භාරතයේ විත්ති - 25 - No politics....No money....No religion ...No stress - The City of Dawn - අරුණෝදයේ නගරය....



"There should be somewhere on earth a place which no nation could claim as its own, where all human beings of goodwill, who have a sincere aspiration, could live freely, as citizens of the world, and obey one single authority – that of the supreme Truth.“

 ~ Mirra Alfassa, 1954
 
ඇය එදා පැතූ ඒ සොඳුරු දේශය අද සැබෑවෙමින් පවතිනවා...
මේ කියන්න යන්නෙ මොකක් ගැනද?!..ඒ අරුණෝදයේ නගරය ගැනයි....මොකක්ද මේ අරුණෝදයේ නගරය...ඒ තමයි ඖරෝවිල්....ඖරෝවිල් කියන වචනය හැදිලා තියෙන්නෙ නම් ප්‍රංශ භාෂාවෙන් බිඳිලා...ඒකෙ තේරුම අවුරෝරා විලේජ් ....

1964 මිරා අල්ෆසා සහ ශ්‍රී ඔරොබින්දෝ යන අයගේ මූලිකත්වයෙන් ඇතිවුන නීතියෙන් සම්මත වුන ප්‍රදේශයක් තමයි ඖරෝවිල් කියන්නෙ...1968 දී ආරම්භ වුන මෙය පර්යේෂණාත්මක විශ්වීය නගරයක්...පිහිටා තිබෙන්නෙ තමිල්නාඩු ප්‍රාන්තයේ විරුප්පුරම් දිස්ත්‍රික්කයේ.....මොකක්ද මේ විශ්වීය නගරය..මෙහි ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි විවිධ ආගම් කුල සහ වර්ණ වලට අයත් පුරවැසියන් 2,500ක් පමණ කිසිදු ආගම් බේදයකින් තොරව සමගියෙන් වාසය කරනවා...පුරවැසි ගහණය 50,000 වනතෙක් වර්ධණය වීමට මෙම නගරයේ ඉඩ තිබෙනවා....දේශපාලන ඇඟිලි ගැසීම් මෙහි නෑ...

ඉන්දීය මධළුම රජයේ සුලු අනුග්‍රහයෙනුත් ඖරෝවිල් වාසීන්ගෙ නිෂ්පාධන දායකත්වයෙනුත් ගොඩ නැගුනු ඖරෝවීල් මධ්‍යම පදනම සහ අරමුදලෙන් සහ වාණිජ ඒකකයෙන් ඖරොවීල් පාලනය වෙනවා...

මෙම නගරයේ ආගමක් නැති අතර දේශපාලනයෙන් තොරයි....මුදල් භාවිතය ඉතාම අවමයි...එහෙනම් කොහොමද කන්නෙ බොන්නෙ?!..මෙහි විවිධ ක්ෂේත්‍ර වල විවිධාකාර රැකියාවන් රැසක් තිබෙනවා ඒ ක්ෂේත්‍ර කිහිපයක් කිවහොත් වන වගාව,කාබනික කෘෂිකර්මාන්තය,අධ්‍යාපන පර්යේෂණ, සෞඛ්‍ය(පෙරපර දෙදිග) ,තාක්ෂණය,ග්‍රාම සංවර්ධණය සහ නගර සැළසුම්කරණය....පුරවැසියන් මෙම රැකියා වල නිරත වෙන්නෙ මුදලට නොවේ...මෙහි ඉඩම් වලට නිවාස වලට හෝ ව්‍යාපාර වලට කිසිදු තනි හිමිකාරීත්වයක් නැහැ..
භාන්ඩ ලබා ගැනීමට අවශ්‍ය විට ඔවුන් ගිණුම් අංකයක් ලබා දෙනවා..එවිට ලබාගත් භාන්ඩ වල වටිනාකම මධ්‍යම පදනමට අදාල පුරවැසියන් ලබා දී ඇති සේවාවේ සමුච්චිත වටිනාකමින් අඩු වෙනවා...ඔවුන් කන්නෙ බොන්නෙ අන්න එහෙමයි....
ඔවුන් නිතරම පවසන්නෙ අපි අපේ ශ්‍රමය දී අපට අවැසි දේ ලබා ගන්නවා යනුවෙනි...
                                                                                                                   (ඖරෝවිල් නිෂ්පාදන අළෙවි සැළක් )
නගරය දිනෙන් දිනම ස්වයංපෝෂිත වෙන අතර අතිරික්තය වෙළඳාම් කරනවා...
අධ්‍යාපනය බොහොමයක්ම අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සංවර්ධණය වුන එකක්..ඒ කියන්නෙ ආගමිකයි කියන එක නෙමේ...ආගම..සංස්කෘතිය..කලාව..වැනි මාතෘකා වලදී ඔබ මොන ස්ථානයේ සිටීද යන්න වටහා ගැනීමට අවශ්‍ය පරිදි අධ්‍යාපන ක්‍රම නිර්මාණය වී තිබෙනවා..එසේ පවසන්නෙ ආචාර්යවරියක් වන දීප්ති තිවාරි...ඒක හරියට මදොගිවා ටොට්ටො චං ගිය ටෝමෝවෙ හරි පුදුම ඉස්කෝලෙ වගේ නේද?!....
                                                                      (ඖරෝවිල් පාසලක් )

මුලු නගරයේම ක්‍රමපද්ධතිය ගත් විට එය සමූපාකාර ක්‍රමයකට අනුව හැඩ ගැසී ඇති බව පේනෙනවා...
ඔවුන් අතර ගැටලු නැතිවාම නෙමේ...නමුත් ගැටුම ඇති වන හැම අවස්තාවකම ඔවුන් ඉන් උගෙන නැවත එසේ නොවීමට වග බලා ගැනීම විශේෂම දෙයක්..

මෙවන් අපූරු දේශයක් ප්‍රායෝගිකව පැවතිය හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද..එය එසේයි..
                                                    (සන්ධ්‍යාවේ නගර මධ්‍යයට රැස්ව )

මෙහි පුරවැසි සංගණනයට අනුව 2016 දී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුත් එහි පුරවැසියන් අතර සිටින බව දත්ත සනාත කරනවා...
මෙහි පුරවැසියන්ගේ බලාපොරොත්තුව නම් කෙදිනක හෝ ඉන්දියාවෙ වෙනත් ප්‍රදේශ වලද ඔවුන් හා සමානව කටයුතු කරන පිරිස් හා ප්‍රදේශ බිහිවේවි යන්නයි...

(ටිබෙට් ශාලාව )

                                                                (නගර ශාලාව )



- නැවත හමුවෙමු
- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters