प्यार किया तो डरना क्या ප්‍යාර් කියාතෝ ඩර්නා ක්‍යා......


https://www.youtube.com/watch?v=6Au_J6jHKE0 



1960 'මුඝල් - ඒ- ආසම්' (මෝඝල් අධිරාජ්‍යයා ) සිනමාපටය වෙනුවෙන් ගැයුණ මිහිරි ගීයකි.ආදරය කලේ නම් බිය වනු කුමටද යන්න එහි තේරුම වේ.

ගීයේ පද රචණය ශකීල් බදායුනි විසින් වන අතර සංගීතය සුප්‍රකට සංගීතවේදී නෞෂාඩ් අලී ගෙනි. හඬ භාරතයේ ගී කෝකිලාවිය ලතා මංගේෂ්කර් විසිනි. මෙම ගියේ විශේෂත්වයක් ඇයි?

ගීය පටිගත කරන්නට පෙර විශාල කාලයක් මෙම එක් ගීයක් වෙනුවෙන් වැය කරන්න සිද්ද වෙලා තියෙනවා. සංගීත්ඥ නෞෂාඩ්ට එහි පද රචණය හිතට නොඇල්ලූ නිසා මුල් ගියේ පද විශාල ප්‍රමාණයක් ඉවත් කරන ලෙසට ශකීල් බදායුනිට පවසා තිබෙනවා. අවසානයේ දීර්ඝ සාකච්ඡාවක් ගීය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙනවා, නෞෂාඩ්ගේ නිවසේ සඳලුතලාවේ.පෙර දින සවස ආරම්භ වුණ සාකච්ඡාව අවසාන වන්නෙ පසුදින රාත්‍රියේ. මෙහිදී නෞෂාඩ්ට මතක් වෙනවා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනගීයක පදමාලාවක්. "ප්‍රේම් කියා ක්‍යා චෝරි කරී හේ"... අවසන ශකීල් ගේ පදමාලාව වෙනස් කොට එම ජනගියේ තාලයට ඝසල් ගීයක් ලෙස සංගීතවත් කිරීමෙන් පසුව පටිගත කරනවා.

ගායනයේ දර්ශණය වන්නේ ලාහෝර් මාළිගයෙහි ශීෂ් මැහැල් හි මහාඅක්බර් රජුගේ (ප්‍රිත්වි රාජ් කපූර් ) මැහැෆිල් එකේ ( නෘත්‍ය/සංගීත සභාව ) නර්තනයේ යෙදෙමින් අනර්කලී (මධුභාලා ) ගීය ගායනා කරන අයුරුයි. මහරාණී ජෝධා භායි (දුර්ඝා ඛෝටේ ) සහ සලීම් කුමාරයා (දිලිප් කුමාර් ) ද මැහැෆිල් හි සිටිනවා. ශාලාවක් තුල ගැයෙන ගීය ශාලාව තුල දෙදරණ හඬ ගීයෙන් ලබාදීමට නෞෂාඩ් ට අවශ්‍ය වුණා.අදවන් දියුණු තාක්ෂණයක් නොවූ එකල අවසානයේ ලතා මංගේෂ්කර්ට සිද්ධ වෙනවා ශබ්ධාගාරයේ නානකාමරයට වැදී දොරවසාගෙන ගීය ගයන අතරේ පටිගත කිරීමට.



ගීය ආරම්භ වන්නේ මුඝල් මැහැෆිල්හි මහා සංගීතවේදියා ලෙස ඉතිහාස ගත වුණ 'තාන් සේන්' ලෙස හඬ දායකත්වය දෙන 'බඩේ ගුලාම් අලී' ගේ හඬිනි.ඉන්පසු ලතාගේ හඬ ඇසේ.

අනර්කලී ගායනයෙන් ඉදිරිපත් කරන්නේ සලීම් කුමාරු සමග ඇති ආදරයයි.

ගීය අසා බලන්න. දෙදරුමත් සමග එය රස විඳින්නට ලැබේවි.

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters