Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට - 14 - "එක්කො උඹ....නැත්තම් අප"


34 හැවිරිදි උෂා නාරායන් සිර ගෙදරින් නිදහස්ව දොරටුවෙන් එළියට පැමිණ මතකය ආවර්ජණය කරන්නට වුනා...වසර 8කට පෙර ඇය හෝටල් කළමණා කාර ධූරයක් හෙබවූ ඩිප්ලෝමාධිරිණියක් වුණා..ඇය රැකියාව කලේ පංජාබ් හි හෝටලයක....දාලිත් කුල ස්‍ත්‍රියක් වූ ඇයට කුලීන සමාජයේ නොමද ගැරහීම් වලට ලක්වන්නට වූ අවස්ථා එමටයි...
ඇය සමාජාවධානයට ලක් වුනේ මේ එකක්වත් නිසා නොවෙයි....
ඒ කුමක් නිසාද?
****************************************************************************************
නාග්පූර් හි කස්තූර්බා නගර් හි මුඩුක්කු ආශ්‍රිතව ඇති දැඩි වුන භරත් කාලිචරන් යාදව් නොහොත් අක්කු යාදව් යනු දශකයකට අධික කාලයක් තිස්සේ සිය පිරිස සමග එක්ව කප්පම් ගනිමින්,මනුෂ්‍ය ඝාතන කරමින්,සත්‍රී දූෂණ කරමින් කස්තූර්බා නගර් භීතියෙන් හා ත්‍රස්තවාදයෙන් පෙළූ නරුමයෙක්..ඔහු හා පිරිස විසින් බාල වයස්කාර දැරියන් සහ මැදිවියේ කාන්තවන්ද ,ගර්භනී කාන්තාවන්ද කිසිදු අනුකම්පාවක් නැතිව දූෂණයට ලක් කලා..ඇතැම් අවස්ථාවල මේ අපරාධ සියල්ලන්ම ඉදිරියේ ප්‍රසිද්ධියේ සිදු වුන දේවල්.
ඔහුට විරුද්ධව පාලනාධිකාරියත් පොලීසියත් ක්‍රියාත්මක වුනේ නෑ..ක්‍රියාත්මක වුණත් ඒ හැම අවස්ථාවකම කෙටි කාලයකින් ඇප ලබා ඔහු නැවත සමාජ ගතවීම සිදු වුණා.පොලිසිය විසින් පැමිණිලි කල අයගේ නම් ගම් හෙලි කිරීම නිසා ඔවුන්ට විරුද්ධව නැවත තාඩණ පීඩණ කිරීමට අක්කු පසුබට වුනේ නෑ.. වතාවක් 22 හැවිරිදි යුවතියක් පැමිණිලි කළ විට ඇය අක්කු සමග පෙම් සබඳතාවක් පවැත්වූ බව පවසමින් ඇයව පලවා හරිනවා.
ඌෂා යනු මොහුට විරුද්ධව ප්‍රසිද්ධියේ හඬ නැගූ කාන්තාවක්.ඇයට නීතිවේදියෙක් වුන ඇගේ මස්සිනා ද මේ සඳහා උදව් කලා....
2004 අගෝස්තු 6 වන දින ඌෂාගේ නිවසට යාබද නිවසකට පැන අක්කු සහ පිරිස එම නිවැසියන්ට තාඩණ පීඩණ කරමින් යුවතියන් දූෂණයට ලක්කල විට ඌෂා ඊට එරෙහිව හඬ නැගූ බැවින් අක්කු සහ 40ක් පමණ වන ඔහුගේ පිරිස ඌෂාගේ නිවස වටලා ඇසිඩ් බෝතල් පෙන්නමින් ඇයට ඇසිඩ් ගසන බවද දූෂණය කරන බවද පවසමින් තර්ජණය කරමින් නිවසට පැමිණියා.වහ වහා ක්‍රියාත්මක වුණ ඌෂා ගෑස් සිලින්ඩරය විවෘත කොට ගිනි පෙට්ටියද අතට ගෙන කිසිවෙක් හෝ නිවසට ඇතුළු වුවහොත් ගිනි කූරක් ගසා සියල්ලම පුපුරවා හරින බව ප්‍රකාශ කල බැවින් පිරිස පසු බැස්සා.මේ අවස්ථාවේ ඌෂා වහාම පොලිසිය අමතා පැමිණිලි කල අතර අපරාධ වලින් හෙම්බත්ව සිටි කස්තූර්බා වාසීන් අක්කුගේ නිවස වටලා එය ගිනි තැබුවා....සියල්ල කණපිට හැරෙන බව වටහා ගත් අක්කු සිය ආරක්ෂාව පතා පොලීසියට බාර වුණ අතර පසු දිනම ඔහුව නාග්පූර් දිසා අධිකරණයට යොමු කිරීමට පොලිසිය කටයුතු කලා.
                                                         (District and sessions court - Nagpur)

පළමු නඩු වාරය තිබෙන දින කස්තූර්බා වැසියන් 500ක් පමණ අධිකරණ භූමියට රුස් වුණා....එහිදීද අක්කු සමච්චලයට හිනා වෙමින් නැවත පැමිණි පසු සියල්ලන්ටම හොඳ පාඩමක් උගන්වමියි පවසමින් සිටියා....
පෙර වතා වලදීද මොහු ඇප ලබා පැමිණි පසු සිදු වූ දෑ ගැන අවබෝධයක් තිබුණු පිරිසට මේ වතාවේදීද මොහු අණිවාර්යෙන්ම නිදහස් වන බව අවබෝධ වුණා...වහ වහා ක්‍රියාත්මක වුණ ඌෂා සහ කාන්තාවන් පිරිසක් කතිකාවකට එකඟ වුණා...
මින් සතියකට පසුව නඩු වාරය දිනදී ද කාන්තාවන් නාග්පූර් අධිකරණයට රැස් වුණා...සවස 3 ට පමණ අක්කුව රැගත් පොලිස් කොස්තාපල් වරුන් අධිකරණයේ කොරිඩෝව දිගේ අධිකරණ ශාලාවට පැමිණෙමින් සිටියා...අවට සිටි කාන්තාවන් හඳුනා ගත් අක්කු 'වේසියො...තොපි එකෙක් ගානෙ පාඩම් උගන්වන්නම්, මම ආපහු ආවම.." ලෙසින් වහසි බස් දොඩන විට පොලිස් නිලධාරීන් සිනා වෙමින් සිටි බව සිද්ධිය දුටුවෝ කියා සිටිනවා.
වහා ඉදිරිට පන් කාන්තාවක් සිය සෙරෙප්පුව ගලවා අක්කුට පහර දෙමින් " මින් පස්සේ මේ මහ පොළවේ තොටත් අපටත් දෙගොල්ලන්ටම සිටින්න බෑ...එක්කො උඹ ...නැත්තම් අප.." යැයි පවසත්ම අවට සිටි කාන්තාවන් සියයකට අධික පිරිසක් (වාර්තා වන අන්දමට 200ක් පමණ) වහ වහා අක්කු වෙත පැන මිරිස් කුඩු මුහුණට ගසා සඟවාගෙන පැමිණි පිහි වලින් අක්කුට පහර දුන්නා...අක්කුගේ සගයෙක්ටද පහර දුන් කාන්තාවන් ඔහුගේ ලිංගේන්ද්‍රියද කපා දමනවා....
කාන්තාවන්ගේ හදිසි ප්‍රහාරය හමුවේ බිය වන පොලිස් නිලධාරීන් අක්කු අත හැර දමා පලා යනවා...
විනාඩි 15කටත් අඩු කාලයකදී නාග්පූර් අධිකරණයේ,7 වන ශාලාවේ,කොරිඩෝරය අසල කුඩා කාමරයක් තුල කැපුම් තුවාල 70කට අධික ප්‍රමාණයක් ලබා අක්කුද ඔහුගේ සගයාද මිය ගොස් තිබුණා.....

වහ වහා ක්‍රියාත්මක වුණ පොලිසිය කාන්තාවන් පස් දෙනෙක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කලා...
පසුව කාන්තාවන් ගණන 21 ක් දක්වා වැඩි වුනා..
සිදු වීමත් සමග කලබලයට පත් සමාජයේ විරෝධතා රැල්ලක් ආරම්භ වුණා...මෙයට විශ්‍රාම ලත් විනිසුරු වරුන් සහ ප්‍රසිද්ධ නීතී වේදීන්ගේ සහායද ලැබුණා...විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු බාහු වහානේ ප්‍රසිද්ධියේ කාන්තාවන්ගේ ක්‍රියාව අගය කරමින් ඔවුන්ට ප්‍රශංසා කලා....

කෙසේ වෙතත් කාන්තාවන් පිරිසක් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කලේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්...
කස්තූර්බා නගර් වැසි කාන්තාවන් වැල නොකැඩී පොලිසියට වාර්තා කරමින් මිණී මැරුමට ඔවුන්ද සම්බන්ධ යැයි පවසමින් සියල්ලන්වම අත්අඩංගුවට ගන්නා ලෙස පල කිරීම නිසා පොලිසියද මහත් අපහසු තාවයට පත් වුණා...
ගණනින් 21 ක ක් වූ විත්ති කාරියන්ගෙන් 7 දෙනෙක් වයස 50ත් 60ත් අතර වුණු අතර තිදෙනෙක් නඩු කාලය තුලදී මිය ගියා....අනෙකුත් කාන්තාවන් පසුව නිදහස් කලද ඌෂා ට විරුද්ධව නඩුව වසර 10 ක් තිස්සේ නාග්පූර් අධිකරණයේ ඇසුණා...
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් තර්ක කල නීති වේදීන් ඌෂා සහ පිරිසට විවිධාකාර චෝදනා නැගුවත් විත්ති පාර්ශවයේ නීති වේදීන් තර්ක කලේ එය සැළසුම් සහගත ක්‍රියාවක් නොව චිත්ත ප්‍රවේගය (emotional burst) හේතුවෙන් සිදු වුණ ක්‍රියාවක් බවයි..
සියලුම තර්ක විතර්ක අවසානයේ 2014 දී අවසාන තීන්දුව ලබා දීමට විනිසුරු වරයා කටයුතු කලා.
ඔහු සිය දීර්ඝ දේශණයේදී පහත කරුණු අවධාරණය කරමින් කතා කලා.
  • අක්කුව අධිකරණයට රැගෙන එමින් සිටි කොස්තාපල් වරුන්ගේ සාක්ෂි පරස්පර විරෝධී වීම නිසා විශ්වාසදායීත්වයෙන් අඩු බව.විත්ති කරුවන් ගණන විවිධ වාර්තා වල විවිධ අගයන්ගෙන් සමන්විත වන බැවින් නිශ්චිත ගණනක් හෝ නිශ්චිතවම ක්‍රියාව සිදු කලේ කවුරුන්ද යන්න නම් වශයෙන් පැවසීමට පොලිසීය අසමත් වීම. 
  • ඇසින් දුටු සාක්ෂි කරුවන් වන අක්කුගේ සොහොයුරන් වන සංතෝෂ් සහ යුව්රාජ් ගේ සාක්ෂි පිලි ගැනීමට අපහසු වීම.ඊට හේතුව නම් ඔවුන් ඇස් පෙනීමේ දෝශ සහිත වීම සහ කාමරයේ දොරක වුනු කුඩා විවරයකින් සිදුවීම දැක තිබීම.තවද සිය සහෝදරයා වෙනුවෙන් ඔවුන් දෙන සාක්ෂි විශ්වාසදායී බවින් අඩු වීම.
  • සිද්ධිය දුටු විශාල පිරිසක් සාක්ෂි කරුවන් ලෙස ඉදිරිපත් නොකිරීම..තවත් පිරිසක් සාක්ෂි දීම වෙනුවට අක්කුට ලැබුනේ ඔහුට ලැබිය යුතු දඬුවම බව පවසමින් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම.
  • වසර ගණනාවක් තිස්සේ කස්තුර්බා වාසීන්ට සිදුවූ අඩන්තේට්ටම් ගැන පැමිණිලි ගණනාවක් පොලිසියේ සටහන් කලද නිසි ක්‍රියා මාර්ග ගැනීමට පොලිසිය නින්දා සහගත ලෙස අසමත් වීම සහ ඒ හේතුවෙන් ජනයා තුල වෛරයක් කැකෑරෙමින් පැවතීම.
  • මරණයට පත් අක්කුගේ මරණ පරීක්ෂණයේදී මධ්‍යසාර ශරීරගතව තිබුණු බව වාර්තාවී ම හේතුවෙන් පොලිසියේ සහාය ඔහුට ලැබුණු බවට විශ්වාස කිරීමට කරුණු තිබීම.
කරුණු සියල්ල විමසා බැලීමෙන් අනතුරුව 2014 දී විනිසුරු වරයා ඌෂා නාරායන්ව නිවැරදි කොට නිදහස් කිරීමට නියෝග කරනවා...
අද සමාජ ගතව සිටින ඌෂා කාන්තාවන් වෙනුවෙන් හඬ නගන ක්‍රියා කාරී කාන්තාවක් (මැය ලංකාවේ සිටින ඊනියා කාන්තා විමුක්ති වාදීන්ටද පාඩමක්මැයි) ..

සමාජය විසින් ඇගේ කුලමල බේද නොසලකා ඇයට ගෞරය කරන අතර ඇයව වීරවරියක් ලෙස සළකනවා...තවත් වසර ගණනවෙක් ඉදිරියට මුහුණ දීමට තිබුණු අක්කුගේ ත්‍රස්තවාදයෙන් ඔවුන්ව මුදවා ගත් වීරවරිය ඌෂා බැවු කස්තුර්බා නගර් වාසීන් නිතර පවසනවා......
තවද නඩුව අතරවාරයේදී සිදු වුන සමාජ විරෝධතා රැල්ල හේතුවෙන් ප්‍රාන්ත රජය මෙන්ම මධ්‍යම රජයේද අවධානය සිද්ධියට යොමු වීමෙන් ඉන් අධිකරණයටද යම් බලපෑමක් සිදු වුණ බව සමාජයේ කතා බහට ලක් වුණ බව පුවත්පත් වාර්තා කරනවා.....

- The court is adjourned -

2 comments:

  1. දේසපාලුවන් සහ මජර ව්‍යාපාරිකයන් සහ පාතාලයත් සමග එකිව නීතිය තව දුරටත් බිද දැමුවොත් අපේ රටෙත් මෙවැනිම දේ වෙයි ... 😲

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters