"මාධොරුභාගන්"


විශ්වයේ සෑම දෙයක්ම සෑදී ඇත්තේ අන්ත දෙකක එක්වීමෙනි...ගණකාධිකාරි වරයෙක් වන මා හට එය ගණකාධිකාරිණයේ ඉගැන්වෙන 'ද්විත්වරූප සංකල්පය' ලෙසද දැක්විය හැක.ද්විත්වරූප සංකල්පය ගණකාධිකරණයේදී හුදෙක් මුදලින් මැනිය හැකි ගණුදෙනු හා සිද්ධීන් සම්බන්ධයෙන් පමණක් වූවද එය විශ්ව සාධාරණ රීතියකි...සෑම දෙයකකටම එය අදාල වන බැව් මගේ හැගීමයි.. අෂ්ඨලෝක ධර්ම චක්රයේ කියවෙන ලාභ අලාභ,යස අයස, නින්දා ප්රශංසා, සුඛ දුක ද එවැන්නක්මය...
පුරුෂයන් හා කාන්තාවන් ගත් කල මොවුන් තුළද දෙදෙනාගේම ලක්ෂණ ගැබ් වෙන බව ජීවවිද්යාත්මක කාරණයකි . මේ පුද්ගල දෙකොට්ඨාසය තුළම ටෙස්ටොස්ටෙරෝන් (පුරුෂ හෝමෝන) සහ ඊස්ට්රජන් (ගැහැණු හෝමෝන ) යම් ප්රමාණයකින් අන්තර්ගත වේ. එය අඩු වැඩි වීම මත ස්ත්රී පුරුෂ භාවය තීරණය වේ.
එමෙන්ම මනෝවිද්යාත්මකව ගතහොත් පුරුෂයන් තුළ ස්ත්රී සිතුම්පැතුම් හෝ අදහස් ද ස්ත්රීන් තුළ පුරුෂ සිතුම් පැතුම් හෝ අදහස් ද යම් ප්රමාණයකින් පවතී.
මෙම හෝමෝන සමානව පවතින එක් ලිංගයකට ලඝු කල නොහැකි සාමාන්ය ජන කොට්ඨාශයක්ද ජීවත් වේ..
ලාංකීය සමාජයේ 'පිරිමි භාග' හෝ 'ගෑණු භාග' කියලා කියන්නෙ මේ වන් මධ්යම ස්ථානයක් හිමි කරගෙන උපන් පුද්ගලයන් අපහාසයට හෝ උපහාසයට ලක් කිරීමට යොදා ගන්නා පදයකි.එය ඉන්දියාව තුළද වේ.
එසේ වුවද 'අර්ධනාරීශ්වරන්' යනු කිසිසේත් එවන්නක් නොවන පූජනීය සංකල්පයකි. ඉහතින් ද පැවසූ පරිදි විශ්වයේ තිබෙන අන්ත දෙකක එක්වීම මගින් සියල්ල නිර්මාණය වීමේ සංකල්පය හින්දු දහමේ නිරූපණය කෙරෙන්නේ 'අර්ධනාරීශ්වරන්' ගෙනි. මෙය හින්දු දහමේ මහ දෙවියා වන 'ශිව' ගේ දකුණු අර්ධයත් , ඔහුගේ අර්ධාංගණිය වන 'පාර්වතියගේ' වම් අර්ධයත් එක් රුවකට ගෙන නිර්මාණය වූ දේව රුවකි.

ඉන්දියාව තුළ සුප්රකටම අර්ධනාරීශ්වර කෝවිල පිහිටන්නේ තමිල්නාඩු ප්රාන්තයේ 'තිරුචන්ගොඩේ' හි ය. මේ කියන තිරුචන්ගොඩේ හි සිදු වන සිද්ධියක් පාදක කරගෙන, පෙරුමාල් මුරුගන් අතින් ලියවුණ දැඩි මතභේදයකට තුඩු දුන් නවකතාවකි 'මාධොරුභාගන්'. සැකෙවින් කතාව දරුඵල නැති , දොලොස් වසරක විවාහක දිවියක් ගෙවූ යුවලක් සමාජය ඉදිරියේ පත්වන අපහසුතාවන් හා ඉන් මිදීමට ගන්නා තොරක් නැති උත්සාහයන් ගැනය. අන් මිනිසුන්ගේම කුණු සොයමින් ඔවුන් අපහසුතාවයට පත් කරමින් විහිලුව නම් රෙදිකඩකින් වසා ගදගහන සත්ය එලි කොට තව කෙනෙක් තලා පෙලා දැමීමට බලා සිටින මිනිසුන් වෙසෙන ඉන්දියාව මතු නොව ලංකාවේද මෙවන් යුවලකට විදින්න සිද්ධ වන අපහසුතා එමටය.ලංකාවය වඩා ඉන්දියාවේ එය තරමක් වැඩිය. ග්රාමීය ප්රදේශ වල බෙහෙවින් වැඩිය. එවන් තත්ත්වයකදී විවාහ වී වසර දොලහක් දරු ඵල නොමැති වීම යනු ජීවත් වනවාට වඩා මිය යාම යෙහෙකැයි සිතෙන කාරණාවකි.
මාධොරුභාගන් කෘතියේ මෙම සිද්ධීන් ඉතාම සානුකම්පිතව ලියා ඇත.
මාධොරුභාගන් මෙම වසරේ අප අතට එන්නේ එහි ඉංග්රීසි පරිවර්තනය වන 'One Part woman' කෘතිය කුෂාන් ද සිල්වා අතින් සිංහලට පරිවර්තනය වී 'අර්ධනාරී ' ලෙසය.
පරිවර්තන ක්ෂේත්රයේ ප්රවීණයෙක් නොවන නිසාදෝ එසේ නැතිනම් ප්රවීණකම් බලෙන් ගා ගැනීමට හෝ එසේ ගෑවීමට තරම් වටේ බිහිවුණ පාඨක පිරිසක් නැති කම නිසාදෝ මන්දා කුෂාන් විසින් සිංහල භාෂාවේ 'මහප්පරාන' හිස මත තබා නොගෙන සිය කෘතිය ඉතාම ලිහිල්, සරල, සුන්දර භාෂාවකින් පරිවර්තනය කර තිබෙනවා. එබැවින් අපහසුවකින් තොරවගලාගෙන යන කතාවක් අපහසුවකින් තොරව කියවා විදීමේ ඉඩකඩ අපට ලැබිලා තියෙනවා.

කතාවට තමිල්නාඩු ප්රාන්තයේ තිරුචන්ගොඩේ පාදක වුවත් කියවන විට මගේ සිතට දැනී ගියේ කේරල ප්රාන්තය පදනම් වූ : නිවින් පෝලි, සායි පල්ලවී,මෝහන් ලාල් වැන්නවුන් රංගනයෙහි යෙදෙන මලයාලම් සිනමාකෘතියක් නරඹන විට දැනෙන සුන්දර හැගීමකි.
මාධොරුභාගන් එසේ නැතහොත් අම්මය් අය්යප්පන් යනු අර්ධනාරීශ්වර හැදින්වීමට යෙදෙන තවත් නම්ය .
කතාවෙහි අර්ධනාරීශ්වර දෙවියන්ට වැදගත් ස්ථානයක් දී ඇති බැවින් එම නාමය දී ඇති බව සිතිය හැක.
එහෙත් සිංහල පරිවර්තනය ගත් කල එයට දී ඇති අර්ධනාරි නාමය ගත් විට මට තවත් අදහසක් සිතේ.එය හුදෙක් මගේ අදහසක් පමණක් බැවින් පෙරුමාල් මුරුගන්ට එල්ලවුණා සේ මා වෙත දෝෂාරෝපණ එල්ල කිරීම නොමනාය.
ඒ අදහස නම් ඉහතින්ද මා කියූ පිරිමි භාග හෝ ගෑණු භාග කතාන්දරයයි. සමාජයේ පිලිගැනීම වණුයේ පිරිමිභාග/ගැහැණු භාග වලට දරුවන් සැදීමේ/ වැදීමේ හැකියාවක් නොවන බවයි. එහි ජීව විද්යාත්මක තත්ත්වය මා නොදනිමි.
ඒ හුදෙක් මගේ අදහසක් පමණි.
කතාවේ වැදගත්ම දෙයක් වනුයේ අන්ධභක්තිය ගැන කෙරෙන හෙලිදරවුවයි. නීච කුලයේ අය ඇල්ලීමම පාපයක් ලෙස දකින්න්නො එක් දිනකදි සියල්ලෝම දෙවියන් ලෙස දකිමින් කුලමල භේදයකින් තොරව සංවාසයේ යෙදීම හුදෙක් සිය ප්රාර්ථනාවන් මුදුන් පමුණුවා ගැනීම සහ ඉන් ඇති වෙනෙ guilty feeling එක නැති කර ගැනීමටනිර්මාණය කරගත් ව්යාජ ,තුප්පහි, මිත්යාදෘෂ්ඨික චාරිත්රයකි. කතා නායක 'කාලි' මෙය දනී.. එක් දිනකට පමණක් කුල මල භේදයකින් තොරව සියල්ලොම දෙවියන් වේ නම් අන් දිනවල එසේ නොවන්නේ ඇයි?! 

තවද දකුණු ආසියාතික පුරුෂ මූලික සමාජයන් හි දරුඵල නොමැති වීම බොහෝ විට බැර වන්නේ කාන්තාවට ය.
'වද එකී' එවන් අය ලබන නාමපදයයි. බොහෝ විට පිරිමි පාර්ශවයෙන් කිවෙනුයේ ' අපේ පරම්පරාවල් වල වද එවුන් නෑ.පැදුර පෑගුවත් ඇති ' ලෙසය .කලකට ඉහතදී නැරඹූ 'පාර්ච්ඩ්' හින්දි සිනමාපටයේ දේ මේ ගැන කියවෙන සිද්ධීන් අඩංගුය.
ඉහත කී මිත්යාදෘෂ්ඨික චාරිත්රයද පුරුෂමූලික ඉන්දියාවේ පුරුෂයාගේ අඩුලුහුඬුකම් වසා ගැනීමට පුරුෂයන් විසින්ම නිර්මාණය කිරීමට යෙදුනක් යැයි මට සිතේ. දරුඵල නොමැති ගැමියන් වෛද්ය පරීක්ෂණ වලට යොමූ වී මද සරු කවුරුන්ද යන්න තෝරා බේරා ගැනීම ඉන්දිය සමාජයේ විරලය.ඊට හේතුවද ඉන් පුරුෂයන්ට විය හැකි ලැජ්ජාව වසා ගැනීමයි. එවන් තත්වයකදි හදිසියේවත් "මට බැරි වෙලා ඈට පුලුවන් නම් ඈ වෙනකෙක් එක්ක නිදාගෙන හෝ ළමයෙක් හදාගතහොත් කිසිවෙක් නොදන්නා තාක් කල් ඒ ළමයා මගේ ලෙස සළකනු ඇත" යන්න පදනම් කරගෙන නිමවුණු චාරිත්රයකි එය.
එවන් මිත්යාදෘෂ්ඨික චාරිත්ර බොහෝ ප්රමාණයක් මෙහි කියවේ. මාධොරුභාගන් තහනම් කිරීමට මධුරාසි මහාධිකරණයේ නඩු පැවරෙන්නේ මෙවන් තුප්පහි චාරිත්ර වලට පහර වැදී ඇති බැවිනි. කෙසේ හෝ පෙරුමාල් නඩුව දින්නේය. මෙය පෙරුමාල් ගේ විශිෂ්ඨතම නවකතාව ලෙසද හැදින්වේ.




ලීමට දෑ බොහෝ වුවත් ලිපිය දිග්ගැස්සීමට තවත් නොසිතමි.එසේ වුවහොත් ඇතැම් ප්රවීණයන්ගේ?! පරිවර්තන කාර්යයන් මෙන්ම මගේ ලිපියද නීරස වනු නොඅණුමානය.
ප්රකාශනය - ආශිර්වාද
මුල් කෘතිය - මාධොරුභාගන්
ඉංග්රීසි කෘතිය - One part woman
සිංහල පරිවර්තනය - අර්ධනාරි
මිල - 450/-
පිටු - 223
මගේ ඇගයීම - 8/10

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters