“පාරු පාළමෙන් කොළඹට
ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට
අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා
දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං
මං එන තුරු සෙලෙස්තිනා….. ”
කොළඹට උතුරු පැත්තෙ ඉඳන් එන කෙනෙක් නගරයට
ඇතුල් වෙන්න නම් කැළණි ගඟ හරහායි. අදටත් ඒ පැත්තෙ පාරවල් වල උදේටයි හවසටයි
ලොකු ට්‍රැෆික් එකක් තියෙන්නෙ කැලණි ගඟ හරහා තියෙන පාලම් ගාන ප්‍රමාණවත්
නැති නිසා. ඇයි ඉතින් කැලණි ගඟ හරහා නගරය ආශ්‍රිතව තියෙන්නෙ මට්ටක්කුලිය
පාලමයි, කලින් වික්ටෝරියා පාලම කියල හඳුන්වපු ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව
පාලමයි, අළුත් පාලමයි විතරයිනෙ.
ලංකා – ජපන් මිත්‍රත්ව පාලම හදල තියෙන තැන
කලින් තිබ්බෙ වික්ටෝරියා පාලම කියලා යකඩ පාලමක්. ඊටත් කලින් එතන තිබිල
තියෙන්නෙ බෝට්ටු ගණනාවක් එක ළඟ තියල ඒවට උඩින් හදපු ලී පාලමක් (Bridge of
Boats කියල හඳුන්වපු). ඒකට තමයි පාරු පාලම කියලා කිවෙ.
මේ පාරු පාලමෙන් පයින් යන මිනිස්සු විතරන් නෙමේ කරත්ත පවා ඇතුලත් වෙන්න පුලුවන් වුනා.ඒකාලේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයක් වුනේ කරත්ත.
මෙතනින් කොළඹට ඇතුල් වුණ කරතුත පේළිය ගෑස්පහට එනවලු. අදටත් කැලණි පාලමෙන්
කොළඹට ඇතුල් වෙලා කෙළින් පාරේ එන බස් එකක පිටකොටුවට එන කෙනෙක් ගෑස්පහ හරහා
තමයි එන්න ඕනි.
ගෑස්පහ තමයි ඒ කාලේ කොළඹට ගෑස් සපයපු සමාගම (Gasworks Company) තිබිල තියෙන්නෙ. ඒ කාලෙ වීදි පහන් පත්තු කරල තියෙන්නෙ ගෑස් වලින්.
ගෑස්පහ තමයි ඒ කාලේ කොළඹට ගෑස් සපයපු සමාගම (Gasworks Company) තිබිල තියෙන්නෙ. ඒ කාලෙ වීදි පහන් පත්තු කරල තියෙන්නෙ ගෑස් වලින්.
ඒ විතරක් නෙවෙයි නගරයෙ ගෙවල් වලට ගෑස් සැපයුම් පවා තිබිල තියෙනව පයිප්ප
හරහා. මේ ළඟදි කොළඹ පාරක අලුුතින් බෝක්කුවක් ඉදි කරන්න හාරන කොට ජල සම්පාදන
මණ්ඩලයවත් විදුලිබල මණ්ඩලයවත් වෙන කිසිම ආයතනයක්වත් අඳුනගත්තෙ නැති
පයිප්පයක් හම්බ වුනා. බලන කොට ඒක ඒ කාලෙ තිබිල අභාවයට ගිය ගෑස් පයිප්පයක්.
සෙක්කු වීදියට (Chekku Street) දැන්
කියන්නෙ ශ්‍රී කදිරේසන් වීදිය කියල. මේ පාරත් ගෑස්පහ හන්දියට සම්බන්ධ වෙන
පාරක් . මේ වීදියෙ ඒකාලේ ජයට රෙදි පිලි විකුණන්නත් ඇති.
(Chekku street church)
කයිමන් දොරකඩ වැදගත් වෙන්නෙ පෘතුගීසි කාලෙ
පරිපාලන හා ආරක්ෂක වශයෙන් මූලස්ථානය වෙච්ච කොටුව හා ඊට පිටතින් තිබුන
ආර්ථික මධ්‍යස්ථානය වෙච්ච පිටකොටුව සම්බන්ධ කරපු එකම දොරටුව හැටියට. මේ
කොටුව හා පිටකොටුව වෙන් වුනේ ඇළකින් කියල කියනවා.
ඒ ඇළ හඳුන්වල තියෙන්නෙ ශාන්ත ජෝන් ඇළ කියල.
මේ ඇළ බේරේ වැවයි කොළඹ වරායයි සම්බන්ධ කරපු ඇළක්. පසු කාලීනව ඇළ වහල ඒක
පාරක් බවට පත් කරල තියෙනව ඉංග්‍රීසීන් විසින්. අද ශාන්ත ජෝන් වීදිය කියල
හඳුන්වන්නෙ ඒ විදියට හදපු පාරෙ එක කොටසක්. අද පිටකොටුවෙ තියෙන හරස් වීදි
එකක් හෝ කීපයක් සමහර විට එදා තිබුන ඇළ පුරවල හදපුවා වෙන්න ඇති. ඉතින් මේ ඇළ
මතින් දාපු පාලමක් මතින් තමයි කයිමන් දොරකඩට ඇතුල් වෙන්න තිබිල තියෙන්නෙ.
අද කයිමන් දොරකඩ ඉතුරු වෙලා තියෙන්නෙ ඝණ්ඨාර කුළුණක් විතරයි. ඒක ඒ කාලෙ
මෙතනින් ඇතුල් වෙන්න ආපු අය විසින් නාද කළ යුතුව තිබුන එකක් බවටත් ආරක්ෂාව
සඳහා හදිසි අවස්ථාවකදී නාද කරන්න තිබුන එකක් බවටත් විශේෂ අවස්ථා වලදී නාද
කරපු එකක් බවටත් විවිධ මත තියෙනව. කොහොම වුනත් මේකට කයිමන් කියන නම ලැබිල
තියෙන්නෙ ලන්දේසි කාලෙ. ඔවුන්ගෙ බසින් කයිමන්(කේමන්) කියන්නෙ කිඹුලන්ට. මේ
ඇළේ ඒ කාලෙ කිඹුලො ගැවසුන නිසා ඒ නම දැම්ම කියල තමයි කියන්නෙ.
මේ කියන කයිමන් දොරටුවේ අතීතය හොයාගෙන යද්දි පෘතුගීසි පාලනය කාලෙට යන්න වෙනවා. ඒ කාලේ පරංගින්ගෙ ප්‍රධානතම බලකොටුව වුණේ කොළඹ කොටුව. අද හඳුන්වන ඕල්කට් මාවත සහ අවට ප්‍රදේශය,සරල භාෂාවෙන් කියනවනම් “කොළඹ කොටුව” වටකරමින් පෘතුගීසින් කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් බැන්දා. තාප්පයෙන් පිටත පිටකොටුව. පිටකොටුවෙ ඉඳන් එන කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න තිබ්බෙ එකම එක මාර්ගයක්, නැත්නම් දොරටුවක් විතරයි. ඒ තමයි කයිමන් දොරටුව.

පසු කාලයකදි ඉංග්‍රීසින් විසින් මේ කොටුව
වටා තිබුණු ප්‍රකාරය කඩා දමලා ශාන්ත ජෝන් ඇළ සහ ඒ අවට පහත් බිම් පුරවල
කොටුව සහ පිටකොටුව එකම භූමියක් විදිහට පත් කරා(ඉහත කියූ ලෙසට). ඒ නිසා අද
ඉතිරිවෙලා තියෙන්නෙ කයිමන් දොරටුව අසල තිබුණු සුවිශාල ඝණ්ඨාර කුළුණ විතරයි.
පිටකොටුව ප්‍රධාන වීදියෙ ඉඳන් ඕල්කට් මාවත දෙසට 4 වෙනි හරස් වීදිය පටන් ගන්න තැනම තමයි මේ ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නෙ. පෘතුගීසින් නම් මේ දොරටුව හැඳින්නුවෙ “පුර්ටෙ රෙයිනා” හෙවත් “බිසෝ දොරටුව” යන නමින්ලු. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා.
මේ සුවිශේෂි දොරටුව පිහිටි තැන අදට ඉතිරිවෙලා තිබෙන මේ ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් විතර උස ආරුක්කු හැඩයෙන් යුක්ත එකක්.

ඝණ්ටාරය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික
පියතුමන්ලගෙ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ ප්‍රදේශයෙ හදපු
ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක්. මේ
ඝණ්ඨාරය ඒ කාලෙදි එදිනෙදා රාත්‍රී කාලයෙදි කයිමන් දොරටුව වහන අවස්ථාව
දැනුම් දෙන්නට නාද කලා කියලත් කියනවා.
නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙදි. ඒ 1926 ජනවාරි 21 වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවන ලෝක යුද්ධයෙ අවසාන කාලයෙදි ජපානය යටත් වුණු දිනයෙදි.

මේ විදිහට කොළඹ කොටුවේ තියෙන එකම පෞරාණික සාධකය විදිහටමේ කයිමන් දොරටුව හඳුන්වන්න පුළුවන්……………………..
No comments:
Post a Comment