"Dignity Colony"


හිට්ලර්ගේ කුප්‍රකට නාසි වද කඳවුරු ගැන නොදන්න දිනියස් වරයෙක් නැතිව ඇති...
ඒවගේ තව වද කඳවුරු සෑහෙන ප්‍රමාණයක් ලොව පුරා විවිධ රටවල් වල විවිධ කාලවකවානු වල තිබුණා, අපේ රටෙත්.....
මේ කියන්න යන්නෙත් එවන් වධ කඳවුරක් ගැන..
චිලී රටේ මනස්කාන්ත හුදෙකලා ප්‍රදේශයක එනම් මෞල් කලාපයේ ,ලිනාෙර්ස් පළාතේ ,පැරල් ජනපදයේ Perquilauquen නදියේ උතුරු ඉවුරේ පිහිටා තිබුණා 'Socieded Benefactoray Educacional Dignidad' (Dignity Charitable and Educational Society) නමින් හැඳුන්වූ ආයතනයක්..මේ ආයතනයටම තමයි 'Colonia Dignidad' කියලා කිවුවෙත්...


සමහරුන්ට දැන් 2015 නිකුත් වුණ ,එමා වොට්සන් ප්‍රධාන චරිතය රඟපෑ සිනමාපටය මතකයට එනවා ඇති ,එය නරඹළා තියෙනවනම්..ඔවු මේ කියන්න යන්නෙ ඒ සිනමා පටයට පාදක වුණ ආයතනයේ සත්‍ය කතාවෙන් බිඳක් ගැන....



1950 දශකයේදී ජර්මාණු සංක්‍රමණිකයන් විසින් මුල් වරට මෙම ජනපදය පිහිටුවා ගන්නවා...දේශපාලනමය හේතූන් මත ඔවුන් ජර්මනිය අත හැර චිලී රටට පැමිණි අයයි...
කොලොනියා ඩිග්නිඩෑඩ් , වර්ග කිලෝමීටර 137ක් (ව.සැ. 53) ක් පුරා පැතිර තිබුණා...එහි වගා භූමියක්, කම්හලක්,රෝහලක්,ආපනශාලාවක් සහ පාසලක් වැනි ජනපදයකට අවශ්‍ය අංග පැවතුණා..
300ක් පමණ ජර්මානු සහ චිලී වාසින් මෙහි විසූ බව පැවසෙනවා...
පිටත ලෝකයට මෙය ඉතාම සාමකාමී ජනපදයක් බවට පෙන්වීමට සියලු කටයුතු පාලනාධිකාරිය විසින් කටයුතු කලා..ඇතුළත පාලනය ආගමික ස්වරූපයකින් පවත්වාගෙන ගියා...සහෝදරියන් සහ සහෝදර වරුන් විසින් පිරිස් පාලනය සිදු කෙරුනා...කොලොනියා විසින් පල කල ප්‍රකාශන වල හා වරින් වර මාධ්‍යට නිකුත් වුන වීඩියෝ පට වල පුරුෂයින් සතුටින් ගොවිතැන් කරන අයුරු..කම්හල් වල වැඩ කරන අයුරු..ළමුන් ගී ගායනා කරන අයුරු...කාන්තාවන් මැහුම් ගෙතුම් වල යෙදෙන අයුරු ...විවිධ උත්සව සමරන අයුරු දැක්වුණා...

1961 දී මෙහි භාරකාරත්වය පැවරෙන්නෙ පෝල් ෂාෆ්ටර් ට..අංකල් පෝල් යන සුරතල් නමින් හැඳින්වුන මොහු කුප්‍රකට පුද්ගලයෙක්...
මොහු ගැන කෙටි සඳහනක් කලහොත් 1921 උපන් මොහු තරුණ වයසේදී ජර්මානු පල්ලියකට අනුබද්ධ පුණ්‍යායතනයක ෆාස්ටර් වරයෙක් ලෙස කටයුතු කරමින් එම ආයතනය යටතේ තිබුණු ළමා මධ්‍යස්ථානයක ළමා සුභසාධන නිලධාරියෙක් ලෙස කටයුතු කලා..1940 දශකයේ අග භාගයේදී ඔහුව ඉන් පන්නා දැමුවේ ඔප්පු වුණ ළමා අපචාර චෝදනා හේතුවෙන්..ඉන්පසුව මද කලක් ස්වාධීන ෆාස්ටර් වරයෙක් ලෙස ඔහු කටයුතු කලා...පසුව ඔහු වටා අනුගාමිකයන් රැසක් එක් රැස් වුණා...

මේ සියල්ල සිදුවෙමින් පැවතෙද්දී තමයි ෂාෆ්ටර් 1961 දී කොලොනියා හි ආඥාදායකයා ලෙස පත් වන්නේ...කොලොනියාහි අධිපති ධූරය හෙබවූ දරූණුතම කෲරතම පුද්ගලයා මොහු ලෙස සැලකෙනවා...මොහු පිටින් ඉතාම ශාන්ත දාන්ත පුද්ගලයෙක් ලෙසින් පෙනුනද අභ්‍යන්තරයෙන් ඉහවහා ගිය කුරිරු කමක් තිබුණු පුද්ගලයෙක්...

1973 දී චිලියේ පාලනය හමුදා ඒකාධිපති ඔගස්ටෝ පිනෝචේ යටතට පත් වෙනවා...පිනොචේගේ නොමද ආශිර්වාදය ලබන්ට පෝල් ෂාෆ්ටර් වාසනාවන්ත වෙනවා..ඒ අනුව සියලුම දේශපාලන සිර කරුවන්..පිනෝචේ විරෝධීන් ලෙස DINA (Dieccion de Inteligencia Nacional - National Inteligence Directorate - චිලියේ රහසිගත පොලිසිය) විසින් හඳුනා ගත් සියලුම පුද්ගලයින් කොලොනියා වෙත් යොමු කර වධ බන්ධනයට ලක් කලා...
                                                                       (ඔගස්ටෝ පිනෝෂේ )
එපමණක් නොවේ කොලොනියා හි ආර්ථිකය සවිමත් කල එකම නීත්‍යානුකූල කටයුත්ත වුන ගොවිතැනට අමතරව නීති විරෝධී ආයුධ වෙළඳාම , මුදල් විශුද්ධි කරණය වැනි කටයුතුත් පිනොචේ බලාධිකාරිය යටතේ ෂාෆ්ටර් විසින් කොලොනියා තුල සිදු කලා...
පැවසෙන ආකාරයට කොලොනියාහි ඉතිහාසය තුල ඉන් පලා යාමට සමත් වුනේ 5 දෙනෙක් පමණයි..එපමණකට එහි ආරක්ෂාව සවිමත් එකක් වුණා..පලා ගොස් ජර්මනියේ දේශපාලන රැකවරණය ලබා ගත් අය විසින් කොලොනියා හි කටයුතු පිළිබඳව වරින් වර හෙලි කලා..
පළමු වරට 1966 දී Wolfgang Mullare විසින් පලා ගොස් කොලොනියා ගැන විශාල විස්තර ප්‍රමාණයක් මාධ්‍යට හෙලි කලා..ඔහු පසුව පුවත් පතක සේවය කලා අතර චිලියේ අසරණයින් උදෙසා කටයුතු කරන සංවිධානයක ප්‍රධානියා බවටද පත් වුණා...
පසුව පලා ගිය Heinz Kuhn විසින්ද මුලර්ගේ විස්තර තහවුරු කරමින් තොරතුරු ප්‍රකාශ වුනා...

මේ හෙලිදරව් කිරීම් කෙසේ වුවත් කොලොනියාහි අකටයුතුකම් ෂාෆ්ටර්ගේ අණ යටතේ පිනෝචේගේ ආශිර්වාදය යටතේ දිගින් දිගටම සිදු වුනා...
1990 දී චිලිය හමුදා පාලනයෙන් මිදී ප්‍රජාතාන්ත්‍රික මාවතකට යොමු වුනත් තව දුරටත් කොලොනියා එලෙසින්ම පැවතුනා...නමුත් ෂාෆ්ටර් ඉන් පලා ගියා...පසුව පත් කෙරුනු විවිධ කොමිසම් මගින් (Rettig Commission,Natiinal Commission for truth and reconciliation) මගින් විවිධ තොරතුරු රාශියක් කොලොනියා ගැන අනාවරණය කලා...2005 දී චිලී රාජ්‍ය හෙලි කල ලේඛණයනට අනුව අපරාධයට පත්වුන පුද්ගලයින් 39000ක නම් හෙලි වුනා...
ෂාෆ්ටර්ගෙ දැඩි පාලනය යටතෙ කොලොනියාහි වෙන වෙනම අංශ පැවති අතර කාන්තාවන්ට ,පිරිමින්ට සහ ළමුන්ට ඒවා වෙන් වුනා...පිරිමින්ට සහ කාන්තාවන්ට අවම වශයෙන් කතා කිරීමටවත් තහනම් වුනා...කොලොනියා හි දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කොට වෙනම ඇති දැඩි කල අතර සහෝදරයන් තම සහොදරයන්ව දැන ගෙන සිටියෙ නෑ...

1996 දී ෂාෆ්ටර් ට එරෙමිව අපරාධ චෝදනා සහ ළමා අපචාර චෝදනා එල්ල වුණා...එහෙත් 2005 තෙක් ඔහුව සොයා ගත නොහැකි වුන අතර 2005 දී බුවනොස් අයර්ස් හිදි ඔහු අත්අඩංගුවට පත් වන අතර 2006 දී වසර 20කට සිරදඬුවම් නියම වුණා...2010 දී ඔහු සිර කඳවුරේම මිය යන්නේ හදවත් රෝගයකින්..මරණය සිදු වෙන අවස්ථාව වන විටත් ඔහු පරීක්ෂණයකට යටත්ව සිටියා..

                                                  (අංකල් පෝල් අතඩංගුවට පත්ව )

මාධ්‍ය වේදී John Dinges වරක් ප්‍රකාශ කල ආකාරයට ජර්මානු බුද්ධි සේවයේ උපකාරයද කොලොනියා වෙත ලැබුණා...එහි උමං ,බංකර,රෝහල් සැදීම සඳහාද ඔවුන්ගේ සහාය ලද බව කියවුණා...
2002 වන විට වැසියන් 198 දෙනෙක් කොලොනියා හි විසු අතර පසුව එය වෙනස්ම තේමාවක් යටතෙ පවත්වාගෙන යාමට කටයුතු කලා..වර්තමානයේ Villa Bavarea නමින් හඳුන්වන එහි විශ්ව විද්‍යාලයක් හා සංචරණයට විවෘත ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යනවා...
එකල කාන්තාවන්ට සහ පිරිම්න්ට වෙන්ව පැවති ගොඩනැගිලි වල පසුව පවුල් පදිංචි කෙරුනා....

කොලොනියාහි සිදුවුන අපරාධ වලින් හෙලිදරවු වූ ප්‍රමාණය අල්පයක් පමණක් බව ඉන් පලා ආ සුලු පිරිස පවසා තිබුණා....
මේ වන විට සියල්ල කොලොනියාහි රහස් උමං තුල කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇති...



- අමිල-
තොරතුරු සහ ඡායාරූප ජංජාලයෙන්....

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters