලයට හානි වී තිබුණු බවත් ලිංගාශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමකට ලක්කොට තිබුණු බවත් සහ හේම්රාජ්ගේ ලිංගෙන්ද්‍රියේ පිහිටීම අනුව ඔහු මරණයට පෙර ලිංගික ක්‍රියාවක යෙදී ඇති බවත් ප්‍රකාශ වුණා.මේ අනුව දෙවන කන්ඩායම ගොඩ නැගූ තර්කය වුනේ හේම්රාජ් ආරුෂීට අතවර කිරීමක් කොට හෝ දෙදෙනා කැමැත්තෙන් එක්වීමකදී එය දුටු රාජේශ් දෙදෙනාවම මරා දැමූ බවයි.
තවදුරටත් සාක්ෂි දුන් වෛද්‍ය සුනිල් දෝහ්රෙ පවසා සිටියා පරීක්ෂණය කරමින් සිටියදි දිනේෂ් තල්වාර්(රාජේශ් ගේ සොයුරු) ඔහු අමතා වෛද්‍ය ටී.ඩී.දෝග්රා සමග කතා කරන ලෙස දන්වම්නි ජ.දු. වෛද්‍ය දෝග්රාට දුන් බවයි.මේ වෛද්‍ය දෝග්රා යනු forensic division head දෝග්රා යැයි ඔහු අනුමාන කල බව වෛද්‍ය සුනිල් පවසනවා.දොග්රා විසින් පවසා සිටියේ අනෙක් අවයව සාම්පල් වලට වඩා ලේ සාම්පල් වලට අවධානය දිය යුතු බවයි.මේ අවස්තාවේ “මා කිරීමට සුදුසු යැයි සිතෙන දෙයක් මම කරන්නම්” යැයි වෛද්‍ය සුනීල් පැවසූ බව ඔහු සාක්ෂි දුන්නා.
මෙම ප්‍රකාශය දිනේෂ් සහ වෛද්‍ය දෝග්ලා විසින් ප්‍රතික්ෂේප කල අතර එවන් ඇමතුමක් ලද බවට සාක්ෂි මගින් සනාත කිරීමට වෛද්‍ය සුනීල් හෝ CBI කණ්ඩායම සමත් වන්නේ නැහැ.CBI කණ්ඩායමේ කර්කය වුනේ දිනේෂ්ගේ බලපෑම් මත මරණ පරීක්ෂණ වාර්තවෙ වෙනස් කිරීමට කටයුතු සිදුවී ඇති බවයි.
2009 ජූලි මසදි පෙර නිලධාරීන් විසින් ලබා ගත් ඡායාරූප පදනම් කරගෙන crime scene analysis එකක් දෙවන කණ්ඩායම විසින් සිදු කලා.මින් පසු ඔවුන් ප්‍රකාශ කලා මරණය සහ ඒ ආශ්‍රිත සිදු වීම මනාව ආවරණය කොට රාමුගතව ඉදිරිපත් කිරීමට හෝ එසේ සිදුවිය හැකි ආකාරයට සැලැස්වීමට දෙමාපියන් කටයුතු කොට ඇති බව.
නව කන්ඩායම ආරුෂිගේ නලලෙහි ඇති වූ කැලල ගොල්ෆ් පිත්තක අංක 5, ලී පිත්තක මිම්මට හා හැඩයට සමාන බව ප්‍රකාශ කලා.
  
(No.5 Metal golf stick)
NOI10
නමුත් රාජේශ් තර්ක කලේ තමා හොද ගොල්ෆ් ක්‍රීඩකයෙක් බව දත් නිසාම කණ්ඩායම එසේ මුල් බැසගත් උපකල්පනයකට අනුව එම චෝදනාව කල බවයි.
මරණයට වසර 8 කට පමණ පෙර අසල්වැසි පුනීශ් රායි රාජේශ්ට ගොල්ෆ් පිති කට්ටලයක් තෑගි කොට තිබුණා. එම ගොල්ෆ් පිති කට්ටලය ඔවුන්ට භාර දෙන ලෙස නව කණ්ඩායම ඉල්ලීමක් කලෙන් නිවස අතහැර යාමට පෙර රාජේශ් විසින් ඒවා නව කණ්ඩායමට බාර දුන්නා.එහි
අංක 1,3,5 ලී පිති 3 ක්ද ,අංක 3 සිට 9 තෙක් යකඩ පිති 7ක්ද වුණා.
රාජේශ් ප්‍රකාශකලේ ගොල්ෆ් පිති කට්ටලයක් හේම්රාජ්ගේ කාමරයේ හැමටම පෙනෙන තැනක තිබුණ් බවත්..තමා ඒවා වසන් නොකල බවත් සහ නිලධාරීක් කිසිවෙක් ඒවා ගැන ප්‍රශ්න නොකල බවත්ය.
මෙහිදී CBI නිලධාරීන් කියා සිටියේ මුල් පරීක්ෂණයේදී හේමරාජ් ගේ කාමරයෙන් ලබා ගත් ඡායා රූප (2008.06.01 දින) වල පිති දෙකක් පමණක් ඇති අතර කට්ටලයේ අමතර පිති 8ක්පවන බවයි.ඊට පිළිතුරු දුන් රාජේශ් පවසා සිටියේ කොටසක් අටුව පිරිසිදු කල අවස්තාවේ එහි තිබී සිය බිරිඳ සහ අසල්වැසි අජේ චඩ්ඩා විසින් සොයා ගත් බවත් ඉන් පසු ඒවාත් හේම්රාජ්ගේ කාමරයෙන් තැබූ බවත්ය.විත්තියේ නීති තර්කය වුනේ ඡායා රූපයේ තිබෙන්නේ ලී පිත්තක් බවත් එය සැමදාම හේම්රාජ් ගේ කාමරයේ තිබුනු බවත් අටුවේ තිබුනු කට්ටලයේ එය නොතිබුණ බවත්ය.තවද නව කන්ඩායම සඳහන් කල පරිදි තැල්මේ හැඩය සැසදෙන්නේ ලී පිත්ති සමග මිස යකඩ පිත්ත සමග නොවන නිසා මෙම කරුන සම්පූර්ණයෙන් අදාල නොවන්නක් ලෙස විත්තිය විසින් බැහැර කලා.
මේ අතර forensic expert කෙනෙක් විසින් කියා තිබුනේ ලී පිත්තෙනු වුවද ලේ පැල්ලමක් හෝ ආරුෂිගේ හෝ හේම්රාජ්ගේ DNA හෝ වෙනත් ජීව විද්‍යාත්මක දෙයක් සොයා ගත නොහැකි වූ බවයි.මෙය නව කන්ඩායමට අවාසි දායක වුනා. තවද ඔහු කියා සිටියේ ගොල්ෆ් පිති ඉතා හොදින් පිරිසිදු කිරීමකට ලක් කොට ඇති බවයි.
මෙහිදී රාජේශ් කියා සිටියේ අංක 4 සහ 5 ලී පිති මෝටර් රථයේ තිබුණු බවත්,මරණයට පෙර එය service කිරීමට ගෙන ගොස් ආ අවස්තාවේ රියැදුරු උමේෂ් විසින් ඒවා හේම්රාජ් ගේ කාමරයේ තැබූ බවත් ඉන්පසු ඒවා අතටවත් ගත්තේ නව කන්ඩායමට භාර දීමට පමණක් බවයි.උමේෂ් මෙය සනාත කරමින් සාක්ෂි ලබා දුන්නා.
2010 මැයි මස 18 සහ 19 දින වලදි CBI සම අධ්‍යක්ෂ නිලාබ් කිෂෝර් විසින් ඩෙහ්රාඩූන් හි සිය කාර්යාලයේදී නූපුර් සහ රාජේශ්ව ප්‍රශ්න කිරීමට ලක් කලා.
ආරුෂිගේ ජන්ම දිනය යෙදී තුබුණු 2010.මැයි 24 දින ” The Pioneer” පුවත් පත විසින් දෙමාපියන් වැරදි කරුවන් ලෙස හුවා දක්වමින් අධි සංවේදී ලිපියක් ලියා පල කලා.රාජේශ් මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කලා මාධ්‍ය ආයතන වලට බොරු තොරතුරු ඇතුලත් වාර්තා සැපයීමට නොහැකි වන ලෙස තහනම් නියෝගයක් කරන ලෙසට.අධිකරණය විසින් අදාල මාධ්‍ය ආයතනයට නොතීසි යැවූ අතර CBI නිලධාරී නිලාබි දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රකාශ නොට සිටියේ CBI විසින් එම පුවත් පතට කිසිදු තොරතුරක් ලබා නොදුන් බවත් ඔවුන් හුදෙක් සිය උපකල්පනයන් මත පිහිටා වාර්තාව පුවත් පතේ පලකොට ඇති බවත්ය.
2010 දෙසැම්බර් 29 දින CBI දෙවන කණ්ඩායම පළමු කණ්ඩායම සමග එක්ව සිය අවසාන වාර්තාව අධිකරණයට ලබා දෙනවා.
ඒහි රාජේශ් තල්වාර් එකම සැක කරුවා බව සඳහන් වුණා.තවද මුල් පරීක්ෂණය කල උත්තර් ප්‍රදේශ් පොලිසියේ අකාර්යක්ෂමතා පසු පරීක්ෂණවලට දිගින් දිගටම බලපෑම් කල බවත් ඔවුන් නිසි පරාදි සාක්ෂි එකතු කරගෙන නොමැති බවත් හේම්රාජ් ආරුෂිගේ කාමරයෙහි මරා දැමූ බවට කිසිදු ආකාරයකින් සාක්ෂියක් සොයා ගැනීමට අපොහොසත් වූ බවත් මොපියන්ගේ ඇඳුම් වලද හේම්රාජ්ගේ DNA හෝ ලේ නොතිබුණු බවත් මරණය සිදු කල ආයුදය කුමක්ද යන්න සැකයෙන් තොරව ප්‍රකාශ කිරීමට අපොහොසත් වන බවත් සොයා ගත් ගොල්ෆ් පිත්තේද ජීව විද්‍යාත්මක සාක්ෂි කිසිවක් නොමැති බවත් සහ පළමු CBI කණ්ඩායම විසින් පැවසූ පරිදි කුර්කි පිහියකින් කැපුම සිදු කලාය යන්නද ඉවත නොදැමිය හැකි තර්කයක් බවත් මිණී මරුවන් එය සිදු කල අවස්තාවේ ඇඳ සිටි එකදු ඇඳුමක් හෝ සොයාගෙන නොමැති බවත් හේම්රාජ් ආරුෂිගේ කාමරයේ මරා ඉහලට ඇදගෙන ගියා නම් එසේ ඇදගෙන යාමට භාවිතා කල රෙද්ද සොයා ගෙන නොමැති බවත් විස්කි බෝතලයේ තිබුණු ඇඟිලි සළකුණු පරීක්ෂා කොට නොමැති බවත් පසු අවස්ථා වලදි එම ඇඟිලි සළකුණු සාක්ෂි වෙනත් විවිධ හේතූන් මත විනාශ වී ඇති බවත් ජල්වායු විහාර් මුරකරුවන්ගේ සාක්ෂි පිළිගත හැකි මට්ටමේ නොවන බවත් මරණය සිදු වූ දින රාත්‍රී 12 සිට පසු දින උදෑසන 6 තෙක් ක්‍රියාකාරකම් මොනවාදැයි යන්ව පැහැදිලිව සොයා ගැනීමට අපොහොසත් වී ඇති බවත් රාජේශ් සහ නූපුර් සැක කලද ඔවුන්ට විරුද්ධව ප්‍රභල සාක්ෂි කිසිවක් සොයා ගැනීමට අපොහොසත් බවත් මරණය සිදු කිරීමේ පැහැදිලි චේතනාව කුමක්ද යන්න සොයා ගැනීමට අපොහොසත් වී බවත් වාර්තාවේ සඳහන් වුනා.
එබැවින් CBI විශේෂ අධිකරණයට CBI විසින් නිර්දේශ කලා මෙය නොවිසඳුනු අපරාධයක් ලෙස වසා දමන ලෙසට.නමුත් මෙහිදී රාජේශ් සහ නූපුර් වෙත එල්ල වුණ සැකය ඔවුන් ඉවත් කර ගත්තේ නැහැ.රාජේශ් මෙයට තදින්ම විරුද්ධ වුණා.ඔහු ඉල්ලා සිටියේ නඩුව ඉවත් නොකර විභාග කොට යුක්තිය ඉටු කරන ලෙසයි.
මේ අතර 2011 ජනවාරි 24 දින අධිකරණය ඉදිරිපිට දී උත්සව් ශර්මා නම් අයෙක් විසින් රාජේශ්ට මාළු කපන පිහියකින් පහර දීම නිසා ඔහු දෑත් වලත් මුහුණේ දකුණු පසත් බරපතල කැපුම් තුවා ලැබුවා.
නූප්රු ප්‍රසිද්ධියේ CBI වෙත චෝදනා කලා ඔවුන් සිය පවුලට ඉවත් කල නොහැකි කැළලක් ඇති කල බවට.
2011 ජනවාරි මස දී දිල්ලියේ ජන්තර් මන්තර් වෙත රුස් වුණ පිරිස් සාමකාමී විරෝධතාවයකින් ආරුෂීට සහ හේම්රාජ්ට යුක්තිය ඉල්ලා සිටියා.එම මසදීම රාජේශ් සහ නූප්ර් විසින් CBI විසින් පරීක්ෂණ අවසන් කොට නඩුව ඉවත් කර ගැනීමට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කල අතර ඝාසියාබාද් හි විශේෂ CBI අධිකරණයේ මහේස්ත්‍රාත් ප්‍රීති සිං විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කොට CBI closure report එකද ප්‍රතික්ෂේප කලා.මෙහිදී ඇය විසින් එම වාර්තාව චෝදනා පත්‍රයකට පරිවර්තනය කරමින් එම චෝදනා මත රාජේශ්ට සහ නූපුර්ට විරුද්ධව නඩු ආරම්භ කරන ලෙස නියෝග කලා.මෙසේ අනිසි ලෙස පෙර නොවූ චෝසනා පත්‍රයක් පදනම් කරගෙන නඩුවකට කැඳවීමට විරුද්ධව තල්වාරු යුවල අලහාබාද් මහාධිකරණයේත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනා කලද එම අධිකරණ දෙකෙන්ම අභියාචනා පෙත්සම් නිශ්ප්‍රභා කරනු ලැබුවා.
මේ අනුව 2013 මැයි 11 දින CBI විශේෂ අධිකරණයෙදි නඩුව ආරම්භ වුණා.
මෙහිදී CBI පාර්ශවය (පැමිණිල්ල/prosecution) වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අධිනීතීඥ සිද්ධාර්ත් ලුත්‍රා ද විත්තිය (defence) වෙනුවෙන් ඉන්දීය හිටපු සොලිසිටර් ජෙනරාල් නීතීඥ හරීෂ් ස්ලේව් ද නීතීඥ මුකුල් රොහාති ද නීතීඥ රෙබෙකා ජෝන් යන අයද පෙනී සිටියා.
විත්තිය විසින් නේපාලි ජාතිකයන් තිදෙනා පිරිසිදු කොට නිසහස් කිරීම සම්බන්ධයෙන් තද බල ලෙස චෝදනා කල අතර පැමිණිලි පාර්ශවය විසික් ගෙන ආ තර්ක වලට ප්‍රතිතර්ක ඉදිරිපත් කලා.මේ අතර තල්වාර් යුවලට සියලුම සාක්ෂි පිරික්සීමට අධිකරණය අවසර දුන්නා. නමුදු naco test,mind maping සහ lie detective tests වාර්තා වන් පීරික්සීමට අවසර ලබා දුන්නේ නැහැ.
මෙහිදී naco tests reports සාක්ෂි ලෙස නොපිලි ගැනීමට විරුද්ධව තල්වාර් යුවල ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනම නඩුවක් ගොනු කල අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ඉවත දැමුවා.
2012 අගෝස්තු මසදී මාධ්‍ය විසින් CBI නිලධාරී AGL Kaul ට බරපතල චෝදනාවක් එල්ල කලා.ඉන් ප්‍රකාශ වුනේ ඔහු තල්වාර් යුවල සමග නිල සන්නීවේදන කටයුත් සඳහා හේම්රාජ් ගේ නමින් විවෘත කල hemraj.jalvayuvihar@gmail.com යන විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කල බවයි.මුලින් මෙය ප්‍රතික්ෂෙප කල කෞල් පසුව එය පිළිගත් අතර එසේ සිදු කිරීමට හේතුව ප්‍රකාශ කල නොහැක්කක් බව පවසා සිටියා (අධිකරණය ට ප්‍රකාහ කල නොහැක්කක් තිබේද?!)..මාධ්‍ය සහ විත්තියේ නීතිඥයන් දිගින් දිගටම කියා සිටියේ මියගිය හේම් රාජ් නමින් එන e mail වලට පිළිතුරු සැපයීමේදී තල්වාර් යුවල තුළ ගැටලු සහගත තත්වයක් ඇති වීම අතිශය සාධාරණ බවයි.
මේ අතර තල්වාර් යුවල විසින් ඉල්ලීමක් කලා විස්කි බෝතලයේ සහ roof top එකේ නැවත පරීක්ෂාවක් සිදු කරන ලෙස.මෙම නව පරීක්ෂාවෙන් නව දෙයක් සොයාගත නොහැකි විය හැකි බැවිනි එසේ කිරීම අනවශ්‍ය බව පැමිණිලි පාර්ශවය කියා සිටි අතර අධිකරණය එය පිලිගත්තා(විත්තියට සිය නිවැරදි බව ඔප්ප කිරීමට වූ අවස්තාවක් අවහිර කලා නොවිය හැකිද?!)
2012 අගෝස්තු මස දී CFSL DNA scientist B K Mahapatra විසින් සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ ඔහු විසින් ආරුෂිගේ කාමරය තිල තිබී හමු වූ කොට්ටයෙන් හේමිරාජ්ගේ DNA සොයා ගත් බවයි.පළමු CBI කණ්ඩායම මෙයට තදින්ම විරුද්ධව කියා සිටියේ එම කොට්ට උරය පාර්සලි අංක 21 වූ බවත් එහි වූ දෑ ආරූෂිගේ කාමරයෙන් නොව හේම්රාජ්ගේම කාමරයෙන් සොයාගත් දෑ බවයි.විත්තිය විසින් කියා සිටියේ CBI දෙවන කන්ඩායම විසින් හිතා මතාම මෙසේ සිදු කොට ඇත්තෙ අධිකරණය නොමග යැවීමට බවයි.
CBI විසින් තව තර්කයක් අධිකරණය හමුවේ ගෙනහැර පෑවා.එනම් ආරුෂිගේ සහ තල්වාර් යුවලගේ නිදන කාමර ෆලයිවුඩ් ලෑල්ලකින් පමණක් වෙන්ව තිබූ බවත් එතුලින් ශබ්ධය ගමන් කල හැකි බැවිනි මරණය සිදු වූ අවස්තාවේ ශබ්ධයක් නොඇසීම කෙසේ වූවාද යන්නයි.තවද ඔවුන් ප්‍රකාශ කොට සිටියා මරණයෙන් වසරකට පසුව එම ෆලයිවුඩ් බිත්තියද ඇතුලුව ආරුෂිගේ කාමරයෙහි නිවසේ අනිත් බිත්ති වලට ගැලපෙන පරිදි තීන්ත ගෑමට තල්වාර් යුවල කටයුතු කොට ඇති බවත් එය ෂොහ්රත් නම් පුද්ගලයෙක් විසින් කල බවත්.ෂොහ්රත් සාක්ෂි දෙමින් කියා සිටියේ තීන්ත ගෑමට අමතරව නිවසේ ඉදීරිපසම හොඳ තත්වයෙන් පිහිටි පළමු ග්‍රීල් ගේට්ටුව ඉවත් කරවීමටද කටයුතු කල බවයි.මෙසේ සිදු කලේ සාක්ෂි වසන් කිරීමට බව පැමිණිල්ල ප්‍රකාශ කලා.
මෙයට පිළිතුරු දුන් රාජේශ් පවසා සිටියේ තීන්ත හුදෙන් ආරුෂිගේ කාමරයේ නොව මුලු නිවසේම පින්තාරු කල බවත් එසේ කිරීමට ප්‍රථම CBI විසින් e mail එකකින් අවසර ලබා ගත් බවත් ඒ බව නොපැවසීම පුදුමයකට කරුණක් බවත්ය.
තවද අදාල බිත්තිය එදෙක් ෆ්ලයිවුඩ් වලින් නිමවූවක් නොව ගඩොලින් බැඳ ෆ්ලයිවුඩ් වලින් ආවරණය කොට තිබූවක් බවද විත්තියේ නීතිඥයන් ප්‍රකාශ කොට සිටියා.තවද වසරකට පසුව මෙසේ සිදු වන තෙක් පරීක්ෂණ කණ්ඩායම් කුමක් කලාද යන්නත් විත්තිය විසින් CBI වෙතින් අධිකරණයේදී ප්‍රශ්න කොට සිටියා.
2013 අප්‍රේල් මසදී AGL Kaul විසින් අධිකරණය හමුවේ ,සිදුවීමි මෙසේ විය හැකි බව ප්‍රකාශ කල සිටියා.
හේ කෙසේද යත්;
# රාජේශ්ට සද්දයක් ඇසී ඔහු හේම්රාජ්ගේ කාමරයට ගියත් එහි කිසිවෙක් සිටියේ නැහැ.
# ඔහුට ආරුෂීගේ කාමරයෙන් ශබ්ධයක් ඇසුනෙන් වහා හේම්රාජ් ගේ කාමරයෙන් ගොල්ෆ් පිත්තක් ගෙන එහි ගියා.
# එහි යන විට හේම්රාජ් සහ ආරුෂි විසින් ලිංගික ඉරියව්වක සිටිනු දැක ඇති වුණ ක්ෂණික කෝපය නිසා ඔහු හේම්රාජ් ගේ හිසට පහර දුන්නා.දෙවැනි පහර එල්ල කරත්ම හේමිරාජ් ඉවත් වීමෙන් එය ආරුෂීගේ නළලට වැදුනා.
#ශබ්ධය ඇසී නූපුර් එතැනට පැමිණෙන විට හේම්රාජ් සහ ආරුෂි දෙදෙනාම බිම වැටී සිටියා. #යුවල එක්ව හේම්රාජ්ව රෙද්දක ඔතා ඉහලට ගෙන ගොස් ඔහුගේ ගෙලද කපා නැවත පැමිණ කාමරය අපරාධයක් සිදු වූ ආකරයට පිලියෙල කොට ඔවුන්ගේ ඇඟේ වූ ලේ ද සෝදා දමා ඇඳුම් සහ ආයුධ ද සඟවුවා. #ඉන්පසු ඉදිරියට ගොස් ලී දොර ඇර අනතුරුව නිවස පැත්තෙනු වූ පළමු ග්‍රීල් දොර ඇර එය පිටත පැත්තෙන් අගුල් දමා හේම්රාජ්ගේ කාමරයේ නිවසේ පිටතට පිහිටා තිබූ දොරෙන් ඇතුළු වී නැවත නිවස තුලට පැමිණි බවයි.
පළමු CBI කණ්ඩායමේ සහ විත්තියේ තද බල විරෝධයට හා හාස්‍යයට මෙම උපකල්පනය ලක් වෙනවා.
තීන්දුව
අවසන 2013.11.25 දින CBI විශෙෂ අධිකරණයේ විනිසුරු ශ්‍යාම් ලාල් විසින් ,සැක කරුවන් ට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කල හැකි සාක්ෂි නොමැතිව වුවද තල්වාර් යුවල මරණය,සාක්ෂි වසන් කිරීම/වෙනස් කිරීම,නිලධාරීන් නොමග යැවීම සහ වැරදි පැමිණිල්ලක් ගොනු කිරීම යන අධි චෝදනා වලට තල්වාර් යුවල වරද කරැවන් බව තීන්දු කොට ඔවුන්ට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කරනවා.
රාජේශ් තල්වාර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා මෙය අයුක්තියක් බවත් තමන්ගේ අහිංසකත්වය ඔප්පු කිරීමට තිබූ මාර්ග අධිකරණය විසින් වසා දැමූ බවත්ය.
මාධ්‍ය වේදී අවිරූක් සෙන් ප්‍රවෘතියක් මගින් ප්‍රකාශකොට සිටියේ විනිසුරු වරයා විත්තියේ පැහැදිලි කිරීම් සිදු කිරීමට පෙර සිටම තීන්දුව ලියා තිබූ ආකාරයක් පෙන්නුම් කරන බවයි.
-අභියාචණය –
2014 ජනවාරි මස දී තල්වාර් යුවල විසින් අලහාබාද් මහාධිකරණයේ අභියාචණයක් ගොනු කර සිටිනවා.
වසර 3ක නඩු විභාගයකින් පසුව 2017 ඔක්තෝබර් 12 දින අලහාබාද් මහාධිකරණයෙන් තීන්දුව ලබා දෙනවා.
-තීන්දුව –
විත්ති කර්වන්ට එහෙ චෝදනා කිසිවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා සැකයේ වාසිය අත්‍යාවශ්‍යයෙන්ම විත්තියට ලැබිය යුත් බවත් ඒ අනුව රාජේශ් තල්වාර්ටත් නූපුර් තල්වාර්ටච් විරුද්ධව තිබූ සියලූ ම චෝදනාවන් වලට ඔවුන් දෙදෙනා නියැරදි කරුවන් බවත් ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවත් මහාධිකරණය තීන්දු කලා.
තවද මෙම නඩුවේදීත් ඊට පෙරත් පොලිසිය සහ CBI ක්‍රියා කල ආකාරය ඉතාම අකාර්යක්ෂම බවත් හුදෙක් උපකල්පන මත සහ සැකයන් මත පදනම්ව සැක කරුවෙක්ව අපරාධ කරුවෙක් කිරීමම බරපතල අපරාධයක් බවත් අධිකරණය ප්‍රකාශ කර සිටියා.

(Talvars leaving the prison)
NOI8
NOI3

(She never celebrated her 15th Birthday)
NOI2

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters