හැදින්වීම....
ඉතිහාසය පුරාවටම ලෝකයේ විවිධ දේශයන් හි සිදු වුන සුප්‍රකට පුද්ගලයන්ගේ ඝාතන ඒ ඒ යුගයන්හි මිනිසුන්ගේ සිත් සත සලිත කල අවස්ථා ලෝක ඉතිහාසයේ පිටු පෙරලන විට අපිට දැක ගන්න පුලුවන්.
ජුලියස් සීසර්ගේ සිට ජෝන් එෆ් කෙනඩි තෙක්.. ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩස් ගේ සිට ඒබ්‍රහම් ලින්කන් තෙක්.. මාටින් ලූතර් කිං ගේ සිට මහාත්මා ගාන්ධි තෙක් ජෝ ලෙනන්ගේ සිට මයිකල් ජ්ක්සන් තෙක් සහ තවත් අවස්ථා රාශියකදී මෙවන් ඝාතන රැසක් දැක ගන්න පුලුවන් ... මෙවන් බොහොමයක් ඝාතන දේශපාලන මය මුහුණක් ගන්නවා සහ ඇතැම් අවස්ථා මානසික ව්‍යාකූලත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් අතින් සිදු වුන සාහසික අපරාධ...
මෙම ලිපි පෙලින් එවන් ඝාතන කිහිපයක් සහ 'කෙස් ගහට මිස් වුණ' ඝාතන ව්‍යායාම කිහිපයක් ගැන කියන්න උත්සාහ කරනවා...
ඉතිහාසය පුරාවටම ලෝකයේ විවිධ දේශයන් හි සිදු වුන සුප්‍රකට පුද්ගලයන්ගේ ඝාතන ඒ ඒ යුගයන්හි මිනිසුන්ගේ සිත් සත සලිත කල අවස්ථා ලෝක ඉතිහාසයේ පිටු පෙරලන විට අපිට දැක ගන්න පුලුවන්.
ජුලියස් සීසර්ගේ සිට ජෝන් එෆ් කෙනඩි තෙක්.. ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩස් ගේ සිට ඒබ්‍රහම් ලින්කන් තෙක්.. මාටින් ලූතර් කිං ගේ සිට මහාත්මා ගාන්ධි තෙක් ජෝ ලෙනන්ගේ සිට මයිකල් ජ්ක්සන් තෙක් සහ තවත් අවස්ථා රාශියකදී මෙවන් ඝාතන රැසක් දැක ගන්න පුලුවන් ... මෙවන් බොහොමයක් ඝාතන දේශපාලන මය මුහුණක් ගන්නවා සහ ඇතැම් අවස්ථා මානසික ව්‍යාකූලත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් අතින් සිදු වුන සාහසික අපරාධ...
මෙම ලිපි පෙලින් එවන් ඝාතන කිහිපයක් සහ 'කෙස් ගහට මිස් වුණ' ඝාතන ව්‍යායාම කිහිපයක් ගැන කියන්න උත්සාහ කරනවා...
01. පැට්‍රික් ලුමුම්බා (02.07.1925 - 17.01.1961)
... කදුලු ,ගිනි සහ ලේ.....
1925 ජූලි 2 දින ඔනලුආ (ඒ වන විට බෙල්ජියම් කොංගෝවේ කොටසක් වුන) හි දී උපත ලැබ පසුව මිෂනාරි පාසලකින් අධ්‍යාපනය ලබා දේශපාලනයට පිවිසි ලුමුම්බා අතිශය බුද්ධිමත් පුද්ගලයෙක් වුණා.මාධ්‍ය වේදියෙක් ලෙස කටයුතු කල ලුමුම්බා Belgian Liberal party හි සාමාජිකත්වය ලබා ක්‍රියාකාරී දේශපලනයට පිවිසෙන අතර මූල්‍ය අරමුදල් අවභාවිතය යන චෝදනාවට සිරගත වීමටද සිදු වෙනවා..සිරගතව සිටිනා කාලයේ ඔහු ගේ සාම්ප්‍රදයික අදහස් වෙනස්ව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වීම සිදු වුණා..නිදහස් වීමෙන් පසුව ඔහු National Congolese Movement (MNC) සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් බවට පත් වෙනවා..බෙල්ජියම් රජය විසින් කොංගෝව නිදහස් රටක් බවට පත් කරන බවට පොරොන්දු වන්නෙත් මේ කාලයේදීමයි.
ප්‍රාදේශීය මැතිවරණ වලදී MNC සැළකිය යුතු ජයක් ලබන අතර මේ වකවානුවේදීම කොංගෝවට නිදහස ප්‍රකාශ කිරීමට නියමිතව තුබුණ වසර වන 1964 වෙනුවට එය 1960 දක්වා අඩු කර ගැනීමට ඔවුන් සමත් වෙනවා...මේ අනුව නිදහසින් පසුව පැවැත්වුණ ජාතික මැතිවරණයෙන් ජය ලබන ලුමුම්බා කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ පළමු අග්‍රාමාත්‍ය වරයා බවට පත් වෙන්නේ ජෝෂප් කසාවුබු ජනපති වන විටයි..
කොංගෝ ව නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීමේ උත්සවයේදී බෙල්ජියානු අධිරාජ්‍යයා විසින් පැවැත්වූ කතාවේදි ඔහු පවසා සිටිනවා ඔවුන් විසින් කොංගෝවේ දියුණුවට සහ කොංගෝ ජනයා ශිෂ්ඨ සමාජයේ කොටසක් බවට පත් කිරීමට සිදු කල ක්‍රියාවන් පිළිබදව...තවදුරටහ් කොංගෝවේ වහල් වෙලදාම නතර කිරීමට සහ කොංගෝ ජනයා තමා විසින්ම තමාව පාලනය කර ගත හැකි තත්ත්වයට ගෙන ඒමට බෙල්ජියානු රජය විසින් ගත් ක්‍රියාමාර්ග ගැනත් ඔහු සටහන් තැබුවා..මෙම කතාව ගැන අසතුටු වුන ලුමුම්බා එයට පිළිතුරු ලෙස කොංගෝව නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ සටනේදී කොංගෝ ජනයාට පසු කිරීමට සිදු වුණ 'කදුලු,ගිනි , සහ ලේ' ගොඩවල් ගැන සටහන් තබමින් බෙල්ජියානු අධිරාජ්‍ය වාදයෙන් කොංගෝ වැසියන් ලැබූ පීඩණය ගැනද කතාවක් පැවැත්වූවා..ඔහුගේ රටෙ කලු වැසියන්ට ගෙවීමට සිදු වුන ඉතාම අන්ත තත්තවය ගැනත් සටහන් තබන ඔහු කොංගෝවේ සම්පත් බෙල්ජියම විසින් සූරා කෑ හැටිත් මතක් කලා...
තර්ජන...
ලුමුම්බාගේ මේ කතාව එවැන්නකින් සිදු වන සේම බෙල්ජියන් රජය දරුණු ලෙස කෙනිත්තුවා...මේත් සමගම බෙල්ජියානු රජයේ සම්බන්ධතාවයත් ඇතිව කොංගෝවේ අභ්‍යන්තර අර්බුධ උත්සන්න වුනා..මුල් අවස්ථාවේ ; බෙල්ජියානු රජයේ උපකාරයෙන් කටංගා පළාත කොංගෝ ජන රජයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම සිදු වන අතර ජනපති කවාසුබු විසින් ලුමුම්බාව අගමැති ධූරයෙන් ව්‍යවස්ථා විරෝධී ලෙස පහ කරනවා...මෙහිදී කවාසුබු ට හමුදා නායක ජෝෂප් මොබුටු ගේ සහාය ලැබුනා (ජෝෂප් පසුව කොංගෝවේ විනාශකාරී පාලකයෙක් බවට පත් වුනා..මොබුටු ට CIA සංවිධානයේ සහ බෙල්ජියානු රජයේ සහාය ලැබුනා).
1961 දෙසැම්බර් 01 වෙනිදා ලුමුම්බා ස්ටෑන්විල් වෙත පලා යන අතර මොබුටු ගේ සහායකයින් විසින් අල්ලා ගන්නවා..මෙම අවස්ථාවෙ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ලුමුම්බාට නීත්‍යානුකූලව කටයුතු කිරිම සිදු කල යුතු බව තරයේ කියා සිටියා..සෝවියට් ජන රජය එක්සත්ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියා ලුමුම්බාව අගමැති පදවියේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙස.
පසුව ලුමුම්බාව කටංගා හිරගෙදරට යැවීමට කටයුති කරනවා..
පහරදීම්
කටංගා හිරගෙදරදී ඔහු සහ සහායකයන්නිතරම පහර දීම් වලට ලක් වුණ බව කියවෙනවා..
පසුව තීරණය කෙරුනා ලුමුම්බාව අගමැති නිල නිවසේ නිවාස අඩස්සියේ තබන්න...
දිනක් ලුමුම්බා නිවසින් පලායාමට සමත් වෙනවා..නමුත් මොබුටුගේ පිරිස නැවත ඔහුව අල්ලා ගැනීමට සමත් වෙනවා..
මෙවරද ලුමුම්මා රැකවරණය සදහා එක්ස්ත් ජාතීන් ට අභියාචනාය කලද කොංගෝවේ UN නිලධාරීන් ලුමුම්බාට උදවු කිරීමට අකමැති වුනා..
මේ අතර මොබුටු ගේ පිරිස විසින් ලුමුම්බාව මොබුටුගේ නිවසට ගෙන ගොස් ප්‍රසිද්ධියේ පිරිස සහ මාධ්‍යවේදීන් ඉදිරියේ පහර දුන් බව කියවෙනවා...පසුව ලුමුම්බාගේ සතුරෙක් වුන ට්ෂොම්බේ ගේ භාරයට ඔහුව පත් කරනවා..ට්ෂොම්බේ යනු කටංගාවට ස්වාධීන පාලනයක් ගෙන
ඒමට කටයුතු කල පුද්ගලයාය.....
ඝාතනය
ලුමුම්බාගේ ඝාතනය සිදු වන අවධියේ කොංගෝවේ පාලනය අධිකාරින් හතරක් අතේ පැවතුනා..ඒ කොංගෝ මධ්‍යම රජය,කොංගෝ මධ්‍යම රජයේ ලුමුම්බා පාර්ෂවය, කටංගා හි සහ දකුණු කසායි හි ස්වාධීන පාලන ප්‍රදේශ ලෙසය.මේ වන විටත් ලෝකය පුරාම ලුමුම්වාව නැවත පාලනයට ගෙන එන ලෙස බලපෑම් ඇති වීමත් සමග ලුමුම්බා විරෝධි අභ්‍යන්තර හා බාහිර බලවේග නොසන්සුන් වෙනවා...
එසේ වුවත් බටහිර බලපෑම් අනුව කොංගෝ මධ්‍යම රජයේ පාලනය සමස්ථ කොංගෝවටම ලබා දීමේ වෑයම අනුව පසු කාලීනව ලුමුම්බා පාර්ෂවයන් සහ කටංගාහි සහ කසායි හි ස්වාධීන පාලනයන් අවසන් කරමින් කොංගෝව බටහීරට සහාය දක්වන මධ්‍යම රජය යටතටම පැමිණෙනවා..
මේත් සමගම ලුමුම්බා හිතැති බටහිර විරෝධීන් මර්ධනය හමුවේ වුවද නැවත් ලුමුම්බා පාලනයක් ලබා ගැනීමට ඔඑල ගැසෙනවා..මේ අතර ශිෂ්‍යයින්, කම්කරුවන්, ග්‍රාමීය ජනයා, විවුධ වෘත්තිකයන් ආදී විශාල පිරිසක් පෙළගැසී සිටියා..
පැහැදිලිව ඔප්පු නොවුනද ලුමුම්බා ඝාතනය පිටුපස බෙල්ජියානු රජය විසින් සහය දක්වනු ලැබූ කටංගා සෙබලුන් සිටි බව කියවෙනවා...
1960 දෙසැම්බර් 03 ලුමුම්බාව ලෙපොල්ඩ්විල් සිට සැතපුම් 100ක් දුරින් පිහිටි තිස්විල් හි හමුදා කදවුරක් වෙත ගෙන යනවා..මොහුත් සමගම Maurice Mpolo සහ Joseph Okito යන ලුමුම්බා සහායකයන්ද රැගෙන යනවා. මොබුටුගේ නියෝග වාට අනුව ලුමුම්බා සහ සහායකයන්ට සැළකුවේ ඉතාම පහත් ආකරයකටයි..ඔවුන්ට ලබා දුන්නේ ආහාර ඉතාම කුඩා ප්‍රමාණයක්. රාජේෂ්වර් දයාල් වෙත ලුමුම්බා විසින් යැවූ ලිපියක ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය ගැන ලියා යවනවා..
1961 ජනවාරි 13 උදෑසන කදවුර නිසන්සුන් වෙනවා. මේත් සමග හමුදා නිලධාරීන් වෙත ෆ්‍රෑන්ක් 400,000 ක ගෙවීමක් කරන්න කටංගා කැබිනට්ටුව තීරණය කරනවා..සෙබලුන් අතරින් ඇතැමෙක් ලුමුම්බාට සහාය දැක්වුව අතර අනෙක් පිරිස ලුමුම්බා භයානක පුද්ගලයෙක් ලෙස සැළකුවා..මේ අතර කසු වබු, මොබුටු , විදේශ ඇමති මාරි බොම්බොකෝ, ආරක්ෂක අංශ ප්‍රධාන වික්ටර් නෙන්ඩකා කදවුරට පැමිණ සෙබලුන් සමග සාලච්චා පැවැත්වීමෙන් අනතුරුව ලුමුම්බාව වැනි අවධානය යොමු වුන සිරකරුවන්ව තවදුරටත් එම කදවුරේ තැබීම අවදානම් බව තීරණය වන බැවින් ඔවුන් තිදෙනාව කටංගා වට රැගෙන ඒමට නියෝග කෙරෙනවා..
1961 ජනවාරි 17 දින බලහත්කාරයෙන් ලුමුම්බාව ගුවන් යානයක නංවා එලිසබෙත්විල් වෙත රැගෙන යනවා..ඔවුන් එහි පැමිණීමෙන් පසුව අතඩංගුවට රැගෙන නිවසකට ගෙන ගොස් කටංගා සහ බෙල්ජියානු නිලධාරින් විසින් ඉතා දරුණු ලෙස පහර දීමට යෙදුනේ කටංගා ජනපති ට්ෂොම්බේ සහ ඔහුගේ කැබිනෙට්ටුව ඉදිරිපිටදීය..
එදිනම රාත්‍රියේ ලුමුම්බා සහ අනෙත් දෙදෙනාව කැලෑබද ප්‍රදේශයකට රැගෙන යනවා.. මෙහි හමුදා ඛණ්ඩ තුනක් රදවා තිබුණා..පසුව බෙල්ජියම් කොමිසමක පරීක්ෂණ වාර්තා වලට අනුව ලුමුම්බාව මෙහිදී මරා දමා තිබුණෙ කටංගා බලධාරීන් විසින් බව පැවසෙනවා.
එම වාර්තා වලට අනුව ජනපති ට්ෂොම්බේ සහ බෙල්ජියානු නිලධාරීන් සිවු දෙනෙකුත් එම අවස්තාවේ සහභාගී වී තිබෙනවා.
මෙහිදී ලුමුම්බා සහ අනෙක් දෙදෙනා වරකට එක්කෙන බැගින් ගසක් ඉදිරිපිට තබා වෙඩි තැබීමෙන් මරා දමා තිබෙනවා.වාර්තාවෙන අන්දමට මෙය 1961 ජනවාරි 17 දින රාත්‍රී 11.40 ත් 11.43 ත් අතර සිදුවී තිබෙනවා.
මරා දැමීමෙන් පසුව ලුමුම්බා සහ අනෙක් දෙදෙනාගේ සිරුරු සල්ෆියුරික් ඇසිඩ් දමා දිය කර දමා අස්ථි කැබලි වල දැමීමට කටයුතු කෙරෙනවා..මෙහිදී ලුමුම්බාගෙ දත් සහ හිස් කබල තබාගත් බව කියවෙනවා...
ලුමුම්බා සහ පිරිස අතඩංගුවෙන් මිදී පලා යන අතරේ ගම්වාසින් විසින් මරා දමා ඇති බවට නිල වශයෙන් ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරය කිරීමට කටයුතු යෙදුනා..
පසුව
එසේ වුවද වර්ෂ ගණනවකට පසුව 2002 දී බෙල්ජියානු රජය ප්‍රකාශයක් කරමින් , ලුමුම්බා ඝාතනයට ඔවුන්ගේ සහභාගීත්වය පිළිගත් අතර කොංගෝ ජනතාවගෙන් සමාව අයැද සිටියා..
පසුව අනාවරණය වුනු කාරණා අනුව ජනපති අයිසන්හවර් විසින් 1960 දී ලුමුම්බා මරා දැමීමට CIA සංවිධානයට අණ දී තිබුණ බව හෙලි වුනද ඔහුගේ ඝාතනයට CIA ඍජුව සම්බන්ධද යන්න පිලිබදව පැහැදිලි සාක්ෂි ලැබී තිබුනේ නෑ..
කෙසේ සිදු වුවද මෙය කොංගෝ ඉතිහාසයේ සිදු වුන අතිශය අමානුෂික ඝාතනයක් ලෙස කලු පැල්ලමක් ඉතිරි කර තිබෙනවා...
නැවත හමු වෙමු
- අමිල-
Gallery
No comments:
Post a Comment