ඉස්සර අපිට කඩවත ඉඳලා කොළඹට යන එකත් මහ අරුමයක් තමයි.නිතර යන්න අවශ්‍යතාවයක් නොතිබුණ නිසා කොළඹ යන එක විශේෂ සහ දුලබ අවස්ථාවක් වෙච්ච එක ඒකට හේතු වුනා.
මට කොළඹ හුරු වෙන්න ගත්තෙ 2007 දී විතර.ඒ මගෙ ඉගෙනීම් කටයුතු වලට කොළඹ එන්න පටං ගත්තට පස්සෙ. JMC එකේ ඉගෙන ගත්ත කාලෙ ඒකෙ පංති තිබුණා රජයේ ලිපිකරුවන්ගේ ආයතනය (සලරලිස නිවහන) සහ ලංකා ගුරු සංගම් කාර්යාල ගොඩනැගිලිවල.ලංකා ගුරු සංගම් කාර්යාල ගොඩනැගිල්ල මායිම වෙන්නෙ වැවට.කොටින්ම කිවොත් ගොඩනැගිල්ලෙන් වැටුනොත් වැටෙන්නෙ වැවට.වැවත් ගොඩනැගිල්ලත් අතර ඉඩක් නෑ.(ඒකාලෙ පංතියෙ ඉද්දි බෝට්ටු පදින කෙල්ලො වැවට වැටිච්චා දැකපුවා මම මෙතන කියන්න යන්නෙ නෑ)
කොළඹ හැම තැනකම වගේ ඇවිදින්න ලැබුනෙ මම අධ්‍යාපනය ලබපු ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍යම අංගයක් වෙච්ච ‘විගණන ආයතනික පුහුණුව’ ලබපු කාලේ.
ඉතිං මම ඔය කාලෙ මුලින්ම ගියෙ බස් එකේ.ඒ කියන්නෙ 2008 මුල් කාලෙ.ඒකාලෙ කොටුවෙන් බැහැලා 100 හෝ 101 බස් එකක තමයි ගියෙ.ඉතිං ඔහොම යනකොට ලෝටස් පාරෙන් ඇවිත් ලේක් හවුස් එක ගාවදි බේරේ වැව හම්බ වෙනවා.
(Lake house)
ඒ හරිය පහු කරං ඉස්සරහටම යද්දි ආපහු ගංගාරාමය හරියෙදිත් බේරේ වැව හම්බ වෙනවා..
ඉතිං ඒ කාලෙ මට ඕක හරි ප්‍රශ්නයක් වුණා
කොහොමද එකම වැව කෑලි දෙකකට තැන් දෙකකදි දකින්න හම්බ වෙන්නෙ කියලා.මම
හිතාගෙන හිටියෙ භූගත උමගකින් ගංගාරාමය ප්‍රදේශයට වතුර එනවා කියලා.ඔය ගැටලුව
නිරාකරණය වුනෙ කෝච්චියෙ යන්න පටං ගත්තට පස්සෙ.මහලේකම් කාර්යාලය ස්ටේෂම පහු
කරනකොටම කොලකැඳ ඇල ( ඇලේ වතුර කොල කැඳ පාටයි) යන්නෙ රේල් පාර යටින්. ඒ
ඇලෙන් තමයි බේරේ වැවේ ලේක් හවුස් පැත්තට වෙන්න තිබුණ කොටසයි හමුදා රෝහල සහ
ජෝන් කීල්ස් එක පැත්තෙන් යන කොටසයි සම්බන්ධ වුනේ.
ෆර්ම් ගිහින් ඉවර වෙලා මම ඉස්සෙල්ලම රස්සාව කල ආයතනයේ ප්‍රධාන කාර්යාලය
තිබුනෙ කොම්පඤ්ඤ වීදියෙ , ආර.ඒ.ද මැල් පාරෙ.ඒ ගොඩනැගිලිලට ඉස්සරහින් තව
ඇලක් තිබුණා.ඒ ඇලෙන් තමයි හමුදා රෝහල සහ ජෝන්කීල්ස් පැත්තෙ තිබුණ කොටස
ගංගාරාමය පැත්තට වෙන්න තිබුණ කොටසට සම්බන්ධ කලේ(නවම් මාවත පාලම තියෙන්නෙත්
මේ ඇල උඩින් තමයි.)
තව කාලයක් යද්දි වොක්ෂෝල් වීදිය පැත්තෙ යනකොට දැක්කා වැවේ කෑල්ලක් ඒ පැත්තටත් තියෙන විත්තිය. ඔන්න ඊටත් පස්සෙ තමයි මට සිතියමක් අරං වැවේ පිහිටීම බලන්න අදහසක් ආවේ.
තව කාලයක් යද්දි වොක්ෂෝල් වීදිය පැත්තෙ යනකොට දැක්කා වැවේ කෑල්ලක් ඒ පැත්තටත් තියෙන විත්තිය. ඔන්න ඊටත් පස්සෙ තමයි මට සිතියමක් අරං වැවේ පිහිටීම බලන්න අදහසක් ආවේ.
අක්කර 400 විතර භූමි ප‍්‍රදේශයක් වසා ගෙන ,සුදුවැල්ල, වෑකන්ද සහ හුණු පිටිය කොට්ඨාශ සහ කෙසෙල්වත්ත කොට්ඨාශයේ කොටසක්ද පුරා පැතිරී තියෙන බේරේ වැව එකාලෙ කොහොම තියෙන්න ඇතිද කියලා අද අහම්බෙන් හිතුනෙ කෝච්චි ප්‍රමාද නිසා බස් එකේ යන්න එනකොට නව රේගු ගොඩනැගිල්ල ගාවින් මුහුද හා බේරේ වැව සම්බන්ධ කරන ගඳ ගහන ඇල දැක්ක වෙලාවෙයි.ඔය ඇල ගාවින් දවල්ට හොඳට අවුව පායලා තියෙන වෙලාවක යද්දි මට දැනෙන්නෙ ඉස්පිරිතාල වලින් එන කැරකිල්ල හැදෙන බේත් ගඳට සමාන ගඳක්.
ඉතිහාසය ගැන කියනවනම් මේ වැව පෘතුගීසි යුගයටත් වඩා ඈතට දිව යන ඉතිහාසයක් තියෙන එකක් .හැබැයි ඒ කාලෙ වැවක් විදිහටම නැතිව වගුරු බිමක් විදිහට තිබුණ කියලා තමයි කියන්නෙ.
1518 වෙනකොට ‘කොළ -අඹ -තොට’ නගරය පෘතුගීසි
අණට යටත් වුණ එකක්. විජයබාහු රජු සහ සිංහල සේනාවගෙන් පෘතුගීසීන්ට එරෙහිව
නිතරම ප්‍රහාර එල්ල වුණා .සිංහල හමුදා සතු නොවුන යුධ ක්‍රම වලින් මේවා
පාලනය කලත් නවත්තන්න හැකි වුනේ නෑ. ඉතිං පෘතුගීසින් බලකොටුව රැක ගැනීමට
විවිධ උපක්‍රම යෙදුවා. ඒ එකක් තමයි බලකොටුව වටේ දිය අගලක් තනවන එක…. මේ වන
කොට කොළඹ කොටුව බස්නාහිරින් ඉන්දියන් සාගරයට මායිම් වෙනවා වගේම අනිත් පැති
තුනම වගුරු බිමකට මායිම් වුනා.ඉතිං මේ වගුර හරහා දිය අගලක්
කපන්න පටං ගත්තට අවශ්‍ය ප්‍රමාණයට වතුර තිබුනෙ නෑ..මහ මුහුදෙන් රට ඇතුලට වතුර ගේන්න පුලුවං කමක් තිබුනෙත් නැහැ.
කපන්න පටං ගත්තට අවශ්‍ය ප්‍රමාණයට වතුර තිබුනෙ නෑ..මහ මුහුදෙන් රට ඇතුලට වතුර ගේන්න පුලුවං කමක් තිබුනෙත් නැහැ.
මේ අතරෙ විජයබාහු සේනාවෙන් තව ප්‍රහාරයක් ආවත් සූදානමින් සිටි නිසා එය
මඩින්න පෘත්ගීසින්ට පුලුවන් වුනා.පෘතුගීසි හමුදාව සිංහල හමුදාව පස්සෙන්ම
පන්නගෙන ගියත් සිංහල හමුදාව පැන ගියාට පස්සෙ පෘතුගීසින් වගුරු බිමේ
නැගෙනහිර පැත්තට වෙන්නට තිබ්බ කොටසක නැවතුනා. ඒ වෙලාවෙ ඔවුන් දෙමටගොඩ කඳු
ගැටයයි , සාන්ත සෙබෙස්තියන් (බස්තියන්) කඳුගැටයයි අතරින් ගලන පිරිසිදු දිය
පාරක් දකින්න ලැබිලා තියෙනවා.මේ ගැන පෘතුගීසි සෙබළු සිය කපිතාන්ට දන්වනව. ඒ
වන විටත් බලකොටුව වටා කපමින් සිටි දිය අගලට මේ දිය පාර සම්බන්ධ කළොත්
සතුරන්ට මෙය විශාල බාධාවක් වන බව දැනගත් පෘතුගීසින් මෙම දිය පහර කලින් කැපූ
අගලට එක් කරනවා. මේ විදිහට තමයි1521 දී බේරේ වැව හැදුනෙ. මේ වැව එදා කොළඹ
කොටුවෙ දකුණු පවුරට පියවර 100 ක් විතර දුරින් පිහිටියයි කියනවා , නැගෙනහිර
පැත්තෙන් වුල්ෆන්ඩෝල් , හල්ෆ්ට් ඩෝෆ්ට් සහ ශාන්ත සෙබස්තියන්(බස්තියන්) කඳු
ගැට වෙනකල් පැතිරුණ බව කියනවා. මෙහි එක ඇළක් යෝර්ක් වීදියට සමාන්තරව ගලා
ගෙන ගියා.ඒ ඇල වර්තමානයේ රේගු දෙපාර්තමේන්තුව සහ ලේක් හවුස් ගොඩනැගිලි
තරින් තිබෙන ඇල විය හැකියි.
