Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට…. -07- “කිරඹ කන්ද ඝාතනය (1966)”



https://www.facebook.com/groups/804276106323782/permalink/1526572757427443/?hc_location=ufi

kir2


අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, යුද හමුදාව ආදි රාජ්‍ය ආයතනවලට මෙන් ම විශාල පෞද්ගලික ආයතනවලට ද මාළු සැපයීම් කළ නුගේගොඩ පොහොසත් මුදලාලි කෙනෙකු වූ එලියස් අප්පුහාමිගේ බාල පුතා දොන් බෝධිපාල කිරඹකන්ද නම් විය.එකළ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ නිවාසය වූ ‘ශ‍්‍රාවස්තියේ’ (කෞතුකාගාරය ආසන්නයේ වර්තමානයේ බස්නාහිර පළාත් සභාව පිහිටි ගොඩනැගිල්ල) භෝජනාගාරය භාර ව කටයුතු කළ නන්දසිරි සමග මිතුරු වූ බෝධිපාල නොබෝ කලකින් ඔහුගේ අනියම් බිරිඳ වශයෙන් සිටි ජෙසී ප‍්‍රනාන්දු සමග ඇසුරට පත් විය.


(Shravasti Mandiraya)
kir6.pngමේ අතරතුර ගැබිණියක් වූ ජෙසීට දියණියක ලැබුණි දොන් බෝධිපාල කිරඹකන්ද ,ඊවා ජෙස්මින් ප්‍රනාන්දු (ජෙසී) සමඟ විවාහ වෙන්නෙ මින් පසුයි.ජෙසී හෘදයාබාධයකින් පෙළුන තැනැත්තියක්.
පාගොඩ, නුගේගොඩ, තලවතුගොඩ, අත්තිඩිය, ගල්කිස්ස ආදි විවිධ ප‍්‍රදේශවල ජීවත් වූ මේ පවුල අවසානයේ දෙහිවල කවුඩාන,බ්‍රොඩ්වේ පාරේ අංක 5 දරන නිවසේ කුලියට පදිංචියට ආවේ ය. ගල්කිස්ස චක්කින්දාරාම පාරේ පදිංචි ව සිටි නිවසෙන් ඔවුන් පළවා හැර ඇත්තේ කිරඹකන්ද පවුලේ අශීලාචාර හැසිරීම් නිසා කෝපයට පත් ප‍්‍රදේශවාසීන් රාත‍්‍රි කාලයේ නිවසට ගල් ගැසීමෙන් පසුව ය. ඔවුන්ට තවත් දියණියක් ද ඝාතනයට ලක් වූ පුතු වූ රාම්දාස් ගෝඨාභය ද ලැබුණා.බිරියත් දරු තිදෙනාත් සමඟ කව්ඩානේ බ්‍රෝඩ්වේ පාරේ පදිංචිව සිටි බෝධිපාල සතුන් වත්තට මාළු සැපයීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය.මීට අමතරව එකල දුර්ලභ පහසුකමක් වූ දුරකථනයක් ද ලබාගෙන ඉතා සංවිධානාත්මක ව ඔවුන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් ප‍්‍රධානීන්, ව්‍යාපාරිකයන් නිතර ගැවසෙන තිප්පොළක් විය. ගණිකා නිවාසය නඩත්තු කිරීමට අමතර ව ජෙසී ද ගණිකාවකගේ භූමිකාව රඟ පෑවා . ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය එහි යන එන ප‍්‍රබලයන්ගේ බලවත් අත්වලින් වැසුණා.

පෝලින් කෲස් බර්ගර් ජාතික යුවතියක වූ අතර ඇය පදිංචිව සිටියේ සතුන් වත්ත පිටුපස දෙහිවල ගල්වල පාරේ නිවෙසකය. කතෝලික භක්තික බර්ගර් පවුලක් වූ ඩි කෲස් පවුලේ දෙවැනි දරුවා වූ පෝලින් කලක් කඳාන ශාන්ත සෙබස්තියන් කන්‍යාරාමයේත්, පසු ව දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේත් ඉගෙනුම ලැබූවත් ඉගෙනුමට වඩා ප‍්‍රකට ව ආවේ ඇයගේ කාමුක ජීවිතයයි. මත්පැන් භාවිතය සහ සණ්ඩු සරුවල්වලින් ගහන කෲස් පවුලේ නිවස අවම විනයක් වත් නොමැති තැනක් වුණා. දියණියක් ලෙස මහමඟ ගෙන යන්නට පුළුවන් එකියක ලෙස පෝලින් හදා ගන්නට ඇයගේ දෙමාපියන් ගත් උත්සාහයන් අසාර්ථක වූ අතර පෝලින් කැමති පිරිමින් නිවසට ම ගෙන්වාගෙන විළි බියක් නොමැතිව කළ හැසිරීම් පාලනය කර ගැනීමට කිසිවෙකුටත් නො හැකි වුණා. වයස අවුරුදු 17 පමණ වන විට ම ඇය මහමගට බැස විවාහකයන්, දික්කසාද වූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් පිනවූ අබිසරු ළඳක් බවට පත් වුණා.

මේ අතුරතුර ඇයට හමු වූ නුවර ප‍්‍රදේශයේ හැරී ස්පෙල්ඞ්වින්ඞ් නමැත්තෙකු සමග ආදර සම්බන්ධයක් ඇති වුණත්,ඔහු සමග ද රිසි සේ නිදැල්ලේ හැසිරුණත්, ඔවුන් අතර හුවමාරු වූ ලිපිවලින් පෙනී ගියේ දෙදෙනා අතර ස්ථීර ආදරයක් පැවති බවයි. කෙසේ වුවත් තිදරු පියෙකු වූ බෝධිපාල කිරඹකන්ද හමු වීමෙන් පෝලින්ගේ ඉරණම වෙනත් අතකට හැරුණා.

1965 ජනවාරි 25 දා පෝලින්ට මුලින්ම බෝධිපාල මුණ ගැසුණ අතර ක්‍රමයෙන් ඔවුන්ගේ ඇසුර පෙම් සබඳතාවකට පරිවර්තනය වුනා.

බෝධිපාල තිදරු පියකු මෙන්ම තම දියණිය හා පෙමින් බැඳී සිටින බව ද පෝලින්ගේ පියාට රහසක් නොවූ අතර බෝධිපාල නිතරම පෝලින්ගේ නිවෙසට යන්න එන්න ගත්තා.
මේ අතරතුර ඇයට පියෙකු නැති දරුවෙකු ලැබුණු අතර, දරුවා මොරටුව කන්‍යාරාමයකට භාර දී ඇත. මේ සිද්ධි මාලාවත් සමග ක‍්‍රමයෙන් හැරී ඈත් කළ පෝලින්, බෝධිපාල විවාහ කර ගැනීමේ අභිලාෂයක් ඇති කර ගත්තා . එය නඩුවේ දී අනාවරණය වූයේ ඇය මුස්ලිම් ආගම වැළඳගෙන බෝධිපාල හා විවාහ වීමට උත්සාහ ගැනීමෙනි. විස්මය එළවන ලෙස පෝලින්ට ආකර්ෂණය වූ බෝධිපාල තම බිරියගෙන් දික්කසාද වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වුණා. විවෘත ව ම ගෙන ගිය පෝලින්ගේ සම්බන්ධය නිසා කිරඹකන්ද ගෙදර නිමක් නැති සණ්ඩු සරුවල් ඇති වුණා. එ්වා දුරදිග ගියේ 1965 නොවැම්බර් මාසයේ දී ජෙසී විසින් බෝධිපාලට එරෙහි ව දික්කසාද නඩුවක් පැමිණිලි කිරීමෙනි. මේ අතර පෝලින්ගේ පියාගෙන් ද බෝධිපාලට දැඩි බලපෑමක් එල්ල වූයේ කෙසේ හෝ ඉක්මනින් තම දියණිය විවාහ කර ගන්නා ලෙස බල කිරීමෙනි. එතරම් හැඩරුව ඇති කෙනෙකු නො වූව ද පෝලින් පිරිමින් ඇද බැඳ ගන්නා සරාගි කෙනෙකු ලෙස කියැවෙනවා.

කාලය මෙහෙම ගෙවිලා යද්දි බෝධිපාල ගෙයි ඊවා ගෙයි පුතු රාම්දාස ගෝඨාභය කිරඹකන්ද හදිසියේම අතුරුදහන් වෙන්නෙ සැවොම දුකට සහ පුදුමයට පත් කරමින්. 

(Ramdas Gotabhaya Kirambakande)
KIR3
 
රාම්දාස් ගෝඨාභය ගල්කිස්ස හේන පාර විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ උගනිමින් සිටි අතර 1965 පෙබරවාරි 07 දින සුපුරුදු පරිදි පාසැල් ගොස් ඇත. පෙරළා නිවසට නො ගිය මේ දරුවාගේ සිරුර හේන පාර ආසන්නයේ මුහුද දෙසට ඇති ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳෙහි පාවෙමින් තිබී පසුදින උදේ හමු වෙන්නෙ මේ අතරෙයි.


KIR4
මරණ පරීක්ෂණයේ දී දියේ ගිලීමෙන් වූ මරණයක් බවට තීරණය වූවත් ඔහු ඝාතනය කරනවා හෝ කෙනෙකු විසින් ළිඳට දමනවා හෝ කිසිවෙකු දැක කිබුනෙ නෑ. එ් නිසා ඉහත කී පසුතලය මත එකතු කර ගත් පරිවේශනීය සාක්ෂි මඟින් ගොනු කළ කරුණු මත1966 ජූනි 2 දින හවස අත්අඩංගුවට ගත් පෝලින් ඩි කෲස් සහ බෝධිපාල කිරඹකන්දට එරෙහි ව මිනී මැරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනී මැරීමේ චෝදනා මත නඩු පැවරුණා.


(Bodhipala and Paulin )
KIR5
නඩුවේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට 59 දෙනෙකු නම් කොට තිබුණු අතර ඉන් 40 දෙනෙකුගේ සාක්ෂි විභාග කෙරුණු අතර දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණි. එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ද පෝලින්ගේ දිනපොතේ සටහන් ඇතුළු වෙනත් සාක්ෂි ද ගොනු කර ගනු ලැබුවේ පහත සඳහන් සිද්ධි මාලාව ඇසුරෙනි.

දේවස්ථානය අවට නිවාස රැසක් තිබියදී අසල්වැසියන් නිතර එහා මෙහා ගැවසෙද්දී රහසිගතව මහ දවාලක ශිෂ්‍යයා ළිඳට දැම්මේ කෙසේ ද? නොඑසේ නම් ඔහු ළිඳට වැටුණා ද? යන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සෙවීමට රහස් පොලීසියට සිද්ධ වුණා.
සොයාගත් සාක්ෂි සහ ප්‍රකාශ අනුව,
## 1966. 12. 07 වන දින උදෑසන පෝලින් ඩි කෲස් බෝතලයක් වැනි දෙයක් අඩංගු පාර්සලයක් රැුගෙන ඇයගේ නිවසේ සිට ගල්වල පාර දිගේ ගමන් කොට ඇත.
## එසේ ම රොහාන් වික‍්‍රමසිංහ නමැති මිත‍්‍රයා සමග ගෝඨාභය දෙහිවල කවුඩාන බස් නැවතුමේ සිට ගල්කිස්ස හේන පාර පාසලට බස් රියකින් ගොස් ඇත.
## උදෑසන පෝලින් පාසල අසලට පැමිණ චිත‍්‍රපටයක් බැලීමට යැයි කියා ඔහු පාසලට යා නො දී ගාලූ පාර දෙසට කැඳවා ගෙන යාම.
## උදේ 8.00ට පමණ පෝලින් සහ ළමයා ශාන්ත රීටා පල්ලිය භූමියේ සැරිසරනු එහි සේවකයෙකු වූ ඇල්බට් පෙරේරා නමැත්තා දැක ඇත.
## ඊට ටික වේලාවකට පසුව දිනපතා පල්ලියට එන බැතිමතෙකු වන රෝලන්ඞ් නමැත්තා පෝලින් පල්ලිය ඇතුළේ බංකුවක වාඩි වී සිටි බවත්, ළමයෙකු අසනීපයෙන් පසු වන්නාක් මෙන් ඇයගේ සිරුරට හිස ගසාගෙන හේත්තු වී සිටි බවත් දැක තිබීම.
## දිවා විවේක කාලය තුළ දී ගෝඨාභය සහ පෝලින් පාසල් ඉඩමට නැවත පැමිණ තිබීම.
## දවල් නැවතත් දෙදෙනා ම පල්ලිය ඇතුළේ සිටිනු දැක ඔවුන්ට පිටව යන ලෙස ඇල්බට් පෙරේරා නමැත්තා පැවසීම සහ එවිට තමා සිටින්නේ ස්වාමි හමු වී උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීමට බව පැවසීම.
## පල්ලියේ ළිඳ ළඟ පෝලින් සහ ගෝඨාභය සිටිනු දෙදෙනෙකු ම දැක තිබීම.
## ගෝඨාභයගේ මිතුරක වූ 12 හැවිරිදි රොහාන් නමැති ශිෂ්‍යයා ; සිද්ධිය වූ දා පෝලින් සමඟ ගෝඨාභය ගාලු පාර දිගේ ගල්කිස්ස දෙසට යනු තමන් දුටු බවත් කහ පැහැ ගවුමකින් සැරසී සිටි ඇය අඩි උස සපත්තු දෙකක් පැලඳ සිටි බව ත් අධිකරණයේ සාක්ෂි දීම.
## සවස දෙහිවල පින්වත්ත පන්සල අසල දී පෝලින් පාසල් බෑගයක් රැගෙන යනවා දෙදෙනෙකු විසින් ම දැක තිබීම.
## පාසල් බෑගය නොමැති ව සවස පෝලින් ඇයගේ නිවස දෙසට යනු අසල්වැසියෙකු විසින් දැක තිබීම.
## ගල්වල පාරේ වෙසෙන හෙලන් අල්විස් නමැත්තිය තම වත්තෙහි වැට අද්දර විසි කර තිබුණු ළමයාගේ පොත් බෑගය අහුලාගෙන භාර දීම (පොත් බෑගය තුළ ඔහුගේ සෙරෙප්පු දෙක ද තිබී ඇත.)
## පසු දින උදයේ රාම්දාස්ගේ සිරුර එකී ළිඳෙහි තිබී හමු වීම.
## ඊට සති කීපයකට පෙර කළුබෝවිල රෝහලට ගිය පෝලින් තමාට නින්ද නො යාමේ ආබාධයක් ඇති බව පවසා නිදි පෙති ලබා ගැනීම.

ගොනු කර ගත් මේ සිද්ධි මාලාව ඇසුරෙන් එළඹි අනුමිතින් වී ඇත්තේ කිසියම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස අතරමග රැක සිට පෝලින් විසින් පාසලට එමින් සිටි රාම්දාස් කැඳවාගෙන ගොස් එ් අවස්ථාවේ වැඩිපුර මිනිසුන් නො ගැවසෙන ශාන්ත රීටා පල්ලියේ ගැවසෙමින් සිට ඔහුට නිදිමත ඇති වන ආකාරයට යම් දෙයක් ශරීරගත කොට නිද්‍රාවට හෝ සිහි මඳ ගතියට පත් කර ළිඳට තල්ලූ කළ බවයි. පසු ව ඔහුගේ සෙරෙප්පු දෙක පොත් බෑගය තුළට දමාගෙන ගොස් ඇය තම නිවසට යන පාරේ අද්දර වැටකින් ගෙවත්තකට විසි කොට නිවසට ගොස් ඇති බවයි.
මේ අතර පහත ආකාරයේ ලිපියක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තිබුණු එය පෝලින් විසින් බෝධිපාල වෙත යැවූවක්.
ලිපියෙහි පරිවර්තනය මෙසේ වුණා…

‘ඔබේ ජරා බිරිය මට හැම කරදරයක්ම කරද්දී ඔබ මා වෙනුවෙන් ඇයට එරෙහිව ඇඟිල්ලක්වත් එසවූවා ද? නැහැ. ඒකි උදාසීනයි. මා අහිංසක බව ඔබ දන්නවා.

කෙළින් සිටගෙන සටන් වැදීමට ඔබට ආත්ම ශක්තියක් නැද්ද? දරුවාගේ පියා ලෙස (එහෙත් නුඹ පියා නොවෙයි) අර ගෑනි ජෙසීට වඩා හුඟාක් දේ කියන්න ඔබට වගකීමක් තිබෙනවා.

එහෙත් ඔබට පෙර කිව යුතු දේවල් පොලීසියට කියන්නයි ඇය සූදානම් වෙන්නේ. ඒකිගේ මෝඩකම් නවත්තන්න.

ඒත් ඔබ කොහොමද ඒක කරන්නේ? ඒකිගේ උදව් ලැබෙන කොට ඔබ එහෙම නොකිරීමේ පුදුමයකුත් නැහැ. ඔබේ නිවස ප්‍රශ්නවලින් පිරී ගත් ස්ථානයක්. ඔබ හැම කෙරේ මගේ සිතේ තිබෙන්නේ කළකිරීමක්.’
…..
එම ලිපිය සමඟ පෝලින්ගේ දින පොත් කිහිපයක්ද සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණා. නඩුවට අදාළ වැදගත් කරුණු රැසක් ඒවායේ තිබූ සටහන්වලින් හෙළි කර ගන්න පුළූවන් වුණා.
දින පොත්වල මෙසේ සටහන්ව තිබුණා.

1966 පෙබරවාරි 7 දා – ‘අද සිට අතුරුදහන් වී ඇත.’

එහෙත් ගෝඨාභය අතුරුදහන් වූ එදින ඊට වැඩි විස්තරයක් සඳහන්ව නොතිබිණි. 1965 දෙසැම්බර් 27 දා බෝධිපාල හා ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පෝලින් සිය දින පොතේ මෙසේ සටහන් තබා තිබිණි. ‘මගේ ආදරණීය බෝධි මට අහිමි වනු ඇත යන බිය මගේ සිතේ ඇති වූවා.’

1966 ජනවාරි 29 – ‘බිරියගෙන් දික්කසාද වී මා හා විවාහ වන බවට බෝධි තාත්තාට පොරොන්දු වුණා.’

ගෝඨාභය මැරීමට කුමන්ත්‍රණය කිරීම හෝ මරා දැමීමට සම්බන්ධ වීම හෝ සම්බන්ධයෙන් සනාථ කළ හැකි එකම සාක්කියක්වත් බෝධිපාලට විරුද්ධව නොතිබූ බැවින් නඩු විභාගය ඇරඹී දින පහකට පසු බෝධිපාල කිරඹකන්ද නිදහස් කිරීමට අධිකරණයට සිදු විය.

නඩු විභාගය පුරාවටම පෝලින් කෲස් සිටියේ නිහඬවය. තවත් කිහිප දෙනෙක්ම සාක්ෂි දුන් අතර ඒ කිසිම සාක්ෂියකින් විත්තියට කිසිම වාසියක් අත් වූයේ නෑ.

-ජූරිය-

1968 මාර්තු 7 දා ජූරිය පැවසුවේ හයට එකේ වැඩි ඡන්දයෙන් පෝලින් කෲස් වැරදිකාරිය බව නිගමනය වී ඇති බවය.

-තීන්දුව-
මරණ දඬුවම පමුණුවාලීමට පෙර කිව යුත්තක් ඇත්නම් පවසන්නැයි විනිසුරුවරයා පෝලීන්ට දැන්වීය.

kir1

 ‘ශුද්ධ යැයි සම්මත හැම දෙයක් ගැනම දිවුරා මා පවසන්නේ මේ අපරාධය සම්බන්ධයෙන් මා අහිංසක බවයි. වැරදිකාරයා මුලින්ම නිදහස් කර තිබෙනවා’ යන්න පමණක් පෝලින් පැවසුවාය.

විනිසුරු වරයා,1968 අප්‍රේල් 17 දා වැලිකඩ බන්ධනාගාරයේදි ප්‍රාණය නිරුද්ධ වනතුරු පෝලින් පෝරකයේ එල්ලීමට නියම කෙරුණා.

-අපෑල-
පෝලින් වෙනුවෙන් ඊට පසුදිනම ඇපෑලක් ඉදිරිපත් වූ හෙයින් මරණ දඬුවම පමුණුවාලීම කල් තැබුණා. 1968 මැයි 24 දා භියාචනාධිකරණය විසින් මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් තීන්දුව ලබා දුන් අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද එයම සිදුවීය.ඉන් පසු එංගලන්තයේ රාජාධිකරණයට(Privy council) ඇපෑලක් ඉදිරිපත් වුවත් 1968 ඔක්තෝබර් 17 දා ලන්ඩන් නුවරදී පෝලින්ගේ අයැදුම් පත ඉවත දැමිණි.

– සමාව –
බ්‍රිතාන්‍ය රැජිණගේ දේශීය නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුකම්පාවෙන් හැර පෝලින්ට පෝරකයෙන් ගැලවීමක් නොතිබිණි. කාන්තාවන් පෝරකයට නියම වුණත් ඒ සමකාලීන මෑත ඉතිහාසයේ කිසිම කාන්තාවක පෝරකයට යවා නොතිබිණි. ඒ අනුව හිටපු අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව 1969 මැයි 3 දා ආඥාවක් නිකුත් කරමින් පෝලින්ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවමක් බවට වෙනස් කළේය.

-පසු සිදුවීම්-
මේ අපරාධයට නිසැක ව ම යම් දායකත්වයක් පෝලින්ගෙන් ලැබුණු බව තහවුරු වුවත් එය ඇය තනි ව කළ දෙයක් නොවන බව සිද්ධි මාලාවේ ඇති ඇතැම් හිදැස් තැන් දක්වමින් නෛතික දෘෂ්ටිකෝණයකින් විග‍්‍රහ කරන නීති විශාරදයන් පසු ව අදහස් දක්වා ඇත්තේ මේ අපරාධයට අනාවරණය නො වූ තවත් දෑත් ද හවුල් වී ඇති බවට සැක පහළ කරමිනි. ගොනු වූ පෙර තොරතුරුවලට අනුව ගෝඨාභය මරා දැමීමට සැබෑ වුවමනාවක් සහ චේතනාවක් පෝලින්ට තිබුණේ ද යන්න පිළිබඳ ව නිසැක නිගමනයකට එන්නට හැකියාවක් නොමැති බව එකී මතවලින් අවධාරණය කෙරුණි.

1980 දශකයේ මුල් භාගයේදී පෝලින් රූත් ද කෲස් යහපත් පැවැත්ම නිසා සමාව ලැබ බන්ධනාගාරයෙන් නිදහස් වී ශ්‍රී ලංකාව හැර දමා ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිය බව පැවසෙනවා.


(මේ කාල වකවාණුවේ අධිකරණ පද්ධතියේ ස්වභාවය වෙනස් බව හැඟෙනවා.මන්ද යත් වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන අධිකරණය(Apex) බැවින් එහි තීන්දුවකට එරහිව එහිම මුල් තීන්දුව ලබා දුන් විනිසුරු වරුන් ගණනට වඩා වැඩි ගණනක් හමුවේ නැවත නඩු ඇසිය හැකි මුත් ඉන් එහා වෙනත් අධිකරණයක් නැත.එහෙත් මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පසුව රාජාධිකරණයටද ගිය බව කියවෙනවා.)

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters