පැමිණිල්ලේ සාක්ෂි කරුවා..... අති දක්ෂයන්ට ද වැරදීම් විය හැක...

 
IMDB - 8.4/10
Rotten Tomatoes - 100% 
Letter Boxed - 4.1/5 Genre -Drama/Mistery , Courthouse
 
සර් විල්ෆ්‍රිඩ් රොබර්ට්ස් කියන්නේ එංගලන්තයේ හිටි දක්ෂතම නීතීඥයෙක්..හිටියෙ තරමක් අසනීපෙන්...නිතරම ඔහුගෙ සෞඛ්‍යය ගැන වද වෙන ඒ නිසාම ඔහුට කරදර කරන නර්ස් මිස් ප්ලිම්සෝල්ගෙන් බේරෙන්න..ඇයට හොරෙන් සුරුට්ටු බොන්න..අරක්කු ටිකක් බොන්න නොකරන දෙයක් නෑ...
සර් විල්ෆ්‍රිඩ් සාමාන්‍යයෙන් බාර ගන්නේ විත්ති පාර්ශවයේ නඩු.දොස්තරටයි නීතීඥයටයි බොරු කිවුවොත් අඩි හයක් යට වලේ නිදන්න වෙන්නත් පුලුවන් කියනවනෙ.ඒ නිසා කාට බොරු කිවුවත්,උසාවියෙදි මොනවා කිවුවත් නීතීඥයට ඇත්තම කියන්න ඕනෙ (අවවාදයක් :) ).සර් විල්ෆිර් ගාව අමුතු උපක්‍රමයක් තිබ්බා තමුන්ගෙ සේවා දායකයා අවංකද නැද්ද කියලා හොයා ගන්නත්.ඒක මම මෙතන කියන්න යන්නෙ නෑ.

ඉතිං ඔහොම කාලය ගෙවිලා යද්දි එකෝමත් එක දවසක විල්ෆිර්ඩ් ගාවට එනවා නඩුවක්, විත්තිය වෙනුවෙන් කතා කරන්න...මුලින් අකමැති වුණත් පස්සෙ එයා ඒක බාර ගන්නවා.විත්තියට විරුද්ධ පරිවේෂණීය සාක්ෂි ගොඩයි...සේරටම වඩා වැදගත් වෙන්න පැමිණිල්ලේ සාක්ෂියක්.... අන්තිමට මොකද වෙන්නෙ..මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලලම තේරුම් ගන්න... 1957 එකක් තමයි..කළු සුදු තමයි..හැබැයි මේක බෝරිං කඳක්  කියලා අත හැරියොත් අනේ පවු තමයි... මට නම් එක තත්පරයක්වත් බෝරිං නෑ.. සර් විල්ෆ්‍රිඩ් ගෙයි නර්ස්ගෙයි දර්ශණ ෆිල්ම් එකට හොඳ විකට ස්වරූපයකුත් දෙනවා..හැබැයි මේක කොමඩියක් නම් නෙමේ.

සර් විල්ෆ්‍රිඩ් විදිහට - චාර්ල්ස් ලාෆ්ටන්
විත්ති කාරයා විදිහට - ටිරෝන් පවර්
පැමිණිල්ලේ සාක්ෂිය විදිහට - මර්ලින් ඩිඅට්‍රිච්
නර්ස් විදිහට - අල්සා ලැන්ෂෙස්ටර්
ප්‍රධාන චරිත කරන මේ සිනමාපටය රහස් පරීක්ෂක කතා ලොවේ රැජිණ අගතා ක්‍රිස්ටි ගෙ කෙටි කතාවක් ඇසුරෙන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ බිලී විල්ඩර්.මිනිත්තු 116 යි . බජට් එක ඇ.ඩො.මිලියන 3ක් වෙද්දි ආදායම ඇ.ඩො.මිලියන 9ක් හම්බ කරන්න මේක සමත් වෙලා තියෙනවා..

වැඩි කතා ඕන නෑ Witness for the prosecution ව හම්බ වෙලාම බලන්න.....


- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters