1828 දී මණිකර්ණිකා තාම්බෙ වර්ණිසිවල ඉපදෙන්නෙ මරාති බ්‍රාහ්මණ
පවුලක.ඇගේ පියා එකල මරාතා මහ රජු ගෙ බිතූර් දිස්ත්‍රික්කය භාරව සි පේශ්වා
වරයා (මරාතා ඇමති වරයෙක්).ළමා කල නිදහසේ කෙලිදෙලෙන් ගත කල ඇය 1842 දී මරාතා
මහ රජු වුන “ගංගාධාර රාඕ සමග විවාහ වීමත සමග නම වෙනස් වෙනවා “ලක්ෂ්මී
භායි” ලෙස…
මේ දෙපලට ලාබනපදරුවා අඩු වයසින් මිය යන නිසා “ආනන්ද රාඕ” නමින දරුවෙකු හදා
ගත් අතර , 1853 දී අයට වයස 25 වෙන විට මහරාජා වරයා මිය යාමත් එක්කම හදා ගත්
දරුවාට රාජ්‍ය ලබා දීම ප්‍රතික්ෂේප කරන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඇයට
රැ.60,000 විශ්‍රාම වැටුපක් ගෙවා මාළිගයෙන් සහ බලකොටුවෙන පිටව යන ලෙස
පවසනවා….
(Jhansi Fortress)
(Jhansi Palace)
ඇය බ්‍රිතාන්‍යයන්ට එරෙහිව යුධ වදින්නෙ මේ නිසයි…”ජාන්සි කි රාණ”
(ජාන්සි වල රැජිණ) ලෙස දනන් ආදරයෙන් ඇමතූ ඇය බ්‍රිතාන්‍යයට එරෙහි ඉන්දීය
සටනේ මුලු පුරුකක් වුනේ අන්න ඒ විදිහට..මේක කියන්න හිතුනෙ අද ඉන්දීය 70 වන
නිදහස දිනය නිසා.(දැං ඉතිං කියන්න එපා උඹලට අපේ වීරයො මතක නෑ කියලා…නෑ මතක
නැත්තෙ නෑ..මතකයි…ඒ අය ගැන අමුතුයෙන් මා කිවයුතු නැතැයි සිතමි)
මණිකර්ණිකා ඝාට් (මණ්කර්ණිකා ඉවුර)
මණිකර්ණිකා ඝාට් කියන්නෙ වාරාණාසි වල ගංගා ගඟ අසල , ධශාශ්වමේධ ඝාට් සහ සින්ධියා ඝාට් අතර පිහටි පූජනීය ඉවුරක..ආදාහන කටතු සඳහා මෙම ඉවුර වඩාත ප්‍රකටයි…මෙම ඉවුර අසල පිහිටි දේවාලයද “මණිකර්ණිකා මන්දිර්” නම්න හඳුන්වනවා…

මණි කර්ණිකා කුන්ඩ්
මේ කියන්නෙ මණිකර්ණිකා දෙවාලයේ තියෙන පඩිපෙල් පොකුණ.දේවාලයේ පූජා සඳහා මෙන්ම පාරීබෝජනය සඳහාත් ජලය ලබා ගැනීමට මෙම පොකුණ බාවිතා කරණවා…ඇතැම් කාලා වලට මෙම පොකුණ වතුර බිඳුවක වත් ඉතිරි නොවෙන්න සිඳි යන බවත් පැවසෙනවා…..

මණිකර්ණිකා 2017
මේ කියන්වෙ ඉතිං ඉස්සරහට එන්න තියෙන සිනමා පටයක්…ජාන්සි කි රාණි ගෙ චරිතය ඇසුරෙන් කල මෙම සිනමාපටයේ මණිකර්ණිකා චරිතය දක්ෂ නිලි කංගනා රනෞත් විසින් රඟ දක්වනවා…