"නවකතාවෙන් සිනමාවට"


 (Above - The Shining )

නිතරම අපිට අහන්න ලැබෙන දෙයක් තමයි අහවලාගේ නව කතාව සිනමාපටයකට කියල. මේක ලංකාවෙ,ඉන්දියාවේ,හොලිවුඩයෙ පමණක් නෙමේ ලෝකෙ ඕනෑම සිනමා කර්මාන්තයකට අදාල දෙයක්. ලෝකයේ විශිෂ්ඨතම සිනමාපට ලෙස ලැයිස්තුගත වන සිනමාපට බොහොමයක් නවකතා පාදක කරගෙන බිහි වෙච්ච ඒවා. කෙනෙක්ගෙ නව කතාවක් සිනමාපටයක් වෙනවා කියන්නෙ සුළුපටු කාරණයක්ද?නෑ කොහෙත්ම නෑ.ඒක ඒ නවකතාවෙ විශිෂ්ඨත්වය ගැන දෙන්න පුළුවන් ඉහලම සම්මානයක්. විලියම් ෂේක්ශ්පියර්,ආතර්කොනන්ඩොයිලි,ඇලෙක්සැන්ඩර් ධූමා ,ජේන් ඔස්ටන්වගේ ගත්කතුවරුන්ගෙ කෘතීන් බොහොමයක් සිනමාපට වලට පාදක වෙච්ච ඒවා.
මේ ලිපියෙ අරමුණ වෙන්නෙ දැනට ජීවත් වෙන ඉංග්‍රීසි නවකතා කරුවන්ගේ කෘතීන් අතරින් වැඩිම වාර ගණනක් සිනමාපට වලට භාජනය වුණ නවකතා කරුවන් ගැන කියන්නයි.

01.ස්ටෙෆන් කිං 
මම මේක කියන්න කලිනුත් කෙනෙක්ට මේ නම හිතෙන්න ඇති. ඇත්තටම ලිපිය ලියන්න කරුණු හොයන්න කලිනුත් මම හිතලා තිබ්බ දෙයක් ඒක.ඒ තරමට ස්ටෙෆන්ගෙ කතා සිනමාපට වලට අරං තියෙනවා විතරක් නෙමේ විශිෂ්ඨතම සහ ජනප්‍රියම  සිනමාපට අතරේ ඔහුගෙ නව කතා වලින් හැදිච්ච ඒවා බොහොමයක් තිබෙණවා .දැනට ඔහුගෙ කතා 34ක් සිනමාපට වලට නගලා තියෙනවා. ඒවා
කැරී - 1976/2013 ,   ද ෂයිනිං - 1980,     කුජෝ - 1983 ,    ද ඩෙඩ් සෝන් -  1983 ,    ක්‍රිස්ටීන් - 1983  ,    චිල්ඩ්‍රන් ඔෆ් ද කෝර්න් - 1984,
ෆයර්ස්ටාර්ටර් - 1984 ,    සිල්වර් බුලට් - 1985 ,    මැක්සිමම් ඔවර්ඩ්‍රයිව් - 1986,    ස්ටෑන්ඩ් බයි මී -  1986  ,  ද රනිං මෑන් - 1987,    පෙට් සෙමටරි - 1989/2019 ,ග්‍රේව්යාර්ඩ් ෂිෆ්ට් - 1990 , මිස් රි - 1990 , ද ඩාර්ක් හාෆ් - 1993 ,  නීඩ්ෆුල් තිංස් - 1991 ,  ද ෂෝෂැන්ක් රිඩෙම්ෂන් - 1994 , ඩොලර්ස් ක්ලෙබොර්න් - 1995 , ද මැංග්ලර් - 1995 , තිනර් - 1996 , ද නයිට් ෆ්ලයර් - 1997 , ඇප්ට් ප්‍යුපිල් - 1998 , ද ග්‍රීන් මයිල් - 1999, හර්ට්ස් ඉන් ඇට්ලන්ටිස් - 2001 , ඩ්‍රීම්කැචර් - 2003 , සීක්‍රට් වින්ඩෝ - 2004 , රයිඩිං ද බුලට් - 2004 , 1408 - 2007 , ද මිස්ට් - 2007 , මර්සි - 2014 , අ ගුඩ් මැරේජ් - 2014 , සෙල් - 2016 , ද ඩාර්ක් ටවර් - 2017 , ඉට් - 2017 


02.නිකොලස් ස්පාර්ක්ස්
ආදරණීය, හැඟීම් බර කතා රචණා කිරීමටම උපන් නිකොලස් ස්පාර්ක්ස් ගේ පොත් සිනමා පට 11කට පාදක වෙලා තියෙනවා.
ඒ    මැසේජ් ඉන් අ බොට්ල් - 1999, අ වෝක් ටු රිමෙම්බර් - 2002 , ද නෝට් බුක් - 2004 , නයිට්ස් ඉන් රොඩන්තේ - 2008 , ඩියර් ජෝන් - 2010 ,  ද ලකී වන් - 2012 , සේෆ් හෙවන් - 2013 , ද බෙස්ට් ඔෆ් මී - 2014 , ද ලෝංගස්ට් රයිඩ් - 2015 , ද චොයිස් - 2016. 



03.ජෝන් ලෙ කැරි' 
 ජෝන් ගේ පොත් වලින් සිනමාපට 10ක් නිර්මාණය වෙලා තියෙනවා. 
ඒවා නම්   ද ස්පයි හූ කේම් ෆ්‍රොම් ද කෝල්ඩ් - 1965 , ද ඩෙඩ්ලි අෆෙයා - 1966 , ද ලුකිං ග්ලාස් වෝ - 1970 , ද ලිට්ල් ඩ්‍රමර් ගර්ල් - 1984 , ද රසියා හෞස් - 1990 , ද ටේලර් ඔෆ් පැනමා - 2001 , ද කොන්ස්ටන්ට් ගාර්ඩ්නර් - 2005 , ටින්කර් ටේලර් සෝල්ජර් ස්පයි - 2011 , අ මෝස්ට් වෝන්ටඩ් මෑන් - 2014 , අවර් කිං ට්‍රේටර් - 2016

              (The Constant Gardener )
 

04.ඉයාන් මැක්-එවන් 
ඉයාන්ගේ පොත් වලින් සිනමාපට 10ක් නිර්මාණය වෙලා තිබෙනවා.

ෂ්මෙටර්ලිං - 1988 , ද කම්ෆොර්ට් ඔෆ් ස්ට්‍රේන්ජර්ස් - 1990 , ද සිමෙන්ට් ගාර්ඩ්න් - 1993 , කන්වර්සේෂන් විත් අ කබර්ඩ් මෑන් - 1993 , ද ඉනසන්ට් - 1993 , ෆස්ට් ලව් ලාස්ට් රයිට්ස් - 1997 , එන්ඩ්‍යුරිං ලව් - 2004 , අටොන්මන්ට් - 2007 , ද චිල්ඩ්‍රන් ඇක්ට් - 2017 , ඔන් චෙසිල් බීච් - 2017 

 

05.ජේ.කේ.රොව්ලිං

මෙයාව නොදන්නෙ කවුද නේ.රොව්ලිං කියන්නේ ලෝක ප්‍රසිද්ධම කතාකාරිය කිවුවොත් බොරුවක් වෙන්න බෑ. මෙයාගෙ පොත් වලින් 9ක් සිනමාවට නගලා තියෙනවා. 
ඒ ; හැරී පොටර් ඇන්ඩ් ද සෝසරර්'ස් ස්ටෝන් - 2001 , හැරී පොටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්‍රට්ස් - 2002 , හැරී පොටර් ඇන්ඩ් ද ප්‍රිස්නර් ඔෆ් අස්කබාන් - 2004 , හැරී පොටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර් - 2005 , හැරී පොටර් ඇන්ඩ් ද ඔර්ඩර් ඔෆ් ද ෆීනික්ස් - 2007 , හැරී පොටර් ඇන්ඩ් ද හාෆ්-බ්ලඩ් ප්‍රින්ස් - 2009 , හැරී පොටර් ඇන්ඩ් ඩෙත්ලි හැලෝස්  (2010 සහ 2011) , ෆැන්ටෑස්ටික් බීස්ට් ඇන්ඩ් වෙයා ටු ෆයින්ඩ් දෙම් - 2016 (ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඩ්වොල්ඩ් සිනමා තිරපිටපතක් ලෙස රචණා විය )



06.ජෝන් ග්‍රිෂාම් 
 නව වතාවක් මොහුගේ පොත් සිනමාවට පාදක වෙලා තිබෙණවා.
ඒ ; ද ෆර්ම් - 1993 , ද පෙලිකන් බ්‍රීෆ් - 1993 , ද ක්ලයන්ට් - 1994 , අ ටයිම් ටු කිල් - 1996 , ද චේම්බර් - 1996 , ද රේන්මේකර් - 1997 , ද ජින්ජර්බ්‍රෙඩ්මෑන් - 1998 , රනවේ ජූරි - 2003 , ක්‍රිස්ට්මස් විත් ද ක්‍රැංක්ස් - 2004 

 

07.ඩීන් කූන්ට්ස්  


මොහුගේ පොත් 8ක් සිනමාවට පාදක වෙලා තියෙනවා. 
ඩීමන් සීඩ් - 1977 , ද පැසෙන්ජර් - 1977 , වොචර්ස් - 1988 , විස්ෆර්ස් - 1990 , සර්වන්ට්ස් ඔෆ් ට්විලයිට් - 1991 , හයිඩවේ - 1995 , ෆැන්ටම්ස් - 1998 , ඔඩ් තෝමස් - 2013




සමහර විට මග ඇරිච්ච ඒවා තියෙන්න පුළුවන්.එහෙම වුණොත් වරද නිවරද කිරීම මැනවි.

- අමිල -



No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters