කොළඹ වීදියක දී………….01 “මැද කොළඹ වනාන්තරය…..”

https://www.facebook.com/groups/804276106323782/permalink/1530313317053387/?hc_location=ufi
 

35_big
 
ඔෆිස් එද්දි මාමත් එක්ක එයාගෙ කාර් එකේ ඇවිත් නංගිලාව මියුසියස් එක ගාවින් බස්සලා බාර්න්ස් ප්ලේස් වලින් ඇවිත් 120 පාරට දාලා මට බහින්න නවත්තනවා. එතැනින් බැහැලා පාරත් පැනලා විහාර මහාදේවි උයන අයිනෙන් ඇවිදගෙන බෞද්ධ කාන්තා විද්‍යාලෙ පැත්තට එද්දි , යාන්තම් වැහිබර උදයක උයනෙ ගස් කොච්චර ලස්සනට තියෙනවද කියලා හිතුණා….පහුගිය කාලෙ මල් වලින් පිරිල තිබබ නා ගස් වල දැන් මල් හැලිලා එකක් දෙකක් ඉතිරි වෙලා…මිනිස්සු ව්‍යායාම කරනවා,පාසල් සහ කාර්යාල වෑන් රථ පේළියට නවත්තල..ඒවයෙ මිනිස්සු ආර්ථිකයයි ..දේශපාලනයයි වගෙ රටේ නැති කාරණා ගැණ වෛවාරණ ඕපදූප කියවනවා…සමහරු පත්තර බලනවා…කෑම කනවා..සමහරු පාරට කකුල් දාගෙන නිදි….
මෙහෙම ඇවිදන් එද්දි කවදාවත් නොහිතුණ විදිහට උයන ගැන මට හිතෙන්න ගත්තා…… ඔන්න එහෙනම් උයන ගැණ…

GJHGHJG
ලෝකයේ විශාල සහ සුප්‍රකට ප්‍රධාන නගර සියල්ලකම පාහේ මෙවන් උද්‍යාණ අවම වශයෙන් එකක් හෝ පවතින්නේ එය නගර සංවර්ධනයේ අණිවාර්යය අංගයක් බව ප්‍රකට කරමින්.නාගරික ජීවිතයක් ගෙවන පුද්ගලයින්ට ගහක කොලක සුවය විඳින්න මෙවන් උද්‍යාණ වලින් ලැබෙන්නෙ සුලුපටු උපකාරයක් නොවෙයි.
වර්තමානයේ කොළඹ මහා නගර සභාව විසින් පාලනය වන විහාරමහාදේවි උද්‍යානයේ අතීතය බ්‍රිතාන්‍ය යුගයටම දිවෙනවා.කොළඹ වරායට අයත්ව තිබුණු පැරණිම සහ විශාලම උද්‍යාණය මෙයයි.චාර්ල්ස් හෙන් රි ද සොයිසා මහතාට අයත්ව තිබුණු විශාල ඉඩමක ඉදි වුණ මෙම උයන එකල දැන් පවත්නා ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් විශාල බව කියවෙනවා…
068_001
 උද්‍යාණය මැද “වංකගිරිය” නමින් හැඳින්වුණ කුඩා කඳු ගැටයක්ද තිබුණු බව කලකට පෙර පුවත්පතකට තොරතුරු ලබා දුන් ; බ්‍රිතාන්‍ය යුගයේ උයනේ ප්‍රධාන මුරකරුවෙකුව සිටි අයෙක් පවසා තිබුණා. එකල වික්ටොරියා රැජිණට ගෞරවයක් ලෙස “වික්ටෝරියා පාක්” ලෙස හැඳින් වුණ මෙය සියදිවි හානි කර ගන්නා පුද්ගලයන්ට ගෙල වැල ලා ගැනීමට ප්‍රකට ස්ථානයක්ව පැවති බවත් ඔහු පවසා තිබුණා. පසුව නගර සංවර්ධ කාර්‍යයන් වලදී ඉඩ ප්‍රමාණය අඩු වුණා විය හැකියි.
දෙවන ලෝක් යුධ සමයේදී බ්‍රිතාන්‍ය හමුදාව සහ ඕස්ට්‍රේලියානු 17 වන ඛණ්ඩය මෙම උයනේ නවාතැන් ගත් අතර යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත උයනක් ලෙස පිලිසකර කිරීමෙන් පසුව 1951 දී මෙය නැවත ජනතා අයිතියට පත් කෙරුණා.

3763b326a39dc437329f58fed90f7206
 
එකල මෙමෙ උයනේ විශේෂිත අංගයක් වුණේ පළමු පංතියේ ක්‍රිකට් තරග සඳහා භාවිතා වුණ ක්‍රිකට ක්‍රීඩංගණයක් මෙමෙ උයනේ පිහිටා තිබීමයි.මෙම ක්‍රීඩාංගණයේ දී 1927 දී සහ 1935 දී ලංකා ක්‍රිකට කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග තරග වැදී තිබෙණවා.
මෙම උයනට නිරිත් දිගින් කොළඹ මහජන පුස්ථකාලයත්, යුධ ස්මාරකයත් (Cenotaph War Memorial)පිහිටා තිබෙණවා.

cenotaph-war-memorial-viharamahadevi-formerly-victoria-park-both-world-dy8589
 ඉන් ඔබ්බට ආනන්ද්කුමාරස්වාමි මාවතත් , එපිටින් ජාතික කලා භවනත්, “නෙළුම් පොකුණ” රඟහලත් ජාතික කෞතුකාගරයත් , ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයත් පිහිටා තිබෙනවා.
උතුරු දෙසින් බ්‍රිතාන්‍ය යුගයේ ඉදි වුණ කොළඹ නගරයේ විශේෂම අංගයක් වන කොළඹ මහා නගර ශාලාව පිහිටා තිබෙනවා.

Transforming Colombo
 
2013-2014 කාලයේදී ,නව මුහුණුවරක් දෙමින් වඩාත් අලංකාර ලෙස උද්‍යාණය පිලිසකර කෙරුණු අතර මෙහිදී ළමා උද්‍යාණයට නව අංග එකතු වුණා.
කුඩා අවධියේ අපට ට්‍රිප් එකක් (ඒ කාලෙ එහෙම තමයි කිවුවෙ ) යාමට තිබුණු ලේසිම තැන වුණෙත් විහාර මහා දේවි උද්‍යාණයම තමයි.


th
V1

1 comment:

  1. පාක් එක වටේට තිබ්බ යකඩ වැට ඉවත් කිරීමත් සමග හරි පුදුම වෙනසක් ඇති උනා ඒ අවට ... ඉස්සර A/L (නො)කරන කාලෙ සතියකට දවස් කිහිපයක් මේකට වෙලා පොත් කියවනව

    https://kandascolumnblog.wordpress.com/2017/03/14/මා-නොකළ-උසස්-පෙළ/

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters