දෙවියන්ගෙ ගීතයෙන්,(from Bhagavad Gita) - 02


(පළමු පරිච්ඡේදය..පළමු කොටස)


පාණ්ඩවයන් සහ කෞරවයන් වනාහී එකම පවුළක ඥාතීන් පිරිසක් වන මුත් දෘතරාෂ්ඨ්‍ර රජු සිය පුතුන් පමණක් කෞරවයන් ලෙස සැළකුවා...එසේ කොට සිය සහෝදරයාගේ පුතුන්ගේ සියලුම අයිතීන් උදුරා සිය පුතුන්ට ලබාදීමට කටයුතු කලා...

කුරුක්ෂේත්‍රය වනාහී ආගමික පුද පූජා පිළිවෙත් සඳහා භාවිතා කල ශුද්ධ භූමියක්...එවන් ශුද්ධ භූමියක,ශුද්ධාත්ම විසින් සහය පළ කරන විරුද්ධ වාදීන් පිරිසක් සමග සිදුවන යුද්ධය ගැන අනියත බියකින් දෘථරාෂ්ඨ්‍ර රජු පසු වුනා...ඔහුට අවශ්‍ය වුනා ඔහුගේ පුතුන් සිය දෙනා දිනනු දැකීමට..එසේ වුවත් ඔහුගේ අනියත බිය අඩු වුනේ නැහැ...
දෘථරාෂ්ඨ්‍රගේ උපදේශක සංජය ව්‍යාසයන්ගේ සිසුවෙක්...ව්‍යාසගේ මහිමයෙන් සංජයටද දෘතරාෂ්ඨ්‍රගේ මාළිගයේ සිටම කුරුක්ෂේත්‍රයේ සිදුවන්නේ කුමක්ද යන්න දැක ගැනීමට හැකියාව තිබුණා...
එනිසා දෘථරාෂ්ඨ්‍ර නිතරම සංජයගෙන් කුරුක්ෂේත්‍රයේ තොරතුරු විමසා සිටියා...

(2)
"දෘස්ත්වා තු පාණ්ඩවනිකම්
ව්යුධම් දුර්යෝධනස් තද
ආචාර්යම් උපසංගම්‍ය
රාජ වචනම් අභ්‍රවීත්"

දෑස මෙන්ම බුද්ධියෙන්ද අන්ධ වුණු දෘථරාෂ්ඨ්‍රගේ සිතැඟි දත් සංජය මෙසේ පිළිතුරු දෙනවා..

"මහ රජුනි..යුධ පිටියෙහි රුස්ව සිටින පාණ්ඩවයන්ගේ මනාව මෙහෙයවූ මහා හමුදාව දක්නා දුර්යෝධන රජු සිය ආචාර්ය වරයා වෙත ගොස් මෙසේ පවසනවා ".

(සංජයට අවශ්‍ය වෙනවා සිය ස්වාමියා ගේ සිත සනසවා, කුරුක්ෂේත්‍රයෙහි කිසිදු බාධාවකින් තොරව කෞරවයන් දිනන බව ස්වාමියාට ඇඟවීමට.)

දුර්යෝධන්ගේ ආචාර්ය වරයා යනු ප්‍රති පාර්ශවයේද ආචාර්ය වරයා වුණ ද්‍රෝණාචාර්ය ය..ඔහු කෞරව පාර්ශවයේ සේනාධ්‍යක්ෂ වරයාද වුණා.දුර්යෝධන් මහා රජෙකු ලෙස සැළකුවත් යුධ පිටියෙහිදී කුදු මහත් සෑම දෑටම සිය ආචාර්ය වරයා වෙත යාම ඔහුගේ දුබලකමක් ලෙස ගීතාවෙහි සඳහන් වෙනවා ...
 
(3)
"පස්‍යායිතම් පණ්ඩු -පුත්‍රනම්
ආචාර්ය මහතිම් චමුම්
ව්යූධම් ද්‍රෘපද -පුත්‍රෙන
තව ශිෂ්‍යේන ධීමතා"

"ආචාර්ය තුමනි , පණ්ඩුගේ පුත්‍රයන්ගේ හමුදාව ඔබේ බුද්ධිමත් සහ විනයානුකූල සතුරා වන දෘපදගේ පුත්‍රයා විසින් මනාව සැළසුම් කොට ඇත.."
දුර්යෝධන දකින පාණ්ඩව හමුදාව මෙසේ පෙළගස්වා තිබුණා