බේරේ වැවේ දූපත් කිහිපයක් තිබුණ බව කියනවා. මේකෙන් විශාලම එක වහල්
දූපතයි.මේ වහල් දූපතේ තමයි ස්වාහිලි ,පෘතුගීසි සහ නැගෙනහිර අප්‍රිකානු
වහල්ලු රඳවලා තිබුණාය කියන්නෙ.
ඒ කාලෙ වහල් දූපත (Slave Island) එහෙමත් නැත්තම් දැන් විදිහට කියනව නම් කොම්පඤ්ඤ වීදිය ,ගොඩ බිමින් වෙන්ව වැව මැද පිහිටියක් බව ඇතැමුන් කිවුවත් ඇතැමුන් එය ප්‍රතික්ෂේප කරනවා.එහෙම වෙන්ව තිබුණා කියන්න සාධකත් දැනට හොයා ගන්න නැහැ.

කොළඹ නගරය වටේ පැතිරුණ මේ වැව සම්පූර්ණ දිග ප‍්‍රමාණය සැතපුම් 10, 1/2 ක්
වෙනවා.ඒ කාලෙ ලෝරන්ස් කඳු ගැටය ඇතුළත් වූ එය කලපුවකින් වට වී තිබුණ බව
කියවෙනවා.
සීතාවක මායාදුන්නේ රජු 1578 දී කොළ අඹ තොට අල්ලා ගන්න ආවා. එතුමා බේරේ වැව හිස් කරන්න උත්සාහ කලත් පෘතුගීසීන් ඒකට ඉඩ තියලා නෑ.මායාදුන්නෙ ගෙ පුත් රාජසිංහ රජු පස්දෙ කාලෙක කොළඹ නගරය වට කරලා කිහිප සැරයකම ඇළවල් මාර්ගයෙන් වැවේ ජලය පතුලටම හිස් කල බව කියවෙනවා. මේ වැවට සම්බන්ධ වුන ඇලවල් වලින් අදටත් ඉතිරිව තියෙන එකක් තමයි සාන්ත බස්තියන් ඇළ.අද පිටකොටුව පාවෙන වෙළඳ පොල තියෙන්නෙ මේ ඇලේ.බස්තියන් ඇල කැළණිගඟෙන් වගේම දියවන්නා ඔයෙනුත් පෝෂණය වෙන එකක්. බේරේ වැව එදා පෘතුගීසින් ප්‍රධාන වශයෙන් උපයෝගී කරගත්තේ සතුරු ආක්‍රමණවලට එරෙහි පහුරක් විදිහටත් යුද අවි ප්‍රවාහනය ටත් ය . ඊට අමරතව කැලණි ගගේ ඉහළ සිට ආහාර ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කරන්නත් යොදාගන තියෙනවා.පෘතුගීසි යුගය අවසන් වන විට (1656 දී පමණ ) කොළඹ නගරය වඩා ඉඩකඩ ඇති බලකොටු නගරයක් වුණා.

පස්සෙ කාලෙ වෙද්දි කොළඹ නාගරික සංවර්ධනයත් සහ ජනාකීර්ණත්වයත් එක්කම බේරේ
වැව අපිරිසිදු වී අද වන විට ලංකාවේ දූෂිතම ජලාශයන්ගෙන් එකක් බවට පත් වෙලා
තියෙනවා.
මෑත කාලීනව ගංගාරාම සීමා මාලකය අසල ඉදි කල කෘතිම දූපත,බේරේ වැවේ එකතු වුන කුණු මත ඉදි වූවක්.
මෑත කාලීනව ගංගාරාම සීමා මාලකය අසල ඉදි කල කෘතිම දූපත,බේරේ වැවේ එකතු වුන කුණු මත ඉදි වූවක්.
බේරේ වැවේ සොරොවුව ගැනත් කිව යුතුයි.
පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (මහ ලේකම් කාර්යාලය/ජනාධිපති ලේකම් කාර්යාලය) අසලින් බේරේ වැවේ ප්‍රධාන ඇල මාර්ගය මුහුදට වැටෙනවා.එතන තිබෙන අර්ධවෘත්තාකාර සොරොවුවෙන් තමයි වතුර බේරිලා මුහුදට යන්නෙ.සොරොවු බිත්තියට ඉහලින් යන වතුර මුහුදට යනව වගේම වතුර පහල මට්ටමක තියෙන අවස්තාවක මුහුදට යාමක් වෙන්නෙ නෑ.

වතුර අධික කාලයට මේ වෘත්තාකාර සොරොවුවෙන් වතුර වැටෙන ආකාරයත් මට නම් බලන් ඉන්න ආස හිතෙන දර්ශණයක්.
No comments:
Post a Comment