1.අර්ධ චන්ද්‍ර ව්‍යුහ (අඩ සඳක ආකාරයෙන්)
2.ගර්භ ව්‍යුහ ( )
3.ගරුඬ ව්‍යුහ (උකුසෙකුගේ ආකාරයට)
4.ක්‍රෞන්ඡ ව්‍යුහ (පක්ෂියෙකුගේ ආකාරයට)
5.කුර්ම ව්‍යුහ (ඉබ්බෙකු ගේ ආකාරයට)
6.මකර ව්‍යුහ (කිඹුලෙකුගේ ආකාරයට)
7.මාල ව්‍යුහ (මාලයක ආකාරයට)
8.මණ්ඩල ව්‍යුහ (චක්‍රාවටාටයක ආකාරයට)
9.ඌර්මි ව්‍යුහ (සමුද්‍රාකාරයට)
10.පද්ම ව්‍යුහ (නෙළුමක ආකාරයට)
11.සර්වතෝභද්‍ර ව්‍යුහ
12.ශකථ ව්‍යුහ (කරත්තයක ආකාරයට)
13.ශ්‍රිංගටක ව්‍යුහ (නලාකාරයට)
14.සුශිමුඛ ව්‍යුහ (ඉඳිකටුවක ආකාරයට)
15.සුර අසුර ව්‍යුහ
16.ත්‍රිශුල ව්‍යුහ
17.වජ්‍ර ව්‍යුහ (දියමන්තියක ආකාරයට)

දෘපද නම් අර්ජුනගේ බිරිය ;ද්‍රෞපදිය ගේ පියාය..දෘපද සහ දෝණාචාර්ය අතර දේශපාලනික මත බේද පැවතිනි..දෘපදගේ මහා පරිත්‍යාගයක් හේතුකොටගෙන ලද වරයක් ලෙස ද්‍රෝණචාර්ය පැරදවීමට සමත් බලවත් පුතෙක් ඔහු ලද බව ද්‍රෝණාචාර්යද දැන සිටියා.දෘපදගේ මේ පුත්‍රයා 'දෘෂ්ඨද්‍යුම්න' නම් විය.ද්‍රෝණාචාර්යය කෙසේවෙතත් දෘෂ්ඨද්‍යුම්න බලවත් සතුරෙක් ලෙස තැකීමක් කලේ නෑ.(කෙනෙකුට ද්‍රේණාචාර්යව මරාදැමීමට අපහසු වීමට හේතුව පසුවට)
දෘෂ්ඨද්‍යුම්න ගැන පවසා ද්‍රෝණාචාර්යගේ කෝපය පාණ්ඩව පාර්ශවය වෙත හැරවීමට දුර්යෝධන කල්පනා කලා..ඊට එක් හේතුවක් නම් දුර්යෝධන් මෙන්ම අරුජුනත් දෝණාචාර්යගේම ශිෂ්‍යයෙක් වීම පමණක් නොව අර්ජුන ඔහුගේ ප්‍රියතම ශිෂ්‍යයෙක්ද වීම නිසා ඔහු කෙරෙහි ඇල්මක් තිබිය හැකි බව දුර්යෝධන් කල්පනා කිරීමයි.
එනිසා දුර්යෝධනට අවශ්‍ය වුනා දෝණාචාර්යට වක්‍රව පැවසීමට,යුධ පිටියේදී අර්ජුන කෙරෙහි පක්ෂග්‍රාහීත්වයක් ඇති කර නොගන්නා ලෙසට.

(4)
අත්‍ර සුර මහේශ්ව්-ආස
භීමර්ජුන-සමායුධී
යුයුධානෝ විරාථශ් ච
දෘපදශ් ච මහා -රථහ්

දෘෂ්ඨද්‍යුම්න ගැන තැකීමක් නොකලද යුධ පිටියෙහි සිටි භීම සහ අර්ජුන ට සමාන යුධයෙහි සමත් යුයුධන,විරාථ සහ දෘපද කෙරෙහි ද්‍රෝණාචාර්යගේ මෙන්ම දුර්යෝධන්ගේද අවධානය යොමු වුනා..

(5)
දෘෂ්ඨකේතුශ් චේකිතනහ්
කාශිරාජශ් ච විර්‍යවාන්
පුරුජිත් කුන්තිභෝජාශ් ච
ශෛබ්‍යාශ් ච නර -පුංගවාහ්

තවද වීරයන් වන දෘෂ්ඨකේතු ද චේකිතන ද කාශිරාජ ද පුරුජිත් ද කුන්තිභෝජ ද සහ ශෛභ්‍ය ද පාණ්ඩව පාර්ශවයේ වෙත්...

(6)
යුධාමාන්‍යුශ් ච වික්‍රාන්තා
උත්තමෞජාශ් ච වීර්‍යවාන්
සෞභද්‍රෝ ද්‍රෞපදේයාශ් ච
සර්ව ඒව මහා -රතහ්

තවද සුභද්‍රාගේ සහ ද්‍රෞපදීන්ගේ පුත්‍රයන් වන මහා බල යුධමාන්‍යු,වීරබල උත්තමානුජ නම් වන යුධ රත කරුවන්ද ඔවුන් සතු වෙත්....

(7)
අශ්මාකම් තු විශිෂ්ඨයේ
තන් නිබෝධ ද්විජෝත්තම
නායකා මම ශෛන්‍යාස්‍ය
සම්ජ්නර්දම් තන් භ්‍රවිමි තේ

උතුම් බ්‍රාහ්මණයාණෙනි ,ඔබගේ දැන ගැනීම උදෙසා මම මෙසේ මාගේ යුධපතීන් ගැනද පවසමි....


- පළමු පරිච්ඡේදයේ දෙවන කොටසින් නැවත හමුවෙමු -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters